Monday, October 11, 2021

අවසානයක් නොවේ - 42

රුහිරෙන් පුදමි අවසාන කොටස

1 කොටස...

2 කොටස... 

41 කොටස...

2004 වර්ෂයේ අග භාගය...

ෆයර්මවුන්ට් නගරය පැවතියේ බදුල්ල නගරයට සෑහෙන තරම් ඈතිනි. නිරන්තර කුඩු වැස්ස සහ එය ගසාගෙන යන සුළඟ පැවතිය ද, මිනිසුන් සෑහෙන තරම් නිදහසකින් නගරයේ වීදි පුරා සැරිසරන බව පෙනුණි. ඝන මීදුම හා අඳුරු වළාවන්ගෙන් පිරි අහස දුක්මුසු මහල්ලෙකු වැනි ස්වරූපයක් නගරයට ආරෝපණය කළේ ය. හාත්පස වූ ගොඩනැඟිලිවල තීව්‍ර බෑවුමින් යුතු හතර පලයට ගැසූ වහළවල්, ඇතුළත පැවති මඳ හෝ උණුසුම රඳවාගන්නටත්, ගස්වල අතු පතර තුළින් හූ හඩ නඟමින් ගළා බස්නා තෙත්බර සුළඟින් ජනේල රැකගන්නටත් අසීරු උත්සායහක් ගනිමින්...


ෆයර්මවුන්ට් දුම්රිපොළ වේදිකා දෙකකිනුත්, එක් කුඩා ගොඩනැගිල්ලකිනුත් සමන්විත විය. කේතුධර ගස් වැවුණු කන්දත්, හෙළත් අතරින් ඉහළට නැඟී ආ දුම්රිය මාර්ගය, අඳුරු බිංගෙයක් තුළින් ඇදී, අතු කිහිපයකට බෙදී දුම්රියපොළ හරහා පැතිර ගොස් තිබුණි. කාලයකට ඉහත දී ගල් අඟුරු දුම්රියන්ට වතුර සැපයූ සිළින්ඩරාකාර ලෝහමය ටැංකිය තනි කකුලකින් සිටගෙන බුම්මාගත්වනම මළකමින් පැවතිණ. 

දුම්රිය ස්ථානාධිපතිගේ කාර්යාල තුළ සිට එළියට ආ සනත් දෑස් සිහින් කර බැලුවේය. ඔහුගේ අතෙහි ගල් අඟුරු පාර්සලයක් වූ අතර, ඔහුගේ දෑසට ලක් වූයේ එක් කාන්තාවක් සහ ගැටවරයෙකි. අඳුරුපැහැ උණුසුම් ඇඳුමක් ඇඟලාගෙන දිගු සායක් ඇඳ, දිගු මේස් පයේ ලා ගෙන සිටි කාන්තාව මැදිවියට යාන්තමින් එළඹ සිටි බව හිස් වැසුමට යටින් එළියට ආ සුදු කෙස් ගසක් හෝ  දෙකක් කියා පෑවේය. ඈ අසළ දැවටෙමින් සිටියේ, වයසට නොගැළපෙන තරමින් සංවර ව හැසිරුණු සිහින් පැහැපත් තරුණයෙකි.

දුම්රිය නළා හඬ ඇසෙත් ම, වේදිකාවේ සිටි මඟියන් හතර පස් දෙනා එතෙක් ගැළී සිටි ආලස්‍යය තුරන් විය. කුඩා දරුවන් වඩා ගනිමින්, බිම හා අසුන් මත වූ ගමන් මලු ඔසවාගනිමින් ඔවුහු දුම්රියට නැඟ ගැනීමට සූදානම් වූහ. එහෙත් ඒ කළබලය ඉන්දිරාටත් ඇගේ භාරයේ උන් ගැටවරයාටත් බලපෑවේ නැත.

රෝදවලට යෙදූ තිරිංගවලින් ලෝහමය හඬක් නඟමින් ආ දුම්රිය වේගය අඩු කරගනිමින් විත් නතර කෙරිණි. ලහි ලහියේ ඒ වෙත දිව ගිය මඟියන් නැගගන්නට උත්සුක වෙද්දී, ඉන්දිරාත් ඇගේ භාරයේ උන් ගැටවරයාත් ගෙල දිගු කරමින් බැලුවේ දුම්රියෙන් බැස යන මඟීන් දෙස ය.

දුම්රියෙන් බැසගත් නව යොවුන් දැරියක් තම උරහිසේ එල්ලාගෙන සිටි බරැති ගමන් මල්ල සකසා ගනිමින් වට පිට බැලුවාය. ඇගේ නෙත් ඉන්දිරා දෙසට ‌යොමුවද්දී දෙතොල් කොන් මඳ සිනාවකින් ඉහළට නැවුණි. ඈ කඩිසරව ඉදිරයට එද්දී, ශාම් ගේ අතින් අල්ලාගත් කාන්තාව පෙරගමන් කළා ය.

මේ සිදුවීම දෙස සනත් බලා සිටියේ විස්මයෙනි. දැරිය ඉන්දිරා සහ ශාම් ට ළං වී, සිය ගමන් බෑගය බිම තබා, සිය නැන්දණිය වැළඳ ගනිද්දී ඇගේ හිස වසා සිටි උණුසුම් ඇඳුමේ හිස් ආවරණය පසුපසට වැටුණි. ඇගේ හිසකේ අකීකරුව සුළඟ හා එක්ව කරකැවෙමින් නැටුුුවේය. ඇගේ නළලත, කුඩා නාසය, කාන්තිමත් දෑස්, හුරුබුහුටි දෙතොල් හා මුහුණේ හැඩය... සනත් හට යමක් මතක් කරවන්නාක් මෙන් විය. ඔහුගේ මතකය ඉතා වේගයෙන් අතීතයට ඇදී ගියේ වීඩියෝ පටයක් වේගයෙන් ආපස්සට ධාවනය කරවූ විටෙක මෙනි. 

මතක පටය නතර වූයේ වසර තුන්සිය තිහක් ආපස්සට ගිය විට ය. වළව්වක රඳවා සිටි සිටි රැඳවියා, තරුණියක මුහුණ පා සිටි අද්භූත මරණයෙන් මුදවා ගන්නට දිවිය කැප කොට සටන් කළ මිනිසෙක්... අවසානයේ තම ජීව රුධිරය කැප කොට ජීවත් කරවූ තරුණියක්...

සනත් නැවත නැවතත් බැලීය. දෑස් පිසදමා බැලීය... ඉන්දිරා තවමත් වැළඳගෙන සිටි තරුණිය සිරුරේ ප්‍රමාණයෙන්, අඟ පසඟින්, පෙනුමින් පමණක් නොව ඉරියවු හා කටහඬින් ද ටිකිරි මැණිකේ ධනසේකර කුමාරිහාමිය ම විය. වෙනසකට තිබුණේ ඇඳුම පමණකි.

කුඩු වැස්ස තුනී වෙමින් යද්දී, දුම්රියපොළට පිටුපසින් වූ පයිනස් කැළයට ඉහළින් අහස හරහා යාන්තමින් ඇඳුනු දේදුන්නක සේයාවක් මතු වෙමින් තිබුණි. ශාම් අත දිගු කර ඒ දෙසට සිය නැන්දණියගේ හා අමුත්තියගේ අවධානය යොමු කළේ ය. දේදුන්නේ වඩාත්ම පැහැදිලිව තිබුණේ රතු සහ තැඹිලි පාට බව සනත් තෙත්  වූ දෙනෙතින් දුටුවේ ය. 

*    *    *

මිත්‍ර, තාරා දෙස හෙලුවේ තියුණු බැල්මකි.

"කෝ කොල්ලා...?"

"උඩ කාමරේ. වොෂ් එකක් දාගෙන පහළට එන්න කිව්වා මං."

"සැකයක් ඇති නොවෙන්න කරන්න ඕනෙ."

"ඉන්ද්‍ර එන්න කලින් කරන්න පුළුවන්. මම ශක්තිට පණිවිඩේ දුන්නා."

එවිගස ම මිත්‍ර ඇලවී සිටි සෙටියෙන් නැගිට්ටේ ය. ඇඳ සිටි කළිසමේ සාක්කුවට අත යැවූ ඔහු ඉන් එළියට ගත් ස්මාට් ෆෝන් එකේ තිරය දෙස නෙත් හෙලුවේ එක් වරකි.

"කියන කොට ම එනව." ඔහු දොරින් පිටතට ඇවිද ගියේ වේගයෙනි. 

විවර කෙරුණු ගේට්ටුවෙන් ඇතුළට ආවේ ගිලන් රථයකි. එය ගල් ඇල්ලූ පෙත් මඟ ඔස්සේ අවුත් පෝටිකෝව අසළ රතුපැහැ මස්ටෑං කාරය ට පිටුපසින් නතර කෙරුණි.

ගිලන් රථයේ රියදුරා ඇන්ජිම නතර කරද්දී, වම්පස ඉදිරි දොර ඇරගෙන බැස්සේ සුදුවන් නිළඇඳුමින් සැරසුණු හෙදියකි. 

දොරකඩ සිටි තාරා, හෙදිය පිළිගත්තේ උණුසුම් ලෙසිනි. 

"ශක්ති මේ ඇඳුමට ලස්සනයි නේද මිත්‍ර?"

"ඒක අහන්න රුද්‍රගෙන්." ගිලන් රියේ රියදුරා දෙසට ඇඟිල්ල දික් කළ මිත්‍ර කීවේ ය.

*    *    *

සුභාෂ් බණ්ඩාර ධනසේකර ගෙන් ගත් රුධිර සාම්පලය අඩංගු පරීක්ෂණ නල දෙක ඇබ ගසා, ඉතා ප්‍රවේසමෙන් ශීත ඇසුරුමෙහි තැන්පත් කළ ශක්ති සියලු දෙනාටම ආචාර කොට නැවතත් ගිලන් රථයට නැඟ ගත්තා ය. ගිලන් රථය ගේට්ටුවෙන් පිටත් වන සැටි බලා උන් තාරා, සුභාෂ් නැවත උඩුමහලේ කාමරයට පිටත් කර හැරියා ය.

"ඔයා ට මෙතන ආරක්ෂාවයි. මේජර් ඔයාව හොඳට බලා ගනී. මම ආපහු එන්නම් හෙට..."

"අපේ අම්මිටයි අප්පච්චිටයි කරදරයක් වෙයිද?"

"නෑ. ඔයා බයවෙන්න එපා, මල්ලි. සීක්‍රට් සර්විස් එක ඒ ගැන බලාගන්නව."

*    *    *

දුක්මුසු රාවයක් නඟමින් පටු පාර දෙපස වැවුණු ගස්වල අතු පතර කැරකැවෙමින් පැවති සුළඟ, වැසි බිඳු ඒ මේ අත විසිරවීය. අයිස් බඳු සීතල... ගුලි ගැසුණු අඳුර අතරින් පාර අයිනේ නතර කර තිබූ වාහනයක ෆොග් ලයිට්වලින් නැඟුනු මන්දාලෝකය ඈතට පෙනුනේ නැත.

පොද වැස්ස කෙමෙන් කෙමෙන් වැඩි වෙමින්, රිදී පැහැ ලෑන්ඩ් රෝවරයේ වහළය හා වින්ඩ් ෂීල්ඩය මතට පතිත වෙමින්... සිගරැට් ලයිටරය එහි කෙවෙණියට ඔබා, පැති වීදුරුව යාන්තමින් පහත් කළ ශාම් හෙවත් සුමන, සීතල සුළඟට හිත යටින් ශාප කරමින් නැවතත් එය ඉහළට ම ඔසවා ගත්තේ ය.

"මේක හරි නොගියොත්..." ශාම් පහත් හඬින් කීය. "අර කෙල්ලට අනතුරක් උනොත්... "

"නෑ සුමන..." පසුපස අසුනේ උන් මිත්‍ර උත්තර දුන්නේ එක වරම ය. "අපි ළඟ ප්ලෑන් කීපයක් ම තියෙනවනෙ"

"කවුද දන්නෙ, ඇන්ටිඩෝට් එක වැඩකරයිද කියල?"

රියදුරු අසුනේ උන් ඉන්ද්‍ර ඔහු වෙත හැරුණේ ය. "දැන් මට කියපන්... මම උඹව රිකවරි කළේ නැද්ද?" 

"ටිකක් හිතපන් ඉන්ද්‍ර, ඩ්‍රේක් ගෙ ඇඟේ තියෙනව මුලිම්ම ලෝකී දුන්න රසායනිකය..." ශාම් සිය වමතේ දබරැඟිල්ලෙන් සුරතේ ඇඟිලි එකින් එක නවන්නට විය. "ඊට පස්සෙ රීරි යකාගෙ ජාන... ධනසේකර පරම්පරාවෙ ලේ... උඹ දන්නවද ඌ අමෘතය බිව්වද නැද්ද කියලා?" 

"ඒක නිසා තමයි ඔය හැම එකම මික්ස් කරලා මේ ඇන්ටිඩෝට් එක හැදුවෙ." ඉන්ද්‍ර කීවේ නුරුස්නා හඩිනි. "ඒ මොනව නැතත් හළාහල විෂ තියෙනව. ඇන්ටිඩෝට් එක වැරදුනත් බැරිවෙලා හරි, යූවී රේ වලින්, ජාති වානේ වලින්, ඌට හාණි වෙන බව අපි දන්නව."

ශාම් ගේ දුරකථනය නාද වුණෙන් සංවාදය එතෙකින් ඇණ හිටියේ ය. සිය සුරතේ වූ දුරකථනය දෙස වරක් බැලූ ඔහු කෑ ගැසී ය. 

"ඒ නිර්මලී... යං! යං!"


මීළඟ කොටස... 

93 comments:

  1. උඩින්ම අවසාන කොටස කියල දාන්න එපා බං. මේක මෙගා ටෙලියක් නෙමෙයිනෙ, අපි ඉවර වෙනතුරු බලාගෙන ඉන්න? ඒක දැක්කම, හිතට ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැණුනා.😒😪

    හැම දෙයක්ම ලෙසටම තියෙනව. ඕන්නං අර අඟුරු කෝච්චිවලට වතුර දාපු, අලි හොඞේටත් පාට් එකක් දුන්නෑකි.

    ෂෙහ්, මං යනවා දෙකක් නමා ගන්න.

    ReplyDelete
    Replies
    1. මූට මඤ්ඤං ද මන්දා? ඒ දාලා තියෙන්නෙ "රුහිරෙන් පුදමි" අවසාන කොටසට ලින්ක් එකක් නෙව.

      Delete
    2. මඤ්ඤං? ඕකට? මොන? මූ රටේ වෙදා, ඕක මාකටින් ජිමික් එකක් බොලං.🤣😂

      ඔය තනන්නෙ, රුහිරෙන් පුදමි එකට අපිව දක්කන්න. හහ්, අපි අහුවෙයි ඕවට?

      Delete
    3. හරිම මාන්දමිකයි නෙව... මං ලියන කොටසක්, ඊටකලිං ලියපු කොටස්වලට සම්බන්ධ වෙනවනං, මං එව්වට යන ලිංක් උඩින් දානව. එතකොට කියවන්නාට පූර්වාපර සන්ධි ගළපගන්න ලේසි වෙන නිසා. මෙයිට කලිනුත් මං ඔය අවසාන කොටසට ලිංක් එකක් දැම්ම එක තැනකදි.

      කොහොමත් මේ කතාව පැටළිලි ලෙහා ගන්න කලිං කතාවට යන්ඩ ම වෙනව.

      එක්කො මේ බස්ස නකතං වෙන්ඩ ගසල. නැත්තං මේක කැනේඩියානු කුමන්ත්‍රණයක්...

      Delete
    4. ඇත්තටම පැටලුනා. එක සැරේටම ඇහැ ගියේ "අවසාන කොටස" කියන එකට. අවසාන කොටස නෙමෙයි නං, පැටලුනත් සැපයි.:)

      Delete
    5. නෑ නෑ බය වෙන්ඩ එපා. ඊළඟ කොටසින් මේක අවසාන වෙනව... :D

      Delete
    6. // මූට මඤ්ඤං ද මන්දා? //

      මෙතැන 'මූ' යනුවෙන් අදහස් කලේ බස්සා මිස ඩ්‍රැකියා නොවන බව කරුනාවෙන් සලකන්න.

      Delete
    7. මූ අරුග්ගොඩ කියල කලාකාරයෙක් හිටිය. දැන් නෑ. මඤ්ඤං බස්සෙක් හිටිය, ආ තාම ඉන්නවා.🤔😂

      Delete
    8. බස්තුමාගේ මානසික තත්වය unexplained mysteries ගණයට වැටෙන නිසා.

      Delete
    9. බස්තුමාගෙ යාලුව මිස්ටර් තෝමස් ලොකු පෝස්ට් එකක් ලිව්වට කමෙන්ට්වලට උත්තර දෙන්නෙ නෑ වගේ

      https://balunakuta.blogspot.com/

      Delete
    10. මම ගිහින් උන්දැගෙ ඔලුවට කොටල මතක් කරන්නම්. තෑන්ක්ස්.😂🤣

      Delete
    11. බස්සො,
      දුක් වෙන්ඩෙපා. මේ කතාව දැනටම දිග්ගැස්සිලා වැඩියි. අනික, පටන්ගත්ත හැම දෙයක් ම ඉවර වෙනවනෙ. මීළඟට දෙන්නං ගින්දර වගේ රහස් පරීක්ෂක කතාවක්.

      බුරෝ,
      ඒක තේරුං ගත්ත. මඤ්ඤං නං ඉතිං බස්සම තමා. ඒක බ්‍රෑන්ඩ් එකක්.

      බස්ස,
      මූ අරුක්ගොඩ LTTE එකෙන් ඉස්සුව කියලයි මම දැනං උන්නෙ. මායිම් ප්‍රදේශයක ෆිල්ම් එකක් රූගත කරද්දි.

      ඔය ගැන කියද්දි මතක් උනේ, ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් හිටියා, එයා ගෙ ෆිල්ම් හැම එකක ම තියෙන ගහක් කපන දර්ශනයක්. ඒ කාලෙ කියනව, රිහසල්වලදිත් ගස් දෙක තුනක් කපලා, කොහොම හරි ෆිල්ම් එකේ ගාණ කවර් කරගන්නවලු ගස් විකුණලා.

      ප්‍රා,
      ඔව්. ඒක ගැන හොයන්න යන්ඩත් හොඳ නෑ. ඔව්ව මිස්ටරි ක්ලාස් එකේ ම තියෙන්න අරින්න ඔ්නෙ.

      තෝමස් ඩෝග්ලස් පැත්තෙ මාත් ගියා. ඒ පෝස්ට් එකේ මාර ගැඹුරක් තියෙන්නෙ. බඹ හතළිහක් විතර.

      බස්,
      හ්ම් හ්ම්... කොටන්ඩ යද්දි රෑ වෙලා, ටොමිය හොඳට බුදි.

      Delete
    12. D G M බස්ස ඒ කියන්නේ D G මූ බස්සද ?

      Delete
    13. "මූ" නං බස්ස ම තමයි... :D

      Delete
  2. Fire-Mount දුම්රියපල කියලා ඉදල්ගස්හින්න ස්ටේෂන් එකේ පින්තූරයක් දැම්මෙ අපි අහුවෙයි කියලා වෙන්ටෑ?

    ReplyDelete
    Replies
    1. හම්මද බොල.ඈ බුරෝ, බොලෑ අප්පා හිටපු පුරා-විද්දියා කොමසාරිස් වත්ද?🤣😂

      Delete
    2. ඉතිං බුරෝ, ෆයර්මවුන්ට් ස්ටේෂමේ පොටෝ එකක් නැත්තං, එයිට ළඟිං යන රොමැන්ටික් පින්තූරෙයක් එපැයි දාන්ඩ. මං ඔය විස්තරේ ලිව්වෙ ඔහිය ස්ටේෂම හිතේ තියාගෙන. ඒ උනාට ඔහියෙ ‌හොඳ පින්තූරෙයක් තිබුණෙ නෑ දාන්ඩ.

      බකුස්,
      ඔය බුරා ගෙ අග නම "බෙල්" නේ?

      Delete
    3. නිකංම නිකං බෙල් නෙවී, බෙල්-පෙපර් කියලා ඩබල්-බැරල් සර්නේම් එකක් තියෙන්නෙ.

      ෂරි ෂරි ඪ්‍රැකී සෑර්, මම නිකං කිවුවෙ. ඔය පාරෙන් දෙතුන් වතාවක්ම rail-hikes කරපු නිසා ඔය ඉස්ටේසම බොහොම හුරු පුරුදුයි. මමත් හරීම ආස වටපිටාවක් තමා ඔය හරියෙ තියෙන්නෙ. රොමැන්ටික් විත් කැපිටල් R.

      Delete
    4. හැක් හැක්... රේල් හයිකිං නං මාත් ආසම එක. අර ස්ටීවන් කීබල් කියන මාම සැරයක් නුවර ඉඳං කොළඹට කෝච්චියෙ ඇවිත්, ඒතනට ගෙන්නගත්තු තමංගෙ ම කාර් එකෙන් ආපහු නුවර ගියා පොතක් ලියන්ඩ ම කියල.

      Delete
  3. මාත් මේ අහන්න ආවෙ ඔය ඉදල්ගස්සින්න නේද කියල.😃😃😃

    ReplyDelete
    Replies
    1. සැර් බූර ගෙ කමෙන්ටුවට දාපු රිප්ලයි එක වෙනම වැටිල කියහල්ලකෝ.. නෙද්දකිං මෙ ගූගලය නං 😃😃😃


      ඔය කියන්නැහෙ ඔහේ ඕක ඉක්කන්ට දෙන්නෑනෙ. තව සුමාන දෙකක් වත් යයි.

      අද මීටර් වුණෙ. අර අඟහරු තඩියා ගෙඩිය පිටින්ම මේකෙ 😃😃😃😂😂

      Delete
    2. ඔව් මහේෂ්... ඉදල්ගස්හින්න තමා. සුමාන දෙකක් යන්නෑ, බංස්. තව දවස් දෙක තුනකිං ලියල මේක ඉවර කරනව.

      අඟහරුව මේකට ඔබන්ඩ තීරණය කළේ 2013දි විතර, තව කතාවක් ලියපං ලියපං කිය කියා වද කරන්ඩ ගත්තට පස්සෙ.

      දැක්කෙ නැද්ද, ලුණුගල ධර්මකීර්ති උන්නාන්සෙ, දිසානායක රටේ මහත්තෙය, ස්ට්‍රිජ් බස්සා, රිටිගල ජයතුංග, මහාචාර්ය හසිත ගුණසිංහ ආදී අයත් ඉන්නව. ඔන්නං කියහං, මේකට ඇක්සැයිස් පාට් එකකුත් ඔබන්නං.

      Delete
    3. ඇස්සැයිස්සෙකෙං ඇවිත් කසිප්පු හොයන්ඩයැ හැක්...
      සමහර කැරැක්ටස් බ්ලොගස්ල කියල ඩ්‍රැකීම කිව්ව මතකයි දවසක්. ඒ ඇර කීපයක් නිකං ටියුබ් ලයිට්ටෙක්කිං ඔළුවට පත බාන්නැහෙ තේරුං ගියා. පේනවනෙ අඟහරුව ට්‍රැක් වුණ තැන.
      ඕව ඕම තමා. 😃😃

      Delete
    4. මේක කොහොමත් ආපහු ලියන්ඩ වෙනව. එතකොට කොාහාමහරි පාට් එකක් දෙන්නං, බොට බැරි වුණොත් ස්ටවුට් එහෙකට හරි...

      Delete
    5. ඉතින් අවසානයම කෑලි පහක් විතර ලියහන්කෝ දිසා හන්දුරුවෝ

      Delete
    6. මහේෂ්,
      "පුංචප්පුහාමි"

      අජිත් අයිය,
      ඔ්ල්ටනේටිව් එන්ඩිංස් පහක් දෙන්ඩද?

      Delete
    7. මං පුංචි කාලෙ කියෝපු පොතක් මතක් වුනා. ඒ පොත තියෙන්නෙ මුල ඉඳන් අගට එක දිගට කියවන් යන්න නෙවී. මුල් පිටුවෙ අන්තිමට තියෙනවා, "ඔබ මේකට කැමැති නං 10වෙනි පිටුවට යන්න. අරකට කැමැති නං 15වෙනි පිටුවට යන්න" කියලා. හැම පිටුවකම අග ඒ වගේ ඔප්ෂන්ස් දීලා තියෙනවා. ඒ කතාවෙත් ඔය වගේ ඕල්ටනේටිව් එන්ඩිං 2-3ක් තිබුනා.

      බෝ දන්නවද ඔය වගේ ඕල්ටනේටිව් ඔප්ෂන් දීලා කතා ලියලා පබ්ලිෂ් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඒකෙ කම්පිටිෂන් හිට තියෙනවා. හිටහංකො මම ලින්ක් එකක් හොයලා දාඤ්ඤං. ඒ වගේ කතාවක් ලියන්න හෙන ආසාවක් තිවුනා කාලෙකට ඉස්සර, ඒක එහෙම්ම යට ගියා. :-D

      Delete
    8. https://www.choiceofgames.com/

      Delete
    9. බුරස්,

      අඩ්ඩෙහ්!!! ඒ පොත ලියපු අයියට නෙමෙයි, සෝදුපත් බලපු අයියට මොලේ ගැට ගැහෙන්ඩැති. ඒකත් හොඳ ක්‍රමයක් නේ... ඉඳිංකො මීළඟට එහෙම එකක් ලියනව කස්ටිය කොර වෙන්ඩ! දෙන්න හවුලෙ ලියමුද, මොකද කියන්නෙ?

      අර ලිංක් එකට සිංහල ලියවිලි දාන්ඩ බෑනෙ. පැන්ෂන් ගියාම මේ කතාව හරියට එඩිට් කරල පරිවර්තනය කරල දානව.

      Delete
  4. අල්ලල කරකවා හොඳ හැටි නවත්තලා
    හිනැහෙනවා වගෙයි කැරකෙන විදිහ බලා
    අදත් අඩු නැතිව ගෙත්තම පටලවලා
    'ඊළඟ ඉක්මනින්' දෙනතුරු හිඳිමි බලා

    ReplyDelete
    Replies
    1. කරකවලා නෙමෙයි පැටළුම ලෙහාලා
      මියගිය ශාම්ටත් ආපහු පණ දීලා
      දෙවෙනි කොටසෙ වාහනයත් අමුණාලා
      ඇත, ඊළඟ කොටසෙ අවසානය කරලා

      Delete
    2. හරිම විදිය මුල ඉඳලම කියවීම
      එතකොට ලේසි වෙයි මෙය වටහා ගැන්ම;
      එකම චරිත සසරේ තැන-තැන සැරුම
      එලෙස කරමි කතාව නිම වූවාම!

      Delete
    3. තේරුං ගන්ඩ නං මේ පැටළිලි බෝලේ
      "රුහිරෙන් පුදමි" කියවන්නට වෙයි රාළේ
      ඒකෙ පටළැවිලි ලිහන්ඩ මෙය ලීවේ
      මේකට හොඳම නම වෙයි පැටළිලි බෝලේ

      Delete
  5. ඔය උඩින් තියෙන ස්ටේෂමේ foto එක මගේ foto සංචිතයෙන් අයින් කළා, වහාම ක්‍රියාත්මක වෙලා.....

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම? මං දැම්ම කියල පොටෝ එක ගෙවෙනවයැ? ඒ පොටෝ එක මාර රොමැන්ටික් නෙ. ඔන්නං මං ඒක අයිං කරල වෙන එකක් දාන්නං.

      Delete
    2. පිස්සුද හැටිද ඇත්තටම, ඩ්රැකී...

      Delete
    3. මං ලබ්බෙ කානිවල් එක ලියද්දි විචාරකගෙ "ලබ්බ උගේ උගේ මගේ" පෝස්ට් එකේ තිබ්බ ලබ්බක් ණයට ගත්ත. ඒක වරදක් නෙවෙයි. මට තේරුං ගන්ඩ බැරි උනා ඇයි නිදි මෙ පොටෝ එක සංචිතයෙන් අයිං කළේ කියන එක.

      Delete
    4. විචාරක අද අප අතර නැතත්, ඔහු අපට දුන් දායාදය, තාමත් තියනවා. RIP 🙏😒

      Delete
    5. foto එක අයින් කළේ තමුන්නැහැගේ අඩවියට එන අයමනේ ගොඩක්ම එහාටත් ගොඩ වැදෙන්නේ. ඒ නිසයි- කෝච්චි, ස්ටේෂන්වල foto ගොඩක් මා ළඟ තියෙන නිසයි...

      පණ්ඩිත හාමුදුරුවෝ අර හිපාටු කොලු පැංචා කියාපු 'පුල කච්චන්නා' වචනේ තේරුම හෙව්වා වගෙයිනෙ ඩ්රැකී 'foto එක අයින් කිරිල්ල' ගැන හ්තලා තියෙන්නේ...

      Delete
    6. දො ග මූ බස්නායක,

      ඇත්ත. විචා තමයි මම දැකපු උසස් ම ලියන්නා. අතිශයින් ම අංග සම්පූර්ණයි. ඒ වගේ ම මූණට හම්බුණාම ඉතාම රසවත් සහ ජොලි යාළුවෙක්.

      නිදි,
      හා හා එතකොට මං පණ්ඩිතයා, ඔයා හිපාටුවා... ඈ?

      Delete
  6. ජාති වානේ කියන්නෙ මොනවද?
    සිල්වර් නෙමෙයිද හානිකර ?
    http://infectiousbite.blogspot.com/2009/06/vampires-aversions-to-metals.html
    සිල්වර් අලුත් කතාවක්ලු නේද? අයන් ලු ඔරිජිනල්

    ReplyDelete
    Replies
    1. ජාති වානේ කියන්නෙ අර ඩැමස්කස් ස්ටීල් වගේ ජාතියක් නෙව ද? කැපුවොත් කැපුවා!

      Delete
    2. ආ. ඉදල්ගස්හින්න විතරක් නෙමෙයි. සමනලවැවත් තියනව.
      http://humanities.exeter.ac.uk/archaeology/research/projects/title_90454_en.html

      Delete
    3. ආ ඩොක්ට' ජිල්. ප්‍රාගෙ පරණ යාළුවා. :-D

      Delete
    4. රවිගෙ යාලුවා.
      ඩොක්ටර් ජිල් ජුලෙෆ් මතක්වුනා ලඟදි සිරාන් දැරණියගලගෙ මරණය නිසා

      Delete
    5. ලෝර්ඩ් බුර්ගෙ මතකය සෑහෙන්න තියුණුවෙලා මේ බ්ලොග් රිවවිවල් එකත් එක්ක. කොහොමත් ඉතින් තියුණුයි. දැන් පාවිච්චිය වැඩියිනෙ
      දැන් එතකොට ඔය ජාති වානේ කියන නමේ etymology කොහොමද?

      Delete
    6. ඒක නං දන්නෙ නෑ Pra. උම්මග්ග ජාතක ටිප්පණියෙ නං තියෙන්නෙ මෙහෙමයි;

      ජාති වානේ: උපන් වානේ. යකඩ ශුද්ධ කොටැ ගන්නා ලද වානේ නො වැ පොළොවින් එ හෙයින් මැ සාරා ගනු ලබන වානේ

      Delete
    7. Steel that comes from earth, directly as steel??
      Hmm, steel making is a process.
      Maybe this :
      https://encyclopedia2.thefreedictionary.com/Natural+Steel

      Wootz steel is considered a natural steel.
      And // It was a pioneering steel alloy invented in Southern India (Tamil Nadu) and Sri Lanka in the mid-1st millennium BC and exported globally//
      https://en.wikipedia.org/wiki/Wootz_steel
      ඒත් ඒක ප්‍රෝසෙස් එකක්. හ්ම්ම්.

      Delete
    8. ඔය ජාති වානේ කතාව නිකමට වගේ එකතු කළේ. පරණ විශ්වාසය තමයි හොල්මන් අවතාරවලට යකඩ විසයි කියන එක. පොළොවෙන් වානේ විදිහට ම උකහා ගන්නා කතාව මාත් දැනගත්තෙ ඉහළ බුරාගෙත් ප්‍රා ගෙත් කමෙන්ට්වලින්. නම විතරයි මතක තිබුණෙ. ඒක තිබුණෙ උම්මග්ග ජාතකේ බවත් මතක තිබුණා.

      තව මතකයක් තිබුණා, වානේ හිනියට කුඩු කරලා, මස් එක්ක කළවං කරලා කොස්වා ලිහිණියන්ට කවලා, උන්ගෙ වසුරු අරගෙන ඒකෙන් වානේ කුඩු වෙන් කරලා ආයෙමත් මස් එක්ක කළවං කරලා කොස්වා ළිහිණියන්ට කවලා... ඔය ප්‍රොසෙස් එක කීප සැරයක් රිපීට් කරලා හදා ගන්න සියුම් සහ ශක්තිමත් ඇලොයි එකක් ගැන. ඒ විස්තරෙත් උම්මග්ගෙ තමයි තිබුණෙ කියල මතකයි.

      Delete
    9. ...හේ කෙ සේ වු තඩු ජාතියෙක් ද යත්: ජාති වානේ කැවි පිහිරින් ගා සුනු තොටැ එ සුනු දඩ මස් හා එක් ‌කොටැ අනා ඒ මස් කොස්වා ළිහිණියන් කවා උන් ලු වසුරු දවා වානේ ගෙනැ, නැවැත ගා හනා පළමු පරිද්දෙන් සත් වාරයෙකැ කවා දවා ගත් වානයෙන් කළ තඩු ජාතියෙකැයි දත...

      -නිෂ්ඵල ව්‍යායාමය - උම්මග්ග ජාතකය

      Delete
    10. ආාාන්න ජංසන්... ඒ කඩු ගැන විශේෂෙන් කියල තියෙන්නෙ ඇයි?

      Delete
    11. කැපෙන කැපිල්ල ගැන නේ කියන්නෙ. හම්බුණා...

      මේ තියෙන්නෙ බොට පිං බුරෝ...

      Delete
    12. උනන්දුව වැඩි කමට බුරා දාල තිබුණු ලිංක් එක දැක්කෙ නෑ නෙව...

      Delete
  7. ආව පොත මාක් කොරා . පසුව කියවන්ටම් !

    ReplyDelete
    Replies
    1. අධෛර්යවත් වෙන්න එපා නමි, මේ කතාවෙ ගොඩක් ම කොටස් ගත්තොත්, එක‌ කොටසක් A4 කොළයක් තරමවත් නෑ. ඉක්මණට ඉක්මණට කියවං ගියෑකි.

      Delete
    2. කියෙව්වා ඩ්‍රැකීයො.

      Delete
  8. මේ හැලප කඩේ ආයෙ ඇරලා. ගිහින් හැලපයක් කොටාබෑව නං.😊
    https://helapakade.blogspot.com/2021/10/5.html

    ReplyDelete
    Replies
    1. එහාට ගිහිල්ලයි මෙහෙ ආවේ... ළඟදිම මඟුලක් කයි වගේ! අපිත් යමු නේද.... කට්ටියම.

      Delete
    2. මාත් ගියා. පරණ කතාව මට මතක තිබුණා. ඒක කන්ටිනිව් කරන එක ලොකු දෙයක්.

      නිදි, මඟුලක් නං යං යං...

      Delete
  9. බලපංකො උඹ මාව දැම්ම අමාරුවක තරම! දැං ඉතිං කොටස් හතලිස් ගානක් කියවගෙන වරෙංකො හරියමන් කොමෙන්ටුවක් දාන්න! පොඩිත්තක් කල් දෙන්න! ඔක්කම්පිටියෙ ගිහිං ආපු ගමං මේ කොටන්නේ!

    ReplyDelete
    Replies
    1. අප්සැට් එකක් නෑ ලොකු අයියෙ. ඔය කොටස් 42න් 40 ක් විතර ම A4 කොළයක් තරංවත් දිග නෑ. කියවං එන්න. ඒත් වෙලාව මදි නං, මීළඟට දානය කෙටි රහස් පරීක්ෂක කතාවක් ඒක කියවමු.

      බයි ද වේ, කොහොමද ඔක්කම්පිටියෙ තොරතුරු?

      Delete
    2. රහස් පරීක්ෂක. ආබොල මතක නැද්ද ඩ්‍රැකීයෝ film review එකක් දාන්නම් කිව්වා

      Delete
    3. හා හා හිමීට එන පිළිවෙලට post ටික දාන ඒකයි ඇත්තෙ. ගලාගෙන යන දිහා බලල විඳින එක හොඳා

      Delete
    4. හරි හරි නමියො, මේ සතියෙ නං බැරිවෙයි. දෙන්නං ෆිල්ම් එකක්. ඊට පස්සෙ 43 කොටස, ඊට පස්සෙ ආයෙ මොකක් හරි ෆන් පෝස්ට් එකක්, ඊට පස්සෙ රහස් පරීක්ෂක කතාව.

      බයි ද වේ, ඒකට හොඳ නමක් ගළපන කෙනෙකුට දෙනව පුස්ලෝඩමක්. මෙන්න මේ කාරණේ ලස්සනට පරිවර්තනය කරලා නමක් දාන්ඩ ඔ්නෙ.
      * dead, blind

      මං පළවෙනි කතාවට දැම්මෙත් මේක පරිවර්තනය කරලා...
      blood sacrifice

      Delete
    5. මෙතන Dead කියන්නෙ මොන තේරුමෙන් ද? Deceased? Impassive? Barren? Dull?

      එතකොට Blind කියන්නෙ මොන තේරුමෙන් ද? Visually Impaired? Imperceptive?

      Delete
    6. මූත්‍ එක්ක බෑනේ....

      "අන්ධ මළා"

      දැන් කියහං නමක්

      Delete
    7. අන්ධයා මලා
      මැරුනු අන්ධයා
      අන්ධයා වගේ ද කණා
      අඳුරින් එළොවට

      Delete
    8. එක්කො මං අහුබුදු සෙන්ටර් එකට ගිහිං බැබිලෝනියන් නමක් දානව

      Delete
    9. ගිල්ගමේෂ් II වගේ එකක් හොඳ නැද්ද?

      Delete
    10. අවුලක් නෑ බුරා, මගෙ අදහස නෙබුකඩ්නසර් වගේ නමක් දාන්න.

      Delete
  10. මෙන්න තවත් රසවත් බ්ලොගක්...

    යාපනේ පෙම්වතී

    ReplyDelete
    Replies
    1. මේ තවත් එකක්..
      https://geemuthumala.blogspot.com/2021/10/mouth-organ-music-in-sinhalese-songs-of.html

      Delete
    2. https://dayawee2.blogspot.com/2021/10/blog-post.html තව එකක්

      Delete
    3. ගියා. කෙටුවා, රෝලෙ එල්ලුවා.🙏👌😊

      Delete
    4. යාපනේ පෙම්වතීව බලන්න බස්සෙක් ගියා, රෝලෙත් එල්ලුවා, ආං බ්ලොග වැහැව්වා!🤔😒

      Delete
    5. මාත් ඒ ලණුව ගිලලයි කියන්න එද්දී බකුසු මාත්තියාටත් ඒක වෙලා.

      Delete
    6. නෑ, නෑ දැන් ආයෙ වැඩ. රෙපයාර් එකකට, ටිකකට වහන්න ඇති.😊

      Delete
    7. ඔව්. යාපනේ පෙම්වතී ෆොස්බුක් ඉඳලා බ්ලොග්වලට කැන්දගෙන ඇවි් තියෙන්නෙ. තාම ඒ තරං පුරුදු නෑ අලුත් තැනට.

      පට්ට ලියන්නියෙක් ඈ...

      Delete
  11. අදනෙ මෙහෙ ආවේ..කියවමු කියවමු

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මට මතකයි එකදාස් අටසිය ගණං විතර ඈත කාලෙදි ඔයා මෙහෙ ආව...

      Delete
  12. ආයෙ එකද්කදං කියවන්න.

    (ඤ යන්න වදින්නෑ කීබෝඩ් එකේ.)

    ReplyDelete
    Replies
    1. කොම්පකදකද වීදිය පැත්තෙ ගියානං ඤ යන්නක් හොයාගන්න තිවුනා.

      Delete
    2. කොම්පකද්කදවීදියෙ තියෙන්නෙ ඉඳියාප්ප නෙමෙයි ද එතකොට.

      Delete
    3. Praසඤ්ඤට මකද්කදං ද මන්දා.

      Delete
    4. ප්‍රසෝ,
      ආයි එනකොට ඤයන්න තියෙන කීබෝඩ් එකක් අරං වරෙං.

      බුරෝ,
      ප්‍්‍රසාට සිංදුවැලක් පෑගිල...

      Delete
  13. මට මතක් උනේ අර කොස්තාපල් ගෙ කතාව.

    ලයිසන්, හෙල්මට්, බ්රේක් මොකවත් නැති බයික් කාරයෙක් අල්ලගෙන කොස්තාපල් ප්‍රසන්න කියල කෙනෙක්, නඩුවකට ලියන්ඩ ගත්තලු...

    "කියනව නම!"
    "ඔය ලයිසමේ තියෙන්නෙ රාළාමි..."
    "ඒ පණ්ඩිත කං වලින් වැඩක් නෑ. කියනව නම!"
    "පු‍ඤ්ඤසෝම..."
    "ඈ?"
    "පුඤ්ඤසෝම"
    "බලනවකො අයිසෙ තමුසෙලත් උදේ පාන්දර එනවනෙ අපිවම කන්ඩ. යනව යනව යන්ඩ"
    කියල ලයිසමත් අතට දීලා එලෝගත්ත. මොකද, ප්‍රසඤ්ඤයට ඤයන්න ලියන්ඩ බෑ.

    පස්සෙ පොර පන්සලකට ගිහිං ගිහිං පුඤ්ඤසෝම කියල ලියන්ඩ පුරුදු උනාලු.

    ඊට පස්සෙ දවසක ආයෙමත් අර පුඤ්ඤෙය අහුවුනාලු.

    ඊටපස්සෙ රාළාමි අයිය වගේ නඩුවට ලියන්ඩ ගත්තලු.

    " ආ... එදා මං පවු කියල යන්ඩැරිය. තමුසෙ ආයෙත් ආව නේද? අද නං බේරෙන්ඩ හම්බෙන්නෑ මගෙං. කියනව නම!"
    "පුඤ්ඤසෝම"
    රාළාමිත් අයිය වගේ ලියාගත්ත නම.
    "ඇඩ්‍රස් එක?"
    "කොම්පඤ්ඤවීදිය"
    "ඈ?"
    "කොම්පඤ්ඤවීදිය"

    රාළාමිට මල් පාත්තියක් විතර පැන්නලු. "යනව යනව යන්ඩ...!"

    කියල එලෝගත්තලු.

    ඊට පස්සෙ රාළාමි ආපහු ගිහිං "කොම්පඤ්ඤවීදිය" කියල ලියන්ඩත් හොඳට ම පුරුදු වුණා.

    තුන්වෙනි දවසෙ අර පුඤ්ඤසෝමෙය අහුවුණාම රාළාමිට හොඳට ම ආතල්.

    "තොට මං දෙපාරක් ම යන්ඩ දුන්න. අද නං අතාරින්නෑ කියපිය නම!"
    "පුඤ්ඤසෝම"
    රාළාමි ලියාගත්තලු.
    "පදිංචිය කොම්පඤ්ඤ වීදියෙ නේ?"
    රාළාමි ඒකත් ලියාගත්තලු.
    "රැකියාව?"
    "ඉස්පාඤ්ඤෙට පිපිඤ්ඤ පටෝනව"
    "ඈ...? පළ පළ යන්ඩ. ‌මයෙ දෑහැට නොපෙනී පළ"

    රාළාමි පහුවෙනිදම යාපනේට මාරුවක් ඉල්ලගෙන ගියාලු.

    ReplyDelete
    Replies
    1. ඔයිට සමාන තව කතාවක් තියෙනව ටිකක් පරණ. කොම්පඤ්ඤවීදියෙ මිනිහෙක් මැරිලා. ඉන්ක්වයරි එකට ආව රාළාමි විස්තර ටික සටහන් කරගන්ඩ ගිහිං, කස්ටියට කිව්වලු, තව අඩි දෙකතුනයි නෙ, ඔය මළ මිනිය මැලේ වීදියට ඇදල දානව කියල. කොම්පඤ්ඤවීදිය කියල ලියන්ඩ දන්නැති හින්දා.

      Delete
    2. පරණ ගුවන්විදුලි නාටකයක් කියෙවුවා කාලෙකට පෙර, පොතක තිබිලා...

      ---

      ඔන්න කට්ටඩියෙක් රෑ ජාමෙ දොළහට කනත්තක මිනී වලක් උඩ ඉඳන් මතුරනවා. පිල්ලියක් යවන්න, මිනියක් නැගිට්ටවන්න කියලා. මුගෙ වෙලාව කියන්නෙ මැරිච්ච ප්‍රාණකාරයො දෙන්නෙක්ම නැගිටලා එනවා. එකෙක් පැන්ෂන් ගිහින් මැරිච්චි පරණ ඉස්කෝලෙ මහත්තයෙක්. අනිකි ළඟදි වහබීලා මැරිච්ච තරුණ ගුරුවරියක්.

      ඊගාවට කතාවෙ තියෙන්නෙ තුන්දෙනා විස්තර කතා කරනවා මැරිච්ච විදිය අරක මේක. ඒ ටික අපට මේ වෙලාවෙ වැඩක් නෑ (හැබැයි රසවත්).

      අන්තිමට කට්ටඩියා පිල්ලිය යවලා මරන්න හදන එකාගෙ නම කොලේක ලියනවා, 'ඤානරත්න' කියලා. ඒ කොල කෑල්ලයි කඩුවකුයි දීලා ගුරුවරී යවනවා අරූව මරලා එන්න. ඔන්න ගුරුවරී ගිහින් පැයකින් දෙකකින් අපහු එනවා.

      ගුරී: බෑ කට්ටඩි මහත්තයා. මේ මනුස්සයාව හොයාගන්නම බෑ. මං ඒ පැත්තෙ මිනිස්සුන්ගෙනුත් අහලා බැලුවා. කවුරුත් දන්නෑ කියනවා.

      කට් හා ඉස්: ඈ! හොයාගන්න බෑ. කොහොම කියලද ඇහුවෙ?

      ගුරී: ඇයි මේ ලියලා තියෙන්නෙ කඳානරත්න කියලා. එහෙම තමා ඇහුවෙ.

      ඉස්: හැහ් හැහ්! ඔන්න බලන්න කට්ටඩි මහත්තයො අද කාලෙ ගුරුවරුන්ගෙ දැනුම. කඳානරත්න නෙවෙයි ළමයො, ඤාණරත්න ඤාණරත්න. කෝ දෙන්න ඔය කොලේයි කඩුවයි මම ගිහින් වැඩේ අහවරක් කරලා දාලා එන්න.

      ඔන්න ඉතින් ඉස්කෝලයා යනවා. හැබැයි ගිය පයින් ආපහු එනවා. කේන්තියෙන් මූන රතුවෙලා, ඇස් දෙකෙන් ගිනි විසිවෙනවා.

      කට්: ඇයි ඇයි ඉස්කෝලෙ මහත්තයා? මොකද්ද ප්‍රශ්නෙ?

      ඉස්: හැයි? හැයි තමා. බලපිය තෝ මේ ලියලා තියෙන විකාරෙ. ඤානරත්න. තෝ දන්නැද්ද මෙතනට එන්නෝන මූර්ධජ ණයන්න කියලා? ඤාණරත්න. ආන්න එහෙමයි ලියන්නෙ. තොපි තමා බස නසන්නෙ. හිටපිය තොට පාඩමක් උගන්නන්න.

      කියලා කඩුවෙන් කොටනවා කට්ටඩියාට.

      Delete
    3. ඒක පට්ට... නිදිට දුන්නනං තව පොතක් ලියනව

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි