Monday, October 5, 2015

අලි ප්‍රහේලිකා අංක 2 - අලි කූඹි කතා...


මෙන්න ඔබ පුල පුලා - තල තලා බලා සිටි, අලි ප්‍රහේලිකා අංක දෙක අරන් අදත් ඔබේ නිවහනට ගොඩවදින්නේ ඔබේ සුමිතුරු ඩ්‍රැකියා. සමහර උදවිය දැනටමත් හොඳින් දන්නා පෞරාණික කතන්දර කීපයක් අරගෙනයි මේ ආවේ. ඔන්න එහෙනං පුරස්න...

01.
අලි දෙන්නෙක් කැලයක් මැදින් ගමනක් ගියා. ඉන් එක අලියෙක් කුරුම්බ ගහකට නැගලා, කුරුම්බා ගෙඩි හතඅටක් කඩලා, කීපයක් බීලා, අනිකටත් බොන්න කිව්වා. ඒත් අනික් අලියා බිව්වෙ නෑ. ඇයි ඒ?

02.
අලි දෙන්නා කැළෙන් එළියට ඇවිත්, පාරටම ඇවිල්ලා බස් එකකට නැග්ගා. එක අලියෙක් ටිකට් එකක් ගත්තා. අනිකා ටිකට් එකක් ගත්තෙ නෑ. ඇයි ඒ?

03.
අලි දෙන්නා බස් එකෙන් බැහැලා පන්සලකට ගියා. එක අලියෙක්ගෙ ගජ මිතුරා වුන, කූඹියා හිටියෙ ඒ පන්ස‍ලේ. පන්සලේ හාමුදුරුවො දැකපු එක අලියෙක් ඒ හාමුදුරුවන්ට දණ ගහලා වැන්දා. අනික් අලියා වැන්දෙ නෑ. ඇයි ඒ?

04.
අලි දෙන්නා කූඹියත් එක්ක හැංගිමුත්තං සෙල්ලං කරන්න පටන් ගත්තා. අලි දෙන්නා මුලිම්ම හැංගුනා. කූඹියා ලේසියෙන්ම උන් දෙන්නව හොයාගත්තා. හැබැයි කූඹියා හැංගුනහම අලින්ට ඌව හොයාගන්න ගොඩක් අමාරු උනා. අන්තිමේ එක අලියෙක් පිළීම ගේ ළඟට ඇවිත් දැනගත්තා කූඹියා ඒක ඇතුලෙ ඉන්නෙ කියලා. අලියා කොහොමද ඒක දැනගත්තෙ?

05.
දවසක් කූඹියයි අලියයි නාන්න වැවට ගියා. දෙන්නම නාන්නයි ගියේ. ඒත් අලියා වැවට බැහැලා නාද්දි කූඹියා ගහකට හේත්තු වෙලා ඉන්නවා. ඇයි ඒ?

06.
කූඹියා අලියත් එක්ක මෝට බයික් එකකිං ගමනක් ගියා. කූඹියා තමයි බයික් එක පදින්නෙ, අලිය පිටිපස්සෙ සීට් එකේ. ඇයි කූඹියා අලියට පදින්න දුන් නැත්තෙ?

07.
ඔහෙම බයික් එකේ පල්ලමක් එක්ක වංගුවක් ගන්න ගිහිං බයික් එක පෙරළුනා. සෑහෙන්න ඩැමේජ්. අලියට හොඳටම තුවාලයි. කූඹියා හීරිලාවත් නෑ. ඇයි ඒ?

08.
අර ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ අලියට සිහිය ආවෙ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ. ඌ බලනකොට කූඹියත් අනික් ඇ‍‍ඳේ ඉන්නවා වැතිරිලා. ඇයි ඒ?

09. අලියා බැන්දා කූඹියගෙ නංගිව. බැඳලා මාස තුනයි, සංගීතයක් බලන්න ගිහිං වලියක් දාගෙන අලියා දහඅටමාසෙකට හිරේ ගියා. ඌ හිරෙන් නිදහස් වෙලා එද්දි, හිරගෙදර ඉස්සරහට කූඹි ගුලේ හැම කූඹියෙක්ම ඇවිත් තිබුණා ඌව පිළිගන්න. ඒ කූඹි රෑන අතරින්, අලියා ඈත තියාම තමන් බැඳපු කූඹිච්චිව අඳුනගත්තා. කොහොමද ඒ?
http://www.teluguone.com/tonecmsuserfiles
/Elephant%20Ant%20Joke(1).jpg

වඩැත්ම නිවැරදි උත්තර දෙන දහදෙනාට කොටදෙණියාව පොලිසියට නිරීක්ෂණ චාරිකාවක් සහ කොටදෙනියාව පොලිස් ක්වාටස් වල ඇති සම්බාහන ආයතනයේ දින තුනක පොලිස් සත්කාර සහිත නිවාඩුවක් ලබා දෙනු ලැබේ.


104 comments:

  1. මේකට නිකමටවත් උත්තර දෙන්න ට්‍රයි කරන්නෙ නෑ . මලත් කමක්නෑ විලිලැජ්ජාව තියාගෙන මැරෙන්න ඕනෙ. උඹම උත්තර ටිකක් දීල , කොටදෙනියාව පොලිසියට ගිහින් වරෙන්.

    ReplyDelete
    Replies
    1. දෙකේ ආදිපාදට කාලෙකට පස්සෙ එකක් වැදිල තියෙන්නෙ...

      මේ මේ, කොටදෙනියාවෙ පොලිසිය තමයි දැන් ලංකාවෙ තියෙන අහිංසකම පොලිසිය. ඒකට මොකුත් කියනව නෙමෙයි ඕං... උත්තර දන්නෙ නැත්තං ඒක කෙළිම්ම කියහං, වටෙං එන් නැතුව...

      Delete
  2. ඉස්සෙල්ල කියහං උඹ මේක දැම්ම කියල මීඩියා වලට කියලද තියෙන්නෙ. යකෝ පොලීසියෙන් කෑවට වඩා අමාරුයි‍නෙ මීඩියා වලින් කනකොට.

    ReplyDelete
    Replies
    1. සිරාවට, මීඩියා වලටත් මොන මී කුණක් උනත් කමක් නෑ උඩ දාලා මාකට් කරන්න... ප්‍රසන්න බ්ලොග් කෙරුවාව පැත්තකට දාලා නරකද මීඩියා වලට බැස්සොත්?

      Delete
    2. හැක්.. එහෙම කළොත් වෙන්නෙ බොලාටත් බ්ලොග් වහල දාන්න තමයි.

      Delete
    3. එහෙනං ඒක ජාතික සේවයක් වෙයි. බැහැපං බැහැපං මීඩියා වලට...

      Delete
  3. තෑග්ග වෙනස් කොරාං. නැත්තං නෑ බෑ.
    නොදන්න කමකට එහෙම නෙවී හිරිය

    ReplyDelete
    Replies
    1. හරි හරි එහෙනං. උඹ හරි උත්තර දීලා, ළඟම තියෙන සිල්ලර කඩේට ගිහිං උඹට ඕනෙ දෙයක් ගනිං තෑග්ගට. මට බිල එවහං මං සල්ලි ප්‍රතිපූර්ණය කරන්නං. එහෙම හොඳයිනෙ?

      Delete
  4. 01. ගහට නැගපු අලිය මෝඩයි. බිම හිටපු එකා අනික් ගහට පයින් ගහල ගෙඩි ටික වට්ටගෙන බීල ඉවරයි ඒ වෙනකොට
    02. උෟ තමයි බස් එකේ ඩ්‍රැය්වර්
    03. උගේ තුනටියෙ අමාරුවක්
    04. කූඹිය ගිය ආත්මෙ නිධං හොරෙක්. අලියට ඇහුන ඌ පිළිමෙ හාරනව
    05. අලිය වැවට බැස්සට පස්සෙ වැවේ වතුර ඕවෆ්ලෝ වෙලා කූඹිය ඉන්න තැන යටවෙනව.
    06. අලිය පැද්දනං කූඹියට ඉස්සරහ ඉන්න කෙල්ලෝ පේන්නෙ නෑ.
    07. කූඹිය හිටියෙ බයික්කෙ හැඬල් බාර් එක අස්සෙ.
    08. අලියව හොස්පිටල් ඇඩ්මිට් කරන්න උස්සගෙන ඇවිල්ල ඌට හති
    09. ඒකි ඒ වෙනකොට බඩ වෙලා.

    ඔන්න උත්තර. මං වෙනුවට උඹම කොටබකිනියාවට පලයං.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න මහතා හෙට දින කොටදෙනියාව පොලිසියට අලි මයිලක් හා කූඹි මයිලක් සමග ලැප්ටොප් එක සමග පැමිනෙන්න.
      මෙයට
      OIC
      කොටදෙනියාව

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අම්මට හුඩු කොටදෙනියාවේ OIC ලා දෙන්නයි

      Delete
    4. තාම මූට දෙක වදිනවානේ

      Delete
    5. ඒක හරියන ලෙඩක් නෙමෙයි

      Delete
    6. tab එකෙන් දැම්මත් , phone එකෙන් දැම්මත් ඩබල් , ඒ කියන්නෙ OS එකේ අප්සෙට් එකක් නෙමේ.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. දැං OIC කියන එකද ආතරය කියන එකද පිලිගන්න ඕන.

      Delete
    9. ප්‍රසන්න උඩම,
      උත්තර ඔක්කොම එළ කිරි වගේ වැරදියි. හැබැයි ඉතාම නිර්මාණාත්මක ලෙස කුජීතයි. මේ උත්තරේ හැටියට නං ප්‍රසන්නට කොටබකිනියාවට යන්න බැරිවෙයි. ඕන්නං ගිරිතලේ කෑම්ප් එකට යවන්නං.

      කම්මල (උඩම),
      කොටදෙණියාවෙ ඕඅයිසී එතකොට දෙකේ ආදිපාදද?

      කම්මල,
      මේ උත්තරෙත් ආතර් අයියා විසින් මකන ලදි...

      ලව්පූසා,
      එහෙනං ගුටි ඩබල් ඩබල්... දෙන්ඩද දෙන්ඩද?

      නලීන්,
      ඌට ඉතිං හැමදාම බොන්න බෑනෙ...

      අටං,
      ගොඩකාලෙකිං ඈ... කම්මලාට කියන්නෙ, මොනවද උඹ පහුගිය ටිකේ ලියපු අපභ්‍රංශ?

      කම්මල කම්මල,
      උඹ යුගල පද ගහද්දි මුල් පදේ විතරක් ගහපං. අනික් පදේ ඔටෝ වදියි. හෙහ් හෙහ්...
      නෑ බං, මයෙ හිතේ උඹේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක්. මාත් ක සැරයක් එකම බ්ලොග් පෝස්ට් එක 27 වතාවක් දාලා තිබුණා ඔය වගේ...

      මෙන්ඩො,
      ඌ අහිංසකයා. දවසගානෙ බීල ආවනං ඩබල් වෙන්නෑ. ඒ උනාට දවස ගානෙ බොන්න බෑනෙ, ආයෙ ගණං ගියානෙ...

      ප්‍රසන්න,
      ඔය දෙකම නෙවෙයි. ඉස්සෙල්ල බලහං මීඩියා වලින් මොකද්ද කියන්නෙ කියලා. ඒක තමා පිළිගන්නම ඕනෙ.

      Delete
    10. අනිතිම එක බඩ නෙමේ. බඩ නම් වෙන් කූඹිච්චියෙකුටත් තියෙන්න පුළුවන්නෙ. අලි පැටියෙක් එක්ක ඉන්න කූඹිච්චි තමා වයිෆ්

      Delete
  5. තෝ බම්බු ගහං.. අපිට බෑ *කේ ඇස්ලෝං බට ඇරගන්න....

    ReplyDelete
    Replies
    1. බම්බු ගහනවයි කියන්නෙ ඒක නෙවෙයිද?

      Delete
  6. 01. කුරුම්බා නොබිව්වෙ ඌට හෙම්බිරිස්සාව

    02. ඌ සීසන්

    03. ඌට හන්දිපත් රුදාව

    04. කූඹියා පිළිම ගේ ඉස්සරහ සෙරෙප්පු ගලෝල තියල ගිහින්

    05. අලිය බැස්සම වතුර මට්ටම වැඩි වෙලා කූඹිය හිටපු ගහ ගාවට ගලනවද? (මේකට උත්තරේ සුවර් නෑ)

    06. කූඹිය ක්ලාස් ඇරිල යන කෑල්ලව බලන්න ගියෙ. ඌව පේන්න එපායැ.

    07. කූඹිය හෙල්මට් දාන් හිටියෙ

    08. කූඹිය අලියට ලේ දීලා

    09. කූඹි ගොඩක් අස්සෙ හිටපු එකම කූඹිච්චිව අඳුරන්න ඔච්චර අමාරුද!

    ReplyDelete
    Replies
    1. බස්සිත් මාර බස්සියක්කේ බලං ගියාම...

      Delete
    2. බස්සි,
      ඉස්තූතියි උනන්දුවට ඈ...
      උත්තර හතරක්ම වැරදියි එළ කිරි වගේ... හෙක් හෙක් හෙක්... (මට මාර සන්තෝසයි කාට හරි වැරදුනාම)
      බස්සිට වැරදුනු ප්‍රශ්න හතර හරියටම කියන්න පුළුවන් කෙනෙකුට තවත් සැනසිලි තෑග්ගක් දෙනු ලැබේ. ට්‍රයි කොරහල්ලා...:-)

      නලීන්,
      බක්ෂි මාරයි කිව්වහම බස්සිට නෙමෙයි, “මාරයි“ කියන වචනෙට මාර ගෞරවයක් ලැබෙන්නෙ.

      Delete
    3. ආපහු උත්සාහ කරන්නද?

      03. ඌ වැන්ද නම් කූඹියා චප්ප වෙනවා? (සුවර් නැත.)
      05. අලියා නාල ඉවර උනාම ෂෝට ඉල්ලගන්න
      06. අලියට ලයිසන් නෑ
      09. මගුල් මුද්ද? (වෙන්න බෑ!)

      Delete
    4. හු‍ර‍ේ...!!! එයිනුත් දෙකක්ම වැරදියි.

      ආපහු උත්සාහ කරන්න පැය කීපයක් ලැබෙනවා...

      Delete
    5. කූබිච්චී අලි පැටියෙක් වඩාගෙන උන්නේ....

      Delete
  7. අයියේ
    වැල ඩවුන්ලොඩ් කරපු ලැප් එකකුත් දෙනවද?

    ReplyDelete
    Replies
    1. අයියේ ජී ස්ට්‍රිිං පැන්ටි පුරූදු කරමු අපේ අයටත් බං

      Delete
    2. නලින් අයියන්ඩි
      මටද ඩ්‍රැකියටද කිව්වේ?

      Delete
    3. උඩ මෙන්ඩා,
      මුළුමණිම්ම වැල පිරිච්ච ලැපක් (ඕඑස් එකවත් දාන්න ඉඩක් නැතිවෙන්න මුළුමණිම්ම ඈ...) දෙන්නං සැනසිලි තෑග්ගකට. උඹ ඒක හාමුදුරු කෙනෙක්ට පූජා කරපං, “අත-පිරිකර“ කියලා.

      නලීන්,
      ඕක ආයෙ අමුතුවෙං පුරුදු කරන්නෙ, දැං වැද්දොත් අඳින්නෙ තොං නෙ... :-)

      යට මෙන්ඩා,
      බොට කිව්වෙ බොල, මයෙ මොකද්ද ජී ස්ට්‍රිං එක්ක ඇති සම්බන්ධෙ?

      Delete
  8. ඔන්න ඔක්කොටෝමත් එක්ක ප්‍රසන්නයා උත්තර දීල.ඒ මදැයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා මේකාව අදහන්න වටිනවා

      Delete
    2. පහළ ඇළේ හිටියා ආඳෙක් කොහොමද දන්නවද? මේං සයිස්...

      නලීන්, මට එන්න බැරිවෙච්ච දවසෙ මේකෙ පාළුව තුනී කළාට ඉස්තූතියි ඈ...

      Delete
  9. බුදු අම්මෝ මටනම් ඔය උත්තර ටික දීලා නිකං ගුටි කන්න බෑ. ඕනෙනම් උඹම පලයං.

    ReplyDelete
    Replies
    1. අඩෝ අහස් කූරා,
      සෑර් දන්නැත්තං දන්නෑ කියහං මට බොරු උගන්නන් නැතුව...

      Delete
  10. මමත් මේ පාරනම් මුකුත් කියන්නේ නැහැ, ගිය පාරත් තෝ අපිව රැවට්ටුවා...

    ReplyDelete
    Replies
    1. ගියපාර උඹට පුස්ලෝඩමක් දුන්නෙ බං. බෑ කියල නිකං ඉන්න එපා. ට්‍රයි කොරහං. මේපාර කොටදෙනියාවෙ ස්පා එකට යවන්නං... අඩුගානෙ වැල ලැප්ටොප් එකක්කත් දෙන්නං සැනසිලි තෑග්ගක් හැටියට (ඒක කිව්ව විතරයි බලමුකො ‍ලොකුපුතාගෙ මූණෙ මතුවෙච්ච සිරියාව...) :-)

      Delete
    2. ස්පා එක දෙන්නෙ WPC අක්කලාද බං...?

      Delete
    3. කැමා,
      කොහොමද ආස? කැමති විදිහකට සෙට් කොළෑකි... හෙහ් හෙහ්... උඹ දන්නවද ඔය ඩබිලිව් අකුරෙං අදහස් කරන්නෙ මොකද්ද කියලා. “වෙස්සූ“ බං. එතකොට ඩබ්ලිව් පීසී කියන්නෙ, “වෙස්සූ පීසී“ කියන එකයි.

      Delete
  11. සැහ්.... අවංකවම අමාරු ප්‍රස්න ටිකක්...........

    ReplyDelete
    Replies
    1. අවංකවම...
      වෙල්කම් ආර්යන්,

      Delete
  12. උඹ අපි අලි ආමරැවක දාන්න හදන්නේ නේද ?

    ටිකක් හිටහං මොළේ ටියුන් කරලා බලන්නම්.අවුරැදු දහයකට විතර කලින් මතකයකට යන්න වෙනවා උත්තර හොයන්න.

    1. හෙම්බිරිස්සාව තිබුන අලියා තැබිලි බීව්වේ නැ ඌට හොදනැති හින්දා.
    2 .සීසන් තිබුන අලියා ටිකට් කැඩුවේ නැ.
    3.මේක මතක නැ.මතක් වනොත් දාන්නම්
    4. කූඹියාගේ සෙරෙප්පු දෙකෙන්
    5. අලියා නාලා ඉවරවෙනම් හිටියේ ෂෝට ඉල්ලගන්න
    6. අලියට ලයිසන් නැති හින්දා
    7.කූඹියා හෙල්මට් දාගෙන හිටියා
    8.අලියට ලේ දෙන්නේ කූඹියා
    9 කූඹිච්චි අලි පැටියෙක් වඩාගෙන ආනේ අලියා බලන්න

    මෙන්න මගෙන් අලි කූඹි ප්‍රශ්න දෙකක්.
    1.අලියයි කූඹියයි බස් එකෙන් බහිනවා.මුලින්ම කූඹියා බස් එකෙන් බැස්සා.ඊ ලගට අලියා බස් එකෙන් බහිනවත් එක්කම අලියා දඩාස් ගාලා ඇදගෙන වැටුනලු ඇයි ඒ ?

    2.අලියා කූඹියයි ආයෙත් දවසක් ක්ලාස් යනකොට කූඹියා විතරක් කුඩයක් ඉහලගෙන යනවලු.ඒ වුනාට අලියත් බිංදුවක්වත් තෙමුනේ නැතිලු ඒ ඇයි ?

    ReplyDelete
    Replies
    1. දාහං පහක් මනෝ... හෙහ් හෙහ්.

      උඹේ කතා දෙක මං අහල තිබුණෙ නෑනෙ. බලමු කල්පනා කරලා...

      1. කූඹියා අලියගෙ සපත්තුවෙ ලේස් එකට ගැටගහලා බස් එකෙං බැස්සද?
      2. අලියා රේන් කෝට් එකක් දාගෙන ගියාද වැස්සෙ?

      හරිද කියලා කණට කරලා කියහං මචං...

      Delete
    2. මේං මුගෙ කනට කොරලා හිමිහිට සින්දුවක් කියහං මචෝ.... හොඳටම බර උනාම ලස්සනට කියහං...

      Delete
    3. කණේ මීපැණි වක්කරනව වගේ බොල... රස්නෙ විතරයි වෙනස.

      Delete
    4. ඔන්න කන ලංකරහං

      1 .බස්එකෙන් බිමට බැහැලා හිටපු කූඹියා අලියට කකුල් මාට්ටුවක් දැම්මා
      2. කූඹියා කුඩයක් ඉහලගෙන ගියේ අව් රස්නේ වැඩිකමට.වැස්සේ නැත්තම් අලියා තෙමෙන්න විදියක් නෑනේ

      Delete
    5. පට්ට මචං...
      2. ට උත්තරේ ඒක නම් ඒ කූඹියා නෙවෙයි කූඹියගෙ නංගි වෙන්නැති. කොල්ලො නෙවෙයි කෙල්ලොනෙ අව්වට කුඩ ඉහළන්නෙ.

      Delete
    6. මං හිතුවෙ අලියා බහින්න යද්දිම බස්සෙක ඇද්දුවා කියල

      Delete
  13. උඹෙ පුස් ලෝඩම හම්බුනේ නෑනෙ. වැඩක් නෑ. ඒ හින්දා උත්තර දෙන්නෙ නෑ. ඔයිට වඩා වෙන වැඩ තියෙනවා බොල.

    1.අලි හෙම්බිරිස්සාව නිසා.
    2.එක අලියෙකුට සීසන් තිබුනා.
    3.අනික් අලියා කූඹියාවා බලන්න ගිහින්.
    4.කූඹියාගෙ සෙරෙප්පු දෙකෙන්.
    5.අලියගෙ ජංගිය ඉල්ලාගන්න. (මේ කතාව දන්නවද බං?)
    6.අලියට ලයිසොං නෑ.
    7.කූඹියා හෙල්මට් දාලා.
    8.අලියට ලේ දෙන්න කූඹියා ඇවිත්.
    9.අලි පැටියා වඩාගෙන ඉන්න කූඹිච්චි නිසා.

    දිනනවා වගේ නම් කියහං වෙන එකෙකුට තෑග්ග දෙන්න. ලැප් එක හංගන්නත් වෙයිද ඩ්‍රැකියෝ...?

    ReplyDelete
    Replies
    1. අලින්ට කොහෙද බං සීසන් හැදෙන්නේ? ඇතින්නියන්ට මිසක්.

      Delete
    2. හෑ... චැහ් මේක කොරන්න බෑ....

      Delete
    3. කැමා,
      අලියා කූඹියව හොයන්න ගිය හින්දා නං නෙමෙයි හාමුදුරුවන්ට වැන්දෙ නැත්තෙ.
      අර ජංගි කතාව මොකද්ද, මේකෙ දාන්න බැරි තරං අභ්‍යාසයිනං මට මේල් එකක්කත් එවහං...

      විචා,
      චී අයිය වල් කතා කියනවා (කී බෝඩ් එක අඹරවමින්)

      කැමා,
      විචා හදන්නෙ කොහොම හරි ඔබා මාමා නැති අඩුව පුරවන්න...

      Delete
  14. තෑග්ග හොඳටම මදි. පළමුවැනි තෑග්ග වශයෙන් කොණ්ඩයා සමග විනෝද චාරිකාවක් දෙමු. දෙවැනි තෑග්ග කොටදෙනියාවේ පොලිස් කූඩුවේ රැයක් ගතකිරීම. තුවනි තෑග්ග කොණ්ඩයාගේ සහෝදරයා සමග කොටදෙනියාවේ කඩේකින් පරිප්පු නැතුව පාන් කන්න අවස්ථාවක් දීම.

    ReplyDelete
    Replies
    1. සැනසිලි තෑග්ග විදියට ආයුධ පෙන්නීමේ චාරිකාවක් වගේ එකක් සෙට් කරගන්න බැරිවෙයිද විචා.

      Delete
    2. අතට පුස් බෝම්බෙකුත් දෙනවැයි පොලෝසියට දමලාගහන්න...?
      මට තාම හිතාගන්න බැරි පිහියෙන් ඇනපු එකා ලඟ බෝම්බ කොහෙන්ද කියලා.

      Delete
    3. එහෙනං තෑගි වෙනස් කොළා ඈ...

      මෙවර අලි පුරස්න ජයග්‍රාහකයන් හට තෑගි ලබා දීම සඳහා සාදර සමාදර අනුග්‍රහය දක්වන්නේ, දිවයිනේ සුප්‍රකට වෙළෙඳ ව්‍යාපාරිකභවතුන් වන,

      විචාරක මල්ටි බැරල්,
      ප්‍රසන්න කොන්ක්‍රීට් වර්ක්ස් සහ
      කැමා කිතුල් රා නිෂ්පාදකයෝ...

      කැමා,
      උඹ දන්නවද අර වේදිකා කාට්ටියක කතාව?

      එක වේදිකා නාට්‍යයක තියෙනවලු වෙඩි තියන සීන් එකක්. ඒ සීන් එකේදි රියැලිස්ටික් සවුන්ඩ් ඉෆෙක්ට් එකක් දෙන්න, පොරක් තිබ්බලු ස්ටේජ් එකේ පිටිපස්සෙන්, ඌට තියෙන්නෙ, නළුවා පිස්තෝලෙ ඇදල අරං “ඉඳා උඹට !“ කියපු ගමං රතිඤ්ඤෙයක් පත්තු කරන්න.

      ඔන්න ඉතිං නාට්‍යය‍ෙ අර ජවනිකාව ආවලු. දුෂ්ට නළුවත් “දැං ඉතිං උඹේ කෙරුවාව ඉවරයි. මගෙං ගැළවෙන්න උඹට බෑ. ඉඳා උඹට...!“ කියලා පිස්තෝලෙ ඇදල ගනිද්දිම, අරූ රතිඤ්ඤෙ පත්තු කළාලු. වැඩේ තියෙන්නෙ ඒක පුස්.

      ඒ ගමන දුෂ්ටයා “උඹේ වාසනාවට පිස්තෝල පත්තු උනේ නෑ. ඉඳපිය උඹට...“ කියලා පිස්තෝලෙ පැත්තකට විසි කරලා, ඉණේ තිබ්බ පිහිය ඇදල අරං අරූට ඇන්නලු. එතකොටම රතිඤ්ඥෙ පත්තු උනාලු.

      ඕකත් ඒ වගේ කතාවක්...

      Delete
  15. 1.අලි හෙම්බිරිස්සාව නිසා.
    2.එක අලියෙකුට සීසන් තිබුනා.
    3.අනික් අලියා කූඹියාව බලන්න ගිහින්.
    4.කූඹියාගෙ සෙරෙප්පු දෙකෙන්.
    5.අලියගෙ ෂෝට ඉල්ලගන්න.
    6.අලියට ලයිසොං නෑ.
    7.කූඹියා හෙල්මට් දාලා.
    8.අලියට ලේ දෙන්න කූඹියා ඇවිත්.
    9.අලි පැටියා වඩාගෙන ඉන්න කූඹිච්චි නිසා.


    රෙද්දේ අලි , මීට පස්සේ ඔහොම කතාවක් ලියනවනං අලි වෙනුවට බුලත් කොළ දාලා ලියපන් හරිද ?

    ReplyDelete
    Replies
    1. කෝ යකෝ කාගේ රෙද්දෙද අලි ඉන්නේ?

      Delete
    2. අඩෝ පූසා.... උත්තර කොපි කරන්න බෑ හරිය.....

      Delete
    3. විචා මාමේ - MY3 ගේ රෙද්දේ

      මම ලියන්න ආපුටික කැමරා හොටා ලියලා, ඉතිං උත්තරේ නොලියා ඉන්නය.. ලියලා දැම්මා මොකෝ උඹට විතරක් තනියෙන් පුස්ලෝඩන් කන්න දෙන්න පුළුවනැයි

      Delete
    4. යමන් යමන් දෙන්නම එකතු වෙලා OIC බලලා තේ එකක් කාරිය බීලා එමු. ඔක්කොටෝම කලින් ලැප විසිකරපං අර ඇලටවත්.

      Delete
    5. පූසටයි,කැමාටයි කලින් මම තමයි උත්තර ටික දැම්මේ.උඹලා දෙන්නම මගෙන් කොපි කරා.මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.දේශය පාවාදීමක්.බල ලෝභයෙන් මත්වීමක්.සහොදරවරුනි අපි මේ විජාතික බලවේග පරදවන්න ඕන.අපිට බලයට එන්න ආයෙත් උදව් කරන්න සහොදරවරැනි.මේ වතාවේ අපි බලයට ආවම මේ අසමගිය ඇතිකරන්න අලි ප්‍රශ්න දාන ඩ්‍රැකියා ගෙනියන්න පස්වෙනි තට්ටුවක් හදනවා කියලා අපි පොරොන්දු වෙනවා.

      Delete
    6. මල් වන්දිරයා සමග නැගිටිමු.... ජය වේවා.... මට වාවන්නෙ නෑ අප්පා මේ කතා වලට...

      Delete
    7. ලව්පූසා (උඩ),
      හූ හූ උඹෙ තුන වැරදියි හු....
      හරි හරි බං, මීට පස්සෙ අලි ගැන කතා ලියන් නෑ. ගිරව්, පනුවො වගේ අහිංසක සත්තු ගැන තමා ලියන්නෙ.

      මනෝ සහ කැමා (පහළ),
      මටත් වාවන් නෑ බොලව්... පළමුවත් මව්බිම - දේයි දේයි... (බුදු අම්මොඃ) දෙවනුවත් මව්බිම - දේයි දේයි (බුදු අම්මෝ මයෙ පපුව...)

      Delete
  16. දවසක් කූඹියයි අලියයි නාන්න වැවට ගියා. දෙන්නම නාන්නයි ගියේ. ඒත් අලියා වැවට බැහැලා නාද්දි කූඹියා ගහකට හේත්තු වෙලා ඉන්නවා. ඇයි ඒ? { මේකට උත්තර්ය iron giant ෆිල්ම් එකේ තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දැනුවත් කිරීමට ට්‍රාන්ස්... දැං ඉතිං ඒ ෆිල්ම් එක බලන්නම වෙනවා. බලලම කියන්නං උත්තරේ හරිද කියලා ඈ...

      Delete
    2. මං ඕං ඒ ෆිල්ම් එකත් බැලුවා. අපරාදෙ කාටුන් එකක් කියලා නොබලා හිටියෙ. හැබැයි උත්තරේ වැරදියි ට්‍රාන්ස්...

      Delete
  17. අනේ ඒ කාලේ අලි කෙල්ලොන්ගේ හිඟයක් තිබිලා නේ? මම මේ කල්පනා කරන්නේ ඒ ගැන. හැබෑට කූඹි කෙල්ලෝ ඇර අලින්ට වෙන කෙල්ලෝ හිටියෙම නැද්ද? :P

    ReplyDelete
    Replies
    1. වෙනසක රස හඳුනන්නේ නැතිකමනෙ ඉතිං...

      මෙහෙ අපේ ඔපිස්සෙකෙත් ඉන්නව අලි කෙල්ලො නං. මේං සයිස්...

      Delete
  18. තෑගි එපා..........

    1. කූබියාට හෙම්බිරිස්සාව
    2. ඌ සීසන්
    3. කොන්දේ අමාරුව
    4. සෙරෙප්පු දෙක තිබ්බා බුදුගේ එළියේ
    5. කුබියගේ ටවල් එක අරන් අලිය බැස්සේ වතුරට
    6. ඌට ලයිසොන් නෑ......
    7. කූඹිය හෙල්මට් දාගෙන හිටියේ
    8. අලියට ලේ දෙන්න
    9. කූඹිච්චි බඩවෙලා හෝ මගුල් මුද්ද දැකලා

    ReplyDelete
    Replies
    1. 1. කූඹියට?
      2. සීසන්?
      3. වැරදියි.
      5. ටවල් එක අරං වතුරට බැස්සම, නාලා පිහගන්නෙ මොකෙන්ද?
      9. දහඅටමාසයක් ගිහිං කූඹිච්චි බඩ වෙලා නං, ඒක පවුල් ප්‍රශ්නයක් වෙයි නේද? අනික් උත්තරේ නං, කූඹියෙක්ගෙ අතේ තියෙන මුද්ද ඈත තියා අඳනගන්න පුළුවන්ද අලියෙක්ට?

      උඹ දීලා තියෙන අනික් උත්තර වල හැටියට නං පුතෝ යවන්නමයි තියෙන්නෙ කොණ්ඩයත් එක්ක බෝඩිං වෙන්න...

      Delete
    2. 1. සොරි අලියට
      3. පු* අමාරුව ද?
      5. ටවල් එක ඇඳන් ටික ටික උස්ස උස්ස වතුරට බැහැලා...... හෙළුවෙන් නානවා ටවල් එක ගොඩට විසි කරලා........ ඇයි වැරදිද? අපි කරන්නේ එහෙමනේ......
      9. අනික් අලියා ඒකට වග කියන්න ඕනේ.....

      Delete
    3. පට්ට යකෝ... උඹ නං...

      3 වැරදියි.
      5 කමේ හොඳයි. පට්ට. හැබැයි එහෙම උනානං කූඹියටත් ඒ එක්කම වැවට බහින්න තිබුණා. ඒත් ඌ බැස්සෙ අලියා නාගෙන ගොඩට ආවට පස්සෙ...
      9. ඒකත් හොඳා තමා. එහ‍ෙනං අලියා අනික් අලියව මරලා ආපහු හිරේටම යන්න ඇති ආ පයිම්ම...

      Delete
  19. ඩ්‍රැකී..මේ..ලියන්ට දෙයක් ඇත්තෙම නැත්තන් බ්ලොග් එක දීපන් බන් ළමයෙකුට....හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ බ්ලොග් එක දීපං බං ළමයෙකුට.

      Delete
    2. බ්ලොග් එක දීපං කොටදෙනියාවේ OIC ට.:D



      Delete
    3. රවි සහ ඩූඩ්,
      බොලාට කියන්න, මාත් කල්පනා කළේ ඒකයි. ඊයෙ දවසම මම කළේ කනිවාඩුත් දාලා, අහල පහළ ළමයි 70 ක් විතර ඉන්ටවිව් කළා, සුදුසු එකෙක් හොයාගන්න බ්ලොග් එක දෙන්න. කොහෙද? උං එකෙක්වත් හරි යන්නෑ. ඔක්කොම මං වගේමයි. :-)

      අන්තිමේ තීරණේ කොළො බොලා දෙන්නට මේ බ්ලොග් එක දීලා දාන්න.

      මනෝජ්,
      ඒකත් හරි තමයි බං. ඌ ළමෙයෙකුටත් හපං... ඊටත් වඩා හොඳයි වැඩබලපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකයට දුන්නං කියලත් හිතෙනවා...

      Delete
    4. ඉන්ටවිව් නෙමෙයි බං අර රවී අයිය කියල තියෙව වගේ පාපොච්චාරණ ගනිං.

      Delete
    5. අදයි දැක්කෙ ඒක. පට්ට ඈ...

      පාපොච්චාරණ ගත්තත්, ඒකත් නිකම් මංම මටම ලියාගත්ත වගේ වෙනවනෙ. ඊට හොඳයි මංම මේක ලියනවා...

      Delete
    6. උඹ බ්ලොග දීහං රවියට. ඒ මොකද රවියා රන්දිල්ගෙ බ්ලොගේ ඉස්සරහ කාමරේ කුලියට ඉන්න එකා නිසා. මට බ්ලොග්ම හතරක් තියෙනවා බං ලියාගන්න වෙලාවක් නැතුව ඉන්නේ. ඒක නිසා සාධාරණ විදියට හිතුවොත් රවියටම තමයි මේක දෙන්න වටින්නේ.

      Delete
    7. රවියට බ්ලොග් එක දීලා රන්දිල්ට වෙලා තියෙන සන්තෑසිය දැක දැක මේකත් උන්දැටම දෙන්න? හොඳට හිටියි. ප්‍රසන්නයගෙ ලටපට වගේ වෙලා ගියත් රවියට නං දෙන්නෑ පුතෝ මේක. ඕන්නං ඩූඩ්ට දෙන්නං...

      Delete
  20. හූ ගාල උත්තර දීල තියනවනේ කට්ටිය. ශික් මේක කලින් දැක්කේ නෑ නේ..

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹත් හූ ගාලා උත්තර දාහං... තව ටික දවසයි තියෙන්නෙ...

      Delete
  21. 1)උට සෙම
    2)උට සීසන් එකක් තිබ්බා
    3)කූඹියා හිටියේ උගේ පාමුල නිසා
    4) කූඹියාගේ සෙරප්පු දෙක එළියේ තිබ්බ නිසා
    5)උටත් සෙම
    6)උට ලයිසන් නැති නිසා
    7)he was wearing protective gear
    8)අලියට ලේ දෙන්න
    9)Engagement ring එකෙන්

    ReplyDelete
    Replies
    1. තුනක් වැරදියි. එකක් බාගෙට හරි. වැරදුනේ මොන උත්තර තුනද කියලා කියන්න පුළුවන්නං වැල පුරෝපු ලැප්ටොප් එකක් දෙනවා. ඒකට ට්‍රයි කරලා බලහං, ගබා...

      Delete
    2. අඩේ අන්න සිරා කැරට් එක :) හිටහන් ටර්බෝ on කරලා හිතන්න ඕනේ දැන් ;)

      Delete
    3. ගබා ගෙ මොලේ ටර්බෝ එංජිමක් තියේයැ? එළ කොල්ලෙක්නෙ...

      Delete
  22. 1.අලියට හෙම්බා
    2.අලිය කොන්දොස්තර නිසා ටිකට් ඕනෙ නෑ.
    3.අලියා මුස්ලිම්
    4.කූබියාගෙ සෙරප්පු දෙකෙන්
    5.කූඹියගෙ ශෝට් එක අලියන් ඇදන් නිසා
    6.අලියට ලයිසන් නෑ
    7.කූඹියා හෙල්මට් දාන් හිටිය නිසා
    8.අලියට ලේ දෙන්න ඇවිත්
    9.අයියෝ මේකට උත්තර දීල දින්නොත් තෑගි ගන්න බැරි නිසා මේ ප්‍රශ්නෙ අමතක කරමු..

    ReplyDelete
    Replies
    1. /අයියෝ මේකට උත්තර දීල දින්නොත් තෑගි ගන්න බැරි නිසා මේ ප්‍රශ්නෙ අමතක කරමු../

      ආඳා ගෑණු සතෙක් මං ඔය දැක්කමයි...

      ඔය ඉහළ ප්‍රශ්න අමතක කරලා, පුළුවන්නං කියමු බලන්න, ගල් ආඳා ගේ ගෑණුසතාට කියන නම මොකද්ද කියලා. ඒ ප්‍රශ්නෙට හරි උත්තරේ දෙන කෙනාට ඕනෙම දෙයක් ගන්න තෑගි වවුචරයක් දෙනවා, අපේ ගේ ගාව සිල්ලර කඩේ මුදලාලි නිකුත් කරපු.

      Delete
    2. 9) මගුල් මුද්ද.........


      ගල් ආඳාගෙ ගෑනු සතා ගෙ නම කිව්වොත් මොනාද දෙන්නේ?
      ගල් ආඳි..
      ගල් ආඳා පැටික්කි
      ගල් ආඳා බබී

      විද්‍යානුකූල නාමය
      ගල් ආඳා -Anguilliformes
      ඇන්ගුලිෆොර්මස්

      ගෑණු සතා ගෙ සයන්ටිෆික් නේම් එක ලෙස ඇන්ගුලිෆෝමසියා භාවිතා කල හැකි බව මින් තහවුරු කරමි. හිකිස්



      Delete
    3. 2. අලියාට සීසන් තිබුණ නිසා විදිහට වෙනස් විය යුතුයි කියලා යෝජනා කරනවා..

      Delete
    4. නිදහසේ,

      උත්තර දීම උදෙසා ඔබ දැක්වූ ඉමහත් උද්යෝගය විනිශ්චය මණ්ඩලයේ ඉතා අගය කිරීමට ලක් වන අතර, එම පිළීතුරු සියල්ල පිළිගතහැකි මට්ටමේ තිබුණත් වැරදි පිළීතුරු බව දන්වන්නේ ඉතා කණගාටුවෙනි (ඉහික්... ඉහික්...)

      නිවැරදි පිළිතුර වන්නේ “නිදහසේ නවාතැන“ යන්නයි. එහෙයින් ඔබට තෑග්ග අහිමි වන අතර, ඒක මටම හිමි වන බව සතුටින් දන්වමි.

      කුරුට්ටා,
      අනේ මේ වළපයයි ගොඩපයයි තියෙන මට මොන යෝජනාද මෙයා...?

      Delete
  23. ඒකාලේ සීදේවි පත්තරේ කියෙව්වා වගේ!ර්‍!!!

    මට මතක නෑ ඕයි ඒත් ආතල්!!!

    ජ ය වේවා !!

    ReplyDelete
    Replies
    1. සීදේවි පත්තරේ..මට නම් මතකයි ප්‍රශ්න පත්තරේ වගේ

      Delete
    2. සීදේවි කියන්නෙ කොමඩි පත්තරයක්යැ. මයෙ හිතේ විදානෙ මදාවියගෙ බ්ලොග් එකේ දාන්න ඕනෙ කමෙන්ට් එකක් මේකෙ දාල වගේ. වහාම ඉල්ලා අස්කරගං...!!!

      Delete
  24. උත්තර ටික දාපන්..
    පොඩි මෙන්ඩට මේ ප්‍රශ්න කියලා දිලා සදුගෙන් බැනුම් ඇහැව්වා බං..

    ReplyDelete
    Replies
    1. කමක් නෑ උඹ ගුටි කෑවෙ නෑනෙ... හෙේ හෙහ්...

      අර පත්තරය නං කියන්නෙ කන්ඩ දෙන ගෑණිගෙං ගුටියක් කෑවට කමක් නෑ කියලා.

      Delete

  25. 1.ඌ ගහ යට හිටපු නිසා(අරූ කඩල දුන්නෙ නෑනෙ)
    2.ඌ තමයි ඩ්‍රැයිවර්
    3.ඌ කුබියත් එක්ක චැට් එකේ
    4.-
    5.යටවෙයි කියලා බයේ
    6.6.අලියට ලැයිසන් නැතිනිසා
    7.

    ReplyDelete
    Replies
    1. මලියගෙ උත්තර වලිං එකක් හරි. පුළුවන්නං කියහං ඒ මොකද්ද කියලා...

      ඉස්තූතියි මචං මේ පැත්තෙ ආවට.

      Delete
    2. ඒක හරි නං ඇංගුලිෆෝමසියාට තෑග්ග ලැබෙයි...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි