Sunday, April 13, 2014

අලුත් අවුරුද්දේ - මගේ පුස්තකාලෙන්...

(අවුරුද්ද ගැන ලියන්න දේවල් හිතේ ගොඩ ගැහුණත්, බ්ලොග් කාරයින්ට සැරින් සැරේ හැදෙන මානසික කම්මැලිතාවය කියන ලෙඩේ නිසා ලියාගන්න බැරි වුනා මොකවත්. ඉතිං පරණ පොතකින් කෑල්ලක් දාලා ජාමෙ බේරගන්න හිතුනා.)

විචාරක මහත්තයගෙ පුස්තකාලෙන් කොප්ප ගහලා, ඩ්‍රැකියත් පටන් ගත්තා මගේ පුස්තකාලෙන් පොත් ගැන පොඩි හැඳින්වීමක් දෙන්න.

හා හා පුරා කියලා ඩ්‍රැකියා හඳුන්වලා දෙනවා, සුනන්ද කෝදාගොඩ කියන පරණ පුවත් පත් කලා වේදියා ගේ සරළ විනෝදාත්මක තීරු ලිපි එකතුවකින් සකස් වුණු, “විනෝද රසාංග“ කියන පොත. මේ පොතේ එන එක ලිපියක හැටියට මේ ලේඛකයා චන්ද්‍ර අනගිරත්න ගේ සමකාලීනයෙක්. මෙයාගෙ ලිපි වල කාලය වෙන්නෙ ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමාගෙ මුල් පාලන කාලය කියලා පේනවා. සරළ විනෝදය යටින් දිවෙන දේශපාලනය මෙන්ම, තරුණකමට ලියවෙන දේවලිනුත්, මේ පොත බොහොම ප්‍රාණවත්. ඒ වගේම සමහර ලිපි වලට ජනක රත්නායක ඇඳපු කාටූන් එකකුත් එකතු කරලා තියෙනවා.

මේ, ඒ පොතෙන් උපුටාගත්ත එක ලිපියක්, අලුත් අවුරුද්ද ගැන...






සුභ අලුත් අවුරුද්දක්, ඩ්‍රැකියාගෙ අඩවියට ගොඩවදින හැමෝටම වේවා!!!

- ඩ්‍රැකී, මිසිස් ඩ්‍රැකී සහ (මේවා ලියන හැම වෙලේම ඩ්‍රැකියගෙ කකුල් ගාව බිම නිදාගෙන ඉන්න) චූටි කුකූ ගෙන්...

37 comments:

  1. ලියමන දාපු ගමන් උණු උණුවෙම කමෙන්ට් එක මගෙන්....

    සෑහෙන දවසකින් හොද රහක් දැනුනා මේ කථාව කියෙව්වාම...ඒ කාලෙ තිබුන සමාජ පැතිඩකත් නිරාවරණය වන පරිදි මේ කථා බොහෝ විට ලියවුනු බවක් තමයි පේන්න තියෙන්නෙ. මීට කලියෙන් පල කරපු බස් රථයේ කවි ටිකත් පංකාදුයි...මේ පොතේ තව මෙවැනි ලියවිලි තියෙනවා නම් අප සමග බෙදා ගනු මැන. ඩ්‍රැකියාට සහ මිසිස් ඩ්‍රැකියාට සුභ අලුත් අවුරුද්දකට ආසරි පතමි. ජය !

    ReplyDelete
    Replies
    1. තැංකිව් තැංකිව් සිරා...

      මේ පොතේ තව මරු මරු ලිපි ටිකක් තියෙනවා, වෙලාවක දාන්නං.

      සිරාටත් එසේම වේවා!!!

      Delete
  2. කථාව ලියවුන කාලේ මොකක් වුනත් අදටත් ගැලපෙනවා .

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ලංකාවෙ ජීවන තත්ත්වය එච්චර වෙනස් වෙලා නෑ නේ?

      Delete
  3. සියුම් උපහාසයන් සහිත ලස්සන කතාවක්.

    චූටි කුකූ කියන්නෙ පූසෙක් ද, බලු රාලෙක් ද ? අපේ ගෙදර කලින් හිටපු පූසට නම්, මං වැඩක කරද්දි පුටුවෙන් පැත්තක් ඕන නිදා ගන්න. :)

    ඩ්‍රැකී ට ත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි

      චූටි කුකූ කියන්නෙ මගෙ දුකට සැපට ළගින් ඉන්න අඩියක් විතර උස ඇති නරියෙක් වගේ පෙනුමැති මගේ බලු කඩියා... උන්නැහැට ඕනෙ හැම තිස්සෙම කම්පියුටරේ තියෙන තැන බිම නිදාගන්න. හැබැයි අපි කවුරුහරි ඉන්නත් ඕනෙ එතන.

      චන්දනටත් පවුලේ සැමටත් එසේම වේවා!

      Delete
  4. පවුල් බරෙන් මිරිකෙන්න වෙන්නේ නෑ පවුලේ කාන්තාවනුත් පිරිමින් වගේම රැකියාවල් කරගෙන හම්බකරගන්නවනම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහස් එක් කිරීමට. දැන් කාලෙ නම් දෙන්නාම රැකියා කළත් අමාරුයි හැබැයි... අපේ ගෙදර මායි බිරිඳයි දෙන්නම රැකියා කරනවා, අම්මට තාත්තගෙ පෙන්ෂන් එක ලැබෙනවා. ඒත් අපි තුන්දෙනා වුනත් ජීවත් වෙන්නෙ ටිකක් අසීරුතා ඇතුව...

      Delete
  5. අපූරුයි උපහාසය මිශ්‍ර ප්‍රහසනය..

    ඩ්‍රැකියා ඇතුළු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා... සෙන්නාටත් කුරුන්දටත් පවුලේ සැමටත් එසේම වේවා!!

      Delete
  6. Replies
    1. අලියට ඇහැ තියමුද? :-):-):-)

      Delete
  7. හෆ්ෆා මේ පැත්තේ ආපු කල්...
    ආපු ගමන් හිනා කන්න දුන්න නේ.. හරි හරි එහෙනම් ඩ්‍රැකී ඇතුළු සියලුම වැම්පයර්ලා සෙට් එකටත්, අඟහරු වාසීන් වෙතින් සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා අඟහරුවා දැක්ක කල්...

      අඟහරු ලෝකෙටත් එසේම වේවා!!!

      Delete
  8. සුනන්ද කෝදාගොඩ ගැන අහන්න වුනෙත් අදයි. බොහොම ස්තූතියි!

    වාසනාවන්ත නව වසරක් වේවා!!

    ReplyDelete
  9. ගොඩක් කාලෙකින්නෙ,ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැලපයියත් ගොඩ කාලෙකින්...

      එසේම වේවා !!!

      Delete
  10. මේ කතාව වර්තමානයට ගලප්පල ලියමුකො තව එකක්.. අපූරුවට තියෙයි..

    ReplyDelete
    Replies
    1. ලියන්න ට්‍රයි එකක් දෙන්නං. කොහෙද ඉතිං මේ මානසික කම්මැලිතාවය ටිකක් වත් හොඳ වෙනකං ඉන්න ඕනෙ.

      මේ පාර සරත් අයිය හම්බ වෙන් නෑ නේද?

      Delete
  11. ඔන්න බලහං මම සලංපෙසං කිව්වම කට්ටිය හිනාවුනා. මේකේ සලංපකාසං කිව්වට කවුරුවත් හිනාවෙන්නේ නෑ. පට්ට අසාධාරනයක් යකෝ මේක.

    සුභ අලුත් අවුරුද්දක් වේවා උඹට. තව තව ලේ බොන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ‘සලංපකාසං‘ මාර කෙටි කිරිල්ල... හරියට ‘සමාජකජම තරුණ සංවිධානය‘ වගේ (සමගි මාවතේ ජල කළමනාකරණ ජලාපවාහන හා මඩවතුර අරන් දැමීමේ තරුණ සංවිධානය)

      හෙන්රි අයියටත්, දීපා අක්කටත්, පොඩි හෙන්රි පැටියටත්, හිරුස් ටත් එසේම වේවා!

      Delete
  12. ඩ්‍රැකීටත් පවුලේ සමටත් ලැබූ නව වසර සුබම සුබ නව වසරක් වේවා...!!!!!

    ReplyDelete
    Replies
    1. මනෝජ්ටත් පවුලේ සැමටත් එසේම වේවා!!!

      Delete
  13. මට හිතෙන්නෙ ඒ කාලෙක මේක කියෙව්වා නම් මීට වඩා උපහාසයක් අපේ හිතට දැනේවි. ව්‍යංගයෙන් කියපු කාරණා දැනගන්න නම් ඒ කාලෙ කෙනෙක්ගෙන් අහන්නම වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නං ඇත්ත. සුභ අලුත් අවුරුද්දක් වේවා හරී ට!

      Delete
  14. සුනන්ද කෝදාගොඩ කියලා අපේ බැංකුවේ නම් පොරක් ඉන්නවා. මට හිතුනේ දොස්තර නන්දදාස කෝදාගොඩ කියලා. මිනිහත් රස කතා කියන්න උපන් හපනා. ඉස්සර මිනිහගේ වෛද්‍ය ගැටළු තීරය මාර ජනප්‍රියයි(ගුවන්විදුලියේ D).

    ReplyDelete
    Replies
    1. අමතක වුණා දෙයියනේ.

      සුබ අලුත් අවුරුද්දක් පවුලේ සැමට !!!

      Delete
    2. මාත් ඇත්තටම ගොඩක් ගරු කරන කෙනෙක් තමයි නන්දදාස කෝදාගොඩ දොස්තර මහත්තයා. ඒ වගේ නිහතමානී රසවත් විද්වත්තු දැන් සමාජයේ දකින්න ඉන්නෙ හරි අඩුවෙන්. (ඔස්මන්ඩ් ජයරත්න මහාචාර්යතුමත් ඒ වගේ එක්කෙනෙක් - මතක් වුනාට ලිව්වෙ)

      සුදිකටත් පවුලේ සැමටත් එසේම වේවා!

      Delete
  15. දැන් සුභ පතල වැඩක් නැ නෙ.ලිපිය මරු

    ReplyDelete
  16. චන්ද්‍ර අනගිරත්නෙගත් මේ වගේ කතා තියෙන පොත් දෙකක් තියේ නේද... මං එකක් කියෙව්ව... නම නං මතක නෑනෙ...
    සැක් ඉතරක්...

    ReplyDelete
    Replies
    1. චන්ද්‍ර අනගිරත්නගෙ පොත් දෙක නං මාත් කියෙව්වා. ඒකෙ තියෙන්නෙ පොඩි පොඩි කතා ගොඩක්. අනගිරත්නගෙ මේ වගේ තීරු ලිපි කීපයක් නං මං දැක්කා ටික කාලෙකට කලින් ‘නරලොව හොලමන්‘ කියලා.

      Delete
  17. අනගිරත්නගේ කතා තරම් ගතියක් මට ආවේ නැහැ

    ReplyDelete
    Replies
    1. තව එකක් කියවලා බලමුද එහෙනං?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි