සැරද මී හරකා කළු කුමරාට සුමිතුරු
පෙර සමතෙක් තරඟෙට රජුට කවි බැඳ
ලැබිය ගමක් නුඹ සන්දා මිතුරු සඳ
එකවිය කීම ම සෑහේ නුඹ වැනීමට
කර ගල ගගා එනවා මම් නොදනිම් ද
කර ගල ගගා එනවා මම් නොදනිම් ද
කර ගල ගගා එනවා මම් නොදනිම් ද
කර ගල ගගා එනවා මම් නොදනිම් ද
මෙප මණ වැණුම් ලද සුමිතුරු මීහර ක
කොප මණ මෙදින නෑවද නුඹ මඩවල ක
තොප එන අතරමග ආවෙද නොවී දු ක
සැප තකි ඉන්ට ඇත්නම් මෙ නුඹ දැක දැ ක
නොමදින් තද දුකට පත් වී සිටින ම ට
වෙන අන් කෙනෙකුගෙන් නොලැබේ ම ය පිහි ට
එබැවින් ලොවට වැඩ වන පණිවිඩයක ට
සැරසෙන් අළුත් නුවරට අද යන ලෙස ට
දනවත් දන හොඳට කාබී සැප ලෙසි න
සිටිතත් මෙරට නොතකති අප දුගී ද න
එහෙමත් සිටින උන් හට දැන් පත් මගි න
පසසත් උතුමන් ය කියමින් යුතු සුගු න
තමන් ගේ පාඩුවේ සැප විඳින ද න
උතුම් බවට පැමිණෙන්නේ කොයි ලෙසි න
මෙවන් කරුණු දැන දැන කුහක ගතියෙ න
ඔවුන් හට කරති පැසසුම් අමන ද න
එබැවින් මිතුරු මී හරකෝ ගුණ නැණැ ති
තගොසින් අළුත් නුවරට විගස නො නැව ති
දකිමින් කළු කුමරු නම් යක්ෂ සෙන්ප ති
පවසන් මේ අවනඩුව මුළු ලොවට වැඩ වෙ ති
ඉතින් නුඹ කොළඹ මරදානෙන් ගොසි නි
දකින් කැළණිය ද පෑලියගොඩ හොඳි නි
එයින් පසු ව හුණුපිටිය ද රාගමි නි
හොරෙන් හොරෙන් යව මඩ වගුරු අතරෙ නි
ගනේමුල්ල හෙනරත්ගොඩ බෙම්මු ල්ල
පත්තල ගෙදර වේයන්ගොඩ සිරි දු ල්ල
පල්ලේවෙල මීරිගම පොල් තුරු නි ල්ල
පසු කර අඹේපුස්සට යව නොව මැ ල්ල
අලව්වේ වලව්වල නොම නැවතී ලා
වලකුඹුරේ කුඹුරකට බැස දිය බී ලා
පොල්ගහවෙල රඹුක්කන ගම් පසුකර ලා
කඩුගන්නාවෙ කන්දට නගිනු සැරසී ලා
බලනේ විලස සිහලුන් දක්වා පො රණ
බලනේ පරංගින් වැනසුව පැමිණි රණ
බලනේ කන්ද නැග සුමිතුරු නොව උ රණ
බලනේ නම් යෙහෙකි ඒ ලේ වැකි දෙ රණ
එතනින් ගොසින් අනතුරු නොව කඳු උඩි නි
පලයන් අළුත් නුවරට ගරු සරු සිති නි
පසෙකින් දැඩිමුණ්ඩ දෙවියන් සිට බැති නි
නමදින් සතර ගාතෙන් බිම පෙරලෙමි නි
පුරා තන පටන් සිරිලක රැක ග ත්තු
විරා ජිත පවර එසුරිඳු සිරිම ත්තු
සුරා වනසන්ට වීරිය පෙර ග ත්තු
හැරා සිටිනු කිම දැයි විමසිය යු ත්තු
අළු කර තෙද නලින් දුදනන් දුරු ව න්ඩ
ඇළු මිය කරණ සුදනන් සැප සලස න්ඩ
දිළු යස විකුම් දෙවිඳන් වැඳ දැඩිමු ණ්ඩ
කූළ කුමරා සිටින දෙවොලට රිංග න්ඩ
නැග මී හරකෙකුගෙ පිට රුදු යකා ලෙ ස
සිටිනා කළු කුමරු සඳ දැක වඩා තො ස
වැඳ ලා හතර ගාතෙන් නුඹ නො වී ල ස
මෙලෙසින් තුති කරන් ඒ යකුට නිසි ලෙ ස
රීරා මහසොහොන් දහ අට එ සමය මේ
ගෝරා අබිමාන යකු මහ සූනිය මේ
නෑරා මෙ සැම සහ වසනා මිතුරුව මේ
තෝරා ගතැකි පහනා කළු කුමරු ය මේ
තුම්මන් සලේ රැක ඉඳ ලෙඩ කරන යකා
ගොම්මන් වෙලාවට දිස්ටිය හෙලන යකා
යන්තම් රුවැති ලියටත් බැල්ම ලන යකා
පන්දම් එළිය දැක නටනා රුදුරු යකා
මෙලෙසින් තෙද විකුම් යුත් කළු කමරු හ ට
මබසින් සතර ගාතෙන් නමැඳ තුති කො ට
පෙරවුන් උතුම් සිංහලයන් ගේ නම ට
සතුටින් සවන් දෙන්නට කිය මේ බස ට
දැනට සිරි ලකේ සිටිනා බොහෝ දෙ න
සුරා පෙරා විකුණාලා විදි ලෙසි න
මුදල් බොහොම සපයා ගෙන සුරන් මෙ න
කන්නන් අඳින්නන් බොන්නන් රිසි ලෙසි න
තවත් සමහරෙක් ඉංග්‍රිසි සත ඉගෙන න
ලොකු නිලතල ලබා මුදලුත් සපය ගෙ න
ලොකු ලොකු වලව්වල ඉන්නන් සුරන් මෙ න
මෙලෙසින් දැන් ඉන්න අයගේ නැත ගණ න
මොවුන් මෙලෙස ඉන්නා මුත් සිරි සැපෙ න
සුරා බිබී වැනසෙති කොටසක් අම න
සිප් සතරක් ඉගෙන ගැනුමට නැති කමි න
යකුන් ලෙසට ලොකු වෙති දරුවෝ දුකි න
කරන්නට රැකී රක්සා නැති බැවි න
හිඟන්නන් වෙලා තව කොටසක් සිටි න
වෙළෙඳම් සියළු වෙන රට අයට අත් වු න
හිඟා නොකා අපි හිඟමනට පත් වු න
අනුරාපුර කුඹුරු තැනුමට ඇතත් ඉ ඩ
නොතකති දනවතුන් හට ඒ නොවේ වැ ඩ
සියළු ම ලක් දනට සැපසේ ඉන්ට ඉ ඩ
තිබෙතත් දනවතුන් නොතකති රටේ වැ ඩ
බිබී ජින් බ්‍රැන්ඩි ෂැම්පින් මත් කර න
කකා මස් පාන් ආදිය රස වැහෙ න
මොටෝ කාර්වල යන එන සිතු ලෙසි න
වලව්වල දෙවෙනි මාලෙහි සැප විඳි න
මිනිසුන් උතුමන් ය කියමින් කපටි ද න
උතුමන් හටත් ගරහති සුනක ගතියෙ න
එබැවින් කළු යකානෙනි තද තෙදැති ව න
බලමින් ඔබෙ කුරිරු ඇස් දෙක නෙරවමි න
වැඩක් රටට නොකරන ලොකු ලොකු අය ද
ඔවුන් උතුමන් ය කියනා කපටින් ද
නරඹා කළු කුමරු මරු අවතාර ල ද
කළ මැන සුදුස්සක් ලෝ වැඩ වැඩෙන ලෙ ද
කියා ලා මෙවග කළු යකුට නම ක ර
අයා මුව රටේ සතුරන්ට දෙස් ක ර
සොයා ගෙන ගොසින් නුඹෙ වනගත කුඹු ර
දයා වෙන් වසනු මැනවී ගොන් මිතු ර
- පියදාස සිරිසේන
(විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය පොතෙනි)