පරිකථා-
එක් බමුණෙක් කැලයක් මැදින් යන කල කූඩුවෙක අසු ව සිටි දිවියකු දුටුවේය. දිවියා බැගෑ පත් ලෙස බමුණාට කථා කොට, “මිත්‍රය, මට මින් පිට ව යෑමට කරුණා කර මේ කූඩුවේ දොර අරින්නැ“ යි කීවේය.
“ඔබ අසත් පුරුෂයෙකි; කූඩුවේ දොර ඇරියොත් මා මරන්නට පුළුවනැ“යි බමුණා කීය.
“මිත්‍රය, බිය නො වන්න. මම කිසි විටෙක මට උපකාර කළ කෙනෙකුට අනතුරක් නොකරමි“යි දිවියා කීවේය.
දිවියාගේ වචනය විශ්වාස කළ බමුණා කූඩුවේ දොර ඇරියේය. දිවියා පිට වූ විගසම බමුණා මරා කන්නට සැරැසිණි. බමුණා පුදුමයට පත් ව, “ඔබට එළියට ඒමට උපකාර කළ මා මැරීම යුතු කමෙක් දැ“යි ඇසීය.
“මිනිසුන් හා සතුන් මරා කෑම මගේ සිරිතෙකි. ඒ නිසා ඔබ මැරීම අයුත්තෙක් නො වේ“යි දිවියා කීය.
“හොඳයි, ඔබේ කල්පනාවයි ඔය, අපි මේ ගැන වෙන කෙනෙකුගෙන් අසා බලමු. ඔහු කරන නියමයකට මම යටත් වෙමි“යි බමුණා කීවේය. මෙයට එකඟව දෙදෙන පිටත්ව ගියහ. අතර මඟ දී ඔවුනට හිවලකු මුණ ගැසිණ. බමුණා හා දිවියා ඔවුන්ගේ තොරතුරු හිවලාට කියා දුන්හ. හිවලා කථා කරමින්, “ඔබ දෙදෙනාගේ කථාවෙන් මට මෙය තේරුම් ගත නො හැක. පළමුව දිවියා කූඩුවේ උන් සැටි ද බමුණා දොර ඇරිය සැටි ද මට පෙන්වන්නට ඕනෑ“යි කීවේය. එය පෙන්වීමට දිවියා කූඩුව ඇතුළට විය. බමුණා දොර වැසුවේය. එවිට හිවලා බමුණාට කථා කොට, “මෝඩ බමුණ, අසත් පුරුෂයකුට හොඳක් කරන්නට ඔබට නුපුළුවනැ“යි කියා යන්නට ගියේය.
-------------------------------
|
http://24.media.tumblr.com/
tumblr_m61spub2WH1qlblyno1_500.jpg |
පහුගිය මැතිවරණ වේදිකා වලදීත්, ආණ්ඩුවෙන් කරන ප්‍රකාශ වලිනුත්, ජාතික ප්‍රවෘත්ති වලිනුත් හෙළිදරව් වන භයානක සත්‍යයක් ඩ්‍රැකියා පැහැදිලි කිරීමට හිතුවෙමි.
මුළු ලෝකෙම ඉන්නේ මිනිස්සු දෙවර්ගයයි: (හරියට ලංකාවෙ ඉන්නේ මවු බිමට ආදරේ කෂ්ඨියයි, දේශද්‍රෝහී කෂ්ඨියයි වගේ) ලංකාවට සපෝට් කරන අයයි, කොටි හිතවාදීනුයි විතරකි.
ලංකාවේ හමුදා, විමුක්ති අරගලයක් කොරමින් හිටපු කොටි බර ගාණක් මරා දමා, මානුෂික මෙහෙයුමක් කර, ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ මුදවා ගත්තෝය. ඒ මානුෂික මෙහෙයුම අතර තුරේ සහ ඊට පස්සෙ උතුරෙ මිනිස්සුන්ව නොසෑහෙන්න මර්ධනය කරමින් ඉන්නෝය. සමහරු අතුරුදහන් ද වෙති. සමහරු අත්අඩංගුවට ගන්නේ කොටි හිතවාදීන් කියමිනි. දකුණේ පානීය ජල ප්‍රශ්නය, අර්ථසාධකේට කෙළවෙන්ඩ යනබව, ආදී දේශද්‍රෝහී සටන් පාට අරං පාරට බැහැපු උන්ට වෙඩිත් තිබ්බෙමු. උතුරෙ ඒ කියපු විමුක්ති අරගලය ට විසිල් ගහපු සහ උදව් කරපු ලෝකේ පුරා ඉන්නා කොටි හිතවාදී ටික මේ අවනඩුව එක්සත් ජාතීන් ගේ දොරකඩටම ගෙන ගියෝ ය.
දැන් ඔන්න එක්සත් ජාතීන් ගෙන් කෙනෙක් මේක ගැන හොයන්ඩ එන්නෝය. ඇවිදින්, අර පරණ කුමාරෝදයක තිබුණා වගේ, මේක කොහොමද උනේ, මට කරලා පෙන්නන්ඩය කියා කියන්නෝය.
කලින් කොටි හිටියෙ කොහොමද? හමුදාව හිටියෙ කොහොමද? රට තිබුණෙ කොහොමද? කියා අහලා, ඒ හැම එකක් ම කලින් තිබ්බ තත්ත්වෙට පත් කරන්නෝය. ඊට පස්සෙ ඔහොමම ඉඳපියව් කියා උන්නැහැ යන්නෝය.
ඕං ඔහොම ජාත්‍යන්තර පරීක්ෂණ කොරන්ඩ ගියොත් නං, අපි ලබාපු යුධ ජයග්‍රහණත්, මවුබිමේ සංවර්ධන කටයුතුත් ආපසු හැරෙනවාය. ඒ හින්දා එක්සත් ජාතීන්ට මේ රටට අඩිය ගහන්ට දෙන්ඩ හොඳ නැත.
මේ ක්‍රමේ ඇරුණහම, ආණ්ඩුව සහ හොරණෑ ජනමාධ්‍ය පුන පුනා කියනා මේ කතන්දරේ තේරුම්ගන්න පුළුවන් විදිහක් මට නං තේරෙන් නෑ ය.