අපේ බාප්පා ගැන යන්තමින් විතර මගේ මුල් කියන පෝස්ටුවෙන් කිව්වා.
බාප්පා කොලුව කාලේ කන්තලේ පැත්තෙ ඉඩම් හම්බවෙලා වගා කොළා නොවැ. එක පාරක් එයා එහෙ ගොවි රජා හැටියට ත් තේරිලා තියෙනව. එක හැටියකට එක තැනක ඉන්න බැරි කමෙන් එයා ආපහු ගමට ඇවිත් මහගෙදර ඉඩම වගා කර ගෙන, අඩියක් පුඩියක් ගහගෙන, කාට හරි කෑගහගෙන, ආතල් එකේ හිටියා. එයා කොච්චර දක්ෂ ගොවියෙක්ද කියන එක මම පොඩි කාලෙ දැකලා තියෙනව. ඒ කාලෙ අපේ මහ ගෙදර අක්කර දෙකක ඉඩම (සහෝදර සහෝදරියො 8 දෙනෙකුට අයිති උනාට) බාප්පා තනියම වගා කරලා, එළවළු, බුලත් එහෙම පොළට ගෙනියලා තමන්ගෙ හැම ඕනෙ එපා කමක් ම පිරිමහගෙන ජීවත් වුනේ.
බාප්පා ඉතාම දක්ෂයි බොරු විදින්න. එයා බොරු විදිනවා විතරක් නෙවෙයි, අල්ලෙ පැළ කරනවා, පැකැට් කරනවා, තව තව ගොඩක් දේවල් කරනවා. මේ එයා දවසක් අපිට කියපු කතාවක්.
බාප්පා කන්තලේ තනියම මිරිස් හේනක් වගා කළා. ඒක කොච්චර සාරවත් ද කියනව නං, මිරිස් කඩන්න ගහට නගින්න වෙන තරම්. ඒක ට පාවිච්චි කරපු උදැල්ල ට ගහල තිබුණෙ ගංජ ගහකින් හැදුව මිටක් කියනවනෙ. ඒ මිටේ පවර් එකට උදේ වැඩ පටන් ගත්තහම එක දිගට ම වැඩ කරන්න පුළුවන් ලු.
දවසක් එයා උදේ ඉඳන් මිරිස් කඩලා කඩලා හරිම මහන්සියි. ඉතින් හිතුවලු ගහෙන් බැහැලා බීඩියක් බොන්න. ඉතින් ගහෙන් බැහැලා, ළඟම තිබුණු ගළකට හේත්තු වෙලා, කණේ ගහං හිටිය බීඩිය පත්තු කරගෙන, ගිණිකූර ඇතිල්ලුව ලු ගළේ. මෙන්න බොලේ එකපාරටම ගළ හෙල්ලෙන්න ගත්තලු. බාප්පත් බයවෙලා භූමි කම්පාවක් ද කියල බලනකොට තමයි, එයා මෙච්චර වෙලා ගළක් කියලා හේත්තුවෙලා ඉඳල තියෙන්නෙ නිදාගෙන හිටිය පතරංග සයිස් ඇතෙකුට බව දැක්කෙ. ඇතා දැක්ක බාප්පා බය බිරන්තට්ටු වෙලා ආත බූත නැතුව කැළේ කඩාගෙන දුවලා. ඇතත් ළඟ ළඟම එළවං එනවලු.
බාප්පා දුවලා දුවලා ගිහිං ඉස්සරහට හම්බ වුණු අඩි සීයක් විතර උස ගහකට නැග්ගලු, ඇතාට ළං වෙන්නවත් බැරි. කොච්චර උසද කියනවනං ඒ ගහ, උඩට නැග්ගහම ඇතා පේන්නෙත් නිකං අර ඒ කාලෙ තිබුණ ගිණිපෙට්ටියෙ ඉන්න ඇතා සයිස් ලු. ගහේ උඩම අත්තකට නැගලා යන්තම් හුස්මක් කටක් අරන් බැලුවලු මේ මොන වගේ ගහක් ද කියලා. එතකොට තමයි දන්නෙ;
ඒක මිරිස් ගහක් බව.
ගජබින්නාලංකාරය මේ අයුරින් ආරම්භ කරමි.
මීට අපේ බාප්පගෙ අයියගෙ පුතා,
ඩ්‍රැකියා
පින්තූර ඉස්සුවෙ -
http://static.guim.co.uk/sys-images/Guardian/Pix/pictures/2010/8/23/1282575161155/Chillies-006.jpg
http://www.newsonair.nic.in/feature-image/Elephant-Tusker-running.JPG
Monday, March 25, 2013
Subscribe to:
Posts (Atom)
වැඩිපුර බලපු ලිපි
-
පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ...
-
මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව... තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ...
-
පිදුම අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට... එක්තරා කාලෙයක් තිබුණ , මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය ය...
-
එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් ...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක , අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය...
-
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හි...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්... ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර ඉස්කෝලෙ මහත්තුරු සහ බටග...
-
අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්... බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උය...
-
මෙදා පොටේ මගේ පුස්තකාලෙන් එළිදක්වන්නේ, සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ "සිරි ලංකා ඉල්ලං - කා" පොතයි. ඒකෙ මගෙ හිතට තදින්ම අල්ලලා ගිය, ...
-
මෙතෙක් ලියා ඇති ගජබින්න වලට පටුනක් මුලින්ම... 1. බාප්පගෙ මිරිස් වගාව 2. ඉඩෝරෙට වෙලේ ළිඳක් 3. අලිමාලය 4. සුවාරිස් මුත්තගෙ දඩයම් 5. ඉර ...