අමනදීපේ කතාවක්...

ඕං එකෝමත් එක කාලෙක තිබ්බා අමනදීපේ කියලා රටක්. ඒකෙ රජකම් කළේ මහා අමනෝඥ මහ රජතුමා.

http://i.ytimg.com/vi/TmQKihNpsHk/hqdefault.jpg

දවසක්දා එතුමට අහන්න ලැබුණා, මීට කලින් හිටිය එක රජෙක් එතුමන්ගෙ බලපරාක්‍රමය ගැන කියලා තිබුණ කතාවක්.

"දැං ඉතින් මට කොරන්න බැරි රෑ දවල් කොරන එකත්, දවල් රෑ කොරන එකත් විතරයි..."

'ඒ රජා වගේද මං? මං ඕක කොහොම හරි කරනවා' කියලා හිතාගත්ත මහා අමනෝඥ මහරජතුමා, රටවැසියන්ට ආඥාවක් පැණෙව්වා.

අද පටන් අමනදීපේ සියළුම වැසියන් පස්වරුව පෙරවරු කියාද, පෙරවරුව පස්වරු කියාද වෙනස් කරගත යුතුයි. රටවැසියන්ගේ සියළුම කටයුතු ඒ අනුව වෙනස් කළ යුතුයි.

"ඒක නෙවෙයි කරනවනං..." නාකි පුරෝහිත කෙනෙක් ආඥාව ලියවන අතරෙ මහරජාගෙ කණට කරලා කිව්වා: "රටේ බඩුමිල හොඳටම වැඩිවෙලා. ඒකට පිළියමක් කරනවනං හොඳයි නේද?"

"ඇත්ත නේන්නං." මහරජා කිව්වා. "ඕකටම මේකත් ලියාපිය..."

අදපටන් අමනදීපේ තුළ විකුණන සියළුම භාණ්ඩ වල මිල රුපියලක් විය යුතුයි.

එදා පටන් අමනදීපෙ මිනිස්සු රෑට වැඩ කළා, දවල්ට නිදාගත්තා.

"අපේ රට ‍ලෝක ප්‍රසිද්ධ වෙන වැඩක් මේක. කාටද පුළුවන් වුනේ දවල් රෑ කරන්නයි, රෑ දවල් කරන්නයි. දැන් මහ රටවල එවුන් හරි තරහෙන් ඇත්තෙ අපේ මහ රජ්ජුරුවො එක්ක" මහරජා වටේ හිටපු උං ප්‍රශස්ති හදලා ගායනා කළා හන්දියක් හන්දියක් ගානෙ.

දවසක් වෙන රටක ගුරුවරයෙකුයි ගෝලයෙකුයි අමනදීපෙට ආවා. ඇවිත් කෑම කන්න තැනක් හොයාගන්න සෑහෙන්න මහන්සි වුනා. මොකද, යන යන තැන කඩ, සාප්පු, ගෙවල් දොරවල් හැම එකක්ම වහලා. සත්තු පවා ගාල් වල නිදි.

හැබැයි ඉර බැහැගෙන ගියාට පස්සෙ මිනිස්සු අවදිවෙලා, දත කට මැදලා, මූණ හෝදලා, කඩ සාප්පු අරින්නයි, කුඹුරු වැඩ ආදිය පටන් ගන්නයි වුනා. ගුරුවරයටයි ‍ගෝළයටයි හරි පුදුමයි මේක දැකලා. පුදුම වෙවී ඉන්නැතුව දෙන්නා ළඟම තිබුණු හෝටලේට ගිහිං, බඩ දිගඇරෙන්න කෑවා, මොකෝ, දවසක්ම බඩගින්නෙ නෙ හිටියෙ.

දෙන්නට තරු පෙනුනෙ බිල දැක්කහමයි. දෙන්නා කාපු කෑම බීම ඔක්කොටෝම බිල වුනේ, රුපියලයි.

"මේ රට නම් තවත් ඉන්න හොඳ තැනක් නෙවෙයි" ගුරුන්නාන්සෙ ගෝළයට කිව්වා. "මේක මෝඩයින්ගෙ රටක්. දැනට කොයි හැටි වෙතත්, අන්තිමේ මොන මොනව වෙයිද දන්නෑ. අපි ඉක්මණටම වෙන රටකට ගියොත් තමා හොඳ."

"ගුරුන්නාන්සෙ යන්න. මට නම් මේරට හොඳා." ගෝළයා කිව්වා. මොකද, රුපියලකට බඩ පිරෙන්න කෑව හැකිනම්, වෙන රස්සාවක් මොකටද?

ගුරුතුමා කොච්චර කිව්වත්, ගෝළයා කැමති වුනේ නෑ අමනදීපෙ දාල යන්න. ඉතිං ගුරුතුමා පහුවදා උදෙන්ම අමනදීපෙන් පිටවුනා.

ගෝළයා අමනදීපෙ කාලසටහනට හුරු වුනා. දවල්ට නිදාගෙන ඉඳලා, රෑට හෝටලේකට ගිහිං බඩ පිරෙන්න කනවා. දෑතෙ රස්සාවක් නොකර කකා බිබී හිටිය නිසා ගෝළයා අපේ විපක්ෂ නායක වගේ තරබාරු මිනිහෙක් උනා.

දවසක් දවාලක හොරෙක් ගෙයක් බින්දා. ගෙදරක බිත්තියට අවලංගුවෙන් පාරවල් දෙකයි ඇන්නෙ, බිත්තිය කඩාගෙන වැටුනා හොරාගෙ ඇඟට. හොරා මළා. හොරාගෙ අයියා පැමිණිලි කළා මහරජාට.

"මගෙ බාල මල්ලි හොරෙකි. එයා රස්සාව කරන්න ගමේ හිටපු පෝසත්ම මිනිහගෙ ගෙදර බිත්තියකට ඇන්න පාර, බිත්තිය කඩා වැටී මල්ලි මළා. මේ මරණෙට වගකිව යුතු ගෙදර අයිතිකාරයාට දඬුවම් පමුණුවන්න"

පැමිණිල්ල විභාග කරන්න මහරජා, විත්තිකාර පෝසත් මිනිහව කැඳෙව්වා.

"අනේ මහරජතුමා, මං නිර්දෝශයි. බිත්තිය කඩං වැටුණෙ ඒක දුර්වල විදිහට බැඳපු මේසන් බාස්ගෙ වරදින්" පෝසතා කිව්වා. මහරජා මේසන් බාස් කැ‍ඳෙව්වා.

"අනේ මහරජතුමා, බිත්තිය දුර්වල විදිහට බැඳුනෙ අනපු බදාමවල වරදින්. මගෙ ගෝළයා තමා වැරදිකාරයා." මහරජතුමා ඒකත් පිළිගත්තා. ගෙන්නුවා ගෝළයව.

"මගෙ නෙමෙයි වැරැද්ද. බදාමෙට වතුර වැඩි උනා. වතුර වක්කරපු කළේ කට ලොකුයි. කළේ හදපු කුඹලා තමයි වැරදි."

"හැබෑ නේන්නම්" මහරජතුමා කිව්වා. "ගේනවා කුඹලව...!"

"මං කළේ සකපෝරුවෙ හදද්දි, තරුණ ගැටිස්සියෙක් ඒ ළඟින් ගියා. එයා දිහා බලපු නිසයි කළේ කට ඇද වුනේ."

"හැබෑට? ගෙන්නපිය තරුණ ගැටිස්සි...!" මහරජා තොළකට ලෙවකෑවා.

ඒ කාලෙ ගැටිස්සි දැන් වයසයි. "අනේ මහරජතුමෝ. මගෙ රත්තරන් බඩු හදල දෙන්න ජුවෙලරිකාරයෙකුට දුන්නා. එයා නියම දවසට ඒක හදල දුන් නෑ. එයා තමයි ලොකුම වැරදි කාරයා. " ආච්චි අම්මා වැඳ වැටුණා.

"වෙලාවට බඩු හදල දුන්නෙ නැති ජුවෙලරිකාරයව මෙහෙට ගෙන්වනු!" මහරජා අණ කළා. "ඔහේ දැන් යනවා..." රජතුමා අහක බලං, ආච්චි අම්මට කිව්වා.

ජුවෙලරිකාරයා රාජසභාවට ඇවිත් වටපිට බැලුවා. "ආ... මේ ඉන්නෙ." එයා අර පෝසතාව පෙන්නුවා. "මේ මහත්තයගෙ මඟුල් ගෙදරට බඩු හදන්න තිබුණ නිසා තමයි අර ආච්චිගෙ රත්තරන් බඩු ‍හදල දෙන්න පරක්කු වුනේ."

"බේරෙන්න හැදුවෙ නේද?" මහරජා දත්මිටි කෑවා. "මං ඉන්නකම් වැරදිකාරයන්ට බේරිලා යන්න බෑ. උලතියනවා මෙයාව."

"අනේ රජතුමා, මං නෙවෙයි ඒ රත්තරන් බඩු ඕඩරේ මෙයාට දුන්නෙ."

"එහෙනම් කවුද?"

"අ.. අ.. අපේ තාත්තා..."

"ගෙනාපිය මුගෙ තාත්තව. අදම උලතියාපිය"

"පොඩි කේස් එකක් ඇත මහරජ..." දණ්ඩනායක මහරජතුමාට කිව්වා. "අපේ උල මොට්ට වෙලා..."

"ඉතිං හදාපිය අලුත් එකක්. ගෙනල්ල උලතියාපිය මුගෙ අප්පව. මං ඉන්නකම් කාටවත් වැරදි කරලා බේරෙන්න බෑ, අපෙ හාන්දුරුන්නේ, ප්‍රොජාචන්ච්‍රවාදය තියෙනවා..." මහරජා පපුවට ගහගත්තා.

රාජපුරුෂයො හැදුවා අලුත් උලක්. ඒත් කරුමෙ කියන්නෙ, අලුත් උළ මහත වැඩියි. පෝසතාගෙ තාත්තා උලටත් වඩා කෙට්ටුයි.

මේ කාරණේ රජතුමාට සැළ කළාම රජතුමා ඔළුවෙ අත ගහගත්තා.

"අපි මේ රටේ ඉන්න මහතම මිනිහව අල්ලලා උළ තියමු" රාජකීය පුරෝහිත අමනවංශ රජතුමාට උපදෙස් දුන්නා.

ඉතිං අන්තිමේ අර නිකම් ඉඳං රුපියලට කකා හිටිය ගෝලයව රාජපුරුෂයො අල්ලගෙන ආවා.

"අනේ මහරජතුමා, මාව උල තියපු ගමන්ම මගෙ ගුරුතුමාව උල තියන්න..." ගෝළයා මහරජතුමාට වැඳ වැටුණා.

"ඒ මොකද බොල?"

"අලුත හදපු උල හිටවපු නැකතෙ හැටියට, ඒකෙ මුලින්ම උල තියපු කෙනා මේ රටේ මහරජු වෙනවා. දෙවෙනියට උල තියපු කෙනා පුරෝහිත වෙනවා."

මහරජතුමා පුරෝහිතගෙ මූණ බැලුවා. පුරෝහිත රජතුමාගෙ මූණ බැලුවා.

"දාපිය මේකව හිරේ. මුගෙ ගුරාවත් ගෙනත් දාපිය හිරේ." මහරජතුමා අණ කළා. "අද දවල්ම මූව උල තියනවා. මං කියන පිළිවෙලට, ඉස්සෙල්ලම එන එකා පළමුවත්, දෙවෙනියට එන එකා දෙවනුවත් උල තියනු"

ගෝළයා හිරේ දැම්මා. ගුරුන්නාන්සෙවත් ජාත්‍යන්තර රාජපුරුෂයන්ට කියලා අල්ලගත්තා. මහරජයි පුරෝහිතයි හිරගෙදරට රිංගලා, අරුන් දෙන්නට තර්ජනය කරලා, උංගෙ ඇඳුම් උදුරගෙන, ඇඳගෙන, මහරජා පළමුවෙන් උලට ගියා. පුරෝහිත දෙවෙනියට උලට ගියා.

ගුරයි ගෝලයයි අමනදීපෙ රජවුනා.

ඕං ඔහොමයි තව පාරක් රජවෙන්න ගිය මහරජාට අන්තිමට වෙච්ච සන්තෑසිය...

ප/ලි
කන්නඩ ජනකතාවක් ඇසුරිනි.


45 comments:

  1. කෝ බේගල් නැහැනේ... :)
    අපේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කතා ඇති උනේ මේ කතා ඇසුරෙන් වෙන්න ඇති නේද ඩ්‍රැකී...

    ReplyDelete
    Replies
    1. බේගල් ගස්වලින් කඩනවයැ පුතා? ගොතන්න එපැයි... :-)

      කැකිල්ලෙ, මහදැනමුත්ත, අන්දරේගෙ කතා වලට සමාන දෙමළ, කන්නඩ කතා තියෙනවා. කෝක ඇසුරින් කෝක ඇති වුනාද කියන්න අමාරුයි. සංස්කෘතීන් එකට ඇසුරු කිරීම නිසා තමයි මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න ඇත්තෙ.

      Delete
  2. හරි ෂෝක් අප්පා..(රහසින්)දැනුත් අමනදීපේ මෙහෙමද?

    ReplyDelete
    Replies
    1. (රහසින්) දැන් නම වෙනස්, පාලකයත් වෙනස්, සමහර නිලධාරී නම් තාම එහෙමමයි.

      Delete
  3. එක කොටසක් කැකිල්ලේ කතාවකත් තියෙනවා නේද?
    මේ වගේ කතා රාශියක් තියෙනවා තෙනාල් රාමන් කියන නමින්, අන්දරේ වගේ රජවාසල කවටයෙක්.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි දැනුවත් කිරීමට.

      කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුවෙත් මේකම තමයි වුනේ. කන්නඩ කතාවෙ මුලයි අගයි විතරක් වැඩියි.

      Delete
  4. අමනදීපේ, පයිතියන් දේශේ...තවත් නම් තියේද ? හැම එකටම අම්මා බැනුම් අහනවා කියන එක පට්ට ඇත්තක් නේහ්...

    ReplyDelete
    Replies
    1. අතීතයේ හැඳින්වී ඇති නම්:
      මෝඩදීප, අජදීප, බූරුදීප, ගොං දීප, හරක්ඩිබ්, තෙපරබානා,

      ළමයින්ගෙ හැසිරීමෙ හැටියට තමයි අම්මා බැණුම් අහන්නෙ. නේහ්...?

      Delete
  5. සුපිරි කතාවක් ! 

    ReplyDelete
  6. හ්ම්.....................ඔය රජ්ජුරුවගේ නම ...............................ද?

    ReplyDelete
    Replies
    1. හරියට හරි...! ............................... තමා. කොහොමද දැනගත්තෙ?

      Delete
  7. කැකිල්ලේ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව වගේ...හැක්

    ReplyDelete
    Replies
    1. සමාන කතා...

      අර කතා දෙක මං ඔයාට ඊමේල් කරන්නං. මයෙ ඊමේල් එකට ඊමේල් එකක් දාන්න, ඔයාගෙ ඊමේල් ඇඩ්ඩ්‍රස් එක දැනගන්න.

      (ඉහත ඡේදගේ ඊ්මේල් යන වචනය තෙුන් වරකට වඩා යෙදීම නිසා මා විසින් මාවම තරඟයෙන් අවලංගු කරන ලදි.)

      Delete
  8. හෙහේ,අමනදීපේට හොඳ දීපයක් වෙන්න බැරිද ඇත්තටම කවදාවත්.හැමදාම මේකේ රජ කරන්නේ අමන රජවරුමද?

    ReplyDelete
    Replies
    1. වැසියා අමන වන තුරු රජවන්නේද අමන රජවරුමයි...

      Delete
    2. අන්න දවසේ කථාව

      Delete
    3. අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමට කලින් අලුත් ජනතාවක් පත් කර ගත යුතුයි කියල අජිත් පැරකුම් (වගෙයි මට මතක) කියල තිබ්බ...

      Delete
  9. එතකොට අමන දිපෙත් පාවිච්චි කොරන්නේ රුපියල් ඈ.......

    ReplyDelete
    Replies
    1. මැලේසියාවෙ මොනවද?

      Delete
    2. මැලේසියාවෙ ඔය මැලේ රාල ගොයියා නම් ඉගුරු දීලා මිරිස් කාරිය ගන්නවා...

      Delete
    3. හූ හූ මැලෙයා... :-)

      Delete
  10. මහ ජරා සොරි රජා උලේ ඉන්න ගමන් මොර දෙනවාලු අනේ මට ආපහු රජකම බැරිනම් යුවරජකම හරි දියෝ කියලා. පුරෝහිතයත් පුකෙන් උල උඩ ඉඳගෙනත් අපේ මහ රජ්ජුරුවෝ ආයිත් ගෙනෙමු කියල හූ තියනවලු.. අමන දීප ජන්ම භූමි අමනදීප විජය භූමි මේ අපේ උදාරවූ..... අමනදීපයයි ..අහෝ අමන දීපයයි.. ටං ටටං ටටං ටටං..

    ReplyDelete
    Replies
    1. උෟණ පූරණය නියමයි.

      ඔන්න සිංදු... පට්ට දේශාභිමානී ගීතය, අන්තිමට තියෙන වාදනයත් ඒක්කම.

      Delete
  11. මෑ ඇටේ සොරි සොරි මුතු ඇටේ කෙනෙකුත් තුන ඉල්ලන්න ගිහිං දෙකත් නැති කොරගත්තා මතකෙයි ඔහේලට

    ReplyDelete
    Replies
    1. මට මතක නෑනේ...! අනිත් ඔක්කොම මතකයි...

      Delete
  12. මහරජයි මහරජාගෙ වටේ ඉන්නෙ ගූ හේරො ටිකයි මෙදා පාර තමයි සල්ලං වෙන්නෙ...ඊට පස්සෙ මහ රජාට ඇපත් නෑ...සුවර් ඇන්ඩ් සොට්..

    ReplyDelete
    Replies
    1. මහමැතිවරණෙ එනකල් තමා අපිත් බලං ඉන්නෙ..., 20 ට පස්සෙ මහ මැතිවරණෙ එනවනං තවත් හොඳා.

      Delete
  13. මටත් කැමති ඔය රටේ පදිංචි වෙලා අල්ලපු රටක රස්සාවක් කර කර ඉන්න.

    ReplyDelete
    Replies
    1. රටවල් දෙක අතරෙ වෙලා‍ව වෙනස්නෙ... ඒකට මොකද කරන්නෙ?

      Delete
  14. හොද වෙලාවට අද රෑට කතන්දරයක් නැතුව ගෙදර එන්න එපා කියලා පොඩි මෙන්ඩා මාව අද ගෙදරින් එව්වේ එහනම් සැර පොඩ්ඩක් බාල කරලා ඩ්‍රැකි මාමා දුන්නා කියලා දෙනවා ඈෑෑ..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඩෝ...? පොඩි මෙන්ඩටත් බයයිද?

      දේශපාලනේ අහක් කරලා කියහං එහෙනං.

      Delete
    2. ඒකට තාත්තාගෙ ආදරය කියලත් කියමු..

      Delete
    3. උඹල දෙන්නගෙ බැඳීම පොඩි මෙන්ඩා ලොකු වෙනකොටත් තියාගන්න උත්සාහ කරහං බං. ඒක මාර වටිනවා...

      Delete
    4. මට කිරි එරැනේ නැති එක විතරයි...
      ඌ මාව දාලා ගිය දවසට මම මැරෙයි...
      මම කෙලි පොඩ්ඩියෙකුට ආසයි ඒ වුනාට දෙවනි ළමයෙකුට දෙන්න ආදරයක් මම ලග ඉතුරැවෙලා නෑ..
      ඩ්‍රැකි මාමේ උඔව දැන් පොඩි මෙන්ඩා දන්නවා...මේ කතාව කියන කොට ඌ උඩ පැන පැන බඩ අල්ලගෙන හිනාවුන හැටි දැක්කාම මම උඔට හිතෙන් ස්තුතියි කරා..

      Delete
    5. වෙලාවක ලොකු පොඩි මෙන්ඩලා දෙන්නම මුණගැහෙන්න ආසයි. ගෙට්ටුවකට එක්ක වරේං...

      Delete
  15. අඩේ මරු කතාව. උඹේ අඩවිය විටින් විට මිස් වෙනව බං. හිටු රෝලට දාගන්න

    ReplyDelete
    Replies
    1. උඹේ අඩවිය බ්ලොග් රෝලට දාන්න බෑ බං. ෆීඩ් එහෙම හරියට සෙට් කරලද තියෙන්නෙ?

      Delete
    2. උඹේ අඩවිය බ්ලොග් රෝලට දාන්න බෑ බං. ෆීඩ් එහෙම හරියට සෙට් කරලද තියෙන්නෙ?

      Delete
    3. මං ෆීඩ් ගැන තාක්ෂණික කරුණු මෙලෝ දෙයක් දන්නෑ. හැබැයි වෙන වෙන බ්ලොග් වල බ්ලොග් රෝලෙ මයෙ බ්ලොග් එක තියෙනවා දැකලා තියෙනවා. මං පෝස්ටුවක් දැම්මහම රාජ්ට ගූග්ල්+ එකෙන් ශෙයා කරන්නං?

      Delete
  16. rasa karala liyala thiyanawa. ela.....

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ටැංකිව්...

      Delete
  17. හරි ලස්සනයි. ගොඩාආ...ක් ආසාවෙන් කියෙව්වා. අපූරුයි ඈ.

    අද තමයි මුලින ඩ්‍රැකීගෙ අඩවියට පයතිබ්බේ. ඔක්කොම කථා ටික කියවනව කියල සටහනක් දාගත්තා.

    ReplyDelete
    Replies
    1. එහෙනං සාදරයෙං පිළිගන්නව. තේ එකක් බොමු?

      බුලත්මද කන්නෙ, සුරුට්ටුද බොන්නෙ?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ලබ්බෙ මගුල

මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම: මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගු...

ගොඩක්ම කියවපු ලිපි