Thursday, May 5, 2016

හොඳම කම්මැලියා - කැකිල්ලේ කතා...

http://static.fjcdn.com/pictures/King_8b19de_327898.jpg

ඕං දවසක්දා රාජ භෝජන වළඳලා එහෙම, විටක් හප හපා හිටපු කැකිල්ලෙ සජ්ජුරුවන්ට මරු අයිඩියා එකක් පහළ උනා. සජවරුන්ට මරු මරු අයිඩියා පහළ වෙනව තමා ඉතිං කාලෙං කාලෙට.

"රටේ ඉන්න හොඳම කම්මැළිය තෝරල ඌට සම්මානෙයක් දෙන්ඩ ඕනෙ" ඒක තමා කැකිල්ලෙ රජ්ජුරුවන්ට ආපු අදහස. ඉතිං පහුවදා ම රාජසභාවෙදි ආ‍ඥාවක් නිකුත් කළා.

ඒ අණට අනුව රාජපුරුෂයො, පස්ස කැඩිච්ච කඩි වගේ, ටාගට් කවර් කරන්ඩ බැරිවෙච්ච පොලිස් රාළහාමිල වගේ රට පුරා ඇවිදින්ඩ ගත්ත.

ඔහොම ගොඩකවෙල පැත්තට ගියපු රාජපුරුෂයො දෙන්නෙක් දැක්ක දවසක් පාර ට කිට්ටුව තිබ්බ වෙරළු ගහක් යට දෙන්නෙක් ඉඳගෙන ඉන්නව, වෙරළු ගහට පිට දීල. එකෙක්ගෙ කම්මුලේ ගහෙං වැටිච්ච වෙරළු ගෙඩියකුත් රැඳිල තිබුණ. ඌ දිව දික්කරල ඒක කටට දාගන්ඩ මාර ගේමක් දෙනව. ඒත් දිව දිග මදි.

මුං දෙන්න දැකපු රාජපුරුෂයො දෙන්න, අර බෝම්බ තුන හොයාගත්ත කොස්සො දෙන්න වගේ එතෙන්ට දුවගෙන ගියා.

(ඔහෙල දන්නවද බෝම්බ තුනේ උපකතාව?

ඕං මෙහෙමයි. 

දවසක් බෝම්බ තුනකට පොලිස් කොස්තාපල්ල දෙන්නෙක් කොස්තාපල්ල දෙන්නෙක්ට බෝම්බ තුනක් හම්බුණා කාණුවක තිබිල. උං මාර ආසාවෙං ඔන්න ඒකත් අරං යනව පොලිසියට.

යද්දි එක කොස්සෙක් ඉදළගෙං අනික් කොස්සගෙං අහනව,

"ඒ බං පත්තරෙය, මාර වැඩේ. දැං මේ බෝම්බෙයක් පිපිරුවොත් එහෙම අපි මොකද කරන්නෙ?"

"වෙන මොනව කරන්ඩද මෙන්ඩො?" අරූ කියනවලු... "අපි ඕඅයිසීට කියමු දෙකයි තිබ්බෙ කියල...")

ඉතිං අර වෙරළු කම්මැලියො දෙන්න ගාවට ගියපු රාජපුරුෂයො දෙන්නගෙං එකෙක් අහනව,

"ඒයි! බොලා‍ දෙන්න මොකද කරන්නෙ?"

"ඒකට උත්තරදෙන්ඩ නං බැරියැ..." අර කම්මුලේවෙරළු ගෙඩියක් තියෙන බුවා කිව්ව ඇස් අරින්නෙවත් නැතුව. "ඊට කලිං මෙන්න මේ වෙරළු ගෙඩිය මගෙ කටෙං තියනවකො උන්නැහැ..."

රාජපුරුෂයට මළපැනල, "තෝ වගේ කම්මැලියෙක්...!" කියල අරූට පයිං එකකුත් ඇන්න.

ඒ පයිං පාරෙ සද්දෙට අනික කියනව,

"හොඳ වැඩේ. ඕකට තව දෙකතුනක් අයින්ඩයි තියෙන්නෙ, ඔය කම්මැළීකම යන්ඩ. උන්නැහැට කියන්ඩ, පෙරේද බල්ලෙක් ඇවිත් මයෙ මූණ ලෙවකනව. ඉවසන්ඩම බැරි තැන, මං මූට කිව්ව මේ බල්ල එළවපං කියල. කොහෙද? මූ ගාණකටවත් ගත්තෙ නෑනෙ. පස්සෙ බල්ල මගෙ ඇඟට හුජ්ජත් කරල පස්ස ගාත් දෙකෙං බිම පහුරු ගාල පසුත් විසික්කරල ගියා යන්ඩ."

මේ නං රියල් බුලට් දෙකක් කියල දැනගත්ත රාජපුරුෂයො දෙන්න, මුං දෙන්නවත් කුදලගෙන සජ්ජුරුවො ගාවට අරං ගියා.

යනකොට රට වටෙම්ම අල්ලගත්ත කම්මැළීයො සීයක් විතර රජමාළිගාවෙ මිදුලෙ...

"මට ඕනෙ ලොකුම කම්මැළිය." කැකිල්ලෙ රජ්ජුරුවො කිව්ව. මේ මිනිස්සු අතරිං ලොකුම කම්මැළියව මට තෝරල දෙනවල"

ඇමතිවරු කල්පනා කරන්ඩ ගත්ත කොහොමද බොලේ කම්මැලිකම ටෙස් කරන්නෙ කියල. එ් අතරෙ රාජපුරුෂයො ටික වෙරළු කම්මැලියො දෙන්නව රජාට පෙන්නල කියනව,

"මුං දෙන්න තමා රජතුමෝ අපි දැකපු ලොකුම කම්මැලියො දෙන්න. මුං හදිසියකට අතක්කත් උස්සන්ඩ කම්මැලියි." කියල

"මට දෙන්නෙක්ගෙං වැඩක් නෑ. මුං දෙන්නගෙං ලොකුම එකා හොයල දෙනවලා..."

"රජා තමයි බොලේ බැලින්නං ලොකුම කම්මැලිය" එක රාජපුරුසයෙක් තව එකෙක්ගෙ කණට කොඳුරල කිව්ව. "දැං අපිද මූට හොයල දෙන්ඩ ඕනෙ ලොකුම එකා?"

"දෙමුද ලොක්කට මූණ බලන කණ්නාඩියක්?" තව එකා, එක රාජපුරුසයගෙ කණට ආපහු කෙඳිරුවා.

ඔය අතරෙ රජවාසල කවටය දුන්න හොඳ අයිඩියා එකක්...

ඒ අනුව ටක් ගාල රජ වාසල මිදු‍ල‍ෙ පිදුරු වලිං ඇටෙව්ව පැල්පතක්. ඒකෙ පැදුරු දෙකක් දාල, අර වෙරළු කම්මැලියො දෙන්න නිදිකෙරෙව්ව. "අපි මේ කොහෙද එක්කරං යන්නෙ, මොකද මේ අපිට කරන්ඩ යන්නෙ..." වගේ මෝඩ ප්‍රශ්න අහන්නැතුව අරුං දෙන්නත් පැදුරෙ දාපු ගමං ගොරෝ ගොරෝ නිදාගන්ඩ ගත්ත.

රාජපුරුසයො සෙට් එකක් වතුර බාල්දි, වැලිබාල්දි, විල්බැරැක්ක, යුද්ධටැංකි, බුලත් හෙප්පු වලිං සන්නද්ධ කරල ස්ටෑන්ඩ්බයි තියල, අර පැල්පතට ගිණි තිබ්බ.

ගින්න ඇවිලීගෙන එද්දි එක කම්මැලියෙක් ඇහැක් යාන්තමිං ඇරල බලල, අනිකට කියනව,

"මචං ටිකක් රස්නෙයි වගේ බං. කොහෙං හරි එළියකුත් වැටෙනව. පොඩ්ඩක් බලහංකො මොකද වෙන්නෙ කියල..."

"අනේ පළයං බං යන්ඩ." අනික කියනව. "ඔහෙ ඕනෙ එකක් වෙච්චදෙං මං නං ඇහැක් ඇරල බලන්නෑ" කියල ඌ අනික් පැත්ත හැරිල හොඳට බුදියෑව.

ආං ඌ තමයි ලොකුම කම්මැලිය කියල තෝරගත්ත කැකිල්ලෙ රජ්ජුරුවො, ඌට ගෙයක්, හැම ආවතේවයක්ම කරන්ඩ සේවකයො. සනීපෙට බුදියගන්ඩ ඇඳක්හෙපන්ඩ මහන්සි නොවී ලේසියෙං ගිළින්ඩ පුළුවං කෑම... ආදිය මැරෙනකං සප්ලයි කරන්ඩ රාජාඥාවක් පැනෙව්ව.

මේ කතාව රට පුරා ප්‍රසිද්ධ උනාට පස්සෙ රටේ කම්මැලියො සූ ගාල වැඩිවෙන්ඩ ගත්ත...

http://www.generalcomics.com/funny-directory/10/1007-funny-cartoon.jpg

---------------------------------------------

මෙතෙක් කතාව සහ පාඨකයන්ගෙං කරන විශේෂ ඉල්ලීම...

ගොඩ දවසකින් හරිහමං විදිහට බ්ලොග් අවකාශයට එන්න බැරි වුනා. අපේ කන්තෝරුවෙ ප්‍රොක්සි සර්වර් එක මැරිලලු. ඉතිං,

අනේ ඉන්ටනෙට් නෑ...
ඉන්ටනෙට් නෑ...
ඊ්මේල් නෑ...
‍බ්ලොග් නෑ...
අපිත් නෑ...

බැරිම තැන පරණ ඩොංගල් එක හොයල අරං, මකුළුදැල් කඩල, අන්ලොක් කරල, සිම් එකක් දාගෙන රිලෝඩ් එකකුත් දාගත්ත. කොම්පියුටරේට ගහල සයිට් දෙක තුනකට යනකොට ‍ඩේට ඉවරලු. හවස කම්පියුටරේ ෂට්ඩවුන් කරනකොට, මෙන්න බොලේ මැසේජ් එකක් එනව, වින්ඩෝස් අප්ඩේට් කරගත්තලු, ප්ලග් එක ඕෆ් කරන්ඩ එපාලු. (මේ යකා, මගෙ ඩේට ටිකෙං උගෙ ජනේලේ අප්ඩේට් කොරගෙන.)

කොහොම හරි ඕං, අද තමයි හරිහමං විදිහට බ්ලොග් අවකාශයට ගොඩවදින්ඩ ලැබුණෙ. ඉතිං මට හිතුණා මේ අල්ලපනල්ලෙ "ඓතිහාසික පුද්ගලයන් ගේ අභිලේඛන" කියල කැටගරියක් පටං අරං, අපි කියවල තියෙන ඉතිහාසගත පුද්ගලයන්, අපට කියවගන්න පුළුවන් වෙන්න ලියවලා තියෙන දේවල් ගැන මහා හරබර, භූගර්භ සාරගර්භ, පොඩි ළමයින්ගෙ දැනුම දියුණු වෙන, වැඩිහිටියන්ගෙ දැනුම මුවහත් වෙන ලිපි පෙලක් ලියන්න. හිතුව විතරක් නෙමෙයි, ඉන්ටනෙට් නැතුව ලකා ගහං හිටපු ටිකේ පළවෙනි ලිපිය ලියලත් ඉවර කළා.

අපි දෙබළකට නැග්ගොත් ඒකෙත් ගිරවෙක් ය කියල කතාවක් තියෙනවනෙ. මීට බොහොම කාලෙකට කලිං එක්තරා සයිට් එකක් තිබුණ, (මට මතක හැටියට රාජකීය ආසියාතික සංගමේ සයිට් එක) ඒකෙ සෙල් ලිපි වල නම්බර් එක දුන්නම, සෙල්ලිපියෙ ස්පර්ෂ පිටපතේ බොහොම පොඩි පින්තූරයක් පෙන්නව. මං උන්නෙ ඒ පින්තූරත් එක්කම බොහොම පොහොසත් ලිපි ටිකක් ලියන්න. දෙබළෙ උන්න ගිරව තමයි, ඒ පේජ් එක දැන් වැඩ කරන්නෑ.

ඉතිං මේ ලිපිය කියවන හුදී ජනයාගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටින්නෙ, මට පුළුවන්නං Inscriptions of Ceylon පොත් ටික හොයල දෙන්න සතියකට මං මොනවත්ම හාණියක් නොකර තිබුණ වගේම හොඳට පොත් ටික ආපහු භාර දෙන්න පොරොන්දු වෙනව. දෙන්න බෑම කියල හිතෙනවනං ...(අර
පුස්තකම් ඩීවීඩී රත්නම් - පරහස්ත ගතෝ ගතම්
කියල සෘෂි භාෂිතයක් තියෙන්නෙ)
එහෙම හිතෙනවනං, මං ලබාදෙන ප්ලේට් නම්බර් ටිකට අනුව, ප්ලේට් ටික ස්කෑන් කරල එවන්න පුළුවන්නං ඒකත් මට ඇති.

කවුරුන් හෝ පිං කරන නෝනා කෙනෙක් මහත්තැං කෙනෙක් ඉන්නවනං මට මේල් එකක් දාන්ඩය.
drackey@gmail.com මගෙ මේල් ඇඩ්‍රස් එක.

95 comments:

  1. කව්රු හරි මේ කමෙනට් එකට පබිලිස් බටන් එක එබුව නං..

    ReplyDelete
    Replies
    1. මා ළග පබිලිස් බටන් එකක් නං නෑ. ඕන්නං ඩිලීට් බටන් එක ප්‍රෙස් කොරන්නං...

      Delete
  2. අර ගහට පිට දීල හිටපු උං දෙන්නගෙං එකෙක්ගෙ කම්මුලේ වෙරළු ගෙඩියක් රැදුණෙ කෝමද කියලයි මං මේ කම්පනා කොලේ..
    ග්‍රැවිටි පොබ්බම් වෙන්ටැ.. හිහි...
    මරු කතාව හැබැයි.. ඔය දේශ ගැනයි දෙමළ නයන්න ගැනයි වෙන්නැ.
    රජ්ජුරුවො නං ඩ්‍රැකා නෙව
    හිහි

    ReplyDelete
    Replies
    1. ග්‍රැවිටි නෙමේ. ඌ වෙරළු ගහට පිටදීල සීරුවෙං ඉන්නෙ නෑනෙ. කණ සාක්කුවෙ දාගෙන නිදාගෙන. එතකොටයි වෙරළු ගෙඩිය කම්මුලේ රැඳෙන්නෙ...

      රජා ප්‍රසා, කම්මැළීයො දෙන්න ටෙක් සයුරයි දූෂකයයි...

      Delete
  3. මං බැලුව ඩ්‍රැකී මහත්තැං කොහෙ ගිහින්ද කියල. කාලෙකින් ඈ... ඩ්‍රැකී අර කම්මැලි තරඟෙ සීසන් 2 තියෙනවනං බ්ලොගෙන් මගෙ ඉංපෝමේසං අරන් ඇප්පිකේසං එකක් දාන්ට හොඳේ. ලකුණු දාගන්ට refree's info ඕනෙනං මං අපෙ අම්මගෙයි, වෙන්ඩ මහත්තැංගෙයි ඇඩ්‍රොස් එවන්නං.(ෆෝන් නොම්බර බෑනෙ, වැට් නෙ.)

    ReplyDelete
    Replies
    1. /(ෆෝන් නොම්බර බෑනෙ, වැට් නෙ.)/
      ඒකනෙ...

      අර “කම්මැලි සීසන් ටූ“ තියන්ඩ අදහස් කරගෙන ඉන්නව. සංවිධායක මණ්ඩලේ තාම රැස්උනේ නෑ කම්මැළී කමට... තියෙන වෙලාවක මට පුළුවං කමක් තිබ්බොත් කාට හරි කියන්නං ඔයාට කියන්ඩෙයි කියල...

      Delete
  4. කමෙන්ට් කරන්න කම්මැලියිවගේ

    ReplyDelete
    Replies
    1. @ ප්‍රා, දැන් තර‍ඟෙ ඉවරයි.
      අනික දැන් කැකිල්ලේලා හිටියට උන්, හොඳම උන් ‍තෝරන තරඟ නැහැ..

      අපි තමා හොඳම කැකිල්ලේලා ටික ‍තෝරලා යවන්නේ ...

      Delete
    2. ප්‍රා,
      මටත් මටත්... රිප්ලයි කරන්ඩ...

      සඳරු,
      කටඇරහං, මසුරමක් දාන්ඩ... පුංචි කැකිල්ලෙලා තෝරන තරඟෙ කල් ගියා.

      Delete
  5. මගෙ ළඟ නං නෑ බං.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ... අවුලක් නෑ...

      Delete
  6. මගෙ ළගත් නැහැ.................

    ReplyDelete
  7. ගනින්කෝ බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක් ගෙදරට. කම්මැලියා !

    ReplyDelete
    Replies
    1. ගෙදරදි ඔව්ව කරන්ඩ වෙලාවක් නෑ බොස්. පාන්දර හතරෙ ඉඳං රෑ නවය දහය වෙනතුරු කරන්ඩ වැඩ තියෙනව. පොඩි එකෙක් ඉන්නකොට ඉතිං තියෙන රාජකාරි දන්නව ඇතිනෙ?

      (අරක “කම්මැලියා“ නෙවෙයි, “කුම්මැහියා“ ලෙස වෙනස් විය යුතුයි මයෙ හිතේ?)

      Delete
  8. කලකට පසු ඩ්‍රැකී අවදිවී ඇත.

    ReplyDelete
  9. හා හොඳ වැඩේ. දැන් තේරෙනවා නේද මොබයිල් ඩේටා වලින් නෙට් එන එක කොච්චර අමාරුද කියල? අපිත් විටින් විට අන්තරස්දාන වෙන්නේ ඇයි කියල තේරෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩේ කිව්ව නේ? ඉඳපිය...!!!

      Delete
  10. මට මේක කිව්වෙ අ** නං නෙමෙයි.. ඩ්‍රැකියා ඇතුගල්පුර ආපු වෙලාවකත් නෙමෙයි ලු උනේ..
    ඔන්න කට්ටිය මේසයක් වටේ වාඩි වෙලා යමක් කොරන්න පට්ටාංගන්නකොටම් ඩ්‍රැකියා ඇඹරෙනවලු... කෙඳිරි ගානවාලු.. ඇස් දෙකෙන් කඳුළු කැට වැටෙනවාලු සට සට ගාලා.. කාස්ටියම අහනවාලු 'මොඛොධ භං...? මොඛොධ භං...?' කියලා... මූ උත්තර දෙන්නෙත් නැතුං වීදුරු පුරෝලා තියෙන ජාති කටේ හලා ගන්නවාලු..
    පස්සෙ හමුදා බලයතියෙන කෙනෙක් බුද්ධි අංශ භාවිතා කොරලා බලනකොට ඩ්‍රැකියා තමුන්ගෙම කුට්ටම උඩ වාඩි වෙලාලු හදිස්සියට.. මුට නැගිටලා ඕක ඇජස් කොරන්න තියෙන කම්මැලි කමට ඇඹරි ඇඹරි ඉන්නවාලු.. 'ලු' හොඳේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉතිං හමුදා බලය තියෙන අංකල් පස්සෙ ඕක මූට ඇජස් කරල දෙන්න ගියා කියන කෑල්ල හැලිලද?

      Delete
    2. ගස්,
      ඕක ඔය මගෙ නම දාල කිව්වට, උනේ කාටද කියල ගමම දනී. අන්තිමේ කුට්ටම කොර වෙච්ච පාර වෙඩින් එකෙත් උන්නෙ හැරමිට්ටෙං. පස්සෙ තමා මනමාලි දැනගත්තෙ සීන් එක. උන්දැ කළකිරිල කොළඹ ගියා නේද, උඹ දාලා?

      මට කිව්වෙ කැමා නං නෙමෙයි ම නෙමෙයි...

      ප්‍රසා,
      දුප් කිව්ව...!!! වෙරෙල්ල.

      Delete
  11. මම නම් ආසම කම්මැලියා තමයි.... වැඩේ කරන්න කම්මැලි කමේ, ඇඳ හෙලවෙන්න භූමිකම්පාවක් එනකන් බලාගෙන හිටපු පොර...

    ReplyDelete
    Replies
    1. ඒ... එහෙම කතාවක් තියෙනවද? මං අහල නෑනෙ.

      Delete
  12. මේක කියවන්න කම්මැලියි බං
    අර ගනේමුල්ල පැත්තේ ඉන්නේ කම්මැලි පප්පෙක්. ඕකා අවුරුදු ගානකින් නාලත් නෑ කම්මැලි කමට

    ReplyDelete
    Replies
    1. නාල නෑ කියන්නෙ, ළඟදි ඌ වැස්සට තෙමිල, කුණු තට්ටුව ටිකක් හේදුනාම පරණ ඇඳපු ෂර්ට් එකක් මතු උනාලු...

      Delete
  13. සිතූත් ඔය කම්මැලිකමට නම් දරාපු කෙනෙක් තමයි...

    ඔය පොත ගැන නම් දන්නෙ නෑ.. උදව් ලැබෙයි කියල ප්‍රාර්ථනා කොරනවා...

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ටැංකිව්...

      අපි ඔක්කොම යම් තාක් දුරට කම්මැලිකම ප්‍රැක්ටිස් කරපු අය තමා.

      Delete
  14. ඒ කාලෙනෙ ඉන්ඩ තිබ්බෙ ,අන්න රජවරු ... :)

    ReplyDelete
    Replies
    1. අන්න කසුන්ට තේරුණා...

      Delete
  15. මටත් මාර කම්මැලියි.මම යනවා....

    ReplyDelete
    Replies
    1. යන්ඩෙපා බං. ඉඳහං තේටිකක් බීල යන්ඩ...

      Delete
  16. අර පොත් සැට් එක සල්ලි වලට ගන්න නෑ නේද කොහෙවත්. මම හිතන්නේ ඉඩමක් ගන්න සල්ලි යනවා ඒ පොත් සැට් එක විකුනන්න තියනවානම්.

    බලන්නට විතරක් දෙන ලයිබේරියකින් දිගතෙල් කැමරාවක් ගෙනහුන් පිචැර් ගහන්න බැරිවෙයිද?

    ReplyDelete
    Replies
    1. සල්ලි වලට ගන්න නැද්ද කියල දන්නෑ. අර වගේ ගාණක් යයි නං මට දැම්ම ගන්න හම්බෙන එකකුත් නෑ.

      ඔය කියන වැඩේ... මං දවසක් පබ්ලික් ලයිබීරියාවෙදි ෆෝන් එකෙං පොටෝ ගැහුව, how obelix fell into magic portion පොත. ඒ දැකපු දෙන්නෙක් මාව ඒකෙ හතරවෙනි තට්ටුවට එක්කරං ගියානෙ. මාව හොඳටෝම බයකරා. බයකරල ඉවර උනාට පස්සෙ මං ඇහුව, “ලෙන්ඩිං කෑල්ලෙං එකක් ගෙදර අරං ගිහිං පොටෝ ගැහුවොත් මොකද කරන්නෙ“ කියල.

      Delete
  17. ඔය ඩ්‍රැකි හොයන පොත් පුස්තකාලේ. ලේඛනාරක්ෂකයෙ හෙම නැද්ද

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ තියෙනව. කටුගෙයි තියෙනව කියලත් යාළුවෙක් කිව්ව. යන්ඩයි ඉන්නෙ. වැඩ බහුල කම තමා ප්‍රශ්නෙ. යාළුවෙක්ගෙං ඉල්ලගෙන ගෙදර ගෙනිච්චනං ලේසියි. දවසිං දෙකෙන් ස්කෑන් පාරක් ගහන්න තිබ්බ ඔක්කොම.

      කොහොම හරි මට ඔය පොත් හම්බුනොත් ස්කෑන් කරල ඔන්ලයින් ෂෙයාකරනව. මොකද මේ පොත් හරිම දුර්ලභ වෙලා තියෙන්නෙ.

      Delete
    2. ඔය පොතක් ගෙන්න ගන්න ඩොලර් සීයක් විතර යනවා මගේ හිතේ. මේ ලින්ක් එකට යන්න.

      ඔය ගැන ලියවෙන සහ සෙල්ලිපිවල පින්තූර තියෙන සිංහල බ්ලොගක් මම දැක්කා කොහෙ හරි. මතකෙට එන්නෙ නැහැ.

      Delete
    3. මේ පේන විදිහට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගියානං කෙලිම්ම වැඩේ කරගන්ඩ තිබ්බ වගේ...

      අර ඔයා කියන සයිට් එකම වෙන්ඩැති මාත් කියන්නෙ. දැං ඒ සයිට් එකේ සෙල්ලිපි පේජ් එක වැඩකරන්නෑ.

      Delete
  18. 1.ප්‍රොක්සි සර්වරය මැරුනට කමක් නෑ ඩ්‍රැකියෝ. ප්‍රොක්සිය බයිපාස් කරල ඉන්ටනෙට් ගනිං.
    2.ෆේස්බුක් යන්න ඕනනං ප්‍රොක්සිත් දෙන්නං.
    3.කතාව මරු.
    4.ලෝකෙ හොඳම කම්මැලියා තෝරපු කතාව දන්නෙ නැද්ද?(නූතන එක)

    ReplyDelete
    Replies
    1. ටැංකිව් රාජ්. අර කිව්ව වැඩේ ඇඩ්ඩියට කියන්නං.

      අර නූතන කතාව මොකද්ද? මෙතන ලියන්න බැරිනං මේල් එකක් දානවද?

      Delete
    2. මං හිතුවෙ අහල ඇති කියල. ඔන්න ලෝකෙ හොඳම කම්මැලිය තෝරන්න ඕනවුනා. සුපුරුදු විදියට ඇමරිකාවෙ බුවා ආව.
      "මම කම්මැලිකමට එක දිගට සතියක් කෑම බීම නොගෙන නිදාගත්ත" ඊලඟට එංගලන්තෙ බුවා
      "මම එකදිගට මාසයක් වාඩිවෙලා හිටිය නැගිටින්න කම්මැලිකමට"

      අන්තිමට ලංකාවෙ බුවා,
      "මම එකදිගට පැය තුනක් අඬ අඬා ෆිල්ම් එකක් බැලුව" ජජ් බෝඩ් එකට අවුල්,

      "ඇයි ඒක එච්චර කම්මැලි සිද්ධියක් නෙවේ නේද?"

      "නෑ හලෝ, මම ෆිල්ම්හෝල් එකට ගිහිල්ල වාඩිවුනේම ඇටදෙක උඩ.... ඔහේල දන්නව ඇතිනෙ ඒකෙ අමාරුව.... ඒත් නැඟිටින්න කම්මැලි නිසා අඬ අඬ ෆිල්ම් එක බැලුව"

      බුවාට කප්එක දුන්නලු

      Delete
    3. ඒක මරු කතාව. මේ වගේ කමෙන්ට් වලට කතා ඇතුළත් කිරීම ගොඩක් හොඳ දෙයක්.

      මට කල්පනා උනේ, ලංකාවෙ ෆිල්ම් එකක් හෝල් එකට ගිහිං බැලුව නං අඬ අඬාම තමයි ඉන්ඩ ඇත්තෙ. මොකද, එව්ව හදන්නෙ බලන උං පට්ට මෝඩයො කියල හිතාගෙන නෙ.

      Delete
  19. රජ්ජුන්ටත් හිතෙන එව්ව...
    කම්මැලියෝ හොයන්න තෑගි දෙන්න මඩුවළිඟෙන් තලන්න සුදුවෑන් එවන්න

    ReplyDelete
    Replies
    1. මහඇමතියටත් ඔය වගේ දේවල් හිතුනොත් එහෙම මාධ්‍ය කාරයො විනාසයි.

      Delete
  20. ආ ගොඩ කාලෙකින් ඇවිත් තියෙන්නේ...

    කම්මැලිය තේරුවාට රජා තරම් කම්මැලියෙක් නෑ වගේ...
    කියවන්නම් කම්මැලි හිතුනෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ටැංකිව් නිර්මාණි.

      ඒ පැත්තෙ ගොඩවෙන්නවත් ලැබුන්නෑ පහුගිය ටිකේ...

      Delete
  21. ගොඩකවෙල පැත්තෙ හිටියනං, කිට්ටුව වෙරළු ගහකුත් තිබුණනං අනිව ඔය දේශකයයි තවත් එකෙකුයි තමයි. ඌ තමයි වෙරළු මල් ඩ්‍රින්ක් බොන්නෙ.

    මොනවද බං ඔය පොත්වල තියෙන්නෙ. අවුල් නොවී පවුල් කන හැටිද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියා ඇත්තට මේ පැත්තට එහෙම උන් දෙන්නෙක් ආවද? හොයල කියන්ඩකෝ... මට කම්මැලියි බං... හැක්

      Delete
    2. ප්‍රසෝ,
      මොකද්ද ඒ වෙරළු මල් සීන් එක? මං අහල තියෙනව කීප සැරයක්....

      අර පොත් වල තියෙන්නෙ බං, උඹේ බිස්නස් එක අවුරුදු දෙදාහකට විතර ඉස්සර කරපු හැටි ගැන...

      ටෙක් සයුරො,
      බොට මං වෙරළු ගෙඩියක් කටට දාන්ඩද?

      Delete
  22. මම කලින් වැඩ කරපු ඔෆිස් එකේ හිටියා බැසිල් කියලා පොරක්. අපි දාහත් වෙනිදා ට්‍රිප් එකක් යනවා කියලා පළවෙනිදා විතර කිවුවා. මිනිහා කියනවා ආ.... මට එදාට මළ ගෙදරක් තියෙනවා කියලා. ඔය පොර ශෝක්මන් කියලා තවත් අපේ ඔෆිස් එකේ පොරක් එක්කම බස් එකේ එන්නේ. ශෝක්මන් උසයි. මිනිහා බස් එකේ පොලු දෙකේ අත්දෙක හිර කරගෙන නිදා ගන්නවා හිටගෙන. බැසිල් පොරගේ ඇඟට හේත්තු වෙලා නිදා ගන්නවලු.

    ReplyDelete
    Replies
    1. දවස් දාසයකට පස්සෙ වෙන මළගෙයක් ඈ...? ඔහෙම සීන් එකක් තිබ්බ ජිම් කැරි ගෙ යස් මෑන් ෆිල්ම් එකේ.

      අර හතර රියං සහ දෙරියං නං සිරා පොරවල්. මාත් කෝච්චියෙදි හිටගෙන නිදාගන්නව. මං නං එච්චර උස නෑනෙ. එහෙම නිදාගන්න හොඳට ක්‍රවුඩ් වෙන්ඩ ඕනෙ කෝච්චිය.

      Delete
  23. හා දැතියො.
    මට මේව කියවන්නයි කොමෙන්ට් කරන්නයි කම්මැලියි බං. මං යනව.

    ReplyDelete
    Replies
    1. අඩෝ...! කම්මැලියා. අහසිම්ම පළ...! (ගිහිං ආයෙ වර)

      Delete
  24. ඈ ඒ කොහොමද වෙරළු ගෙඩියක් කම්මුලේ රැදිලා තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්නෙ මෙහෙමයි. ඔය යකා හැම වැඩටම කම්මැලි නිසා මූණ හෝදන්නත් කම්මැලියි අපේ මේ ඩ්‍රැකිය වගේ. ඉතිං හත් අවුරුද්දක් තිස්සෙ මූණෙ එකතු උන කබයි, හොටුයි කුණුයි තියෙන හින්ද වෙරළු ‍ගෙඩිය වැටිච්ච හැටිය ගොම්බෙට්ටක් උඩට වැටුන වගේ ඇතුල්ට ගිලිල කම්මුලේම රැඳිල තියෙනව. හැක්..

      Delete
    2. තුශානි,
      ඔය ප්‍රසා උගෙ අද්දැකීම කියන්නෙ.

      වෙරළු ගහ යට වාඩි වෙලා, බෙල්ල නමාගෙන කණ සාක්කුවෙ දාගත්තම, වෙරළු ගෙඩිය වැනේනෙ පොළොවට සමාන්තර මතුපිටකට.

      ප්‍රසෝ,
      ටෙක් සයුරා කිව්ව උඹ උදේට මූණ හෝදන හැටි.

      ඔන්න සබන් කෑල්ල හොඳට තෙමලා, සබන් පෙට්ටිය උඩිං තියනව. ඊට පස්සෙ වතුර බේසම හිමීට කකුල් දෙකට හළාගන්නව. ඊටපස්සෙ තුවාය අරං හොඳ උනන්දුවෙන් පිහදානව...
      (උපුටා ගැනීම - ටොම් සෝයර්)

      ඔලිවර් ට්විස්ට් අල්ලල ඇඟ හෝදවද්දි දිරපු පරණ ෂර්ට්, පරණ කළිසං එහෙම මතුවුණයි කියල තිබුණ වගේ මට මතකයි.

      Delete
  25. Eka thamyi dakke naththe, mama hithuve kammali vela kiyala.

    ReplyDelete
    Replies
    1. සිරාවටම නං, කම්මැලි උනා නෙමෙයි. වැඩ වැඩ...

      Delete
  26. කම්මැලිකාර යා

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මට කියවුනේ කම්මල්කාරය කියල.

      බොටත් ජයවේවා!

      Delete
  27. ගොඩකවෙල කම්මැලියො නෑ හරිද... දිගටම පහර ගැසුවොත් මාධ්‍ය නිදහස අයතා භාවිතා කිරීම යටතේ නඩු දානවා... (හි.. හී...)

    ReplyDelete
    Replies
    1. නඩු දවසට උසාවි එද්දිත් උඹෙ පස්සෙං අම්ම එයි නේද කිරි බෝතලෙයි නැපි ටිකයි අරං?

      Delete
  28. මටත් ලියන්න කම්මැලියි බං...
    මේ එක එක ^%&*^% පුතාල මගේ මේසේ වටේ කැරකෙන ගමන් මොනිටරෙටත් එබිලා යන නිසා ලියන්න මොකක්ද වගේ. ඒ මදිවට කම්මැලි කම...
    මේ ටික ලියා ගත්තෙත් හරි අමාරුවෙන්...

    ReplyDelete
    Replies
    1. අපෙත් බොසෙක් හිටිය මං මොකක් හරි ටයිප් කරද්දි, ඇවිත් උරිස්සට උඩිං එබිල බලං ඉන්නව මොනිටරේ දිහා. සමහර විට මං ලියන එව්ව හිමිහිට කියවනවත් එක්ක. ගොඩක්ම මං මොකක් හරි ආටිකල් එකක් ලියද්දි තමා මේක වෙන්නෙ. මං දවසක් නස්රුදින් තියරිය ක්‍රියාත්මක කළා.

      දවසක් නස්රුදින් ලියුමක් ලියද්දි, පොරක් ඇවිත් උරිස්සට උඩිං එබිල ලියුම කියවනවලු. නස්රුදින් කරපු වැඩේ ලියාගෙන යන ගමං ම ලියුමෙ ලිව්වලු, “මේ ලියුම ලියන මේ වෙලාවෙ, සිරිත් විරිත් නොදන්නා, අසමජ්ජාති අලුගුත්තේරුවෙක්, මගෙ උරිස්සට උඩිං එබීගෙන මේක කියවමින් සිටී“ කියල...

      Delete
  29. කියවන්න කම්මැලියි,කෙලින්ම කමෙන්ට් කරනවා ඔන්න.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ අඩු ගානෙ කමෙන්ට් කරන්ඩ කම්මැලි හිතුනෙ නෑනෙ...

      Delete
  30. හපෝ මේ තරම් කම්මැලි මිනිස්සු ඉන්නවද අප්පා..

    තව ටයිප් කරන්න මටත් කම්මැලි වගේ නේ.. :P :D

    ReplyDelete
    Replies
    1. අම්මෝ ගල් ආඳි දැක්ක කල්... කොහෙද චුත වෙලා හිටියෙ? ආයෙම ලියනවද?

      Delete
  31. හොඳයි කම්මැලි කමට කියවන්න. කම්මැලියෝ ගැන කථාවක්.

    ReplyDelete
    Replies
    1. මෙව්ව හොඳයි වැඩ නැතුවට කියවන්ඩ... නැද්ද?

      Delete
    2. අන්න ඒක රොන්ග් ටෝක් එකක් හරිද
      ඇයි කම්මැලි කමට කියවන දේවලුත් නැද්ද මං අහන්නේ...?

      Delete
    3. මොකෝ නැතුව? මෙව්ව තියෙන්නෙ ඒ වගෙ වෙලාවට කියවන්ඩ. ඒකයි මං කිව්වෙ.

      ඒක නෙමෙයි. අලුත් බ්ලොගට සුභපැතුම් ඈ...

      Delete
    4. සුභ පැතුමට අනේක වාරයක් ස්තුතියි. මගේ බ්ලොගයේ (තාම ඒක බ්ලොග් කාලක් විතර ඇති ) මංගල කමෙන්ට් එක පල කල ඩ්‍රැකී තුමාට ඒකටත් බොහෝම තුති.

      Delete
    5. මට මතක් උනේ මං පටං ගත්ත කාලෙ...

      Delete
  32. Replies
    1. සොරි වෙන්න ඕනේ,
      එකම කොමෙන්ට් එක දෙපාරක් වැටුනා ඒකයි එකක් මැකුවේ

      Delete
    2. ඒක සාමාන්‍ය දෙයක්. ඕකට කියන්නෙ කම්මල සින්ඩ්‍රෝම් කියල. ඕක මොකද්ද මං එක සැරයක් එකම පෝස්ටුව 32පාරක් පබ්ලිෂ් කළා...

      Delete
  33. පට්ට කතාවක් නේ බන්

    ReplyDelete
  34. කියවන්නත් කම්මැලියි ඕයි . . කොමෙන්ට් එක කොටන්නෙත් ආව කියල කියන්නම ඕන නිසා

    ReplyDelete
    Replies
    1. කම්මැලි නොවී ඕනමැන්ටල් බ්ලොගේ මොනව හරි ලියමු?

      Delete
  35. ආ... බ්ලොග් තාම තියනව නෙහ්... මාස ගානක් නින්ද ගියා ඕයි...

    ReplyDelete
    Replies
    1. ඇහැරුනාද? ආයි නිදා ගං. දොයි දොයි දොයි...

      Delete
  36. පොඩි මෙන්ඩ හැමදාම අහනවා උබ කතාවක් ලියලා නැද්ද කියලා? අද මේක කියලා දෙනවා

    ReplyDelete
    Replies
    1. උඹයි සිරයි හිංද තමා මං ජනකතා ලියන්නෙ බං...

      Delete
  37. අම්මපා බන් රජවරුන්ටත් හිතෙන දේවල්. ඒකාලෙ ඉදලම කම්මැලියන්ට තමා රජ අනුග්‍රහයත් ලැබිලා තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. කියල මොටද ඒ ගැන? තිළිණ ආයි නවදැලිහේනෙ වැඩ පටං ගත්ත එක හොඳයි ඈ...

      Delete
  38. මටනම් තවම හොඳම කම්මැලියා අර ඉඳගන්නකොටම අහවල් එකක් උඩ ඉන්දවිලා, නැගිටලා සීරුමාරු කරගන්න කම්මැලි හන්දා පැය තුනක් අඬ අඬ සිංහල ‍ෆිල්ම් එකක් බැලුවයි කියන පොර

    ReplyDelete
    Replies
    1. සිංහල ෆිල්ම් එකක් හෝල් එකේ බලන්න ගියානං, අඬන්න කුට්ටම උඩ වාඩි වෙන්නම ඕනෙ නෑ... මොකෝ, වැඩි හරිය සිංහල ෆිල්ම් හදන්නෙ එව්ව බලන උං බූරුවො කියල හිතාගෙන.

      Delete
  39. හොද කමෙන්ට් එකක් දාන්න ආවෙ ... මට බෑ කම්මැලියි බං ...!

    ReplyDelete
    Replies
    1. මටත් කම්මැලියි. රිප්ලයි කරන්ඩ මාස හයක් විතර ගියෙ ඒකයි...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි