Tuesday, January 13, 2015

පරණ (ඇන්ටික්) කාටුන් ටිකක්

පහුගිය ජනාධිපතිවරණය, 77 මහ මැතිවරණයට සමාන කරලා තිබුණා දැක්කා. ඒ මැතිණිගෙ පාලනයෙන් මහත් පීඩනයකට පත්වී සිටි ජනතාව ඒ පාලනය වෙනස් කරන්නට පාරට බැහැපු අවස්ථාවක්. ඩ්‍රැකියාගේ දිවංගත තාත්තා එකතු කරපු කාටුන් ටිකකින් ඒ ගැන මතකය අලුත් කරන්නට හිතුණා.

මේ මැතිණිගෙ පාලනය තිබුණු කාලය... (රිවිරැස පත්තරේ)


මහ මැතිවරණයට ඉදිරිපත් වෙද්දී දෙපාර්ශවයට කියන්න තිබුණු දේවල්...


කලින් මහ මැතිවරණය එක්ක සංසන්දනයක්...


මහ මැතිවරණයෙදි චන්දදාසට කියන්න තිබුණු දේවල්...






මහ මැතිවරණය ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා දිනුවට පස්සෙ...



ජයවර්ධන ආණ්ඩුවට චන්දදාස ඉදිරිපත් කරපු අභියෝගය...


ජේ. ආර්. ජයවර්ධන මහතා ගෙනාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චන්දදාස දැක්ක හැටි...


ප/ලි

ඉහතින් දැක්වූ කාටූන් ටික අපේ නව ආණ්ඩුව පත්වීමත් එක්ක සමාන කිරීමක් මම අදහස් නොකරමි. මෛත්‍රීපාලනය විසින් මේ අවසන් කරන්නට හදන්නේ, ඉහත දැක්වූ විදිහට ආරම්භ කරපු පාලන තන්ත්‍රයයි.

පින්තූර උඩ ක්ලික් කිරීමෙන් ලොකු ප්‍රමාණයේ පින්තූරය බාගත හැකි වේවි.

28 comments:

  1. මරු කාටුන් ටික ඩ්‍රැකී!
    අඩේ මේ ඔසී කියන්නේ ඔසී දියලගොඩද?

    ReplyDelete
    Replies
    1. මම අැත්තටම දන්ෙන නෑ... (අහන්න තාත්තත් නෑ)

      ඒකතු කිරීමට ස්තූතියි...

      Delete
    2. ඔව්. ඔසී දියලගොඩ තමයි. තව විජේසෝමත් ප්‍රසිද්ධ දේශපාලන කා‍ටුන් ශිල්පියෙක්. ඒ වගේම උදය පියල් සමරවීරගේ දේශපාලන කාටූන්වලත් ගතයුත්තක් තියෙනවා කියලා මම හිතනවා.

      Delete
    3. ඔසී දියලගොඩ මහතා මට දැනුං තේරුං ඇති කාලෙ හිටියෙ නෑ. මට හොඳට හුරුයි විජේසෝමගෙ ප්‍රබල කාටුන්. පියල් අපිට සමීප වුනේ විජය පත්තරේ කැලේ කතාවෙන් සහ මකාගෙ යලක් එකෙන්. යුනුස්, විනී හෙට්ටිගොඩ යන අයත් ගෞරවණීය කාටුන් කාරයො.

      ස්තූතියි ඩූඩ්...

      Delete
  2. දැන් තියෙන කාටුන් වලට වැඩිය මේවා මාර ගති නේ..

    චන්දදාසගේ පෙරමුණ.. ඒක ගති..

    ReplyDelete
    Replies
    1. සිරා තමා... අපේ තාත්තා කැමතිම කාටුන් චරිතයක් තමා චන්දදාස.

      Delete
  3. ලංකාවෙ ප්‍රබුද්ධ දේශපාලයන නැතිවෙලා, පප්ප රට විනාස කොලාය කියන උන්ට ඉතිහාසෙ ගැන දැනගන්න බොහොම වටිනව මේ කතා කියවන එක.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ, ලංකාවෙ තිබුණ එච්චරටම ප්‍රබුද්ධ දේශපාලනයක් නෑ. දැන් දැන් ඡන්දදායකයො බුද්ධිමත් වේගෙන එනවා කියන එකයි...

      Delete
  4. නියම කාටුන් ටික.
    චන්දදාසල තනිකරම බඩ වෙනුවෙන් තමයි ඡන්දෙ දීල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා, කාටුන් ඔක්කොම හරියට බැලුවනං තේරෙනවා බඩ විතරක් නෙමෙයි තිබුණ ප්‍රශ්නෙ කියලා... 4 වෙනි කාටුන් එකේ චන්දදාස කියන දේ කියවලා බලන්න.

      Delete
  5. සර්වකාලීනයි.. අවුරුදු විස්සක විතර කාලයක් එකතැන කැරකිලා කියල හිතෙන්නෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අවුරුදු විස්සක් නෙමේ සරත්, නිදහස ලැබූ දා පටං අපි එකතැන කැරකෙනවා. මේ පාර වත් ඒක වෙනස් වෙයි කියලා අපේක්ෂා කරනවා. හැබැයි පුතෝ... මේ පාරත් එක තැන කැරකෙන්න ගත්තොත් නං ජනතාව විදි බහිනවා සහතිකයි.

      Delete
  6. හත්තිලව්වයි ඒ කාලෙත් ඒහෙමද??? හරිනේ ඒකනේ ලොක්කා කිව්වේ දිවිහිමියෙන් හරි පක්ෂය කරපු දේවල් සුරකිනවා කියලා...

    ReplyDelete
    Replies
    1. දාහතර ඉලව්වයි...!

      ඒ අතින් නං ලොක්කට වැරැද්දක් කියන්න බෑ. අපි බලමු ගොවියාපුතු ගේ පාලනය මොන වගේ වෙයිද කියලා...

      Delete
  7. ඉතාම වටිනා කාටූන් පෙළක්. මෙවැනි පැරණි කාටූන් වලින් අපේ රටේ දේශපාලන ඉතිහාසයේ වැදගත් අවස්ථා යලි සිහිපත් කරගත හැකියි. බොහොම ස්තුතියි මේ කාටූන් පෙන්නුවාට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක තුමා, ඔයපැත්තෙ නැද්ද තව පරණ දේවල් එහෙම...?

      Delete
  8. මරු කාටුන් ටික....
    ඒත් අකුරු වැඩි ඒකයි අවුල.....

    ReplyDelete
    Replies
    1. අකුරු නං වැඩියි තමා. වැඩේ ඉතිං මහ මැතිවරණෙකදි කියන්න තියෙන දේවලුත් වැඩියි නෙ. නිවාඩුවෙ බලන්න බාගත කරගන්න... :-)

      Delete
  9. ඒ කාලේ ඉදන්ම මිනිස්සු රවට්ටනවා , තාමත් රැවටෙනවා. . .

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මල්කොහා... රැවටීම අඩුවේගෙන යන බවට හැබැයි දැන් සංඥා නිකුත් වේගෙන යන්නෙ.

      Delete
  10. උඩින් සරතයියා කියලා තියෙනවා වගේ මේ කාටුන් "සර්වකාලීනයි"නේ.අපි තරම් රැවටුන ජාතියක් තව නැතුව ඇති.හැබැයි තව දුරටත් අපි රැවටෙන්න සුදානම් නැහැ කියලා ජන්දෙන් පෙන්නුවානේ.

    ReplyDelete
    Replies
    1. ravaya.lk සයිට් එකේ තියෙනවා වික්ටර් අයිවන් ගෙ කතාවක් (වීඩියෝ) එයා කියන්නෙ, ලංකාවට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පරිණාමීයව ලැබිලා නෑ කියන එකයි. ඒකයි මේ තරම් රැවටිලි වලට ඉඩ ලැබිලා තියෙන්නෙ. මනෝජ් කිව්වා වගේ තවදුරටත් රැවටෙන්න සූදානම් නැති කොටස එන්න එන්නම වැඩි වෙනවා.

      Delete
  11. චන්ද්‍රදාසගේ පෙරමුණ...නියම ගති පෙරමුණක්නෙ...
    //බඩේ ඉතුරුඋනේ බඩවැල් විතරයි...පට්ටම ටෝක් එක//

    ස්තූතියි ඩ්‍රැකියො..

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි සිරා...

      තව ඔසිගෙ හොඳ කාටුන් ටිකක් තියෙනවා. ඉදිරියෙදි දාන්නං...

      Delete
    2. Oyw contact krgnn widihk ndd.. ඔසී දියලගොඩ මහත්මයා ගැන විස්තර දැනගන්න

      Delete
  12. හෙහ් හෙහ් අපි නොදන්නා ඉතිහාසය කෙටියෙන් නියමයි ..

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි