ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

ඉඳුවර දෙනෙත්... ජනකවියේ එන සුන්දර ලලනාවන්, කාලිදාසගේ මරණය, සායිබාබා සහ සිසිර කුමාර මාණික්කආරච්චි...

අද උදේ වැඩට එද්දිං අපිට ඉස්සර කරපු ත්‍රී වීල් එකක පිටිපස්සෙ ගහලා තිබුණා "ඉඳුවර දෙනෙත්" කියලා. ඒක දැකපුවාම මගෙ හිතට ආව මතක ටිකෙන් තව බ්ලොග් පෝස්ටුවක් කොටාගන්න පුළුවං කියලා හිතුණා.

"ඉඳුවර දෙනෙත්" කියන එකේ උපමාවයි උපමේයයි දෙකම තියෙනවා නේද? මං ඇහුවා ඩ්‍රැකියානිගෙන්, අර ත්‍රීවීල් එක පෙන්නලා.
"මානෙල් මල් වගේ ඇස්..."

http://2.bp.blogspot.com/-TltTumGW7YI/
UZAjcl8WHzI/AAAAAAAABE4/
MEQ7LUO5W64/s1600/Lost-In-Her-Eyes-66813.jpg

"සමහර විට ඒ ත්‍රීවීල් කාරයගෙ දරුවට දාපු නම වෙන්නැති." ඩ්‍රැකියානි කිව්වා.

"ඒක ගෑණු ළමයෙකුට නම් ගැළපෙනවා. හැබැයි නමේ හැටියට නම් පුතෙක් වගේ." මං කිව්වා. "ඔය වගන්තිය දැක්කහම මට මතක් උනේ... ඔයා දන්නවද කාලිදාස මැරුණ විදිහ?"

"කාලිදාස මැරිලා ගොඩක් කල්නෙ. අපි පාර දිහා බලාගෙන යමු නේද පරිස්සමට?" ඩ්‍රැකියානි කොහොමත් කතන්දර අහන්න එච්චර මනාපයක් නෑ.

පරණ කතන්දර වල බහුලවම තියෙන උපමාවක් තමා ගෑල්ලමේකුගෙ ඇස්දෙක හරියට මානෙල් පොහොට්ටු වගෙයි කියන එක. ඒ කාලෙ ආකර්ෂණය තියෙන්න ඇත්තෙ නිල් පාට ඇස්වලට වෙන්නැති. ඒ වගේම ගෝමර සහිත හම ලස්සනයි කියලා සම්මතයකුත් තිබුණ නෙව. අද කාලෙ නම් ගෑල්ලමයි අළුහං දුරු කරන්න බේත් නොසෑහෙන්න හොයනව.

වෙලක මහිම බල මාවී පැසීලා
පැලක මහිම බල බටකොළ හොයාලා
මලක මහිම බල අතු අග පිපීලා
ලියක මහිම බල ගෝමර ඉසීලා

මේක රාජාධිරාජසිංහ රජ්ජුරුවො කියපු කවියක් ලු.

මං පැංචා කාළෙ ඒ කියන්නෙ තුනේ පන්තියෙදි විතර, සිංහල ටීචර් අපිට කිව්වා ජනකවි ලියාගෙන එන්න කියලා. ඒකට පරණ සඟරා පෙරළද්දි මට හම්බුනේ නැතැයි "ජනකවිය තුළින් මතුවන කාන්තාව සහ ආදරය" කියලා ලිපියක්. මාත් ඉතිං ඒකෙ තිබ්බ කවි ඔක්කොම ලියාගෙන ගියා. ඒකෙ තිබ්බ කවියක් තමා ඔය උඩින් තියෙන්නෙ. ඒ වගේ තව කවියක් මට මතකයි එදා පන්ති‍ය‍ෙදි මං පොත පෙරළගෙන සද්ද නගා එහෙම කිව්වා‍.

රාමතේ මොටද මඟපෙරලුමක්  නැතී
මාවතේ මොටද යන එන අතක් නැතී
හාමතේ මොටද මිනිහෙක් සතෙක් නැතී
ජීවිතේ මොටද නෑනා කෙනෙක් නැතී
(කියපු එකාගේ සහමුල රෙදිත් නැතී)

මදැයි මානෙල් වගේ ඇස් ගැන කියන්න අැවිත් නෑනෙක් ගාවින් නතර උනා...

මාත් ඉතිං ඩ්‍රැකියානි කියාපු කතාව ගණන් නොගෙන කාලිදාසගෙ කතාව කියාගෙන ආවා දිගටම.

කාලිදාස ලංකාවෙ කුමාරදාස කියලා රජකෙනෙක් එක්ක තදබල මිතුරුකමක් පැවැත්තුවා කියලා තමා කතාවෙ තියෙන්නෙ. හොඳ කවියෙක් වෙච්ච කුමාරදාස රජතුමා තමයි ජානකීහරණය ලිව්වයි කියන්නෙ, රාමායණය ඇසුරින්. ලංකා ඉතිහාසයෙ හැබැයි කුමාරදාස කියලා රජකෙනෙක් නෑ. උගත්තු නම් කියන්නෙ කුමාරධාතුසේන රජතුමා තමා මේ කියන කුමාරදාස රජතුමා කියලා.

සැරයක් කාලිදාස ලංකාවෙ ඇවිත් තියෙනවා තමන්ගෙ යාළුවා හම්බවෙන්න. ඒ ආ ගමන එයාගෙ අන්තිම ගමන වෙලා තියෙන්නෙ මෙහෙමයි.

කුමාරදාස රජ්ජුරුවො ජනපදකල්‍යාණියක් හම්බවෙන්න ගිහින් එයා එක්ක පුරුෂකෘත්‍යය කරලා (ඒ වචනෙ අල්ලගත්තෙ උම්මග්ග ජාතකයෙන්.) ඇළවෙලා ඉන්න ගමන් බිත්‍තියෙ කවි පද දෙකක් ලිව්වාලු.

"පුෂ්පේ පුෂ්පෝත්පත්තිහ්
ශ්‍රෑයතේ නච දෘෂ්‍යතෙ..." කියලා. ඒකෙ තේරුම තමා,

"මලකින් මලක් උපදියි
ඒ බවක් අහලවත් දැකලාවත් නැත..."
මේ කවිය රජතුමාගෙ හිතේ පහළ වෙන්න ඇත්තෙ ජනපදකල්‍යාණිගෙ සුන්දර රූපය දැකලා වෙන්න ඇති.

කවියට යටින් රජතුමා මෙහෙමත් ලිව්වලු.
"මෙහි අනිත් පද දෙක සාර්ථකව ගළපන්නාට කහවණු දහසක් දෙමි. මීට කුමාරදාස රජු."

පස්සෙ දවසක කාලිදාසත් ඔය ජනපදකල්‍යාණි ගාවට ගිය වෙලාවක, මේ කවිපද දෙක දැකලා, ඊට යටින් මෙහෙම ලිව්වලු.

"...බාලේ තව මුඛ්‍යාම්භෝජෙ
නේත්‍රෙ ඉන්දීවර ද්වයම්"

ඒකෙ තේරුම තමා,
"තරුණිය, ඔබේ මුහුණ නම් නෙළුමෙහි
නෙත් නම් මානෙල් මල් දෙකක් වේ..." ඒකෙන් අර රජතුමා අදහස් කරපු කාරණය පැහැදිලි වෙනවා.

https://sweetmfkhan.files.wordpress.com
/2014/02/devdas-dilip-kumar.jpg
ජනපදකල්‍යාණි හිතුවලු මේ යකාට මොකටද කහවණු දාහක් දිනාගන්න දෙන්නෙ, මංම ‍ඒ තෑග්ග ගන්නවා කියලා. කාලිදාස මත් වෙලා හරි මහන්සි වෙලා හරි නින්දට වැටුණට පස්සෙ උන්දැව මරලා හංගලා, රජ්ජුරුවන්ට කවිය ඉදිරිපත් කළා ලු.

රජ්ජුරුවන්ට එකපාරටම තේරුණාලු කාලිදාසගෙ තමයි මේ කවිපද දෙක කියලා. පොර ජනපදකළ්‍යාණිට දඬුවම් කරලා, කාලිදාසගෙ දේහය හොයාගෙන, රජ්‍ය ගෞරව ඇතුව ආදාහණය කළාලු. ආදාහණය කරද්දි, තමන්ගෙ ශෝකය දරාගන්න බැරුව කුමාරදාස රජ්ජුරුවොත් අර චිතකයටම පැනලා දිවිනහගත්තයි කියනවා.

මට මතක හැටියට සිසිර කුමාර මාණික්ක ආරච්චිගෙ පොතක තිබුණා, "ඉංදියාවෙ ඉඳං ලංකාවට ඇවිත් ගණිකා නිවාසෙකට රිංගලා මරලා දාපු කාලිදාස කවියා..." වගේ කියමනක්. මතක් වුනාට එකතු කළේ. උන්නැහැ මාර විදිහට නිදහස් චින්තනයකින් ලියපු කෙනෙක්. සැරයක් මතකයි, සායිබාබගෙ පතුරු ඇරලා තිබුණා. ඒ පරිච්ඡේදෙ මෙහෙමත් තිබුණා.

//"අටවක දා සායිබාබාගේ ඇඟට තදින් උණ ගැනේ. මන්ද එතුමා එදින රන් ශිවලිංගයක් වමාරන හෙයිනි." කියා අහවල් පොතේ තිබුණේය. ඒක නම් ශිවාගම්කාරයෙකුට හරිම ජොලියක් එන කතාවකි. සායි බාබා, විෂ්ණුගේ දහ වන අවතාරය හෙවත් කල්කි අවතාරය බවත් මේ පොතේම තිබේ. "එතකොට අපේ ශිව දෙයියංගේ අහවල් එක තොපේ විෂ්ණූ දෙයියංගේ කටේ නේද?" කියා ශිවාගම් කාරයෙකුට අහන්නට පුළුවං ය. එක දෙයියෙකුගේ කුණුහරුප කාරණාව තව දෙයියෙක් ගෙ කටේ තිබීම...//

තවත් පොතක උන්නැහැ වදන් කවිපොතේ කවියක් අන්තිම පදේ වෙනස් කර සඳහන් කර තිබුණා.

"සිද්ද කිහිරැලි සමන් බොක්සැල් - විභීෂණ සිව් වරම් රජ නිති
සිද්ද මහබඹු ශක්‍ර ඉසිවර - කතරගම දෙවියනුත් සිත රුති
සිද්ද පත්තිනි දොළහ දෙවියෝ - භද්‍රකාලී දේවි ගණපති
සිද්ද සිරිලක මෙහැම දෙවියෝ - කරන මඟුලක් කරනු යහපති"

මං මීට කලින් කාලිදාස ගැන කතාවක් ලිව්වා. ඒ පාර තවත් ‍ඒ වගේ කතා තියෙනවනම් දාන්න කියා කීපදෙනෙක් කියලා තිබ්බා. ඔන්න පොරොන්දු ඉටුකරන සංවර්ධන ලොතරැයිය වගේ (කොපිරයිට් - රවි) තවත් සංස්කෘත කවි කතාවක් ලිව්වා එහෙනං...



Comments

  1. උගත්තු අරහෙම නම දාන්න ඇත්තෙ රජ්ජුරුවංගෙ කල්කිරියාව හින්දම වෙන්ටැ.
    වදන් කවිපොත එක්කම යන අනික තමා ගණදෙවි සැහැල්ල.. පොඩිකාලෙ නිර්දිෂ්ඨ ග්‍රන්ථ.
    පංතියෙ කියපු කවියෙ පස්වෙනි පදයයි අන්තිම කවියෙ අන්තිම පදයයි නියමෙටම යනවා....

    ReplyDelete
    Replies
    1. ඒ මදාවි, උඹලෑ කාලෙ අර පොත් ඉස්කෝල නිර්දිෂ්ට ද? මං හිතුවෙ නෑ උඹත් ඒ තරං මැන්ටල් කේස් එකක් කියලා.

      ගණදෙවිහෑල්ලෙ තියෙනවා එක්තරා කරදිය මාළු වර්ගයක් ගැන පදයක්, දන්නවද?
      “බාලේ පෙම්බර - කොණ්ඩා බැන්දත් - තපසට නොගනිති - වන්නා“ කියලා.

      Delete
    2. ඒ මළපොත බං... වෙස්සන්තර ජාතකේ.
      හැබෑට වන්නා කියන්නෙ මාළුවෙක්ද? පන්නාවොනං අහල තියෙනවා.

      (අඩෝ අපි මේම හිටියට හැත්තෑව දශකයෙ කොල්ලො හරිද?)

      Delete
    3. අඩෝ අපි මේම හිටියට හැත්තෑව දශකයෙ කොල්ලො හරිද?

      ඒ වුනාට උඹව සමහරු එල්ලගෙන ඉන්නේ කාන්තා බ්ලොග් රෝල් යටතේ. උඹේ ප්‍රොෆයිල් එකේ තියෙන්නෙත් උඹ female කියලා නේද?
      අඩේ උඹ අපිට නොමග යවනවා නේද? :D

      Delete
    4. අයිඅයිඕ මයි ඩියර් ඩූඩා, ඕක මේ අවකාශෙ සේරම දන්න හුටප්පරයක්නෙ. ෆීමේල්ට පහේ සිස්සත්තෙ හින්දා මං මේක හන්ඩ්‍රඩ් පර්සෙන්ට් ටේකෝවර් කොලා. එච්චරයි.
      මෙන්න නිධාන කතාව

      Delete
    5. @ මදාවියා
      /උගත්තු අරහෙම නම දාන්න ඇත්තෙ රජ්ජුරුවංගෙ කල්කිරියාව හින්දම වෙන්ටැ./

      මං ඉස්සෙල්ලම කල්පනා කොළේ රාජාධිරාජසිංහ ගැනවත් උඹැහැ කියනවද කියලා මොකෝ උන්දැ තමා ගම්මාන ගානෙ හක්කළං කොල්ලා, දුටු දුටු සුරූපිනියන්ව තමන්ගෙ ගාව සංරක්ෂණය කරගත්තෙ. තව හිටියනෙ 'සෙල්ලංනිරිඳු' කියලත් රජෙක්.

      පස්සෙයි දැක්කෙ කුමාර 'ධාතු' සේන කියන නම. ඒක මචං මෙහෙමයි. ජනපදයක සුරූපි තරුණියක් හිටියනං. උන්දැව හැම ජනපදිකයාටම භාවිතා කළ හැකි පරිදි ජනපදකළ්‍යාණි බවට පත් කරනවා. එයා නිකංම ගනීකාවක් නෙවෙයි. සූසැට කලා උගන්නනවා. සංගීතය, නැටුම්, දේශපාලනය ආදී නොයෙක් දේ. චාණක්‍ය තමන්ගෙ කුමන්ත්‍රණයටත් ඔය පාඨලීපුත්‍රයෙ හිටිය ජනපදකළ්‍යාණියො යොදාගෙන‍ තියෙනවා. බුදුන් දවසෙ හිටිය අම්බපාලි ත් ඒ වගේ තව කෙනෙක්. දේව්දාස් චිත්‍රපටියෙත් එහෙම කෙනක් හිටියා, මට නම මතක නෑ... පරණ චිත්‍රපටියෙ වෛජයන්තිමාලා, අලුත් එකේ මදුරු දිෂ්ටිස් තමා රඟපෑවෙ ඒ චරිතෙ.

      /හැබෑට වන්නා කියන්නෙ මාළුවෙක්ද? පන්නාවොනං අහල තියෙනවා./

      මාළුකාරයො ඉතිං වැල්ලෙ මාළු ගොඩගහඑලා තමන්ට හිතූ හිතූ නම් දානවනෙ. මං සැරයක් දැක්කා මෙන්ඩද කොහෙද කියනවා, උන්ගෙ යාළුවෙක් ඉන්නවලු - බලදේව හරි බලදාස හරි කියලා. ඌට යාළුවො කියන්නෙ 'බලයා' කියලලු. උගෙ පුතාට කියන්නෙ 'අලගුඩුවා' කියලලු.

      @ ඩූඩ්
      මාදවියා අර ඇටකන බල්ල ඉන්න කම්මලට ගිහිං...

      Delete
    6. //මදුරු දිෂ්ටිස්// හුකෑස්........ පට්ට නම. ඇහුවමයි ඔය.

      අඩෝ මගේ පරම සතුරු මෙන්ඩාට ක්‍රෙඩිට් දෙන්ටෙපා හරිද? මේං...
      http://helapakade.blogspot.com/2015/05/blog-post.html?showComment=1430974250351#c5412794421374811727

      Delete
    7. මදුරු දිෂ්ටිස් වගේ තව නං තියෙනවා. හැබැයි ඒවට නම් එච්චර හුකෑස් ගෑවෙන්නෙ නෑ.

      සුනිල් පෙට්ටි
      සොලමං බාම්
      ජුකි වවුලා
      ඩිම්පල් කුපාඩියා
      රවීනා ඩංඩුං
      රාණි මුකුත්නෑ
      ආදී වශයෙන්...

      අඩේ අරක ගැන වෙරි සොරි ඈ... උඹේ කමෙන්ට් එකට උඹේ කමෙන්ට් එකකිම්ම උත්තර දීම හරියට 'මගෙ අරක්කු මටම ගහනවා' වගේ වැඩක් නේ.

      මෙන්ඩ විතරද හැබෑට උඹෙ පරම හතුරා? පත්තරෙය එතකොට යාළුයිද?

      Delete
    8. අඩේ ඔය මදාවියා female කියලා තමයි මමත් මුලින් හිතාන වුන්නේ.

      Delete
    9. මාත් හිතන් උන්නෙ මූ පිරිමි වැඩ කරන ගෑනු සතෙක් කියලා. දැන්නෙ දන්නෙ නන්ගි-මල්ලි කියලා...

      Delete
  2. කාත්‍වං බාලෙ ?- කාංචන මාලා
    කස්‍යා පුත්‍රි ?- කණක ලතායා
    කිංතෙ හස්තෙ ?-තාලී පත්‍රම්
    කාවා රේඛා?- ක. ඛ. ග.ඝ.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි එකතු කිරීමට. ඒ ගැනත් මං අනාගතේදි ලියන්නං... :-)

      Delete
    2. භදරී කෝටි මූල්‍යන්තු
      තදර්ධං භිල්ව සුන්දරි
      නාරිකේලං සහස්‍රංච
      ලම්බකං ක්‍රමුකද්වයං

      (තිඹිරි ගෙඩි කෝටියක් මිල වටී
      ඉන් අඩක් වටී සුන්දර බෙලි ගෙඩි
      පොල් ගෙඩි නම් දහසක් වටී
      එල්ලෙන සුළු දෑ වටින්නේ කරුංකා ගෙඩි දෙකක් පමණ ය)

      Delete
    3. ඇනෝ පිං බං!
      ඩ්‍රැකී අමතක නොකර රහට ලියමු. කෝමල රේඛාව වගේ තියෙයි

      Delete
    4. සිරිස් බිරිස් සිරි බිරිස් සිස් සිස්...

      විහිලුවට ලිව්වෙ, මුලින්ම හිතට ආව දේ. තරහ ගන්ට එපා ඈ...

      දිගටම ලියන්නං, ඒකෙන් මටත් පෝෂණයක් නෙ ලැබෙන්නෙ...

      Delete
  3. බලං ගියාම මේ අවසේස හුදී ජනය විතරක් නෙවි ලොකු ලොක්කොන්ටත් ගෑනු නිසා කෙළවෙනව. හෙහ් ...

    මට මැවිල පේනව පහේ පන්තියෙ විතර ඇට්ටිච්චෙක් අර කවිය පන්තියක් මැද්දෙ සද්දෙට කියනව. කුජීතයි. අපිට පහේ පන්තියෙදි හිටපු ටීචර් වගේ කෙනෙක් හිටියනම් ඌ ඊළඟ ආත්මෙදිවත් නෑනල දිහා බලන්නෙ නෑ ආයෙ.

    ReplyDelete
    Replies
    1. ගෑණු නිසා ලොකු ලොක්කන්ට කෙළවෙන්නෙ උංගෙ ජීවිතේට. හුදී ජනයට ගෑණු නිසා කෙළවුනාම හිතෙනවා මැරුණනං ඊට සැපයි කියලා. මේළඟදි කූල් ක්‍රිකට් ඇමතියෙකුටත් කෙළවුනාලු නේ?

      මං ඔය කයිය කිව්වෙ තුනේ පංතියෙදි බොස්. ඒ කාලෙ මං හෙණ පණ්ඩිතයා. කවිය කියලා වටපිටත් බලලා, උජාරුවෙන් ඉඳගද්දි, ටීචර්ගෙ කටකොණක කිණ්ඩි හිනාවක් තිබ්බා දැක්කා.

      කාලෙකින් දැක්කෙ ඩීඩීටී. අර පහේ පන්තියෙ ටීචර් ගැන මොනවත් ලියල තියෙනවැයි?

      Delete
    2. මට වදන් කවි පොත හොයල දුන්නට පින්. මම ඔය කවිය අහල තිබ්බට ඉතින් අපි 90 දශකයේ කොල්ලොනේ දැනගෙන හිටියේ නෑ ඕක වදන් කවි පොතෙන් කියලා. මාරම මාර ආසාවක් ඇති වුණා.


      අනික මධුමාදවී අන්කලුත් නිකම් කොල්ල වගේ කතාකලාට "කිලෝ පේර" පොරක්නේ

      Delete
    3. ඩිලාන්,

      මටත් වදන්කවිපොත හම්බුනේ මේක ලියද්දි.

      90 දශ‍කයෙ නං ඉතින් කොල්ලො කියන පදයට ඉස්සරහිං තව අකුරු තුනේ විශේෂණේකුත් දාන්න වෙනව ('හුජ්ජ' වගේ එකක්) :-)

      මදු මදාවියා නං කිලෝ නෙමෙයි හොන්ඩර පේර පොරක්. ඔය බොරුවට කොල්ලෙක් වෙන්න යනවනෙ හැත්තෑවෙ කියලා. 'බම්බුව' තමා...

      Delete
    4. අනේ මාමේ කොම්පියුටරෙන් නැගිටලා කන්නාඩියක් ගාවට පලයල්ලා

      යකෝ 90 දසකේ කොල්ලන්ටත් ළමයි 3යි අවුරුදු 32යි

      Delete
    5. හුකෑස්... කාලය මැවු වෙනසක අරුමේ...

      උපරිම, 90වෙ වත් ඉපදුනා නම්, 32 තමා වයස. ගනන් පන්ති ගියෙ විමල් සර් ගෙ නේද? :-) ලමයි ගැන නම් ඕන් මම මොකුත් කියන්නෑ. මොකෝ අන්කල් ල වෙච්ච අපිටත් රෙදි නෑ ඒක ඇහුවම. ..

      Delete
  4. මට මේ මගුල් තෙරෙන්නෙ නෑ බං..

    ReplyDelete
    Replies
    1. modaya kiyala marannaye

      Delete
    2. උඔ එහම කිව්වාම මට තාත්තා මතක්වුනා එයත් ඔය කතාව කියනවා..තව කියනවා ඔලුවට දාපු තෙල් හොදයි බටු බැදලා කෑවනම් කියලා...
      මට සංස්කෘත තෙරෙන්නෙ නෑ මචෝ...

      Delete
    3. /තව කියනවා ඔලුවට දාපු තෙල් හොදයි බටු බැදලා කෑවනම් කියලා.../

      අන්න තාත්තලා...

      බටු බැදිල්ල ගැන කියනකොට මතක් උනේ. අපේ කලින් ඔපිස්සෙක්ක හිටියා කෙල්ලෙක්. සමහර දවස් වලට බටු මෝජු හදාගෙන එනවා. අපි හැමෝටම බෙදනවා දවල්ට කනකොට. මාර රහයි. අපේ පියන් කෙනෙක් හිටියා වික්‍රමසිංහ කියලා. ඌ කිව්වා දවසක් ඔය බටු ඔච්චර රහ වෙන්න හේතුව...

      එක්කො ඕන් නෑ බං. පොඩිඋනුත් ඉන්නවනෙ මෙතන...

      /මට සංස්කෘත තෙරෙන්නෙ නෑ මචෝ.../

      ඇයි බං සංස්කෘත කයිය යටිං මං අමු සිංහලෙන් දාලා තියෙන්නෙ තේරුම.

      උඹට තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි. මේ වගේ දේවල් පොඩි මෙන්ඩ එක්ක කියන්න බැරිකමයි. තව අවුරුදු දෙකතුනකිං බලහංකො. පොඩි මෙන්ඩා මේ වගේ දේවල් හොයාගෙන ඇවිත් උඹට කියන හැටි උජාරුවට...

      Delete
    4. එහම බෑ කියලා බෑ ඉරිදට මම පොඩි මෙන්ඩට මේකෙ බර ටිකක් අඩු කරලා කියලා දෙනවා..
      ඩ්‍රෑකි මාමාව පච වෙන්න දෙන්න පුලුවන්ද?

      Delete
    5. එහෙනම් කමෙන්ට් ටිකත් එක්කම කියලදියන්.

      මට හිතාගන්න බෑ, උබ මේකෙ බර අඩු කරන්නෙ කොහොමද කියලා. එක්කො පොඩ්ඩක් ඉවසහන්, මම වෙන කතාවක් දාන්නම්...

      Delete
    6. ඔන්න එකමත් එක කාලේක කුමාරදාස කියලා රඡ කෙනෙක් එයාගේ යාලුවා කාලිදාස..දවසක් රඡතුමා ඈත ගමනක් ගිහින් ගෙදරක නැවතුන වෙලාවක හුනු කෑල්ලක් අරගෙන බිත්තියේ කවියක් ලිව්වා..
      “රෝස මලේ නටුවේ කටු...“
      “වන බඹරෝ ඔහම හිටු...“ කියලා. ඊට පස්සේ ඒ ගෙදර හිටුපු ගැනු ළමයට කිව්වා මේ කවිය සම්පුර්න කරන කෙනාට කහවනු දාහක් දෙනවා කියලා. දවසක් කාලිදාසත් මේ ගමට ගිය වෙලාවක මේ ගෙදර නැවතුනාම අර කවිය දැකලා සම්පුර්න කරා.
      “නටුව නෙමෙයි මල සිඔිමි..“
      මම ළමයෝ පැනි උරමි...“ කියලා.
      ඉතුරැ ටික උඔගේ විදිහට කියලා දුන්නා..අන්න එහමයි මල්ලි බර අඩු කරේ..
      සුධික අයියයි කමියා ලොකු පුතා අපේ ගෙදර ආපු වෙලාවෙත් එයාලත් එක්ක ඩ්‍රැකි මාමා ගැන කියෙව්වා පොඩි මෙන්ඩා..

      Delete
    7. උබෙ ප්‍රතිභාව නම් මාරයි. කතාවෙ සෙක්ස් අයින් කළාට වයලන්ස් නම් අඩු නෑ නේද?

      කමි කලින් පෝස්ට් එකේ පොඩි මෙන්ඩගෙ කතාව කියල කමෙන්ට් කරල තිබ්බ බන්. ගොඩක්ම දැනුන ඒක...

      Delete
  5. කාලිදාසගෙ ඔය කේස් බෙස් ගැන බුවා ලියපු පොත් ගැන ඔක්කම එක්ක ලිපියක් ලියල තිබ්බ රුක්ෂිලා වෙත්තමුණිගෙ බ්ලොග් එකේ. මට ඒකෙ නම නං මතක නෑ. ඊටත් හොයන්න විදියක් නෑ. ජංගමෙන් බලන ගමන් කමෙන්ටු කොරන්නෙ.

    නෑන ගැන ටීච මොකුත් කීවෙයි

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි මහේෂ්.
      මේ තියෙන්නෙ ලිංක් එක...

      නෑන ගැන ටීච නං මොකුත් කිව්වෙ නෑ. කිණ්ඩියට හිනා උනා විතරයි. පංතියෙන හිටිය වරත්තු කොල්ලො සෙට් එක‍ෙං තමා බේරෙන්න බැරි උනේ. උං ඔක්කොම මගෙං ඒ කවිය ලියාගෙන ගියා, උංගෙ තාත්තලා ඉස්සරහ කියන්න.

      Delete
  6. සාහිත්‍ය රසයත්, හාස්‍ය රසයත්, ශෘංගාර රසයත්, මොනවට කැටිකළ අපූර්ව ලිපියක් ලෙස, මේ ලිපිය අගය කරනවා. තමුන්නාන්සේට හොඳ රසවින්දනයක් තිබෙන බව පෙනෙනවා. මේ රටාව ඔස්සේ තව බොහොමයක් දේ ලියන්න තමුන්නාන්සේගේ මතක ගබඩාවේ තව බොහෝ දේ ඇති බවත් පෙනෙනවා.

    ඒ සියල්ල හැකි පමණින් ලියන්නේනම් යෙහෙකි.

    සිසිරකුමාර මානික්කආරච්චි ගැන අද බොහෝ දෙනාගේ මතකයෙන් ගිලිහී ගොස් තිබෙනවා. ඔහු චිත්‍රපට පසුබිම් ගීත රචකයකු බව බොහෝ දෙනා දන්නේ නැහැ. ඔහු ලියූ සමාජ විවරණ ග්‍රන්ථ අද දකින්නටත් නැහැ. ලංකාවේ අතිශයින් සුප්‍රසිද්ධ පොත් හලකට පසුගිය වසරේ ගිය මම එහි සේවිකාවකගෙන් ඇහුවා මේ කතුවරයාගේ පොත් තිබේද කියා. ඔවුන්ගේ පරිගණකයේ ඇති කතුවර ලැයිස්තුවෙවත් මේ අගනා ලේඛකයාගේ නම තිබුනේ නැහැ.

    ඔහු තමයි ලංකාවේ මුලින්ම කඩදාසි තීරුවක් වැනි ආකාරයේ පුවත්පතක් පළකළේ 1976 දී. ඒ පුවත්පතේ නම 'සැර'. එය ගන්නට නම් පාන්දර පත්තර කඩවලට යායුතුයි. එතරම්ම ජනප්‍රියයි.

    ඔහු එදා ලියූ 'සාගරයක් මැද අමන රටක් ඇත' 'සිරි ලංකා ඉල්ලං කා' 'හඳේ ලේ' වැනි කෘති එදාට වඩා අද වටිනවා, නැවත පලකරන්න පුලුවන්නම්. මේ මජර දේශපාලන රටාව ඔහු එදත් දැක්කා.

    අර කවිය ඔහු ලියා තිබුනේ 'සිද්ද කිරිහැලි සමන් බොක්සිං' කියලා පටන් අරන්. මට හොඳට මතකයි. ඒ කාලේ පිට රටකින් ආවා ආජ්මිරෝඩා සිල්වා නමැති දේවගැති වරයෙක්. ඔහු මහා දේව හාස්කම් කරන බවත්, ඕනෑම රෝගියකු දේව බලයෙන් සුව කරන බවත් ප්‍රචාරය කොට විශාල පිට්ටනිවල යාතිකා දේව පූජා පැවැත්වුවා. නමුත් විශේෂ ප්‍රාතිහාර්යයක් වුනේ නැහැ. ඒ ගැන සිසිරකුමාර මහතා ලිව්වේ මෙහෙමයි.

    තණකොළ ඇට අහුරක වපසරිය ඇති පිට්ටනියක මහා සෙනගක් එකතුවී සිටී. තම තමන්ගේ අසනීපය තිබෙන තැනට අතක් තියාගන්න, අර දේවගැතියා කියයි. අර්ශස් කාරයාද අමාරුවෙන් සරම උස්සා තමන්ගේ අසනීපය ඇති තැනට අත තබාගනියි. අන්තිමට වෙච්ච දෙයක් නැත. ඒ නිසා අර ජනතාව මෙහෙම කියති.

    රෝඩා සිල්වා
    ප්‍රෝඩා සිල්වා
    පෝ ඩා සිල්වා.

    ඔහුගේ තවත් කතා;

    විහාරමහාදේවී උද්‍යානයේ ඇති බංකුවක තීන්ත ගෑමෙන් පසු වේලී නැති බව නොපෙනෙන පෙම්වතුන් යුවලක් එහි වාඩිවෙති. 'ඉඳගත්තාදෙන් ඉඳගත්තාදෙන් - ඕනෑ කුඩයක් ගහගත්තාදෙන්'

    පොලීසිය හදිසියේ එතනට කඩාපනී. තරුණිය බාලවයස්කාරියකි.
    'කාගේද මේ ලමිස්සී - දක්කාපන් පොලිස්සී'

    ReplyDelete
    Replies
    1. /ඒ සියල්ල හැකි පමණින් ලියන්නේනම් යෙහෙකි./

      හැකි පමණින් - හැකි පමණින් විචාරක මහත්තයා...

      සිසිර කුමාර මාණික්කආරච්චිගෙ පොත් මං කියෙව්වෙ පොඩිකාලෙදි - ඒ කියන්නෙ අවුරුදු දහයෙ දොළහෙ විතර කාලෙදි. අපේ ගෙදර තිබුණා 'සිරි ලංකා ඉල්ලංකා', 'මනෝරාජ්ජේ', 'සගරයක් මැද අමන රටක් ඇත' කියන පොත්. පස්සෙ කාලෙකදි ඒවා තාත්තගෙන් මා සතු කරගත්තා. පස්සෙ අපරාදේ ම‍ගෙ පොත් අල්මාරියට දහදුරා වේයෙක් රිංගලා කරල තිබුණ විනාසෙ... දැක්කහම මට කඳුළු ආවා.

      ආජ්මිරෝ ඩා සිල්වා ගැන ලියලා මට මතකයි සායි ගැන ආපහු ලියනවා. පොර ලියනවා මෙන්න මේ වගේ දෙයක්,

      "පිටකොටුවෙ බෝගහ හංදියට, බොරැල්ලට යන්න. එතන ඉන්නා මැජික් කාරයෙක්, ඩක ඩක ගගා බෙරයකුත් හොල්ලලා පොඩි බිත්ත‍ර ගෙඩියක් කඩදාසි ගොට්ටකිං වහලා. කයිවාරු දෙකහමාරක් දෙසා බා, විසිල් එකකුත් ගසා, කඩදාසි ගොට්ට උස්සා මල් පිපිච්ච මල්ගහක් පෝච්චිය පිටින් මවලා පෙන්නනවා ඇත. තවත් කෙනෙක් ලේන්සුවක ගැටගැහූ කාසි දෙකතුනක් තමන්ගේ සාක්කුවේ දාගෙන, එතන ඉන්න කොළුගැටයෙකුගේ කලීසම් කකුලෙන් එළියට ඇදලා අරං පෙන්නනවා ඇත. ඉතිං මේ වගේ ම මැජික් පෙන්නන සායි බාබාට "ඕං නමෝ සත්‍ය ශ්‍රී" කියා වඳින අපේ අමන බහුද්දයා, අර ‍පිටකොටුවේ, අර බොරැල්ලේ හංදියේ ඉන්න අපේම මැජික් මාටියාට, මැජික් සිල්වාට වඳින්නේ නැත්තේ ඇයි?"

      /අර කවිය ඔහු ලියා තිබුනේ 'සිද්ද කිරිහැලි සමන් බොක්සිං' කියලා පටන් අරන්./

      මට මතක් උනේ දැනුයි. ස්තූතියි...‍

      සිසිර කුමාර මාණික්කආරච්චි ලියපු කවිපොතක් ගැනත් අහලා තියෙනවා. "කියග මගිය" කියලා. අර අන්තිමට දාලා තියෙන කවි ඒකෙද දන්නෑ?

      "අඩුකුලේ කියාලා අසරණයා..." ගීතය වසල සූත්‍රය ඇසුරින් ලිව්වෙ සිසිර කුමාර මාණික්කආරච්චි නේද?

      Delete
  7. කුමාර-කාලි කේස් එකේ කවිය සිංහලෙන් තියෙනවා නේද, වන බඹරා, මල නොතලා වගේ යෙදුම් එක්ක?

    ReplyDelete
    Replies
    1. වන බඹරා මල නොතලා රොනට වනී
      මල දෙදරා පන ගලවා ගියෙස වැනි

      සිය තඹරා සිය තඹරා සියෙස වැනි
      සියෑස පුරා නිදි නොලබා ගියෙස වැනි

      Delete
    2. ප්‍රශ්නෙත් අහලා, උත්තරෙත් දීලා, වැඩිදුර කියවීමට ඒකෙ ලිංක් එකත් දාන මේ වගේ බ්ලොගර් කෙනෙක් ගේ, අසල්වැසි ගම්වාසියෙක් වුනු මම නිවුනාම වෙති.
      "නිබ්බුතෝ නූන සෝ බ්ලොගයා..."

      ස්තූතියි වැඩිදුර එකතු කිරීමට රසික තුමා, ඒකෙන් මේ බ්ලොගත් පොෂණය වෙනවා.

      Delete
    3. ඔය වගේ තව දෙන්නෙක් කියපු කවියක් මතක් උනා.

      දවසක් තොටගමුවෙ රාහුල හාමුදුරුවොයි වෑත්තෑවෙ හාමුදුරුවොයි පිණ්ඩපාතෙ යනකොට, එක මිදුලක හාල් ගර ගරා හිටපු ලස්සන කාන්තාවක් දැක්කලු. රාහුල හාමුදුරුවන්ගෙ කටින් ඉබේටම වගේ කවි දෙපදයක් කියවුනාලු.

      "හීන් සිනිඳු සිනිඳු ලොලේ
      හීන් ඉඟට ඇඳ සේලේ..." කියලා.

      වෑත්තෑවෙ හාමුදුරුවො ඉතුරු දෙ පදෙ කිව්වලු,

      "...හාල් ගරන කත මිදුලේ
      එදැක ස‍ඟෙක් කරයි ලොලේ" කියලා.

      සමහරු කියනවා ඔය සිද්ධිය මුල් වුනාලු වෑත්තෑවෙ හාමුදුරුවන්ට පල ‍නොකියා පළා බෙදිල්ලට...

      තව දවසක් ගුරුන්නාන්සෙ කෙනෙකුයි ගෝළයෙකුයි ගමනක් යනකොට පාර අයිනෙ හිටිය රිදි නැන්දෙක් දැකලා, ගුරුන්නාන්සෙ කිව්වලු,

      "රිදී රිදී කොයි දේටත් රිදී මා
      රිදී වළලු දෑතේ නද දිදී මා..." කියලා

      ගෝළයා කිව්වලු,

      "...රිදී ගන්ට තමුසෙට හිතුණා හේමා
      දිදී පිටට එළවයි හේන මාමා" කියලා

      Delete
  8. රසවත් ලියවිල්ලක් සහ සංවාදයක්...
    කාලිදාස මළ විදිහ නම් චා, නේද...
    කෙලින්ම කවිය රජා ට කිව්වනම් ජීවිතෙත් බේරගෙන කහවණු 1,000 කුත් පොකට් එකේ දාගෙන පුරුෂකෘත්‍යත් කරගෙන ගමරට යන්න තිබ්බ චෑන්ස් එක බිත්තියේ කුරුටු ගාන්න ගිහින් කෙළව ගත්තේ...
    ඒ කාලේ ඔය වැඩේ නොමිලෙද දන්නේ නැහැ සිද්ධ උනේ. සමහර විට රජා ගාණක් ගෙව්වද දන්නේ නැහැ රට වැසියාට කරන සේවයට...

    ගෙදර උන්දැට ඩ්‍රැකියානි කියන්නේ නැතුව වෙන ගැලපෙන නමක් හොයමුකෝ බං.
    මට ඒ නම ටිකක් අවුල් වගේ හිතෙනවා.
    නරකද ඩ්‍රැකිච්චි වගේ නමක්... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. /කාලිදාස මළ විදිහ නම් චා, නේද.../

      ඒක කාලි දෙවඟන කරපු සාපයක් හින්දයි කියනවනෙ. අර උඩ තිබ්බ ලිංක් එකෙන් ගිහිං බැලුවොත් රුක්ෂිලා වෙත්තමුණිගෙ ලිපියෙ තියෙනවා සම්පූර්ණ විස්තරේ.

      /ඒ කාලේ ඔය වැඩේ නොමිලෙද දන්නේ නැහැ සිද්ධ උනේ./

      ජනපදකළ්‍යාණිගෙ සේවය නොමිලෙ නම් නෙමෙයි ලැබුණෙ. ජනපදකල්‍යාණිගෙ ගෙදර ගිහිං සිංදු අහන්න, දාර්ශනික සංවාද වලට සහභාගි වෙන්න එහෙම නං නොමිලේම පුළුවන්. ඒත් පුරුෂකෘත්‍යය සඳහා එයා ළඟට යන්න අවම මිලක් තිබුණා මයෙ හිතේ. එක එක අය තමන්ගෙ හැකි පමණින් ඊට වැඩිය වටිනා දේවල් තෑගි බෝග විදිහට දෙනවා. මැටිකරත්තය නාට්‍යයෙ තියෙනවා වසන්තසේනා කියලා ජනපදකල්‍යාණියෙක් ගැන. ඒ කතාවෙන් ශෂි කපූර් ගහපු ෆිල්ම් එකක් ති‍ය‍ෙනවා 'උත්සව්' කියලා. පුළුවන්නං හොයාගෙන බලන්න. ඒ කාල‍ෙ ඉන්දියාවෙ සමාජ ක්‍රමය හොඳටම නිරූපණය වෙනවා ඒකෙ.

      /...ජීවිතෙත් බේරගෙන කහවණු 1,000 කුත් පොකට් එකේ දාගෙන පුරුෂකෘත්‍යත් කරගෙන.../

      ඔක වුනේ මෙහෙමනෙ මචං,

      කාලිදාස ඉන්දියන් කාරයනෙ. ඔය ඉන්දියන් කාරයො හැමදේම හෙන ලාබෙට ගන්න හෙට්ටු කරන උන්නෙ. පොර ජනපදකළ්‍යාණිට කිව්වලු, "මේ කවිය රජාට පෙන්නලා කහවණු 1000 අරගන්න ඔයා. ඒකෙන් ඔයාගෙ ගාස්තුව අඩුකළහම එන ඉතුරු ගාන දැන් මට දෙන්න" කියලා.

      අර ගෑණිට මළපනින්න ඇති, 'මූ ණයට ඇරලා. තව මගෙන් සල්ලිත් ඉල්ලනවා' කියලා.

      /ගෙදර උන්දැට ඩ්‍රැකියානි කියන්නේ නැතුව වෙන ගැලපෙන නමක් හොයමුකෝ බං./

      ඩ්‍රැකියානි කියන නම දැම්මෙ සිරා. මටත් ඊට වඩා හොඳ නමක් නං හොයාගන්න බැරි උනා. මං මේ කමෙන්ට් එක අද හවස ගෙදර යන ගමං එයාට පෙන්නුවහම ලොකු පුතාට රිටන් එක ලැබෙයි අද රෑ... බලාපොරොත්තුවෙන් හිටපං. උන්දැ ලේ උරාබොන්න කැමති මහ රෑ 12 පහුවෙච්ච ගමංම වගේ...

      Delete
    2. මගෙන් ලේ බිව්වොත් උන්දෑ ආපහු වවුලෙක් වෙලා පියාඹන එක බොරු. රෑ 12 වෙද්දී මගේ ලේ පයින්ට් කාලක් බිව්වත් ඇති ඩ්‍රැකිච්චිව වෙරි වෙලා ඇදගෙන වැටෙන්න...

      Delete
    3. මේක කියෙව්ව දා ඉඳං, ඩ්‍රැකියානි පොඩ්ඩ පොඩ්ඩ බීලා පුරුදු වෙනවා, අර මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා වගේ. බලාපොරොත්තුවෙන් ඉඳහං එහෙනං, ඩ්‍රැකියානිට බෝතල් දෙකක් විතර බොන්න පුරුදු වෙච්ච දාට උඹ ඉවරයි...

      Delete
  9. සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ පොත් ඔක්කොම වගේ කියවලා තියනවා , ඔහු උපහාසාත්මක ලිවීම් දක්‍ෂයෙක්. කාලිදාස ලංකාවෙ කුමාරදාස කියලා රජකෙනෙක් එක්ක තදබල මිතුරුකමක් පැවැත්තුවා කියලා තමා කතාවෙ තියෙන්නෙ. සමහර විට මේ සම්බන්ධය gay relationship එකක් ද කියලා සැකයකුත් එනවා .

    ReplyDelete
    Replies
    1. සිසිර කුමාර මානික්කාරච්චි ගෙ පොත් හොයාගන්න අමාරුයි කියලා විචාරක කියලා තිබුනා. ආපහු කියවන්න ආස හිතෙනවා ඔබ ඔහොම කියනකොට.

      යාලුවා වෙනුවෙන් චිතකයට පනින්න තරම් හිතෙනවනම් ඉතින්, ඒක ගේ කුරුලු සම්බන්දයක් වෙන්නත් පුලුවන් තමයි.

      Delete
  10. නියම ලිවිල්ලක්..මෙන්න මේ වගේ කතා තව ලියන්න..:)

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි එස් අයි මහත්තයා,

      "ඔබත් ඔහොම ඔතන ඉන්න - මමත් මෙහෙම මෙතන ඉන්නවා..."

      Delete
    2. එස් අයි මහත්තයා?? :O

      Delete
    3. තනි තරුවක් තියෙන්නෙ පොලිසියෙ එස් අයි ට නේද?

      Delete
  11. සාගරයක් මැද අමන රටක් ඇත මාත් කියවලා තියෙනවා. ඒකෙ ඉස්සරහ තිබ්බ කා‍ටුන් එක මට මැවිලා පේනවා. ඒක ඔසී දියලගොඩ ඇඳපු එකක්වත්ද?

    ReplyDelete
    Replies
    1. ඔසී ගෙ ශයිලිය වගෙ තමයි මටත් මතක. පොඩ්ඩක් හොයලම උත්තරයක් දෙන්නම් ඩූඩ්,

      Delete
    2. මා ලග තියෙන්නෙ 4 වෙනි මුද්‍රණය ඩූඩ්, එකෙත් ආටිස්ට් ගෙ අත්සන තියෙන තැන වේයා කාලා. ඒ චිත්‍රෙ නම් ඔසී නෙවෙයි වගේ...

      Delete
  12. සිසිරකුමාර මාණික්ක ආරච්චි මහත්තය මම කැමතිම උපහාස කතා රචකයෙක්. පොඩි කාලෙම මම කියෙව්ව ඔහුගේ පොත් ඔක්කොම වගෙ. මනෝ රාජ්ජේ පොත කියවල හිනාවෙලා පණගියා...හෙහ්,හෙහ්, ..ඒ පොතේ හිටිය ඉස්පුට්නික් මනෝසීල කියල චරිතයක්….පොරගෙ පුතාගෙ නම ජාපාල මනෝසීල

    හැටේ දශකයෙ අග භාගයෙ විතර කතරගම දේවාලෙ කොත හොරු අරං ගියා. ඔය ගැන එතුමා ලියල තිබ්බ මනෝ රාජ්ජෙ පොතේ කතරගම දෙයියො කියෙව්වනං එහෙම අම්මාපල්ල දිවිනසා ගන්නව. හින්දු දෙවිවරු ගැන එතුමා ලියපු උපහාසාත්මක කතා විශිෂ්ටයි. මිනිහ තද යූ.එන්.පී. කාරයා. මට මතක විදිහට එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයට සෙවල බණ්ඩා කියල නම දැම්මෙත් එයා තමයි.

    හෝදිසි කරනව කියන එක වෙනුවට එතුමා ලියන්නෙ හොදි විසි කරනව කියල. මමත් හොදිවිසි කරනව කියල සමහර වෙලාවට ලියනව...:)

    විශිෂ්ඨ ලිපියක් මල්ලි..දාපං පහක්...:)

    ReplyDelete
    Replies
    1. ඊයෙ රෑ යන්තම් හොයගත්ත සිරිලන්කා ඉල්ලන් කා පොත. ඒකෙ ඉන්නව රස්පුටින් රාලහාමි, ඉස්කෲස් ද ලූස් ඒජන්ත, මගඩි වර්දන මන්ත්‍රී, මගරී බජව් මාස්ටර්...

      "පන්ගුවක් දෙවි උන්නැහේලට දේවාල හදලා, අනියම් හාමිනේලාටත් ගෙවල් හදලා, දෙවි හොර පවුලටත් පෙරලි පෙරලී වදින්නන් කැකිරි බර මෙසිරිලක හුදී ජනයි අතරෙ මහ හුගක් ඉන්නවා. දෙයියො හොර අබුවලෑ දිහාවෙ යන ගමන, එහේ ඉදල ආපහු එන ගමන හෙම සිහි වෙන්න පෙරහැරත් පවත්තනවා..." - සිරිලන්කා ඉල්ලන්කා පිටුව 40.

      පොර යූඇන්පී කාරයා තමයි. මම මේ පොත් කියවද්දි තිබ්බෙ ජේ ආර් ගෙ ආන්ඩුව. අපි ප්‍රතිපත්තියක් විදිහට පවතින ආන්ඩුවට විරුද්දයි. ඉතින් ඒ දවස් වල තාත්ත කියනවා, පොරගෙ දේශපාලන කතා ගනන් ගන් නැතුව, අනිත් හරිය කියවන්න කියලා.

      ඉස්තූතියි අගය කිරීම ගැන. ඕන් දැම්ම 5ක්... (මේක ලියන්න ට්‍රයි කලේ වාන් පතුල් ඉට්ටැයිල් එකට...)

      Delete
    2. පොත හම්බවුනා කියන්නේ හතර මහා නිධානෙ පහළවුනා වගේ මටනම්. අනේ ඒක කොටස් වශයෙන් දාන්නකෝ. සල්ලි එවන්නම් මට පොටෝකොපියක් ගහලා දෙන්න.

      Delete
    3. අම්මෝ විචාරක, සත පහක් එපා. මන් පොටොකොපියක් එවන්නම් තැපෑලෙ...

      මානවසින්හ එක්ක පත්තරේක වැඩ කරපු මදුරාවතී කියලා ගෑනු කෙනෙක් දවසක්, සගරාවක් ගෙනත් දෙන්න කියලා සල්ලි වගෙයක් දීලා. මානවසින්හ එයාට කවියකින් උත්තර දුන්නලු.

      "මදුරාවතී මට සූකිරි සහ නෙල්ලී
      සගරාවකට මොකටද උබගෙන් සල්ලී
      වදුරාගලදි උබ මගෙ ### එල්ලී
      උදුරා ගත්ත ## මට දීපිය බැල්ලී"

      නිකම් මතක් උනාට ලිව්වෙ... මට ඇඩ්ඩ්‍රස් එක මේල් කරන්නකො...

      Delete
    4. විචා, ජාලයට අනුව නං කුරුණෑගල මහජන පුස්තකාලයේ තව නිදන් වස්තු දෙකක් තියේ (සිරි ලංකා ඉල්ලංකා,මේ කොයි යන්නේ) ඒ ඉසව්වේ ඉන්න කෙනෙක් සෙට් කරගන්න පුළුවන්නං වැඩේ ගොඩ.
      කොපියක් ගහගත්තත් රත්තරන්නේ.

      Delete
    5. ස්තූතියි සිරී,

      විචා පුලුවන්නං මේ කොයි යන්නේ හොයාගෙන මටත් පොටෝ කොපියක් එවන්න. මං මේල් එකක් එව්වා, ඒකට ඇඩ්‍රස් එක එව්වනං...

      Delete
    6. ස්කෑන් කරලා අප්ලෝඩ් කරානම් අපිටත් බලා ගන්න තිබ්බ...

      Delete
    7. පැතුම්,

      දැන්නම් මගෙත් අදහස ඒකයි. ටික දවසකින් දෙන්නං...

      Delete
  13. නවදැලි හේනක පෑව වැඳිරි රුව
    ලෙස හොවමින් දෙනුවන් රවටා
    මා පෙම් කල ජනපද කල්‍යාණිට
    හිමියනි මට කල නොහැක නිගා.

    සෝමතිලක ජයමහාගේ සින්දුව මතක් වෙනවා "ජනපද කල්‍යාණියෝ"ගැන කිය වෙනකොට.කාලිදාසට ශාප කෙරුවේ කාලි අක්කානේ.ශාපය තමයිලු කාලිදාස මැරෙන්නේ ගෑණියෙක් අතින් කියලා.

    අද වගේනම් ඔය ඕන තරම් ගැණු මිනිස්සුන්ව නොමරා මරනවානේ.:D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ, මම මානික්ක ආරච්චිගෙ පොත් හොයද්දි, මට හම්බුනේ චෞර රැජින නෙ. එයා තරම් ගෑනු මිනිස්සු නොමරා මරපු කෙනෙක් ඒ කාලෙ ඉදල නෑ.

      ස්තූතියි මනෝජ් එකතු කිරීමට. කාලිදාසගෙ පැටිකිරිය ඔක්කොම උඩ ලින්ක් එකක තියෙනව...

      Delete
  14. ඩ්‍රැකියානිට කියලා කොත්මලේ ජනකාථා සීරිස් එකක් ලිව්වොත් මොකද ඩ්‍රැකියො..පොඩ්ඩක් අහලා බැලුවා නං හොඳ මූඩ් එකකින් ඉන්න වෙලාවක් බලලා...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියානි නම් කොයිවෙලෙත් හිනා මූඩ් එකේ තමා ඉන්නෙ. ප්‍රශ්නෙ, එයාටත් කොත්මලේ ජනකතා කියල දෙන්නෙ මමනෙ. ඒ සීරීස් එකත් පටන් ගමුකො එහෙනම්, කොත්මලේට විතරක් සීමා නොවී, අඩු ගානෙ ලන්කාවටත් සීමා නොවී...

      Delete
    2. ඔයා මාරයිනෙ හැබෑට....

      Delete
    3. මාර නෑ, මාර නෑ...

      Delete
  15. කෙම්න්ට් ටිකත් එකතු උනාම පරිපුර්ණ රසවත් පෝස්ටුවක්.. සෑහෙන්න තෘප්තිමත් ඩ්‍රැකි... ජය

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දේශකයා, ගොඩ කාලෙකට පස්සෙ මාත් තෘප්තිමත් ලියපු දේ ගැන. ස්තුතියි...

      Delete
  16. එතුමා ඌඇම්පි කාරයා උනත්,වදින්න ඕනි තැනට අපේ මිනිස්සු දේවත්වයෙන් පුදන්න හදන පුහුදේට හොම්බ රිවට් වෙන්න දුන්නා.අර කාලයක් උඩ දාගෙන හිටි පේරාදෙණි සාහිත්‍ය වන්දනාවට එරෙහිව ලිව්වා සාහිත්‍ය කොල්ලය කියලා පොතක් වංශනාථ ධර්මබන්දු ආරූඪ නාමෙන්.මෙතන තියේ එතුමාගේ පින්තුරක්.
    ඩ්‍රැකීයෝ ඔබේ ඊමේල් එක මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරී, එකතු කිරීමට. මං මානික්ක ආරච්චි ගෙ පොත් කියෙව්වෙ පොඩි කාලෙදි. ඉතින් මයෙ හිතේ ඒකෙන් වෙන්න ඇති හැම දෙයක්ම ප්‍රශ්න කරමින් විවේචනාත්මකව බලන පුරුද්දක් ඇතිවුණා...

      ඒ නිසා මට හිතයි, මං ගාව තියෙන පොත් කොටස් වශයෙන් බ්ලොග් එකේ පළ කරන්න. කාට හරි වැදගත් වෙයිනෙ.

      Delete
  17. ඕං විමලරත්න කුමාරගම උන්නැහෙ ඩීයාරෝ කාලෙ ඔෆිස් එකේ කෙල්ලක් ගෙන් වදේ බැහැලු එයා ගැන කවියක් කියන්න කියල.....දවසක් මෑන්ගෙ මේසෙට හේත්තු වෙලා වද කරනවලු..
    මෙන්න කවිය
    මල්කාන්ති ඉන්නාවිට මේසෙට ඇන ඇන...
    මටත් වඩා පින්කළ බව පෙනේ මේසෙ කොන..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එකතු කිරීමට. මාත් කැමතිම කවියෙක් තමා විමලරත්න කුමාරගම.

      දවසක් මීමන ප්‍රේමතිලක බස්සෙකක යද්දි, මගදි තව ගෑණු ළමයෙක් නැගලා බස්සෙකට. මීමනගෙ සීට් එකේම වාඩි වෙලා. දෙන්නා කතාවට වැටිලා, ටිකක් දුර යද්දි මේ කෙල්ල අරූට මළ ඇණයක් වෙලා. කෙල්ල මීමන ගෙන් ඇහුවම ඔයාගෙ නමයි ඇඩ්‍රස් එකයි ලියල‍ ද‍ෙන්න පුළුවන්ද කියලා, මීමන අතේ තිබ්බ පත්තරේක වාටියෙ කවියක් ලියලා පෙන්නුවලු.

      මෝහන රසය මට නම් දෙයකිය පරණ
      තේරෙන වා ඔබගෙ හැටි නොම වෙනු උරණ
      රෑ මන මාල කම ගැන නිති නම දරණ
      මීමන පෙම්තිලක මගෙ නම, ගම හොරණ

      එකපාරක් දුම්බර විදානෙ කියලා පොරක් සෙත්කවි හදන හාමුදුරු කෙනෙක්ට වද කරනවලු, මටත් සෙත් කවියක් කියන්න කියලා. බේරෙන්නම බැරි තැන කිව්ව කවිය මේ,

      බැකිසි බකුසානේ
      කරවැල් මහ කොකානේ
      දියගැරඬියානේ
      රකිව් දුම්බර මහ විදානේ

      Delete
  18. සෑහෙන දේවල් ටිකක් දැන ගන්න ලැබිච්ච පොස්ටුවක් . සියලු වැඩ අත්හැර පොත් කියවන්න හිතෙන්නේ මේ වගේ ඒවා කියවද්දී..

    ReplyDelete
    Replies
    1. සිරාවටම පැතුම්. මාත් සෑහෙන්න පෝෂණය වුනා‍ මේකෙන්. වෙන එකක් තියා ආපහු පොත් කියවන්නත් පටන් ගත්තා මං...

      Delete

Post a Comment

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ගොඩක්ම කියවපු ලිපි

ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

ඒක්තරා අැත්ත කතාවක්...

හැම දෙවියනේ පුළුවන්නං රකෝ රකෝ ! - මගේ පුස්තකාලයෙන්...

මෝසෙස් ගේ දෙවියන් සහ ජේසුස් ගේ දෙවියන්...

ගජබින්නාලංකාරය 15 වන කොටස...

හොඳම කම්මැලියා - කැකිල්ලේ කතා...

සාගරයක් මැද - අමන රටක් ඇත... (සිසිර කුමාර මානික්ක ආරච්චිගේ තවත් පොතක්)

ගමයගෙ මන්තරේ... ලංකාවෙ ජනකතාවකි.

කාලිදාස ගෙ කතාවක්

ඩ්‍රැක්‍යුලාගෙන් පසු - Dracula the Historical Figure - Final Part