Wednesday, October 27, 2021

අවසානයක් වේ

ශාම් ගේ දුරකථනය නාද වුණෙන් සංවාදය එතෙකින් ඇණ හිටියේ ය. සිය සුරතේ වූ දුරකථනය දෙස වරක් බැලූ ඔහු කෑ ගැසී ය. 

"ඒ නිර්මලී... යං! යං!"

42 කොටස...

ඇන්ඩර්සන් ග්‍රේන්ජ් මැඳුරේ ප්‍රධාන දොරපියන් පැරණි වූ නමුත් තවමත් සවිමත් බව රැකගෙන නැඟී සිටියේ ය. එහෙත් බලැති ලැන්ඩ්රෝවරයේ වේගය සහ සවි ගන්වන ලද ඉදිරිපස බෆරයේ ශක්තිය ඊට වැඩි විය. කැඩී බිඳී විසිරී ගිය ලී පතුරු ශාලාව පුරා විසුරුවමින් ඇතුල් වූ වාහනය ගළක් ගැසුවාක් මෙන් නතර විය. සැර ආලෝකයක් විහිදූ එහි ප්‍රධාන ලාම්පුවලින් ඒකාලෝක නොවූයේ මැඳුරෙහි සුවිසල් ශාලාවේ ‌මුලු හතර පමණි. රේන්ජ් රෝවරයේ දොරවල් එක්වර විවර කරගනිමින්, එළියට පැන්නේ පිරිමින් ති දෙනෙකි. 


ඉදිරි වම්පස දොරින් බිමට බට ශාම් ‌බිඳුනු දොර දෙසට දිව ගියේ ය. ඔහු ගේ දෑත් අතරට දිව ආවේ බියපත් කන්‍යා සොයුරියයි. ඇගේ පියවුණු දෑස් සිපගත් ශාම් හෙවත් සුමන, ඇය මෘදුව කැඳවාගෙන ගොස්, ලෑන්ඩ් රෝවරයේ පසුපස අසුනේ හිඳුවා දොර වැසී ය.

ලෑන්ඩ් රෝවරය දෙස සිය රතු පැහැ දෑස් ඔරවාගෙන යමක් මුමුණමින් මොහොතක් උන් මහල්ලා, නැඟී සිටියේ වේගයෙනි. කලින් දැක්වූ දුබලකමෙහි ලකුණක්වත් ඔහුගෙන් දිස් වූයේ නැත. ඇසිල්ලක් ගසන පමාවෙන් ඔහු තරප්පු පෙළ දෙසට දිව ගියේ ය. මිත්‍ර හා ඉන්ද්‍ර ඔහු ළුහුබැඳ ගිය ද, ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් නම් නෝර්ඩික් වැම්පයරයා ගේ වේගයට සම වන්නට ඔවුන් හට නොහැකි විය.

උඩු මහලේ අඳුර ට මුසුව ගිය ඩ්‍රේක් ගේ පසුපස ළුහුබඳිමින් තරප්පු පෙළ දිගේ ඉහළට දුවමින් සිටි මිත්‍ර හා ඉන්ද්‍ර පසුපසට වැටුණේ එක්වර ම ය. උඩු මහලේ සිට ඔවුන් මත ට අඳුරු පොදියක් කඩා වැටුණු බව සුමන දුටුවේ ය. මිත්‍ර හා ඉන්ද්‍ර තරප්පු පෙළ දිගේ පහළට කරනම් ගසද්දී, අඳුරු පොදිය කෙළින් සිටගත්තේ ය. ඒ උස් මහත් පුරුෂයෙක් විය. එළියට නෙරා ආ, ගෝලාකාර ඇස් ගෙඩි, නාගයන් මෙන් ප්‍රාණවත් කෙස්, මුවින් පිටතට දික් වූ උල් දත්, අඳුරුවන් සම...

ශාලාව තුළ පැවති උණුසුම හේතුවෙන් රතුපැහැ මස්ටෑං මැක් රථයේ ජවසම්පන්න එන්ජිමේ හඬ කිසිවෙකුටත් කණට නොවැටිණ. ඇන්ඩර්සන් ග්‍රේන්ජයේ පෝටිකෝව යට නතර කෙරුණු එයින් බට, කලු පැහැ ජීන්සයකින් හා රතුවන් ටී ෂර්ටයකින් සැරසීගත් තරුණිය පඩි දෙක තුන වේගයෙන් පසුකොට, බිඳුනු දොරින් ඇතුල් වූවා ය.

රේන්ජ් රෝවරය අසල උන් ශාම්, තම අතෙහි වූ සැහැල්ලු තුවක්කුව ගරා යකා වෙත එල්ල කළේ ය. ඒ තුවක්කුව, සතුන් සිහිසුන් කිරීමට යොදාගන්නා ට්‍රැන්ක්විලයිසරයක් ලෙස තනා ගත්තක් වූ බව පෙනුණි. 

"ඒක මූට නෙමෙයි..." තාරා කෑ ගෑවා ය.

මොහොතකින් ගරා යකා ශාම් අසළ විය. ට්‍රැන්ක්විලයිසරය ඈතට විසි වන සේ පා පහරක් දුන් යක්ෂයා, නැවතත් පහර දෙන්නට සූදානම් වද්දී, වාතය කපාගෙන කරකැවෙමින් ඇදී ආ ළා නිල් පැහැති සිහින් තලයකින් යුත් කිණිස්සක් ඔහුගේ ගෙළ මුලින් කිඳී ගියේ ය. තවත් පහරකට සූදානමින් මොහොතක් සිටි තාරා, රෝල් කරන ලද පතාකයක් සේ අහසට පැන, කරණමක් ගසා ගරා යකා බිම හෙළාගෙන ඔහු මතට පතිත වූවා ය. 

ගරා යකා සුමන හෙවත් ශාම් හා තාරා සමඟ තත්පර වද්දී, මිත්‍ර හා ඉන්ද්‍ර උඩුමහලට නැඟ ගත් හ. 

මිත්‍ර ග්ලෝ ස්ටික් එකක් ගෙන දල්වා ගත්තේ ය. අඩ අඳුර දුරු වී යත් ම, තමන් වෙත එල්ල වූ රත් පැහැ දෑසක් ද, දිළිසෙන සිහින් කඩුුුුුපතක් ද ඔවුහු දුට හ. ස්වකීය මිත්‍රයා පසෙකට තල්ලු කළ ඉන්ද්‍ර අනෙක් පස ට පැන ගත්තේ, එකලාව සිටි සතුරාහට අපහසු හා එකවර මුහුණ පෑ යුතු ඉළක්ක දෙකක් ඇති කිරීමට ය.

එහෙත් ඒ වන විටත් ඩ්‍රේක් වඩා ප්‍රබල ඉළක්කය තෝරා ගෙන තිබුණි.

අද්මිරාල් ධූරයේ සම්මානිත අසිපත මිත්‍ර සිටි දෙසට එල්ල කරගත්වන ම, ඉන්ද්‍ර වෙත කඩා පිනූ ඇඩම් වමතින් ඔහුගේ ගෙළ තරයේ අල්ලා ගත්තේ ය. මොහොතින් ‌මොහොත සිය බොටුව මිරිකී යනු දැනෙද්දී ඉන්ද්‍ර සුරතින් නෝර්ඩිකයාගේ මහපටැඟිල්ල අල්ලාගෙන අනෙක් පසට නැවී ය. "ටකස්" යන හඬින් වැම්පයරයාගේ මහපටැඟිල්ල කැඩී යත් ම, අනෙක් ඇඟිලිවල ග්‍රහණය ලිහී ඉන්ද්‍රගේ ගෙළ නිදහස් විය. 

මොහොතක ට පසුුුබට වූ ඩ්‍රේක් වමත පසුපසට කරගෙන, සුරතින් ගත් අසිපත කරකවමින් සිය ප්‍රතිමල්ලවයන් දෙස මාරුවෙන් මාරුවට බැලීය. ඉන්ද්‍ර මිත්‍ර වෙත ඇස් කොණින් දැක්වූ ඉඟිය අනුව දෙ දෙනා ම තමන් වෙත කඩා පනිනු දකිමින් ඇසිල්ලක් තප්පර වූ වැම්පයරයා,දකුණු පය පසුපසට තබා, ගැම්මක් ගෙන, මිට මොළවාගත් දෑතින්  එකවර  සිය සතුරන් දෙ දෙනාගේ ම උරස් පෙදෙස්වලට බරැති මුෂ්ඨි ප්‍රහාරයක් දුන්නේ ය. කඩා පිනූ වේගය ද සමඟ වැදුණු පහරින් මිත්‍ර හා ඉන්ද්‍ර, වෙව්ලුම් කෑහ. තත්පරයෙන් සීයෙන් පංගුවකටත් වඩා අඩු කාලයක් තුළ, ඔවුන්ගේ පපු පෙදෙසින් ඇරඹි රැළි මාලාවක් සිරුරු පුරා දිව ගියේ ය. එසැණින් නැවත පිටුපස ට ගුවන් ගත වූ ඔවුහු, උඩු මහලේ ලී ගරාදිය කඩාගෙන පහත මාලයේ වූ රිදීපැහැ රේන්ජ් රෝවරයේ බොනටය මතට ඇද වැටුණහ. 

ඒ වන විට ශාම් සහ අග්නි, ගරා යකාගේ අඩපණ ව තිබූ සිරුර, ලෝහමය යොතකින් වෙලා අවසන් වූවා පමණකි. එක්වර ම රේන්ජ් රෝවරයේ වහලය මතට වැටුණු බරැති යමක් නිසා, එහි කම්පණ අවශෝෂක පහත ට ම එබී යාමෙන්, රථය පහත් වී නැවත මඳක් එසවුණු බව, රිය තුළ සිටි නිර්මලී ට දැනිණ. ඒ සමඟින් ම වාහනයේ ප්‍රධාන ලාම්පු නිවී ගියෙන්, ශාලාවේ ඉතිරි වූයේ ගිණි අඳුනින් නැඟුනු කහපාට මන්දාලෝකය පමණි. එවිගස රේන්ජ් රෝවරයේ වහළය මතින් බිමට පැන ගත්තේ උස් මහත් සිරුරැති දිගු කළු කෙසින් යුත් ජවසම්පන්න මිනිසෙකි. ඔහුගේ සිරුර ආවරණය වී තිබූ කළුවන් දිගු කබායේ කොන්, පිම්මේ වේගයෙන් උඩ විසිවී නැවත පහතට ආවේ, දැවැන්ත වවුලෙකු තටු සළන්නාක් මෙනි. 

රථයේ බොනටය මත මොහොතක් වැටුණු ආකාරයෙන් ම ගත කළ මිත්‍ර හා ඉන්ද්‍ර, බිමට පැන්නෝ ය. ඔවුන්ගේ ඇසට ලක් වූයේ ‌ඉතිහාසගතවන මට්ටමේ දසුනකි. රූගර් එස් ආර් 40 සී පිස්තෝලයක් සුරතින් ගත් අග්නි හෙවත් තාරා ගිණි උඳුන ට මඳක් ඉදිරිපසින්, මීළඟ පියවරට සූදානම්ව... ඈ වෙත මුහුණ පා, සම්මානිත කඩුපත අමෝරාගත් ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්... කඩුපතෙහි තලය මත වූ ෆ්ලර් දෙ'ලී කැටයම ගිණි උඳුනේ ආලෝකයෙන් රන්වන් පැහැයෙන් දිළිසුණි.

ශාම් රේන්ජ් රෝවරයේ පසුපස දොර අසළ සිටියේ ඊට රැකවරණය සළසන්නට සූදානමිනි. ඉන්ද්‍ර ඇඩම් වෙත කඩා පනින්නට අඩිය ඔසවත් ම, මිත්‍ර ඔහුගේ අතින් අල්ලා වැළැක්වී ය.

ගිණි උඳුනින් නැඟුනු වෙවුලන ආලෝකය, අග්නි ගේ සිරුරේ ලාලිත්‍යවත් හැඩය රන්වන් පැහැයෙන් මතු කර දැක්වී ය. බිඳුනු දොරෙන් කඩා පනින තෙත්බර සුළං රැළි ඇගේ දිගු කෙස් විහිදුවමින් හා නටවමින්... 

ඇඩම් ගේ පපුව මැද ට එල්ල කළ පිස්තෝලය සහිත දකුණත පහතට හෙලූ අග්නි, පියවර කිහිපයක් ඉදිරියට තබා නෝර්ඩිකයා වෙත සමීප වූවා ය. ඉතිරි පියවර දෙක තුන ඉදිරියට තැබූ ඩ්‍රේක්, ඈ වෙත ළංව දෑත් විහිදා ඈ වැළඳ ගත්තේ ය.

ඇගේ ඉඟ දෙපසින් නෝර්ඩිකයාගේ දෑත් පැටළිණ. බරැති කළුවන් කබායටත්, රතුවන් නයිලෝන් ටී ෂර්ටයටත් යටින් හදවත් දෙකෙහි ස්පන්දනය එකිනෙකාට දැනුණේ ඉතා දුර්වලව ය. අග්නිගේ වමත ඩ්‍රේක් ගේ ‌උරහිස් මතින් ගෙළ වටා ඇදිණ. ඇගේ නළලත ඔහුගේ දෙතොල තෙරපිණ. හිස ඔසවා ලා රත්පැහැ දෑස් දෙස බැලූ තාරා, සුරත ඔහුගේ ඉඟ වටා යවමින්, වමතින් ඇඩම් ගේ හිස මඳක් පහත් කරවා ගෙන, ඔහුගේ දෙතොල් සිපගත්තා ය.

සිපගැනීම ට කෙළවරක් නොවී ය. අග්නි ඩ්‍රේක් ගේ ඉඟ වටා යැවූ සුරතෙහි වැලමිට නවා පිස්තෝලය ඔහුගේ පිට මැඳ ට ආසන්නයෙන් තබා එහි ලිවරය තෙරපත් ම, "ටස්ස්..." හඬ නඟමින් ඉන් පිට වූ ජාතිවානේ උණ්ඩය ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් ගේ පිට සිදුරු කරගෙන ඇතුල් වී හදවත විනිවිද, දකුණු පෙනහැල්ලේ ගෑවී නොගෑවී ගොස්, දකුණු පස ඉළඇට දෙකක් අතරින් පිටතට විත්, අග්නිගේ හදවත පසා කරගෙන ගොස් ඇගේ පිට මැදින් නික්මිණ...


තවත් කොටසක් තියෙන එකක් නෑ මට හිතෙන විදිහට. නමුත් විකල්ප අවසානයක් ගැන ඔබගේ අදහස් දැනගන්න කැමතියි...

79 comments:

  1. මට හිතෙන්නෙ, මේ අවසානය හොඳයි කියලයි. කොහොමත්, මම අපේ හාංදුරුවන්ගෙ බණපදයක් අහලයි ඉන්නෙ. ඔව්වා ඔහෙම තමයි.

    මේ සංසාරෙ බොහොම දිගයි , උපාසක!

    ReplyDelete
    Replies
    1. හ්ම්... හ්ම්...

      තව මැද හරියෙ ලියන්න තිබුණ කියල හිතෙනව. බලමු!

      Delete
  2. අවසානය හොදයි.

    අනිත් දේවල් ගැන - මේ කතාවෙ චරිතවල ක්‍රියාකාරකම් (actions) හොදින් විස්තරකරනවා. ඒත් මට හිතෙන විදිහට ක්‍රියාවලට හේතුවන අරමුණු (intentions) මීට වඩා විස්තරවෙනවනම් හොදයි. ඒක චරිතවල සිතුවිලි මගින්ද, ඉතිහාසයෙන්ද, වෙනත් ක්‍රමයකින්ද, ඒ සියල්ලේ මිශ්‍රණයකින්ද කියන එක මට හරියටම කියන්න බෑ.

    මේ කොටස ගැන ප්‍රශ්න දෙකක් ආව. වැරදි නෙමෙයි. මට ඉන්ටරෙස්ට් තියන විෂයයන් දෙකක් නිසා අහන්නෙ -
    1. Fleur de lis කැටයම තියෙන්නේ සෙරමෝනියල් කඩුවේ තලයේම ද? (Acid etching? )
    Fleur de lis ලකුණ යෙදුවේ ප්‍රංශ කනෙක්ෂන් එක්ක් නිසාද, එහෙම නැත්නම් ඒක ස්කැන්ඩිනේවියානු සංස්කෘතියටත් අයිතිද?

    2 මෙතන තියන Tranquilizer gun (සහ dart) හුගාක් විශාල සතුන් සදහා යොදාගන්න එකක්ද? (මිනිස් සිරුරු දෙකක්ම පසාකරගෙන යන නිසා ඇහුවෙ). පිස්තෝලයක සයිස් ද? (රයිෆල් සයිස්නම් පිටට පිටුපසින් අත් යවල හරවල කෙලින් තියන්න අමාරු නිසා )

    ReplyDelete
    Replies
    1. ප්‍රා,
      01.
      අරමුණු පැහැදිලි කිරීම මම කලින් කතාවෙදිත් කළේ නෑ. ඒ විදිහට මට ලියවුණේ නෑ. පුළුවන් තරමක් දේවල් පාඨකයාට හිතාගන්න ඉඩ ඇරීම හොඳයි කියලා මට හිතුණා. එතකොට, by the end of the day, තම තමන්ට උවමනා සහ හිතෙන විදිහෙ ෆැන්ටසි ගොඩක් ඔලුවෙ පිරෙනව. ඒ වගේ ම කියවලා ඉවර වෙලා සතියක් දෙකක් කල්පනා කරන්න දේවල් ඉතුරු වෙනව.

      නමුත් ඒක අසාර්ථකයි නම්, රසය හීන කරනව නම්, මේ කතාව අපි එඩිට් කරද්දි ඒ අඩුව පුරවමු.

      02.
      ට්‍රැන්ක්විලයිසර් එක එතනය හරියන් නෑ කියල මටත් තේරුණා ඔයාගෙ කමෙන්ට් එකෙන්. ඔ්කට ඔ්නෙ ජාති වානේවලින් හදපු බුලට් තියෙන, පොඩි - නමුත් ප්‍රබල පිස්ටල් එකක්. Ruger SR40c වගේ... ඒ විදිහට වෙනස් කරන්නම් ද?

      නිදි,
      ඔන්න දුන්නා...

      Delete
    2. ප්‍රා,
      ෆ්ලර් දෙ ලී එක නිකමට හිතට ආවට දැම්මෙ. මං අදහස් කළේ, ඇඩම් අද්මිරාල් වෙන්නෙ ප්‍රංස නාවික හමුදාවෙ නිසා, ප්‍රංශ රජයෙන් ම දුන්න කඩුවක් වෙන්න ඇති කියල.

      Delete
    3. මරුවට ලියලා තියෙනවා ඩැකී. කරුමෙට මම පටන් අරන් තියෙන්නේ ඉදිරියේ තවත් කොටසක් නැති කොටසකින් හික් හික් හික්.

      පාඨකයට හිතාගන්න ඉඩ අරින එක හොඳයි කියන එක තමයි මගෙත් මතය. මම නම් හිත්න්නේ විශිෂ්ට නිර්මාණ බොහොමයලක් එහෙමයි කියලා.

      Delete
    4. ගොඩක් ස්තූතියි අපූරුස්...

      මේක අයිති වෙන්නෙ ඇඩ්වෙන්චර් / එපික් ගණයට උනහම, සියලු ප්‍රශ්න ගැටළු අවසාන කොටසෙදි විසඳලා දාන එක තමා ට්‍රැඩිෂනල් ක්‍රමය. ඒ නිසා මේ ලියපු ක්‍රමයෙ අවුල් පේනව. නමුත් මාත් ආසයි, ඔය විදිහට ගැටළු ඉතුරු කරලා අවසාන කරන්න.

      හික් හික් හික් කියල හිතුන නම්, දැන් ඉතිං ආපහු මුල ඉඳං කියවගෙන එන්න...

      Delete
  3. ඕන්න ප්‍රාජේගෙ ප්‍රශ්ණ පත්තරේ දැක්කාමයි, මමත් හිතන්න ගත්තෙ.🤔

    ෆැන්ටසි වල ඕනම දෙයක් වෙන්න පුළුවන් කියල හිතලා, සාධක, නිරවද්‍යතාවය ගැන නොසිතාම කතාව රසවින්දා. එහෙම හොයන්න, තරම් ගැඹුරු ඉතිහාස දැණුමක් නැති එකත් එක හේතුවක්.

    දැන් ගිහින්, කලින් කොටසේ, මට මඟෑරිච්ච කමෙන්ට් කියෝල ආවා. මේකෙත්, එහෙම කමෙන්ට් වලින්, ඉතුරු ටික ඉගෙන ගන්න ලැබෙයි කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්! මාත් ආයෙ එනවා ප්‍රශ්නෝත්තර සංග්‍රහය කියවන්නම.

      Delete
    2. බස්තුමාගෙ කමෙන්ට්එක දැක්කාම මාත් තව හිතන්න ගත්තා සුපර්නැචුරල් (හා ආගම්)විස්වාසකිරීමට අපහසුතා තියන මං හැරී පොටර්, ආර්ටෙමිස් ෆවුල්, පර්සි ජැක්සන්, මැග්නස් චේස් වගේ යොවුන් සාහිත්‍යය හා හොබිට්, ලෝර්ඩ් ඔෆ් රින්ස් සහ මෑත කාලීන ෆැන්ටසි (ලගදිම කියෙව්වෙ රිවර්ස් ඔෆ් ලන්ඩන්. ලෝර්ඩ් බුර් කැමති වෙයි) පොත්වලට මේ තරම් කැමති ඇයි කියල.
      මං හිතන්නෙ ඒවයෙ එක උපකල්පනයක් (premise ) මත අනිත් දේවල් ලොජිකලි ලියවෙන නිසා. (උදා- මැජික් තියනවයි කියල උපකල්පනය කරල ඊට පස්සෙ ඒමත බොහොම පරිස්සමෙන් විස්තර ඇතුව ලියවුන හැරී පොටර් පොත්. මැජික් සයන්ස් එකක් වගේ ලියවුනු ආර්ටෙමිස් ෆවුල් පොත් )
      හැබයි මම හුගක් රස වින්ද ගේම් ඔෆ් ත්‍රෝන්ස්වලනම් සුපර් නැචුරල් අඩුවුනා නම් මං කැමතියි. ඒකට එක හේතුවක් ඒ කතාවට මැජික් අත්‍යවශ්‍ය නොවන නිසා හා ලොකුම හේතුව ඒකෙ සමහර සුපර් නැචුරල් දේවල් හරියට විස්තර නොවන නිසා.
      දැන් ඩ්‍රැකීතුමාගෙ කතාවෙ අග්නිට සුපර් නැචුරල් හැකියාවක් තියනවනම් තමන්ගෙ බොඩි ශේප් එක වෙනස් කරන්න එහෙමනම් එයා තමන්ගෙ අත්වල දිග වැඩිකරගෙන, ජොයින්ට්ස් නැමෙන විදිහ වෙනස් කරගෙන රයිෆල් සයිස් tranquilizer තුවක්කුවක් ඔහොම හරවල තියන එක ප්‍රශ්නයක් නෑ.
      මං කියන්න ෆැන්ටසි රසවිදින්නත් රූල්ස් සෙට් එකක් ඕනෙ කියන එක.ඒවා කතාවෙන් කතාවට වෙනස් වෙනවා හැබැයි කතාව ඇතුලේ බලපාන්න ඕනෙ.
      සොරි හුගක් ලිව්වට. මේ අවසාන (?) කොටස නිසා ලිව්වෙ. මං සමහරවෙලාවට හ්ම්ම් ලියන්නෙ මේවා ලියන්න කම්මැලි හෝ වෙලා නැති නිසා.

      Delete
    3. බකුස්,
      ප්‍රා ගේ වැනි කමෙන්ට්වලින් මේ කතාව පෝෂණය වෙනව. අඩුපාඩු නිවැරදි වෙනව.

      ප්‍රා,
      ඇත්ත. ඒකමයි මම කෝල් කළෙත්. ඒ විදිහට මේක පොඩ්ඩක් අප්ඩේට් කරන්නම්. ගොඩක් ස්තූතියි ඈ...

      Delete
    4. Dune ෆිලුම බලන්ඩො! නියම උත්ප්‍රේරකයක් වෙයි ඩ්රැකී.

      Delete
    5. අනිවාර්යෙන්... ට්‍රේලර් එක බැලුවා. ඒ බලද්දි සෑහෙන අදහස් ටිකක් ආව. මේ කතාව මෙතනිනුත් ඉවර වෙන් නැතිවෙයි, ඒ විදිහට ගියොත්.

      Delete
    6. ප්‍රා ජේ ගේ අදහස දැක්කම මට මතක් වූනේ W යන කොරියන් නාට්‍ය මාලාව. ඒක මරු. ඒ කතාවේ ලෝක දෙකක් තියෙනවා. හටිම සරල සහ අපි දන්නම දේවල්, නමුත් එතන තියෙන රූල්ස් ටික මරුවටම පාවිච්චි කලා තියෙනවා.
      A Korean odyssey කතාවෙත් එහෙම්ම තමයි. මරු කතා දෙක.

      Delete
    7. හ්ම්ම්... මිතිකල් කතා එහෙම තමයි. ග්‍රවුන්ඩ් රූල්ස් පණවනව මුලින් ම. ඊට පස්සෙ කතාව අයාලෙ යන්නෑ...

      Delete
  4. සහලේ නෑයො වෙන්වීලා යන මොහොතේ
    දැනෙනව වගෙ දුකක් පිරිලා මයේ හිතේ
    කොච්චර දුක වුණත් වෙන් වෙන්නටත් වෙතේ
    යළි හමු වෙන්න පිං ඇති කියලාත් සිතේ!

    ReplyDelete
    Replies
    1. "සහලේ" නෑයො කීවේ ඩඩ්ලිල ගැනද?
      වෙන්වී ආයෙ හමුවීමක් උවමනි ද?
      පොඩි පොඩි කතා වැලකින් යලි හමුවෙමුද?
      නැත්තං සදහටම මුන් ටික වළලමුද?

      Delete
    2. මං ඔය මාෆියා කාරයෝ ගැන දන්නෙ නැතෝ හිටං!

      පොඩි පොඩි වුණත් මොකෝ, රසයි නං!

      Delete
    3. මේ කතාවෙ අතුරු කතා ගොඩක් තව තියේ
      වානරයයි සිංබාතුයි නෝඩික් වික්‍රම ගොඩකුයි
      තව නාවික කතා ගොඩක් ලියන්න හිතිලා
      මැරෙනම්ම ලියන්න කෙටි කතා නං ඇතේ

      Delete
    4. කෙටි කතා තමයි හොඳම

      Delete
    5. අපි බලමු ඉදිරියට එහෙනම්...

      Delete
  5. // තත්පරයෙන් සීයෙන් පංගුවකටත් වඩා අඩු කාලයක් තුළ, ඔවුන්ගේ පපු පෙදෙසින් ඇරඹි රැළි මාලාවක් සිරුරු පුරා දිව ගියේ ය. //

    මේ කෑල්ල මේට්‍රික්ස් එකෙන් වගේ

    // ඉන් පිට වූ ප්‍රති ඔසුව සහිත දිගු තලය ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් ගේ පිට හා හදවත විනිවිද, ඉළ ඇට දෙකක් අතරින් පිටතට විත්, අග්නිගේ හදවත පසා කරගෙන ඇගේ පිට මැදින් නික්මිණ //

    මේ ටික වෑන් හෙල්සිං එකේ වගේ

    // ජාති වානේවලින් හදපු බුලට් තියෙන, පොඩි - නමුත් ප්‍රබල පිස්ටල් එකක් //

    වුල්වරින් එකේ සිල්වර් බුලට්ස් දාපු රිවෝල්වර් එක වගේ

    බොට අපහාසෙකට කිවුවා නෙවෙයි. පහළට කියවන් එද්දි මයෙ ඔළුවට ආපුවයි ඒ ලිවුවෙ.

    ReplyDelete
    Replies
    1. බුරා ට මේක මතක් වුනේ නෑ? මේ කොටස ලියද්දි මගෙ ඔලුවෙ තිබුණෙ මේක.

      Delete
    2. ඒ ෆිල්මුව මම බලලා නෑ. කොහොමෙයි අර බුලට් එක රවුමට යන්න වෙඩි තියන්නෙ?

      Delete
    3. ඒකනෙ මල්ලි කියන්නෙ, දැක්කෙ නැද්ද ජොලි නෝනා ඒක වෙඩි තියනගමං, පිස්තෝලෙ වනනව...?

      ෆිල්ම් එකේ නම, වෝන්ටඩ්.

      Delete
    4. ඔය කමෙන්ටුව දැක්කම ලිංකුව ඕපන් නොකරම මට හිතුන ඒ වෝන්ටඩ් කියල. 😃

      Delete
    5. අඩෝ නෝ...! මයිය කොහොමද ඒක හරියට ම ගෙස් කළේ?

      Delete
  6. ආං ජානිසා අලුත් පෝස්ට් එකක් දාලා. බැලුවෙ නැත?

    https://hansakinkini.wordpress.com/2021/10/25/%e0%b6%b1%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a/

    ReplyDelete
    Replies
    1. ගියා. කෙමෙන්ට් එකක් කොටලා ආවා. හෙට උදේට ආයෙ යනවා, කියවන්න.😊

      Delete
    2. තෑන්ස් බුරා, ගියා බලන්ඩ...

      Delete
  7. ඩ්‍රැකියො, මම මේ මුලු කතාවම මුල ඉඳන් අගටම කියෙවුවෙ නං නෑ. අතරින් පතර තමා කොටස් කියෙවුවෙ. හැබැයි කියෝපු ටිකත් එක්ක මට මේං මෙහෙම දෙයක් හිතට ආවා. මේක හොඳ මිතිකල් කැරැක්ටර්ස් එකතුවුන, ඇක්ෂන් පිරුන ඇඩ්වෙන්චර් (action/ adventure fantasy) ෂානරේ කතාවක්. මේ කතාවට නවල් එකක් වගේ වචන හරඹයකට වඩා ගැලපෙන්නෙ කොමික් සීරිස් එකක්.

    නරකද වෙලාව කලාව අරන් කතාවෙ අඩුපාඩු අහුවෙච්චි ඒවත් හදලා, ආයෙ එඩිටින් පාරකුත් දාලා අර කෙහෙල්කොටුවෙ බුද්ධියා වගේ එකෙක් සෙට් කරන් හොඳ කොමික් බුක් සීරිස් එකක් ගැහුවනං? සිංහලෙන්, ඉංගිරිසියෙන් දෙකෙන්ම ගහන්න පුළුවන්නං (පුළුවන්නං දෙමළෙනුත් ගහන්න) කමර්ෂලි සාර්ථක වෙයි.

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව කොමෙන්ට් කරපු එවුන්ට නිකං පොත් දියං. නැත්තං ඕක හරියන්නෑ. හැක්..

      Delete
    2. බුරා, ප්‍රා,
      ඒක මරු අදහසක්. බුද්ධිගෙන් අහන්ඩ ඔ්නෙ. දැනට ම මැවිල පේනව, ඇතුල් පිටු එහෙම...

      ප්‍රසා,
      මං හිතාගෙන ඉන්නෙ පොතත් එක්ක ටෝච් එකක් නොමිලේ දෙන්ඩ.

      Delete
    3. ඒක හොඳා. නැත්තං බොලා කළුවරේ ඉඳල ලියනේව පා ටකයන්ට කියවන්න බෑනෙ.

      Delete
    4. ඔය කියන්නෙ "නයි" පාටක ගැන නේද?

      Delete
    5. මුට දෙනව නං මටත් එකක් ඕන.. සෙද්ද

      Delete
    6. ටෝච් කන්නයෑ, සෑර්? දෙන්ඩකො මස් කට්ටක් එක්ක පොතක්, මං ගේන්නං හංදියෙ බලු ගැන්සියම.😊

      Delete
    7. පොත අච්චු ගහන්ඩ කලින් මං සෝදුපත් බලලා දෙන්නන්!

      Delete
    8. මහේෂ්,
      දෙන්නං සෙද්දක්. අමු රෙදි හොඳද?

      ටොම්,
      ටෝච් එකක් දෙන්නෙ නයි පාටකයට. බොට දෙන්නං පයිං පාරක්, ත්‍රී විල් එකේ යන්ඩ.

      නිදි,
      අනිවා අනිවා... ඒක මට මහමෙරක් වටියි...

      Delete
    9. අනිව මේකනං හොඳට හෝදන්න වෙයි නිදි.

      Delete
    10. බෝ හිතුවද, නිදි ලොන්ඩරියක් දාගෙන කියල? උන්දැ සරමවත් හෝද ගන්නෙ සතියකට පාරයි...

      Delete
    11. මාව ඝාතනය කරනු මැනවි, ඉවසමි. එහෙත්, දවසට දෙවරක් ස්නානය කරන මගේ පිරිසිදු බව ගැන කියන ඔවැනි කතා.. ඉවසනු බැරිව දිව ඇද කා මියෙන්නට සිතමි!

      Delete
    12. දිව කනවනං, නිකම්ම කන්ඩ එපා. කන්න, අපේ සමීර මල්ලි හදන හෝම් මේඩ් ස්ට්‍රෝබෙරි ජෑම් ගාගෙන...

      Delete
    13. අාාා ඒ මේ අපේ හොඳ කොල්ලෙක්... කණිෂ්ක වගේ නුවරඑළියෙ මගෙ යාළුවෙක්. ආයෙ එන දවසක ගේන්නං තිබු‌ණොත් ඔය කියපු ජැම් එකක්.

      Delete
    14. මං හිතුවේ කණිෂ්කගේ නමේම කොටසක් කියලයි!

      Delete
    15. අපි ළඟදි ම එන්නංකො ඔයපැත්තෙ...

      Delete
    16. එන්න.

      සුළං තදයි- හෙණ විදුලි කොටයි
      තොරණක් ගැහුවොත් කඩා වැටෙයි
      හින්දා තොරණක් අටවන්නේ නං නෑ

      Delete
    17. ඒ නමට ඔබින්නේ නං තොරණක් නෙවෙයි මනුස්සයෝ, ටෙන්ට් එකක්!

      Delete
    18. හැක්! ඔ්නය එක්ක ටෙන්ට් තියා පර්මනන්ට් හට්වත් ගහන්ඩ බැරි වෙයි.

      Delete
  8. පොත අස්සන් කොලා ඇවිල්ලා

    ReplyDelete
    Replies
    1. හරි හරි නමියා, මී ළඟට කෙටි කතාවකින් හමුවෙමු...

      Delete
    2. මී ළඟ එකෙන් හමුවෙන්නට කලින් හිටු කියවල කොමෙන්ට් එක දානකම්.

      හ්ම්.. ඩ්‍රැකී රේන්ජ් රෝවර් අස්සෙ ගරා යකා ගෙනත්. නූතන වැම්පයර් ස්ටෝරීස්. ඩ්‍රැකීයො ඇත්තටම ඔහෙත් නිදා ගන්නෙ මිනි පෙට්ටියක්ද

      Delete
    3. නෑ නෑ ඇඳේ... හැක්!

      Delete
    4. https://drackey.blogspot.com/2016/04/2.html?showComment=1460375926959#c5963124567352819600

      Delete
  9. උඹ කිව්වා වගේ අපිට එක එක දේවල් හිතා ගන්න පුළුවන් කම නම් කතාවේ තියෙනවා. හැබැයි එකම චරිතය නම් කිහිපයකින් තිබීම සහ අවස්තා සම්බන්ධය හිතා ගන්න අමාරු කම සැරෙන් සැරේ මට නම් දැනුනා ... මම අන්තිම කොටස් 5ක් විතර මේ දැන් එක සැරේ කියවල මේ ලියන්නේ ..

    මේකෙන් ලැබුණු දැනුමයි , අපි ආස කරන චරිත වල ඉතිහාසය හා බැඳුනු පුරාවෘත පැහැදිලි කිරීම නම් අති විශිෂ්ටයි.. කතාව ගෙතීමයි උඹ මේකට දරපු මහන්සියි සිරාවට අගය කරන්න වටිනවා ..


    මට අවංකවම මේ අන්තිම කොටස් ටික කියවද්දී හිතුනේ මේකේ මේ මොකක් ද උනේ බං කියල අහල කොමෙන්ට් එකක් දාන්න ඕනේ කියල ... හෙහ් හෙහ්

    මට තාම හිතා ගන්න බෑ අර ඇඩම වැම්පයරයෙක් උනේ කොහොමද කියන එකයි අන්තිමට ඌ කතාවේ දුෂ්ටය උනේ කොහොමද කියලයි ... මම හැබැයි මාස2-3කට පස්සේ මේ අද කියෙව්වේ.. හෙහ් හෙහ් මුල මැද මතක නැහැ දැන් ...

    හොඳ කතාවක් ලියවෙන්න නම් අඩුම තරමේ පස් වතාවක් වත් ඒක නැවත ලියන්න ඕනේ කියල තමා මම අහල තියෙන්නේ .. මේක අනිවා එඩිට් කරපන්.

    තව මාස දෙක තුනකින් මම ෆ්‍රී වෙනවා ඕනනම් සපෝට් එකක් දෙන්නම්

    ReplyDelete
    Replies
    1. නොකිව්වට මොකෝ ඩ්රැකී මටත් මේ වැම්පයර් ප්‍රශ්නේ ආවා.

      Delete
    2. පැත්තා සහ නිදි,

      ගොඩක් ස්තූතියි පැත්තා, සපෝට් එකට සහ අගය කිරීමට... මට හිතෙනව මුල් කාලෙ මම ලියපු තරම් පසු කාලීනව රසවත්ව ලියන්න බැරි වුණා කියල. ඒ වගේ ම ඒ රසවත් කොටස්වල කතාව ලියවුනේ බොහොම අඩුවෙන් හරි එහෙමත් නැත්තම් කතාව අයාලෙ ගියා කියල.

      ඔය අන්දමන්ද වීම එන්නෙ, මගෙ පරණ කතාව මේකට සම්බන්ධ වීමත් එක්ක. පරණ කතාවෙ ශාම් ට පපුවට උලක් ගස්සවන්නෙ ඇඩම්. ඒ වෙනකොට ඇඩම් වැම්පයර් කෙනෙක්. උන්දැ වැම්පයර් වෙන්නෙ රීරි යකා එයාගෙන් ලේ බීපු නිසා. මේ කතාවෙන් පෙන්නනව, ඇඩම් ගෙ ඉතිහාසය, ශාම් මැරුණද නැද්ද, ශාම් කියන්නෙ කවුද කියන එක.

      මේ කතා දෙක ම එකතු කරල පොතක් ගහන්න අදහසක් තමා තියෙන්නෙ...

      Delete
  10. ඔය පොත පීඩීඑෆ් ඒකක් හැටියට දාන්න. යොහොව්වා පොතක ප්‍රමානයට.
    මුද්‍රණය කරලා කියනව ඒක වඩා පහසුයි. මට ඇත්තටම කතාව කියවීම මගින් නැවතුනා.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ජගත් මහත්තයෝ 'යොහොව්වා' සයිස් එක. මම අහලම නෑ.

      අදහසට මාත් එකඟයි, ප්‍රින්ට් කරන්න නං කොයි කාලයක් යයිද?

      Delete
    2. පිබිදෙව්!, මුරටැඹ සඟරාවල ප්‍රමාණය. මම හිතන්නේ ලීගල් කොලේකින් බාගේ වෙන්න ඇති.
      එයා දාන පීඩීඑෆ් එක අපි ප්‍රින්ට් කරගත යුතුයි.

      Delete
    3. ස්තුතියි විසුල, pdf ගැන වැඩි දුර නොදනිමි! මං හිටියේ ප්‍රින්ටින්වලනෙ.

      Delete
    4. ජගත්,
      ඇත්ත. මං දන්නෙ නෑ ඊපොත් බිස්නස් එක. දැනට ලියපු හරිය ඊපොතක් හැටියට දෙන්න පුළුවන්. ඉවසුවොත්, තව වැඩි දියුණු කරපු කතාව ම ගන්න පුළුවන්.

      නිදි,
      දැකල ඇති ඔය තැන් තැන්වල හෙයෝවා ගේ සාක්ෂි කාරයෝ පොඩි පොඩි පොත් තියාගෙන නොමිලෙ බෙදා හරිනවා. ප්‍රින්ටඩ් වර්ෂන් එක... මං හිතන්නෙ ජගත් සහ විසුල කාවින‍ද කියන්නෙ ඒ සයිස් එක වෙන්ඩැති.

      Delete
  11. අනේ මචෝ...මටනම් තියන අවසානය හොදයි...ඉන්ග්‍රිසි නම් තියන කතා කියවනකෝට මට කොහමත් වෑල්

    ReplyDelete
    Replies
    1. හ්ම්... උඹට ගොඩක් වැඩ නෙ මෙන්ඩො. පුළුවන්නං අර හෙරොයින් කතාවෙ තව කොටසක් දාහං ඉක්මණට.

      Delete
  12. ඒකත් නරකම නෑ. දැං ඉතිං මේක ඉවර එකේ මුල ඉඳලම කියෝලම එන එක තමයි තියෙන්නෙ වෙලාවක් අරගෙන.

    ReplyDelete
    Replies
    1. දැං තවුසෙට අපේ කොමෙන්ට් පේන්නෙ නැද්ද හිටගෙන.

      Delete
    2. ඔව් ප්‍රසෝ, මේක මං ලියන්නෙ දෙදාස් දා හතරෙ විතර ඉඳං. අඟහරුව ආවෙත් ගරු රඟපෑමකට විතරයි. දැන්වත් කියවලා හොඳ විචාරයක් දියං.

      මට මේ දවස්වල හෙණට වැඩ. නිදිමරාගෙන ලියලා ඔලුවෙ කැක්කුමයි. ඉතිං රිප්ලය් කරන්නෙ වෙලාවක් හම්බුණා ම විතරයි. සොරි වෙයං...

      Delete
  13. ටඉකෙනව.. 😃😃😃
    අන්න සටන් නම් සටන්.
    අර උඩ දීල තියෙන කොමික් කතාවට නං මමත් අත උස්සනව. 😃😃😃
    හොඳ කොමික්ස් ලංකාවෙ හැදීගෙන ආව. ඒවට හෙණ ගැහිල ගියා ඒ වගේ නොවී කරනව නං එක පාරම, අන්න පට්ට.

    ඩ්‍රැකී සෑහෙන්න මහන්සි වෙලා කරපු දෙයක් නිසා තව ටිකක් මහන්සි වෙලා මේක අවසානයක් දකිමු. එක්කො තව සංස්කරණය කරල පොතක් විදිහට නැත්තං චිත්‍ර එක්ක කොමිකක් විදිහට.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි. සටන් තව ඉම්පෘ කරන්න පුළුවන්. නොවෙලා එකක් ගහන්න තව කල් අරගෙන ආපහු එඩිට් කරන්න ඔ්නෙ. එඩිටින් ටීම් එකකට දැනටම තුන් දෙනෙක් ඉන්නව. ඒ උදවියට වෙන වෙන ම දීලා, පස්සෙ එකතු කරලා හොඳ ප්‍රඩක්ට් එකක් හදාගන්න හිතාගෙන ඉන්නෙ.

      මේක ලියල ලියල දැන් මට හති. තව මාස දෙකක් විතර අරං ආපහු ලියන්න ඉන්නෙ.

      Delete
  14. මම නං කියන්නෙ, ඔය කොමික් වැඩේ, හිතන තරම් ලේසි වෙන එකක් නෑ කියලයි. ඒ කාළෙ ඉවසිල්ලක් නැතිව බලපු චිත්‍රකතා වුනත්, අද දකිනකොට අඩුපාඩු පේනවා. අපේ හිතේ ඇඳිලා තියෙන චිත්‍රය, ඒ හැටියම ඇඳෙයි කියල හිතන්න බෑ. මතකනෙ, "පොත හොඳයි, අයියෝ ෆිලුම කතාව කාලා" කතාව?

    කතාවෙ තියන පරිසර වැනිල්ල වගේ පොඩි නමුත්, වැදගත් විස්තර කොමික් වලට දාන්නෙ කොහොමද? එව්වා කැරැක්ටර් ( තහනං වචනෙ චරිත) ලව්වා ආයෙ කියවනවද? මන් කියන්නෙ, වැඩේ සංකීර්ණයි කියලයි.

    ReplyDelete
    Replies
    1. සංකීර්ණයි. නමුත් හොඳ චිත්‍රකතා බිහිවෙලා නැද්ද. ඕන කරන්නෙ හොඳ කෘ එකක්. ලංකාවෙ දක්ෂයො ඉන්නව. නමුත් උං පටං ගන්න වැඩ මගදි නවත්තනව.
      කාලමනුෂ්‍ය කියන්නෙ එහෙම කොමික් එකක්. මන්ග ඉදං හදපු උං හිටිය. මොකක් හරි හේතුවකට ඒව කලාපයකින් දෙක්කිං නවතිනව. 😒😒😒

      Delete
    2. https://reddotgeek.com/product/%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%b8%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-issue-pre-order/

      Delete
    3. ටොම්,

      ඇත්ත. කතාව කොමික් එකකට ගද්දි වෙන ම ඇඩැප්ටේෂන් එකක් යනව. පරිසරය වචනවලින් වැනිල්ලට වඩා හොඳට අඳින්න පුළුවන් වෙයි. එක එක මාධ්‍යවල ඊට ම ආවේණික සීමා සහ අවස්ථා තියෙනව. බුද්ධි තමයි හොඳ ම ඔය වැඩේ ට. නමුත් එකට ඉඳගෙන අඳින්න උවමනා චිත්‍ර සටහන් ගොඩක් තියෙයි. මහන්සි උනොත් වැඩේ හරියට කරගන්න ඇහැකි වෙයි. නමුත් මගෙ පරණ ලව් එක තියෙන්නෙ ම නොවෙලා එකක ට...

      මහේෂ්,
      ආන්න හරි මල්ලි. ඔය වැඩේ කරන්න පුළුවන්. හදිසියට බැරි වෙයි. හරියට කරගත්තොත් ස්පොන්සර් කෙනෙක් හොයාගෙන මූවි එකක් කරගන්නත් පුලුවන්.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි