Posts

Showing posts from March, 2015

ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

අපේ බල්ලා ගැන වචන සීයක වාක්‍ය රචනයක්...

Image
අපේ බල්ලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා මළා!

ප/ලි
මීළඟ පෝස්ටුව ඉතා දිග බැවින් මේ තාවකාලික පෝස්ටුව, බ්ලොග් එකේ පාළුව මැකීම සඳහා සකස් කරන ලදි.

ආතගෙ කාලෙ ගජබින්නයකි... :-)

Image
කාලෙකින් මට විවේකයක් ලැබුණා, ආපහු පෙර පරිදි බ්ලොග් එක පැත්තෙ එන්න. ඉතිං ඕං නමෝ විත්තියෙන්ම හොඳ වැඩක් ගැන හොඳ පෝස්ට් එකක් දාන්නං කියලා පටං ගත්තා.
මගේ අඩවිය පැත්තෙ යන එන උදවිය දැන් ඩ්‍රැකියාගේ හත්මුතු පරම්පරාව ගැන හොඳටම දන්න අයයි. අන්දිරිස් ආතගෙ මුහුදු වික්‍රම, එයාගෙ පුතා වන සුවාතගෙ දඩයම්, එයාගෙ මුණුපුරෝ වන ඩ්‍රැකියාගෙ තාත්තයි බාප්පයි ගැන එහෙම කතා කියවලා තිබුණට, සුවාරිස් ආතගෙ පුතා වෙච්චි, අපේ තාත්තගෙත් තාත්තා වෙච්චි විලියොං ආතා ගැන මොනවත් ලියන්න බැරි උනානෙව. මේ එයාගෙ කාලෙ කතාවක්.
අපේ මහගෙදර කඩං වැටුණෙ මට මතක හැටියට අනූව දශකයෙදි. ඒ මහගෙදර අඩි එකහමාරක් විතර ගණකම වරිච්චි බිත්ති වලින් බැඳපු, වර්ග අඩි දෙදාස් පන්සීයකට වඩා ලොකු (රවිය එහෙම මේක කියෝනවද දන්නෑ, එහෙම උනොත් ඕකා අපේ කඩං වැටිච්ච මහගෙදරටත් බද්දක් ගහන්න පුළුවං) සොල්දර ගෙයක්. ඔය කාලෙ හොරු ගෙවල් වලට පනින්නෙ වහලෙන් වත්, ජනෙල් වලින් වත් නෙවෙයි.වහලෙන් සෑහෙන ඉඩක් හදා ගන්න නං, හොරෙකුට වහලෙ තියෙන සිංහල උළු හයසීයක් විතර අයින් කරන්න වෙනවා. ඒ කාලෙ ජනෙල් හදල තිබුණෙ එකහමාරෙ එකහමාරෙ විතර ලී වලින් ග්‍රිල් ගහලා. ඉතිං හොරෙක් කරන්නෙ, ගල් ඉන්නක් අරං ඇවිත් …