Tuesday, March 6, 2018
ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්...
ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා
ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර
ඉස්කෝලෙ මහත්තුරු සහ බටගම
ඉස්කෝලෙ මහත්තයෙක් උන්නලු ගිරිගෝරිස් කියල. උන්නැහැ ගැන ලියවුණු "සුරගුරු විදුහල්පති" වගෙ නමක් සහිත පරණ පොතක තිබුණ කතාවක් තමා මේ කියන්ඩ යන්නෙ.
දවසක් පාඨශාලා පරීක්ෂක ඔය කියන ඉස්කෝලෙ මහත්තැන්ගෙ ඉස්කෝලෙට ඇවිදින් පරීක්ෂා කරන්ඩ. අන්තිමේ ඉස්කෝලෙ ලොග් පොත පෙරළල බැලුවලු. ඒකෙ එක පිටුවක තියෙනවලු මෙහෙම:
"නෝනා මහත්මයා මැරුණෙමි. පාඨශාලාව දින තුනක් වසා තබන්නට සිදු විය."
"මේ මොකද්ද ඉස්කෝලෙ මහත්තය මේ ලියල තියෙන්නෙ?" පාඨශාලා පරීක්ෂක ඇහුවලු. "මොකද මේ? ව්‍යාකරණ මරල ලියල තියෙන්න්‍ෙ? ඔහේ වගේ දැන උගත් කෙනෙක්...?"
"නෑ සර්..." ඉස්කෝලෙ මහත්තය කිව්වලු. "මැරුණෙ මගෙ නෝනා. මම එයට හරිම ආදරෙයි. එයා මගෙ පණ වගේ උන්නෙ. ඉතිං එයා මැරුණම, මට දැනුනෙ හරියට මං මළා වගේ. ඒ හැඟීමෙන්මයි ඔය ලොග් සටහන ලිව්වෙ..."
ඕක කියනකොට මතක් උනේ චීන කතාවක්...
චීනෙ එක පෝසත් ගෙදරක පොඩි දරුවට අකුරු කියදෙන්ඩ දවස ගානෙ ගෙදරට එන ගුරුභවතෙක් උන්නා. උන්නැහැ කොච්චර මහන්සි වෙලා ඉගැන්නුවත් අර දරුව නෙවෙයි එක චුට්ටක්වත් දියුණුවක් පෙන්නුවෙ.
"අනේ මං දන්නෑ මොනව වෙලාද කියල..." අර ගුරුවරය නිතරම කියන්න පුරුදු වෙලා හිටිය. "...මම මයි මගෙ පුතාටත් අකුරු උගන්නන්නෙ. එයා මෙයිටත් වඩා පොඩියි. ඒත් ඔය අපූරුවට අකුරු කියන්නෙ..."
මේ නරිවාදම අහල අහල ඇති වෙලා හිටපු පෝසත් ගෙදර උදවිය දවසක් කිව්ව, "හොඳයි ඔච්චර දක්සයි කියන තමුසෙගෙ පුතාව එක්කරං එනවකො හෙට"
එතකොට තමයි ගුරුවරයට තරු පෙනුනෙ. උන්දැ හනි හනිකට ආපහු ගෙදර ගියා. ගිහිං පුතාව අල්ලගෙන, වදෙන් පොරෙන් කොල්ලට අකුරු තුනක් කටපාඩං කෙරෙව්ව.
පරණ චීන හෝඩියෙ හැටියට, එක අකුරකිං සම්පූර්ණ වචනෙයක්ම කියවෙනව. එහෙම අකුරු තුනක් තමයි අර පොඩි එකාට පාඩං කෙරෙව්වෙ. "බත්" "ඇඳ" සහ "තාත්තා" ඒ අකුරු තුන...
ඉතිං පහුවදා පොඩි පුතාවත් එක්කරගෙන ගිහිං අර ගුරුවරයා, පෝසත් ගෙදර ඔක්කොම ඉස්සරහපිට පුතාට පළවෙනි අකුර ඇඳල පෙන්නුව.
කොහෙ? පොඩ්ඩට අමුතු තැනකට ආවම, කට්ටිය වටකරගත්තම අකුරු මතක නැතුව ගියා.
දෙතුං පාරක් අහල අහල බැරිම තැන ගුරුවරය කියනව, "ඇයි පුතේ... කියන්ඩකො. ඔයා දන්නවනෙ මේ අකුර... අර අපි හැමදාම කන්නෙ මෙව්වනෙ..."
"බජිරී...." කොල්ල උත්තර දුන්න.
කමක් නෑ කියල ගුරුවරය දෙවෙනි අකුරත් ඇඳල පෙන්නුව. ඒකටත් අර සන්තෑසියම තමා. පොඩ්ඩට මතක නෑ. ඒ ගමන ගුරුවරය කියනව,
"ඇයි පුතේ අපි දෙන්න නිදාගන්නෙ මේකෙනෙ..."
"පැදුර..." කොල්ල උත්තර දුන්න.
ගුරුවරයට දැං පොළොව පළාගෙන යන්ඩ හිතයි. ඒත් කමක් නෑ කියල තුං වෙනි අකුරත් ඇඳල පෙන්නුව...
ඒකත් පුතාට මතක නෑ කියහල්ලකො ඉතිං... කලිං දුන්න උත්තර වලට ගෙදර මිනිස්සු බඩ අල්ලං හිනාවෙනව. ඒ අවුඅස්සෙ කොහෙ මතක් වෙන්ඩද අකුරු?
ගුරුවරය කියනව, "ඇයි පුතේ අම්ම ගාව නිදාගන්නෙ කවුද? ඒක නෙ මේ අකුරෙන් කියවෙන්නෙ..."
"බාප්පා..." පුතණ්ඩියගෙ අන්තිම උත්තරේ.
චීන කතා මතක් කරපු එකේ, චීන කතාවක් ඇසුරින් රජයෙ ඉහළ නිලධාරියෙකුට ගහපු මඩක් සඳහන් නොකර යන්ඩ හිතෙන්නෙම නෑ. (අපිත් ඉතිං...)
මම එක්තරා අමාත්‍යාංශෙකට ඇවිත් දවසක් දෙකක් යද්දිම දැකපු දෙයක් තමයි, එක නිලධාරියෙක් නිතරම කියනව,
"මම මාස පහක් හිටියනෙ ජපානෙ. ජපානෙ මෙහෙ වගේ නෙවෙයි. එහෙ හරිම..." ඔය විදිහට ජපානෙ විස්තර.
අමාත්‍යාංශ ලේකම් ගෙ සංකල්පයක් අනුව සතියකට වරක් දෙකක් ලන්ච් ටයිම් එකේ "ලන්ච් ටයිම් ටෝක්ස්" කියල පැයක දේශනයක් පවත්වන්ඩ පටං ගත්ත. ඒකෙ අරමුණ වුනේ කාර්යමණ්ඩලය විවිධාකාර දැනුමින් ආකල්ප වලින් සංවර්ධනය කරන එක.
එක දවසක් ලන්ච් ටයිම් ටෝක් එක බර ගත්ත අර නිලධාරියා, "මම ජපානෙ හිටපු අවදියේ..." යන මැයෙන් දේශනයක් දුන්න ඇට්ටි හැලෙන්ඩ.
දවසක්දා පොර අමාතයාංශ ලේකම් එක්ක ඩියුටියකට ගිහිං රෑ වෙලා එද්දි, ලේකම්ගෙ කාර් එකේ... ලේකම් කාර්එකේ ජනේලෙන් දැකපු හඳ පෙන්නල කිව්වලු,
"හරි ලස්සනයි නේද හඳ?" කියල.
අරයත් පැනපු ගම කිව්වලු,
"මෙහෙ මොන හඳක්ද? මොනවද මෙහෙ හඳ කියල බලන්න තියෙන්නෙ? මම ජපානෙ ඉද්දි තමයි ලස්සනම හඳ දැක්කෙ." කියල.
ලේකම්ට මල පැනල අරූට කණ පැලෙන්ඩ දුන්නලු. දීල කිව්වලු, "මෝඩෙයො...! කොහෙටත් පායන්නෙ එක හඳනෙ. පෘථිවියටම තියෙන්නෙ එක හඳයි."
අරුත් ඇරියෙ නෑලු. කියනවලු,
"මේක මොන කණේපාරක්ද? මම ජපානෙ ඉද්දි කෑව කණේපාරවල්නෙ බලන්ඩ ඕනෙ. මෙව්ව මොනවද? නිකං මදුරුවෙක් වැහුව වගේ..."
කියන්ඩ ආවෙ ඉස්කොලෙ මහත්තුරු ගැනනෙ. ඉතිං කියන්ඩම ඕනෙ පරණ කතාවක් තියෙව. මේක මග පරණ ලිපි තුනේදිම ලියන්ඩ ඉඳල මග ඇරුණු එකක්. ගොඩක් දෙනා මේ කතාව අහල ඇති පොඩි කාලෙදි.
ඉස්කෝලෙ මහත්තුරු ඇන්දෙ රෙද්දයි බැනියමයි නෙව. ඉංග්‍රීසි කතාකරන්ඩ පුළුවන් උදවිය තමයි ඒ සන්දියෙදි කලිසං ඇන්දෙ. අර ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා මහත්තෙයගෙ එක කතාවක තියෙනව, භගලවතී ඉස්කෝලෙ හාමිනේ කලිසමක් ගහක එල්ලලා ඒකට උදේ හවා වඳිනවලු තමන්ට කලිසං අඳින මහත්තයෙක් ලැබෙන්ඩ ප්‍රාර්ථනා කරල...
ඉතිං ඔය රෙද්ද අඳින ඉස්කෝලෙ මහත්තයෙක් දවසක්දා ඉස්කෝලෙදි අමුඩෙ ගැන උගන්නල තියෙනව. එයා ළමයිට කියාදුන්නලු අමුඩෙ ගහන්නෙ මෙහෙමයි කියල. උන්ට තේරෙන්නෑලු කියන විදිහ. ඒ ගමන කළු ලෑල්ලෙ ඇඳලත් පෙන්නුවලු. ඒත් නෑලු. බැරිම තැන මොකද කරන්නෙ කියල කල්පනා කරද්දි එයාට මතක් උනාලු එයා රෙද්දට යටිං අමුඩෙ අඳිනවනෙ කියල. ඒ ගමන උන්දැ රෙද්ද උස්සල පෙන්නුවලු "මේං බලාපල්ල මේක තමයි අමුඩෙ" කියල.
ඒක දැකපු ගෑල්ලමයි සමහරක් "චීක්" කියල අහක බලාගත්තලු. එතකොටලු ඉස්කෝලෙ මහත්තෙයට මතක් උන් යකඩො අද උදේ මං හදිස්සියට අමුඩෙ ඇන්දෙ නෑනෙ කියල.
පොඩි කොල්ලො ටික එකහඬින් කිව්වලු, "ලොකු සෑර්... ඔයි වගේ චූටි චූටි එව්ව අපි ගාවත් තියෙනව... කියල.
දවසක් ඉස්කෝලෙ මහත්තයෙක් පන්තියෙදි ගණිත ගැටළුවක් ඉදිරිපත් කළාලු...
"ෆිල්ම් එක හවස හයයි තිහට පටංගන්නව නං, මගෙ මල්ලි හිල්මන් කාර් එකක් එළවනව නං, ගෙදර මිදුලෙ තියෙන පොල්ගහ අඩි හැටපහක් උස නං, මගෙ වයස කීයද?"
ළමයි හොල්මං වෙලා ගියාලු ප්‍රශ්නෙට. හූම් සද්දෙයක් නැතුව විනාඩි පහක් විතර ගියාලු.
"හතළිස් හතරයි" අන්තිම පේළියෙ කොල්ලෙක් අන්තිමේ දි අත උස්සල උත්තර දුන්නලු.
"හරියට හරි." ඉස්කෝලෙ මහත්තෙය සන්තෝසෙ වැඩිකමට පුටුවෙනුත් නැගිටල කිව්වලු. "දැං මේ අනිත් අයටත් ඉගන ගන්ඩ, කියන්ඩ බලන්ඩ ඔයා උත්තරේ ගත්ත විදිහ..."
"මේකනෙ සර්... " කොල්ල කියනවලු. “අපේ අයිය කෙනෙක් ඉන්නව. පොරට වයස විසි දෙකයි. බාගෙට පිස්සු.“
ඔය වගේ එක භෞතික විද්‍යා ගුරුවරයෙක් පන්තියෙදි ඇහුව සෝක් ප්‍රශ්නයක්:
බිල්ඩිමක් තියෙනව. ඒකෙ වහලෙටම නගින්න ඉණිමගකුත් තියෙනව. වායු පීඩන මානයක ආධාරයෙන් බිල්ඩිමේ උස හොයාගන්නෙ කොහොමද?
එක ළමයෙක් අත ඉස්සුව.
“වායු පීඩන මානය බිල්ඩිමේ වහලෙ මට්ටමෙන් බිමට අතාරිනව.“ ගුරුවරයගෙ ඇස් උඩගියා. “ඒක බිමට වැටෙන්ඩ යන කාලය බලල, ඒකට S= 1/2 at^2 සූත්‍රය දාල ගන්නව උස“
“එච්චරද තියෙන්නෙ? “ ගුරුවරය කේන්තියෙන් ඇහුව.
“නෑ සර්. තව තියෙනව.“ අරූ කියාගෙන ගියා.
“වායු පීඩන මානය අතේ තියාගෙන ඉණිමග දිගේ නගිනව. ඒ නගින ගමං බිල්ඩිමේ බිත්තියට වායු පීඩන මානය තිය තියා ඒකෙං උස මැනගෙන මැනගෙන යනව. අන්තිමේ කියන්ඩ පුළුවං බිල්ඩිම වායු පිඩන මාන මෙච්චරක් උසයි කියල. ඒක වායු පීඩන මානයෙ උසින් වැඩිකළොත් මෙට්රික් අගයක් ගන්ඩ පුළුවං.
“නැත්තං, දිග නූලක් අරගෙන වායු පීඩන මානය ගැටගහනව ඒකෙ. ඒ කල්ල හිටං, බිල්ඩිමේ වහලෙ උඩ ඉඳං ඒක බිමට පාත් කරනව. වායු පීඩන මානෙ බිමට ආව හැටියෙ, නූලෙ දිග මැනල, ඒකට වායු පීඩන මානෙ උස එකතු කරනව.
“නැත්තං, හොඳට අවුව වැටෙන දවසක වායු පීඩන මානෙ බිම තියල, ඒකෙ හෙවනැල්ලෙ දිග මනිනව. ඒක එක්ක වායු පීඩන මානෙ උසට අනුපාතයක් හදාගන්නව. ඊටපස්සෙ බිල්ඩිමේ හෙවනැල්ල මැනල, අර අනුපාතෙං වැඩිකරනව.
“නැත්තං, නූලක වායු පීඩන මානෙ ගැටගහල, ඒක බිම් මට්ටමේදි පද්දනව, අවලම්බයක් වශයෙන්. ඒකෙන් බිම් මට්ටමේ ගුරුත්වජ ත්වරණය ගණනය කරගන්නව. ඊටපස්සෙ බිල්ඩිමේ වහලෙ මට්ටමේදි අර හදාගත්ත අවලම්බය පද්දනව. ඒකෙන් හොයාගන්නව එතනදි ගුරුත්වජ ත්වරණය. ඒ දෙකේ අන්තරය අනුසාරයෙන් බිල්ඩිමේ උස ගණනය කරනව. සූත්‍රය g = GM/r^2.
“ඒත් නැත්තං ලේසිම වැඩේ, ඔය වායු පීඩන මානය අරගෙන යනව බිල්ඩිමේ සිකුරිටිය ගාවට. ගිහිං එයාට කියනව, “මේ බිල්ඩිමේ උස මට හරියටම හොයල කිව්වොත් මම මේ වායු පීඩන මානෙ තමුසෙට දෙනව...“
Subscribe to:
Post Comments (Atom)
වැඩිපුර බලපු ලිපි
-
පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ...
-
මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව... තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ...
-
පිදුම අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට... එක්තරා කාලෙයක් තිබුණ , මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය ය...
-
එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් ...
-
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හි...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක , අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්... ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර ඉස්කෝලෙ මහත්තුරු සහ බටග...
-
කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වල...
-
අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්... බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උය...
-
මෙදා පොටේ මගේ පුස්තකාලෙන් එළිදක්වන්නේ, සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ "සිරි ලංකා ඉල්ලං - කා" පොතයි. ඒකෙ මගෙ හිතට තදින්ම අල්ලලා ගිය, ...
සුරගුරු විදුහල්පති පොත කියෙවුවා මතකයි, ඒකෙ කතාව මතක නෑ.. හැබැයි අණ්ඩපාල ප්‍රින්සිපල් කෙනෙක් ගැන කතාවක් කියලා නං මතකයි..
ReplyDeleteඒකනෙ කියන්නෙ. පොර එකසැරයක් කියනව, කොළඹ හතේ තියෙන ගිරිගෝරිස් පාර උන්දැ සිහිවෙන්න දාපු නමක්ලු. පෙන්ෂන් යන දවස තිබුණු පාටියෙදි එක කොල්ලෙක් පාඩං කරගෙන ආව හිටිවන කවියක් කියනව, ඒකෙ අග පදේ තිබුණෙ "සුරගුරු ඔබද සුරලොව සිට මෙලොව වැඩි" වගේ පදයක්. ඒ අනුව පොර පැන්ෂන් ගිහිං පටං ගන්නව "සුරගුරු" නමින් ටියුෂන් පන්තියක් වගේ එකක්. ඒකෙ හැම සබ්ජෙක්ට් එකම උගන්නන්නෙ පොර. සත්ත්ව විද්‍යාවට උගන්නනව, "මුහුදෙ ඉන්න ලොකුම සතා / කැලේ ඉන්න ලොකුම සතා..." ආදී දේවල්. මට පොතේ අන්තිම හරිය මතක නෑ...
Deleteමෙ මහා පාන්දර හිනා වෙලා බඩ කොරවෙනවා යකො...
ReplyDeleteඑහෙනං සිගරට් එකක් ඇදල බ්‍රා එහෙකට දුං පිඹහං.
Deleteමෙන්ඩා,
Deleteතෝ මොකද බොල මේ නයි ගස්යන පාන්දර ඉන්ටනෙට්එකේ කොරන්නෙ? නින්ද යන්නැද්ද?
ප්‍රසා,
සිගරැට් රබර්ද අදින්ඩ. බ්‍රා නං ඇද්දැහැකි ඉලාස්ටික් තියෙන හින්ද.
උබක් කියය් නිදාගන්න කියලා..අර්හෙ සුද්දියො බාත් රැම් වල හිර වෙලා බ්‍රා නතුව එලියට එන්න විදිහක් නැතුව...මම නිදි මරාගෙන උන්ට බ්‍රා මහනවා..
Deleteඋන්ට මොකටද බ්‍රා? පොඩි තුවා කෑල්ලක් ඇති. උඹ මෝරා වෙලා නිදි මරනව...
Delete++++++++++++++++++
ReplyDeleteතඩි වැට
Deleteමේව මොන කතා ද බං. මම ජපානෙ ඉන්න කාලෙනෙ මරු කතා ඇහුවෙ.
ReplyDeleteඅනේ උඹෙ පපං ජක තියල ඉඳගං.
Deleteඩ්‍රැකී,වර යන්න වෙලාවක නයාට කනට කරලා කතාවක් කියලා එන්න.
Deleteඅම්මට සිරි...! +බිරිස් යමු යමු! (තව අවුරුදු තුනකිං විතර යමු...)
Deleteකනට වැඩක් නෑ එනවනං කටට කරන්න බෝතලයක් අරං වර.
Deleteකටට කරන්ඩ කලිං විෂ දළ උගුල්ලල ඉන්ඩ වෙනව.
Deleteඅර අන්තිම කතාවෙ ඉන්න කොල්ලට බිල්ඩිමේ වහලෙ ඉන්න னයාගෙන් ඇහුවනං ලේසියෙන්ම උස හොයාගන්න තිබ්බ.
ReplyDeleteමීට
වායු පීඩனයා.
ඕකා වායු පීඩ නයෙක් නෙවෙයි එහෙනං කොබෝ නයෙක් වෙන්ඩැති. නැත්ත මගුලක් කොරනවෑ වහළෙ උඩ?
Deleteගොඩක් එව්ව එහෙම් මෙහෙන් ඇහිච්ච මටනම්.
ReplyDeleteමේ කාලෙ ඩ්‍රැකිය බඩගින්නෙලු ඉන්නෙ.
ආසාවට වර්ජින් කෙල්ලක් නෑලු ලේටිකක් බොන්ට ඉතින් මුගෙ පරිකල්පන මෙව්ව එක පහත වැටිල.
වර්ජින් කෙල්ලෙක් ඒ විදිහටම දිගටම තියාගන්ඩ බෑනෙ නේද?
Deleteඇත්තම කතාව ඒක නෙමෙයි මද්දො. බාගෙට ලියපු ඩ්‍රාෆ්ට් දෙක තුනක්ම තියෙනව. විවේකී මනසක් නෑ ලියාගන්ඩ මේ දවස්වල.
අෙල් මල්ල ඩ්‍රැකී ඕවනම්
Deleteආ......න්න ඒ කියාපුවා ටික දාහන් ඒ ඇති.
දාන්නං මද්දා. තව ටික කාලෙයක් ගියාට පස්සෙ ඉස්පාසුවක් එ්වි. පේනවනෙ මේ පෝස්ට් එක දාන්ඩ ගිය කල්...
Deleteසුප්ප සුපිරි තල් සූකිරි!
ReplyDeleteතල් සූකිරි වනාහී, යාංහෑල්ලෙ සුරංගගෙ ගෙදර හදන බළල් පැටියාගේ නම වන්නේය.
Deleteඌ අතුරුදහන් වී මාස දෙකකුත් වෙලාය. ඒ නිසා අපි ඌ මතක් කිරීමෙන් වළකිමු.
Deleteඈහ්.. අපේ අර ඩබලෙන් බළල් පෝතකයා ගියා ගියාමයි ආයෙ ආවෙ නෑ.සුකිිරිත් ගිහින්. අනේ මං ආයෙ හදන්නෙ නෑ පුස්ලා.
Deleteඅයියෝ සුරංග. උඹෙ කමෙන්ට් එකට පපුව කඩාගෙන වැටුණ...
Deleteමම කලින් කමෙන්ට් එකක් දැම්මා...
ReplyDeleteඒක දැතිහුළහයා හරි මන්දගාමී අන්තර්ජලයා හරි ගිලලද කොහෙද...
වායු පීඩන කතා ටික එළ...
මං ස්පෑම් වලත් බැලුව. ලොක්කගෙ කමෙන්ට් එක තිබ්බෙ නෑ.
Deleteගොඩක් ස්තූතියි... මොනව හරි කතා මතක් වෙනවනං කමෙන්ට් විදහට දාන්ඩ
කොහේදෝ කියෙව්වා බං කකුල් දෙකටම කලිසම අඳින්න ඕනි කියලා ඉංග්‍රීසි පුළුවන් කියල මිනිස්සුන්ට පේන්න.සිංහල මංගල සුස්තරද, චන්ද්‍ර අනගිරත්නද කියල සුවර් නෑ.චිහ් තාම ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වාව අල්ලගන්න බැරි වුනා බං.බොට පින් සිද්ද වෙන්න සිසිර කුමාරව නං අල්ලගත්තා.
ReplyDeleteසිංහල මංගල සූත්තර නං නෙවෙයි. (ඒක බොරළැස්ගමුවෙ ජී එච් පෙරේරගෙ නෙව) චන්ද්‍ර අනගිරත්නගෙ කාලෙ වෙනකොට රෙදි බැනියං යුගය පොඩ්ඩක් විතර පාස් කරල. ඒ කාලෙ බම්බු කළිසම ඇඳල ටෙරලින් කමිසෙ ඇඳල ඉංග්‍රීසි පොතක් අතේ තියාගෙන තමයි ඉළංදාරි බහින්නෙ. ඉංග්‍රීසියෙං කතාකළොත් යන්තම් මොනව හරි කියල ෂේප් වෙනව. අර උඩිං කියපු රෙදි බැනියං යුගේදි මිනිස්සු ඔයිට වඩා බයයි කළිසං අඳින්ඩ.
Deleteදන්නවද ටී ජී ඩබ්ලිව් ද සිල්වගෙ පුත්තු දෙන්නෙක් ඉන්නව ප්‍රසිද්ධ. එක්කෙනෙක් ටී ජී රන්ජන් ද සිල්වා - අර ෆිල්ම් එහෙම සංරක්ෂනය කරන කෙනා. අනික් කෙනා තමයි අර ජ්‍යෝතිශාස්ත්‍රයෙ ඇත්ත නැත්ත ගැන ටෙලි නාට්‍ය කරපු ටී ජී සුසිරන් ද සිල්වා. (මුතුමිණ හිටපු ඉසුරු යෝගය කළේ එයා.)
"Everything is bigger in Texas" ජෝක්ස් වගේ
ReplyDeleteඈඃ??? මං හිතුවෙ හැම එකකම ලොකු එක තියෙන්නෛ ගම්පහ කියල
Deleteහායි ඩැකී . Fb යන්න බෑ ... ඉතින් උඹ මතක්උනා..
ReplyDelete✌ ජයවේවා !!!
VPN ටියුබ් ලයිට් වෙච්ච තවත් එකෙක්.
Deleteරියර් මාෂල්,
Deleteඑෆ්බී යන්ඩ බැයිනං යන්ඩ මෙයිට වඩා හොඳ බ්ලොගක් තියෙනව “විදානෙ ගෙ මළදානෙ“ කියල.
ප්‍රසා,
ඔය UNP දාගෙන කෝමද එෆ්බී යන්නෙ? අනුමැතිය ගන්ඩ ඕනෙ හරීන් ප්‍රනාන්දුගෙං ද?
පළවෙනි කතාව නම් විහිළු කතාවකට එහා ගියපු එකක්. ඩ්‍රැකීගේ අඩවියට කාලෙකින් ආවෙ.
ReplyDeleteඔයාට කියන්ඩ මාත් ආවෙ මාස දෙකකිං
Deleteඅපේ මාමත් ඉස්කෝල ගුරෙක්. මිනිහත් ඔය වගේ තමයි. බයිසිකලේ 2 ගියර් එකේ අදින්නැති කඳුවලදි 3 ට දාලා පයින් ඇන ඇන යනව. කක්කිචන් එකට යද්දි සෙරෙප්පු දෙක දොරකොඩ ගලෝල තියල යන්නෙ. ඒ කක්කිචන් එක ඇතුලෙ වැලියි මඩයි රැඳිල ජරා වෙන හන්දලු.
ReplyDeleteප.ලි:- අපේ අම්මා ඒ පවුලට අරන් හදාගත්තු ළමයෙක් නිසා මට ඒ ජාන ලක්ෂණ උරුම වන්නේ නැත.
අර බයික් කතාව උඹෙ මොටෝ සයිකල් පෝස්ටුවෙං කියෝගත්ත.
Deleteකක්කිචන් එකට යද්දි සෙරෙප්පු ගලවන්නෙ ගෞරවේට. නැත්තං බොකබාර දෙයිය්නනාන්සෙ උදහස් වෙනව.
/ප.ලි:- අපේ අම්මා ඒ පවුලට අරන් හදාගත්තු ළමයෙක් නිසා මට ඒ ජාන ලක්ෂණ උරුම වන්නේ නැත./
මොන බොරුද? හදාගත්ත ළමයින්ට අම්මලගෙ දේපොළ උරුම වෙන්නැද්ද? ඒ වගේම තමයි ගතිගුණත්...
මරු කතා ටික.
ReplyDeleteජයවේවා!!!
එසේම වේවා!!!
Deleteඅඹුඩේ කතාව නං කලින් අහල තිබ්බ එකක්. වායු පීඩනේ කතා මරු.
ReplyDeleteහැලප අයියා අහල නැත්තං මේ කතා...!
Deleteඅහලා තියෙනවා මමත් ඕවා. මේ දවස්වල බළල් ශෝක කාලයක් නිසාවෙන් කිසිවක් හිතට එන්නේ නැත ඉතා අවාසනාවන්ත ආාකාරයට පොඩි පැටියෙක් මැරුණා.
ReplyDeleteඔය කමෙන්ට් එක දැක්ක ගමන කෝල් එකක් දෙන්ඩ නම්බරේ හෙව්ව. හම්බුන් නෑ. අනේ හරිම දුකයි ඒක අහන්ඩ...
DeleteI have heard last one as Neils Bohr's story when he was a university student. Don't know whether it is a joke or true story.
ReplyDeletehttp://felix.physics.sunysb.edu/~allen/Jokes/bohr.html
Yeah... thanx for acknowledgement Madam feline. I didn't know the history. I've read your link and got fascinated.
Deleteඑල එල
ReplyDeleteඔය බැරෝමීටර් කතාවෙ ඉන්න කොල්ලා නීල්ස් බෝර් කියන වහුතු මීහරකා කියල මං අහල තියනව ...
ඔව්. ඔය උඩිං කමෙන්ට් කරල තියෙන බළල් හාමිනෙත් ඔය කතාව කිව්ව නෙව. නීල්ස් බෝර් තමයි. මං එයා ගැන වැඩිය දන්නෑ. ඇයි මීහරකෙක් කිව්වෙ? හරක් වැඩ කරල ප්‍රසිද්ධයිද?
Deleteඇයි යකෝ ඕකගෙ පරමාණුක වාදෙ හින්ද ඉස්කෝලෙ යන කාලෙ අපි කොච්චර දුක් වින්දද..??
Deleteහෑ...? අපි දුක් වින්දෙ නෑනෙ. (මං කොමස් කළේ)
Deleteපරමාණුක වාදෙ හොයා ගත්තෙ පොරද????? එත්කොට ඕක හැන්ගුවෙ කවුද? අනික ඕක වාද කරන්න දෙයක්යැයි..
Deleteසද්ද නැතුව හිනා වෙලා හිනා වෙලා මදි කමට අන්තිමේ ජබස් ගාල හයියෙන් තඩි හිනාවක් දාල තමයි ගොඩ ආවේ.. අමාරුවෙන් කන්ට්‍රෝල් කරගෙන හිටපු ටික ආයේ පැන්න පෙසන්නයාගේ ජපන් කොමෙන්ට් එකට්.. එවලේ තමයි දැක්කේ වෙලාව.. හුකා වටේ පිටේ කාමර වල එවුන් හිතනවද දන්නේ නෑ මන් හීනෙන් බය වෙලා කියල.. හැක්..
ReplyDeleteවටේ පිටේ කාමරවල ඉන්න උං බොලාව මුල්ලේරියා එක්ක යන්න ප්ලෑන් කරනවලු.
Deleteකළණ,
Deleteබොගෙ සිනහව තහනම්
ගෙදරින් බොට ටිං ටිං
ගෙනියයි අංගොඩ ගෙදර එවුං දැං
මං ඔය ඇහුවමයි අප්පා, හීනෙං බයඋනහම හිනා යනව කියල...
ප්‍රසා,
දැං යවන්නෙ මුල්ලේරියා නෙවෙයි. ගොඩකවෙල...
Need your permission to post this in Sri Lanka viththi 2018 April edition
ReplyDeletewww.lankaviththi.us
permission granted my good firend... Thanx for your FOC publicity.
Deleteනියම කතා ටික.
ReplyDeleteගොඩක් ස්තූතියි, අත් නොහැර දිගටම මෙහෙ එනවට
Deleteනියමයි drackey ... හිනාව නවත්තගන්න උණා
ReplyDeleteනියමයි ... හිනාව නවත්තගන්න බැරි උණා
Deleteආ... කළණ. ගොඩක් ස්තූතියි
Deleteමම අහල තියන හැටියට ගුරුතුමා උස්සල පෙන්නපු එක ළමයි අැඳල තිබුණ. හැබැයි ගුරා expect කරපු එක නෙවෙයි.
ReplyDeleteහෑ! ඒ වර්ෂන් එක තවත් හොඳයි. අර අැහැක් හැටියට කණක් අඳින්ඩ කිව්ව වගේ තමා
Deleteඅර අවලම්බයෙ කතාව කිව්වෙ නීල්ස් බෝර්.
ReplyDeleteගුරු වෘතියේ රස කතා කියල පොතක් අපේ ලයිබ්‍රරි එකේ තිබ්බා. ඒකෙත් ඔය වගේ කතා හෙන ගොඩක් තිබ්බා.
ඇයි අර ක්‍රිස්තියානි පාඩම වෙලාවෙ ටීචර් කෙනෙක් ආදම්ගෙ දෙබසක් අහපු කතාව අහල නැද්ද?
නීල්ස් බෝර් තමයි නේද? උඩ දෙන්නෙක්ම කියල තියෙන්නෙ.
Deleteඅර පොත මාත් දැක්ක. කියවන්ඩ වෙලාවක් හම්බුනේ නෑ
ආදම් ගෙ කතාව මාත් දන්නව. “www.slanghome.wordpress.com“ බ්ලොග් එකේ ඒ කතාවයි තවත් කතා ගණනාවක් තිබුණ.
දන්නවා nam කියලා yanna
ReplyDeleteඋපුටා ගැනීමකි. බ්ලොග් අඩවිය - www.slanghome.wordpress.com
Delete//ඇම්ඩන් කතා – කිවුවේ මොකද්ද?
පළ කලේ: 2009 ඔක්තෝබර් 12 | කර්තෘ: බ්ලොග් පල්ලා | Filed under: Uncategorized |ප්‍රතිචාර 6
ඇම්ඩන් ගේ පාසල බහු ආගමික එකකි. එහි ක්‍රිස්තු ධර්මය සඳහාද කාල පරිච්ඡේදයක් ඇත. ඇම්ඩන් බොහොම වුවමනාවෙන් ක්‍රිස්තු ධර්මය ඉගෙන ගත්තත්, ඇම්ඩන් ගේ අසල්වැසි සුමනා නම් කලේ මේ පාඩම අතරතුර හොඳ හැටි නිදා ගැන්මය. එදිනද පියතුමා පැමිණ පාඩම පටන් ගත්තේය. සුමනා නිදා ගන්නට විය.
“අපේ ලොකේ මැවුවේ කවුද ලමයිනේ?” පියතුමා ඇසීය. එවිටම ඇම්ඩන් සුමනාට අල්පෙනෙත්තකින් ඇන්නේය.
“දෙයියනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.
“බොහොම හොඳයි” පියතුම පැවසීය. ඉන්පසු නැවත සුමනා නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.
“අපේ ගැලවුම් කරුවා කවුද ලමයිනේ?” පියතුමා නැවත ඇසීය. ඇම්ඩන් නැවත සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නේය. “ජේසු සුවාමි දරුවනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.
“බොහොම හොඳයි” පියතුමා පැවසීය. ඉන්පසු නැවත සුමන නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.
“ඒවා ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ලමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයිනේ” පියතුමා ඇසීය. ඇම්ඩන් සුමනාට නැවතත් අල්පෙනෙත්තෙන් ඇන්නේය. මෙවර තදින් කිපුණු සුමනා එකවරම නැගිට
“බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්, මම ඕක දෙකට කඩලා බිම දාල පාගල උඹේ පුකේ ගහනවා”
පියතුමා සිහි සුන්ව වැටුනේය//
මමත් ඇදගෙන වැටුනා...
Deleteසීනි බෝතල් පාර එච්චර සැරට වැදුනද? මං කිව්ව බොට දවල් රෑ නැතුව පැක්ටරියෙ වැඩට යන්ඩ එපා කියල. කෝ ඇහුවයැ? බොට හොද වැඩේ!
Deleteඅපේ පන්තිවලත් කොල්ලො අරක්කු ගෙනල්ල අහුවෙල ,, අල්ලපු බඩු ටික සර් අරන්තියල තිබ්බ හවසට බොන්න.. අපේ එවුන් බෝතල් දෙක කහට කරල ඉස්කෝලෙ ඇරෙන වෙලාවෙ හොරෙන් ගිහින් ,,, සර් + නියෝජ්‍ය පිනා + ගේට්ටුවෙ මුරකාර අංකල් කහට බීල බයිට් කකා😂😂😂
ReplyDeleteකහට බීල උන් සෙට් එක වැටුණද? උඹලත් මරු යකෝ. ඔවුන්ට ඔහොම්මමයි කරන්ඩ ඕනෙ.
Deleteබොතලෙ තිබුන අර්ක්කු හලලාද උබලා කහට පිරෙව්වෙ???????
Deleteඔන්න දැවෙන ප්‍රශ්න
Deleteහපොයි.. ... මරු කතා ටිකක්... ������
ReplyDeleteගොඩක් ස්තූතියි ඇනෝ
Deleteඅන්තිම එක මරේ මරුය...
ReplyDeleteහැක්...! මතකද කුරුන්ද කියල බ්ලොග් එකක් තිබුණ?
Deleteඇයි, ඔය තාම තියෙන්නෙ...?!
Deleteඔව් ඔව්... අවාරෙට පොල් වැටෙන්නැහෙ ලියනවත් නෙ...
Deleteතියනවා තියනවා..ක්ලියොපැට්‍රාගෙ බ්‍රා එක වගෙ...
Deleteක්ලියෝපැට්රා කවද්ද බං බ්‍රා ඇන්දෙ? බ්‍රා තියා හරිහමං ඇඳුමක්වත් ඇඳං හිටපු එකක්ය ඔය යෝදි?
Deleteමටත් ලැජ්ජ නෑනෙ අම්මප... අදත් මේ මගුල බැලුවෙ කෝච්චියෙ එන ගමන්... හැක්.. එච්චරම අවුලක් නෑ... වටේ පිටේ එවුන් හිතන්න ඇති පොඩ්ඩක් නට් ලූස් ඩයල් එකක් කියලා ෆෝන් එක දිහා බලාන තනියෙන් හිනා වෙන
ReplyDeleteලැජ්ජ කියන්නෙ මොකද්ද ඩිලා?
Deleteමාත් ෆෝන් එකෙන් කියවනව. වෙන එකක් තියා මායි ඩ්‍රැකියානියි එකට කෝච්චියෙ එන්නෙ යන්නෙ. අපි දෙන්නටම ඔහොම වෙනව ඉතිං...
උබ ලැජ්ජෙ බිකර් ගාලාද??????????
Deleteලැජ්ජ බින්තෑරුමේ එල්ලයි කියන්නෙ...
Deleteඅපරාදේ කියන්න බෑ ඒ ඉස්කෝලේ මහත්තුරුන්ට උගන්නන්න හම්බවෙලා තියෙන්නේ කොල්ලන්ට නෙවේ කොලු තාත්තලාට
ReplyDeleteවිචාරක දියණිය
ඉතිං ඇත්තනෙ. ඔය ඉස්කෝලෙ මහත්තුරු ඉගැන්නුවෙ අපෙ තාත්තලටනෙ.
Deleteමෙ හින්ට් ගහන්න එපා නන්ගි...
Deleteපොඩි නිදහසකින් මෙහෙට්ට ආවේ.. මරු ආ...
ReplyDeleteහැක් හැක්... කොටහුල ඉවරෙයි?
Deleteඅපිට නවය වසරේ විද්‍යාව ඉගැන්නුවේ ටී.ඩී. ප්‍රනාන්දු කියලා සර් කෙනෙක්.
ReplyDeleteදවසක් පන්තියෙදී ලමයෙක්ගෙන් ඇහුවා කියනවා බලන්න පොලවේ සිට ඉරට ඇති දුර කොච්චරද කියලා.
ලමයා කිව්වා කිලෝ මීටර මිලියන 150යි කියලා.
සර් සැරෙන් කිව්වා වාඩි වෙනවා කියලා.
ඊට පස්සේ පන්තියේ දීප්තිමත් ශිෂ්‍යයෙක් නැගිට්ටෙව්වා.
ඔය ලමයා හොඳ පුතා වගේ කියන්න පොලවේ සිට ඉරට ඇති දුර කීයද?
එවා කිව්වා කිලෝ මීටර මිලියන 150යි කියලා.
සර් පන්තිය දිහා බොහොම පිලිකුල් සහගතව බලාගෙන හිටියා.
ඊට පස්සෙ කිව්වා පතේ පොලවේ සිට හිරුට ඇති දුර කිලෝමීටර 14 කෝඕඕටි 90 ලක්ෂයයි.
සැකපුම් හත් කෝඕඕටි .... ලක්ෂයයි.
මොනවද පුතේ මිලියයන කියන්නෙ.
ඒකාලේ නවය වසරේ විද්‍යාවට සත්ව වංශ කිපයක් ගැන හැඳින්වීමක් තිබුනා.
ඒ ඇනලීඩා, ආත්‍රපෝඩා, මොලුස්කා, මමාලියා සතුන්ගැන.
සර්ට ඒක මදි සර් අපිට 1970 ගනන් වල ජීව විද්‍යා පාඩම් පොතේ කොටසක් ඉගැන්නුවා.
අපිට ඉගැන්නුවා
ප්ලැටි-හෙල්-මින්-තෙස්, එකිනෝඩර්ර්-මැටා කියලා වංශ දෙකක්.
වෙන පන්තියක ලමයින්ට උගන්වලා තියෙනවා ඇරැක්නිඩා ගැන.
සර් සැරයි ඉතින් ලමයි සද්ද නැතිව පාඩම අහගෙන හිටියා.
සර් තමයි 9,10,11 වසරවල විනය පාලක වරයා හැටියට කටයුතු කලේ.
දවසක් අපේ පත්තියේ ලමයි කට්ටියන් වැල ඉංග්‍රීසි සගරාවක් ගෙනත් මැඩම්ට අහුවුනා.
එදා හැමෝම හිතුවේ සර් වැරදි කාරයන්ට ගහයි කියලා.
එාහම වුනේ නෑ සර් ඈතට වෙලා බිම බලාගෙන හිනා වෙවී හිටියා
ඇත්තට ජගත් මට මතකයි ඔය කාලෙ, ඒ කියන්නෙ මෙට්‍රික් ක්‍රමයට හැරුණ අවදිය. අපි බොහොම පොඩියි.
Deleteඅනික, විෂයට ගොඩක් ආදරෙන් උගන්නපු ගුරුවරු අපිට නියමිත ප්‍රමාණයටත් වඩා ඉගැන්නුව. මට මතකයි අපි හතරෙ පන්තියෙ ඉද්දි අපිට විද්‍යාව උගන්නපු සර්. පාගන බයිසිකලේ ආවෙ. එයා අපට බැටරිකෑලි කපල පෙන්නුව. ලැබ් එකට එක්ක ගිහිං, එක එක දේවල් ද්‍රාවන කරල, වාෂ්පීකරණය කරල පෙන්නුව... මාර ගුරුවරු.
ගොඩක් ස්තූතියි පරණ මතක අලුත් කළාට.
හිනා වෙලා මැරෙනවා දින්ගෙන් අයියේ.ඉස්කෝලේ කාලේ මතක් උනා.ගුරුවරියක් වෙන්න බලාපොරොත්තු වෙන මටත් හොඳ උපදෙස් අනාගතයට,
ReplyDeleteකවුද අප්පා දින්ගෙන් අයියා? හෑ...?
Deleteකෝම වෙතත් ප්‍රයිමරියකට වැටුණොත් මෙව්වත් ප්‍රයෝජනවත් වෙයි. කියවන්ඩ...
http://drackey.blogspot.com/2015/09/blog-post.html
http://drackey.blogspot.com/2015/10/2.html
http://drackey.blogspot.com/2015/10/3.html
සමාවෙන්න අප්පා ද්‍රකි අයියේ.ඔයාගේ නම ටයිප් කරන්න ගිහින් කිර්තකොර් දිවයින පොතේ දීන්ගේ නම ටයිප් උනේ.ස්තුතියි.දැන් මේ බලන්න හදන්නේ
Deleteමොකද්ද අප්පා කීර්තකෝර් දිවයින කියන්නෙ? හෑ...! කියල තමයි දැං ඉතිං අහන්ඩ තියෙන්නෙ.
Deleteමෙයාගෙ කෙමෙන්ට් උබගෙ විහිලු කතා වලට වඩා හොදයි...හිනා කාලා මැරෙනවා...........
Deleteහිනා කාල හරි කමක්නෑ මැරෙනවනං...
Deleteපහුගිය දවස් වල ඉවරයක් නැතුව එක දිගටම ආව කරදර නිසා කාලෙකින් මේ පැත්තේ එන්න බැරි වුණා.
ReplyDeleteමට අපේ ඉස්කෝලේ හිටිය ආරියසිංහ සර් මතක් වුණා. 10 වසරේදී අපිට පර භාෂාව ඉගැන්නුවා. හැබැයි සර් ගේ නම ඇහුවත් කොල්ලන්ට චු යනවා. ඒ තරම් වසවර්තියෙක්.
එත් පස්සෙයි දැනගත්තේ, මගේ දුරින් මාමා කෙනෙක් වෙනවා කියලත්.
දුරිං මාම - ළඟිං මාම කරගත්තනං තමයි වාසනාව! හැක්
Deleteලියපිය............
ReplyDeleteඋඹ කවුද ඩෝ මට කියන්ඩ?
Deleteකෙමෙන්ට් වලට උත්තර දෙන එකෙදි උබට ගහන්න එකෙක් තවම ඉපදිලා නැහැ....ඒ අතින් උබගෙ පොස්ට් වලට කෙමෙන්ට් කරන එවුන් වාසනාවන්තයි...
ReplyDeleteමොන? වල් මදාවිය, රවි එහෙම මට වඩා ගොඩක් හොඳට කමෙන්ට් රිප්ලයි කරනව. කොහොම හරි කමක්නෑ ගොඩක් ඉස්තූතියි...
Deleteමුගෙ පෝස්ට් වලට කොමෙන්ට් කරන්න අපි... අනේ පල ඩෝ යන්න.
Deleteனයා ආවා. னයි විස දාපු කේක් ගෙනාවා.
ReplyDeleteනයි හතු මැල්ලුම ඊට හොඳා
Deleteඅන්තිමට කියල තිබුණ (වායුපීඩනමාන) කතාව ඔක්කෝට ම වඩා සෝක්...
ReplyDeleteආාාා... ස්තූතියි
DeleteB14E6953FC
ReplyDeletetakipçi satın al
F2D923887A
ReplyDeleteaktif takipçi
Titan War Hediye Kodu
Azar Elmas Kodu
Roblox Şarkı Kodları
MMORPG Oyunlar
Raid Promosyon Kodu
Eti Mutlu Kutu Kodları
Avast Etkinleştirme Kodu
Pubg Hassasiyet Kodu