Friday, September 2, 2016

ඒක්තරා අැත්ත කතාවක්...

රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හිරු කිරණ බසයේ කවුළුවෙන් පෙරී විත් ඇගේ කළුවන් හිසකේ අගිස් රන්වන් පැහැ ගැන්වීය.

“රාස්සිගේ අව්ව වැටී දඹරන් වුණු ඔබෙ කෙහෙරැළි -
සුළං සමඟ පොරබැදුවා....” රෝෂන් මානෙල්ගේ කණට මිමිණීය.

ඇය සිනාසුනි. “ඔබට මතක නැති වුනාට - අදවාගේ මතකයි මට...”

“නෑ... මට කවදාවත් අමතක වෙන්නෙ නෑ...” රෝෂන් කීය.



එක යායට මල්පීදුණු බිම්තීරේ
පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර
ඔබයි මමයි විතරයි හිටියේ
එක යායට මල්පීදුණු බිම්තීරේ

රාස්සිගේ අව්ව වැටි දඹරන් වූ ඔබෙ කෙහෙරැළි
රාස්සිගේ අව්ව වැටි දඹරන් වූ ඔබෙ කෙහෙරැළි
සුළං සමඟ පොරබැදුවා
ඔබට මතක නැති වුනාට අදවාගේ මතකයි මට

එක යායට මල්පීදුණු බිම්තීරේ
පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර
ඔබයි මමයි විතරයි හිටියේ
එක යායට මල්පීදුණු බිම්තීරේ

ගොපළු කොලුගෙ බටනළාව සංගීතය මවන අතර
ගොපළු කොලුගෙ බටනළාව සංගීතය මවන අතර
දොලේ දියෙන් පා දෙව්වා
ඔබට මතක නැති වුනාට අදවාගේ මතකයි මට

එක යායට මල්පීදුණු බිම්තීරේ
පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර
ඔබයි මමයි විතරයි හිටියේ
එක යායට මල්පීදුණු බිම්තීරේ

රෝෂන් සිහින මැව්වේ, තමන් අත්දුටු සෑම සොඳුරු අත්දැකීමක්ම තම ප්‍රථම ප්‍රේමිය සමඟින් නැවතත් විඳින්නටය. ප්‍රේමය මුසු වූ විට ජීවිතය මොන තරම් සුන්දර ද...?

ඈත එපිට හිම කන්දෙන්
කළු වළාව සමඟින් අා
අාදරයේ පිණිකැට පොදි
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා

නැගුණු සීත වා රැළී
නිවුඩු මිහිරි ගොපළු ගී
නැගුණු සීත වා රැළී
නිවුඩු මිහිරි ගොපළු ගී
ළිහිණි හඬින් මන්දාරම
ළිහිණි හඬින් මන්දාරම
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා

ඈත එපිට හිම කන්දෙන්
කළු වළාව සමඟින් අා
අාදරයේ පිණිකැට පොදි
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා

“අපි මේක නතර කරමු රෝෂන්...”

දුරකථනය හරහා ආ ඇගේ වදන් රෝෂන් කවදාවත් අ‍පේක්ෂා කළ දෙයක් නොවේ. 

ළයට තුරුළු පාළුවෙන්
මීදුමින් වෙළා ගොසින්
ළයට තුරුළු පාළුවෙන්
මීදුමින් වෙළා ගොසින්
හදෙහි අැඳී පින්තාරුව
හදෙහි අැඳී පින්තාරුව
බොඳවෙලා ගොසින්
බොඳවෙලා ගොසින්

ඈත එපිට හිම කන්දෙන්
කළු වළාව සමඟින් අා
අාදරයේ පිණිකැට පොදි
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා



තම පවුලේ අය එරෙහි වුවහොත් නතර කරන්නට සිදු වන බව ඈ කිහිප විටක්ම කීවද, තම ආත්මවිශ්වාසය සහ සියල්ල හොඳින් සිදුවෙතැයි දැඩිව විශ්වාස කිරීම ‍නිසා රෝෂන් මෙවැන්නක් පිළිගැනීමට සූදානම් වූයේ නැත. තම පියාගේ විරෝධය පවා ඔහුගේ හදවතේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය ද පරදුවට තබමින් වෙනස් කරවාගත් රෝෂන් අවසානයේ ඉටා ගත්තේ තමන් හට තම සීමාවෙන් ඔබ්බට ගොස් හෝ කළ හැකි සියල්ල කර, අහිමිවන්නට යන ප්‍රේමය නැවත දිනා ගැනීමට ය.

එහෙත් අවසානයේ...

හිරු සඳු මැකිලා 
තරු කැට වැටිලා
ලොව ගනඳුරු වී තිබූ
සිත අසරණ වී හැඬූ
ඒ් රැයේදි බැඳි අාදරේ බිඳිලා
බිඳිලා...
ළඳුනේ කිමදෝ
වෙන්වූයේ...

දියවැල් මැකිලා
ගඟුලැල් සිඳිලා
මල් මැළැවුනු යාමයේ
බිඟු වැළපුනු පාළුවේ
මේ පැයේදී බැඳි අාදරේ බිඳිලා
බිඳිලා...
ළඳුනේ කිමදෝ
වෙන්වූයේ...

හිරු සඳු මැකිලා 
තරු කැට වැටිලා
ලොව ගනඳුරු වී තිබූ
සිත අසරණ වී හැඬූ
ඒ් රැයේදි බැඳි අාදරේ බිඳිලා
බිඳිලා...
ළඳුනේ කිමදෝ
වෙන්වූයේ...

මීවිත සිඳිලා
ගීපද මැකිලා
සිත ගොළුවුනු යාමයේ
ලොව සැතපෙන මේ පැයේ
ඒ් දිනේදී බැඳි අාදරේ බිඳිලා
බිඳිලා...
ළඳුනේ කිමදෝ
වෙන්වූයේ... 



“...මම පළවෙනි සම්බන්ධෙන් පස්සෙ අවුරුදු දහයක් ඒ වගේ දෙයක් ගැන හිතන් නැතුව ගත කළා. ඔයත් නැති උනොත්...”

“තව අවුරුදු දහයක්...?” රෝෂන් සිනාසෙමින් ඇසීය.

“තව අවුරුදු දහයක් නෙවෙයි රෝෂන්. මුළු ජීවිතේටම...”

දවසක්දා මානෙල් කිව් මේ කතාව රෝෂන් හට  නැවත නැවතත් සිහිපත් වෙද්දී දැනෙන වේදනාව වචන වලින් විස්තර කරන්නට හැකියාවක් තිබුණේ නැත. අහිමි වූ දේ නැවත ලබාගන්නට කළ හැකි සියල්ල කරන්නට රෝෂන් වෙහෙසුනේ එහෙයිනි. අවශ්‍ය හැම අවස්ථාවකම ළඟ සිටි වොලී, විකුම්, රංග සහ සම්පත් නොවන්නට රෝෂන් කෙළවර වන්නේ එක්කෝ උම්මත්තකාගාරයේ නැතිනම් රේල් පීල්ලක් මත කොටස් දෙකකට කැඩුනු මළ සිරුරක් වීමෙනි.

සියල්ල අසාර්ථක වූයේ ඒ වෑයමේදී රෝෂන් සතුව තිබූ සමාජ ප්‍රතිරූපය පවා දියාරු කර දමමිනි. අන්තිමේ හිත හදාගැනීමට, තුවාල සමඟින් නැගිටින්නට රෝෂන් හට උපකාරී වුනේ ඔහුගේ හොඳම යාළුවා වුන, රෝෂන් ගේ සතුට වෙනුවෙන් හෘදයාබාධයකට පවා මුහුණ දුන් ආදරණීය තාත්තා ගේ වචන පමණි.

තුවාල සමඟින් නැගී සිටියේ කලින් සිටි සංවේදී සැහැල්ලු තරුණයා නොවේ. ඔහුට තවදුරටත් සැහැල්ලු සිහින තිබුණේ නැත. සුන්දර දේ ඔහු දුටුවේ ඒවා පසුපස ඇති ගැඹුරු ආගාධයන්ද සමඟිනි.

මේ ලොව යම් කිසිවෙකු
මාහට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවි

මා මළ පසු සොහොන් කොතේ
දුක්ගීයක් ලියනු මැනවි
දුක්ගීයක් ලියනු මැනවි
දුක්ගීයක් ලියනු මැනවි

නන්නාඳුනනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනවි
දුක්ගීයක් ලියනු මැනවි
දුක්ගීයක් ලියනු මැනවි

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඩ සඳ බැසගෙන යන සඳ
රෑහි හඬන රැව් ‍අතරින්

එතකොට ඒ ගී රාවය

යාන්තමින් මට ඇසේවි
එතකොට ඒ ගී රාවය

යාන්තමින් මට ඇසේවි


ගෙදරට යන පාරේ තිබූ පොකුණක පිපුණු මානෙල් මල් පවා දකින විට තද කරගත් ඉකියකින් උගුර හිරවන තත්ත්වයකට පත් ව සිටි රෝෂන්, ඒ සියලු මතකයන් තම ම‍නසේ කුඩා කළ සිටම එකතු කළ මිහිරි මතකයන් ගෙන් ලොකු කොටසක්ද සමඟින් නැවත විවර නොකරන්නට වසා දැම්මේය.

මුලු හදින් මම ඇයට පෙම් කොට

අනාගත පෙම් සිහින මැවුවෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
අයිති වුණු හැටි බලා දුක් වෙමි

නිසංසල තැනකට වෙලා

අඬන ඇස් මගෙ ඇස් දෙක බලා
කියන්නොකො දෙවි‍යනේ මෙහෙවිත්
කොහොම ඉන්න ද ඉවසලා

මගේ අත ගෙන කනට ලංවී

අනේ සුදු මම ආදරේ යැයි
කින්නට සිතුනේ ඇයි ද සුදු
නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි

නිදැල්ලේ තුරුලට වෙලා

රහස් එක එක කොඳුරලා
සිනා සුනු හැටි මතක් වෙනකොට
කොහොම ඉන්න ද ඉවසලා

එදා රෑ ගං ඉවුර අසබඩ

සුපුන් සඳ පායන වෙලාවක
කථා කී හැටි මතක් වෙනකොට
දුක දැනෙයි පවතින අපායක

මෙහෙම ලෝකෙක ඉපදිලා

සිතෙහි අදහස් සුන්වෙලා 
මා උපන්නේ දුක් විඳින්න ද
දුක් අඳුරු මැද තනිවෙලා




කන්තෝරුවට අලුතෙන් පත්වීමක් ලබා ආ, කුඩා ගැහැණු ළමයා රෝෂන් ගේ සිත් ගත්තේ නොදැනුවත්වම ය. ඇගේ වයස රෝෂන් ට වඩා අවුරුදු හයකින් අඩු වීම, ඈ උඩරට වීම, ඈ පිළිබඳ සියල්ලකම දකින්නට තිබූ පිිසිදු බව හා පිළිවෙල බව, ආදී නොයෙකුත් සාධක නිසා කුමුදුනී කෙරෙහි තමන් තුළ පිළිබඳ සිතක් පහළ වීම කෙසේවත් සිදු විය නොහැක්කක් බව රෝෂන් දැන සිටියේ ය.

එහෙත් දෛවය වැඩ කරන්නේ මේ කිසිවක් සළකා නොවේ.


සපු මල් සුවඳක් සේ..සීතල රෑ යාමේ..

හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවකු නෑ දුටුවේ.
සපු මල් සුවඳක් සේ..



හැන්දෑ වළාකුලේ..අටවක හඳ මඩලේ.
මේ හැම තැන ඔබ සැඟවී සිටියා.
මා පමණයි දුටුවේ.
සපු මල් සුවඳක් සේ.



ලොව නිදි අඳුරු පැයේ..
සීපදයක් වැන්නේ...... 
සවනත සනහා මා ලඟ උන්නා 
රැය පමණයි දුටුවේ..... 



සපු මල් සුවඳක් සේ...යළි නෑ හැර යන්නේ
මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා.
ඇයි මුළු ලොව දුටුවේ..



සපු මල් සුවඳක් සේ සීතල රෑ යාමේ.
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා.
කිසිවකු නෑ දුටුවේ
සපු මල් සුවඳක් සේ.


“ඒක හරියන්නෑ...!” කුමුදුනීගේ ඡායාරූපයක් පෙන්වූ විට තාත්තා  කීවේ එපමණකි.


Please come now I think I'm falling
I'm holding on to all I think is safe
It seems I found the road to nowhere
And I'm trying to escape
I yelled back when I heard thunder
But I'm down to one last breath
And with it let me say
Let me say

Hold me now
I'm six feet from the edge and I'm thinking
maybe six feet
Ain't so far down

I'm looking down now that it's over
Reflecting on all of my mistakes
I thought I found the road to somewhere
Somewhere in His grace
I cried out heaven save me
But I'm down to one last breath
And with it let me say
Let me say


[x2]

Hold me now
I'm six feet from the edge and I'm thinking
maybe six feet
Ain't so far down

Sad eyes follow me
But I still believe there's something left for me
So please come stay with me
'Cause I still believe there's something left for you and me
For you and me
For you and me

Hold me now
I'm six feet from the edge and I'm thinking


[x2]

Hold me now
I'm six feet from the edge and I'm thinking
maybe six feet
Ain't so far down

Please come now I think I'm falling
I'm holding on to all I think is safe


කලින් සිදුවීමේදී මෙන් තාත්තාගේ ප්‍රතිචාරය වෙනස් කිරීමට රෝෂන් සිතුවේ නැත. එක් හෘදයාබාධයක් හොඳටම ප්‍රමාණවත්ය, දෙමාපිය ආදරය කොන්දේසි විරහිත බව තහවුරු කරන්නට...

රෝෂන් කුමුදුනී අමතා සියල්ල පැහැදිලි කළේය. ඒ වන විට රෝෂන් වෙනත් කාර්යාලයකට මාරු වී ගොසිනි. එහෙත් දෛවය එතැනදීද මැදිහත් විය. කාර්යාල දෙකෙන් දෙදෙනෙක් කාර්යාලීය පුහුණුවක් සඳහා සතියක කාලයකට එක් තැනකට අනුයුක්ත කර තිබිණ. ඒ රෝෂන් සහ කුමුදුනී ය.

“මම ඔයාට ආදරෙයි...” රෝෂන් දුරකථන ඇමතුම පටන් ගත්තේ එයිනි. එතැන්සිට ඔහු තම පළමු අත්දැකීමද සමඟින් සියල්ල ඇයට පැහැදිලි කළේය. කුමුදුනී අහගෙන සිටියා පමණකි.

එතැන් සිට රෝෂන් සියල්ල කළේ ඇගේ සිතෙහි තමන් ඇතිකළ තුවාලය සුවපත් කිරීමට ය. එය කෙතරම් දරුනු වේදනාවක්ද යන්න ඔහු අත්දැක තිබුණි.

මතකයන් අමතක කෙරුවත් 
අමතක වෙන්නේ නෑ 
ඔබ එපා යැයි මට සිතුනත් 
එපා වෙන්නේ නෑ 
යළි ඒවි යැයි සිත කීවත් 
ඔබ යළි එන්නේ නෑ 
සිත පුරා ආදරේ කරන්නට මට දැන් කව්රුත් නෑ 

අඬ අඬා මම කල් ගෙව්වත් 
ඔබ ලැබෙන්නේ නෑ
නොලැබෙනා බව මම කිව්වත් 
සිත පිළිගන්නෙත් නෑ 
මම නොමැති ලොවකවදාවත් 
ඔබ තනි වෙන්නේ නෑ 
ඔබ නොමැති ලොව කවදාවත් 
මට සිතේ සතුටක් නෑ 

සිහිවෙනා හැම මොහොතකදී 
නොසිත ඉන්නත් බෑ
හුදකලාවේ ඉන්නට සිතුවත් 
එහෙම ඉන්නත් බෑ 
සිත සිතා ඔබ ගැන හැමදාමත් 
මට අඬන්නත් බැ 
ඔබ නැති පාළුව මට දැනුනත් 

වෙනස් වෙන්නත් බෑ


දෙදෙනා වෙන්ව සිටි අවුරුදු හතරක් පමණ කාලය තිස්සේ තමන් හිත හදාගත් බව රෝෂන් විශ්වාස කළේය. ඔහු අමතක කරන්නට නම් ඔහු සමඟ ඇති සියළු සබඳතා නතර කරන්නැයි යෙහෙළියන්ගේ උපදෙස පිළිගත් කුමුදුනී, රෝෂන් හට අවසන් වරට කතා කොට සමුදුන්නාය. එදිනම රෑ, ඇගේ අප්පච්චි අවසන් ගමන් ගියේ හදිසියේ ය. මළගෙයක් ව තිබූ තම ගෙදරට යාමට පැය ගණනක් ගත වන ගමන පුරාවට ඈ දුරකථනයෙන් කතා කරමින් යම් සැනසිල්ලක් අපේක්ෂා කළේ ද රෝෂන් වෙතිනි. ඒ වන විට ඔවුන් හොඳම යාළුවන් බවට පත්ව තිබිණ.

ඒ අවුරුද්දේ අවසානයේ, රෝෂන්ගේ පියා ද හදිසියේ මිය ගියේය. ඊටත් මාස ගණනකට පසුව ‍ඔහු කුමුදුනී‍ අමතුවේ ඒ පිළිබඳව සැළකීමට ඇති සෑම කරුණක්ම විමසීමෙන් පසුවය.

“තමුසෙ ඔය ගැන කොච්චර කල්පනා කළත් අන්තිමට ගන්නෙ එක තීරණයයි...” කුමුදුනීගේ ලොකු අක්කා කීවාය.



Staring at the moon so blue
Turning all my thoughts to you
I was without hopes or dreams
I tried to dull an inner scream but you
saw me through

Walking on a path of air
See your faces everywhere
As you melt this heart of stone
you take my hand to guide me home and now
I'm in love

You took my heart away
when my whole world was gray
You gave me everything
and a little bit more
And when it's cold at night
and you sleep by my side
you become the meaning of my life

Living in a world so cold
you are there to warm my soul
You came to mend a broken heart
You gave my life a brand new start and now
I'm in love

You took my heart away
when my whole world was gray
You gave me everything
and a little bit more
And when it's cold at night
and you sleep by my side
you become the meaning of my life

Holding your hand
I won't fear tomorrow
Here were we stand

we'll never be alone


සීත අරණේ සුපුල් නාමල සුව ගැල් වු ජීවිතේ

සීත හිමගිර සීත නොදෑනේ දැනේ උණුසුම ආදරේ

ලතාවක් සේ වෙලී සියොල පතමි රෑකවරණය ඔබෙන්

ලතාවක් සේ වෙලී සියොල පතමි රෑකවරණය ඔබෙන්
සදා දෝතින් මලක්සේ ඔබ වැල ගන්නෙමි හදවතින්
හදවතින්


ළාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලයි

ළාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලයි
මහා කතරක ගෙවු තනි ම නිමා ක ඉම ඔබ නෙතයි

ඔබ නෙතයි



Here I am - this is me 

There's nowhere else on earth I'd rather be 
Here I am - it's just me and you 
And tonight we make our dreams come true 

It's a new world - it's a new start 
It's alive with the beating of young hearts 
It's a new day - it's a new plan 
I've been waiting for you 
Here I am 

Here we are - we've just begun 
And after all this time - our time has come 
Yeah here we are - still goin' strong 
Right here in the place where we belong 

Oh… It's a new world - it's a new start 
It's alive with the beating of young hearts 
It's a new day - it's a new plan 
I've been waiting for you 
Here I am 

Here I am - next to you 
And suddenly the world is all brand new 
Here I am - where I'm gonna stay 
Now there's nothin standin in our way 
Here I am - this is me




Candle light and soul forever, 

A dream of you and me together, 
Say you believe it, say you believe it, 
Free your mind of doubt and danger, 
Be for real don't be a stranger, 
We can achieve it, we can achieve it 
Come a little bit closer baby, get it on, get it on, 
'Cause tonight is the night when two become one 
I need some love like I've never needed love before 
(wanna make love to ya baby)
I had a little love, now I'm back for more 
(wanna make love to ya baby)
Set your spirit free, it's the only way to be 
Silly games that you were playing, empty 
Words we both were saying, 
Let's work it out boy, let's work it out boy, 
Any deal that we endeavour, 
Boys and girls feel good together 
Take it or leave it, 
Take it or leave it 
Are you as good as I remember baby, get it on, get it on, 
'Cause tonight is the night when two become one 
I need some love like I've never needed love before 
(wanna make love to ya baby)
I had a little love, now I'm back for more (wanna make love to ya baby)
Set your spirit free, it's the only way to be 
Be a little bit wiser baby, put it on, put it on, 
'Cause tonight is the night when two become one 
I need some love like I've never needed love before 
(wanna make love to ya baby)
I had a little love, now I'm back for more (wanna make love to ya baby)
I need some love like I've never needed love before 
(wanna make love to ya baby)
I had a little love, now I'm back for more (wanna make love to ya baby)
Set your spirit free, it's the only way to be 
It's the only way to be



आने से उसके आये बहार, जाने से उसके जाये बहार
बड़ी मस्तानी है मेरी महबूबा
मेरी ज़िन्दगानी है मेरी महबूबा...

गुनगुनाए ऐसे जैसे बजते हों घुंघरू कहीं पे
आके पर्वतों से, जैसे गिरता हो झरना ज़मीं पे
झरनो की मौज है वो, मौजों की रवानी है मेरी महबूबा

इस घटा को मैं तो उसकी आँखों का काजल कहूँगा
इस हवा को मैं तो उसका लहराता आँचल कहूँगा
हूरों की मलिका है परियों की रानी है मेरी महबूबा

बीत जाते हैं दिन, कट जाती है आँखों में रातें
हम ना जाने क्या क्या करते रहते हैं आपस में बातें
मैं थोड़ा दीवाना, थोड़ी सी दीवानी है मेरी महबूबा

बन संवर के निकले आए सावन का जब जब महीना
हर कोई ये समझे होगी वो कोई चंचल हसीना
पूछो तो कौन है वो, रुत ये सुहानी है, मेरी महबूबा


සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් ආවා මතකයි

සොඳුරු මිහිරි සුව පස ගෙනෙන ඒ
ආදර බර උණුසුම මතකයි
හිරු සඳු තරු කැට පායන මිහිපිට
ආදරයෙන් බැඳුනා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් ආවා මතකයි

අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි
ආදරයෙන් පිරුණා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව
ඔබ රහසේ කීවා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි

සිහින ලොවින් ආවා මතකයි




At times life is wicked and I just can't see the light
A silver lining sometimes isn't enough
To make some wrongs seem right
Whatever life brings
I've been through everything
And now I'm on my knees again

But I know I must go on
Although I hurt I must be strong
Because inside I know that many feel this way

Children don't stop dancing
Believe you can fly
Away...away

At times life's unfair and you know it's plain to see
Hey God I know I'm just a dot in this world
Have you forgot about me?
Whatever life brings
I've been through everything
And now I'm on my knees again

But I know I must go on
Although I hurt I must be strong
Because inside I know that many feel this way

Children don't stop dancing
Believe you can fly
Away...away

Am I hiding in the shadows?
Forget the pain and forget the sorrows

Am I hiding in the shadows?
Forget the pain and forget the sorrows

But I know I must go on
Although I hurt I must be strong
Because inside I know that many feel this way

Children don't stop dancing
Believe you can fly
Away...away

Am I hiding in the shadows?
Are we hiding in the shadows? 


පිදුම -
ගී දාසයක අභියෝගයක් ඉදිරිපත් කර ඇති ඉයන් ට
කාලාන්තරේකට කලින් සත්‍ය පෙම් කතාවක් ලියන්ට කී සිරාට


මගෙ හොඳම යාළුවන් දෙන්නගෙන් ඒක්කෙනෙක් වන තාත්තට















.

.

.

.

.

.

.

.

.

ප/ලි

ඩ්‍රැකියාගේ පියා දාන්නට හිතාගෙන හිටි නම රෝෂන් ය. පස්සේ වාසගමත් එක්ක වයි රෝෂන් කියා යෙදුන විට, යාළුවන් ඒක වයිරෝ කියා කෙටි කරතැයි සිතී, ප්‍රභාත් මානවසිංහ දොස්තර මහතා සිහිවීම පිණිස ප්‍රභාත් යැයි යොදා තිබේ.

ඩ්‍රැකියානිගේ අප්පච්චි ඇයට දාන්නට හිටි නම කුමුදුනී ය. ඒත් එයා එනකොට වෙනත් නමක් උප්පැන්නට යොදා තිබුණි.

අනික් නම් ගම් සියල්ල මනඃකල්පිත නැත.

ඩ්‍රැකියා - ඩ්‍රැකියානි ඒෙතිහාසික ප්‍රේම වෘතාන්තය මීට වඩා බොහෝම සංකීර්ණ ඒකකි. පුළුවං වූ වෙලාවක ඒ් ගැන විස්තරාත්මකව ලියන්ඩ හිතුවෙමි...

කියවාපු හැමෝටම හදපත්ලෙම්ම නැගෙන ස්තූතිය පුදකරන අතර, ඔබගේ ඩේටා ටිකට කෙළවීම ගැන අවංක කණගාටුව පළකරමි ය...

වැඩිපුර බලපු ලිපි