Tuesday, May 5, 2015

නැකැත් ගැන - 2015 වෙසක් කළාපයෙ දෙවෙනි ලිපිය

ජාතක කතා පොතේ දැක්වෙන 46 වන ජාතක කතාව වන නක්ඛත්ත ජාතකය මෙවර වෙසක් කළාපයෙන් ඉදිරිපත් කරනවා.

http://www.silumina.lk/2015/04/12/af15041214.jpg

බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරන කාලයක, එක් ආජීවකයෙක් පිළිබඳව මේ කතාව දේශනා කළා.

සැවැත්නුවර එක් ගෙදරක දියණියක්, අසළ ගමක එක් තරුණයෙකුට යෝජනා කරලා, කැන්දාගෙන යාමට දිනයකුත් නියම කර ගත්තා. මනමාලයාගේ පියා ඒ දිනයේ නැකැත් තියේද යන්න ගැන එක ආජීවකයෙකුගෙන් විමසුවා.

ඒ ආජීවකයා, 'මගෙන් අහන්නේ නැතිව තමන්ම දින නියම කරගෙන, දැන් මගෙන් නැකැත් අහනවා' යැයි සිතා කෝප වී, "ඒ දිනයේ කිසිම නැකැතක් නෑ. කිසිම සුභ කටයුත්තකට සුදුසු නැහැ. මොනවා හරි කළොත් මහා විනාශයක් තමයි වෙන්නේ" කියා අර තැනැත්තාව බයකළා.

ඉතින් මනමාලයාගේ පැත්තේ අය එදා මනමාලිය කැන්දාගෙන එන්නට ගියේ නෑ. නගරයේ, මනමාලියගේ ගෙදර උදවිය, මඟුල් ගෙදර ලෑස්ති කරලා, මනමාලයා එනතුරු බලා හිටියා. ඉතින් මනමාලයා ආවේ නැති නිසා, වෙනත් තරුණයෙක් සොයාගෙන, එයාට ඒ ලෑස්ති කරපු මඟුල් උත්සවයෙන්ම, මනමාලිය සරණපාවා දුන්නා. (මේ වගේ දේවල් අදටත් ඉන්දියාවෙ සිද්ධ වෙනවා.)

ගම්වැසි මනමාලයාගේ පිරිස වෙනත් දිනයක සැවැත් නුවර ඇවිත්, විවාහ උත්සවය කරමුයි කීවා. එවිට සැවැත් නුවර උදවිය, "නුඹලා දුෂ්ට මිනිස්සු, ලැජ්ජා නැති උදවිය, අපිට මඟුලට දින නියම කරලා, එදා ආවේ නෑ. අපිට ලැජ්ජා කළා. ඒ නිසා ආ මඟින්ම ආපසු යනු, අපේ දියණිය අපි වෙනත් තරුණයෙකුට දුන්නා" යි කීවා.

මේ කතාව භික්ෂූණ් වහන්සේ අතරටත් ආරංචි වී, දම් සභා මණ්ඩපයේදීත් කතාවට ලක් වුණා. බුදුන් වහන්සේ "මේ ආජීවකයා මීට පෙර ආත්මයකදිත්, මෙවැනිම දෙයක් කළා" යැයි කියා, නක්ඛත්ත ජාතකය දේශනා කළා.

ජාතක කතාවේදීත් සිද්ධ වුනේ ඉහතින් දක්වපු සිදුවීමට සමාන දෙයක්මයි. හැබැයි මනමාලි ගම්වැසි ගෙදරක, මනමාලයා නගරයේ ගෙදරක කෙනෙක්.

ඒ කතාවේ, අවසානයේ ගම්වැසියන් සහ නගර වැසියන් අතර අඬදබරය දුටු නුවනැති මිනිසෙක් ඔවුන්ට මෙසේ අවවාද කළා:

"නැකැත් බැලීමෙන් ඇති ප්‍රයෝජනය මොකද්ද? මනමාලිය කැන්දාගෙන යාම ම නැකැතක් වාගේ නේද?

නැකැත් බලමින් ඉන්නා බාලයාගේ කටයුතු ප්‍රමාද වෙනවා. බලාපොරෙත්තු වන දෙය ඉටුවෙනවා නම් එයම තමයි නැකැත. තාරකා කුමක් කරන්නද?"

නක්ඛත්ත පතිමානෙන්තං
අත්ථො බාල උපච්චගා
අත්ථො අත්ථස්ස නක්ඛත්තං
කිං කරිස්සන්ති තාරකා

24 comments:

  1. ඩ්‍රැකීත් හාමුදුරුවරු වගේද? බණ වෙලාවට බණ. අනෙක් වෙලාවට බොරු... හැක් හැක්.
    (විහිලුවක් කලේ බෙල්ල කනවා හෙම නෙමෙයි...)

    ReplyDelete
    Replies
    1. බණ කියන්නෙ බොහොම සංයමයෙන්, හරි අමාරු වැඩක් අෆ්ෆා... ආතල් කතාවක් කොහෙං මතුවෙයිද කියලා හිර කරගෙන ලියන්නෙ.

      (මං මිනිස් ලේ බොන් නෑනෙ. මට ලේ බැංකුවෙ එකවුන්ට් එකක් තියෙනවා. සැරෙන් සැරේ ඒටීඑම් එකෙන් විත්ඩ්‍රෝ කරගන්නවා - (පරණ විහිළුවකි))

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. ඔයවගේ සීන් අනන්තවත් තියනව. ඇයි අර එක ජාතක කතාවකට අනුව උපදින පුතාගෙන් රජාට අවුලක් කියනව කියනව නැකැත් කාරයො. අන්තිමට රජ බිසව රජා එද්දි පුතාව තුරුලු කරගන්නව. මල පැන්න රජා වෙනද තමන් ඉස්සරහට එන බිසව දරුව නිසා ආවෙ නෑ කියල දරුව මරනව. අන්තිමට නැකැත් කාරයෝ තමයි දිනන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක මහා ධර්මපාල ජාතකයද? මට මතකයි පුංචි කාලෙ කැරකෙන කූඩුවක දැක්කා ඔය කතාව.

      සමහර ජාතක කතා බුද්ධ දේශනාවෙම කොටසක් වෙන්න පුළුවන්. තව කොටසක් පස්සෙ එකතු වුනා වෙන්න පුළුවන්. ජේසු ගෙ උපමා කතා වගේ, බුදුන් තමන්ට කියන්න ඕනෙ කියන්න යොදා ගත්ත කතා වෙන්න ඇති කියලා හිතනවා. මොකද සමාජයෙ මුල් බැහැගත්ත විශ්වාස එක්ක හැප්පෙන්න මේ වගේ උපක්‍රම (උදාහරණ භාවිතා කිරීම වගේ) යොදාගන්න වෙනවා.

      බ්‍රාහ්මණයන් ඔළු පාලනය කරපු සමාජයක, මතවාද වෙනස් කිරීමට බුදුන් මැදිහත් වුනේ හරිම ඉවසීමකින් කියා හිතෙනවා, සමහර අවස්ථා වලදි.

      Delete
  3. මේක ලොකු අකුරින් ගහලා අපේ අම්මණ්ඩිලාගේ කරේ ඒල්ලන්න වටිනවා. යකෝ මේවත් බුදු බණ කියලා මුං දන්නෑත්ද මන්දා....

    ReplyDelete
    Replies
    1. මෙව්වත් බුදු බණ "ලු" තමා... හැබැයි මේවා කියනකොට අපෙන් අහනවනෙ, "ඔයා බෞද්ධයෙක්ද?" කියලා.

      Delete
  4. මට මේක කියෙව්වම මතක් වුණේ ඉස්සර අපේ ඩ්‍රයිවර් කෙනෙක් දෙකක් දාගත්තම නිතරම කියන සිංදුවක්. මට ඇහිච්ච හැටියට "ඩවුන පොකම් පොවා දීගේ මාපලේ....ඩවුන පොකම් පෝ වා දීගේ ..." මිනිහා කියන විදියට මනමාලි සුදානම් වෙලා බලාගෙන හිටියත් මනමාලයා ආවේ නෑ වෙලාවට.

    ReplyDelete
    Replies
    1. මාර සිංදුව තමා.

      ඇයි සත්‍යජිත් රායි ගෙ "ඔපුර් සංසා‍ර්" ෆිල්ම් එකේ, ඔපූ ට මනමාලි හම්බවෙන්නෙත් ඔය වැඩේම වෙලානෙ. බලල නැතැයි? පොතකුත් තියෙනවා, "අපුගේ ලෝකය" කියලා, චින්තා ලක්ෂ්මි සිංහාරච්චි පරිවර්තනය කරේ, ඔරිජිනල් ලේඛකයා විභූති භූෂණ බන්දෝපාධ්‍යාය.

      Delete
  5. නමේ හැටියට නෙමෙයිනේ වැඩ...
    ඩ්‍රැකී බණ කියනවා, මොනවා උනත් හොඳ කතාවක් යාළුවා...
    ආදර්ශෙට ගන්න පුළුවන් වෙලාවට ගතයුතුයි කියල හිතා ගත්තා...

    ReplyDelete
    Replies
    1. කුසල් හාමි මාළු බානවනම්, මං බණ කිව්වහම මොකෝ?

      පරණ වෙසක් කළාපත් තියෙනවා, මං ලියපු. බලලා එන්න ලොකු...

      Delete
  6. නැකත්... දැන් හැදෙන නැකත් ගැන නම් මගේ වැඩි විශ්වාසයක් නෑ.. අනික් අතට, මැරෙන්න නැකතක් නැත්තම් ආය අනික් වැඩ වලට නැකතක් මොකටද??

    ReplyDelete
    Replies
    1. නැකතත් $$ ටයි (බිත්ති දිගේ බඩගාන සතෙකි) කියලා ඇම්ඩා ලියල තිබුණෙ ඒකනෙ... :-)

      Delete
  7. කොහෙවත් ඉන්න තරුවකට අපිට බලපැම් කරන්න පුලුවන්ද බොලව්?

    ReplyDelete
    Replies
    1. ඇයි කොහෙවත් නැති තරුත් තියෙන්නෙ, රාහුයි කේතුයි?

      වෙල්කම් බෑක් සෑමා...!

      Delete
  8. හපොයි නැකත් බලන්න ගි‍යොත් ඔක්කොම ඉවරයි.

    ReplyDelete
  9. ඕකනේ කියන්නේ අපේ ඉන්න දේශපාලකයෝ මල් වට්ටි උස්සන් පන්සල් ගියාට මුන් බණ අහන්නේ නැහැ කියන්නේ.නැතිනම් මෙච්චර නැකත් පස්සේ යාවිද ?

    ReplyDelete
    Replies
    1. මුං අහන බණක් නෑ. මල් වට්ටි උස්සං යන්නෙත් මාධ්‍ය කාරයන් පිරිවර‍ාගෙන නිකං ෂෝ එකට විතරයි. පුළුවන් තරම් බණ විකුණගන්න නම් දන්නවා.

      Delete
  10. බුදු බණේ නෙමෙයි බුදු හාමුදුරුවො ඇවිල්ල කිව්වත් මිත්යා විශ්වාසකරන එකා නවත්වන්නේ නෑ. විද්යාව ඉතිහාසය ආගම (pseudo-science, pseudo- religion etc) ඔක්කොම ඒවා සාධාරණීකරණය කරන්න යොදාගන්නව. එකක් වැරදුනොත් ඒක කරන එකා හොරෙක් කියල වෙන එකෙක් ගාවට යනව. ඕව එක්ක වාද කරන්න බෑ, මොකද තාර්කික නොවන දේවල්වලට තර්කයෙන් පිලිතුරුදෙන්න බැරි නිසා. මං නම් කරන්නේ ශ් ශ් ශ්.... ඇත්තද මාරයි නේ කියල නිකම් ඉන්න එක

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මටත් එහෙම දේවල් වෙලා තියෙනවා. අන්තිමේ අහනවනෙ "ඔයා බෞද්ධ ද?" කියලත්. ඒකට තමයි වැඩියෙන්ම හිනා යන්නෙ.

      වැරදුනහම තව සාත්තර කාරයො කියන්නෙ, "මං ඕක දැනං හිටියා, හිත කැඩෙයි කියලා කි‍ව්වෙ නෑ" කියලා.

      Delete
  11. ජේසු ඉපදෙනකොටත් ඕකනේ වුනේ.

    අලුත උපන් දරුවාගෙන අධිරාජයාට තර්ජනයක් තියෙනවා කියලා කෙන්දරකාරයා කියපුවම රටේ හිටපු අලුත උපන් හැම පිරිමි ලමයාවම මරල දැම්මා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි තමා. හැම වෙලාවෙම කේන්දර කාරයො මොනව හරි කියලා තියෙනවා. බුදුන් ගැනත් කියලා තියෙන්නෙ, මහින්ද ගැනත් පහුගිය ටිකේ කිව්වා එක එක දේවල්.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි