කලිං බොහොම උද්යෝගිමත්ව ලියපු කීප දෙනෙක් දැං ලියන් නැතුව ඉන්න බව දකින්ඩ ලැබුණා. අැත්තටම බොහොම කණගාටුදායක දෙයක් ඒ්ක නං... මොකද මාත් අැතුළුව බොහොම දෙනෙක් අඩු ගානෙ අකුරක් හරි උකහා ගත්තෙ ඔයගොල්ලං ලියපු බ්ලොග් වලිං...
https://s3.amazonaws.com/lowres.cartoonstock.com/ social-issues-social_service-budget_cut-government_ spending-unrealistic-targets-forn2560_low.jpg |
ගොඩක් දෙනා දන්න හැටියට මං රජයේ සේවකයෙක්... ඒ්ක සුද්දා අැති කරපු සේවයක් නිසා මං කැමතියි ඒ්කෙ ඉංගිරිස් නම ට. මොකද, ඉංගිරිසි නමේ හැටියට නං මං රජයේ සේවකයෙක් නෙමෙයි, "මහජන සේවකයෙක්" (පබ්ලික් සර්වන්ට් කියන්නෙ මහජන සේවකයට)
මං අාණ්ඩුවෙ රස්සාවට ගියපු පළවෙනිම කන්තෝරුවට ටික කාලෙකිං මාරු වෙලා අාව ආරක්ෂක අමාත්‍යාංශෙ ඉඳං,
දවසක් ලිවුමක් අාව
ඉතිං කොහොම හරි ගිහිං ආවයි කියමුකො අර මීටිමට... ඊට පස්සෙ දවස් දෙකක් විතර යනකං අර මීටිමේ උජාරුව අහං ඉන්ඩ සිද්ධ උනා අපේ ඉහළ නිලධාරින්ට.
ඒ අතරෙ මෙහෙම කතාවක් පැතිරුණා...
තීෆ් එකවුන්ටන්ට් කිව්වලු අනික් එකවුන්ටන්ට්ල එක්ක දවල් කන ගමං...,
“මං ගියානෙ ප්‍රසිඩන්ට් එක්ක මීටින්ට එකකට... එතන හැම අමාත්‍යාංශෙකම ලේකම් වරු ඇවිත් හිටිය... සීයකට වැඩියි සෙනඟ. ඒ ඔක්කොම අතරිං මාව අඳුරගත්ත ප්‍රසිඩන්ට්... මං ඉඳගන්ඩත් කලිම්ම ප්‍රසිඩන්ට් මට අතදික්කරල, කෙලිම්ම මට කතා කළා...“
“අනේ ඇත්තද? ප්‍රසිඩන්ට් ඔයාට කතා කළා...? මොකද්ද කිව්වෙ ඉතිං...?“ එකවුන්ටන්ට් මැඩම් කෙනෙක් අහනව ඉතිං...
“කිව්වෙ ද? එතුමා කිව්ව... “විමලසේන, තෝ මෙතෙන්ටත් ආවද? ඩිෆෙන්ස් එකේ ඉද්දිත් මට කිසිම වැඩක් කරගන්ඩ දුන් නෑ තෝ... පලයන්ඩ මයෙ දෑහැට නොපෙනි...! පල ඉතිං කිව්වහම...!! පල යන්ඩ යකෝ...!!!“ කියල එතන තිබ්බ පේපර් වේට් එකෙං මට දමල ගැහුව...“
මං ඊළඟට ගියපු කන්තෝරුවෙ උන්න සිරාම බුලට් එකක්... ලක්ෂ්මන් අයිය... එයා පියන් කෙනෙක්... ඕනෙම කෙනෙක්ට හරියන නම පටබඳින්ඩ දක්ෂය... අපි ගිය අලුතම එතන හිටපු පරිපාලන නිලධාරිය, බ්‍රාන්ච් එකට එනකොටම අරූ ටිකක් හයියෙං කියනව,
“අං පිල්ලෙයාන් එනව...“ කියල.
තව කාලෙකදි සහකාර ලේකම් පාලන සර් කෙනෙක් ආව, ටිකක් මහතයි, ටිකක් තට්ටෙ තියෙන, ගිරා හොට වගේ නහයක් තියෙන ඩයල් එකක්. ඇවිත් සතියක් යන්ඩ කලිං “ලබු ගිරව“ කියල කාඩ් එකක් ගැහුව.
ඊට පස්සෙ ආව දැං ඉන්න පරිපාලන නිලධාරිය. උන්දැ ආව ගමං වෙනස්කං ගොඩක් කළා. ඒකෙං කණ්ෂ්ඨ කාර්යමණ්ඩලයෙ ද්වේෂයට ලක්උනා. ඉතිං කිසිම කණගාටුවක් නැතුව උන්දැට දැම්ම “ජෝන් සීනා“ කියල. ඒ නම කොච්චර දිරෙව්වද කියනව නං, මං පරිපාලන නිලධාරී විභාගෙ පාස් උනාම කීප දෙනෙක් මගෙං ඇහුව, “ඔයත් ජෝන් සීනා විභාගෙ පාස්ලු නේද?“ කියල...
සැරෙයක් අපිට එස්පහ පෙන්නන්ඩ ජෝන් සීනා අපිව එක්කං ගියා දොම්පෙ ප්‍රාදේශීය සභාව බලන්ඩ. ඔපිස්සෙකේ වෑන් එකේ ගියෙ. යන කං සැරිං සැරේ ජෝන කියනව,
“සිංදුවක්වත් කියමු නේද? නිකං මළගෙදරක යනව වගේනෙ නැත්තං...“
ඒ කියල කට ගන්ඩ කලිං කෂ්ටිය පටං ගන්නව,
“...ජෝ...න් සීනා... අපෙ පොඩිඑකාට ගහලා....“ සිංදුව.
ඔයකාලෙ හිටපු අතිරේක ලේකම් පාලන පොඩියි, කෙට්ටුයි, අඟුර වගේ කළුයි. උන්දැට දාපු කාඩ් එක තමා “ග්‍රීස් යකා“
පස්සෙ ග්‍රීස් යකයි ජෝනයි එක්කහුවෙලා බොහොම පොඩි චෝදනාවකට නිදහසට කරුණු අහල, ලක්ෂ්මන් අයියව අමාත්‍යාංශෙකට මාරු කළා...
ඔය ලක්ෂ්මන් අයියට පොඩි ලෙඩක් තිබ්බ... කවුරු හරි ප්‍රශ්නයක් අහන ගමං උන්දැගෙ ඉළේකට ඇඟිල්ලෙං ඇන්නොත් උන්දැ ඇත්තම කියනව...
ගොඩක්ම වෙලාවට එහෙම අහන ප්‍රශ්න තමයි,
“ගෙදර ඉන්නකොට මොකද කරන්නෙ?“
“උදේට කෑවෙ මොනවද?“
“වයිෆ් මොනවද දෑවැද්දට ගෙනාවෙ?“
“අද බතට මොනවද එළවළු?“
“හවස ගෙදර යද්දි මාකට් එකෙං මොනවද ගෙනියන්නෙ?“
ලක්ෂ්මන් අයියත් ජොලි පොර කියන්නෙ, ඔය ප්‍රශ්න වලට හයියෙම්ම උත්තර දෙන්නෙ ගෑණු උදවිය ගොඩක් මැද්දෙ ඇහුවොත්...
දැනට ඇති වගේ... තව ලියන්ඩ කතා මතක් උනොත් තව කොටසක් ලියන්නං ඈ...