අරූ ගෙං පාර අහන්න නතර කරපු තැනමයි.
“දොම්පෙට යන පාර කියල ජන කතාවක් තියෙන්නෙ නිකං නෙමෙයි...“ කියල අශෝක කිව්ව.
නොදන්නා කවුරු හරි ඉන්නවනං, මෙන්න ඒ කතාව.
දවසක් එක මනුස්සයෙක් දොම්පෙට යන්න පිටත් උනා. ඒ දවස්වල ගමන බොහෝ විට පයිං. ගොඩක් දුර නං තවලමක් එක්ක යන්න පුළුවං, ඒත් පයිම්ම තමා.
ඔහෙම යද්දි මේ මනුස්සයට පාර වැරදුනා කියල හිතුන. ඉතිං එයා ඉස්සෙල්ලම හම්බෙන මනුස්සයගෙං පාර අහනව කියල හිතාගෙන ඉස්සරහට ගියා.
ඔහොම යනකොට එයාට හම්බුනා හේනක්. ඒකෙ සරුවට වැවිල තිබ්බ බතල ගාළක් ළඟ උන්න ගොයියෙක්. අර මනුස්සයත් ගොයිය ගාවට ගිහිං,
“ආයිබෝං! දොම්පෙට යන පාර පොඩ්ඩක් මට කියනවද?...“ කියල ඇහුව.
“ආ... බතල ද? හොඳට බැහැල තමා තියෙන්නෙ. හාරල දෙඤ්ඤං. කොච්චරක් විතර ගන්ඩද?“ ගොයිය ඇහුව.
“බතලෙයක් නෙමෙයි ආයිබෝං. දොම්පෙ දොම්පෙ...“
“හරි හරි ඉතිං. හාරල දෙඤ්ඤං. එච්චර වෙලාවක් යන්නෑ. හාරපුව නෑ. නරක් වෙයි කියල හෑරුවෙ නැත්තෙ...“
මේ යකා නං බීරෙක් කියල හිතාගත්ත මගිය, වට පිට බලද්දි දැක්ක ගොයියගෙ මහගෙයි, එයාගෙ දුවයි එනව ගොයියට තේ අරං.
එක්කො මං මහගෙ ගෙං අහගන්නව කියල හිතාගෙන පොර ඉස්සරහට ගිහිං ගම මහගෙ ගෙං ඇහුව දොම්පෙට යන පාර.
“මං හොඳ ගල්ලැහැ පැදුරක් නං වියල ඉවර කළා විතරයි.“ මහගෙ ගත් කටටම උත්තර දුන්න. “...සායං දාන්න විතරයි තියෙන්නෙ...“
දෝනියන්දැ අත කටිං වහගෙන හිනාවෙලා අහක බලා ගත්ත.
මේ උන්නංදැත් බීරියි කියල හිතපු මගිය, දුවට කිට්ටු වෙලා අහනව,
“...මේ නංගි ඔයාවත් කියනවද දොම්පෙට යන පාර?“
“අනේ මංද අයිය, මං දන්නෑ තාත්ත මොනව කියයිද කියල. අපේ නං අමනාපයක් නෑ...“ නගා ඇදල පැදල එහෙම කියල හේනෙ පැළට දුවල ගියා.
-----------------------------
මේ වගේම හතරබීරි කතාවක් බුරුම ජනකතා අතරෙ තියෙනව. ඒක නං ඔරිමජිනල් හතර බීරි කතාවක්. එහෙම කිව්වෙ හතර දෙනෙක්ම ඉන්න නිසා...
බුරුමෙ පන්සලක ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරු කෙනෙක්ට කිව්ව,
“ගමට ගිහිං දුංකොළ කෑල්ලක ඉල්ලං එන්ඩ උන්නාන්සෙ...“ කියල.
පොඩි හාමුදුරුවංගෙ කණ පොඩ්ඩක් ඇහෙන්නෑ. එයාට ඇහුනෙ, ගමට ගිහිං වෑඤ්ජනයක් ඉල්ලං එන්ඩ කියල කිව්ව වගෙයි.
ඉතිං උන්නාන්සෙ ගමට ගියා. ගිහිං පාර අයිනෙම තිබුණ, අත්යන්ත්‍ර රෙදි වියන වැඩපොළක් එක්ක ගෙයක්. එතන ගෑල්ළමේකුත් උන්න. පොඩිනම අර ගෑල්ළමෙයට කිට්ටු වෙලා කිව්ව,
“පිංවතිය, පන්සලේ දවල් දානෙට මාළුවක් පූජා කරන්ඩෙයි කියල ලොකු හාමුදුරුවො කියනව...“ කියල.
ගෑල්ළමෙයගෙත් කණ හොඳටම ඇහෙන්නෑ. එයා හිතුවෙ එයාගෙ රෙදි වැඩපොළ සල්ලිවලට ගන්ඩ අහනව කියල.
“රෙදි වැඩපොළ රන්කාසි සීයයි...“ එයා රෙදිවැඩපොළට අත දික්කරල කිව්ව.
“හරි හරි ඕකට කෑගහන්ඩ ඕනෙය? “ පොඩි හාමුදුරුවො කිව්ව. “පිංවතියට වැඩ නං මංම ගිහිං ගන්නං“
පොඩිනම ගෙදර කුස්සියට ගිහිං උයල තිබ්බ වෑඤ්ජනයක් හට්ටිය පිටිම්ම අරං ගියා.
කෙල්ලට හරි ප්‍රශ්නෙ මේක. එයා ගිහිං අම්මට කිව්ව,
“අම්මෙ හරි වැඩේ නෙ. අද පන්සලේ පොඩි හාමුදුරුවො ඇවිත් මගෙ රෙදි වැඩපොළ සල්ලිවලට ගන්ඩ අැහුව. මං ඒකෙ ගාණ කිව්ව විතරයි උන්නාන්සෙ කුස්සියට වැඩල හට්ටියක් උස්සගෙන වැඩ්ඩ...“
අම්මට කේන්ති ගියා.
“උඹට තව වයස තියෙනව මගුල් ගැන හිතන්ඩ. ඒක කල වයස ආවම තාත්තයි මායි තීරණය කරන්නං. උඹ උඹේ වැඩක් කරගෙන ඉඳපං...“ අම්මත් බීරියි.
කෙල්ලට බැණල බැණල අම්ම ගියා තාත්ත ගාවට, වාර්තාකරණය උදෙසා. කෙල්ලගෙ තාත්තා රස්සාවට කරන්නෙ බටපොතු වියන එක. ගිහිං අම්ම කියනව තාත්තට,
“බලන්ඩකො ඒයි. අපේ දුවට දැම්මම මගුල් විසේ ඉහට ගහලනෙ. දැං කාලෙ හැදෙන එව්වො නං...“
තාත්ත හිනා වුනා.
“ඉතිං තමුසෙටම නෙ වැරදිල තියෙන්නෙ...“ තාත්ත කිව්ව. “...වට්ටියක්නං රවුං, බටපොතු පෙට්ටියක් නං හතරැස්...“
තාත්තත් බීරියි.
------------------------------------
බීරි කතාවක් නොවුනත්, හස්ත මුදා සංවාදයක් ගැන සෙන් කතාවක් තියෙනව, ඒකත් මතක් වෙච්ච වෙලේ ලියා දාන්න හිතුනෙමි.
එක්තරා පන්සලක ලොකු හාමුදුරු කෙනෙකුත් පොඩි හාමුදුරු කෙනෙකුත් හිටියා. ඒ පොඩි හාමුදුරුවන්ගෙ එක ඇහැක් අන්ධයි.
ඒ පන්සලේ නියමයක් තියෙනව, ඒ පන්සලේ කවුරු හරි ආගන්තුක හාමුදුරු කෙනෙක් නවාතැන් ගන්ඩ එනවනං, එයා ඒ පන්සලේ හාමුදුරු කෙනෙක් එක්ක වාද කරල දිනන්න ඕනෙයි කියල.
ඔන්න දවසක් එහෙම ආගන්තුක හාමුදුරු කෙනෙක් ඇවිදිං නවාතැන් ඉල්ලුව. එයාට අර ඉහත නීතිය පැහැදිලි කරල දුන්න ලොකු හාමුදුරුවො, වාද කිරීම පොඩි හාමුදුරුවන්ට භාර දුන්න.
ලේසියෙන් දිනන්න හිතාගෙන පොඩිහාමුදුරුවො ආගන්තුක නමට කිව්ව, මේ වාදය කෙරෙන්නෙ හස්ත මුද්‍රාවෙන්ය කියල.
එහෙම එකඟ වෙලා දෙන්නම වාද කරන සාලාවට ගියා.
ටිකකින් අර ආගන්තුක හාමුදුරුවො තමංගෙ ගමන් මල්ලත් අරං ලොකු නම මුණගැහෙන්ඩ ඇවිත්, වැඳල යන්ඩ පිටත් වුනා.
“මං පරාදයි.“ එයා කිව්ව. “ඔබතුමන්ගෙ ගෝල නම හරිම දක්ෂයෙක්.“
“කොහොමද වාදය සිද්ධ වුනේ?“ ලොකු හාමුදුරුවො ඇහුව.
“මෙහෙමයි.
“ඔන්න මම එක ඇඟිල්ලක් එයාට දික්කළා. ඒකෙන් මම අදහස් කළේ අපි හැමෝගෙම ශාස්තෘවරයාණන් වන බුදුන් වහන්සෙ.
“එතකොට පොඩි නම ඇඟලි දෙකක් දික් කළා. එකෙන් එයා අදහස් කළා බුදුන් සහ සද්ධර්මය.
“එතකොට මම ඇඟිලි තුනක් දික් කළා. එකෙන් මම අදහස් කළා බුදුන්, දහම් සහ සංඝයා වහන්සේ.
“එතකොට පොඩි නම, ඒ තුනම එකට සම්බන්ධ, වෙන්කළ නොහැකි කාරණා බව කියාපන්න, අත මිටමොළවලා දික්කළා...“
කියල ආගන්තුක හාමුදුරුවො යන්න ගියා.
එතකොටම එතනට හයි හයියෙං වැඩමකළා පොඩි නම.
“හඃ... කෝ අරූ...?“ උන්නාන්සෙ කේන්තියෙන් ඇහුවා.
“පොඩ්ඩක් ඉන්ඩ පොඩ්ඩක් ඉන්ඩ...“ ලොකු හාමුදුරුවො ගෝලයව සන්සුන් කළා. “...මොකද උනේ?“
“මොකද උනේ තමයි...!“ පොඩි නම වාඩිවෙලා කියන්ඩ ගත්ත.
“ඔන්න අර හාදය වාදය පටංගන්ඩ, මට තියෙන්නෙ එක ඇහැයි කියන්ඩ එක ඇඟිල්ලක් දික් කළා.
“මට යකා නැග්ග. ඒත් මං ඉවසුව. ඉවසගෙන මං, කමක්නෑ ඔහේට ඇස් දෙකක් තියෙනවනෙ කියන්ඩ මං ඇඟිලි දෙකක් දික් කළා.
“ඒ ගමන මූ, අපි දෙන්නටම තියෙන්නෙ ඇස් තුනයි කියන්ඩ ඇඟිලි තුනක් දික්කළා කියනවකො...!
“මට මළ පැනල, උගෙ හොම්බට අනින්ඩ අත මිටමොළෝල ගත්ත විතරයි, ඌ පැනල දිව්ව...“
ප/ලි
තවමත් මගේ ඉන්ටර්නෙට්ටුව හරියාකාරව වැඩ නොකරන හෙයින් (අමාත්‍යාංශයේ අයිසීටී ඔපිසර තැනද මාගේ පරිගණකය පරීක්ෂා කර බැලුවාය. ඇයටත් මගේ නිල ජල පහසුකම හදා දෙන්නට බැරි විය.) මගේ බොක්කේ ෆිට් උදවියගේ බ්ලොග් කියවීම අම්බානක මිස් උනේය. ඒ ගැන මට මං ගැනම දුකය.
Maru katha tika ...
ReplyDeleteTanQ...
Deleteනැහැ මචෝ ලලි ....අද මම වැඩ නැහැ ගෙදර ඉන්නේ
Deleteඋඹේ අලුත් බ්‍රා එක නියමයි මෙන්ඩො
Deleteමෙන්ඩො,
Deleteබ්‍රයන් මෑන් ෆිල්ම් එක පට්ට ඈ...
ප්‍රසෝ,
ඊට නරකද කොස්සැට ටිකක් බැදල ගත්තනං?
ඇඟිලි තුනක් දික්කළා කියනවකො...!///// අද කාලේ ඇඟිල්ල පෙන්නුවොත් මළ
ReplyDeleteඋඩට උස්සපු ඇගිල්ල ප්‍රාණවත් ශිෂ්ණය ද, දෙපසින් මිටමෙලවූ ඈගිලි වෘෂණ ද නිරූපණය කරයි...
Deleteෂහ්...............මරු
ReplyDeleteකා..........ලෙකිං දැක්කෙ...
Deleteඅනේ... ලස්සන සිංදුවක් ලියල
ReplyDeleteමල්ලෙ පොල් කීයක් තියනවද අයියෙ?
ලොකු එකත් හිරේ ගියා. මං ඌ බලන්ඩ ගියා.
Deleteඅහන්නත් දෙයක්ද ගල් තමයි බ්‍රෑන්ඩ් ඒක
Deleteදවල්ට කන්න රොටියක් බැදගත්ත
Deleteමෙන්ඩො,
Deleteතලා ගත් ලුනුමිරිස කරවිය, මොකද මංදා ලිපට වූයේ...
ප්‍රසෝ,
මං බුලත් විටක් ගත්ත. ඒකෙ හුණු නෑ. පොඩි කොල කෑල්ලක් තිබුන දෙකට නමල, ඒක දිගෑරල බලපුවම, ඒකෙ ලියල තිබුන, හුණු හොයාගෙන කාපං කියල...
හරිම කලාත්මක අදහසක් එන කවියක්. ඒකෙ අර්ථය හරිම ගැඹුරුයි.මනස කළඹනවා...මානුශීකත්වයේ අත්‍යන්ත අරගලයේ ඡේදන ලක්ශයක ලාක්ශණික පසුබිම ශෘංගාරයෙන් ඔබ්බට වාචික සීමාව අතික්‍රමණය කරමින් චයිතසික රූපාන්තරණයේ ගැඹුර සටහන් කිරීමක්. මේක සමාජයට පාඩමක්.මම ගොඩක් කැමතියි මේ ජාතියේ කවි රසවිඳින්න.
ReplyDeleteජයවේවා..!!
ඉස්සර අපේ කියමනක් තිබ්බ, ඔලුවට ගස්ලබු ගෙඩියක් වැටිල කියල. ඒකට ගස්ලබු වැලක් යටිම්ම යන්ඩ ඕනෙ.
Deleteඋඹටත් මටත් ජයවේවා...!
වට් ටෙකන් මෙනයි පයින්
Deleteවටිස් දිස් ?
වටා පිටා
බිවුටි පුල්
මෙනයි ටෙකන්
කට්බරිය්ස්
දොර විදුරු
මඩ්ගාඩ් වින්ස්ක්රිය්න්
නීල, පීත, ලෝහිත ආදීවූ නේක වර්ණයන්ගෙන් අලංකෘත, ද්විමාන, ත්‍රිමාණ නෙව සිව්මානයන්ගෙනුත් එපිටට යන, මධුර මනෝහර කංකලු සුභාෂ්වරයෙන් හඬ නැගෙන හිමාලයේ සිටිනා සෘෂිවරුන් විසින් ප්‍රකාශයට පත්කළැයි සැලකිය හැකි මේ ගද්‍ය සංග්‍රහය මනරම් යැ.
Deleteමෙන්ඩො,
Deleteඅයි අන්ඩස්ටෑන්ඩ්
දැට් යූ ඩෝන්ට් අන්ඩස්ටෑන්ඩ්
අබවුට් ද ගනේමුල්ල බස්ටෑන්ඩ්
ප්‍රසෝ,
දහසක් පොත් ඇති
මුද්‍රණ අධිපති
උඹලත් මේ ලෙස දොඩවානම්
මුකුත් නොදන්නා
උඹ වැනි අයගෙන්
වැඩ ගැනුමත් මට අවදානම්
කියල තාලසරා මාස්ටර් කියල තියෙන්නෙ කට කහනවට නෙවෙයි.
ප්‍රා ගේ කන ඇහීම දුර්වලද මන්ද? මේ ලියල තියෙන්නෙ සිංදුවක් නෙමෙයි, මේ චෙෆා ඉල්ලපු තේක්ක කොල මැල්ලුමේ රෙසිපි එක.
ReplyDeleteඒක තමයි. සාලෙය මාලු පන්සීය හාරසීයයි. මං පොල්බෑයක් ගෙනිච්ච ගෙදර...
Deleteඅනේ මට බැහැ බං බ්ලොග් ලියන්න ...උබලා ලියන ඒවත් මෙලෝ රහක් නැති එකේ මමත් ලියලා හුදී ජනයාගේ හිත මෙව්වා කරන්න බැහැ
Deleteඉයං ට පිස්සුද මන්ද, මේ තියෙන්නෙ අටම උගේ අලුත් මැෂිමෙ පැඩල් ඇජස් කරපු හැටි ගැන කිවුව විස්තරේනෙ.
Deleteමෙන්ඩො,
Deleteහොයාගං රබර් වලිං හදපු සීනි බෝතලෙයක්...
ප්‍රසෝ,
අමුඩෙ නැති උනාට පස්සෙ බ්‍රා එකක් හොයාගත්තද?
අපේ ඇම්ඩත් ඔහොම හස්ත මුද්‍රාවෙන් ප්‍රශ්න ඇහුවලු නේද මගුල් ගෙදරකදී?
ReplyDeleteඋඹ මේක වෙන කාටවත් කියන්ඩ එපා. අපේ දුවලා දෙන්න පුංචි කාලේ, මමත් මාසගානකට පස්සේ නිවාඩු ආවම අපේ උන්දැත් එක්ක, හස්ත මුද්‍රාවෙන් මෙව්වා කොරනවා. හ්ම්.........
හුටා ගස් ලබ්බගේ මගුල් ගෙදරදී අන්කල්ට වැඩි උනාද
Deleteහස්ත මුද්‍රාවෙන් ඔයිල් මාරුකරනු ලැබේ. වගේ එකක්ද?
Deleteවිචා,
Deleteඇම්ඩගෙ කතාවත් ආවනං අංග සම්පූර්ණයි. මට මතක් උනේ අර, මැෂින් එකෙං රෙදි හෝදන්ඩ බලං ඉදල ඉදල බැරිම තැන අතේ හෝදල දාපු සීන් එක.
මෙන්ඩො,
Deleteඔව් බං. අර සමහරු බිව්වම ඉංග්‍රීසි කතා කරනව වගේ තමයි, විචා ට වැඩි උනහම හැම එකම කරන්නෙ හස්ත මුද්‍රාවෙං...
ප්‍රසෝ,
තව පොඩ්ඩෙං ටිංකරිං පේන්ටිනුත් කරගන්නව.
/තවමත් මගේ ඉන්ටර්නෙට්ටුව හරියාකාරව වැඩ නොකරන හෙයින් (අමාත්‍යාංශයේ අයිසීටී ඔපිසර තැනද මාගේ පරිගණකය පරීක්ෂා කර බැලුවාය. ඇයටත් මගේ නිල ජල පහසුකම හදා දෙන්නට බැරි විය.)/
ReplyDeleteමෙහෙම කරන්ඩ..
ඇත්තටම ඔය නිසි කාලයට වගාවට ජලය නොලැබෙන එක වඩු කාර්මිකයන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් ඔය ප්‍රශ්නෙ දුම්රිය දෙපාර්තමේන්තුවට යොමුකරන්න.
ඕක ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රස්නයක්.
Deleteමම ඕවට අත දන්නේ නැහැ
ඕක ඔය බෝඩ් දෙකටම අයිති නෑ. ඕක අයිතිවෙන්නෙ නිපුණතා සංවර්ධන අමාත්‍යංශෙට
Delete//ඔය නිසි කාලයට වගාවට ජලය නොලැබෙන එක වඩු කාර්මිකයන් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් ඔය ප්‍රශ්නෙ දුම්රිය දෙපාර්තමේන්තුවට යොමුකරන්න.//
Delete+++++++++++++
නිර්නාම,
Deleteමං ඇහුව ආර් එම් වී එකෙං. එතනිං කිව්ව අගුනකොලපැළැස්සෙ ප්‍රා ලේ කාර්යාලෙං 838 අවසර පත්‍රයක් අරං මහජන පෙත්සම් කාරක සභාවට යන්ඩ කියල. ඉතිං මං අංගොඩ ගියා.
මේක නං සිරාම සිද්ධියක්. ලලිතසිරි ගුණරුවන් මහත්තෙය සීජීආර් එකේ සමාන්යාධිකාරී වෙලා උන්න කාලෙ, දවසක් ඇමතියෙක් කෝල් කරල එයාගෙං අහල තිබ්බ "තමුසෙ ඇයි මගෙ මිනිස්සුන්ට ලයිට් දෙන් නැත්තෙ?" කියල.
පස්සෙ හොයල බලනකොට, දුම්රිය රක්ෂිතයෙ අනවසර පදිංචි කාරයන්ට ලයිට් ගන්ඩ, ඉඩම් ඔප්පු ඉල්ලල, ඒ ඇමතිය ගාවට ගිහිං. ඌ ඌට තේරිච්ච විදියට සීජීආර් එකෙං අර ප්‍රශ්නෙ අහල...
මෙන්ඩො,
ස්කෝර් බෝඩ් එකද බං?
ප්‍රසෝ,
දිවිනැගුමට වෙච්ච දෙයිං පස්සෙ මට ඔය සංවර්ධන වැඩ අරහං
इस रास्ते में, गहरी बातें साहित्यिक लेखन खंडन उन बिचौलियों जो कम से कम दो नलियों हमला रखें। अन्यथा हम साहित्यिक नदी डूब जाएगी
ReplyDeleteचौलियोंहमला इस रास्ते में,
Deleteहग्गस्ज्ज्
Deleteයිහමඅනනයට්
@$^&()&^$$@$%
sjhgdui msgue
ගිහින් එන්නම් මචෝ
ඒ අස්සෙ මේ යෝදය ටියුබ් එකක් හිල් කරන එකක් ගැන කතාකරනව.
DeleteWTFinHindi.
Deleteඅපි නොදන්න හින්දි, මූ ගූ ගල් ට්‍රාන්ස්ලේටරේ පාවිච්චි කරල. හැක්..
DeleteSuranga,
DeleteRice flies are very erythmatic. Two bulls took nails under a fever tree. Our big father rat yellow yellow donkey bed on sleep.
ප්‍රසෝ,
Deleteමං කිව්වෙ ඌට, විංකලේ ගාව පාර අයිනෙ ඉත්තෑවෙක් ගැට ගහල තියන්ඩ කියල.
අප්පේ කාලෙකට පස්සෙ ඩ්‍රැකීගෙ රසවත් ලිපියක් ඇහැ ගැටුන
ReplyDeleteඩ්‍රැකීයා අමාත්‍යාංශයේ අයිසීටී ඔපිසර එක්ක අයුතු සබන්දයක් තියනවා කියලා උබ මේ කෙමෙන්ට් ඒක දාලා කියනකන් මම දන්නෙත් නැහැ
Deleteගුණසිංහ මහත්තෙය,
Deleteඇත්ත. කාලෙකිං රසවත් දෙයක් ලිව්වෙ නෑ...
මෙන්ඩො,
හැමෝටම බෑනෙ ඉතිං උඹ යනව වගේ හැටපහේ කණුවට යන්ඩ. වැඩිය හොදයි ස්පෙයා වීල් එකක් තියාගන්න එක.
බුරුම කතාව මට අලුත්.. එළ කතා ටික...
ReplyDeleteනැහැ මචෝ පහුගිය කලේ සිගරට් අඩු උනාට ගණන් ගියේ නැහැ
Deleteබුරුමෙ තියෙන්නෙ ලී විදින්න නෙමෙයි බං පොටි ගාපු බිත්ති කපන්න.
Deleteබුරුමෙ හොයාගත්තෙ අපේ බාප්ප. කන්තලේ ගම්මුලාදෑනියගෙ ඇද යට තිබිල...
Deleteඅපූරු කථා ටික...ඊටත් වඩා හතර බීරි කමෙන්ටු ටික :)
ReplyDeleteබොරු කියන්නේ මොකටද මු අමාත්‍යාංශයේ මහත්රුන්ට දවල්ට කෑම ගෙන්න යනවා මම ඇස් දෙකෙන්ම දැක්ක උබ දැන් ඇහවව් හින්ඳ කිව්වේ
Deleteඒ උනාට ඒ වගේ දේවල් මෙහම් කෙමෙන්ට් වලින් අහන්න එපා
ආනේ.. ඔයාගෙ කවිය හරි ලස්සනයි. මම හැමදාම අහන්නෙ වැහි එෆ්.එම්. ඔයා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනව.
Deleteඅක්කී... අපිට දෙනවද ශශිකා නිසංසලාගෙ තොල්පෙති විතරක්, පළමු හාදුවෙං තෙමන්ඩ? ඒකට මං එකතු කරගන්නව, අයියයි, මල්ලියි, තාත්තයි, අප්පුච්චයි, බාප්පියි, බල්ලයි, පූසයි...
Deleteමෙන්ඩො,
Deleteයූඩීඒ එකේ මාලුද? ඊට හොදයි අයිස් කුට්ටියක් උයල කාපං. අතුරුපසට දෙල් ගෙඩියක් ඉදවගං...
ප්‍රසෝ,
දේවාලෙ ඒසී කරන එකනං හොද අදහසක් තමයි. එතකොට කට්ට කුමංජල්?
අක්කී... අපිට දෙනවද සමිතා අක්කගේ රණහංස යුවල
Deleteඋඹට රණ හංස යුවල, මට නිමල නිල් ජලාසේ...
Deleteඉයන් මේ විකාර කතා කියන්න එපා ගල් බෝතලයක් ගහන්න එක සෝඩා බෝතලයක් මොනවා කරන්නද ? කමක් නැහැ සිගරට් දෙකකුත් අරගෙන වරෙන්
ReplyDeleteබයිට් එකට වටලප්පං?? ඈක්ක ඒ මොන කෑමක්ද. හොඳ දැතිහුලහෙක් රෝස් කරල ගනිං. මතක ඇතුව හොඳට සෝස් දාහං.
Deleteකිතුල් රා බොනවනං මක්කද අෆ්ෆා මේ කද?" කියල අහන්ඩ එපාලු. බයිට් එකට හොදයි මුහුදු නයා, සොසේජ් වගේ කෑලි කපල, බාබ්කිව් කරල...
Deletealuth katha maru maru
ReplyDeleteනෑ බං මේක ඉන්දියන් එකක් නෙමෙයි, ඔරිමජිනල් ජපන් වණ්ඩියක්.
Deleteඑළවළු ගිනි ගනන් තමයි
Deleteහෙලිකොප්ටර් වලට වැට් නෑ බං.
Deleteඋපාධි කඩත් එපා, බස් ගාස්තුත් එපා. අර්ජුන් මහේන්ද්‍රන් එක්ස්ටෙන්ඩ් නොකරපු එකෙන් හොරෙයක් තියෙන බව පිළිගත්ත කියල පේනව. ඒකට උත්තරේ තමයි නාමල් හිරේ දාපු එක. පස්සෙ හෙමීට ඇප දෙයි.
Delete//අමාත්‍යාංශයේ අයිසීටී ඔපිසර තැනද මාගේ පරිගණකය පරීක්ෂා කර බැලුවාය. ඇයටත් මගේ නිල ජල පහසුකම හදා දෙන්නට බැරි විය.)// ඔය 'ඇය' ටිකක් වයස වැඩියි වගේ. නරකද ටිකක් නාඹර හුරුබුහුටි ලමිස්සියක් ඔය තනතුරට දාගන්න බැලුවනං.
ReplyDeleteපොඩි මෙන්ඩා දෙක වසරේ ඉන්නේ
Deleteප්‍රසෝ,
Deleteමගෙ බයික් එක පේන්ට් කරන්ඩ දැම්ම.මේ දවස් වල පයිං තමා යන්නෙ. පාර අයිනෙ ඉදල අහුවෙන්ඩ එපා...
මෙන්ඩො,
පෙට්ටි සුරුට්ටු එච්චර ගණංද බං?
මට හිතාගන්න පුලුවන් උඹ අර ශ්‍රංගයගෙ එකේ දැම්ම කෙමෙන්ට් එකකින් පස්සෙ ඩ්‍රැකියානි දුන්න නේද කන හරහට බෙරේ පුපුරන්න. දැං ඉතිං හතර බීරි කතා ලිය ලිය තමයි ඉන්න වෙන්නෙ හිටං. (මේකට වැටෙන රිප්ලයි එකත් කොමෙන්ට් එකට අදාල වෙන්නෑ කියල මම දන්නව. මොකද මූට තාම ඇහෙන්නෙ නෑනෙ.)
ReplyDeleteඋබට කියන්න මටත් උනේ ඔය වැඩේමයි දැවද්දට දෙනවා කිව්ව පොල් අක්කර දෙක තවම හම්බුනේ නැහැ
Deleteඇත්තද මචං. මම හිතුවෙ උඹේ ෂිප්මන්ට් එක තව පරක්කු වෙනව කියල.
Deleteප්‍රසෝ,
Deleteඇහෙන්නෑ බං. ලොකු අකුරු වලිං කමෙන්ට් කරහං...
මෙන්ඩො,
මට ලියන්ඩ බෑ. කකුල පිච්චිල.
පෝස්ට් එක ගැන කියනවනං මේකෙ ශෘංගාරය පොඩ්ඩක් වැඩියි වගේ. මධ්‍යසාර ප්‍රවර්ධනය ගැන ලොකු කතිකාවතක් මේ තුළ පෙනෙන්න තියෙනව. සම්භාව්‍ය ගනයේ කතාවක් මට්ටමට දියුණු කරන්න තව උත්සාහයක් දැරිය යුතුයි. කෙසේ වෙතත් ප්‍රවීණයෙක්ගෙන් උපදෙස් අරන් ඔබේ හැකියාව තව දියුණු කරගන්න උත්සාහ ගන්න.
ReplyDeleteඔබ දෙවෙනි වටයට සුදුසුකම් ලබනව.
ගොඩක් ස්තූතියි සර්...
Delete(ගෙදර යන ගමං) මොක්කුද මේ ජජ් බෝඩ් එක? මුං මොනවද දන්නෙ? මං කොච්චර සම්මාන දිනල තියෙනවද? කොට්ට පොරත් ගහපු පොරක් මං. එනව මෙතන අඩුපාඩු කියාගෙන. අපරාදෙ මං උං එකාට පන්සීය ගානෙ දුන්න ඇන්ලොප් වල දාල...
https://www.youtube.com/watch?v=92nXg4AzDxY
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්... ඔය තියෙන්නෙ සින්දුවකුත්. සින්දු ඇනෝ උන්නනං පදමාලාවත් දායි.
Delete(රහසිං) හනේ ඉතිං මුං වගෙ ජාතියක්. ඔපිස්සෙකේ ඉන්ටනෙට් නෑ කිව්වම වීඩියෝ ලින්ක් එවන්නෙ...
ආ ඇත්තද..? කොස් අත්ත කැපුවෙ නැද්ද...? පරිස්සමින්.. පොල් ගෙඩියක් එහෙම වැටුනොත් හරි ප්‍රස්නෙ වෙන්නෙ.. ලොකු පුංචම්මත් කිව්ව එහා වත්තෙ දෙල් වැටිල තිබිල නොන්සි අක්ක උඩහපාරෙං යනගමං බල්ලෙක් කොල්ලෙක්වකාල හිටං කාන්චනා නංගි නලාව පිඹල ගෙදර ගියා කියල. මට හතර හිනා ඌයි කටකලු වැස්සි ගොම දාල බුරංපි ආත අමුඩෙං ගහල අඹකඩල.... දැකල.....
Deleteබම්බුවක් කතා කරනව. සීනි කිලෝව එකසිය විස්සයි. තුංවේල තේ වතුර බීල හිගමනට වැටුන. තේ වත්තෙ පල්ලිය ගාව හිගාකන්නෙ. පල්ලියෙ මංගල්ලෙ පෝරුව ගැහුවෙ අපේ ප්‍රසන්නෙය. පෝරුගාල නීට් එකට තියෙන ලියද්දෙ වී ඉහින්ඩ ගියොත් අඩි පාර හිටිනව. ඉතිං අට්ටලෙයක් බැදල වී ඉස්සෙ. ඉස්සො හරි ගිණියමයි. ගිණිගොඩක් ගහගත්ත සීතලට. සීත කෙල්ල පැනල ගියා සාවනා එක්ක...
Deleteඅනේ නිකන් හිටහන් තොපි දෙන්නා දන්න රෙද්ද ...එකී මමයි පොඩි කාලේ ඉදලා ඔලිද කැලේ ඔලිද නෙලලා ඉන්නකොට තමයි හැන්දෑවට පස්ස දොරෙන් ගෙට දස්කොන් ගැන දැනගත්තේ
Deleteඋඹලා මෙතන අඩලා දොඩලා පලක් නෑ ගුටි කෙලලා. අන්න අරෙහෙ සුගලා බැදලා. උඹලා කඩු කොපුවෙ දාලා දෙන්නට දෙන්න ඉඹලා මට වැදලා පලෙයව්...
Deleteසමහර ජනකතාවලින් සමහර ස්ථාන වල සහ එහි ජීවත් වන ජනතාවට විස්තර කල නොහැකි තරම් හානියක් සිදුවී ඇති බව ඩ්‍රැකී දන්නවද? උඹ දන්නේ නෑ කිව්වොත් මම අස්සෙ පෝස්ට් එකක් දාන්නම්. දන්නවා නම් කියහං බලන්න මොකද ඒ කියලා.
ReplyDeleteඔවු ඔවු ඩූඩයියා මේ දවස්වල උම්බලකඩ සෑහෙන්න ගනං තමයි. පුලුවන්නං ඔහෙන් ෂිප්මන්ට් එකක් දාගම්මුද හෙමීට.
Deleteදන් ඩුඩා මොන අස්සෙද පෝස්ට් එකක් දන්න යන්නෙ...
DeleteX-Porter, උඹ හරි. ඒක අස්සෙ තමයි. ප් තමයි මිස් වෙලා තියෙන්නෙ
Deleteඩූඩ් කියන්නෙ සංඝරාජ උනත් උපන්නෙ තුම්පනේ වගේ කතා ගැනද?
Deleteමගෙ යාලුවෙක් කිව්ව දවසක් ඌ ඉන්නෙ බටගම කියල. "බටගම?" මං ඇහුව. ඌ කියනව, " ඔව්, අර කරත්තෙ ගහ ලග හිටවල, කරත්තෙට වැටෙන්ඩ ගහ කැපුවෙ. අපේ ගමේ නෙ." කියල...
ඩුඩ් අය්යින්දී මම කිව්වා දෙමළ නයන්නට බොත්තම් ටික අල්ලනකොට බ්‍රා එකේ කප් ඒක යටට අලන්න කියලා ඒ ඔයා කියපු ගමන යන්න ඉස්සර තමයි මුගේ නම X-Porter දැන් XXX-Porter
Deleteඑක්ස්පෝටර් කිව්වම මතක් උනේ ක්‍රිස්ටෝපර්... අර. ඕස්ට්‍රේලියාව හොයාගත්තෙ...
Delete:d:D...
ReplyDeleteSimply-capital
Deletea,B C,D E F g H i j k L m n o P Q R S T u v w x Y Z
Deleteමෙතන අකුරු විසි හතයි.
Deleteබුරුම කතාව මීටර් වුනේ දෙපාරක්ම කියවලා.
ReplyDeleteමල්ලේ පොල් පොස්ට් එකයි කමෙන්ට් ටිකයි.
හේනෙ තල පැහිලනං කපන එකයි ඇත්තෙ. අපි එන්නං ඕනනං උදවුවට.
Deleteඋඹෙ හනිමූන් ෆොටෝ ටික මරු ඈ...
Deleteඋදේට මොනවා හරි බඩට දාගෙනම යන අහක යමන්
Deleteනෑ...! පලෙයං...?
Deleteහරිම අනුවේදනීය කතාවක් බං.මම මේ කතා සහ කවි කියවල ඊයෙ දවසෙම ඇඬුවා. ඊයෙ කමෙන්ට් නොකළේ ඒකයි.
ReplyDeleteඉතිං ඊට පස්සෙ අයිය බෙන් එකේ කැමරාවක් පොළොවෙ ගහල වෙච්ච කේස් එක මොකක්ද?
Deleteහැලපයියට කියන්ඩ... මං ඊයෙ පොතක් කියෙව්ව. ඒකෙ පිටුවක් පිටුවක් ගානෙ, පේලියක් පේලියක් ගානෙ, කියවන්ඩ බෑ ඇඩෙනව. අන්තිමේ මං ඒ පොත පුච්චල දැම්ම. ඒකෙ නම "ලංකා බැංකුවේ ඉතිරිකිරීමේ ගිණුම් පාස් පොත"
Deleteප්‍රසෝ,
අර රජ ඇදුං ඇදං, කෙල්ලො සෙට් එකක් නටනව බලං ඉදල, මොකද්ද කූරජ් දික් වෙලා කැමරාවෙ වැදිල, වෙච්ච සන්තෑසිය නේ?
මු කියන බොරු විස්වාස කරනවද ඔයත් ඒ කෙල්ලගේ අතින් අල්ගෙන පාර පැන්නුවේ වාහන වැඩි නිසා අය්යා ඕක සදුට කියන්න ඕනේ නැහැ
Deleteමගේ යාලුවෙක් දොම්පෙ යන්න ගිහිල්ල මලා.
ReplyDeleteහොද වෙලාවට මළේ. දොම්පෙ ගියානං බඩුම තමා... අන්තිමේ ඌ මතුවෙන්නෙ ගොඩකවෙලිං.
Deleteබ්‍රා එකේ ආර්ම් හෝල් එකේ පකරින් තියනවනම් අයන් කරලා ගනින් ඕක මගෙන් අහන්න ඕනද
Deleteඅයන් එක xකේ ගහගෙන කොහොමද බොල.
Deleteමදාවිය මළේ නෑ. අර කැරපොත්ත උගෙ ඔළුව පළලා. බොරුනං විදානෙගෙං අහං...
Deleteමං ඊයෙත් කා හරි අැඟිල්ලක් පෙන්නපු එකෙක්ගෙං අැහුව හරි අැඟිල්ලද පෙන්නුවෙ කියල!
ReplyDeleteචූටි ඇගිල්ල නං තමයි ප්‍රශ්නෙ. වෙන ඕනෙ එකක් පෙන්නුවට අවුලක් නෑ.
Deleteඇඟිලි කතාව කියවනකොටම මම හිතුවෙ රැජිනගේ මුද්‍රාව පෙන්නන සීන් එකක් කියල. මරු මරු ...
ReplyDeleteමේ දවස්වල තුංකාලෙ ගල් වැඩක් නෑ බං. හයයි නමේ ඒව ටිකක් ගන්න බැරිද?
Deleteපර්මිට් එක හදාගන්න පුදුම දුකක් බං විඳින්නෙ...
Deleteසජ්ජො,
Deleteමොකද්ද රැජිනගෙ මුද්‍රාව? අර, දබරැගිල්ලයි මැදැගිල්ලයි මුදුනෙං ජොයින්ට් කරල, මැද්දෙං ඈත් කරල පෙන්නන මුද්‍රාවද?
මම දැක්ක සජ්ජා පොලීසය ලග ඉන්නවා එපා බන් ඕක අතෑරලා දාහන් උබගේ දබරැගිල්ලයි මැදැගිල්ලයි දෙකම කැඩූවද? හරි හරී දුකයි කියලා කාර් පර්මිට් ඒක විකුනනේ නැතුව ඉන්න්යේ
Deleteආම් හෝල් එකේ මොක...?
Deleteබුරුම කතාව නම් නියමයි. කාලෙකින් නෙ මේ වගේ කතා ටිකක් කියෙව්වෙ. තනියම හිනා වෙලා පිස්සන් කොටුවටවත් අල්ලන් යයි ද මන්දා :P
ReplyDeleteආපහු ගෙනියන්න දෙයක් නෑනේ , කොහොමත් එහෙනේ ඉන්නේ
Deleteඅම්මෝ නගා දැක්ක කල්...! මොනවද අලුත් තොරතුරු? අර සපත්තු බොසා එහෙම කොහොමද? තාම ඉන්නවද? මං එවපු කේක් එක කෑවද? රසද?
Deleteඉවෝන්,
ගං වතුර බැහැල ගිහින්ද දැං? උඹ නං මල්ලි තව ස්වාභාවික ආපදාවක් කරගන්ඩ තමයි ඔය ගල් ආදිට අරක මේක කියන්නෙ.
මොකද්දෑ බං අර අයිටී ඔපිසරගෙ සීන් එක :D ච.. මං හිතුවෙ නෑ උඹ එහෙමයි කියල.. චැහ්
ReplyDeleteඅයිටී ඔෆිසර එක්ක අයිසීයූ යන්න ගිහිල්ල කාසල් එකේ වාට්ටුවක නැවතුනාය කියල උඹට කෝල කළ එකා මම දන්නව මල්ලි.
Deleteපත්තරේ,
Deleteඋඹල හරිම සුනීත විනීතලා. අපි තමයි හැරුනත් වල්කමට. ඕයේස්...
සදාදර නයෝ,
ඒක අයිපී කෙනෙක්ට මාට්ටු බං. අයිඕයූ එකක් දීල ශේප් උනා. අයියෝ සිරිසේන...!
පලයන්න දැති හුළහ බොරු නොකිය
ReplyDeleteහා........නේ. හරි ස්වීට් වොයිස් එකක්.
Deleteඉවෝන්,
Deleteබොරුපං ද? පං ගොල්ල ගොඩකරල සණස බැංකුව දාල බං එතන.
ප්‍රසෝ,
මූ ලව් පූසනෙ.
:D
ReplyDeleteමං ඕකක් එස් එම් එස් කරල අපෙ ලොකු නෑනට, එයා කිව්ව ඒක හරියට ගමරාළගෙ වංගෙඩිය වගේ කියල.
Deleteමරු කතා සෙට් එක. 😁😁
ReplyDeleteනමුණුකුල නැද්ද ඔය වගෙ එව්ව?
Deleteහි..හි.. නියමයි...
ReplyDeleteහනේ තුශෝ දැක්ක කල්... කොහෙද ගිහිං උන්නෙ?
Deleteකමක් නැත , කොහොම හරි ගෙදර ගියා නෙ..
ReplyDeleteජයවේවා ...
මම තාප්පේ හදා ගත්තා බන්
Deleteඔවු බං සමපෝෂ හරි රහයි තමයි. ඒත් දැං සීනි ගණං නෙ. ඒ හින්ද අතෑරල දැම්ම වැඩේ.
Deleteමරණවය කිව්වත් ආයෙ නං සපත්තු මාරු කරල දාගන් නෑ බං...
Deleteමෙහි කමෙන්ට් අහඹු ලෙස මාරු වී සටහන් කර ඇත. ගැළපෙන කමෙන්ට් සරළ රේඛා වලින් යා කරන්න.
ReplyDeleteසරක ලේරා ගහන්න රුඩි ආලක් හොයාගන්න නෑ බං. ඒ හින්ද ඔන්නොහෙ රෙක්‍ර වාකා ගහමු.
Deleteඋඹ සරළ රේඛාවක් ඇන්දත් ප්‍රසෝ, ඒකත් සංකීර්ණ රේඛාවක් වෙනව
Deleteකවකටුවෙන් බැරිද
Deleteබෙදුංකට්ටක් අහන්නෙ...
Deleteකලින් කියවලා නැති නියම කථා සෙට් එකක්...අලුත් තැන සේවයට ගියාම අහන්න ලැබුන ඒවද මන්දා...
ReplyDeleteටැංකිව් ටැංකිව් සිරා. මේ කතා මං කලිං අහල තිබ්බ. මේ දවස් වල නිව්ස් කියවද්දි ආපහු මතක් උනා...
Deleteඔක්කොම ටික පට්ටයි ආ....
ReplyDeleteඅාර් කේ නාරායන්, මං ඔයාගෙ පොත් ගොඩක් කියෝල තියෙනව.
Deleteඅඩෝ අලුත් එකක් ලියපන්
ReplyDeleteනෑ බං ඩ්‍රැකියානි දැන් බ්‍රා අඳින්නෑ. කෙලිම්ම චේන්මේල්...
Deleteඅර අාගන්තුක හාමුදුරුවො හරි අැඟිල්ල නේද ඉස්සුවෙ!
ReplyDeleteඅලුත් ව්‍යවස්ථාවක් එපා කිව්ව මචං...
Deleteලස්සන කතා ටිකක්...
ReplyDeleteඔව්ව මොනවද? බලන්ඩ ඕනෙ පීකිං නුවරදි කනේ පාරක් කාල... අන්න එව්වනෙ කනේ පාරවල්...
Deleteවින්කලේ කොහෙන්ද අයිය බනිස් ??? බනිස් ඕනෙමනං හන්දියෙ බේකරියට යන්න 😲
ReplyDeleteහැහ් හැහ් හෑ...
Deleteදැං කල් ගිහිං. ඒ කාලෙ තමයි කාලේ...
ලස්සන කතා.හරිම ලස්සනයි
ReplyDelete