Friday, November 5, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - හැම්ලට්

ගමේ ඉස්කෝලෙ ඉඳලා, සෙන්ට්‍රල් එකට ගියා ම මට තිබුණෙ මහා කෞතුක හැඟීමක්. පොත පතින් දැකල තිබුණු හතළිස් ගණංවලට අතීතයට ගියා වගේ දැනුණෙ. සමර ගාපු මහත බිත්ති, පරණ හොස්ටල් යනාදියත්, අපේ තාත්තා ගියපු පාසල වීමත් එහෙම ඒකට බලපෑවා. 

ඔය ඉස්කෝලෙ පුස්තකාලෙදි මට කියවන්න ලැබුණු පළමුවෙනි පොත හැම්ලට්. ඒ වගේ ම, හැම්ලට් නාට්‍යයට සහ ඒකට පසුබිම් වෙච්ච කාලයට අප්‍රමාණ සාධාරණයක් ඉටු කරපු ඉතා ම විශිෂ්ට චිත්‍රපටයක් තමයි, 1990 දී ෆ්‍රැන්කෝ සෙෆිරෙලි අධ්‍යක්ෂණය කළ, මෙල් ගිබ්සන් ප්‍රධාන චරිතය ඉතා ම තාත්විකව නිරූපණය කළ, හැම්ලට්...


විලියම් ‌ෂේක්ස්පියර් ගේ වේදිකා නාට්‍යයේ දෙබස් ඒ අයුරින් ම යොදාගෙන ඇති මේ චිත්‍රපටයේ, ඒ දෙබස් ඉතා ම තාත්විකව සහ ප්‍රාණවත්ව යොදාගන්නවා.  මේ ඊට හොඳ ම උදාහරණයක්, 

"චපලබව, ස්ත්‍රිය යනු නුඹේ නමයි..."


මාළිගාවේ කවටයා යෝරික් හමුවන අවස්ථාවත් තවත් එවැනි ම අවස්ථාවක්. නාට්‍යයේ දෙබස් සහ අවස්ථාව ඒ අයුරින් ම යතාර්ථවාදී ව (නාට්‍යානුසාරී නොවී) යොදාගැනීම මුළු චිත්‍රපටිය පුරා ම තියෙනවා.


මෙල් ගිබ්සන් ගේ මේ යථාර්ථවාදී චරිත නිරූපණයේ විශේෂත්වය ඔහුගේ චිත්‍රපට ගණනාවක දකින්න පුළුවන්. ඔහු අධ්‍යක්ෂණය කළ Passion of Christ සහ Apocalypto යන චිත්‍රපට සම්පූර්ණයෙන් ම, භාෂාව අතින් පවා පිරිසිදු යථාර්ථවාදී යි.

අනෙක් සුවිශේෂී කරුණ වෙන්නේ, පසුතල සහ ඇඳුම් නිර්මාණය. මේ සාධක දෙක ම ෂේක්ස්පියර් ගේ හැම්ලට් කතාවට පසුබිම් වන කාලයට හැම අතින් ම අදාළ වන විදිහට සකස් කරන්නට සමත් වී තිබෙනවා.

පසුකාලීනව ප්‍රසිද්ධ සහ සාර්ථක නිළියක් බව ට පත්වුණු හෙලේනා බොන්හැම් කාටර්, මෙම චිත්‍රපටියේ සුන්දර ඔෆීලියා කුමරියගේ චරිතය ඉතා ම සාර්ථකව නිරූපණය කරනවා. හැරී පොටර් කතාවල සිරියස් බ්ලැක් ගේ දුෂ්ට සහෝදරිය මෙන් ම, Great Expectations (රොමා‌ගෙ වාසනාව) චිත්‍රපටියේ උමතු වලව්කාරිය යන චරිත ඉතා ම හොඳින් නිරූපණය කළේ ඇය යි.


මේ ඉතා ම උසස් කලා කෘතියක් විදිහට ප්‍රති නිර්මාණය කර තිබෙන චිත්‍රපටියේ ටොරන්ට් එක බාගන්න පුළුවන් මෙතනින්.

මේ චිත්‍රපටිය ගැන අයිඑම්ඩීබී දත්ත පද්ධතියේ විස්තර මෙතනින්... 

43 comments:

  1. ඔම්ලට් ගැන විතරක් දැනගෙන හිටපු අපිට හැම්ලට් ගැන කියා දීම ගැන ඔබතුමාට බොහොම ස්තුතිය.
    -චොක්ලට්-

    ReplyDelete
    Replies
    1. මේ අර වයලට් ගෙ මහත්තෙයා නෙ?

      Delete
    2. ඔව් අර හැට්ට වලට අයිලට් අල්ලන්නෙ 😃

      Delete
    3. ටොයිලට් පේපර්වලින් මූණ පිහින....

      Delete
    4. කියුලට් ඇඳගෙන කට්ලට් බදින්නෙත් එයා ම තමා...

      Delete
    5. චවලට් එකේ යන්නෙත් එයා තමයි.

      Delete
    6. ඔය කියන්නෙ ට්‍රේන් පයිලට් ගැනනෙ?

      Delete
  2. යකෝ බොලා සෙන්ට්‍රල් එකක් කියල ගියේ කෞතුකාගාරෙකට ද?

    ReplyDelete
    Replies
    1. අපේ සෙන්ට්‍රල් එක ඒකෙ පෞරාණිකකම රැකගෙන හිටියා අපි යන කාලෙ. තාමත් ඒකෙ සළකුණු තියෙනව...

      Delete
  3. කොහොමද බං මේකෙ දිනේ නොවැම්බර් 05 උනේ. එතකොට මෙච්චරකල් මේක කොහෙද තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් කල්පනා කළේ (කල්පනා කරන්ඩ වෙන දේවල් නැත්තං)

      Delete
    2. ලියල තියං ඉඳල. හුහ් 😃😃😃

      Delete
    3. ප්‍රශ්නයක් අහන්ඩ ඕනි ඒවා ගැන දන්නා මම වගේ කෙනෙකුගෙන්! (දන්නෝ දන්නවා මගේ දැනීම. ඒක වෙනම කතාවක්.)

      Post එක කොටලා blog අඩවියට දමන්න (upload කියන්නේ ඒකට නේද?) ලැස්ති කරන වෙලාව තමයි ඉබේම සටහන් වෙන්නේ. ඩ්රැකී නවත්ත නවත්තා වැඩේ කරන්න ඇත්තේ.

      ඔය සෙල්ලම මටත් වුණාට පස්සෙයි මං හොයා ගත්තේ, කෙරෙන විදිහ. ඒකෙන් ඇහැකියි post එකක් ඉදිරි දිනයකට publish වෙන්න සකස් කරලා තියන්නත්. නන්නත්තාරේ ඇවිදින්න යනකොට එහෙම මට ඔය කෙරෙමේ ගොඩක් උදව් වෙනවා- නිසි දවසට පෝස්ටුව දාගන්න.

      හැබැයි මගේ කොම්පියුටරේ අද උදේ publish වෙන්න ඕනි නං, ඒ වෙලාවට පැය දහතුනකට කලින් විතර වේලාවකුයි යොදන්න ඕනි. මේවා කියන්නේ ඔස්තාද්ලට නෙවෙයි, මං වගේම ළපටි කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා...

      Delete
    4. ඔඳ වෙලාවට අප්පිල බොග් ලියන්නැත්තෙ.

      Delete
    5. මහේෂ්,
      ලියල තියං උන්න තමා, ඇයි ෂෙකද?

      නිදි,
      ඇත්ත. මං මේක ලියල ටික දවසක්. මටත් හිතාගන්ඩ බෑ ෂෙඩූල් කළාට පබිලිස් වෙන වෙලාව. ඔය කියනව වගේ පැය ගාණක වෙනසක් ඇති.

      නයිස්,
      අර පෝස්ට් පහක් විතර තියෙන කොන්ක්‍රීට් ලටපටේ ලියන්නෙ පොලිසියෙං වෙන්ඩැති?

      Delete
  4. බිස්කට් නැද්ද බිස්කට්... 😃😃😃

    ReplyDelete
    Replies
    1. මස්කට් කෑල්ලක් කාල වැඩි සීනි ප්ලේන්ටියක් බීහං.

      Delete
    2. මහේෂ්,
      බෝත් ආවද අර ටොමියයි නරියයි වගේ කෑම හොයාගෙන? බොට ඔන්නං දෙන්නං පුස්ලෝඩමක් හරි බිබික්කමක් හරි.

      ප්‍රසා,
      කවුද මයියට ගුලි කැව්වෙ?

      Delete
  5. ඕක බලල නෑ. බලන්න ඕන. මෙලාගෙ ඒව කෝමත් පට්ට. මම පෙිරට පිස්සු වැටුණෙ we were soldiers එකෙන්. ඒක තමා මම මෙලාගෙ බැලුව පළවෙනි එක. අර ෆිල්ම් බලන්න කොයි තරං ආස වුණත් වොව තිබ්බත් පහසුකං නැති ඒ දවස් වල රෙන්ට් එකට ගෙනත් බලපුව. දැං ඔක්කම පහසුකං තිබ්බත් වෙලාවක් උවමනාවක් නැති තරං. 😒😒😒

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ලැබෙන කොට වෙලාව නෑ. වෙලාවයි උණයි තියෙනකො ලැබෙන්නෑ. ඔ්ක තමයි උපාසක, මේ සංසාරේ හැටි...

      අපි රෙන්ට් එකට වීඑච්එස් ගෙනත් බලපු කාලෙ ‌වීසීආර් එකක් තිබුණෙත් ගමට ම ගෙවල් දෙක තුනක විතර. අපේ තිබුණ ඩොක්ටර් මාම දීපු පරණ වීසීආර් එකක්. ඒකෙ බෙල්ට් එකක් බුරුල් වෙලා, පටිය පොඩ්ඩක් අදිනව. ජුරාසික් පාක් බැලුවත් හිනා යන තත්ත්වයක් තිබුණෙ.

      Delete
  6. https://en.m.wikipedia.org/wiki/Sources_of_Hamlet

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ෂේක්ස්පියර් විතරක් නෙවෙයි ඔ්නෙම සාහිත්‍ය කාරයෙක් පරණ මූලාශ්‍රවලින් නිර්මාණ කරනවනෙ...

      Delete
  7. Replies
    1. මැරුණු තාත්ත ඇවිත් පුතාට අරක මේක කියල දෙන එක තවත් සංස්කෘතිවල තියෙනව නේ? මට මතකයි ලස්සන වසිලිස්ස පොතෙත් ‌එහෙම කොටසක් තිබුණා.

      Delete
  8. Replies
    1. ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි.

      -අල කොමා-

      Delete
    2. කමෙන්ට් රිප්ලය් කරන්න මං පත් කරල තියෙන්නෙ නයි හාමිව...

      Delete
    3. ඔබ ඇමතූ னයා තාවකාලිකව විසන්ධිවී හෝ ආවරණ කලාපයෙන් බැහැර වී ඇත.

      Delete
    4. // னයා තාවකාලිකව විසන්ධිවී //

      ඒ කියන්නෙ ඌව පුරුක්වලට ගලෝලා දාලා වගේ දෙයක් දෑ?

      Delete
    5. ඌට තාවකාලිකව කන් ඇහෙන්නෙ නැතිවෙලා.

      Delete
    6. වැට ගහන්නෙ, අල කොමාගෙ මහන්සිය අගයන්න.
      ඒත් අපි නං එන්නෙ කමෙන්ට් කියවන්න.😊😂👌

      Delete
    7. බකුස්,
      ඔය මැද තියෙන මුද්‍රාව ගැන අසංග පට්ට කතාවක් කිව්ව. නිදි ගෙ පෝස්ට් එකේ තියෙනව ඒක...

      ප්‍රසා, නයාගෙ කොයි හරියද, තාවකාලිකව විසන්ධී වෙලා තියෙන්නෙ?

      බුරා, ඔව්, හැපින්නට අහුවෙලා මුගෙ මොකක් හරි පළහිලව්වක්.

      ප්‍රසා, ඔව්. හැපින් කට වහනකං බොට වෙන දෙයක් ඇහෙන එකක් නෑ.

      බකස්, ආාාන්න ආපහු අර මුද්‍රාව දාල. "තව දවස් තුනයි" මුද්‍රාව...

      Delete
    8. නයෝ, කොබෝ නයෙක් වුණා නං බස්සා වගේ ඉගිල්ලිලත් යතහැකි.

      Delete
    9. ඔව් ඔව්... නයා කොහොම වෙතත්, ප්‍රසන්න කොබා තමයි.

      Delete
  9. මෙල් ගිබ්සන් කියන්නේ මගේ අංක එකේම නළුවෙක් තමයි. මම මුලින්ම ඔහුගේ චිත්‍රපටියක් කියලා බැලුවේ Mad Max! Brave Hearts මම ඔහුගේ කැමතිම චිතරපට වලින් එකක්. ඒත් මම කැමතිම ඔහුගේ චිත්‍රපට දෙක For ever Young / Man without face යි. ඔය දෙක බලලාම කියන්න කොහොමද කියලා!

    ReplyDelete
    Replies
    1. මෙල් ගිබ්සන් ගෙ මාත් බලපු පළවෙනි ‌කතා ටික තමයි මැඩ් මැක්ස්... බ්‍රෙව්හාට් ටුත් ඇත්තට ම විශිෂ්ට කතාවක්. තට්ටයිය බලල තියෙනවද, what women want? ඒකත් වෙන ම විදිහක කතාවක්. අර දෙක මං බලල නෑ. බලනව අද හෙට ම.

      Delete
  10. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
    Replies
    1. හූම්ම්... ස්තූතියි. දිගු කාලයක් බ්ලොග් ලොව ප්‍රවර්ධනය කරන්ඩ ලැබේවා!

      Delete
  11. මට නම් ගිබ්බ හිටපු films වලින් දැන් මතක් වෙන්නේ Apocalypto තමයි. මේ දවස් වල film එකක් බලන්නවත් මානසික නිදහසක් නෑ.free වුන වෙලාවක බලන්න download කරලා තියාගන්න තීරණය කලා.
    මම අලුත් බ්ලොග් එකක් start කලා. ඩ්‍රැකී ගේ කලින් post එකත් layout එක හදා ගන්න උදව්වුවක් උනා . පුළුවන් වෙලාවට ඇවිත් යන්න.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මගේ බ්ලොග් එකේ පළවෙනි follower වුනාට සහ මට හයියක් වුනාට බොහොම ස්තුතියි. emoney content try කරලා බලන්න ආදරයෙන් ආරාධනා කරනවා.
    මම ගොඩක්ම focus කරන්නේ වෙන job එකක් කරන ගමන් හරි free වෙලාවට අමතර ආදායමක් විදිහට කරන්න පුළුවන් emoney sites . මොකද මමත් ජොබ් එකක් කරන ගමනුයි මේ වැඩේ පටන් ගත්තේ. අනික මමත් free වෙලාවට විතරයි emoney sites try කරන්නේ.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි