Friday, November 30, 2012
යාළුවනේ,
ඕන්න මගේ බ්ලොග පටන් ගත්තා. වෙන ඕනෙම බ්ලොග් ලියන්නෙකුට වගේ මටත් මේක කාලෙක ඉඳන් තිබුණු ආසාවක් ඉටු වීමක්.
මේ බ්ලොගෙන් මම ලියන්න යනවා කිසිම රාමුවකට කොටු නොවී හැම දෙයක් ගැනම; ඒත්, මුලින් නම් කෙටියෙන් ලියන එකයි, යාන්ස් හෙවත් යාං හෑලි ලියවෙන එකයි, වළක්වන්න බැරි වෙයි.ඒ කියන්නෙ මතක සටහන්, කයිවාරු, වගේ දේවල්.
ඉතින් එන්න, මගේ බ්ලොගයට එන හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලගෙ කොමෙන්ටු වලට පිළිතුරු ඒ සැණින්ම ලැබෙයි කියලා මම පොරොන්දු වෙන් නෑ. ඒත් හැමෝටම මම පිළිතුරු දෙනවා.
- ඩ්රැකී
Subscribe to:
Post Comments (Atom)
වැඩිපුර බලපු ලිපි
-
පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ...
-
මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව... තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ...
-
පිදුම අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට... එක්තරා කාලෙයක් තිබුණ , මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය ය...
-
එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් ...
-
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හි...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක , අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්... ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර ඉස්කෝලෙ මහත්තුරු සහ බටග...
-
කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වල...
-
අංගුලිමාල සූත්රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්රය මුල සිට සිංහලෙන්... බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උය...
-
මෙදා පොටේ මගේ පුස්තකාලෙන් එළිදක්වන්නේ, සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ "සිරි ලංකා ඉල්ලං - කා" පොතයි. ඒකෙ මගෙ හිතට තදින්ම අල්ලලා ගිය, ...
බුදු අම්ෙමා මටනම් බෙෙය් බෑ අයිෙය්
ReplyDeleteබය වෙන්න එපා මලේ :ඩී
Deleteබ්ලොග් අවකාශයේ සුන්දර දිගු ගමනක් යන්න ශක්තිය, ධෛර්ය ලැබේවා !!!!!
ReplyDeleteජය වේවා !!!!!
හදවතින්ම ස්තූතියි. ඔබ වගේ ජ්යේෂඨයෙකුගේ දිරිගැන්වීම මාර විදියට දැනෙනවා.
Delete// ඔබ වගේ ජ්යේෂඨයෙකුගේ//
Deleteබොට පිස්සුද ඩ්රැකියෝ ????? මම මොන හිච්චි කොල්ලෙක්ද???? කවුරු හරි මේක දැක්කොත් වස නිංගිරාවෙ බෑ :D :D
හී... හී... හී...
Deleteසිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනකට සුභ පැතුම් :D
ReplyDeleteගොඩාක් ස්තූතියි, ගොඩාක් ස්තූතියි, මා වැනි (බ්ලොග් ක්ෂේත්රයට) බිලින්දෙකුට වචනයකින් හරි ලැබෙන තල්ලුව ලොකු හයියක්...
Deleteමෝඩ ඩ්රැකියාගේ ආරම්භය.. හැක්..
ReplyDeleteඅඩෝ දූෂකය...! මෙතෙන්ටත් ආවද උඹ?
Deleteහ්ම්ම් ... අද පටන් ගත්තා මුල සිට කියවන්න .
ReplyDelete