කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කතා ඇතුළත් ළමා පොතක් මට උරුම උනේ අපේ අම්මාගේ අම්මාගෙනි. එයින් මගේ හිතට තදින්ම ඇල්ලූ කතාව මුලිම්ම පළකරන්නට අදහස් කරමි.
එක්තරා කාලයක, එක්තරා රටක කැකිල්ලේ රජ නම් රජකෙනෙක් සිටියා. කැකිල්ල කියන්නේ පඹ වැල් මෙන් ගාලට හැදෙන ගණ සැර වැල් ජාතියක් යැයි ඉහත පොතේම සඳහන් වෙනවා. ඒ කැකිල්ල ගාලක පැටළුන කෙනෙකුට ලේසියෙන් ගැලවෙන්නට බැරිය. තව තවත් පැටළි පැටළී අවුල් ජාලාව මැදටම යන්නට සිද්ධ වන්නේය. ඒ නිසා, මෝඩකම් පිට මෝඩකම් කරමින් සියල්ල අවුල් කරගන්නා රජාට කැකිල්ළේ රජු කියා නම් කර ඇති බව තිබුණේ ද ඒ පොතේම ය.
හොඳයි ඔන්න එහෙනං කතාව.
දවසක් කුණාටුවකට අහුවුන වෙළෙඳ නැවක් මේ රටට සේන්දු වුනා. ඔය නැවේ හිටපු ඔටුවෙක් කොහොමින් හරි ගොඩබිමට ඇවිත්, බල්ලන්ට, මිනිස්සුන්ට, වන සත්තුන්ට බයේ රට මැදටම ආවා. මේ ඔටුවා දැකපු මිනිස්සු මේ මොන සතෙක්දැයි පුදුම වුනා. කොහොමින් කොහොමින් හරි මේ සතා ගැන රජවාසළටත් ආරංචි වුනා. ඉතිං රජ්ජුරුවොත් දෝළාවෙන් පිටත් වුනා මේ සතා බලන්ඩ.
රජතුමා යනකොට, සතා එක තැනක උලා කකා ඉන්නව. කොහොම සතෙක්ද කියල දන්නැති නිසා මිනිස්සු ඌව අල්ලන්ඩ ළං වෙන්ඩ බයයි. රජතුමා දෝළාවෙන් බැහැල, එතුමට හදල තිබුණ ආසනයක ඉඳගත්ත. එතනට ළං වුන මහඅධිකාරම රජතුමාගෙන් බොහෝම යටහත් පහත්ව ඉල්ලා සිටිය, “මේ සතා මොකෙද්දැයි කියල මේ අසරණ නුනුවණ මිනිස්සුන්ට තෝරා දෙන්ඩ“ ය කියල.
රජතුමා අර සතා දිහා හොඳට බැලුවා. බලල එකපාරටම රජතුමාට කඳුළු ආව ඇස් දෙකට. එයිට ටික වෙලාවකට පස්සෙ රජතුමා හොඳටම හිනා වෙන්න පටං ගත්තා.
දැන් නං මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නෙ මේ සතු මොකාද කියන එක නෙවේ. රජතුමා ඇඬුවෙ ඇයි, ඊට පස්සෙ හිනා වුනේ ඇයි කියන එක තමා ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ ය. ඉතිං එක එකා කසු කුසු ගගා, පරණ සමාජයෙ ධූරාවලියෙ අනුපිළිවෙලට ප්‍රශ්නෙ ඇවිත් මහ අධිකාරම ළඟටම ආවා ය. මහාධිකාරමත් රජ්ජුරුවන්ට ළං වෙලා, රජතුමාගෙන් බොහොම යටහත් පහත්ව කිව්වා, “මේ සතා මොකෙද්දැයි අපට පසුව කියා දෙනු මැනවි. ඊට කලින් ඔබතුමා ඇඬුවේ ඇයිද, හිනාවුනේ ඇයිද කියන කාරණේ මේ අසරණ මිනිස්සුන්ට කියා දෙන්ඩ“ ය කියලා.
“බොලව්...“ රජතුමා උත්තර දෙන්ඩ පටං ගත්තා. “අනේ තොපි වගේ ගොං රැළක්. තොපි මොකෙක් හරි සතෙක් දැක්කහම ඒකත් තෝරල දෙන්ටය කිය කියා මා ගාවටමයි එන්නෙ. මං නැති කාලෙක තොපිට පිහිට වෙන්ඩ ඉන්නෙ කවුද කියලා මට තොපි ගැන බොහොම දුකයි. ඒකයි මට කඳුළු ආවෙ.“
“එතකොට හිනාවුනේ?“ මහාධිකාරම ආයෙමත් පාත් වෙලා පහත් හඬින් ඇහුවා.
“තොපිට තියා මටවත් මේ සතා අඳුරගන්ඩ බෑ බොලව්. මාත් උපන්තේකට මෙහෙම සතෙක් දැකල නෑ. ඒක මතක් වෙලා පස්සෙ මටම හිනා ගියා“ කැකිල්ලෙ රජතුමා මහ හයියෙං හිනාවෙලා, කියල දැම්මා.
ප/ලි
ඊට පස්සෙ රජා ඔටුවටයි මහ අධිකාරමටයි මඩුවලිගෙං ගහන්ඩ නියම කළා ද කියා ඒ පොතේ තිබුනෙ නැත.
මීට කලිං ලියන ලද ජන කථා මෙන්න.
tika dawasak nihadathawayakin passe breakfast ekak neda Draky.
ReplyDeletemekath Binna wage rasawath lassana subject ekak wewi.
Deletekohomath episode pahalowak wissakwath liyanna prathipadana labewi kiyaa sithanawa.
subapathum....!
සිංහල හදා ගනින් මස්සිනේ
Deleteමහා සෙනරත්,
Deleteමං සිංහය වගේ තමා. සිංහයත් දඩයමක් කරගෙන බඩ පුරෝගත්තහම දවස් ගාණක් නිදාගන්නව. ආයෙ ඇටකටු ටික පෑදුනාම නැගිටල ගිහිං තව දඩයමක් කරගන්නව. මාත් එක පෝස්ට් එකක් දාල, කමෙන්ට් කියෝ කියෝ ඉන්නව සතියක් හමාරක් විතර.
කැකිල්ලෙ රජ්ජුරුවංගෙ කතා තියෙනව දහයක් විතර. ජනකතා නං ඉතිං අසීමිතව හොයගන්න පුළුවං නෙ. නොනවතින සීරීස් එකක් තමා මේක.
මෙන්ඩොඃ,
වෙල්කම් බං.
අපි ලග වල්කම් නැහැ බං...අපි දහම් පාසල් ගිය කොල්ලෝ
Deleteඋඹ දහම් පාසල් ගියා? වැස්සට වෙන්නැති?
DeleteApe samaharuth hariyata king kekille wage. melo deyak danneth ne. Nodanneth ne.
ReplyDeleteHeeeee.
Den balapalla me Google Chrome aula. Ekath nikan paba galak wagene.
4ne eken evith wath Comment ekak kotanna be.
Unicode aula nisa singlish commentuwata geththata anukampa koranda Dracky Unnehe.
:-D :-D :-D
මටත් උදව් කරේ ඉයන්. ඉයන් ලග සිංහල ලින්ක් ඒක තියනවා මෛල් එකක් දාලා ඉල්ලගනින්
Deleteඋම්මා...
Deleteඒත් ඉයන ගෙ මේල් අයි ඩී එක නෑනෙ බොල
හුහ්.. ඒක කොහෙන්ද හොයාගන්නෙ
මහේෂ්,
Deleteඖං මං අනුකම්පා කොළා. මං නං ඔය ගූගල් අවුල එච්චර ගණං ගන් නෑ. ඔහෙ කොටනව.
මෙන්ඩො, ඉයන්ට කොහෙ මෛල් එකද්ද දාන්ඩ ඕනෙ?
mendissajith@gail.com
Deleteමට මෙලක් දාපන්
gail.com කියන්නෙ?
Deleteමූ ගූගල්ලා දෙන සේවාවෙන් ඉවත් වෙලාලු.. gail වලින් උබත් එකක් හදාගනින්. මාත් හදාගන්න ඉන්නේ..
Deleteඔය jail.com කියන එකද බං වැරදිලා වැදිල තියෙන්නෙ.
Deleteඅනෙ අම්මේ ඕවට මේල් යවල අපිට බන්ධනාගාර රෝහලෙන් කන්න බෑ.
සිංහ,
Deleteමූ අර කාලෙකට ඉස්සර විමල් ලගෙ උද්ඝෝෂණයට බයවෙලා ද කොහෙද.
ප්‍රෙසා්,
උඹට තමා බැරි. ආං උඩුවට පුළුවංලු.
තොපි පාප මිත්තරයෝ අකුරක් වරදින්න බැහැ කන්න බලගෙන්න ඉන්නේ
Deleteකාරල්ලො මරු බයිට් එකට...
Deleteඔය ඔටුව ඇවිත් තියෙන්නෙ අපේ ජාතික ගීය අරාබි භාශාවෙන් අහන්න කියල අපේ කැකිල්ලේ රජතුමා කිව්ව.
ReplyDeleteනැත්තං බ්‍රා එකක් ඉල්ලං යන්ඩද දන්නෑ...?
Deleteඇයි යකෝ වලෙන් පිටට චු ගියත් මාවනේ අහුවෙන්නේ
Deleteආ... උඹත් බ්‍රා ගැන ප්‍රසිද්ධ වෙලා උන්නනෙ නේද?
Deleteතවමත් බ්‍ර තමයි
Deleteචැහ්... මේ මෙන්ඩට මඩු ටේල් එකෙන් ගහන්න එපැයි.
Deleteමෙන්ඩො,
Deleteඒ උනාට උඹ ඕල්ඩ් නිවුස් බං. දැං ප්‍රසිද්ධ මහා පරාක්‍රමබ්‍රාහු... බොරුනං ගූගල් ගහල බලහං.
ප්‍රෙසා්,
ඕකට කියන්නෙ Hut tail කියල.
කැකිල්ල ගාල් වල පැටලෙන්නේ නැහැනේ බං...
ReplyDeleteඅනික කැකිල්ලේ රජා ඒ වෙලාවේ මෝඩ විදිහට හැසිරෙන්නේ නැහැ නේද...
මෙතන නං කැකිල්ලෙ රජා මෝඩ නෑ. හෙන ජොලි පොර...
Deleteමං කැකිල්ල කියන ගස් ජාතිය දැකල නෑ ලොකුස්. ඒ පොතේ තිබ්බ දේ තමයි කිව්වෙ. සමහර විට පොත ලිව්ව උන්දැත් දැකල නැතුව ඇති. මට මතක හැටියට “ඇඩිවින් රණවක“
තොට මඩු වල්ගෙන් ගහන්න එපෑ...
Deleteමෙන්න කැකිල්ල බලා ගනින් අර ලින්ක් එකෙන්...
http://biodiversityofsrilanka.blogspot.com/2011/11/kekillawire-fern-dicranopteris-linearis.html
දැක්ක මයෙ දෙය්යෝ දැක්ක. ඔය ජාතිය අපේ නාන ළිඳෙත් තිබ්බ. ඒකට කියන නම තමා දැනං උන් නැත්තෙ.
Deleteඅනේ ඉතින් රජා ඔටුවටයි මහ අධිකාරමටයි මඩු වලිගෙං තලන scene එක නැද්ද අප්පා...හැක් හැක්...ආසාවෙන් කියෙව්වා මම ඩ්‍රෑක්
ReplyDeleteකැකිල්ලෙ රජ්ජුරුවංගෙ මරු සීන් එකක් තියෙනව ඊ ළඟට දාන්නං.
Deleteටැංකිව් ටැංකිව් බොස්...
ReplyDeleteමේ කථාවෙන්නම් රජා මෝඩයි කියල කියවෙන්නේ නැ නේ ?
මඩු වලිගෙන් තලන් ඩ වෙයි කොහොමත් මොකද සතා අමු හෙලුවල්ලෙන්නේ ඉන්ට ඇත්තේ හිටං .
රජා මෙතන නං මෝඩ නෑ. ජොලි.
Deleteඔටුව හිටං තමා ඉන්නැත්තෙ. උලා කකා හිටිය කියලනෙ කතාවෙ තියෙන්නෙ.
:D
ReplyDelete(:
Deleteහෙට එඤ්ඤං
ReplyDeleteරජ්ජුරුවන්ගේ මල්ලි මේ ඉන්නේ
Deleteප්‍රසා,
Deleteහා.
මෙන්ඩො,
එතකොට උඹ?
උෘ ඔටුව
Deleteඌ ඔටුව නෙවෙයි ලාම. ඔටුව තව හොඳා...
Delete:O
ReplyDelete(0:
Deleteග්ර්ර්ර්ර්..........
ReplyDeleteසුජී ළඟදි ජුරාසික් වර්ල්ඩ් එහෙම බැලුවද?
Delete(-)
Delete(!)
Deleteපඹ කිව්වා නේද ?? හික්.....
ReplyDeleteලංකාවේත් ඔටුවො නෑනෙ, ඒත් කොහොමද ඔටුවා කියලා වචනයක් තියෙන්නේ ???
ඔන්න නූතන කැකිල්ලේට පුරස්නයන්. වෙන වැඩකුක් නැති එකේ විසදයි කියලා බලාපොරොත්තු වෙනවා.. යන එන ගමන්වත් හික් හික්....
මෙන්න මෙතන තියෙනව ඔටුව කියල වෙන වෙන භාෂා වලින් කියන හැටි.
Deletehttp://www.indifferentlanguages.com/words/camel
ඒකෙ හැටියට, ළඟිංම යන වචනයක් තියෙන්නෙ දෙමළෙ විතරයි. ඒ “ඔට්ටහම්“ මැලේ සහ ඉන්දුනීසියානු භාෂෘ වල කියන්නෙ “උන්ටා“ කියල.
එක්කො අපට ඔටුව ඇවිත් තියෙන්නෙ දෙමළෙං. එහෙම නැත්තං භාෂා දෙකේම සම සංස්පර්ෂයක් වෙලා තියෙනව මේ සතා ගැන.
ළංකාවට ආව මුස්ලිම් වෙළෙන්දො භාවිතා කළේ දෙමළ. ඒ, ඒ අය ලංකාවට ආවෙ ඉන්දියාවෙ ඉඳං නිසා වෙන්නැති. ඒ අනුව ඔටු වචනෙ ආවෙ දෙමළෙං කියන මට හිතෙනව.
පොඩි මෙන්ඩට...
ReplyDeleteඋබ හොරට කතාව ලියලා තියන්නේ තව දෙකක් තුනක් ලියපං
උඹ ඇක්ටිව් ද කියල බලන්ඩ මුට්ටිය දාල බැලුව. ඊළඟ කතා සිරාවට ලියන්නං බං...
Delete//එහෙයින් කියවීම සහ තමංගේ ළමයින්ට කියාදීම ඉතා ප්‍රවේසමෙන් කළ යුත්තකි.//
Deleteඅනිවා ප්‍රෙසා්. මං හිතන්නෙ ඔය ඩිස්ක්ලේමර් එකත් එක්කම කියා දුන්නනං, පොඩි උං හිතන්න පටං ගනියි...
Deleteමේ කථාවෙන් ගන්න තියන ආදර්ශය මොකක්ද?
ReplyDeleteජ ය වේ වා !!
"කාර් වල නොයා ඔටුවා පිටේ යාමෙන් තාප්ප රැකගත හැකිය"
Deleteබුහ් හහ් හා...
Deleteපට්ට කතාව හිහි
කාර් වල රිවස් ගියර් එක අයින් කල යුතුයි
Deleteමාෂල්,
Delete“ලෙඩ වූ යාළුවන් බලන්නට යාමෙන් කවුපි කන්නට හැකිවේ.“
කටුස්,
තාප්පෙ ගැන සිරා කතාවක් මෙතන තියෙනව.
https://drackey.blogspot.com/2013/04/blog-post_23.html
මෙන්ඩො,
එතකොට පස්සට රිවස් කරන්නෙ කොහොමද? මං කියන්නෙ මාෂල් වරුන්ට දෙන වාහන වල ඔය විදිහට ගියර් බොක්ස් එක මොඩිෆයි කරන්න ඕනෙ. ගරාජ් වලට අමතර බිස්නස් එකක් වෙයි ඒක.
මාර්ෂල් වරුන් ඔටුවන් උනොත් රජාගේ ඇට දෙකවත් පරිස්සං කරගත නොහැක.
Deleteප්‍රෙසා් මරු බං.
Deleteසපත්තු මාරු කර පැළඳීම අවට සිටින්නවුන් හට කෘෘර අන්දමින් පස්සට බලපානු ඇත.
@ හැමෝටම..
Deleteහරි ආර්ශ ගොඩාක් තියනවා හැම එකම හොදට තේරුං ගත්තා..
ස්තුතියි ඔබලාට..
බු දු ස ර ණ යි !!!!!
මචං විදානෙ, හනේ බං විහිළු කළේ...!!!
Delete"...නාඩං මාෂල් නාඩං අපි විහිළු කළා
එන්නද ගොහිං ප්‍රසන්නයගෙ හොම්බ තලා..."
එහෙම උනොත් මාෂලයා වැඩට ගිහින් හමාරයි. හැක්..
Deleteමර්වින් සිල්ව හමර් එක ගත්ත ගමං මුලිම්ම ගියෙ දළදා මාළිගාවටලු. ආසාවට ඌම එළවං ගියාලු තනියම. කැළණියෙං උදේ රැයිම්ම පිටත් වෙලා ගිය මිනිහ එනකල් ගෑණි බලං ඉන්නවලු, එදා රෑ වෙනකල්ම ආවෙ නෑලු. පස්සෙන්දත් ආවෙ නෑලු. ඊටත් පස්සෙන්ද හවස මෙන්න මර්විය මිදුලට රිවස් කරනවලු හමර් එක, බැණ බැණ. ගෑණි දුවගෙන ගියාලු එතෙන්ට. මර්විය බණිනවලු,
Delete"මුංගෙ අම්මට -------- මුං මේ මහලොකුවට හමර් කියල එව්වට, බල්ලෙකුට වටින්නෑ මෙව්ව... මේකෙ ඉස්සරහට යන්ඩ ගියර් පහක් තියෙනව. ආපහු එන්ඩ හයි කරල තියෙන්නෙ එකයි අම්මට ------"
පොරටම උන වැඩක් ඔටෝ ගියර් ඒක අරගෙන රියදුරාට කත කරලා ඇහුවලු "N" කියන්නේ රැට එලවන ගියර් ඒක "D" කියන්නේ දවල්ට එලවන ඒක නේද කියලා .
Deleteඒහ්, නෙවාරා ඩබල් කැබ් එක ඔටෝ ගියර්ද?
Deleteඅර කැකිල්ලේ රජ්ජුරුවන් ගැන මුලින් කියල තියන කතාව හරි ඇති. මොකද අර කැවුම් ගැන කවියකුත් කියල දීල තියන්නේ ඔය සුද්දෝ නේ. අපේ සිංහල මිනිස්සුන්ව පහත් කරලා සලකන්න.
ReplyDeleteඔය ගැන නාරද සහ කොලට් ලියල තියෙනව පොතක්. “මහදැනමුත්තයි ගෝලයො රොත්තයි“ කියල. මං දැක්ක ස්ක්‍රිබ්ඩ් එකේ තියෙනව.
Deleteකැකිල්ලෙ කිවුවා නේද...? හැබැයි ඉතින් කැකිල්ලෙ රජ්ජුරුවෝ දීලා තියෙන උත්තරෙන් නම් පේන්නෙ මිනිහා මෝඩ නෑ කියලා. පොර අඬපු එක සාධාරණයි. රටේ ඉන්න උන්නෙ මෝඩයො... මෝඩයො රොත්තක් මැද්දෙ පොර රජ වෙලා.. ආයෙ මොන සැපද බං.. කන පුරෝලා සැපනේ..
ReplyDeleteඇත්ත. අර පොතේ එක තැනක කැකිල්ලෙ රජ්ජුරුවො කියනව. “මං නැතිදාක තොපි ඔක්කොම අන්ධකාරෙ“ කියල. එතකොට එකෙක් අහනව, “එතකොට ඉරටයි හඳටයි මොකද වෙන්නෙ ?“ කියල.
Deleteහිතාගන්න පුළුවංද කැකිල්ලෙ රජ්ජුරුවො ඒකට දෙන උත්තරේ?
කතාවක් පටන් ගන්නකොට මෙහෙම පටන් ගනින්... එක්කෝමත් එක රටක හිටියලු... උඩින් තිබුන හැටියට මන් හිතුවේ කතා ගානක් කියලා.. බලන් යනකොට මූ එකයි දාලා තියෙන්නේ...
ReplyDeleteහෙට එන්නම්කෝ බොල අරූ වගේ...හැක්.
ඇයි තව ක්‍රමයක් තියෙනව කතාවක් පටං ගන්ඩ. “සහෝදර සහෝදරියනි...“ එහෙම නැත්තං, “ආදරණීය අම්මේ තාත්තේ, සහෝදරයා සහෝදරිය...“ වගේ කියමං වලිනුත් සුරංගනා කතා, විහිළු කතා එහෙම පටං ගන්න අවස්ථා තියෙනව.
Deleteමෙතනට දේශපාලනය ගාවගන්න බෑ....
Deleteමොකෝ බැරි? මේ හැම කතාවක්ම දේශපාලනිකයි.
Deleteමේක ලියපු එකාට මඬු වලිගෙන් ගහන්න ඕනේ. කෝ ඕකා.
ReplyDeleteඇත්තට මොකාද බං අර සතා
ලියපු එකා ඇඩ්වින් රණවක මට මතක හැටියට...
Deleteඅර සතා තමා බං කැමරාවා. ඌ ඉන්නෙ නුහුගුණාව කියන ප්‍රදේශයෙ.
කැකිල්ලේ උනත් රජෙක්නේ (තිතක්)
ReplyDeleteසහෝදරයෙක් උනං රංගනනෙ (:
Deleteසමාවෙන්න සහෝ...
Deleteඋනං=උනත්.
...ඩ්‍රැකී...
අත හිත සිංහ මචං ගෙනි... (:
Deleteසොරියි.. මචං=මචන්
Delete...ඩ්‍රැකී..
(ඉලගට කොමෙන්ට් එකක් දානකොට මම දෙපාරක් හිතමි)
අත.. අපොයි ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි.
Deleteසිංහ,
Deleteමං එකපාරක්කත් හිතන් නෑ යකෝ...!
ප්‍රසෝ,
එහෙනං කියමු වෙන මොකක් හරි අවයවයක්...
//කැකිල්ල කියන්නේ පඹ වැල් මෙන් ගාලට හැදෙන ගණ සැර වැල් ජාතියක් යැයි//
ReplyDeleteකැකිල්ල මීවන වර්ගයකි. කලකට පෙර (ඇතැම් විට තවමත්) මැණික් පතල් වල බිත්ති කඩා වැටීම වැළැක්වීම සිදු කලේ පුවක් පටි අතර හිර කළ කැකිල්ල යොදාගනිමිනි.
http://biodiversityofsrilanka.blogspot.com/2011/11/kekillawire-fern-dicranopteris-linearis.html
මැණික් පතල් වල බිත්තිය සවිමත් කරන්න කැකිල්ල යොදාගෙන ඇති අන්දම මම දැක තිබෙනවා..සමහර පළාත් වල කැකිල්ල ඉබේම වැවෙන වර්ගයේ පැලෑටියක්..
Deleteකැකිල්ල ගැන දැනුවත් කළාට ස්තූතියි ඉකොන්. මට පේන්නෙ කැකිල්ල ගාල් වල පැටළෙන්නෙ මීයො වගේ සත්තු විතරයි... :-)
Deleteසිරාටත් ඉස්තූතියි මේක කියවන්නන් සහ මා දැනුවත් කිරීමට.
අර භූෂණගෙ ලිංක් එක අනුව මං හොයල බැලුව. ඒ අනුව, ඒ පර්ණාංග ජාතියත් සෑහෙන ගණ සැරේට පඳරු දාල වැවෙන ජාතියක් බව පේනව. හැබැයි මිනිහෙක් පැටළෙන්න තරං නං ගණ ගාලක් වැවෙන එකක් නෑ කියල හිතෙනව.
Deleteඇතැම් විට නෙමේ තවමත් පතල් වැඩේට කැකිල්ල යොදාගන්නව.
Deleteප්‍රසන්න ඉතිං ප්‍රදේශාධිපතියනෙ. මං දවසක් දැක්ක වෙසක් කාලෙක චීන්නු වගයක් කෝච්චියෙ යන ගමං වට පිට තියෙන ගෙවල් වල වෙසක් කූඩු පොටෝ ගහනව. ඊළඟ අවුරුද්දෙ පිටකොටුවෙ තිබ්බ ප්ලාස්ටික් අටපට්ටං. ඒ වගේ ඕකත් උං දැක්කොත්, ඕකටත් මොකක් හරි අටමගලෙයක් හදල එවයි චයිනිස්...
Deleteලොකු මාමෙ...අපි වගේ සූටි උන්ට ගජබින්නාලංකාරෙන් කථාවක් කියා දෙන්ට බෑ ද ?
ReplyDeleteටිකක් හිතහංකො. මං පෝස්ට් සීයකට ගජබින්න ලියල තියෙන්නෙ දාහතරයි. ඒ කියන්නෙ අනුපාතය 14%. ඒ නිසා පොඩ්ඩක් ඉවසන්න වෙනව. (රහසිං) අනික, බොරු ගොතන එකත් ලේසි වැඩක්ය?
Deleteබොරු කියන හැටි අහගන්නකො ගොම්මන් අපලෙ මාමා ගෙන්..
Deleteයකෝ කෙබරයා..
Deleteගජ බින්න බලන්න කැමති අය 86% ඉන්න එකේ.. දෙතුන් දෙනෙක්ගේ උවමනාවට අටෝරන් ලියන්නේ මොකද හැක්.
සිරා,
Deleteඕක අහන්ඩ මං උන්දැව හොයනව, කොහෙ? හොයාගන්ඩ බෑ. දවසක් සීනිගම, තව දවසක ගොඩකවෙල...
සිංහ,
මං ලියන්නෙ මික්ස් එකක් බං. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය...
උබයි මමයි දන්න ප්‍රජාතන්ත්‍රවාදය හැක්. ආවා මෙතන ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන්න..
Deleteචැහ්.. උඹ ගොඩකවෙල ආවනං නියම ගජබින්න ටිකක් අහගන්න තිබුණ.
Deleteසිංහ,
Deleteඋඹ ප්‍රජාචච්චරවාදය දන්නැත්තං මහින්දගෙං අහගං. (මං කිව්වෙ අර රාජසබාවෙ පුරෝහිත ගැන)
ප්‍රසෝ,
එහෙනං මට තව පෝස්ට් ගාණක් තලා ගන්ඩ තිබ්බ. අපසාදෙ...
අයියෝ අපරාදේ... ගජබින්න කියන්නේ... මගේ දවල් කෑම වගේ යකෝ...
Deleteඑහෙනං ඔන්න කෙටි ගජබින්නයක්...
Deleteඋඹ සිරාම සිරා හොඳ කොල්ලෙක් බං...!
පරණ කතාවක නවීන අනුවර්තනයක් වගේ. කතාව කොට වැඩියි.
ReplyDeleteකතාව කොටයි තමා. ළඟදිම දිග කතාවක් ලියන්නං. (:
Deleteරාජ්‍ය පාලනය එපා විච්ච මිනිස්සු මිශනාරීන්ට කලින් මේ කතා ගෙතුවනම් අපේ රට අද......
ReplyDeleteඅපේ බහුතරයක් මිනිස්සුන්ට රාජාණ්ඩු පාලනය එපා වෙලා නෑ. තව තව ඕනෙ වෙලයි තියෙන්නෙ.
Delete“රජෙක් ලැබුණෝතිං - එදාට කිරිබත් කඤ්ඤං...“
ඒ කැකිල්ලේ රජවරු හොඳ ඇති බන් දැන් ඉන්න මහා දනමුත්තන්ට වඩා..
ReplyDeleteසයිමන් ගෙ “සුභ සහ යස“ බලල තියෙනවද? අපේ රටේ රාජාණ්ඩු ගැන මගෙත් අදහස ඒකමයි.
Deleteබයිද වේ, බිලොග් එකේ අවුල ගැන දක්වපු සහයෝගයට ගොඩක් ඉස්තූතියි...!
සුභ සහ යස බලල නැහැ බන්.. DVD එකක්වත් හොයාගෙන බලන්න ඕන. අපි අපේ පිට කසාගන්නවා ඇරෙන්න වෙන කව්රු අපේ පිට කසන්නද බන්. මම ඉතින් අවුලක් තියෙනව කිව්වා ඇරෙන්න එක විසන්දගත්තේ උඹනේ..
Deleteමාත් බලල නෑ. කියවල තියෙනව පොත.
Deleteමේකනෙ. බ්ලොග් එකක අවුලක් දැක්කහම කරන්න පුළුවං ලේසිම දේ තමා, ආයෙ ඒ පැත්තෙ නොයා ඉන්න එක. ඒ උනාට උඹ එහෙම කළේ නෑනෙ. මට වෝන් කළා. කියවන්න ලිංක් ටිකක් එව්ව. ඒකට ගොඩක් ස්තූතියි.
ඒකත් හරියට විල්පත්තුවට විසදුම් ඉල්ලුවම බ්‍රා ගැන කිවුවා වගේ සීන් එකක් නේ?
ReplyDeleteඔක්කොම හරි ෆොටෝ එකේ ඉන්න ඔටුවා සුරුට්ටුවක් ගහලද දුං දාගෙන ඉන්නේ?
විල්පත්තුව කියන්නෙ මොකද්ද? මට මතක නෑනෙ.
Deleteමට මතකයි එක සැරෙයක් අපේ ඉංජිනේරු පරිසර ඇමති වරයෙක් ඕක මැදිං පාරකුත් කැප්පෙව්ව. දැං ජනාවාස ඉදිකරන්නෙත් ඇමතියෙක්ම තමා. ඔව්ව ගැන හිතන්න ගිහිං තමා අර ඔටුවට දුං දාන්නෙ.
හිටපිය ගම්මන්පිල අයියට පෙන්නලා තොට දෙකක් ඉල්ලලා දෙන්නං
ReplyDeleteමොනවද ඉල්ලා දෙන්නෙ? පොල්ද?
Deleteපොතේ පිටු කීයක් තියෙනවද? 100ක්වත් තිබුනොත් හොදා...
ReplyDeleteඉතින් ඊත පත්තේ...
කතා දහයක් විතර තිබ්බෙ. ඊට පස්සෙ තව තව කතා තියෙනව දාන්න.
Deleteඋදා: - වේතාල කතා, අන්දරේ ගේ ඔබ නෑසූ කතා, බුරුම ජනකතා, රුසියානු ජන කතා...
මරු මරු.. මෙව්වා දානවනම් උඩ පැනගෙනම..
Deleteසිරාවට. සියල්ල දාන්නං යථා කාලයේ තථා පරිද්දෙං...
Deleteඒ වෙලාවේ ඔටුවා හිතන්නැති..
ReplyDelete"අනේ මුන් වගේ ගොන් රැලක්...යකු අපේ රටේ ලමෙක්ට ඔය රජ පුටුව දුන්නනං මන් මොකාද කියල හරියටම කියයි...මුන් මඩු වල්ගෙන් තලන්ට ඕනේ.." හිකි හිකි හිකි
ඔටුවට සිංහල තේරුනානං තමා. (-:
Deleteඕකෙං වෙන්නැති නේද අර කතාව හැදුනෙ?
ඉස්සර ෆ්‍රෙඩි සිල්වා කියපු සින්දුවක් තියෙනවා.
ReplyDeleteඇට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන
රාජ සභාවේ අසුන බලා
අපේ කැකිල්ලේ රජ්ජුරුවොයි ඔය එන්නේ
හිටපල්ලා නිශ්ශබ්ද වෙලා
කියලා.
මට මතක් වුණේ "History repeat itself" කියන කතාව.
අර සිංදුව නං මාත් හරිම ප්‍රිය කරන එකක්. ඒකෙ නඩු තීන්දු දෙකකුත් තියෙනව.
Deleteඉතිහාසය ප්‍රතිරාව දීම ඉතිං...
කැකිල්ලේ රජා වුනත් දැන් ඉන්න රජවරුන්ට වඩා පොරට මොළය තියෙන හැඩයි.
ReplyDeleteපොර ප්‍රශ්න මතුපිටිං බලල ජොලියෙ උන්න පොරක් වගෙයි මෙතන...
Deleteමේ කතාව නස් රුදීන් කතාවකට සමානයි. මෝඩ නෑ.
ReplyDeleteඋඹ අර උඩින් දාපු disclaimer එක දැම්මෙ සිරාවටමද?
සිරාට නෙමෙයි ඒක දාල තියෙන්නෙ. ඔය දකින දකින එක පොඩි එකාට කියල දෙන්න යම එල් ඩි බ්‍රා මෙන්ඩ වගේ උංට.
Deleteඩූඩ්,
Deleteඇත්ත. මේක මෝඩකමක් ගැන කතාවක් නෙවෙයි.
ඩිස්ක්ලේමර් එක ගැන - ඔය කතාව නිතර සාකච්ඡෘවට භාජනය වෙච්ච එකක්. මහදැනමුත්ත ගැන නාරද සහ කොලට් (අර “යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ“ පොත ලිව්වෙ) පොතක් ලියල තියෙනව. ඊට කලිනුත් මට කීප විටක්ම ඔය අදහස කියවන්න ලැබුණා. බංල යනකොට ඒකෙ යම් ඇත්තක් තියෙනව. මොකද, ගමරාළ දිවියලෝකෙ ගිය හැටි, ගමරාළ පිට්ටු තැම්බුව හැටි එහෙම තනිකර ගමරාළගෙ මෝඩකං ගැන හිනාවෙන්න හදපුව. (ගමරාළ කියන්නෙ ගමක ප්‍රධාන ගොවිය.) එතකොට ගමක හිටපු දැනමුත්ත ට හිනා වෙන කතා තමා මහදැනමුත්තගෙ කතා විදිහට තියෙන්නෙ.
ප්‍රසා,
මෙන්ඩටම තමා මං ඕක ලිව්වෙ. සිරා ට ඉතිං තමංගෙ කියල කෙළිම්ම එළිපිට පිළීගන්න පුළුවං ළමයි තාම නෑනෙ.
ඉතිං ඔය කතාව අහපු ඔටුව සුයිසයිඩ් කරගත්ත කියන කෑල්ල ඕකෙ තිබුණෙ නැද්ද?
ReplyDeleteඔටුව? කොහොමත් ඌ සීතලේ හැදිල මැරෙන්න ඇති. කාන්තාරෙ දේශගුණේ මෙහෙ රටමැද නෑනෙ.
Delete//ඌ සීතලේ හැදිල මැරෙන්න ඇති
Deleteපිස්සුද ඩෝ ඌ තාම යහතින් ඇති වැඳුම් පිඳුම් ලබමින්
කාන්තාර රෑට පට්ට සීතයිලු බංස්
ඇත්ත තමා. එහෙනං ඌ දවල්ට සීතලේ හැදිල - රෑට උෂ්ණෙ ඔරොත්තු දෙන් නැතුව මොකක් හරි වෙන්නැති.
Deleteකැකිල්ල රජ්ජුරුවෝ ඉඳලා තියෙන්නේ ලංකාවෙද?
ReplyDeleteඑහෙම කියල සඳහන් වෙන්නෙ නෑ. රාජාවලියෙත් නෑනෙ එහෙම නමක්. මයෙ හිතේ, හැම රටකටම පොදු සංකල්පයක් ඕක...
Deleteඅපෙ රජවරු නම් ගාල් වවාගෙන පැටලෙන්නෙ :)
ReplyDelete“අපි වවමු රට නගමු“
Deleteමම නම් කියෙව්වා ඔන්න . දිගටම එන්නම්කො .
ReplyDeleteවෙල්කම් මෙතූ. (මං ඔයා ඉන්න ෆිල්ම් දෙකම බැලුව.)
Deleteකැකිල්ලේ :D අපේ ලංකාවෙ ඕන තරම් මේකට උදාහරණ ඉන්නවා..
ReplyDeleteවවාගෙන කාලා පුරුදු වුනාම ඕම තමා..
ඩ්‍රැකියා, හෙන කාලෙකින් ආවේ.. මතකද මන්දා ඕයි අපිව :D
මොකෝ අමතක? වෙල්කම් බෑක් මචං... දිගටම ලියමු!
Deleteකැකිල්ලෙ කියන එක අපේ අයිය කියන්නෙ "කැරකිල්ලෙ" කියල...
මේ සතා බුරුවෙක් කියලා හොඳටම ෂුවර් නේද. අනේ පවු අයියො කාට හරි අමතක වෙලා දාලා ගිය අලි පැංචෙක් වගේ අනේ..
ReplyDeleteඅනේ බුලුවෙක් නෙවි උටුවෙක්
Deleteඩ්‍රැකියානිට පුලුවන්නං සිංහෙය වගේ උන්න මාව පූස් පැටියෙක් කරන්න, සුජීට බැරිද ඔටුවෙක් බූරුවෙක් කරන්න?
Delete//මිෂනාරී පාසල් වලදී ගෙතූ කතා වන්නට පුළුවන් ය.
ReplyDeleteහ්ම් මෙහෙම වෙන්නත් පුළුවන් තමයි බං ඒත් උඹ දැක තියේද කෝලම් කලාවේදී අපේ පැරණි ගැමියෝ තමන්ව පෙලන එවුන්ට "ගහන ගැහිල්ල" උන් ඉස්සරහ ඉන්දැද්දීම.
සිරාවට... ඒක ඇත්ත තමයි. පොලිස් කෝළම එහෙම කොහොමද ඈ...? සමහර විට මං උඩ කියල තියෙන අදහස වැරදියි, මෙව්ව අපේම සරළ ගැමියො අධීපතිවාදයට එරෙහිව ගොතපු කතා වෙන්න පුළුවං...
Deleteඔන්න අපිත් ආවා. හරිම ලස්සනයි
ReplyDeleteවෙල්කම් කිව්වා එහෙනං... :-)
Deleteසුපිරි කතාව සහෝ,දිගටම ලියමු,
ReplyDeleteජයෙන් ජය
ටැංකිව් රස්තා...
Deleteමේ කතාව නම් මිට කලින් අහල නෑ.. නස්රුදින් ගේ උත්තරයක් දීල තියෙන්නේ.. එල
ReplyDeleteටැංකිව් පැත්තො... මාත් වෙන කොහෙංවත් අහල නැති ගොඩක් කතා මේ පොතේ තිබ්බ. කතා දොළහක්...
Deleteමාමේ කතාව ලස්සනයි
ReplyDeleteපොඩි මෙන්ඩ
මේ කමෙන්ට් එක මට කෝටියක් වටිනව...
Deleteඔටුවෙක් සම්බන්ධ හින්ද වෙන්න ඇති කතාව කොට.. අග හරියෙන් කපලා දාල වගේ.
ReplyDeleteජයවේවා..!!
බැන්ද අලුත අපිටත් ඔය වගේ දේවල් හිතුන...
Deleteදෙන්නටම ජය වේවා!!!
ඩුඩ් අංකල්,
ReplyDeleteතාත්තා මට ඊයේ රැ කතාව කියලා දුන්නා මම ආසම අංකල් ලියපු අර පචච්යක් ගහලා හගොල්ලෝ බිම එකක් බීපු කතවට. ඩාරැකි අංකල් ඔයා මට කියවන්න කතා ලියනවා කියලා තාත්තා කිව්වා. අපේ අම්මියයි මමයි හැමදාම නින්ද යනකන් තාත්තියාගෙන් කතන්දර අහගන්නවා එයා මහියංගනේ ගියාම අපි දෙන්නා රැට අඩනවා .
පොඩි මෙන්ඩගේ ඉල්ලීම මත කොටන ලද කොම්මේන්ටුවක්..
ඩුඩ් ගෙන් උපුටා ගැනීමක්
ඒක නෙමෙයි. ලොකු මෙන්ඩ මහියංගනේ යන්නෙ මොටද? අර... "මට මොකටෑ හූරෙ කාසිපණං. අයියණ්ඩිනෙව හතිලෑවෙ. අයියංඩිම තියාගන්ට..." කියල කියෝගන්ඩද?
Deleteමම තවම ජොබ් පටන් ගත්ත ගමන් නිසා ටිකක් ඇත පැක්ටරි වල ඉන්ස්පෙක්ට්ස්ෂන් ගියාම වැඩි පුර ගත්මන්වක් ලැබෙනවා මොනවා කරන්නද මචෝ මගේ මේ වියයාමය දරු පවුල රැකීම සදහායි.
Deleteමං විහිළුවක් කළේ බං.
Delete“මාගේ මේ ව්‍යායාමය ඇඟ හදා ගැනීම පිණිසය“ කියල අපේ මල්ලි (සුප්‍රකට බාප්පගෙ පුතා) දවසක් කිව්ව
හොද වෙලාවට කාන්තාරෙට එන්න කලිං ඔටුවො ගැන දැනජ.උන්න නිසා අවුලක් උනේ නැහැ 🤭
ReplyDeleteමේ කමෙන්ට් එකට මම අඬලා, ඊට පස්සෙ හිනා උනා...
Delete8EAF20F45C
ReplyDeletetakipci satin al twitter
3D4C0DF1F3
ReplyDeletemobil ödeme takipçi satın al
War Robots Hediye Kodu
MLBB Hediye Kodu
Coin Kazan
Dude Theft Wars Para Kodu
Hay Day Elmas Kodu
Free Fire Elmas Kodu
Danone Sürpriz Kodları
War Robots Hediye Kodu