මුලිම්ම කියන්න ඕනෙ, මං කලින් කොටස් වල මෞඉගෙ නම ලියපු විදියට වඩා මේ විදිය නියම උච්ඡාරණයට කිට්ටුයි. කෙනෙක්ට මේක කියන්න පුළුවන්, මව්වි කියල, මයන්න කියද්දි කට රවුම් කරල වි යන්න කියද්දි ව ශබ්දය යන්තම් පිට කිරීමෙන්.
මඕරි ජනශ්‍රැතිය අනුව මෞඉට කුරුල්ලෙකුගේ වෙස් ගන්න පුළුවන් කම තිබුණා. එයා අත්තටු වල උදව්වෙන් ගින්දර හොයාගත්ත හැටි අපි කලින් කියෙව්වා.
හවායි ජනකතාවක තියෙන හැටියට, මෞඉ තමන්ගෙ පියාඹන අත්දැකීම් එක්කම තමන්ගෙ නිර්මාණශීලීත්වය හැරෙව්වා සරුංගලයක් හදන්න. එයා අත්හදා බැලීම් ගණනාවකට පස්සෙ විශාල සරුංගලයක් හැදුවා. ඒක කොච්චර ලොකුයිද කිව්වොත්, එයාගෙ කාලෙ දකින්න තිබුණු ලොකුම ගෙදරටත් වඩා විශාල වුණා.
https://i.stack.imgur.com/2d0nV.png |
හවායි දූපතේ තිබුණු විශාලතම මිටියාවත වුණු, වායිපියෝ වල ජීවත් වුණු පූජකවරයෙක් මෞඉට මතක් වුනා. ඒ පූජකයගෙ නම කලෙයියොකු (Kaleiioku). එයා ළඟ තිබුණා ඉපු-මකනිය ක මෞමෞ නම් ලබු කැටයක්. ඒ නමේ තේරුම තමයි “සදාතනික සුළඟේ ලබු කැටය“. ඒ ලබු කැටය තුළ කලෙයියොකු සුළඟ හිර කරගෙන හිටියෙ. එයාට හිතුණොත් විතරක් එයා සුළඟ ලබු කැටයෙන් නිදහස් කරනව. ආපහු එයාට හිතුණහම සුළඟ ලබු කැටය තුළ හිරකරගන්නව.
මෞඉ කලෙයියොකු ට කතා කරලා; ලබුකැටය ඇරලා, සුළඟ නිදහස් කරලා, හීලෝ වලට එවලා එතනින් වයිලුකු ගඟ දිගේ එවන්න කියල කිව්වා. එයා සරුංගලය උඩ යවලා, යොත අල්ලගෙන හිටියෙ ඒ ගඟේ ඉවුරෙ. සුළඟ ටිකෙන් ටික හමාගෙන එද්දි, මෞඉ තමන්ගෙ දෙපය බිමට තෙරපාගෙන වැර ගත්ත තැන තවමත් එයාගෙ පා සටහන් තියෙනව කියල ස්වදේශිකයො කියනව.
සරුංගලය උඩ යන්න යන්නම, මෞඉ සිංදුවකින් කෑගහල කියන්න ගත්තා, වයිපියෝ නිම්නයට ඇහෙන්න.
“ සුළඟේ, වයිපියෝ සුළඟේ,
කලෙයියොකුගේ ලබු කැටේ ඉන්නා
ලබුකැටෙන් නිදහස් වී එන්න
සුළගේ, හීලෝ හි සුළඟේ,
ඉක්මණින්, ශක්තිමත් වෙමින් එන්න “
කලෙයියොකු පූජකයා ලබුකැටේ මූඩිය විවර කරළා ඒ ඇතුළෙ තිබුණු හීලෝ හි බලවත් සුළඟ මුදා හැරියා. ඒ සුළඟ මුහුදු වෙරළ දිගේ හමාගෙන ඇවිත් හීලෝ බොක්කට එද්දි, එයාලට මෞඉගෙ කටහඬ ඇහුණා.
“සුළගේ, හීලෝ හි සුළඟේ,
මා වෙතට ඉක්මණින් එන්න“
විශාල කළබලේකින් හමාගෙන ආපු සුළඟ කඳුකරය පැත්තට හැරුණා. වයිලුකු ගඟේ දුර්ග සහ උස් ඉවුරු අතරින් තෙරපිලා ගිය සුළඟ, එතනින් උඩට නැග්ගා, ඒ සුළං පාරට මෞඉ උඩ ඇරපු දැවැන්ත සරුංගලේ අහුවුනා. සරුංගලේ නොසෑහෙන වේගයකින් උඩට ඇදිලා යද්දි මෞඉ සතුටින් උඩපැන්නා. එයාට යොත අල්ලගෙන ඉන්න සෑහෙන මහන්සියක් වෙන්න සිද්ධ වුනා. ඒත් එයා සතුටින් ආයෙත් කෑගැහුවා,
“සුළගේ, හීලෝ හි සුළඟේ,
හනික කඳුකරේට එන්න“
මුහුදේ තමන්ගෙ අණසක පතුරුවාගෙන හිටපු දැවැන්ත සුළං රැළි ඔක්කොම ගොඩබිමට හැරුණා. සුළඟ මෞඉගේ ඇඟේ වදිමින් උඩට නැංගා.
සරුංගලය හදල තිබුණෙ මෞඉගෙ අම්මා හදපු ශක්තිමත්ම කපා රෙදි වලින්. ඒක ඉරුණෙ නෑ. ඒත් උපරිමයටම බොකු ගැහුණා සුළඟෙ වේගයට. මෞඉ අඹරපු යොතත් ඒකට ඇදෙන්න පුළුවන් උපරිමයට ඇදුනා. ඒත් සතුටින් මත් වෙලා හිටපු මෞඉ කෑගැසීම නැවැත්තුවෙ නෑ. අන්තිමේ සරුංගලේ යොත කැඩිලා, ඒක ගහගෙන ගියා දූපතේ ගිණිකඳු තියෙන පැත්තට.
මෞංට කේන්ති ගියා. එයා කඳුවලට උඩින් පැන පැන දුවන්න ගත්තා සරුංගලය පස්සෙන්. ඒ කන්දක් අඩි දාහතරදාහකට වඩා පළලයි. පිමි හයකින් විතර පස්සෙ මෞඉ හිටියෙ ගෙදරින් මයිල හැටක් විතර ඈත, සරුංගලය බිමට පාත් වුණු තැන. මෞඉට වේගයෙන් දුවන්න පුළුවන්කම තිබුණා. එයාට කිව්වෙ මෞඉ-මාමා (වේගවත් මෞඉ) කියලයි.
ආපහු ගෙදර ආවට පස්සෙ මෞඉ පරිස්සම් වුනා ඊළඟට සරුංගල් යවන්න සුළඟට ආරාධනා කරද්දි. හවායි වැසියො එයාගෙ වීරකම දැකලා ඒකෙන් යමක් ඉගෙන ගත්තා. සරුංගලයක් උඩ යවන්න සුදුසු වුනේ වියළි කාලගුණයක් සහිත දවසක්. ඉතින් ඒකෙ අනිත්පැත්ත තමයි, සරුංගලයක් උඩ යවල තියෙනවනම් ඒ කියන්නෙ, වැස්සෙන් කරදරයක් නැතුව කපා රෙදි වේලගන්නයි අනික් එළිමහන් වැඩ කරගන්නයි ඕනෙතරම් කාල වේලාව තියෙනව කියන එක. ඉතින් කඳුකරයෙ සරුංගලයක් උඩ පාවෙනව දැක්කොත් ඒඅය කියන්න පුරුදු වෙලා හිටිය, “අන්න මෞඉ සරුංගලයක් යවල“ කියල. ඒ අය විශ්වාස කරනව ඒක උඩ යවල මෞඉ ඒකෙ යොත වයිලුකු ගඟේ ඉවුරෙ තියෙන ගලක ගැටගහල තියෙනව කියල.
සරුංගලෙයි සුළඟෙයි ශක්තියෙන් මෞඉ වැඩක් ගන්න හිතුවා. එයා ඒක එයාගෙ කඳන් දෙකේ ඔරුවට ගැට ගැහුවා. හරි පැත්තට සුළඟ තියෙනවනම්, ඒ ඔරුව ගොඩක් වේගයෙන් ගමන් කළා. ඉතාම ඉක්මණට මෞඉට යන්න ඕනෙ තැනට යන්න පුළුවන් වුනා.
මෞඉ මියගියාට පස්සෙ, (ඒක වෙන දවසක කියන්න වෙන්නෙ.) එයා හවායි දූපත්, නවසීලන්ත දූපත් එහෙම මුහුදෙන් උඩට ඇදල ගත්ත බිලීකොක්ක වයිලුකු ගං ඉවුරෙ ලාවා අතරෙ තැන්පත් වෙලා ගල් ගැහුණු පාෂාණයේම කොටසක් බවට පත් වුනා. ගඟේ ඉහළ තියෙන වා-කෞහි කියා නම් කරපු දිග ගල් දෙකක් මෞඉගෙ කඳන් දෙකේ ඔරුව කියල විශ්වාස කරනව. කඳුකරයෙ මෞනා කියා සහ මෞනා ලොආ අතර තියෙන පැතළි බිම්කඩ, අහසින් බිමට වැටුණු මෞඉගෙ සරුංගලය කියා විශ්වාස කරනවා.
තවත් කතාවක් බලාපොරොත්තු වන්න.
කලින් ලියපු මෞඉගෙ කතා මේං:
අහලම නැති ජනකතා වර්ගයක්.
ReplyDelete/එයා ළඟ තිබුණා ඉපු-මකනිය ක// මේ මොකක්ද?
/ඉපු-මකනිය ක මෞමෞ නම් ලබු කැටයක් - ඒ නමේ තේරුම තමයි “සදාතනික සුළඟේ ලබු කැටය“/ :-)
Deleteඅජිත් කලින් කොටස් දෙක කියවන්න නැතුව ඇති? පහළ ලිංක් දෙක තියෙනව. රසවත්...
ගොඩක් ස්තූතියි උදේ පාන්දරම (මෙහෙට පාන්දර) කියවන්න ආවට...
කියෙව්වා. ලස්සනයි. කියෙව්වා.රසවත් විස්තරයක්.විස්තරයක්. මට මට පස්සේ මතක් වුනේ අර දෙවැනි කතාව අපි අ ළමයින්ට ගෙනාපු ගෙනාපු පොතක ළමා කතාවක් හැටියට තිබ්බ කියල. මෞරි ජාතිකයෝ කියන්නේ ටිකක් අපිට හුරු කට්ටියක් නේද
Deleteමම කොහෙ හරි කියෙව්ව, පොලිනීසියානුවන් සහ මඕරි වරුන් ආසියාතික සම්භවයකින් එන බව. ඒ නිසා තමයි අපිට හුරු ගතියක් පේන්නෙ.
Deleteමාර විදිහට ජීවිතය සහ සොබාදහම විඳපු ජනතාවක් කියල පේනව ඔය කතා කියවද්දි. නැද්ද? හිතන්ඩකො, නොදියුණු මිනිස්සු, කඳන් දෙකේ ඔරු වල නැගගෙන, සිතියමක්වත් නැතුව අලුත් අලුත් දූපත් හොයාගෙන සංචාරය කරනවයි කියන එක මොනතරම් අවදානම් සහගත, චමත්කාරජනක, පිස්සු වැඩක්ද කියල. මේ අය සමකය වටේ හැම තැනක්ම ආවරණය කරල තියෙනව ඔය විදිහට...
මෞඉ කියල ලියනවට වඩා හුරුයි මෞයි කියල ලියන එක. ඒක අපිට හුරු ශබ්දයක්. ඔය කව්රු කිව්වත් අපට ආවේණික ශබ්ද රටාවට උච්චාරණය කිරීම තමා වෙන්නේ. මාත් ඔය පිලුම බලල මේ ජනකතා අරවා මේවා ප්‍රවාද සෑහෙන්න බැලුවා.. අර මෞයිගේ ආයුධය හැඩේට හත්දින්නත් තරු තියේ කියල කියන එක අහල තියේද?
ReplyDeleteඑහෙනං මෞවි කිව්වනං වැඩිය හරි. "යි" නෙවෙයි "වි" ශබ්දයක් අගට එන්නෙ.
Deleteහද්දින්නත් තරු ඒ වගේද? අද රෑ බලන්ඩ ඕනෙ.
http://mythology.net/greek/greek-gods/aeolus/
ReplyDeleteSee- bag of winds
මොකෝ මට අමතක? ඔඩිසියස් ආපහු ගෙදර යද්දි, ඉයෝලස් ගෙ දූපතට යනවනෙ. එතනදි එළු හම් මල්ලකට හැම වර්ගයකම හුළං පුරවල දෙනව. අතරමගදි ඔඩිසියස්ට නින්ද ගිය වෙලාවක (ඉතකා දූපත පෙනි පෙනී) සේලරුවො ටික අර මල්ල අරල බලනව.
Deleteඔය සිද්ධිය මට මතක් උනා ඔය හුළං පුරවපු ලබු කැටේ ගැන කියවද්දි...
දන්නවද? ඔය ඉයෝලස් ගෙ පුතා නෙ සිසිෆස්. අර හැම දාම උදේට තඩි ගළක් තල්ලු කරගෙන යන්නෙ කන්දක් මුදුනට...
පර්සි ජැක්සන්ට හුලං දාල දුන්නෙ තර්මොස් එකක
Delete:-D
ඔය කිව්වහම පොඩ්ඩක් හොයල බැලුවෙ. මට ලයිට්නිං තීෆ් නං මතකයි. ඒකෙ හර්මිස් ගෙ පුතා නයිකි සපත්තු දෙකක් දුන්න. මෙඩ්‍යුසා සන්ග්ලාස් දාගෙන උන්න. හොලිවුඩ් බෝඩ් එක යටිං පාතාල ලෝකෙට බැස්ස. තර්මොස් එක මට මතක නෑ...
Deleteබැලින්නං තව ෆිල්ම් එකක් තියෙනව. මැරිල හරි ඒකත් බලන්ඩ ඕනෙ. ටැංකිව් තොරතුරට
උදේ පාන්දර ඔලුව විකාර කලාට ස්තූතියි.
ReplyDeletewhat can I say axcept, youre welcome...
Deletehttps://www.youtube.com/watch?v=79DijItQXMM
අපිටත් පුළුවන් නේද මේ වගේ ජනකතා හදන්න. ඈ....
ReplyDeleteමොකෝ බැරි?
Deleteඋඹ නිකං කම්මැලිකමට කතාවක් කිව්වත් ඒක ජනකතාවක් බවට පත්වෙනව කාලෙයක් ගිහිං...
මෙ කථා පෙල අළුත් අත්දැකීමක්
ReplyDeleteස්තුතියි ඩ්‍රැකී.
නයනෙ ගොඩ කාලෙකිං... ස්තූතියි ප්‍රතිචාරයට.
Deleteමේ නම් වලට වෙන කටට හුරු නම් ටිකක් දාගත්තම පොඩි උන්ව නිදි කරන්න හොඳයි.. :D
ReplyDeleteකලෙයියොකු = කලණ යකු
Deleteමෞඉ = මිත්‍ර
ඉපු-මකනිය ක මෞ මෞ = සුමිත් කළණසිරි
Deleteතවත් කතා ටිකක්. දැන් ලේ බොන එක නතර කරලා ද මේ ජනකතා පස්සේ යන්නේ?
ReplyDeleteආ... මල්ලි. පරණ කතාවෙ දෙවෙනි කොටස් මාලාව ළගදීම බලාපොරොත්තු වන්න.
Deleteඩ්‍රැකීගෙ කතා අහන්න ආසයි ඒත් පහු ගිය ඒව මග හැරී ගිහින්
ReplyDeleteඒකනෙ. ගුණසිංහ මහත්තය ටික දවසකින් දැක්කෙ....
Deleteමෞඉ ට මම හරි ආසයි අනේ... එයා හරිම කියුට්. එයත් එහෙනම් සරුංගල් යවන්න කියලා කඳු පෙරලගෙන දුවගෙන ගියපු කෙනෙක්! සන්තෝසයි!!!
ReplyDeleteඒ වගේ තඩියෙක්ට කියුට් කියනවනං ඉතිං, අපිව දැක්කොත් ඔයා වඩාගනියි :-)
Deleteඅර You're welcome සිංදුවෙ තියෙන්නෙ පොර සරුංගලයක් එක්ක ගහගෙන යන සීන් එකක්... ඒක තමයි මේ.
ඔයා කියන්නේ ඩිරකියෝ (හෑ .. ඔයාගේ නම ලියන්න බැහැනේ!) මම එයා ගැන කියවනකොට සම්පුර්ණයෙන්ම ඒ සින්දුව ඔලුවේ වාදනය කරමින්, රූපරාමු ඔළුගෙඩියේ ප්‍රොජෙක්ට් කරමින් තමයි කියවන්නේ. ඇයි ඌ කියුට් නැතිද? ගල්ගෙඩියක් වගේ හිටියට එයාගේ ටැටූ දොස් කියද්දී උනත් නැතුව උනත් මෝනාට උදව් කරනවනේ!
Deleteහැක්... ඩ්‍රැකී කියල ලියන්ඩ ඔච්චර අමාරුය?
Deleteහැබෑට මට තරම්ම සිනමා උම්මාදයක් තියෙන තව මනුස්ස පරාණයක් ඔය දැක්කමයි.
මෞවි කියුට්, ඇතුලාන්තයෙං. ඒ වගේම මං ආසයි ඌ මොආනව මුහුදෙ දාන සීන් වලට. අර කුකුළට කියන්නෙ, මයෙ බඩ ඇතුලෙ දාගෙන ආදරේ කරනව කියල... එව්වට එහෙම. හෙණ ජොලි, සංවේදී, හොඳ, අත්මාර්ථකාමී, කීර්තිය පස්සෙ හඹා යන, පරාර්ථකාමී... එහෙම කළවමක් තමයි උන්දැගෙ තියෙන්නෙ.
මගේ සිනමා උන්මාදය ටිකාරියක් විතර ප්‍රසිද්ද එකකි. විශේශයෙන් ඇනිමේටඩ් ඒවාට. zootopia බැලුවද? අන්න මූවි!! කියල වැඩක් නෑ
Deleteඋගේ කියුට් ගතිය නම් ආසම විදියක්. මෝනා උනත් මාර හැගීම් දනවන මූනක්. ඇක්ශන් නියමයි අනේ...
ඔන්න ඉතින් මාව ආයෙමත් ඕක බලන්න පොලබවනවා....
ඈහ්... සූටෝපියා මොකෝ නොබැලුවෙ? මං බලපු හොඳම ඇනිමේටඩ් ෆිල්ම් තමා ඒ. ලිස්ට් එකක් ඕනෙයි?
DeleteHow to train your dragon
How to train your dragon 2
Despicable me
minions
Up
Cars
shrek
shrek 2
ice age 1,2,3,4, and shorts
croods
good dinosaur
wall E
ratatouille
frozen
Monsters Inc.
wreck is ralph
tangled
hotel transylvania
bolt
(හිතට ආව පිළිවෙලට)
මොආනගෙ තියෙන ඇක්ෂන් නම් පිස්සු තමා ඈ... අර කුණාටුවෙන් පස්සෙ මෞවි ඉන්න දූපතේ වෙරළෙ ඉඳං මුහුදට බණින හැටි කොහොමද? “මාළු දවස තිස්සෙ ම තමුසෙට චූ කරන එකයි!...“ මෞවි ගෙ මං ආස පොඩි පොඩි දුෂ්ටකම් වලට. (හේතුව මොකද දන්නෑ...)
අඩේ මං වගේ තව උං ඉන්නව එහෙනං ..
Deleteඒත් මං ඇනිමෙ බලනකොට අපෙ අම්ම බනින විදිහ තමා ඉවසන්ඩ බැරි ...
මං බලනව විතරක් නෙමේ එකතුත් කරනව ...
දැනට ටෙරා එකහමාරක් විතර තියනව ...
හැක් හැක්... කොහෙද මෙච්චර කල් ගිහිං හිටියෙ නිවුන්නො?
Deleteමං ගාව තියෙනව ඩීවීඩී අල්මාරි බාගයක්... අපි එක අත්තෙ කුරුල්ලොනෙ, වවුලයි මදුරුවයි උනාට.
මටත් ඩ්‍රැකියානි ඉස්සර බැන්න, පොඩි එකා වගේ කාටුන් බලනව කියල. ඒත් පුතාට බලන්න දාල දුන්නට පස්සෙ, එයාටත් රහ වැටුණ ඒව ගැන.
Deleteලිස්ට් එකේ සියල්ලම බලා ඇත. ඊට අමතරව
DeleteDespicable me 2
trolls
monster university
tinker ball ( all series)
cendarella
jungle book
madaguskar
planes
අනේ තව ඇත. ලිවිමෙන් ආභාධ සහිතය.
මාත්
DeleteDespicable me 2
monsters university
madagascar 1, 2, 3 + Penguins of Madagascar
planes
ෆිල්ම් වලට ආසයි.
අර ටිංකර් බෙල් සීරීස් එක බැලුවෙ නෑ, ගෑල්ළමයි ගෙ එකක් කියල හිතල.
අෘ... තව හෙණටම ආස එකක් තමා, Sing! කෝමද ඒකෙ සිංදු ටික? මං ආසම: ඉත්තෑ කෙල්ලගෙ රොක් සිංදුවයි, මීයගෙ පොප් සිංදුවයි...
තව,
Mr. Peebody and Sherman
Finding Nemo
Finding Dory
Kung Fu Panda
Chicken Run
A Bug's Life
Rango
Surf's Up
Horton hears a Hoo
The Lorax
Puss in Boots
Cloudy with a Chance of Meatballs
arthur christmas
Ants
Toystory
Frankenweenie
...
මොකද්ද ආබාධ ගැන කිව්වෙ?
னයා ටෝච් එකට බැට්‍රි කෑල්ලක් දාගන්න ආවෙ. කියවන්න පස්සෙ එන්නං.
ReplyDeleteබැටරි දාන්ඩ මෙහෙ එන්නෙ? මේක කඩෙයක් කියල හිතුවද?
Deleteබොට කියන්න මාත් ඔහොම සරුංගලයක් හදල යැවුව. හුළගටත් ආරාධනා කළා. මොන...
ReplyDeleteඒක උඩ ගියේ නෑ කියහංකො. හැක්..
ඒක වැටිච්ච තැන තමයි ප්‍රා.සභා පිට්ටනිය කියල මිනිස්සු විස්වාස කරනව.
පත්තර නැට්ටක් ඇලෙව්වනං කොම්බු ගහන්නෑනෙ. කොහෙද ඉතිං දෙකක් දාගත්තහම උඹලට සියුම් තාක්ෂණික උපක්‍රම අමතක වෙනව.
Deleteඋඹ කීපාරක් මොනා බැලුවද ..??
ReplyDeleteඒක බොක්කටම වැදිල වගේ ..
හැක් හැක්...
Deleteඅපේ පුතා අවුරුදු දෙකයි වයස. පහුගිය කාලෙ එයා දවසකට තුං හතර පාරක් මොආනා බැලුව, මට ඉබේ බැලුනා. දැං බලන්නෙ ඉන්සයිඩ් අවුට්.
inside out????? අන්න මූවී!! නැද්ද. මාර කන්සෙප්ට් එකක් නේද ඒක!!
Deleteඔහොම අදහසක් මගේ ඔලුවේ තිබ්බා මම පුන්චි කාලේ. කෝ කොහෙද ඉතින් වටේ උන්නු එවුන් කිව්වනෙ මට කොයිල් කියල! අන්න බලන්න නේද ඈ??
සිරාවට... අන්න සංකල්ප...!
Deleteවටේ ඉන්න උං කොයිල් කියන්නැත්තෙ මොනවටද ලිකී? සැලෙන්ඩ නාකයි. බැලුවද, Riley's first date?
තාම නැත.
Deleteබලන්නම්. අනේ ඉතින් මාව ලමාරක්ශකෙන් හොයයිද?
කමක් නෑ තව කට්ටිය ඉන්නවනෙ.
මායි ඇනෝෆීලිසුයි ඉන්නව ඇප දෙන්ඩ. බය වෙන්ඩ එපා ලිකී...
Deleteඔය දෙන්නට ඇප දෙන්නේ එතකොට?????
Deleteඔයා දෙන්ඩ
Deleteවෙනස්ම විදියේ කතාවලින් අපිව දැනුවත් කළාට ස්තුතියි...
ReplyDeletewhat can I say axcept, youre welcome...
Deletehttps://www.youtube.com/watch?v=79DijItQXMM
මට අර පින්ටූරේ දැක්කට පස්සේ වර්තමාන ටැටූ කලාවට ඒවායේ පෝෂණය ලැබී ඇති සිතනවා
ReplyDeleteවිචාරක දියණිය
පච්ච කෙටීම බොහෝ ප්‍රාථමික සමාජ වල දකින්න තියෙන අංග අලංකරණ ක්‍රමයක්. නූතන පච්ච කලාවට ගොඩක්ම චීන, අප්‍රිකානු රෑප වලින් සකසාගත්ත පින්තූර යොදාගන්නව.
Deleteමමත් රසිකයෙක්😍😍😍
ReplyDeleteමොකෝ මං නොදන්නෙ තරියා?
Delete