Thursday, August 10, 2017

ඩ්‍රැකියා ගේ ඔපිස් කතා...

පාලුවටත් එක්ක වැඩිය හිතන් නැතුව ලියන්ඩ පුළුවං දෙයක් ගැන  ලියන්ඩ හිතුවා.

කලිං බොහොම උද්යෝගිමත්ව ලියපු කීප දෙනෙක් දැං ලියන් නැතුව ඉන්න බව දකින්ඩ ලැබුණා. අැත්තටම බොහොම කණගාටුදායක දෙයක් ඒ්ක නං... මොකද මාත් අැතුළුව බොහොම දෙනෙක් අඩු ගාන‍ෙ අකුරක් හරි උකහා ගත්තෙ ඔයගොල්ලං ලියපු බ්ලොග් වලිං...

https://s3.amazonaws.com/lowres.cartoonstock.com/
social-issues-social_service-budget_cut-government_
spending-unrealistic-targets-forn2560_low.jpg

ගොඩක් දෙනා දන්න හැටියට මං රජයේ සේවකය‍ෙක්... ඒ්ක සුද්දා අැති කරපු සේවයක් නිසා මං කැමතියි ඒ්කෙ ඉංගිරිස් නම ට. මොකද, ඉංගිරිසි නමේ හැටියට නං මං රජයේ සේවකයෙක් නෙමෙයි, "මහජන  සේවකයෙක්" (පබ්ලික් සර්වන්ට් කියන්නෙ මහජන සේවකයට)

මං අාණ්ඩුවෙ රස්සාවට ගියපු පළවෙනිම කන්තෝරුවට ටික කාලෙකිං මාරු වෙලා අාව ආරක්ෂක අමාත්‍යාංශෙ ඉඳං, තීෆ් චීෆ් එකවුන්ටන්ට් කෙනෙක්. උන්දැ ගැන නං කියන්ඩ කතා එමටයි. එකක් කියන්නං අෑ...

දවසක් ලිවුමක් අාව ජරාධිපති ජනාධිපති (මහින්ද රාජපක්ෂ හිටියෙ ඒ කාලෙ) එක්ක රැස්වීමකට එන්ඩය කියල අමාත්‍යාංශ ලේකම්ට... උන්නැහැ තනියම යන්ඩ අදි මදි කරල, තීෆ් චීෆ් එකවුන්ටන්ට් ටත් යං කිව්ව. ඉතිං උන්දැ ආපහු බ්‍රාන්ච් එකට ඇවිත්, ඩෙඟා නටන්ඩ ගත්ත, “ප්‍රසිඩන්ට් එක්ක මීටිං එකක්“ කියල... තියෙන තරං ෆයිල් ගෙන්නගෙන එව්ව ගැන ක්ලාක්ල ගෙං ප්‍රශ්න අහන්ඩයි... එව්වයෙ පිටු කොඩි කරන්ඩයි... පරණ වෙච්ච කැත ෆයිල් ආපහු හදන්ඩයි... කොහොම හරි සතියක් යනකං අපිට සාමාන්‍ය රාජකාරි කරන්ඩ හම්බුනේ නෑ...

ඉතිං කොහොම හරි ගිහිං ආවයි කියමුකො අර මීටිමට... ඊට පස්සෙ දවස් දෙකක් විතර යනකං අර මීටිමේ උජාරුව අහං ඉන්ඩ සිද්ධ උනා අපේ ඉහළ නිලධාරින්ට.

ඒ අතරෙ මෙහෙම කතාවක් පැතිරුණා...

තීෆ් එකවුන්ටන්ට් කිව්වලු අනික් එකවුන්ටන්ට්ල එක්ක දවල් කන ගමං...,

“මං ගියානෙ ප්‍රසිඩන්ට් එක්ක මීටින්ට එකකට... එතන හැම අමාත්‍යාංශෙකම ලේකම් වරු ඇවිත් හිටිය... සීයකට වැඩියි සෙනඟ. ඒ ඔක්කොම අතරිං මාව අඳුරගත්ත ප්‍රසිඩන්ට්... මං ඉඳගන්ඩත් කලිම්ම ප්‍රසිඩන්ට් මට අතදික්කරල, කෙලිම්ම මට කතා කළා...“

“අනේ ඇත්තද? ප්‍රසිඩන්ට් ඔයාට කතා කළා...? මොකද්ද කිව්වෙ ඉතිං...?“ එකවුන්ටන්ට් මැඩම් කෙනෙක් අහනව ඉතිං...

“කිව්වෙ ද? එතුමා කිව්ව... “විමලසේන, තෝ මෙතෙන්ටත් ආවද? ඩිෆෙන්ස් එකේ ඉද්දිත් මට කිසිම වැඩක් කරගන්ඩ දුන් නෑ තෝ... පලයන්ඩ මයෙ දෑහැට නොපෙනි...! පල ඉතිං කිව්වහම...!! පල යන්ඩ යකෝ...!!!“ කියල එතන තිබ්බ පේපර් වේට් එකෙං මට දමල ගැහුව...“

මං ඊළඟට ගියපු කන්තෝරුවෙ උන්න සිරාම බුලට් එකක්... ලක්ෂ්මන් අයිය... එයා පියන් කෙනෙක්... ඕනෙම කෙනෙක්ට හරියන නම පටබඳින්ඩ දක්ෂය... අපි ගිය අලුතම එතන හිටපු පරිපාලන නිලධාරිය, බ්‍රාන්ච් එකට එනකොටම අරූ ටිකක් හයියෙං කියනව,

“අං පිල්ලෙයාන් එනව...“ කියල.

තව කාලෙකදි සහකාර ලේකම් පාලන සර් කෙනෙක් ආව, ටිකක් මහතයි, ටිකක් තට්ටෙ තියෙන, ගිරා හොට වගේ නහයක් තියෙන ඩයල් එකක්. ඇවිත් සතියක් යන්ඩ කලිං “ලබු ගිරව“ කියල කාඩ් එකක් ගැහුව.

ඊට පස්සෙ ආව දැං ඉන්න පරිපාලන නිලධාරිය. උන්දැ ආව ගමං වෙනස්කං ගොඩක් කළා. ඒකෙං කණ්ෂ්ඨ කාර්යමණ්ඩලයෙ ද්වේෂයට ලක්උනා. ඉතිං කිසිම කණගාටුවක් නැතුව උන්දැට දැම්ම “ජෝන් සීනා“ කියල. ඒ නම කොච්චර දිරෙව්වද කියනව නං, මං පරිපාලන නිලධාරී විභාගෙ පාස් උනාම කීප දෙනෙක් මගෙං ඇහුව, “ඔයත් ජෝන් සීනා විභාගෙ පාස්ලු නේද?“ කියල...

සැරෙයක් අපිට එස්පහ පෙන්නන්ඩ ජෝන් සීනා අපිව එක්කං ගියා දොම්පෙ ප්‍රාදේශීය සභාව බලන්ඩ. ඔපිස්සෙකේ වෑන් එකේ ගියෙ. යන කං සැරිං සැරේ ජෝන කියනව,

“සිංදුවක්වත් කියමු නේද? නිකං මළගෙදරක යනව වගේනෙ නැත්තං...“

ඒ කියල කට ගන්ඩ කලිං කෂ්ටිය පටං ගන්නව,

“...ජෝ...න් සීනා... අපෙ පොඩිඑකාට ගහලා....“ සිංදුව.

ඔයකාලෙ හිටපු අතිරේක ලේකම් පාලන පොඩියි, කෙට්ටුයි, අඟුර වගේ කළුයි. උන්දැට දාපු කාඩ් එක තමා “ග්‍රීස් යකා“

පස්සෙ ග්‍රීස් යකයි ජෝනයි එක්කහුවෙලා බොහොම පොඩි චෝදනාවකට නිදහසට කරුණු අහල, ලක්ෂ්මන් අයියව අමාත්‍යාංශෙකට මාරු කළා...

ඔය ලක්ෂ්මන් අයියට පොඩි ලෙඩක් තිබ්බ... කවුරු හරි ප්‍රශ්නයක් අහන ගමං උන්දැගෙ ඉළේකට ඇඟිල්ලෙං ඇන්නොත් උන්දැ ඇත්තම කියනව...

ගොඩක්ම වෙලාවට එහෙම අහන ප්‍රශ්න තමයි,

“ගෙදර ඉන්නකොට මොකද කරන්නෙ?“

“උදේට කෑවෙ මොනවද?“

“වයිෆ් මොනවද දෑවැද්දට ගෙනාවෙ?“

“අද බතට මොනවද එළවළු?“

“හවස ගෙදර යද්දි මාකට් එකෙං මොනවද ගෙනියන්නෙ?“

ලක්ෂ්මන් අයියත් ජොලි පොර කියන්නෙ, ඔය ප්‍රශ්න වලට හයියෙම්ම උත්තර දෙන්නෙ ගෑණු උදවිය ගොඩක් මැද්දෙ ඇහුවොත්...

දැනට ඇති වගේ... තව ලියන්ඩ කතා මතක් උනොත් තව කොටසක් ලියන්නං ඈ...

76 comments:

  1. අම්මපල්ලා මන් හිතුවේ අපේ එකවුටන් නැන්දම්මට විතරමයි මේ පිස්සු කියලා . බලනකොට ඒක එකවුන්ටන්ලට හෙදෙන පොදු රෝගයක් නේද ? මමත් රජයේ සේවිකාවක් මාත් වැඩකරන්නේ කොළඹ නොවැ අපේ දෙපාර්තමේන්තුවේත් ඉන්නවා නැන්දම්මා කෙනෙක් එයා හිටන ඉන්නේ රුපියලක් හරි වැඩියෙන් වියදම් කරොත් FCID එක බොටුවෙන් අල්ල කිහිල්ලට හිරකරලා හොම්බට දෙයි වගේ දැන් මුළු කාර්යාලයේම වැඩ ඇනිලා තියෙන්නේ ඉතින් එයාගේ නම මහ නැන්දම්මා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මට පේන විදිහට, අනූ ගණං වල අග හරියෙ සර්විස් එකට ආව උන්දැලට තියෙනව පිස්සුවක්. ඒක එකවුන්ටන්ට් ද, පරිපාලන සේවාද කියල වෙනසක් නෑ. සමහර විට ඒ කාලෙ තිබ්බ විභාග ක්‍රමයෙ ප්‍රශ්නයක් ඇති. උන්දැල ගොඩක්ම, පහළිං යැපෙනව තීරණ ගනිද්දි. අපි සර්විස් එකට එද්දි හිටපු අය ඔයිට වඩා කෘතහස්ත නිලධාරි. කන්නංගරගෙ දරුවො කියලකියන්ඩ පුළුවං - සෙන්ට්‍රල් කොලේජ් වලින් බිහිකරපු අය.

      Delete
    2. දැන් ඔය FCID එකම ගැන කියා කියා ඉන්න සීනියර් සෙට් එක ඉන්නවා නේද? ඔය උන්දැලම තමා ගිය ආණ්ඩුවේ පට්ට හොරකම් වලට එක පයින් සපෝට් කරේ.

      Delete
    3. ඒකත් ඇත්ත තමයි එක අතකට... ඒ කාලෙ හිතුවෙ නෑ ආණ්ඩුව ලොවෙත් පෙරළෙයි කියල.

      Delete
  2. ලියන්න හිතෙනවා මේ වගේ උන් ගැන.. කම්මැලියි අප්පා

    ReplyDelete
    Replies
    1. නමට ගැළපෙන්නෑ නේද කම්මැලිකම?

      Delete
    2. අඩෙයි ! මට තරහ තමා දැන් එනවා.....
      මම ලියලා ඉල්ලගෙන කනවද, වවාගෙන කනවද ප්‍රශ්නේ මට තියෙන්නේ. මහජන සේවයට කැමති උනත් ලංකාවේ මහජන සේවය නම් මට පෙනෙන්න බැහැ.

      Sorry........

      Delete
    3. ලංකාවෙ මහජන සේවය ගොඩගන්ඩ අපි සෑහෙන උත්සාහයක් කරනව. මේ එක කාල පරාසයක ආව ඉහළ නිලධාරියි, දේශපාලන පොරොන්දු අනුව රස්සා දීපු උපාධීධාරියොයි තමයි දැන් මේ තියෙන තත්ත්වෙට වගකියන්ඩ ඕනෙ...

      මාත් සොරි...!

      Delete
  3. අපේ ලස්මන් අයියත් 'රැජිනි ලංකාවට එනකොට මොකක්ද ගෙනාවෙ කියල ඉළේකට ඇඟිල්ලෙං ඇන්නාමත් ඔය උත්තරේම කියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් යකෝ... ඒකත් එක ප්‍රශ්නයක් තමයි.

      සමහරු ඉන්නව කෝච්චි පෙට්ටියෙ එහා කෙළවරේ ඉඳං නිකං අභිනයෙන් ඇන්නත් මෙහා කෙළවරේ ඉඳං උත්තර දෙන අය. තව සමහරුන්ට බං, ටෙලිෆෝන් එකෙං කතා කරල, “ඔන්න ඇන්න..!“ කිව්වත් ඇති.

      Delete
  4. දැත්තටත් කිහිල්ලට ඇඟිල්ලෙන් ඇන්නහම මොකක් හරි ඇත්තම වචනයක් කියවෙනව නෙහ්.

    ReplyDelete
    Replies
    1. ඉඳපියකො මූණට මූණ හම්බුනාම කියන්ඩ බොට ඇත්ත...!!!

      Delete
  5. සරත් අයියට னයා හම්බ උනාද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ලංකාප්‍රිය මහතා, මේ ඔබේ අවධානය පිණිසයි...!

      Delete
  6. හෙහ්.. දැං බෝත් ජෝන් සීනෙක් නේ.. දැං උන් බොට කියන එවත් හොයල ලියාං.. ආන් එහෙමයි යහපාලනේ වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මට බං, අපේ අමාත්‍යාංශෙ අතිරේක ලේකමුත් “මහත්තය“ කියලයි කතා කරන්නෙ.

      (මේ තනතුරට කියන්නෙ AO මහත්තය කියලනෙ...)

      Delete
  7. සමහරුන්ගේ කිහිල්ලට ඇන්නාම ඇත්ත කියන්නේ අත දිගහැරලා හොදවයින් පාරකුත් එක්කයි.

    ReplyDelete
    Replies
    1. එහෙම එකෙක් ළඟ ඉඳං තව එකෙක් හොල්මං කතාවක් කිව්ව දවසක්. කියල ඌ රඟපාලත් පෙන්නනව සමහර කොටස්. එහෙම කියාගෙන කියාගෙන ගිහිං එකපාරටම, “ඌ මාව බේරගනිං කියල ඇඟට පැන්න...“ කියල අරූගෙ ඇඟට පැනල බදාගත්ත එකපාරටම... කුණුහරුප විමානෙයයි එතනිං එහාට...

      Delete
  8. Replies
    1. ඇයි මල්ලි ? උදේට කාලද ඉන්නෙ?

      හැක්...

      Delete
  9. මාත් රජයේ සේවයේ.
    හැබැයි ප්‍රාන්ත රජයේ.

    ReplyDelete
    Replies
    1. මෙහෙ පළාත් රාජ්‍ය සේවය වගේ වෙන්නැති?

      Delete
  10. තෝත් ඒඕ කෙනෙක්ද? හැක්.... මට අපේ එකා නං පේන්න බෑ අම්මප

    ReplyDelete
    Replies
    1. බහුතරයකට, ඒඕ උනහම පීඑම්ඒ කියල අමතක වෙනව. ඊට පස්සෙ පරිපාලන සේවයෙ නැට්ටෙ එල්ලෙන්ඩ යනව. ඕක තමයි ඒඕලගෙ ඔළුව නරක්වෙන අවස්ථාව. ඒකයි උංව පේන්ඩ බැරි වෙන්නෙ...

      Delete
  11. Replies
    1. උඹෙ ක්ලික් එක ලිංක් වෙන්නෑනෙ... ඇයි ඒ?

      Delete
    2. ඕකගෙ ක්ලික් වෙන කෑලි ගෙවිල තියෙන්නෙ දැං. හැක්..

      http://atw-cmb.blogspot.com/2013/08/blog-post.html

      Delete
    3. කාටද මෙව්ව කියන්නෙ ඉතිං?

      Delete
  12. Replies
    1. මටත් අමතක වෙන්නෙම නැති චරිතයක් තමයි...

      Delete
    2. Oye ewith inne.anee office katha epoo.liyannama deyak nethnam drekey juni.genawath liyanna.

      Delete
    3. ඩ්‍රැකී ජූනියර් සහ පාඩං වැඩ හිංද තමයි නිර්මාණශීලී මොකවත් ලියන්ඩ හැටියක් නැත්තෙ නගා... තව මාසෙයක් ඉවසහල්ලා... පීස්...

      Delete
  13. කවුද බං ඔය ලියන්නැති උං
    මටත් කියහංකො බං
    ඉස් ඇට් ඈනුමක් යවන ගමං
    😂 😂 😂 😂

    ReplyDelete
    Replies
    1. කණ්නාඩිය ගාවට පලයං...

      ඉස් ඇට් කණ්නාඩිය ගාව...

      Delete
    2. //කවුද බං ඔය ලියන්නැති උං
      මටත් කියහංකො බං
      ඉස් ඇට් ඈනුමක් යවන ගමං//++++++++++++++++++++++++

      Delete
    3. කණ්නාඩිය ගාවට පලයං...

      ඉස් ඇට් කණ්නාඩිය ගාව... X2

      Delete
  14. අඩේ ඩ්‍රකියුලා . අදනේ මන් දන්නේ උබ මාර කතා පෙට්ටියක් බව. නියමයි. උබ ෆ්‍රෙන්ඩ් කරගන්දත් හිතුන. ඔන්න රික්වෙස්ට් එකක් එයි.

    ReplyDelete
    Replies
    1. මොනව? ගජබින්න එහෙම කියවලම එමු එහෙනං...

      රික්වෙස්ට් එකක් ආව, ඇත්ත නමකිං. තමුන්නැහැ වෙන්ඩැති?

      Delete
  15. ලස්සන බ්ලොග් එකක් ...දිගටම ලියන්න සහෝ ....හැක් හැක්

    (සින්දු මතක නැ කියාන්කෝ )

    දන්නා වූ රට පැවතෙන්නා වූ පෙර සිට
    අන්දරේ මම අන්දරේ....
    ලොක්ක හිනාවට මක්කා වුණත් මම
    ඉන්නෙ නැහැ දුක් ගින්දරේ
    සත්කාර ලැබුණාට සංතෝස තිබුණට
    රජ ගෙදර ඇති කාමරේ
    දැක්කාම බඩ කට ටක් ගාලා පිරෙනව
    පොඩ්ඩන්ටයි මම ආදරේ
    සද්දේට දිය යට විද්දාට හරියට
    පැහැදුණා රජු මා කෙරේ
    සම්මාන දුන්නට පම්පෝරි නෑ කට
    විනෝදෙට රස ආකරේ
    නෝනාට දේවිට රාජ කුමාරිට
    විහිළු කෙරුවා එක සැරේ
    පංකාදු ගානට යන්නා සභාවට
    ඇමතිවරු සහ පිරිවරේ....
    හොස්ස අගින් නිල මැස්සෙක් ගියාත් ඇති
    මුහුණ දික් වෙන මිනිසුනේ
    ඇස් දෙක රතු කර ගන්න එපා මම
    කොලොප්පමට ම යි ඉපදුණේ

    පදරචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : උපේන්ද්‍ර සහ ජස්ටින් පෙරේරා
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. ඒහ්... දාහංකො එම්පීත්‍රී එකේ ලිංක් එකකුත්... පට්ට සිංදුවක්නෙ.

      ඒක නෙමෙයි... කොච්චර හොඳ පදමාලා උනත්, කොච්චර හොඳ තනු උනත්, කොච්චර හොඳ සංගීතයක් තිබුණත්, ඇයි ෆ්‍රෙඩියගෙ සිංදු කියල සුපර්ස්ටාර් වෙන්ඩ බැරි?

      Delete
  16. ඒකනෙ දැං ොඩක් උං ලියන්නෑ....ෝන්...

    ReplyDelete
    Replies
    1. විදානෙත් එහෙම තමයි,
      කෝරළෙය නං ලියන්නෙම නෑ...

      Delete
  17. මගෙත් යාළුවො දෙතුන් දෙනෙක් ඉන්නව ඔය කියන මහජන සේවයෙ ඉන්න. හිටී ගමන් කයියට අහුවෙච්ච වෙලාවට කියනව ඔය ඔපීසි කතා. හපොයි ! උන් කොහොම ඔව්වයෙ වැඩ කරනවද මන්ද. රස කතාත් නැතුවම නෙවෙයි, ඒත් ...... කමක් නෑ ඉතිං මහජන සේවෙනෙ. හැක්.

    ReplyDelete
    Replies
    1. රස කතා තියෙනව ඩීඩීටී. එව්ව රසකතා වෙන්නෙ ඒ ඔපිස්සෙකෙං ගිහිල්ල කාලෙකට පස්සෙ ආපහු මතක් කරනකොටයි. ලෝකෙ ලොකුම පොල් බූරුවො ඉන්නෙ රාජ්‍ය සේවයෙ තමා...

      Delete
    2. ලෝකෙ ලොකුම පොල් බූරුවො ඉන්නෙ රාජ්‍ය සේවයෙ තමා...

      Delete
    3. පොඩි කතාවක් තියෙනව ඒ ගැන. පස්සෙ කියන්නං...

      Delete
  18. Kalekata passe leyala thiyenne..

    ReplyDelete
    Replies
    1. මං දිගටම ලියනව ලලි... අවාරෙට පොල් වැටෙනව වගේ...

      Delete
  19. මේ වගේ සීන් නම් ගොඩක් තියේ අපේ පක්ටෙරියේත් .
    එත් ලියාන් එක තමයි අවුල.
    ලියලා අහුවුනාම ෆේක් කාඩ් එකයි රියල් කාඩ් එකයි දෙකම කුඩේ කුඩු..

    ReplyDelete
    Replies
    1. පට්ට...!

      මං උඩ ලියල තියෙන උදවිය දෙන්නම දැං පෙන්ෂන්... ඉතිං බය නෑ.

      Delete
  20. Replies
    1. ඔව් බම් මම තමයි.

      Delete
    2. සිරා ප්‍රොෆයිල් පික් එක. දාං පහක්!

      Delete
    3. 5ට දාමු මචෝ 10ක්ම Lucifer (2015 ) බලල තමයි බන් පිස්සුව තද උනේ පොර දෙයියොන්ට වඩා හොදයි.

      Delete
    4. අප්පද බොල! එහෙම එහෙකුත් තියෙනවද? ඒ උනාට මගුල ටීවී සීරීස් එකක්නෙ... ගංජ ගැහුව වගේ බලන්ඩ වෙන්නෙ එක දිගට රෑ දවල් නැතුව...

      Delete
    5. බැලුව කියල පාඩුවක්නම් නෑ

      Logan බැලුවද?

      Delete
    6. තාම නෑ බොස්...

      ලුසිෆර් එකේ ටොරන්ට් එකක් තියේද? පයිරට්බේ එකේ නෑනෙ...

      Delete
    7. https://kickass2.nz/usearch/Lucifer%20S01E01/&?t=p

      Delete
    8. ටැංකිව් බොස්... එක කොටසයි...?

      Delete
  21. මමත් රජයේ සේවයේ මල්ලි.

    ReplyDelete
    Replies
    1. මම දැනං උන්නෙ.

      ඒක නෙමෙයි... ආයි ලියන්ඩකො අප්ප

      Delete
  22. අඩේ මේක මිස් වෙලානේ...දැන් තමා කියෙව්වේ. උඹ රජයේ සේවකය‍ෙක් කියලා අදනේ දන්නේ. කොහොමත් ඔය රජයේ සේවකයො බොහොමයක් ලේ උරාබොන වර්ගයේ තමයි නේද...හැක් හැක් :D කම්මැලි නැතුව දිගටම ලියන්න!

    ReplyDelete
    Replies
    1. තව ලියන්නං, තව ලියන්නං...

      වැඩියෙම්ම ලේ බොන්නෙ නීතිඥයො නේද? ඒ ගැන කතා සෙට් එකක් තියෙනව වෙලාවක ලියන්ඩ ඕනෙ...

      Delete
  23. னයා මේ පැත්තෙ ඇවිල්ල ගියා කියහං.

    ReplyDelete
    Replies
    1. ආ පයිම්ම යන්නෙ? පොඩ්ඩක් ඉන්ඩ, බූමිතෙල් චුට්ටක් කාලම යන්ඩ බැරිය...

      Delete
  24. මේක මිස් වෙලා තිබුනනේ.. උඹේ බ්ලොග් එක මට මිස් වුනා. ඔන්න ආයෙත් දා ගත්තා.

    ReplyDelete
  25. මටත් මේ පොස්ට් එක මිස් වෙලා. මේ පොස්ට් එක බලලා අම්බානක හිනා ගියා. මොකද ඇඟිල්ලෙන් ඇන්නම ජාතිය අමතන එවුන් හැම තැනකම ඉන්නවා. ඉස්සර කෝච්චියේ එකෙක් හිටියා ඇන්න ගමන් සේරම නවත්වලා "තොගේ අම්මට හුස්ම ගන්නවා" කියළා කියන එකෙක්. මේ පොස්ට් එක මිස් වුණේ කොහොමද? මමනං මේ දවස් වල එක දිගට ලියනවා.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි