Sunday, April 28, 2024

ශතයක අගය!


අද සමාජය දෙස බලන විට, කට්ට කමක් නොමැතිව දිවි ගෙවීම අසීරු කරුණෙකි. මා මේ කට්ට කම යැයි හඳුන්වනුයේ අනිකෙකු තලා-පෙලා නැතහොත් අනුන් අමාරුවේ දමා තමන් පමණක් යහතින් සිටීම වැනි ආත්මාත‍ර්‍ථකාමී වැඩක් නොවේ. මින් මා අදහස් කරනුයේ තැනට සුදුසුලෙස නුවණින් ක්‍රියා කිරීමයි. නැතහොත් ස්ථානෝචිත ප්‍රඥාවයි. අපේ ව්‍යවහාර භාෂාවෙන් කියන්නේ නම් "තැනේ හැටියට ඇනේ ගැසීමයි"

බුදු රජුන් පවා බෝධිසත‍්ව කාලයේදී මෙවැනි කට්ට කම් කර ඇති බව ‌බෞද්ධ කථා වස්තූන් සමහරෙක සඳහන්ව තිබේ. උමංදා කථාව එයට කදිම නිදසුනෙකි. ඉතිහාසය මෙන්ම නූතන ලොකය දෙස බලන කලද, එවැනි කට්ට කම් කර ඇති කිහිප දෙනෙකුම හමුවේ. රෝමයේ වතිකානු මාලිගයේ, සිතුවම් කරමින් සිටි මයිකල් ඇන්ජිලෝ නම් ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියාගේ අගනා ජීවිතය බේරූ ඔහුගේ ශිෂ්‍යයාද එවැන්නෙන් අතුරෙන් කෙනෙකි.

මේ අනුව බලන විට අපේ මේ කතාවේ එන විජේදාස ද එවැන්නෙක් ලෙස මම හඳුන්වමි.

විජේදාස ජ්‍යෙෂ්ඨය සමත් කළේ මීට සිව් වසරකට පමණ උඩදීය. එහෙත් ඔහුට රැකියාවකට යෑමේ වාසනාවක් නොවීය. සිය මහළු මව එළවළු විකුනා ඉන් ලැබගන්නා සුළු ආදායමෙන් ඔහුද යාන්තම් කල් ගෙවන්නේය.

රැකියාවක් සඳහා කීප පොළකටම ඔහු අයැදුම් පත් ඉදිරිපත් කළද, ඒ එකකින් වත් සතුටුදායක පිළිතුරක් ඔහු වෙත ලැබුණේ නැති. බැරිම තැන ඔහු ගියේ, කොළඹ රැකී රක‍ෂා කාර්‍ය්‍යාලය වෙතය. ඔහු ඒ ගියේ කුමන වර්ගයේ හෝ රැකියාවක් සඳහා ලියා පදිංචි වීමටය. එහිදී ඔහු, ලිපිකරු තනතුරක් සඳහා ලියා පදිංචි කරන ලෙස, කාර්‍ය්‍යාලිය ලිපිකරුවෙකුට කීය.

"යාලුවා! ක්ලාක්ල වෙන්න දැන් දහස් ගණනක් රෙජිස්ටර් වෙලා ඉන්නවා-ඒ නිසා, මම හිතන්නෑ තමුසෙට දැන්ම ක්ලාක් ජොබ් එකක් හම්බ වෙයි කියල"

කාර්‍ය්‍යාලීය ලිපිකරුවා කීය.

"ඉතින් මම මොනවා කරන්නද සර්! දැන් බලන්න මම සීනියර් පාස් කරල ඉන්න කෙනෙක්නෙ." විජේදාස කීයේ සුන්වුනු බලාපොරොත්තුවෙන් යුතුවය.

"කොහොම වුනත් මම තමුසෙට කියන්නෙ හොඳටයි තමුසෙගෙ දුප්පත් කම මටත් පේනවා.

ඉතින් තමුසෙට වෙන්නෙ, ක්ලාක් ජොබ් එකක් බලාපොරොත්තුවෙන් තව අවුරුදු ගානක් ඉන්නයි."

"එහෙනම් සර් මට මොනවද කරන්න කියන්නෙ?"

"මම කියන්නෙ ක්ලාක් කෙනෙක් වශයෙන් නෙමෙයි, වෙනින් රස්සාවකට රෙජිස්ටර් වෙන්නයි."

"එහෙනම් සර්! පියුන් කෙනෙක් වශයෙන් වත් මාව ලියා පදිංචි කරන්න."

"පියුන් ජොබ් එකත් එහෙමම තමයි යාලුවා! ඒ රස්සාවෙටත් ඉන්නවා බර ගණනක් රෙජිස්ටර් වෙලා."

"එහෙනම් කම්කරුවෙක් වශයෙන් වත්?"

"හා-ඒක හොඳයි! එහෙනම් මම රෙජිස්ටර් කරන්නම්."

ඒ වතාවේ විජේදාස රැකියාවකට ලියාපදිංචි වුනේය. ඒ වුනේද, කම්කරුවෙකු වශයෙනි. ජ්‍යෙෂ්ඨය සමත් කොට තිබිය දීත්, කම්කරුවෙකු වශයෙන් ලියාපදිංචි වීම ගැන ඔහු දුක් වුනේය. එහෙත් ඔහුගේ ඒ දුකට වැඩි ආයුෂක් තිබුනේ නැති.

තම මව උපයන දෙයින්, ජීවත් වෙනවාට වඩා, කුළී වැඩක් හෝ කර දිවි ගෙවීමට හැකි ‌වූවොත් එයද සැපයෙකැයි ඔහු සිතුවේය. එයටත් වඩා ඔහු නිතර සිතන්නට වූයේ, අහළ-පහළ උදවියගේ කයිකතන්දර වලින් බේරීමට වත් මගක් පෑදෙනු ඇතැයි යනුවෙනි.

තමාට රැකියාවක් නැතිව සිටියද, මයව නම් ඔහුට ඒ ගැන දොසක් කියන්නේ නැත.

"මොනව කරන්නද පුතේ! ඔය අපල කාලෙ ගෙවිල ගියාම, බොට ‌මොකක් හරි රස්සාවක් ලැබෙයි" කියමින් ඇය නිතර පුතුගේ සිත සනසන්නට වෙර දරන්නීය. එසේ වුව, අහළ-පහළ ගැහැණුන්ගෙන් තමා වෙත ඉලක්කවන පිංගොනා-නිකමා යන නම් ඔහුට සිත් දෙන්නේ නැති. ඔවුන් පමණක් නොව; තමා හා පෙම් බැඳ සිටි තරුණියක්ද කියා ඇත්තේ;

"රස්සාවක් නැතිව මා ගැන බලාපොරොත්තු වන්න එපා!" යනුවෙනුයි.

තමාට තරම වත් අධ්‍යාපනයක් නැති, ගමේ අනෙක් තරුණයින් රැකියාවල් සඳහා උදෙන්ම පිටත්ව යන සැටිත්, සවසට යලි නිවෙස් කරා ඇදෙන සැටිත්, විජේදාස බලා සිටින්නේ සුසුම් ලමිනි. මේ ආදී දුක්-කරදර මධ්‍යයේය, ඔහු කම්කරුවෙකු වශයෙන් ලියා පදිංචි වූයේ.

කාලය ගෙවුණි. දැන් ඔහුගේ "ලියා පදිංචි පත" මත වැදී ඇති ලකුණු (සීල්) ගණන දහයද ඉක්මවා තිබේ. එහෙත් ඔහුට රැකියාවකට කැඳවුමක් නම් තාමත් නොලැබුනේය. තෙමසකට වරක් නියම දිනයට ලියා පදිංචි පතද රැගෙන රැකී රක‍‍්ෂා කාර්‍ය්‍යාලයට ගොස්, එහි දිනය ලකුණු කරගෙන එනු විනා, ඔහුට ඉන් පලක් නම් නොවන්නේය.

මේ නිසාම ඔහු දිනක් රැකී රක්ෂා කාර්‍ය්‍යාලයට ගියේය.

"මොකද සර්! දැන් සීල් දහතුනක් වැදිලත් රස්සාවක් නෑ නෙව?" ඔහු එහිදී ලිපිකරුවෙකු හමුව කීවේය.

"එහෙම තමයි යාළුවා! තමුසෙට ඔය සීල් දහතුනයි. නමුත් මෙතනට එන සමහර උදවියට සීල් පහළොවත් පැනලා මොනව කරන්නද ඉතින් රස්සාවල් නැති කරුමෙ තමයි!" යනු ලිපිකරුවාගේ පිළිතුර විය.

ලිපිකරුවාගේ පිළිතුරෙන් රජයේ කම්කරු සේවය පිළිබඳව ඔහු සිත තුළ පැවති ආශාව තුරන් වී ගියේය. මේ රැකියාව සඳහා තවත් කොපමන කලක් මෙසේ බලාසිටින්නට  සිදුවේදැයි සිතූ ඔහු ලිපිකරුවා ඉදිරිපිටදීම, ලියා පදිංචි පත තූ-තූ කොට ඉරා දැම්මේය.

"ඇයි ඕ ජ්‍යෙෂ්ඨ පාස්කරලත්, ආංඩුවෙ කුලී වැඩක් ගන්න අවුරුදු දහයක් විතර පෙරුම් පුරන්ඩ එපායැ හරියට කොකෙක් දිය හිඳෙන තුරු බලා ඉන්නවා වගේ."ය කියමින් ඉරා දැමූ කඩදාසි කැබලි බිම දමා, පයින් පාගා කෙළපහරක්ද ගැසුවේය. ආපසු හැරුනේය. පයින්ම ගෙදර ඒමට මගට බැස්සේය.

"මිනිස්සු හිතාගෙන ඇති, අපි මෙහේ රස්සාවල් ගබඩා කොරගෙන ඇති කියලා. ඇයි දෙයියනේ! රස්සාවල් වල පුරප්පාඩු තියෙන්න එපැයි, අපි මිනිස්සුන්ට රස්සාවල් දෙන්ඩ." යනුවෙන් ඈත යන විජේදාස නොපෙනී යන තුරුම බලා සිටි ලිපිකරුවා කීයේ, අමුතු තාලේ ඔලොක්කු සිනාවක් පා, එතැන රැස්ව සිටි අනෙක් මිනිසුන් දෙස බලා, පපුවද ඉදිරියට යවමිනි.

මෙසේ පැමිණි විජේදාස, අසල කඩයක්තුළට රිංගා ගත්තේ තම කුස ගිනි නිවා ගැනීමට, වතුර වීදුරුවක් වත් බීම සඳහාය. කඩය තුළට ගිය ඔහු වතුර වීදුරු කීපයක්ම බී සුසුමක් හෙළා ලය සැහැල්ලු කර ගෙන මිදුලට බැස්සේය. ඒ අතර ඔහු දුටුවේ කඩය ඉදිරිපිට එදා පුවත් පත බලන මිනිසෙකි. විජේදාසද නිකමට මෙන් පුවත් පතට එබිකම් කර බැලුවේය. එහිදී ඔහුගේ මුහුණ ප්‍රීතියෙන් බබලන්නට විය. ඔහු තව-තවත් එබිකම් කර පුවත් පතේ තිබී එක්තරා දැන්වීමක් හොඳහැටි කියවා සිහියේ තබාගෙන නිවෙසට ආවේය. ආ ඒ ඔහු පළමුව කළේ තත් දැන්වීම අනුව ලිපියක් ලිවීමය.

හිඟුරක්ගොඩ එක්තරා වෙළෙඳ සැලකට සේවකයෙක් අවශ්‍ය බැව් දන්වා පළකොට තිබි දැන්වීම අනුව ලිපිය ලිවූ ඔහු, සවස් යාමයේ පැමිණි මවගෙන් ශත දහයක් ඉල්ලාගෙන ලිපිය තැපැල් කෙළේය.

දින දෙකකට පසු ඊට පිළිතුරක් ලැබුණි. වෙළෙඳ සැලේ රැකියාව සඳහා තමා තෝරා පත්කරගන්නට තීරණය කරගත් බව සඳහන්, ඒ පිළිතුරු ලිපියේ පසුවදාම පැමිණ තත් රැකියාව භාරගන්නා ලෙසද වැඩිදුරටත් සඳහන්ව තිබිණ.

ලිපිය කියැවූ විජේදාස වහා දුම්රිය පොල බලා දිව්වේය. "හිඟුරක්ගොඩට යාමට දුම්රියක් ඇත්තේ කීයටදැ"යි ඔහු එහි සේවකයෙකුගෙන් විචාලේය. සවස අටට කොටුවෙන් දුම්රියක් පිටත්වන බව එහිදී දැනගත් ඔහු වහා නිවෙසට පැමිණ තමා සතු කිලිටි කලිසම් දෙකත්-කමිස තුනත් හෝදා, අව්වේ වනා, තෙමේද නාගත්තේය.

වෙළෙඳාමේ ගිය මව ඇඳිරි වැටෙද්දීගෙදර ආවාය.

"අම්මේ මම අද යන්න!" ඔහු ගත් කටටම කීවේය.

"කොහෙද පුතේ?"

හිස පිට තිබි හිස් වට්ටිය බිම තබමින් අම්මා ඇසුවාය.

"රස්සාවකට!"

"කොහෙද?"

"හිඟුරක්ගොඩ"

"ඉතින් මේ දැන්?"

"ඔව් අම්මේ! මට දවල් ලියුමක් ලැබුනා, හෙට ඇවිත් රස්සාව භාරගන්නෙයි කියල-ඒ නිසා දැන් රෑ අටේ කෝච්චියෙ යන්ඩ ඕනෙ."

ඔහුගේ ඒ කීමෙන් මව  ශෝකවූවාය. තම පුතා රැකියාවකට ගිය විට, තමාගේ තනි-නොතනියටවත් කවුරුත් නැතැයි සිතමින් ඇය හැඬුවාය. එයටත් වඩා ඇගේ ශෝකය වූයේ, ඔහුගේ ගමන් ගාස්තුවට වත් සරිලන මුදලක් ඇය අත නොමැති හෙයිනි.

"අනේ පුතේ! මා ළඟ සල්ලිත්නෑ බං මොනව කොරන්නද-ඔහොම හිටින් කැටේවත් කඩලා බලන්නැ"යි කියමින් ගෙයි මුල්ලක වලලා තිබි කැටයක් ගොඩ ගෙන එය කඩා බැලූ ඇය, මුහුණ ඇඹුල් කරගත්තාය.

"අනේ රත්තරන් පුතේ මේකෙ තියෙන්නෙ රුපියල් දෙහෙකුත් ශත දහයයි නෙවැ!"

අනතුරුව-ඒ ඇඹුල් කරගත් මුහුණින්ම එසේ කීවාය.

"ඉතින් අම්මේ! ඒකෙන් පුළුවනෑ මට යන්න?"

ඔහු ඇසුවේ දුක්බරවය.

"මොනව කොරන්නද බාං? ඔහොම හිටින්, මේ හෙට එලවළු ගන්න තිබෙන සල්ලි වලින් වත් මොකුත් දෙන්නැ"යි කියමින්; ඇය තවත් රුපියල් පහක් පුතා අත තැබුවාය.

දැන් වෙලාව හතට කිට්ටුය. විජේදාස යාමට හැඳ ගත්තේය. ගෙයි බිත්තියේ ගසා තිබී බුදු රුවට පානක්ද පත්තුකර, තෙරුවන් වැඳ දෙවියන්ටද පින් දුන්නේය. මවද රිදී කාසියක් ගෙන සුදුරෙදි කැබැල්ලක දවටා කතරගම දෙවියන්ට බාරයක් වුනාය.

හරියට හයකුත් විනාඩි හයට, පුතා මිදුලට බසින විට, මව දිය පිරවූ කළයක්ද අතැතිව මිදුලේ සිට ගෙට ඇතුළු වූවාය. අනතුරුව ඈත යන පුතා දෙස බැලූ ඇය "උඹට තුණුරුවන්ගෙ සරණයි!" කියමින් දෑසින් ගලා ආ කඳුළු පිසදැම්මාය.

හන්දියට පැමිණි ඔහු බසයකින් බොරැල්ලට ගියේය. එහිදී ඉන‍්දියානු "සයිවර් හෝටලයකට" ඇතුළු වී බඩ-කට පුරා තෝසේ කෑවේය. සිගරැට් දෙකක් ද ගත්තේය. දවාලටත් කෑමක් නැතිව සිටි නිසා ඔහුට වැඩිපුර ආහාර ගතහැකි විය. කෑම අවසන් වූ විට වේටර දෙමළ කොළුවා බිල ගෙනැවිත් දුන්නේය. බිලට ගෙවිය යුතු ශත හැත්තෑ එක ගෙවූ ඔහු සිගරැට්ටුවක්ද දල්වාගෙන මිදුලට බැස්සේය. කොටුව බලා දිවෙ යන ට්‍රොලි බස් නැවතුම් පොළ කරා ගියේය. එහි ගිය විජේදාසට දෙලෝ රත්විය! ඔහුගේ ඇඟ ගැහෙන්නට පටන් ගත්තේය. ට්‍රොලියෙන් යෑමට තරම් මුදලක් ඔහු ලඟ නැති. කොටුවේ සිට හිඟුරක්ගොඩට යාමට ගත යුතු ටිකිත්තට පමණක් මුදල් ඔහු ලඟ තිබේ. ඒ හැර ඔහුට ඉතිරිව අත්තේ ශත දහහතරකි.

බොරැල්ලේ සිට කොටුවට යාමට ශත 15 ක ටිකිත්තක් ගත යුතුය. එහෙත් ඒ මුදල පියවීමට තව ශතයක් අඩුය. අම්මා ඔහුට දුන්නේ රුපියල් හතකුත් ශත දහයකි. ඉන් ඔහු බොරැල්ලට බසයෙන් ඒමට ශත දහයක් වියදම් කෙලේය. ඉතිරිවායින් ශත හැත්තෑ එකක කෑවේය. දැන් තවත් ඔහු අත ඉතිරිව ඇත්තේ රුපියල් හයකුත් ශත විසි නවයකි. එයිනුත් දුම්රිය ගාස්තුව වශයෙන් රුපියල් හයකුත් ශත පහළොවක් ගෙවිය යුතුය. ඒ හැර දැන් ඔහු අත ශත දහ හතරක් තිබේ.

කිසිම වටිනාකමක් නැතැයි සිතා සිටින "ශතයක අගය" ඔහුට වැටහුනේ මෙවිටය. කුඩාවට ඇති කොයිදේත් විශාල අගයක් ඇති බැව් ඔහුට ඉන් මනාව පැහැදිලි වුනේය.

දැන්නම් ඔහුට කරන්නට කිසිවක් නැති. වේලාවද හත හමාර වී තිබිණ. දුම්රිය පිටත් වන්නේ අටටය. යම් ලෙසකින් මේ දුම්රිය වැරදුනහොත් ඔහුට යාගන්නට වෙන ක්‍රමයක් නැති; එසේ වූකල හෙට භාරගත යුතු රැකියාවටද පහර වදින්නේය. එවිට වන්නේ ගෙදර සිට තව තවත් දුක් විඳීමටය.

මෙසේ දහසක් සිතුවිලි මධ්‍යයේ කරනම් ගසමින්සිටි ඔහු-අසල කඩයකින් ‌වේලාව බලා ගත්තේය. වේලාව හතයි තිස් පහයි! දැන් ඔහුගේ අදහස කොටුවට පයින්ම යාමටය. එහෙත් එයටද කලක් නොමැති බව ඔහුට සිතුණි. බොරැල්ලේ සිට කොටුවට පයින්ම යාමට, අඩුම ගණනේ පැය භාගයක් වත් ගතවන බව ඔහු දනී.

කළයුතු දෙයක් නොමැති නිසා ඔහු බලා ගත්වනම සිටියේය. ඒ අතර ඔහු දුටුවේ බස් පෝලිමේ හුන් තරුණයෙකි. පෙනුමෙන් නිහතමානී ගති ඇත්තෙකු බව දැනගත් ඔහු තවත් තරුණයා දෙසම බලාගෙන සිටියේය. තමා ලඟ එක සිගරැට්ටුවක් ඉතිරිවී ඇති බව, හදිසියේම ඔහුට සිහිවිය. ඔහු වහා කමිස සාක්කුවේ බහා තිබි සිගරැට්ටුව අතට ගත්තේය. එය තරමක් තැලී-පොඩිවී තිබිණ.

"යුද්දෙට නැති කඩුව කොස්කොටන්ටද කිව්වලු-ඒ වගේ මෙහෙම තැනකදී නැති කට්ටකම් මොකටදැ?"යි සිතූ ඔහු-යළි සිගරැට්ටුව කමිස සාක්කුවේ බහා ගෙන බස් පෝලිමට ගියේය.

දැන් ඔහු තරුණයාට පිටුපසටය. තරුණයාද වරක් ඔහු දෙස හැරී බැළුවේය. ඒ හාම ඔහු මුව පුරා සිනාවක් යැව්වේය. තරුණයාගෙන්ද එයට පිළිතුරක් ලැබුණි. දැන් ඔහුට ඕනෑ කරණයේ, තරුණයා; හා කථාවට බැසීමටය. ඔහු එයට මගක් සෙව්වේය.

"කීයද මහත්තය වෙලාව?"

තරුණයා හා කථාවට මුල පුරමින්, ඔහු ඇසුවේය.

"අටට විස්සයි!" යනු තරුණයාගේ පිලිතුර විය.

"හප්පො-මට අට වෙනකොට කොටුවට යන්නට තියෙනවා!"

ඔහු කීවේය.

"අපොයි පුළුවන්! අර බස් එකක් එන්නෙ!"

තරුණයාද ඛීය.

දැන් දෙදෙනම කථාවට වැටී ඇත. මේ අතර ඔහු සාක්කුවට අත යටා, සිගරැට්ටුව ගත්තේය. එය ගෙන තරුණාට පිළිගත්වා සිටියේය.

"ආ-බොන්න මහත්තයා! ඕකමට අර කඩේදි යාලුවෙක් දුන්නා......... මම ඕව බොන්නෙත් නෑ! ඒ උනත් බැහැයි කියන්න බැරි හින්දයි ගත්තෙ!"

තරුණයාට සිගරැට්ටුව දෙන ගමන්ම ඔහු කීවේය. තරුණයාද එය ගෙන අසල සිටි අයෙකුගේ සිගරැට් කොටයකින් දල්වා ගත්තේ ඔහුට සිතූති කරමිනි.

බසයක් ආවේය. දැන් ඔහුගේ සිත නැටැවෙන්නේය. ඇඟ ගැහෙන්නේය. තමාගේ කට්ට කම හරි නොගිය හොත් තමාට වන්නේ මහ අකරතැබ්බයකැයි ඔහු සිතන්නට විය.

"ඒත් කමක් නෑ! වැඩේ හරි නොගියොත් ශත දහයක් දිල මරදානෙන් බැහැල පයින්වත් දුවනවා!"යි අවසන ඔහු සිතසනසා ගත්තේය.


තරුණයා බසයට ගොඩවිය: ඔහුද ඒ හාම ගොඩවුනේය. දැන් ඔහුගේ ගතේ වෙව්ලුම පෙරට වඩා සිය ගුණෙයෙකින් පමණ වැඩිය. කොන්දොස්තර තැන අසලට ගිය තරුණයා මුදල් පසුම්බිය අදිනු ඔහු බලා සිටියේද; ඒ වෙව්ලන ගතින් යුතුවය.

"කොටුවට දෙකක්!" යනුවෙන් තරුණයාගේ මුවින් පිට විය. ඔහුගේ දෙනෙත් ලොකුවී, කට කොනකට සිනාවක්ද නැගුණි. ඔහුගේ ගතට ලේ ඉනුවේද එවිටය. මෙතෙක් වෙව්ලමින් අඩපණව තිබි ගතද ප්‍රාණවත් වී ගියේය.

"ආ-මම ගන්නම්!" ඒ අතර බොරුවටම ඔහු ඉදිරියට පැන්නේය. එහෙත් එයට පෙර තරුණයා ඔහුටත් සමගම ටිකිති දෙකක් ගෙන තිබුණි.

කොටුවෙන් බට ඔහු-තරුණයාටද ආචාර කොට වහා දුම්රිය පොළට ගියේය. හිඟුරක්ගොඩට ටිකිත්තක් ලබාගත්තේය දුම්රිය දෙසට දිව්වේය. ඔහු දුම්රිය පාපුවරුවට පය තබනවාත් සමගම දුම්රිය ඇදෙන්නට විය.

රියට ගොඩවුනු ඔහු-සුවපහසු ලෙස අසුනක දිග ඇදී කල්පනාකරන්නටවූයේ ශතයක අඩුව නිසා තමා සිතින් විඳි දුකත්, සිගරැට්ටුවේ බලේට තමා කළ කට්ට කමත් ගැනය.

එදා ඔහු අතර සිගරැට්ටුව නොතිබෙන්නට ඔහුට හා-හා පුරා යැයි කියා ලැබුණු රැකියාවද නැතව යන්නට තිබුණේය. සිගරැට්ටුව තිබුණද ඒ අහිංසක කට්ට කම නොකරන්නට, ඔහුට මේ ගමන යාමට නොලැබෙන්නේය.

කෙසේ වෙතත්-එදා සිට විජේදාස අමුතු මිනිහෙක් වුනේය. ලොකු වටිනාකමක් ඇති මුදල් වලට වඩා දැඩි උනන‍‍‍්දුවෙකින් ඔහු ශතයේ කාසි එකතු කරන්නට පටන් ගත්තේය.

"ශතයක අගය" ඔහුට ඒ තරමට වැටහිලාය.

--------------------

අංගොනෝනගෙ දේශනාව තිබුණු පොතේ ම තිබුණු තවත් කතාවකි.

40 comments:

  1. සතේක වැඩක් තියේද කියල කියවල බලල කියන්නං.

    ReplyDelete
    Replies
    1. සතේකට හරියන්ඩ ටෝච් පාරක් දෙන්නං, ඔලුව පොඩ්ඩක් පාත් කරහං...!

      Delete
  2. FB eke daala thiyeneka dakkama mama hithuve W. Rajakapsage charithaapadaanaya liyanava kiyala...
    🤣🤣🤣🤣🤣
    ( gampaha dath kade eka duma daapu thattaya)

    ReplyDelete
    Replies
    1. මැතිවරණයක් තියමු ද? සමාජ දේශපාලන වාතාවරණය කොහොමද මේ දවස්වල?

      Delete
  3. එහෙන් මෙහෙන් කියෙව්වා. හොඳ කතාවක්. ආයෙ ඇවිත් නිවාඩු පාඩුවෙ කියවන්න එඤ්ඤං රස් විඳින්න. ඒ ඔක්කොටම වැඩිය ආයෙ ලියපු එක දාහක් වටිනවා. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. දාහෙ ඒව ගනං ගන්නෑලු මූට සතයක් වටින ඒව විතරයි ඕන.

      Delete
    2. බකුස්,
      ආවා... ආවා... මේක දාල යන්ඩ බෑ. වෙන වැඩක යෙදිලා උන්නෙ, දැන් ඒක ඉවරයි. බෝ කන්ටැක්ට් කරගන්න ඔ්නෙ, පුළුවං ඊමේල් එහෙකිං මට රිප්ලයි එකක් දාන්ඩ. drackey@gmail.com එකට.

      ප්‍රසක්ඤ,
      සත බාගෙයක් උනත් අවුලක් නෑ.

      Delete
    3. මේලක් එව්වා. බලහං

      Delete
    4. පුලුවන්නම් ක්වෝල්කොම් ස්නැප් ඩ්‍රැගන් සකසනය ගැන ලිපියක් දාන්න.
      ඒකෙන් කරන්න බැරි ගැහැණියක් පිරිමියෙක් කිරීමත් පිරිමියෙක් ගැහැණියක් කිරීමත් විතරයි.
      දැනගත්ත විදියට ඉස්සරහට ඉන්ටෙල් ඒඑම්ඩී සකසන වලට තියෙන ඉල්ලුම නැතිවෙයි.

      Delete
    5. බකුස්,
      ස්ස්ස්ස්සූදියි... රිප්ලයි එකට ගොඩක් ම කුරුතඤ්ඤ වෙනව.

      ජගත්,
      ආන්න ඒක බස්සට ගැළපෙන කදිම වැඩක්!

      Delete
    6. @Jagath Pathirana
      Snapdragon X Elite ඇපල් M3 වගේ ARM cpu එකක්.

      https://www.youtube.com/watch?v=8FrNBsXtrsA

      @Praසන්ன
      ආං වවුල ටෝච් එකක් අරං එනවා.😋

      Delete
    7. පතෑං හඬ රැව් දේවා!

      Delete
  4. ඉතිං මනුස්සයො අර යෝදය සිගරට් එකක් විතරක් ගත්තනං සතේකට වැඩිය ඉතුරු වෙනවනෙ. එහෙනං ඔය වගේ වැඩක් කරන්න ඕන නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මටත් ඔ්ක හිතුණා. නමුත් සිගරැට් එකක ගාණ තිබුණෙ නෑනෙ, පොතේ. මං උනානං කඩේට ආපහු සිගරැට් එක දීලා සල්ලි ගන්නව.

      Delete
  5. හතට කිට්ටු වෙලා ලෑස්ති වෙන්න ගිය මනුස්සය හයයි හයට එළියට බැස්සෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒක පොතේ හරි මගෙ හරි ටයිපිං මිස්ටේක් එකක් වගෙ. මං ඔ්ක ටයිප් කරද්දි, පද බෙදීම, විරාම ලකුණු, නණලළ එහෙම, පොතේ තිබුණු විදිහටමයි දැම්මෙ.

      Delete
  6. දැං එහෙම ඔහොම සිගරට් එකකට අහු උනොත් මිනිහ ඇඳගෙන ඉන්න ඇඳුං ටිකත් නැතුව තමයි නැගිටින්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම උනත් ලාබයි යකො, සිගැට්වල ගාණෙ හැටියට.

      Delete
  7. අපි පොඩිකාලේ පිටකොටුවේ ඉඳන් නිට්ටඹුවට රු.12යි,
    කොකාකෝලා බඩියක් 6.50යි
    පාන් ගෙඩියක් 4.50
    වෙරලු අච්චාරු ගොට්ටක් සත 50යි.
    පෙරේරා ඇන්ඩ් සන් පේස්ට්‍රිඑක රු.13යි.
    පිටකොටුවේ ඉඳන් බොරැල්ලට 3.50යි
    ස්කූල් වෑන් එකට මාසෙටම 1000යි. එහෙම කාලයක් ආයේ කවදා එයිද?

    ReplyDelete
    Replies
    1. මට මතකයි, හොම්රන්පැස් පෙට්ටිය රු. 7.25 යි. එහෙම කාලයක් එන්ඩ නං ලංකාවෙ විනිමය මාරු කරන්න ඔ්නෙ, ඩොලර්වලටවත්.

      Delete
  8. මම හිතුවේ කොන්දොස්තරට මොකක් හරි කට්ට කමක් කරයි කියල .. මේ විදියට හිතුවොත් අපි දැන් කරන්නේ කට්ට කම් විතරයි වගේ .. හෙහ් හෙහ් .. ඉස්සර බස් එකේ සත 50ට ගිය හැටි මතක් උනා .. දවසක් පන්ති යනකොට කොන්දෙක් බැන්න දැන් සත 50ට යන්න බෑ .. බාගේ ටිකට් නෙමේ කියල .. මම ටිකක් උස හින්ද වෙන්න ඇති .. ඒ දවස් වල ටිකට් එකක් 1.50 ද කොහෙද .. මං ඇහුන් නෑ වගේ හිටියා .. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... කට්ට කමක් කියල බොහො ම අහිංසක වැඩක් නෙ කරල තියෙන්නෙ.

      මාත් ශිෂ්‍යත්වෙන් පස්සෙ සෙන්ට්‍රල් ඉස්කෝලෙ යද්දි, වැලිපිල්ලෑවෙ ඉඳං ගනේමුල්ලට බස් ගාස්තුව ශත 50. ඉස්කෝලෙ ගාවට ම යන නිසා පාසල් සේවයෙ ශත 75 යි. ගෙදරින් දෙන්නෙ රුපියල් දෙකයි, පොකට් මනි.

      Delete
  9. නියම කතාවක්....

    ReplyDelete
    Replies
    1. මං ගොඩක් ම මේකෙ ආස, සජීවී ඇන්ටික් ගතියට.

      Delete
  10. කලකට පස්සෙ නැගිටලා තටු ගහන්නේ!

    ReplyDelete
    Replies
    1. එහෙනං... ඔය වගේ සටන් විරාම කාල ආව මීට කලිනුත්. නමුත් බ්ලොග් කෙරුවාව අත අරින්න හිතුණෙ නෑ.

      Delete
    2. හෙහ්, හෙහ් ඒක තමයි මේ සට,සට ගාලා සද්දයක් ආවෙ? කජුගහේ එල්ලිලා ඉන්න ගමන් සියෑට් එකක් ගහන්න ඇති.

      Delete
    3. සියෑට් නැවැත්තුවා කාලෙකට කළිං... https://drackey.blogspot.com/2015/11/18-i-was-smoker-above-18.html

      Delete
  11. හරිම පන්කාදු කතාව.ඒ කතාව මාව දශක හතර පහකට එහා අතීතයට රැගෙන ගියා.ඒ කාලෙ මුදල් තරමක් අතට ලැබෙනව අඩු උනත් හැම දෙනාටම මේ තරම් අමාරු නැතුව ජීවත් වෙන්න ඕන තරම් පුලුවන් කම තිබුන.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හැබැයි දශක හතර පහක් නෙමෙයි, හතක් අටක් කියල කිව්වනං තමයි හරි ම! (බුදු අම්මෝ!)

      මට මතකයි, අපි හාල් සේරුව රුපියල් හතරට පහට කාපු කාලෙ, (අසූ ගණංවල) වැඩේ තියෙන්නෙ, මට මතක හැටියට ඡන්දෙයක් දිනල අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙනකොට ම, බඩු මිල දහ ගුණයකිං විතර ඉහළ ගිය එක. ප්‍රේමදාස පත් වුණත්, පස්සෙ චන්ද්‍රිකා පත්වුණත්, ඊට පස්සෙ මහින්ද පත් වුණත් ඒක ම තමයි වුණේ.

      Delete
  12. සතයට වැඩිය අද වටිනව සත බාගේ
    දාස් ගණන් දීලම ගතයුතු වාගේ!

    ReplyDelete
    Replies
    1. අලුක්කාල වටිනව ඊටත් වැඩියක්
      මිතුරෙක් ගාව තියෙනව ඒවයිං එකක්...

      Delete
  13. so smoking is good after all, great ad for Ceylon Tobacco lol

    ReplyDelete
    Replies
    1. අනූ ගණංවල අග වෙනතුරු ම දුම්බීම අමුතු සහ අප්සට් දෙයක් විදිහට සැළකුණේ නෑ.

      Delete
    2. ඒ කාලෙ බස් ඇතුලෙත් සිගරට් බිව්වා සහ විරුද්ධ වුනාම ගහගන්නත් ආවා.. තාම බස් ඇතුලෙ දුම් බීම තහනම් දැන්වීම් තියනවද?

      Delete
    3. දැන් තියෙන්නෙ, පොදු තැන්වල දුම් බීම තහනම් කියල නීතියක් නෙව. ඒක ආවෙ මයෙ හිතේ දෙදාස් හතේ විතර. දැන් ඒක අපේ සමාජයට කාවැදිල තියෙන්නෙ, දුම්බීම අප්සට් ප්‍රැක්ටිස් එකක් විදිහට පේන තත්ත්වයක් දක්වා.

      මං දවසක් උන්නා, මරදානෙ පොලිසිය ළඟ හෝල්ට් එකේ, අර ඒ කාලෙ සිගරුට් එකක් විදිහට හදපු කීටැග් එකක් තිබුණා. ඒකක් අතේ තියාගෙන උන්නෙ. බස් එකට නගින්ඩ යද්දි කොන්දොස්තර මට කිව්ව සිගරැට් එක නිවා ගන්ඩ කියල. මතක හැටියට ඒ ඔය උඩ කියපු නීතිය දාන්න කලින්.

      Delete
  14. සිගරට් වචනෙ දැකපු ගමන් මට හිතුනෙ, මෙච්චර හොම්බෙන් යන වෙලෙත් සිගරට් බොන්න මූට පිස්සුද කියලා...

    ReplyDelete
    Replies
    1. මට පේන හැටියට, ඒක ඒ කාලෙ වැඩිහිටියන්ගෙන් වෙන් වෙලා ඉළංදාරි බව පේන්න තිබුණු එක ලක්ෂණයක්. වැඩිහිටියො විට කෑව, ඉළංදාරි දුම් බිව්වා.

      Delete
  15. සිගරට් එකක ගාණ කීයද ඒ කාලෙ?
    සතේකට වඩා වැඩි නම් ඒක දීලා සතයක් ඉල්ලගන්න ට්‍රයි කරන්න තිබුන නේද?

    ReplyDelete
    Replies
    1. ඒ නීති උපදෙසට වෙන ම ගෙවන්ඩ එපැයි, ගිනි වලින්...?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි