Posts

Showing posts from April, 2015

ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

ආරස්සාවට බුද්ධ දර්ශනය... 2015 වෙසක් කළාපය

Image
බෞද්ධයන්ගේ ආරක්ෂාවට යැයි කියමින් උදේ හවස රේඩියෝ චැනල් කීපයක ප්‍රචාරය කරන සූත්‍ර කීපයක් අතරින්, ධජග්ග සූත්‍රය මේ පාර වෙසක් කළාපයේ පළවෙනි ලිපියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍රය අඩංගු වෙන්නේ, සූත්‍ර පිටකයේ, සංයුක්ත නිකායේ, සගාථා වර්ගයේ, සක්ක සංයුක්තයේ, සුවීර වර්ගයේ, තුන්වෙනි සූත්‍රය හැටියටයි.

බුදුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයා පූජා කළ ජේතවනාරාමයේ වැඩ සිටින කාලයක, භික්ෂූන් වහන්සේට මෙසේ දේශනා කළ සේක:
සුරයන් සහ අසුරයන් අතර යුද්ධයක් පැවතුණු කාලයක දී, ශක්‍ර දෙවියන්, තව්තිසාවේ අනෙක් දෙවියන් අමතා, මෙසේ කීවා,
"යුද්ධයේදී ඔබ කිසිවෙකුට බියක් ඇති වුනොත්, මාගේ (රථයේ ඇති) කොඩියේ අග බලන්න. (සමහර විට එයින් අදහස් කෙරුණේ, එතකොට, ශක්‍ර දෙවියනුත් අනෙක් දෙවියන් සමඟ යුධ පිටියේ ම සිටින බව දැකලා, දෙවියන් ධෛර්යවත් වීම වෙන්න පුළුවන්.) මාගේ කොඩියේ අග දුටු විට ඔබට ඇති වන බිය, තැති ගැන්ම හෝ ලොමුදැහැ ගැන්ම පහ වෙනු ඇති.
මගේ කොඩියේ අග නෙපෙනේ නම්, ප්‍රජාපතී දෙව්රජගේ කොඩියේ අග දෙස බලන්න. එයත් නොපෙනේ නම්, වරුණ දෙව් රජගේ කොඩියේ අග බලන්න. එයත් නොපෙනේ නම් ඊසාන දෙව් රජගේ කොඩියේ අග දෙස බලන්න. එම කොඩි ද…

බාප්පගෙ කතන්දර - අංක 2

Image
බාප්පා තමන්ගෙ දුවයි පුතයි නින්දට යනකන් කියපු කතන්දරයක් මීට කලින් පෝස්ටුවකින් කියෙව්වා මතක ඇති. අද ඒ කතන්දරයේ ඉතිරි කොටස...

කොක්කු දෙන්නට ටැංකිව් කියන්න ගිහිං ඉබ්බා කෝට්ට අත ඇරිලා බිමට වැටුණා. බිමට වැටිච්ච පාරට උගෙ කකුලක් ඇමැට්ටි උනා. ඒකට බෙහෙත් ගන්න ඌ වෙදමහත්තයා ගාවට ගියා. වෙදමහත්තයා එයාගෙ ගෝලයො වෙච්ච ගිරව් දෙන්නෙකුට කිව්වා ඉබි කකුලට බෙහෙත් කරන්න කෝඳුරු තෙල් හොයාගෙන එන්න කියලා.
ඉබ්බට බෙහෙත් හොයන්න ගිරව් දෙන්නා දෙපැත්තකට පියාඹලා ගියා. එක ගිරවෙක් තාපසයො වගයක් ඉන්න හරියකට ගිහිං බොහොම ධාර්මික විදිහට හැදුනා. අනිත් ගිරවා ගියෙ කැලේ හොරු හතර දෙනෙක් ගාවට. ඒ ගිරවා මහ දාමරික විදිහට හැදුනා.
ඒ හොරු රැළ දවසක් හොරකමේ යද්දි වෙල් යායක් මැද්දෙන්, ඒ වෙලේ ගොයම් කකා හිටපු අලියෙක් දැක්කා. හොරු හතර දෙනා ඒ අලියගෙ වලිගෙ එල්ලුනා දිවිය ලෝකෙ යන්න හිතාගෙන. ඒ වුනාට අලියා උන්ට පයිං ගහලා කැලේට දිව්වා.
අලියා දුවනකොට, හම්බවුනා අර ඉබ්බට පැරදිච්ච හාවා. ඒ හාවට හම්බවුනා ලබු ඇට දෙකක්. ඌ ඒ ලබු ඇට දෙක අරං යද්දි අත් වල කොහොල්ලෑ ගාගත්ත නරියෙක් මුණ ගැහුණා. හාවා ඌට හමුබවුනු ලබු ඇට දෙකෙන් එකක් නරියට දුන්නා.
දෙන්නම ඒ ලබු ඇට ගෙනෙහිං හ…

19 වන සංශෝධනය - තේරෙන සිංහලෙන්... ඉතිරි කොටස

Image
මුල් කොටස මෙන්න මෙතන පළ වුනා. මේ දෙවන කොටස...

29 වන වගන්තිය

අධිකරණයේ ස්වාධීනත්වය යටතේ, අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරු වරුන් පත්කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව, ජනාධිපතිවරයා තම අත්සන යටතේ වූ අධිකාර පත්‍රයකින් බව
(කලින් මේකියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය අවශ්‍ය බවක් තිබුණෙ නෑ.)

30 වන වගන්තිය

අගවිනිසුරු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් හෝ අභියාචනාධිකරණයේ සභාපති හෝ විනිසුරු වරයන්, රෝගාතුර වීම, විදේශගත වීම හෝ වෙනත් හේතුවක් නිසා ධූරයේ කටයුතු කිරීමට තාවකාලිකව නොහැකි විට වැඩබැලීමට පත් කළ හැක්කේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය යටතේ බව.
(කලින් මේකියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය අවශ්‍ය බවක් තිබුණෙ නෑ.)

31 වන වගන්තිය

අධිකරණ සේවා කොමිෂන් සභා‍ව ගැන තියෙන විධිවිධාන වෙනස් කර තියෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සංයුතිය - අගවිනිසුරු සහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති පත් කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු වරයන් දෙදෙනා වන බව

(කලින් මේකියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය අවශ්‍ය බවක් තිබුණෙත…

19 වන සංශෝධනය - තේරෙන සිංහලෙන්... 01 කොටස

Image
මට හිතෙන විදිහට, රාජ්‍ය පාලනයේ ඇති ගෞරවණීය බව රැක ගැනීමට හෝ, කිව යුතු දේ ඉතාම නිවැරදිව සහ වෙනත් අර්ථ නොලැබෙන ආකාරයට කීමට, පරිපාලනය ගැන තියෙන හැම ලේඛනයක්ම ලියවෙන්නෙ සාමාන්‍ය කියවන්නාට තේරුම් ගැනීමට ආයාසකර භාෂාවකින්. ඒ නිසා, මේ දවස් වල වැඩියෙන්ම කතාවෙන 19 වන සංශෝධන කෙටුම්පත, මට තේරෙන භාෂ‍ාවෙන් විස්තර කරන්නයි මේ වෑයම් කරන්නෙ.


1 වගන්තිය:
මුලින්ම මේ සංශෝධනයේ 3 සිට 9 දක්වා,11, 17, 19 සිට 23 දක්වා, 33 සිට 38 දක්වා වගන්ති 2015.04.22 දින සිට බලාත්මක වෙන බවත්,11 වගන්ති‍යෙන් ඇතුළත් කරන 46 (1) අනු ව්‍යවස්ථාව, මේ සංශෝධනය ක්‍රියාත්මක වන දිනෙන් පස්සෙ එළඹෙන මහ මැතිවරණයෙන් පසු බලාත්මක වෙන බවත්, අනික් වගන්ති මේ පණත සම්මත වෙන දින සිට බලාත්මක වෙන බවත් දැක්වෙනවා. (ඒකෙන් පොඩි ඉඟියක් ලැබෙනවා, අප්‍රේල් 22 න් පස්සෙ මහමැතිවරණයකට යන්න අදහස ස්ථිරවම තියෙන බව. කියවන්නන්ගේ පහසුව සඳහා මම ඉහත කියපු වගන්ති ටික විස්තර කරද්දි ඉහත පරිදි අකුරු වලට පාට යොදන්න අදහස් කරනවා.)

2 වගන්තිය:
මූලික අයිතිවාසිකම් ගැන විස්තර කරන කොටසට මෙන්න මෙහෙම වගන්තියක් ඇතුළත් කරනවා. (දැනට ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙන මූලික අයිතිවාසිකම් වලට අමතරව.)