Thursday, January 18, 2018

ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක හිනා කතා

https://gath.files.wordpress.com/
2017/05/finding-cell-phone-on-dig.jpg

ලියන්න දේවල් ගොඩක් තියෙද්දි, ඒකට  මහන්සි වෙන්න කාලය හොඳටම මදි උනහම නිකං පිස්සු වගේ වෙනව. ඒ නිසා පාලුව මැකෙන්නයි මගෙ හිත නිදහස් වෙන්නයි එක්ක, ලියන්න හිතුන මට මතකෙට එන විහිළු කතා ටිකක්...

ඕං ටූටන්කාමන්ගෙ මමිය තිබ්බ සකොෆගස් එකේ තිබුණලු පැපිරස් කෑල්ලක්. ටූටා එහා ලෝකෙට ගෙනියන්න ගත්තු ලියවිල්ලක්... හාවඩ් කාටර් (ටූටන්කාමන්ගෙ පිරමීඩෙ ඇරල, ඒක ඇතුළට ගියපු පුරාවිද්‍යාඥයා) ඒක අමාරුවෙං කියවල බලද්දි, ඒක ටූටගෙ සපත්තුවක් කැඩිල හදන්ඩ දීපු කාර්මිකයෙක් ලියල දීපු රිසිට් එකක්.

ඒකෙ උඩම තිබුණු හයිරොග්ලිපික් ලෝගො එක, කයිරෝ වල කඩේක ගහල තියෙනව දැක්ක කියල කාටර්ට මතකයි. ඉතිං කයිරෝ ගිය වෙලාවක කාටර් ඒ කඩේට ගියාලු. එතන කවුන්ටරේ හිටපු ළමයට කාටර් මොකුත් නොකියා අර පැපිරස් එක පෙන්නුවලු.

ඒ ළමය අර පැපිරස් එක අරං ඇතුලට ගියාලු. ගිහිං විනාඩි පහකිං විතර එළියට ඇවිත් ඇහුවලු,

“අර... පොයින්ටඩ් කර්වි බ්‍රවුන් කලර් ඇන්ටික් ෂූ එක නේද සර්...?“ කියල. කාටර් ඔළුව වැනුවලු ඔව් කියන්ඩ.

“අනේ එක්ස්ට්‍රීම්ලි සොරි...“ කෙල්ල කිව්වලු... “...තාම රෙපෙයාර් කරල ඉවර නෑ... සර්ට පුළුවනිද තව සතියකිං විතර ඇවිත් බලන්න...?“

ඕං දවසක් ලන්ඩන් කටුගේ බලන්න අධ්‍යාපන චාරිකාවක් ආව ළමයි ටිකක්,  ඒකෙ  තිබ්බ මමියක් ගාව ඉඳං කතා වෙනවලු:

1 ළමෙය - "අර මොකද්ද ඒකෙ 3500 BC කියල ගහල තියෙන්නෙ?
2 ළමෙය - "ඔය යකා මැරෙන්ඩ ඇත්තෙ වාහනේක හැප්පිල. ඕකව හප්පගෙන ගියපු වාහනේ නම්බරේ වෙන්ඩැති ඔය ගහල තියෙන්නෙ.“

ඕං දවසක් ඉබ්බන්කටුව සුසානභූමිය බලන්ඩ ගියපු කොළඹ ටුවරිස් කෙනෙක්, ඒ ළඟ හිටපු ගම් වැසියෙක්ගෙං ඇහුවලු, "අංකල් මේ නටඹුන් කොච්චර පරණද?“ කියල.

“අවුරුදු තිස්දාස් තිස් පහයි“ අංකලුත් ගත් කටටම කිව්වලු.

“ඈ...!“ අර ලෝකල් ටුවරිස් ගෙ ඇස් උඩ ගියාලු පුදුමෙට. “අංකල් කොහොමද හරියටම ගාණ කිව්වෙ?“

“එකදාස් නමසිය අසූදෙකේ ඔය නටඹුන් හාරන්ඩ ආවනෙ මද්දියම සඟිස්කුරුත මහත්තුරු... ඒ ඈයො කිව්ව මේ නටඹුන් අවුරුදු තිස්දාහක් පරණයි කියල. ඉතිං දැං දෙදාස් දාහතනෙ. මේ අවුරුද්ද වෙනකොට මෙව්වට වයස අවුරුදු තිස්දාස් තිස්පහයි...“ අංකලුත් හිනාවෙලා හෙම කිව්වලු.

ඉබ්බන්කටුව මෙගලිතික සුසාන
http://www.dinamina.lk/sites/default/files/news
/2015/06/24/mainimage/din-06-25-nn-02-dim24062015.jpg
ඔය ටුවරිස් ම ගියාලු දවසක් ගඩලාදෙණිය, ඇම්බැක්ක පැත්තෙ. ඒ ගිය වෙලේ ආරංචි උනාලු රොබට් නොක්ස් හිටපු එළදැත්ත ගම තියෙන්නෙ ඔය කිට්ටුව කියල. ඉතිං උන්දැ ඒ පැත්තෙත් ගියාලු පරණ දේවලට තියෙන ආසාවට. ගිහිං ගමේ වයස පහේ උදවියගෙං, ත්‍රී වීල් කාරයිංගෙං එහෙම අහනවලු, “මේ ගමේ නේද රොබට් නොක්ස් උන්නෙ?“ “එයා හිටියෙ කොයි ඉසව්වෙද?“ “එයා පාවිච්චි කරපුව එහෙම නැද්ද?“ වගේ ප්‍රශ්න. එහෙම කතා කර කර ඉද්දි ගමේ එක ගෙදරක අංකල් කෙනෙක් පෙන්නුවලු හොඳටම ගෙවිච්ච උදළු කෙටියක්. පෙන්නල කිව්වලු, “මේ තමයි රොබට් නොක්ස් පාවිච්චි කරපු උදැල්ල“ කියල. 

ටුවරිසුත් හොඳට බැලුවලු උදැල්ල අතට අරං... 

“ඈ...! මේක කිඹුල උදැල්ලක් නෙ...“ 

“මේකනෙ මහත්තයො...“ අංකල් කිව්වලු. “රොබට් නොක්ස් ගෙ උදැල්ල තමා මේ. එයා ගෙ කාලෙ තිබ්බ තලේ ගෙවිල ගියාට පස්සෙ අලුත් තලෙයක් දාල තියෙනව. මිට දිරල ගියාට පස්සෙ අලුතිං මිටත් ගහල තියෙනව. ඔය විදිහට දහ - පාළොස් සැරෙයක් මිටයි තලෙයි අලුත් කළාට මොකද, මේක රොබට් නොක්ස්ගෙ උදැල්ලම තමයි...“

අපි විද්‍යාලංකාර පිරිවෙණේ බාහිර උපාධිය කරද්දි, අපිට පුරාවිද්‍යාව උගන්නපු ලොකු සර්, ශාන්ත බණ්ඩාරනායක මහත්තෙය ගෙ ගම ඔය එළදැත්තට අල්ලපු ගම. අපි දවසක් එයාගෙ අම්මගෙ මළගෙදර ගිය වෙලේ තමයි ඒක දැනගත්තෙ. ඉතිං මං ඔය කතාව එයාගෙං ඇහුවම එයා අපිට කිව්ව, ඔය විදිහටම මින්නේරිය පැත්තෙ තියෙනවලු මහසෙන් රජ්ජුරුවො මින්නේරිය වැවේ වැව්බැම්මෙ මංගල පස් පිඩැල්ල කපපු උදැල්ල...

ඊශ්‍රායෙල් කාන්තාර ප්‍රදේශෙක කැණීම් කරපු පුරාවිද්‍යාඥයෙකුට හම්බුණා මමියක්. එයා ඒක උඩිං පල්ලෙං පරීක්ෂා කරල භාරදුන්න කෞතුකාගාරෙකට. භාර දෙනකොට කිව්වලු, “ මේ අවුරුදු තුන්දාහකට එහා පරණ මමියක්. මේ පුද්ගලය මැරිල තියෙන්න‍ෙ හාට් ඇටෑක් එකකිං.“ කියල.

කෞතුකාගාරෙ විද්‍යාඥයො කීප දෙනෙක් එකතු වෙලා මාස තුනක් විතර මේ මමිය පරීක්ෂා කරල අන්තිමට හොයාගත්තලු මේ පුරාවිද්‍යාඥය කියපු කතාව ඇත්ත බව. 

පස්සෙ දවසක කටුගෙයි අධ්‍යක්ෂ මේ පුරාවිද්‍යාඥය හම්බුණු වෙලාවක ඇහුවලු, “කොහොමද ඔයා අර තරම් දක්ෂ විදිහට අර මමිය අයිති මනුස්සය මියගිය හේතුව හොයාගත්තෙ?“ කියල.

පුරාවිද්‍යාඥ ඇහුවලු, “ඇයි ඔයා දැක්කෙ නැද්ද එයාගෙ අතේ පරණ ලියවිල්ලක් තිබුණ?“

“දැක්ක... ඉතිං?“ 

“ඉතිං ඒක මං කියෙව්ව. ඒකෙ තිබුණෙ බෙටිං සෙන්ටර් එකක රිසිට් එකක්. උන්දැ ඔට්ටු අල්ලල තිබුණ ගොලායත් දිනන බවට රිදී ශෙකල් දහදාහක්...“

91 comments:

  1. Replies
    1. ආ අරු
      පායන වෙලාවෙ තරු
      නින්ද යන තුරු
      ආවද මෙහෙට? මරු!

      Delete
  2. Replies
    1. XXXXXXXX (උඩ කමෙන්ට් එක අංශක 45ක් කැරකිලා බව සළකන්න)

      Delete
  3. තව කතාවක් කියන්නකො සීයෙ...

    ReplyDelete
    Replies
    1. ආාා දිලා... කෝමද? කැමාට යකා ගැහුවට පස්සෙ උඹ විතරයි නෙව ඉන්නෙ අපිට අකුණකට එළියට දාන්ඩවත්... කැමාට යකා ගැහුව කතාව දන්නවද? එයිට ඉස්සෙල්ල ඕන්නං කියන්නං කැමා බයිසිකලයක් හොරකං කරල හිරේ වැටණු කතාව?

      Delete
    2. ඔන්න දවසක් යෂ්‍යන්ත ශ්‍රීනාත් කියල කොල්ලෙක්ට විරුද්ධව ගංසභා උසාවියෙ නඩුවක් දාල කෙල්ලෙක්, එයාගෙ බයිසිකලේ පැහැරගත්ත කියල.

      නඩුව කතා කරපු වෙලේ, කොල්ල දීපු කටඋත්තරේ...

      “මං ඔය කියන දවසෙ කැළැවක් මැදිං වැටිච්ච දෙවට පාරක් දිගේ යනව. අනික් පැත්තෙං බයිසිකලෙත් පැදගෙන ඔය කෙල්ල ආව. මං ගාවට ආවට පස්සෙ එයා බයිසිකලෙං බැහැල, මාවත් එක්කගෙන කැළෑව ඇතුලට ගියා. ටිකක ඉඩ තියෙන, හතරවටෙම්ම ආවරණය වෙච්ච තැනකට ආවට පස්සෙ කෙල්ල එයාගෙ ඇඳුං එක එක ගළවන්න ගත්ත. ඔක්කොම ගළවල පැත්තකිං තියල එයා මට කියනව, “දැං ඉතිං ඔයා මගෙං ඕනෙම දෙයක් ගන්ඩ“ කියල...“

      උසාවිය හා හූම් නැතුව අහගෙන ඉන්නව. වයසක නඩුකාරය තමා ඔක්කොටම හපං. ඕ අකුරෙ හැඩේට ඇරිච්ච කට දෙපැත්තෙං කෙළත් බේරෙනව...

      “ඉතිං මං කල්පනා කළා. මෙයාගෙ බ්ලවුස් එක මට අඳින්ඩ බෑ. බ්‍රා එකත් මට වැඩක් නෑ. එයාගෙ ෂෝට මට කොටයි - පොඩියි. පෑන්ටියත් මට වැඩක් නෑ. මට වැඩකට ඇති එකම දේ එයාගෙ බයිසිකලේ විතරයි. ඉතිං මං ඒකත් අරං ආව එන්ඩ...“

      Delete
    3. මේ මොන නව නිංගිරාවක්ද? කැමා කැමරාවෙ පටියෙන් බෙල්ලෙ වැල දා ගනිං

      Delete
    4. මට නං රසවත්ම කතාව ...

      Delete
    5. යෂ්‍යන්ත ශ්‍රීනාත් හෙවත් කැමා ඇර, අනික් ඕනෙම කෙනෙකුට රසවත් තමා... නැද්ද?

      Delete
    6. දිලා උබත් අලුත් පොස්ට් එකක් ලිඅපිය...නතනම් උබට්ත් ගහන්වා කෑලැ පත්තරයක්...

      Delete
    7. ඩ්‍රැකියො ...කො බන් ඇත්තට කැමර කටා

      Delete
    8. මෙන්ඩො, කැමා තාම හිරෙං නිදහස් වෙලා නෑ.

      Delete
    9. දිලා, ගහන එකත් ගහනව කැලෑ පත්තරෙයක්. උදාහරණයක් ඕනෙද?

      දන්නවද මෙන්ඩ ඔය කැඩිච්ච සිංහල කමෙන්ට් දාන්නෙ ඇයි කියල? එකොළහෙ කණුවෙදි බ්ලේඩ් තලේකට අහුවෙලා.

      Delete
  4. තව ලියමු. නියමයි.

    ReplyDelete
    Replies
    1. ටැංකිව් නුවන්... ටැංකිව්!

      Delete
  5. ටූට මැරෙන්න ඇත්තෙ අර සපත්තු කඩේට සපත්තුව හදලද කියල බලන්න ඇවිදලම කකුල් ගෙවිල වෙන්න ඇති. මම හිතන්නෙ පොර අන්තිම කාලෙ හැරමිට්ටකුත් අරගෙන තමා ගිහිල්ල තියෙන්නෙ.

    ඇයි උඹ දන්නැද්ද මුචලින්ද කාලෙ හිටපු னයා තවම ඉන්නව කියල.

    ReplyDelete
    Replies
    1. අර කතාව ඇත්ත ප්‍රසා... බෝයි කිං ටූට් ගෙ කකුල් අාබාධයක් තිබ්බ කියල මාත් කියවල තියෙනව. ඒක ජානමය විකෘතියක් මයෙ හිතේ.

      මුචලින්ද නයා දැං ඒ පැත්තෙ ප්‍රාන්ත ආණ්ඩුකාරයද කොහෙද මං දන්න විදිහට.

      Delete
  6. ඔය ගොලායත් කියන්නෙ නයිට් රයිඩර් එකේ ගාත් නයිට් මයිකල්ගෙ කාර් එක විනාස කරන්න අරන් එන ලොකු සෙමි එක නේද?

    http://knight-rider.wikia.com/wiki/Goliath

    ReplyDelete
    Replies
    1. නැහැ මේ "ගොලායත්" කියන්නේ යෝධයෙක්.මිනිහා මැරුම් කෑවේ ඩේවිඩ් හෙවත් දාවිත් ගෙන්.

      Delete
    2. ප්‍රසා,

      හරියට හරි බං.මටත් මතක් උනේ ඒක තමයි.

      මනෝ,

      හරිනෙ. නයිට රයිඩර් එකේ රඟපාන්නෙ "ඩේවිඩ්" හැසල්හොෆ් නෙ.

      Delete
  7. Replies
    1. අර කව්බෝයි අයිය අහනව වගේ...

      "මොකද හුග් ගාන්නෙ?"

      Delete
  8. හම්මෝ ඒ.....................................ක

    ReplyDelete
  9. හරි නේ.. ඩේවිඩ් නේ දිනුවේ.. අම්මප මම එතනට එනකල් උඹ කියපු එකක්වත් විස්වාස කරේ නෑ.. දැන් ඉතින් විස්වාස නොකර බෑ.. :))))

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. ඩේවිඩ් කොපර්ෆීල්ඩ් විශ්වාස නොකරන කෙනෙක් ඉන්නවද මේ ලෝකෙ?

      Delete
  10. Replies
    1. සිරාවට බුරා... කාලෙකිං දැක්කෙ. කොහෙද ගිහිං හිටියෙ?

      Delete
  11. Replies
    1. ඉෂ්ටූටියි... පොඩි බබාට වයස කීයද බං? මං දැක්ක ෆේස්බුක් එකේ මාමල වගෙයක් පොඩි අෑයංව බලන්ඩ යන්ඩ කතා වෙනව.

      Delete
    2. උබලා ඩෙන්නම මගෙ ෆේස්බුක් එකේ නැද්ද???????

      Delete
    3. මොකද නැත්තෙ? අපි ඩෙන්නම ඉන්නව...

      Delete
  12. සුපිරි කතා ටික බන් !

    ReplyDelete
    Replies
    1. ගොඩාාාක් ස්තූතියි. තව මේ වගේ කතා දන්නවනං, කමෙන්ට් වශයෙන් දැමීම ඉතාමත් අගය කොට සළකනව.

      Delete
  13. දඹුල්ලෙදි සුද්දෙක් ඇහුව අර වතුර බාජනේට වතුර පිරෙන්නෙ කෝමද කියල. එතකොට එතන හිටි ගයිඩ් කෙනෙක් කිව්ව
    "දිසීස් කිං වලගංබා කටුවෙම්මිටියෙං ටිංකරිං ගල ඇතුලෙං වෝටර් කමිං පිත්තල හට්ටියට ජබොං ජබොං" කියල.

    ReplyDelete
    Replies
    1. මං ඕක අහල තිබ්බෙ, “ස්ටෝන් දිගේ වෝට කමිං, තඹ හැලියට ටාං ටාං“ කියල. ප්‍රාදේශීය වෙනස්කම්...

      කටුවෙම්මිටියෙං ටිංකරිං පට්ට ඈ...

      ඔහොම ගයිඩ්ල ඇත්තටම ඉන්නව බං. අපි දවසක් සීගිරියෙ ඉද්දි ගයිඩෙක් සුද්දෙකුට කිය කියා යනව, “This has been built by King Kashyapa. He was a very bussy king. And he had 500 concubines“ කියල.

      සුද්ද කියනව, "If he had 500 concubines, in fact he has to be a very very busy man"

      Delete
    2. බොරු...! මාසෙයක් යන්ඩ නෑ - පටි කැඩෙනව. හදිස්සියකට ගාංචු පන්නගන්ඩ බෑ තනි අතිං.

      Delete
  14. Replies
    1. මොකෝ මල්ලි? “කියන්න වදන් නෑ“ ද?

      Delete
    2. උඹෙ කමෙන්ට් එක අවුලක් නැ මල්ලි. ඇයි මැකුවෙ?

      Delete
  15. තූතන්කාමන් ගේ සොහොන් ගැබ- පරිවර්තනයල අභය හේවාවසම්, සූරිය ප්‍රකාශණ... මේ පොත මම තුන් පාරක් කියවල ඉවර කරල තියනව. ඔහොම කතාවක් එ්කෙ තිබ්බෙ නෑනෙ
    :D

    ReplyDelete
    Replies
    1. මොකෝ නැතුව? ඒ පොතේ තිබුණ මේ කතාව මීට වඩා විස්තර ඇතුව. නැතිවෙයි කියල පරිස්සමට ඒ කතාව ලියපු පිටුව හතරට නමල පිටකවරෙ ඇතුලට දාළ තිබුණෙ. ඒකයි උඹට මගෑරිල තියෙන්නෙ.

      Delete
    2. උබ නම් දෙන්නෙ වදන් ගුදන් පිටින්...උබට රන් කිරි නෙමෙයි කට ගාලා තියෙන්නෙ.........

      Delete
    3. රං කිරි? බම්බුව. මට කටගෑවෙ ටයිටේනියම් ඇලොයි කිරි... හැක්!

      Delete
  16. හරි ශෝක් කතා පෙළක්
    විචාරක දියණිය

    ReplyDelete
  17. Replies
    1. යකෙක් රකුසෙක් නොව හිස් පඹයෙකි :-)

      Delete
  18. බයිසිකල් හොරා. නියමයි.

    ReplyDelete
    Replies
    1. මේ...! කමෙන්ට් තියෙන්නෙ පෝස්ට් ඒක ගැන ලියන්ඩ හරිය? කමෙන්ට් ගැන කමෙන්ට් දානවනං ඒ කමෙන්ට්ඒක යටම දාන්ඩ ඔනෙ අෑ...?

      Delete
  19. මෙ මගුලෙ සිනහල හරියට හදාගත්ත දවස්ක දානවා අත පය දිග ඇරලා කෙමෙන්ට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියහං. අර, "අනේ මල්ලල්ලෑ... කල්ලල්ලෑ... බොල්ලල්ලෑ..." සීන් එක උනා නේද උඹටත්?

      Delete
    2. කට කට....ඔවා ඔහම කැ ගහලා කියනවද

      Delete
    3. ඇයි ඇයි? කටටත් කෙළවුනාද?

      Delete
  20. පට්ට කතා ටික...සමහර කතා කී සැරයක් ඇහුවත් එක විදියට ආතල්... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැත්තා... බිත්තිය පාලුවෙලා ගිහිං අප්පා... ලියමුකො මොනවහරි. නැත්තං පොඩි ළමේකුට දෙමු කුරුටු අඳිංඩ...

      Delete
  21. නියමයි ඩ්‍රැකී , නියම පොස්ට් එකක්

    එක හුස්මට කියෙව්වා.

    බොහොම ස්තුති බෙදා ගත්තට .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කළණ මේ පැත්තෙ ආවට. පරණ එව්වත් තියෙනව ඔයිට වඩා හොඳ...

      Delete
  22. ela

    තවත් සින්ඩියක් http://sithuwilisatahan.com

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට

      Delete
  23. ආ...මරේ මරු..

    අන්තිම එක සුපිරි..ඇත්ත කියලා ඔප්පු කරන්න සාක්ෂි වුනත් දෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. අර කුරුන්ද කියල එකක් තිබුණ. නෑ එක්කො ඒ ගැන කතා කරන්ඩ ඕනෙ නෑ...

      Delete
  24. මෙ කතා මම ඔපිස් එකෙ කියනවා නිකන් මම හොයාගත්තා වගෙ...මගෙ කෙල්ලො බඩ අල්ලගෙන දෙකට නැමි නැමි හිනා වෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. /මගෙ කෙල්ලො බඩ අල්ලගෙන දෙකට නැමි නැමි/
      ඈ...?

      Delete
  25. Replies
    1. හොඳයි මල්ලි... ස්තූතියි ආවට. මාත් ඒ පැත්තෙ ගියා.

      Delete
  26. Replies
    1. මෙත්මි දැක්කෙ කාලෙකිං

      Delete
  27. னයා ටෝච්එකත් සමගින් ඔබ පසුපස.

    ReplyDelete
    Replies
    1. මැණිකෙ මම ආයෙ ගෙදර එනවා... මට හරි කේන්ති යනවා...

      Delete
  28. ගොලායත් ගැන ප්‍රසන් හරියටම කිවුව, හැබෑටම මටත් මතක් වුනෙ ඒකනෙ

    ReplyDelete
  29. අතිශයින් සුන්දරයි!

    ReplyDelete
    Replies
    1. බොහොත් සුන්දර්... බොහොත් ෂුක්රියා!

      Delete
  30. බඩගා ආවා
    ප්‍රේම னாගයා
    ඩ්‍රැක්ක පුරේහී
    කූඩු තනන්ටා

    ReplyDelete
    Replies
    1. ඔබ යෙයි නම් තනිව අන්දකාරේ
      යොබට අාලෝකේ
      තෙන්නෙමි තිර සාරේ....
      පෙනෙ කේලි හැලේ පාරේ හෝ...

      Delete
  31. වදන් නැත.... කීමට.... සිනා පමණි.....

    ReplyDelete
  32. වදන්... නැත..
    සිනා පමණි....
    අනිත් එවුන් ... අවට සිටින...
    හැරි හැරි බලත්..
    සිනා ඔවුන්ට ද
    මා සිනාවෙන්

    ReplyDelete
  33. පට්ට පට පට. පරක්කුවෙලා හරි කියවන්න ලැබිච්ච එකම මදැයි? මම හිතන්නෙ මේවා වටින්නෙ මේ කාලෙට.😂

    ReplyDelete
    Replies
    1. තව කියෙනව. මං තව ටික දවසකිං දාන්නං.

      Delete
  34. තට්ට මාමාගේ කොලමේ තිබුණ ලින්කුවකින් ආමි.මරු😁❤👍

    ReplyDelete
  35. ඔය වාගේ උදැල්ලක් අපේ ගෙදරත් තියේ... ඩ්‍රැකියෝ
    මේකේ පහලට රූටන් එන්න සෑහෙන්න මහන්සියක් දරනට උනා 😂

    ReplyDelete
    Replies
    1. ඔය බ්ලොගින්වල ස්වර්ණමය යුගයෙ. පහලට එන්ඩ ත්‍රීවීල් හයර් කරපු උදවියත් හිටියා.

      Delete
    2. හුම්...... ඔහෙ බ්ලොගේ sidebar එකේ තියෙන comment එකට ගෙහුං නෙමේද අලුතෙන් ආව comment බලන්නෙ.

      Delete
  36. නමීගෙ පෝස්ට් එකක තිබුණ ලින්ක් එකකින් ආවෙ....

    මරු කතා ටික😆😆😅😁

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි