පොඩි කාලයක් ගියා ආපහු බ්ලොග් එකට එන්න. ඒ ගැන සමාව ඉල්ලන ගමං, පහුගිය බ්ලොග් ලිපියට 137ක් කමෙන්ට් ලබා දෙන්න දායක වුණු හැමෝට ම හෘදයංගම ස්තූතිය පළ කරනවා. මෙන්න කලින් ලිපියෙන් කිව්ව වගේ ම ප්‍රහේලිකා දෙකට උත්තර.
මුලින් ම, අර වැලි ග්‍රෑම් 500 ගැටළුව.
කීප දෙනෙක් ම හරියට උත්තර දුන්නා වගේ ම, මුලින් ම වැලි ග්‍රෑම් 500 තරාදියේ එක පැත්තකටත්, අනික් පැත්තට බර මැන ගන්න තියෙන ද්‍රව්‍යයත් දාලා, ග්‍රෑම් පන්සීයක් කිරා ගන්නවා. ඊට පස්සෙ ඒ ටික අයින් කරලා, වැලි ග්‍රෑම් 500 ඇස් මට්ටමින් දෙකට බෙදලා, තරාදියේ දෙපැත්තට දාලා, පොඩ්ඩ පොඩ්ඩ දෙපැත්තෙන් මාරු කරමින් හරියට ම දෙකට බෙදා ගන්නවා. එතකොට එක පැත්තක ග්‍රෑම් 250 යි. ඒ වැලි ටිකෙන් තවත් අර ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් කිරා ගන්නවා. ඊට පස්සෙ තමයි අමාරු ම හරිය. කිලෝ එකේ පඩිය දාලා අර ද්‍රව්‍යයෙන් කිලෝ ග්‍රෑම් එකක් කිරා ගැනීම. ඒ ටික කතු කළා ම කිලෝ ග්‍රෑම් 1කුත් ග්‍රෑම් 750 ක් ලැබෙනවා.
නිවැරදි පිළිතුරු දුන් අය...
1. අජිත් ආගාර්කාර්
2. ඇනෝ @ මැයි 24, 2025 11:44 ප. ව. මේ පිළිතුර වඩාත් නිර්මාණාත්මකයි - වැලි ඕනේ ම නෑ)
ඒක කිව්ව ම මට මතක් වුණේ ශික්ෂා රසය පොතේ (නැත්නම් කුමාරෙදයක?) තිබුණු කතාවක්...
බළල්ලු දෙන්නෙකුට කේක් කෑල්ලක් හම්බවුණා. ඒ දෙන්නට සමාදානයෙන් ඒක බෙදා ගන්න බැරි වුණා. එතනින් යන්න ගියපු නරියෙකුට ඒ දෙන්නා කිව්වා, මේ කේක් කෑල්ල හරියට ම දෙකට බෙදලා දෙන්න කියලා.
 |
අඩේ! ඒකෙ ස්ට්‍රෝබෙරිත් තියෙනව... |
ඉතිං බකුසු නරියා ඇහැකුත් පුංචි කරලා දිවත් හපාගෙන, හරියට ම දෙකට කඩනවා වගේ කේක් කෑල්ල දෙකට කැඩුවා. ඊට පස්සෙ ඒ දෙක සංසන්දනය කරලා බලනකොට, එක කෑල්ලක් පොඩ්ඩක් ලොකුයි. ඒක පොඩි කරන්න නරියා ඒ කෑල්ලෙන් පොඩ්ඩක් කෑවා. ඒ ගමන අනික් කෑල්ල ලොකුයි. ඉතිං ඒකෙනුත් පොඩ්ඩක් කෑවා. ඔහොම කාලා කාලා, අන්තිමේ බළල්ලු දෙන්නට යාන්තං දත් අස්සෙ යන්න තරම් පොඩි කෑලි දෙකක් ඉතුරු වුණා.
ඔන්න ඉතිං දෙවැනි ප්‍රහේලිකාව හෙවත් තර්ක රාමු ගැටළුව...
මේක විසඳන්න මම පුද්ගලයන් හතර දෙනාගෙ වෘත්තීන් සහ ඇණවුම් කළ බීම දෙපැත්තට දාලා හදා ගත්තා කොටු රාමුවක්. මේ වගේ...
ඊට පස්සෙ මෙහෙම සටහනක් ගැහුවා, වාඩි වෙලා ඉන්න තැන සළකුණු කර ගන්න.
රායිට්... දැන් තියෙන්නෙ, එකිනෙක ඉඟි අනුව මේ සටහන් පුරව ගන්න.
1. කෝපි ඇනවුම් කළ තැනැත්තා, කවිච්චියේ සිටි ගුරුවරයා සමග කතාවට වැටුණා...
ඒ කියන්නේ ගුරුවරයා කෝපි ඇනවුම් කළේ නෑ. ඒ වගේ ම ඔහු මැද ආසන දෙකෙන් එකක ඉන්නෙ.
2. වෛද්‍යවරයා පළතුරු යුෂ ඇණවුම් කළා... (කැෆේන්වලට කැමතිත් නැත්තං වතුර බොන්ඩ තිබුණෙ.)
ඒක සටහන් කළාට පස්සෙ මෙහෙමයි. අර වම්පැත්තෙන් වාඩි වෙලා උන්න තේ බොන්නා ගැන පස්සෙ සළකා බලමු. නැත්නම්, මේක සංකීර්ණ වෙනවා.
3. ඉංජිනේරුවරයා කෝපි ඇණවුම් කළ තැනැත්තා ගේ සහෝදරිය
විවාහ කරගන්න හිටියා. එහෙනම්, ඉංජිනේරුවරයා කෝපි බොන්නේ නෑ.
ඒ කියන්නේ කෝපි බොන්නේ පුවත්පත් කලාවේදියා.
දැන් අපට මේ තොරතුරු එක්ක ඉඟි ටික නැවත කියවමින්, ආසන සටහනට යන්න පුළුවන්.
කෝපි ඇණවුම් කළ තැනැත්තා (වන පුවත්පත් කලාවේදියා), අසල කවිච්චියේ වාඩි වී සිටියේ ගුරුවරයා. ඔහුගේ වම්පසින් වාඩි වී සිටියේ ඉංජිනේරුවරයා. ඒ කියන්නේ, පුවත්පත් කලාවේදියා අනිවාර්යයෙන් ම දෙපැත්තෙන් දෙන්නෙක් සිටින විදිහට, කවිච්චියේ තැනක සිටිය යුතුයි. ඒ වගේ ම කවිච්චියේ ම ඔහුගේ දකුණු පසින් ගුරුවරයා සිටිය යුතුයි. ඒ කියන්නේ මේ විදියට.
ඒ වගේ ම පුවත්පත් කලාවේදියාගේ වම් පසින් ඉංජිනේරුවරයා ඉන්න නිසා, ගුරුවරයා අසල පුටුවේ සිටින්නේ වෛද්‍යවරයා විය යුතුයි.
එතකොට, වෛද්‍යවරයාට වම්පසින් උන් තැනැත්තා තේ ඇණවුම් කළ නිසා, තේ බොන්නේ ගුරුවරයායි. ඉංජිනේරුවරයා තමයි වතුර බොන්නේ. අවසාන පිළිතුර මෙහෙමයි.
නිවැරදි පිළිතුරු දුන් අය...
1. කෞ-ශල්‍ය
2. අජිත් ගවස්කාර් (නැත්තං තෙන්දුල්කාර්, එහෙමත් නැත්තං මංජ්රේකාර්, එහෙමත් නැත්තං මංගේෂ්කාර්, නැත්තං ඩීසල් කාර් වෙන්ඩත් පුළුවන්.)
3. නිහඬපාල
4. ලෝටස් නෝනා
ඉතින් හිතවත් මිතුරු මිතුරියනි, මාගේ බ්ලොග් පෝස්ටුව මෙතෙකින් අවසානයි. හමුවෙමු තවත් හරවත් පෝස්ටුවක් සමගින්, පණ තිබුණොත් ලබන මාසෙ දිහා විතර. එතෙක් ආයුබෝවන්! වාසනාවන්!!
ප. ලි.
මේකට කමෙන්ට් සීයක් ඕනෙ නෑ ඈ...
1 දාල යන්න ආවෙ. විසදුම බලන්න ආයෙ එන්නං.
ReplyDeleteබොට මං මේ දවස්වල ඇඟිල්ලෙං අනිනවා, අනිනවා, ඉවරයක් නෑ...
Deleteබලාගෙන ඇඟිල්ල ගෙවුනොත් එහෙම වැඩේ රුයිතෙට යන්න පුලුවං.
Deleteරුයිතෙට ගියත් අනිවා - අනිනවා... ඒකත් වෙන ම ආතල් එකක්.
Deleteමොකා කොහොම ඉඳගෙන මොනව බිව්වත් අපිට මොකෝ බං.
ReplyDeleteහැබෑට... "සමහරු මිය යන්නේ - වස බී...!"
Deleteමෙනෙවියලත් යනව - වස බී
Deleteඅඩේ! "මයා" ල නිසා නේ, උං යන්නේ?
Deleteඔය එන කට්ටියට කියන්නෙ,
ReplyDeleteමේකට කොමෙන්ට් සීයක් ඕන නෑ කියන එක හො.ම.ත.ග.යු.
- කො.කා. සභාපති -
මේ යන විදිහට, අර විනී සල්පිලේ "මී ළඟ "පාර ආරච්චි ද වෙන්ඩ බැරී කිව්ව වගේ, 200 ක් වෙන්ඩත් බැරි නෑ...
Deleteකි.අ.බ.බු
Deleteඒ මොකද්ද බොලේ ඒ?
Deleteකි.අ.බ.බු = කිරි අප්පට බල්ලො බුරපි
Deleteබකුසා දන්නව ද, "කිරි අප්පා" කියන්නෙ කාට ද කියලා? ඇයි උන්දැට බල්ලො බුරන්නෙ කියලා? අපේ පැත්තෙ කියන්නෙ කිරි අප්පට බල්ලො පැනපි කියලයි.
Deleteබල්ලො පැනපු කතාව අහල තියනවා. ඒත් හේතුව දන්නෙ නෑ. හත්මුතු පරම්පරාවෙ "කිරි කිත්තා" හිටියට "කිරි අප්පා" නෑ.🤔
Deleteආ... මේකයි, සමහර පළාත්වල කිරි අම්ම දානෙට අම්මල හත් දෙනත් එක්ක පොඩි ළමෙයකුත් එක්කරං යනව, ඔය පාන්දර මහපාරෙ තියෙන පොඩි පොඩි ඇබැද්දිවලට මානසික ආරක්ෂාවක් විදිහට. ඒ ළමයත් කිරි අම්මලත් එක්ක ම දානෙට වාඩි කරනව, කිරි අප්ප කියල. ආං එහෙම යද්දි බල්ලො පැනපු (බුරපු) සීන් එකක් තමයි ඔය කියන්නෙ.
Deleteඅම්මපා අල කොමෝ, උඹව විස්කි බෝතලේක දාලා සංරක්ෂණය කරන්න වටිනව. ඔය කියන්නන් වාලෙ කිව්වට හාංකවිසියක් දැණන් උන්නෙ නෑ නෙව?👌💐
Deleteඅඩි පහ මාර්ක් විතර උස විස්කි බෝතලයක්, කොච්චර දවසක් යයි ද, ඉවර කරන්ඩ? 🤔
Deleteහුඃ! කෝ මේ නයා ඒ ගමන?
ReplyDeleteරෝස් පාං කෑල්ලක් කාල බිත්තරයක් බීල එන්න ගියා.
Deleteඅනේ බොලා කන රෝස් පාං!! බිත්තර නං බොනව ඇති අන්රයියට හුරේ කිය කිය...
Deleteරෙජිස්ටරේට එක දාගන්න ඈ? කමෙන්ට් වැටුනාම ආයෙ එඤ්ඤං.
ReplyDeleteඑඤ්ඤ එඤ්ඤ.
Deleteසැටියෙ වාඩිවෙලා පලතුරු වලිං පෙරපු යුෂ පොඩ්ඩක් එහෙම සන්තර්පනය වෙන්න පුලුවං.
පලතුරු වලිං පෙරපුව කිව්වෙ දංකොටුව ඉස්පැෂල්ද?🤔
Deleteබඹරකැලේ ඉස්පැෂල්
Deleteඩී. ජී. එම්. බස්සා 1
Deleteප්‍රසක්ඤ, නැද්ද ගොඩකවෙල ස්පැෂල් එහෙම?
මේ මොන කරදරයක්ද?
ReplyDeleteමේ මගුල් විසඳන්න කලින් බස්සෙක්ද බල්ලෙක්ද නරියෙක්ද හෝතඹුවෙක්ද විල්ලූද අලීත යටිකුරිත්තෙක්ද මොකෙක්ද කියල හරියට කියන්නකො.
https://www.inaturalist.org/taxa/14813-Sitta-frontalis
Deleteසෑර් ඔය යටිකුරිත්තලා වගේ නෙමෙයි, නියම පක්සියෙක් ඉන්නවා Chimney swift කියලා. තනිකරම, සොසේජ් එක වගේ මස් කරල!
Deleteදවසකට කෘමියො දහක්, හමාරක් කම්මුතු කරනව කියන්නෙ. අර මෙරුවො පියාඹන කොට, ඇවිත් ඇක්‍රොබැටික් දාන්නෙ එයාලයි කියන්නෙ. උන්දලාගෙ කූඩු වලින් හදන සුප් එකකුත් තියනවලු. ඔය බස්සො වගේද , ආන්න පක්සියා.
Indian Roller - In Sri Lanka, they are known as "Dumbonna," which translates to "Smoke-drinker" in Sinhala, referring to their habit of flying near fire during chena cultivation to catch disturbed insects.
Deletehttps://biodiversityofsrilanka.blogspot.com/2012/12/dumbonnaindian-roller-coracias.html
https://bioone.org/journals/ardea/volume-111/issue-1/arde.2022.a27/Birds-and-Bush-Fires-in-African-Savannahs/10.5253/arde.2022.a27.full
චිමිනියො වගේද මුං :
ගිනි තියලයි කන්නෙ
https://wildlife.org/australian-firehawks-use-fire-to-catch-prey/
දන්නවද තව දෙයක්? ඔය බස්සො ඉන්නව නේද, කවුරුහරි උංගෙ කූඩුව ලඟට එන එක වලක්වන්න උං චිමිනි ලිහිණියො පෙන්නනවලු
අප්පට හුඩු! හොඳ වෙලාවට ඕට්ටේලියාවට නොගියෙ. එහෙ උකුස්සො කන්නෙ බාබිකිව් කරල කියහංකො.😮🤣
Deleteමොකා ගියාද නොගියාද කියල අපි දන්න එකක්යැ.
Delete(දැන් කමෙන්ට් සීයා හරිද?)
ප්‍රාජේ යටිකුරුත්තං වෙලා වගෙයි, මට අර බලංගොඩ මානවයගෙ අයිකොන් එක පේන් නැත්තෙ. ඔය වගේ අමුතු නං තියෙනව ලංකාවෙ කුරුල්ලන්ට සහ සර්පයන්ට. උදාහරණ? උරුවන් තිරාසිකයා, ශ්‍රී ලංකා පිලිලිච්චා, සියක්කාරයා, නිර්විෂ රදනකයා
Deleteනරි හාමි කියන විදිහට මට මතක් උනේ වැහිලිහිණියයි දුම්බොන්නයි හයිබ්‍රිඩ් කරපු කුරුල්ලෙක්.
Deleteප්‍රා, ඔය මොන සිකුරිටි සිස්ටම් නැතත් ඇඟෙන් ම එන වැස්ලින්, ග්‍රීස් මික්ස් එක ඇති බස්සන්ට.
බකුසා බොස්, ප්‍රාත් නං බාබකිව් කරන්ඩ ට්‍රයි කළා තාරාවෙක් ව. මයෙ හිතේ හොට පැටළුනා.
ප්‍රා, කමෙන්ට් සීයා නං මංදා, කජු සීයා ට නං බඩු හරි.
කව්ද කජු සීයා? අපිටත් කියහල්ලකො. මේ තව ටිකයි හාෆ් සෙංචරිය ගහල දාමු නේද?
Deleteමේ රෝස්ට් කරපු තාරාවො ඉන්නව නං, අපටත් කට්ටක් විසි කරන්න, ඈ?🙏
Deleteබකුෂ්, හනේ වෙරි සොරි. උත්තර දීලා මේක ඇදගෙන යන්ඩ බැරි උනා. කජු සීයා කිව්වෙ අපේ රනිල් සීයා.
Deleteටොමී, ඉඦ ඉඦ... කූ කූ කූ...
උත්තරේ දාල නේ .. මම මේ තාම කල්පනා කරනවා .. යන්තන් ඇති දැන් වෙන දෙයක් කල්පනා කරන්ඩ පුළුවන්
ReplyDeleteඔය ටියුබ්ලයිට් එක ගලෝල දාල අලුතින් LED එකක් දාගනිං.
Deleteගැස්සී ගැස්සී පත්තු වෙනකොට තියෙන ආතල් LED දන්නේ නැහැ බ්‍රෝ
Deleteපැතුම්,
Deleteඔය අවු අස්සෙ ඇ ඇලෙන්ඩි නිදහස් කර ගන්න එකයි. ස්කෲලොක් ගොඩ ගන්න එකයි ගැනත් කල්පනා කරන්ඩ වෙලාවක් ලැබෙයි ද?
ප්‍රසක්ඤ, අලුත් බිස්නස් එකක් පටං ගත්ත ද?
ආයි පැතුම්,
ඌට තේරෙන්නෙ දඟර ගැහිලා වෙලාගන්ඩ විතරයි.
වෙන වෙලාවක මේක කියවන්නම්... පුලුහං උනොත්!
ReplyDeleteමතක ඇතුව පොඩි එකාට digital තරාදියක් අරං දෙන්ඩෝ. අපෙ මොළේට සමනල් ගැටේ දාන්ඩ එන්නෙ නැතුව හිටං 😆
ඕන නෑ බං. මේක කියවල ඇටේට ගැටේ දාගන්නැතුව ඉඳහං.
Deleteනමි නායක තුමනේ,
Deleteමේක ඒ තරං බයාණක ගැටළුවන් නෙමෙයි අනේ. ඔයා දකින්ඩ තිබුණෙ අයින්ස්ටයින් ප්‍රහේලිකාව...
ප්‍රසෝ, ඒක ගැටහන්නෙ මොකෙන් ද?
නමියා දැන් හරිම බිසී. කව්ද යකෝ පෝස්ට් එක කියවන්න කිව්වෙ? කමෙන්ට් කරපිය, කමෙන්ට්!
Deleteමාත් අණ්ඩ-කවර් ආවෙ. හාවො අල්ලන්න. බහූඌඌඌ...ඌ
Deleteබක්ෂා, හැබෑව. දැං හැදෙන උං ඔහොම්මයි. පණ්ඩිත කම විතරක්.
Deleteටොමියා, මොකෝ, අණ්ඩ කවරෙක දාගෙන එල්ලගෙන ද ආවෙ?
ඇනෝ තුමාගේ වැලි ඕනෙම නැහැ කියන කතාවට මම විරුද්ධයි . මොකද 1000 පඩිය එක පැත්තකට දාල ඊට පස්සේ ඒක අයින් කරලා අර ද්‍රව්‍යයෙන් භාගේ භාගේ දෙපැත්තට දාන්න යන වෙලාව වැඩි . කොපි කඩේ මුදලාලි තමා එහෙම කරන්නේ . හොර කරන්න ලෙහෙසියි
ReplyDeleteඇප්ලයිඩ් විදිහට නං ඇත්ත. ලොජිකල් ගැටලුවක් නිසා ඇනෝ වඩා දියුණු අදහසක් තමා කියන්නෙ. ඉස්සරහට තව කවුරුහරි කියයි ද දන්නෑ තරාදිය ඔ්නෙත් නෑ. මුදලාලි ඔ්නෙත් නෑ කියලා?
Deleteඅජිත් ගවර්කාර් කිව්වේ කාටද , තවම හොයනවා බ්ලොග් එක 😁
ReplyDeleteහැබෑට කවුද ද? නමේ හැටියට නං ක්‍රිකටර් කෙනෙක් වගේ. 🤣🤪
Deleteඅර පුටු ගැටළුව නම් හදාගත්තා. වැලි එක නම් කරගන්න බැරි උනා..
ReplyDeleteඅපි එකිනෙකාගේ මනස වැඩ කරන ආකාරය නේ ද, එයින් පේන්නෙ? මටත් උනේ ඒක ම යි. වැලි ගාණ මටත් හදා ගන්න බැරි උනා. නමුත් අර ඇනෝ කියන විදිහට, වැලි ඔ්නෙ ත් නෑ.
Delete