මේ සියලු කාරණා වලට කලින්, මට මේ පොත උරුම කරදීපු, මට යන්තම් අවුරුදු හතරක් වෙනකොට මගේ කියවීමේ රුචිකත්වය ඇති කරවපු, ඇන්ටික් හැම දෙයක් ගැනම ආසාව මට උරුම කරදීපු, මට හිටපු හොඳම යාළුවා වුනු, මීට අවුරුදු හතරකට කලින් දෙසැම්බර් මාසයේ 27 වන දින අප හැර ගිය, මගේ තාත්තා වුන, වයි සේපාල මහතා ට මගේ ආදර බර කෘතඥතාවය පළ කරනවා.
![]() |
පොතේ තුංවෙනි පිටුවේ තියෙන තාත්තගෙ අස්සන... |
ඔන්න එහෙනම් අර කියපු පරිච්ඡේදය...
(ලොකු කර කියවීම සඳහා පිංතූර උඩ ක්ලික් කරන්න ය...)
ප/ලි
කීප දවසක්ම මේ ගැන ලියන්න හිතාගෙන හිටියත් අමතක උනා. අපේ අතීතයෙ එක පැත්තක තිබුණ වැඩිය කතා බහට ලක් නොවුණු තැන් ගොඩක් තියෙනවා. අමද්‍යප වීරයන්ගෙ පවුල් වලට අයිති වෙලා තිබුණු ඉස්කාගාර, අරක්කු රේන්ද වගේ දේවල්... නිදහස් සටනෙ වීරයන්ගෙ ඇත්ත මුහුණුවර වගේ දේවල්...
මේ දේවල් ගැන යම්තාක් දුරකට හරි කතාකරන බ්ලොග් එකක් තියෙනවා. ලියන්නෙ පුරාවිද්‍යා ඉතිහාස කියන විෂයයන් ගැන ප්‍රාමාණික විද්වතෙක් වන භූෂණ කල්හාර. මෙයා එක පැත්තකට බරව ලියන බවක් පේනවා. ඒක එයාගෙ අයිතිය. ඒ මොන හැටි උනත් අපිට දැනුමක් ලබාගන්න තියෙන මූලාශ්‍රයක් වශයෙන් මේ බ්ලොග් එකට ප්‍රසිද්ධියක් දීම මගෙ යුතුකමක් හැටියට සළකනවා. මෙන්න ලිංක් එක... සිංහලේ - The Last Phase
චඃ..............අදටත් මම මේ ල්ඛකයාගේ සහ ඒබ්‍රහම් ටී කොවුර් ගේ පොත් හොයමින් ඉන්නේ. මේ පොත් ඇසුරෙන් වර්තමානයට ගැලපෙන්න සෑහෙන ලිපි සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. මේ තරමින් හෝ දකින්න සැලැස්සුවාට බොහොම ස්තුතියි. පැරණි මුද්‍රණ ගන්න තැනක් තියනවානම් හොයලා කියන්න.
ReplyDeleteඇයි අප්පේ, මං ඔබතුමාට මේල් එකකුත් දැම්මනෙ... අර පහල තියෙන ලිංක් එකෙන් බාගන්න පීඩීඑෆ් පොත... බැයිනං අර පොටෝ කොපිය මං එවන්නං තැපෑලෙ. පොඩ්ඩක් දැනුවත් කරන්න.
Deleteතැපැල් කිරීම පරක්කු උනේ මේ දවස්වල ගොඩක් කාර්ය බහුල නිසා. (ඒ ගැන වෙරි සොරි)
පොත බාගත්තා. බොහොම ස්තුතියි. ඔබේ විරුද්ධත්වයක් නැත්නම්, ඔබ මේ ලිපියේ දක්වා ඇති පරිච්ඡේදය හැර, වෙනත් පරිඡේද අළලා ලිපි කීපයක් ලියන්න පුළුවන්.
Deleteඅනේ මහත්තයො, මං විරුද්ධ වෙන්න මේකට මයෙ කොපි රයිට් තියේයැ... ඔබතුමාගෙ විග්‍රහය කියවන්න ආසාවෙන් බලං ඉන්නවා. මේ පරිච්ඡේදය ගැනත් ලියන්න.
Deleteකොවුර්ගේ දෙවියෝ සහ බුතයෝ හා මා කල ගවේෂණ මන්ළඟ තියෙනවා
Deleteඒකෙ පීඩීඑෆ් එක හම්බුනා. ඊළඟ පාර දාන්නං...
Deleteමුල් කවිය ලියූ රංචාගොඩ කිවිඳියත් මේ ලිපිවලට අමතරව, තම පොත් සාගරයක් මැද මෙහෙව් රටක් ඇත ආදී කෘති රචනා කළ මාණික්කආරච්චිත් යෝධ මිනිස්සු.. අදට වඩාත් ම අවශ්‍යත් එහෙම මිනිස්සු තමා
ReplyDeleteවැසි,
Deleteසාගරයක් මැද අමන රටක් ඇත පොතත් මා ළඟ තියෙනවා. ඊළඟට ස්කෑන් කරන්නෙ ඒක. ඒකත් දාන්නං තව මාසෙකිං හමාරකිං විතර...
රංචගොඩ ළමය ඇත්තටම කෙළිං කතා කරපු කිවිඳියක්. ඔයා මතක් කළේ මේ කවිය වෙන්නැති?
මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රූණු රටට මා දීලා ඉළව්වේ
කහට පොතු කකා කට හම යනවාය
හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ...!
මේ දරුවත් කියවපු නැති පොතක් නෑ නේ :D :)
Deleteසිසිර කුමාර මානික්කාඅරච්චිගෙ පොත්වල කතා ශෛලිය හරිම රසවත්. එකළ සමගි පෙරමුනු ආන්ඩුවට පහරදීල තිබුනෙ උපහාස රසය උපරිම වෙන්න.ලස්සනට ලියන්න පුළුවන් දක්ෂයෙක්
ReplyDeleteඔහු වගෙ අය අද සිටියනම් ලස්සන බ්ලොග් එකක් කරයි.
මාණීක්කආරච්චි අද හිටියනම් මාතලං වගේ ඊටත් වඩා හොඳ බ්ලොග් එකක් කරයි. එයාගෙ මං දැකපු විශිෂ්ඨම දේ තමා නිර්භීත කම සහ කෙළිං කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව. ඒකට උපහාසය එකතු වුනු තැන රසවත් කම උපරිමයි. හැබැයි එයා දේශපාලනික අදහස් වලින් එක පැත්තකට බර ගතියක් පෙන්නනවා.
Deleteමන් පෝන් එකෙන් කියෝලා දාපු කොමෙන්ට් එක මිසින්.. සක්..
ReplyDeleteසිරිලංකා ඉල්ලංකා කියුවම බැලුවේ මාතේ ලියපු පෝස්ට් එකකින්වත් පොතක් ගහලද කියල.. මේක එළකිරි!!! ලින්ක් එකට ඉස්කොතුයි..
ඒ කියපු කමෙන්ට් එක වැිල නෑ කමි...
Deleteඉස්කෝතුවට ඉස්තූතියි...
පොන් එකෙන් දාපුවා.. අනේ මන්දා
Deleteඒකනෙ, පොන් එකෙන්නෙ දාල තියෙන්නෙ. විදානෙ කියනකං මං දැක්කෙ නෑනෙ. මං දහ අතේ හෙව්වා. අපරාදෙ පැට්ට්‍රල්...
Deleteකොහෙ ගියත් දෙමළ ණ යන්න ඉන්නවා නේද ඩ්රැකී.... නිදහස් වෙලාවක ලින්ක් එකෙන් ගිහින් බලන්න ඔනී.
ReplyDeleteමුගෙං බේරෙන්න ලොවෙත් බෑ සබරෙ.
Deleteමං ඇත්තටම හිතුවා ප්රසන්නලගෙ ප්‍රෙස් එකේ වද්ද කියලා මේ පොත පළ කෙරුණෙ...
දෙමළ ණ යන්න කියන එක තේරුනේ නැහැ. කරුණාකර පැහැදිලළි කරදෙන්න.
Deleteදෙමළ ණ යන්න කියල අදහස් කළේ ප්‍රසන්න කොන්ක්‍රීට් අධිපති ගැන...
Deleteඔය මට ගිය ආත්මෙ අයිතිවෙලා තිබ්බ ප්‍රෙස් එකනෙ බං. වැඩේ කියන්නෙ පොත ගහල අවුරුදු දෙකයිනෙ මට ඉන්න උනේ. හැක්...
Deleteප්රසන්නගෙ ඊමේල් එකක් තියෙනවනෙ “ප්රසන්නප්රින්ටර්ස්“ කියල. ඉතිං මට හිතුන බැරි වෙලාවත්, ප්රසන්නගෙ තාත්තටවත් මේ ප්‍රෙස් එක අයිති වෙලා තිබිලා දැං ප්‍රසන්න කරනව ඇති කියල...
Deleteතිස් නමයද වයස? හතළිස් ඇඳිරියට තව එක අවුරුද්දයි...
දෙමළ ණයන්නා කිව්වනම් තේරෙනවා.
Deleteකෙලිම්ම “ජුලම්පිටියෙ Aමரெ“ කිව්වනං තවත් තේරෙනවා.
Deleteඔවු, ලබන අවුරුද්දෙ ඉඳල කණ්නාඩි දාන්න ඉන්නෙ. හැක්..
Deleteඩ්රැකී, විචාට දෙමළ නයන්න කියහංකො තේ රෙන හැටි බලන්න.
ඉස්සෙල්ල විචාට තේකොළ කවන්න වෙයි. පස්සෙ පුකට තේගොට්ට අල්ලන්නත් වෙයි...
Deleteදේවාලෙ තිර හතෙන් එළියට ඇවිත් කතරගම දෙයියො වැඩේ වරද්ද ගත්තෙ. නිදහසේ අවුටින් එකක් ගිහින් ඉන්ඩ තිබ්බ සියඹල ගහ පලාතෙ ඉන්න බෑ දුමයි කන්දොස් කිරියාවයි, ඊට වඩා ජී ගදයි. දැන් වෙන තැනක් සෙට් කරගත්තත් එතනටත් හොයන් යනව. මේක බාගෙන නිදහසේ කියවන්න ඕනෙ.
ReplyDeleteහෆ්ෆා... කතරගම දේවාලෙ අවට තියෙන පිරිසිදු කම. පිරිසිදු වෙලා දේවාලෙට එන්න ඕනෙය කියල අභිචාරයක් තිබුනෙ නැත්තං එහෙම මොනව වෙයිද කියල හිතාගන්න බෑ...
Deleteඅරක බාගන්නත් නිදහස් වෙලාවක් ඕනෙ වෙයි මයෙ හිතේ. මොකද මෙගාබයිට් ම තිස් ගාණක් උනා...
මරු නේ බං.. බොට ස්තුතියි.. ඒ අර ත්රයිලෝක්විජයපත්තර කාරයගේ සීයද දන්නෑ හෙනං.. තැන්ක්ස් ව්ලාඩ් කුමාරයා..
ReplyDeleteඈ... ඌත් විජය පත්තර කාරයෙද්ද? එළ කොල්ලෙක්නෙ.
Delete(මටත් හිතයි ප්‍රොෆයිල් එක ව්ලාඩ් කියල වෙනස් කරගන්න...)
මාණික්කආරච්චි ඒ කාලෙ කියාපුව මේ කාලෙටත් ඒ ආකාරෙටම අදාළයි නොවැ. ඒ කාලෙ 'ජාතියේ මහම්මා' මුරකාවල් දාගෙන වන්දනාවෙ ගියා වගෙ මේ කාලෙත් 'ජාතියෙ අප්පල, මහප්පල, කුඩප්පල' අර ගෑනු තුරුල් කරං ඉන්න, වඩු බාස් වගේ ආවුධ දරා ගෙන ඉන්න දෙවි ගොල්ල වන්දනාවෙ යනව නොවැ හිටං. ලංකාවෙ කතරගම විතරක් නං මදැයි ඉන්දියාවෙ තිරුපති ආදියෙත් බඩ ගානව හිටං
ReplyDeleteහිටං බඩගානවයි කිව්වෙ? කුළුණු දිගේ බඩගානවද?
Deleteමේ පොතේ තව තියෙනවා සර්වකාලීන කතා. අර කිව්ව වගේ, මොන ආණ්ඩුවත් එකයි. හැබැයි මාණික්කආරච්චි යූඇන්පිය සහ ඩඩ්ලි වර්ණනා කරන ගතියක් තියෙනවා.
නිවාඩුව කියවන්න බාගත්තා
ReplyDeleteඔෆිසියෙ වැඩ එක්ක කියවන්න අමාරුයි
ජයවේ ඩ්රැකී....
ජයවේවා වර්ණ. ෆෝන් එකට දාගත්තනං කියවන්න ලේසියි. හැබැයි බලාගෙන, ඔය පොත කියවන්න ඇබ්බැහි වෙන්න පුළුවං. පවුල් ජීවිතේ ගැන අපි වගකියන් නෑ ඕං. (අත්දැකීමෙන් කිව්වෙ)
Deleteඑක්කොම වැඩ පැත්තක දාලා පොත් බලන්න ගිහින් ඩ්‍රැකියානි හැන්දෙන් ගහලම ඩ්‍රැකියගේ ඔලුව ගෙඩි ගැහිලා තියෙන්නේ .ඒකයි ඔය අත්දැකීමෙන් කිව්වේ කියන්නේ.
Deleteහයියෝ බං. පොත් කියවද්දි කිසි අවුලක් නෑ. කෑම මේසෙදි ෆෝන් එක දිහා බලං ඉන්ට නං ඉන්තේරුවෙම්ම තහනං. එතෙන්දි තමා හැන්දෙං ගහන්නෙ.
Deleteහප්පා...ඒකත් එහෙමද? එහෙනම් කියවන්නම ඕනේ. අත්දැකීමක් ගන්නත් එපායැ
ReplyDeleteආ... චූටි මල්ලි, කියවල බලල කියමුකො අදහස.
Deleteඩවුන්ලෝඩ් කරගෙන කියවන්න ඕන මචෝ...
ReplyDeleteඋඹට නං වෙලාව අඩුයි නෙ මේ දවස්වල?
Deleteහිටහං මේ ටික ඩවුන්ලෝඩ් කරගෙන පොඩි ජිල්මාට් එකක් දාල බලන්නම්.
ReplyDeleteඅනිවා කසුන්... පොඩ්ඩක් කියනවද එය ජිල්මාට් එක මොකද්ද කියල? ජේපීජී / පීඩීඑෆ් නැරේටරයක් තියෙනවද?
Deleteමාත් ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න ඕන මචෝ...
ReplyDeleteඑළකිරි...! ඊළඟ පොත තව මාසෙකිං හමාරකිං දාන්නං...
Deleteමාණික්ක ආරච්චිගෙ පොත් තවත් මිතුරනුත් එක්කම කියවලා කියවලාම දුංකල වගේ වෙලා නැතිව ගියා. හරිම දුකකින් හිටියේ ඩ්රැකීට කොහොම ස්තුති කරන්නද මන්දා. පොත ගන්න ලින්ක් එකත් දී තිබෙනවා. ගොඩක් ස්තුතියි ඩ්රැකී
ReplyDeleteඅපේ තාත්තගෙ යාළුවො පොත් ඉල්ලගෙන ගියාම, එයාම යන්න ඕනෙ ආපහු ඉල්ලගෙන එන්න. මට මතකයි එයා එහෙම ආපහු ගෙනාව පොත් සමහර විට රෙදිකෑල්ලක් තෙමල පිහදානව, “මුං වළං අල්ලන ගමං පොත් කියවල“ කියල. පස්සෙ පස්සෙ තාත්තයි මායි යාළුවන්ට පොත් දෙන එක අධෛර්යමත් කරන්න පටන් ගත්තා.
Delete/ඩ්රැකීට කොහොම ස්තුති කරන්නද මන්දා./
මං කිරි පැණි එහෙම කන්න ගොඩක් කැමතියි. හැබැයි කිතුල් පැණියි අම්පාරෙ මීකිරියි නම් තමා ගොඩක්ම ආස... හෙහ් හෙහ්...
අයිස්ක්‍රීම් එක්ක පපඩං එපාද?
Deleteහොඳ හිතිං, නිකං දෙනවනං පොලු පාරක් උනත් කමක් නෑ...
Deleteමෙව්ව වටින වැඩ..
ReplyDeleteජයවේවා..!!
බොටත් ජයවේවා..!! කැඩුන අණ්ඩ ඉක්මණට බිම ගැස්සේවා !!
Deleteනියම පොතක් වගෙයි. කියවල එඤ්ඤංකො එහෙනං.
ReplyDeleteඅර ප්‍රෙස් එක තාම තියෙනවද කියල හොයල බලන්න ඕන. හැක්..
සිරාවට හොයල බැලුවනං වටිනව.
Deleteකියවල ඉක්මණට වරෙං ප්‍රසෝ... මෙන්ඩ වගේ අතුරුදන් වෙන් නැතුව. බොල දෙන්න නැතුව බ්ලොග් ලෝකය අනාතයි.
ඔය වැඩිපුර කෑගහන උන් බහුතරය ඔහොමයි බං.......... ඒකනේ අපි සද්ද නැත්තේ.............
ReplyDeleteඅපි නේහ්...?
Deleteසිසිර කුමාර මාණික්ක ආරච්චි මමත් ආස ලේඛකයෙක් ; උපහාස ලිවීමේ දක්ශයෙක්
ReplyDeleteඇත්තටම. අපේ පරම්පරාවෙ බහුතරයක් අගය කරන, සෘජු ලේඛකයෙක් තමා මාණික්කආරච්චි...
Deleteමම උඔට කෝල් එකක් දෙන්නම්..
ReplyDeleteදියං දියං...
Deleteගිය තැන හොඳිං ඉන්න ලැබේවා උඹට.
උඹ නැතුව හරි පාළුයි බං.
(දැවැන්ත සුද්දියන්ට තෙරපි කොරන්න යද්දි පරිස්සමිං ඈ. යට වෙලා හුස්ම හිරවෙනකල් දන්නෑ...)
පොත බාගත කරගන්න ඕනේ...
ReplyDeleteස්තුතියි බං...
මම කමෙන්ට් එක කොටන්න කලින් බැලුවේ භූෂණ ගේ බ්ලොග් එක ගැන කවුරුත් කතා නොකළේ ඇයි කියලා...
මම භූෂණගේ http://biodiversityofsrilanka.blogspot.com කියන බ්ලොග් එක බලනවා, වැඩිය දෙයක් ලිව්වේ නැති උනාට ඒ තියෙන කරුණු ටික උනත් වටිනවා...
භූෂණ මාව මගේ ඇත්ත නමින් දන්නවා, ඒ වෙන තැනක අපි එකට කතිකාවන් ගොඩ නගලා තියෙන නිසා...
නමුත් මම දැනගෙන හිටියේ එයාගේ පාරිසරික පාර්ශවය පමණයි...
මේ බ්ලොග් එකත් බලන්න පටන් ගන්න ඕනේ...
මං ඒ බ්ලොග් එක දැනං උන්නෙ නෑ. ස්තූතියි ඒකට...
Deleteපොත කියවලා ම අදහස කියහං ලොකුස්... උඹට කෝල් එකක් දෙන්න තාම බැරි උනා බං. අමතක කරල නෙමේ, හැම තිස්සෙම මොකක් හරි වැඩක්. මේ කමෙන්ට් එක දාන්නෙත් ටෙන්ඩර් බෝඩ් එකක ඉන්න ගමං...
ඈ බං ඒ බූසකයා මේ ඩ්රෘකයද??? එක්කෝ ලොකු පුතා කියන දේ මට නොතේරේ..
Deleteලොකු පුතා මම නං කිහිප විටක්ම ඒක ෂෙයාර් කරල තියෙනවා. අනිවා උදේ පාන්දරම ඒකේ පෝස්ට් එකක් වැටෙනවා ඩේලි.. මං ඒක බලල තමා වැඩ පටන් ගන්නේ.. හිටපු ගමන් කියන්න තියෙන දෙයක් හරි වැරැද්දක් හරි කියනවා.. හැමෝම නොබැලුවට නිකමට හරි බලන්න ඕන දෙයක්..
පලි--/ පලිය දැක්කේ දැං නෙව.. මං එදා එනකොට තිබුනේ නැහැනේ.. මම නං බං කවදාවත් වැදගත්ම දෙයක් පලියට දාන්නේ නැහැ. ඒක වැඩි දෙනෙකුට ක්ලික් නොවේ.. ඒකනේ මම ලියපු දෙයක් ආපහු වෙනස් නොකරන්නේ.. හැක්
Deleteබූසකයා සහ ඩ්රෘකයා යනු එකෙක් නොව දෙන්නෙක් බව වගකීමෙන් කියා සිටිමි.
Delete(ඩ්රෘකයා යන්න උච්ඡාරණය කිරීමට අපහසු උදවියට දේශකයාගෙන් නොමිලේ සතියක වැඩමුළුවක්...)
ප/ලි ගැන දේශකයගෙ උපදෙස ට ගොඩක් ස්තූතියි... වැඩේ උනේ, මං මේ බ්ලොග ගැන ලියනවා කියල හිතාගෙන පෝස්ට් තුනක් ම දැම්මා. එකකටවත් මේ ගැන ඇතුලත් කරන්න බැරි උනා, මග ඇරුණා. ඉතිං මේකටවත් ලියනව කියල හිතා ගත්තා. පොස්ට් එක දැම්මට පස්සෙ තමා ආයෙම මතක් උනේ. ඉතිං ප/ලි යට දැම්මා.
පළමුවෙන්ම ඩ්‍රැකියට ස්තුතියි මගේ අලුත් බ්ලොගයේ ආරම්භයේ සිටම වාගේ පාඨකයෙක් ලෙස සිටීම සහ නැවතත් එයට හොඳ ප්‍රචාරයක් ලබාදීම ගැන. මගේ පැත්තකට බරව ලිවීම ගැනත් කියලා තිබ්බානේ :) . ඒක මමත් පිලිගන්නවා. මට පැත්තක් තියෙනවා. හැබැයි ඉතිහාසය ගැන ලිවීමේදී ඒ පැත්ත වෙනුවෙන් ප්රලාඵ නොකියා පිළිගත හැකි සාක්කි ඉදිරිපත් කිරීමට තමා හැම විටම උත්සාහය.
ReplyDeleteලොකු පුතා කවුරු උනත් මාව දන්නේ ලංකාවේ වනජීවින් ගැන මගේ බ්ලොගයෙන් බවයි පේන්නේ. කෙසේ නමුත් ඔබටත් ස්තුතියි.
ඔබ හරි යැයි විශ්වාස කරන පැත්ත ඔබ නියෝජනය කිරීම ගැන කාටවත් ප්‍රශ්න කරන්න අයිතියක් නෑ. ඒක නෙවෙයි මම ඔබගෙන් උකහා ගන්නෙ. මා නොදන්න යථාර්ථවාදී ඉතිහාසයක පැතිකඩක් ඔබේ බ්ලොගෙන් නිරූපණය වෙනවා. (ඒක ගැන හරිහමං විදිහට උඩ ලියන්න බැරි වුනා කියල හිතෙනවා.) ඔබ විශ්වාස කරන පැත්ත ගැන තත්‍ය සාධක ඉදිරිපත් කිරීම තමා ඉතාම වැදගත්. මොකද, අපේ ඉතිහාසයෙන් හිතා මතාම ඔය කාරණාවල් හංගලා තියෙන්නෙ. මහාවංශයෙ මේ කාලය ගැන කියල තියෙන්නෙ කලා සංගම්, ශබ්දකෝෂය සංස්කරණය කිරීම වගේ දේවල් මිස, දේශපාලනය ගැන නෙවෙයි. ඒ නිසාම තමයි ඔබේ බ්ලොග් එක ගැන ප්‍රසිද්ධියක් ලබා දිය යුත්තේ. මටත් මුලින්ම අත දුන්නෙ මාතලං. ඔහුගෙ සින්ඩියෙන් ඔබට හොඳ ප්‍රසිද්ධියක් ලැබෙි කියා විශ්වාස කරනවා.
Deleteඅඩේ...දාහං පහක්... පහක් නෙවෙයි දහයක්... පිටු දහයක් විතර කියෙව්වා... බාගෙන කියවල එන්නම්... උඹ ඕක දාන්නෙ උඹේ තාත්තගෙ දැක්ම උඹේ දැක්මම නිසා.. ඩොක්ට කොවුර් කාලෝ ෆොන්සේකා (දැන් නම් ගන්න දෙයක් නෑ) අදහපු ඉස්කෝලෙ යන කාලෙ ඉස්කෝලෙට ගෙන්නලා දේශන තියන්න මූලිකවුනු , හේතුවාදීන්ගේ සංගමයේ සාමාජිකයෙක් වෙච්ච අපේ තාත්තත් ඔය විදිහේ අදහස් දැරුවෙ.. මල් හතයි...
ReplyDeleteදැරුවෙ කිව්වට දැනුත් එහෙමම තමා... දවසක් මට මතකයි තාත්ත වන්දනාවක යනගමන් බනිනව කතරගම දෙයියන්ට " යකෝ කතරගම දෙයියන්ගෙ අඹුඩෙ ගැලෙව්වම පේන්න තියෙන්නෙ මොකක්ද දන්නවද? ඉටිපන්දම් මිටියක් වගේ හයකුයි, ඒ වටේට මල් මාලෙ දැම්ම වගේ බෝල දොලහකුයි". මට මැරෙන්න හිනා... නැන්ද කෙනෙක් කියනව "යකෝ කට වරද්දගන්නෙ නැතුව කටවහගෙන පලයන්" කියල... ඒ පාර තාත්ත කියපි "අනේ උඹ නිකං හිටපං.. මම මේක දකුණට කපනකොට වමට කැපෙනවනං, බ්රේක් පෑගුවම තව හයියෙන් යනවනං උඹේ අබ්බගාත දෙයියව විශ්වාස කොරන්නං" කියල.. සමහරුන්ට මේ කතාවත් සැර වැඩි ඇති.. මොනව කරන්නද.. එහෙමමයි අපේ තාත්ත කිව්වෙ..
Deleteඒක අපේ පරම්පරාවෙම තියෙන දෙයක් වගෙයි. අපේ තාත්ත කියනවා, එයාගෙ තාත්තත් (ඒ කියන්නෙ අපේ විලියොං ආත) ඒ වගේ සම්ප්‍රදායට පටහැණි කතා කියනවයි කියලා. උදාහරණයක් විදිහට, එයා කියනවලු, සිරීපාදෙ තියෙන්නෙ බුදුන්ගෙ සිරිපතුල නෙමෙයි කියලා. එයා කියන විදිහට, මිනිස්සු තමංගෙ පණ එපා කියල, දුර බැහැර ගෙවාගෙන, කඳු නැගගෙන, ජීවිතේ පවා අවදානමට ලක් කරගෙන ගිහිං තමංගෙ සිරිපතුලට වන්දවන්න බුදුන් අපේක්ෂා කරන්නෙ නෑ කියල...
Deleteසජ්ජගෙ තාත්තත් නියම තාත්තෙක් මචං. ගොඩක් උදවිය නිදහසේ හිතන්නෙ නෑ. පරම්පරාවෙන් පැවතෙන දේවල් ඔළුවෙ පුරෝගෙන ඉන්නවා. නිදහසේ හිතන උදවියටත් උං අරක මේක කියනවා මිස, අරූ කිව්ව එකේ ඇත්තක් ඇති නේද කියල හිතන් නෑ.
ස්කන්ධ දෙවියන් උපන් හැටි කියන එක කතාවක තියෙනවා, පාර්වතී ළමයි හය දෙනෙක්ව එකට බදාගෙන, ඒ ළමයි හයදෙනාම එක ළමයෙක් උනාය කියලා.
තව කතාවක තියෙනවා, උමා සති පූජාවෙන් මියගියාට පස්සෙ (ඒ කතාව ටිකක් දිග කතාවක්) ඊ්ස්වරය තපස් රකින්න ගියාලු. උන්දැ නැතුව දේව සේනාව අසුරයන් අතින් පැරදෙන්න ගියාලු. ඒකට පිළියම විදිහට විෂ්ණු කිව්වලු, ඊ්ස්වරයගෙං දරුවෙක් බිහිකරගන්න ඕනෙයි කියලා. ඒ වෙනකොට උමාව ආපහු ඉපදිලා පාර්වතී නමින්. එයා ශිවට උපස්ථාන කරනවා. ඒ උනාට තමංගෙ තපස නිසා උන්දැ පාර්වතී දිහා බලන්නෙවත් නෑ. පස්සෙ අනංගයා ශිවට ඊයක් විදිනවා. ඒකට තරහ ගිහිං ශිව තමංගෙ තෙවැනි ඇහෙන් අනංගයා දිහා බලපු බැල්මට, ඌ ගිණි අරං “අනංග“ බට පත්උනා. අනංගයගෙ ඊයෙ බලෙං ශිවගෙ කාමය ඇවිස්සිලා, පාර්වතීට පුළුවං උනා උන්දැගෙං දරු බීජ හයක් ම ලබාගන්න. ඒ බීජ හය පොකුණක දාලා මෝරවලා, එයිං තමා ස්කන්ධ දෙයියො උපදින්නෙ.
මේ කතා දෙකෙන්ම පේන විදිහට, පුද්ගලයන් හයකගෙ එකතුවෙන් තමා ස්කන්ධ දෙයියො හැදෙන්නෙ. ඒ අනුව සජ්ජගෙ තාත්තගෙ කතාව හරියටම හරි...!
යකෝ මල් මසුරංනෙ! දන්නෑනෙ මෙහෙම පොතක් තිබුණා කියල අපි! හිටිං පොඩ්ඩක් කියෝලම එන්ට.
ReplyDeleteකියෝපිය. බොලා ඊයෙ ඉට්ටැයික්නෙ. පොතක් නෙවෙයි ඉන්සයික්ලොපීඩියා එකක් උනත් කියවන්න කාලෙ ඉතුරුයිනෙ...
Deleteමාතලන් ගැන සඳහනක් තියෙනවා කිව්වමයි දැන් ගත්තේ උඹ ආයේ ලියනවය කියලා.. ඒක උඹේ වැරද්ද නෙමෙයි මගේ වැරැද්ද... උඹට බොහොම පින්.. කාළෙකින් මේ පොත දැක්කේ.. ඒ වගේම අර සිංහ ලේ බොගත් සින්ඩියට දාගත්තා..
ReplyDeleteහරි හරි උඹේ එකත් දා ගත්තා.. දැං මිස් වෙන එකක් නෑ..
මට කවදාවත් අමතක වෙන්නෙ නෑ, මගෙ බ්ලොග් එක පටං අරං කිසි ලකයක් නැතුව ඇදිල යන කාලෙ මාතලං, මගේ එක කමෙන්ට් එකක් දැකල, මාව හොයාගෙන ඇවිත්, සින්ඩියෙත් එල්ලගෙන, මං ගැන වෙනම සින්ඩියෙ ලියලා, මට දුන්න පබ්ලිසිටිය. ඒකෙන් ගොඩක් කීර්තිමත් බ්ලොග් කාරයන් මා ගැන දැනගත්ත.
Deleteගොඩක් ස්තූතියි ආයෙම සින්ඩියට දාගත්ත එකට... ඒ වගේම, මට අත දුන්න වගේම භූෂණටත් අත දෙනවට ඊටත් වඩා ස්තූතියි!
මගෙත් තියෙන කම්මැලිකම... මං මාතලංගෙ ලිපි ඔක්කොම කියවන්න එනවා. ඒ උනාට කමෙන්ට් එකක් දාන්නෙ කලාතුරකිං.
මචෝ ඇත්තටම අහලවත් තිබ්බෙ නෑ මේ පොත ගැන...
ReplyDeleteපීඩීඑෆ් එක බාගත්තා...
ස්තුුතියි ඈ.. මේ ල හෙට දාන්නාං
ජ ය වේ වා !!!
මේල?
Deleteහෙට?
කමක්නෑ බොටත් ජයවේවා!!!
මගේ පලමුවෙනි කමෙන්ට් එක. මෙච්චර දවසක් ඇවිත් කියවලා විතරක් ගියා. මේ පොත මිල කරන්න බැරි අගයක් මට. ඒබ්‍රහම් ටී කොවුර් මහතාගේ දෙවිවරු සහ භූතයෝ පොතත් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කළුනික සෙවීම, සිංහල ලකුණ පොතත් මං ඉතා ආශාවෙන් කියවා සත්‍ය හා මිත්‍යාව අතර දෝලනය වන මිනිස් සිත් පිළිබඳව යමක් දැනගත්තා. ඒත් මේ ලේඛකයාගේ පොතක් කියවලා තිබුණේ නැ. අයියා ඔයාට ස්තුතියි ගොඩාක්.
ReplyDeleteජයවේවා..!!!
සුජීවා අබේගුණවර්ධන.
හෆොයි, මං හිතං උන්නෙ මේ සුවිට් මල්ලියෙක් කියලනෙ...
Deleteස්තූතියි නංගා අගය කිරීමට. මේ ලේඛකයා ප්‍රසිද්ධ කවියෙක් හැටියටයි. මේ වගේ ලියමන් නිසාම මෙයා අධිපතිවාදී සාහිත්‍ය ක්ෂේත්‍රෙයන් යටපත් කෙරිලා වගේ පේනවා.
ජයවේවා..!!!
ව්ලැඩිස්ලෝස් ඩ්‍රැගූලියා. :-)
සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත
ReplyDeleteබොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
ණයට නොදුන්නානම් අංක3ද
තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද
e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්න
e l b 4 -> 1919
Delete(අර දෙන තෑග්ගෙං කැටපෝලෙයක් හදාගන්න පුළුවං ඇති නේ?)
Bra is Back to Normal
Deletemath jangiyak dipiyoooo
Deleteවෙල්කම් බං. උඹ නැතුව හිටපු කාලෙ හරියට මාස දෙකක් විතර වගේ දැනුනා...
Deleteගොඩක් ස්තූතියි .. මේ පොත හොයාගන්න විදියක් නැතුව හිටියේ.
ReplyDeleteසිරාවට කසුන්? තව තියෙනවා. මගෙ කල්පනාව මාසෙකට එකක්වත් දාන්නයි...
Deleteඑල එල .. කමෙන්ට්ස් නොදැම්මට බ්ලොග් එක ගොඩක් කල් ඉදල කියවනවා ගජ බින්න ටික එහෙම මරු :)
Deleteටැංකිව් ටැංකිව්...
Deleteඔක්කොටම කලින් ඉස්කොතුයි කිව්වා ඕං පොත අපි එක්ක බෙදා ගත්තට....
ReplyDeleteපී.දී.එෆ් එක බා ගත්තා නිවාඩු පාඩුව කියවන්න.....
ඉස්කෝතුවට ඉස්තූතියි වාකා... ඔබෙ සැප මගෙ සතුටයි.
Deleteමේ පොත හයේ පන්තියේදී කියෙව්වේ. තව පොත් කීපයක් තියනවා මතක නැහැ. පවුල් ගහ වගේ එකක් ලිව්වා නේද.
ReplyDeleteමාත් සෑහෙන පොඩි කාලෙදි තමා මුලිම්ම කියෙව්වෙ. "මනෝරාජ්ජේ" කියල එකක් නං මතකයි.
Delete"යනු කී හෙයින්" හා "සාගරයක් මැද අමන රටක් ඇත" පොත් දෙක කියවල තියනව.
ReplyDeleteමේක නෑ.
ස්තුතියි
සාගරයක් මැද අමන රටක් ඇත පොත මං ගාව තියෙනවා. ඊළඟට ස්කෑන් කරන්න හිතං ඉන්නෙ. යනු කී හෙයින් සහ කියග මගිය මා ළඟ නෑ... පුළුවන්නං පිංවෙතෙක් හොයල දෙන්න.
Deletealut ekak liyamu
ReplyDeleteඋඹ තුමා එනකං උන්නෙ ලියන්ඩ...
Deleteදෙය්යෝ බොට බොහෝ පිං. කාලයක් හෙව්ව බඩුවක්
ReplyDeleteබොටත් ගොඩක් පිං, මට මේල් එකෙන් කොනිත්තලා මේක ඉක්මන් කෙරෙව්වට...
Deleteබෝ පරණ පොත් වලට කැමති එකා නොවැ මේක බලහන් පොඩි කාලෙට සුරුස් ගලා ගියැකි.
ReplyDeleteපරණ රුසියන් පොත් ඔක්කොම වගේ තියනවා
http://www.sandakirana.com/
උඹ නං දෙයියෙක් සිරිස්... දේවාලෙයක් එහෙම්පිටිම්ම...
Deleteහද්දා පරණ පොතක් නේ? එහෙන් මෙහෙන් කියෙව්වා...පට්ට වගේ...
ReplyDeleteකියවපං රූපේ, කියවපං. උඹට වැදගත් වෙයි...
Deleteමුළකුර Y කියන්නේ යාත්‍රාමුල්ලගේ ද?
ReplyDeleteඅපේ යාළුවෙක් හිටියා ඔය පැත්තේ සිසිර යාත්‍රාමුල්ල කියලා. දේශීය වෛද්‍ය ඉගෙන ගත්තා විශ්වවිද්‍යාලයේ.
යාත්‍රාමුල්ලගේ සිසිර ගාමිණී කියන්නෙ අපේ තාත්තගෙ බාප්ප කෙනෙක්ගෙ ලොකු පුතා. අපේ ගෙදරට ඉස්සරහ ගෙදර...
Deleteහොඳ යාළුවෙක්. කාලෙකට පස්සේ ගිය වසරේ පිලියන්දල දී හමුවුණා.
Deleteඇත්තටම එයා යහපත් මනුස්සයෙක්... එයාගෙ යාළුවෙක් කියල අහන්න සතුටුයි.
Deleteඩ්රැකී සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ කියග පගිය, අපේ පොතෙ ඔහොම නැතේ, සාහිත්‍ය කොල්ලය වගේ පොත්සැට් එකම තිබුනා! පොත් හොරු ඒවා හොරා කෑවා! දැන් තියෙන්නේ සාහිත්‍ය කොල්ලය විතරයි! අනර්ඝ ලිපියක්!!
ReplyDeleteඅයියයියියෝ!!! අහන්නත් දුකයි...
Deleteබැරිද සාහිත්‍ය කොල්ලය ස්කෑන් කරල දාන්න?
මේක හොද ලිපියක්.අපේ බ්ලොග් එකෙත් දල තියනවා
ReplyDeleteHelakuru application 1දගන්නෙ කියලා.ගිහින් බලන්න
ලිංක් එක ක්ලික් කළාම බ්ලොක්ඩ් කියල එනවනෙ...
Deleteමේ පොතේ පිට කවරය නැතිද?
ReplyDeleteතිබේ නම් ඡායාරූපයක් එවන්න
rasika.suriyaarachchi@gmail.com
පීඩීඑෆ් එකේ තියෙනවා පිටකවරය. මුලු පොතම එව්වා ඔන්න.
Deleteඒ කියන්නෙ... ප්‍රසන්නව ප්‍රින්ට් කරලා තියේද
ReplyDeleteපසුව බාගෙන..... ඊටත් පසුව බලන්ටම් ඩ්රැකී
අනේ... තවුසෙ කියෙව්වොත් යමක්, ඒ ඉතිං ලබන ආත්මෙ වගේ තමයි
Delete78AD97B0EC
ReplyDeletebot takipçi instagram
4F32B2D8AC
ReplyDeletekadın takipçi
Roblox Şarkı Kodları
MMORPG Oyunlar
İdle Office Tycoon Hediye Kodu
Stumble Guys Elmas Kodu
Erasmus Proje
Hay Day Elmas Kodu
Kazandırio Kodları
Google Yorum Satın Al