Wednesday, September 16, 2015

අලි ප්‍රහ්‍ෙලිකා අංක 1 - පිළිතුරු සහ ජයග්‍රාහකයෝ

පහු ගිය සතියේ කල් ගැනීමක් විදිහට දාපු අලි ප්‍රශ්න අට ට ඉතා උනන්දුවෙන් උත්තර බැඳපු සහ කමෙන්ට් කරපු හැමෝටම පුළුවං උනා, මේ බ්ලොග් එකේ මෙතෙක් වැටුණ වැඩිම කමෙන්ට් ගාණ ස්කෝර් කරන්න. ඒ ගැන මුලිම්ම ස්තූති පූර්වක කුරුතඤ්ඤ (උපුටා ගැනීම - රොමාගේ වාසනාව - අනුවාදක කර්තෘ ඒ. ආර්. එරත්න) බාවය ප්‍රකාශ කරනවාය.

කලිං පෝස්ටුවේ උත්තර, කලිං පෝස්ටුවේ ම පහතින් කමෙන්ට් එකක් හැටියට දාන්න හිටියත්, සුධීන් දැක්වූ උනන්දුව හේතුවෙන් ඒකත තවත් පෝස්ටුවක් විදිහටම පළ කරන්නට අදහස් කරන්නට යෙදුනා ඇත.

එහෙනං ඕං උත්තර.

http://www.funnyjokester.com/j/elephant-joke.png

අංක 01.

1 පියවර - ෆ්‍රිජ් එක ඇරියා
2 පියවර - අලිය ෆ්‍රිජ් එකට දැම්මා
3 පියවර - ෆ්‍රිජ් එක වැහුවා

සාර්ථක උත්තර සැපයූවෝ -

කම්මල, කම්මල (කමෙන්ට් ඩබල් කිරීම තහනම් උත්තේජක භාවිතා කිරීමට සමාන ය), ඩූඩ්, කැමා (යෂ්‍යන්ත), මනෝ මන්දිර, මදාවියා, කුරුට්ටා, අන්තිම පේළියෙ ගල-පාත

අංක 02.

1 පියවර - ෆ්‍රිජ් එක ඇරියා
2 පියවර - අලිය එලියට ගත්තා
3 පියවර - ජිරාෆෙය ඇතුළට දැම්මා
4 පියවර - ෆ්‍රිජ් එක වැහුවා

සාර්ථක උත්තර සැපයූවෝ -

කම්මල, ඩූඩ්, කැමා, මනෝ මන්දිර, මදාවියා, කුරුට්ටා, ගලපාත

අංක 03.

පාටියට ආවේ නැත්තේ ජිරාෆයා ය. ඒ ඌ ෆ්‍රිජ් එකෙන් එලියට අරං තිබුණේ නැති නිසාය.

සාර්ථක උත්තර සැපයූවෝ -

කම්මල, ඩූඩ්, කැමා, මනෝ මන්දිර, ගලපාතගෙ දෙවෙනි උත්සාහය

අංක 04.

ඕනෑම පාටියකට ගිහිං දාලා එන්නේ කබරයා ය.

සාර්ථක උත්තරයක් දුන්නේ ගල්පාත විතරකි.

අංක 05.

නිධානය ගත් මිනිහා, සිංහයාගේ පාටිය තිබුණ දවස බලං ඉඳලා, හරියටම ඒ දවසේ ගිහිං නිධානය ගත්තේය. මොකද කියනවානම්, ඒ පාටියට හැම සතෙක්ම යන එකේ, කිඹුලත් නොවැරදීම යන නිසාය. ඒ හිතුවා වගේම කිඹුලා ගිහිං තිබුණේය.

ඒකට උත්තර දීලා දිනුවේ කම්මලා විතරය.

අංක 06.

ෆොක්ස්වැගන් බීට්ල් රථයට ඇත්තේ දොරවල් දෙකක් පමණි. ඒ නිසා පියවර වෙන්නේ පහත පරිද්දෙන් ය.

1 පියවර - දොර දෙක ඇරියා
2 පියවර - ඉස්සරහ සීට් එක නැමුවා
3 පියවර - පිටිපස්සෙ සීට් එකට අලි දෙන්නෙක් දැම්මා
4 පියවර - ඉස්සරහ සීට් එක දිගඇරියා
5 පියවර - ඉස්සරහ සීට් දෙකට අලි දෙන්නෙක් දැම්මා
6 පියවර - දොරවල් වැහුවා

සාර්ථක උත්තර දුන්න අය,

ලොකු පුතා සහ කැමා

අංක 07.

ගමරාළට මගදි හම්බුණ එකෙක් ඇහුවා, “ආ... ගමරාළ අයියා, ෆොක්ස්වැගන් එකක් අරං නේද? කීයක් උනාද?“

ගමයට මළ පැන්නා. “මොන ෆොක්ස්වැගන්ද බොල මේ වී ටිකත් විකුණගන්න බැරුව ඉන්න අපිට?“

“බොරු කියන්ඩ එපා. එහෙනං අර මිදුලෙ තියෙන්නෙ බැබළි බැබළි.“

“හුටා! මළ කෙළියයි. අලි ඇවිත් ගෙදෙට්ට...!!!“ ගමෙය ලවක් දෙවක් නැතුව ගෙදෙට්ට දුවන්න ගත්තා.

සාර්ථක / ළඟින් යන උත්තර දුන් අය,

ලොකු පුතා සහ මදාවියා

අංක 08.

1 පියවර - දොර දෙක ඇරීම
2 පියවර - ඉස්සරහ සීට් එකේ අලි දෙන්නා එළියට දැමීම
3 පියවර - ඉස්සරහ සීට් එකක් නැමීම
4 පියවර - පිටිපස්සෙ සීට් එකේ ඉන්න අලි දෙන්නා එළියට ගැනීම
5 පියවර - ඉස්සරහ සීට් එක දිග ඇරීම
6 පියවර - ෆ්‍රිජ් එක ඇරීම (ජිරාෆයා තාම ඒක ඇතුලෙ නෙ. කවුරුවත් ඌව එළියට දැම්මෙ නෑ තාම)
7 පියවර - ජිරාෆයා එළියට ගැනීම
8 පියවර - ෆ්‍රිජ් එක වැසීම
9 පියවර - ජිරාෆයා ෆොක්ස්වැගන් එකේ ඩ්‍රයිවින් සීට් එකේ ඉන්දවීම
10 පියවර - දොර දෙක වැසීම

මේ ප්‍රශ්නෙට නං කවුරුවත් උත්තර දුන්නෙ නැත. හුරේ...!!!

ඒ අනුව මගේ ආදර බර පාඨකයන් ලබා ගෙන ඇති ලකුණු ප්‍රමාණය

කම්මල - 4/8
කැමා - 4/8
අන්තිම පේළියෙ ගල-පාත - 4/8
මනෝ මන්දිර - 3/8
කම්මැලි ඩූඩ් - 3/8
මදාවියා - 3/8
ලොකු පුතා - 2/8
කුරුට්ටා - 2/8

මේ උදවියට කිඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං එක බැගින් යථා කාලයේදී හිමි වනු ඇත. එතෙක් කට ඇරගෙන උඩ බලං සිටීම හොඳය...

නිර්මාණාත්මක උත්තර දුන්න අය (තරා ගත කර නැත.)

මදාවියා
ප්‍රසන්න
පොඩි කුමාරිහාමි
විචාරක
නලීන්
ඉයන්

මේ අයට සෙදෝනා ගේ බිබික්කම් ලබා ගැනීම සඳහා, ළඟම ඇති සිල්ලර කඩේ මුදලාලිගේ චරිත සහතිකයක් අමුණා, මෑතකදී කොට ෂෝටක් ඇඳ ලබා ගත් ඡායාරූපයක් ද සමඟ අදම අයදුම් කරන්න.

උත්තරයක් නොදුන්නත් කමෙන්ට් කරපු උදවිය වන, 

මෙන්ඩයි, බණ්ඩයි - සී ජෙ විදානෙයි
ඉවානෙයා කියනා ලව් පූසයි
අඟහරු පැටියයි - ලබ්බයි, මනොවයි
පැතුමයි, ප්‍රා ජෙයි - පත්තර මල්ලියි

වෙනුවෙන් අමාරුවෙන් ගැටගහගත් කවියක් මා විසින්ම ප්‍රකාශයට පත් කරනු ලැබේ.

73 comments:

  1. අර කැමත් උත්තර දිලා ...මෙහම නවනිගීරිවක් මිට වැඩිය හොදයි අලියා ගහලා මැරනුනම්

    ReplyDelete
    Replies
    1. එල්ලියං අර උඹෙ මොකක්ද එකක....

      Delete
    2. ඒක එච්චර හරි නෑ නේද මල්ලි... (හැක හැක)

      Delete
    3. ඩ්‍රැකි
      ඔකා මගේ ඡන්මන්තර වෛයිරක්කාරයක්...

      Delete
    4. ඒකනෙ උඹ හති දදා ඉද්දි අරූ උඹව පට්ටලෙන් බිමට තල්ලු කළේ... මං දන්නවා බං. මං දන්නවා... සැලෙන්න එපා, උඹටත් චාන්ස් එකක් එයිනෙ.

      Delete
    5. ආන්න ඩ්‍රැකියට විතරයි ඇත්ත තේරුනේ... ඔය මෙන්ඩා හිතේ අමාරුවට කෑ ගහන්නෙ...

      Delete
    6. දැන් ඉතින් කැමාගේ රෙස්පටි බලන්නත් එපැයි.ඩ්‍රැකියා බැරිද පොඩි කමිපියුටර් ජිල්මාටි එකක් දාලා මූට එකක් අඩු කරන්න.

      Delete
    7. මෙන්ඩයි කැමයි දෙන්නා නිකං මට පේන්නේ හරියට සැරියුත් මුගලන් වගේ. මෙන්ඩා කොහොමත් ප්‍රාතිහාර්ය පානවානේ.

      Delete
    8. කැමා,
      කෑගහනවට ඔබහං බ්‍රා එකක්කත් කටේ...

      මනෝ,
      මොකෝ බැරි? පුළුවං... යවමු සෝමවංස මාම ගාවට. පොර දායි ජිල්මාට්ටුවක්. (ඒක ගල්මාට්ටුව වගේ එකක්ද දන්නෑ)
      ඒ අතරෙ මේකෙ දෙවෙනි කොටස එනවා. ට්‍රයි කොරලා බලමු උඩට එන්ඩ. ඈ...

      මදාවියා, එතකොට මෙන්ඩද මූකලන්? කැමා තමයි වැඩියෙම්ම ප්‍රාතිහාර්ය පාන්නෙ. මහා හුළුඅතු ජාතකයෙ තිබුණෙ එහෙමයි...

      Delete
  2. පුස් ලෝඩං රහයිද බං...?
    පුස්නාප්ප එහෙමත් නැත්නම් වන්ඩු ආප්ප කියන්නෙ ඕකටමද..?

    අරුන් ටිකට දෙන්නෙ සෙදෝනගෙ බිබික්කමද...? ඕකුන් ටික ඕකට පොර කාලා තව මගුලක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. හරි හරි උඹල පුස්කා‍පු ලෝඩං කාල පැත්තකට වියංකො. අපි බිබික්කම ගානට බෙදාගන්නං. නැද්ද මදාවියො.

      Delete
    2. එනවා මෙතන බිබික්කමට ඇගිලි ගහන්න.. බැනපිය ප්‍රසා

      Delete
    3. කැමා,

      පුස්ලෝඩං නම විතරයි බං මාත් අහල තියෙන්නෙ.

      අරුං ටිකට බිබික්කම මාකට් කරන්න තමා චරිත සහතිකෙයි පොටෝ එකයි ඉල්ලුවෙ. දැං බලහං කො පොරකන අපූරුව... හෙහ් හෙහ්

      Delete
    4. උසි උසි මෙන්ඩා...

      Delete
    5. ඉරිසියාව. ඕකට හුලං..

      Delete
    6. ඔය ඕනි බිබික්කමක් අපි බෙදාගෙන කන්නං, නැද්ද ප්‍රසෝ?
      කැමාගෙ ඔය ලකුණු ගැන මටනම් කිසිම කහටක් නෑ. ඌ ඔය ඇතුලට දාන එළියට ගන්න වැඩේට කොහොමත් හපනා. අර කම්මලයා නං දෙකක් දාලා ඒක හතර වෙලා.

      Delete
    7. කැමා,
      මෙන්ඩ තාම කුකුල් කොටුවෙ රාජකාරි...

      මදාවියා,
      උඹලනං මොකද? බෙදාගෙන කොරයි. හැබැයි "ඒක එච්චර හරි නෑ නේද?"

      කම්මලා හොර කරන්න තමා බැලුවෙ. මං ඉඩ දුන්නෑ... හුහ් මාත් එක්ක කොහෙද එව්වා?

      දවසක් කාල් ලුවිස් ගෙ ගෙට හොරෙක් පැනලා, කාල් ලුවිස් එද්දිම, ඌ ජනේලෙං පැනලා දුවලා. කාල් ලුවිසුත් පස්සෙං එළෝගෙන ගිහිං. පැට්ට්‍රෝල් ගියපු පොලිස් කාරයෙක් හම්බවෙලා කාල් ලුවිස් වෙච්ච දේ කිව්වලු.

      "ඉතිං කෝ හොරා?" පොලිස් කාරයා ඇහුවලු.

      "හුහ්... ඌ කොහෙද මාත් එක්ක දුවන්නෙ?" කාල් ලුවිස් කිව්වලු. "මං ඌව හු කරලා දැං පැයකටත් වැඩියි..."

      කාල් ලුවිස් කිව්වම මතක් උනේ...

      දවසක් කොටුව ස්ටේෂන් එකේදි මයික් ටයිසන්ට පම්ප් එකක් දාන්න ඕනෙ වෙලා. පොරට තිබුණ ප්‍රශ්නෙ, සූස් කේස් එක තියල යන්න බයයි - කවුරුවත් ගනියි කියලා. පස්සෙ පොර කරපු දේ, නෝට් එකක් ලියලා සූස් කේස් එක උඩිං තිබ්බලු. නෝට් එකේ තිබ්බෙ, "මයික් ටයිසන් ගෙ සූස් ‍කේස් එක. ටයිසන් විනාඩි පහෙං ආයෙ එනවා. කණට ආදරේ නං අත නොතබනු!"

      ටයිසන් පම්ප් එක දාලා ආපහු එනකොට සූස් කේස් එක නෑලු. වෙන නෝට් එකක් තියෙනවලු. "කාල් ලුවිස් අරං ගියා. ලුවිස් නං ආයෙ එන්නෙ නෑ" කියලා.

      Delete
    8. තව තියෙනවා. උඹේ මළ ගෙදරදි කියන්න ඉතුරු කරගත්තුවා... :-)

      Delete
  3. චැහැ...සෙදෝනාගේ පුස්ලෝඩංම මිස් වෙච්ච එක දුකයි

    ReplyDelete
    Replies
    1. 18 කනූවෙ නැතැයි පුස්ලෝඩං?

      Delete
    2. ඔෆීසියෙ ඉන්න මිස් කෙනෙක් ගැන නේද ඔය මෙන්ඩා කියන්නෙ?

      Delete
    3. බ්‍රා පැක්ටරියෙ වයසක මැනේජර් නෝනා...

      Delete
  4. ෂේටක් ඇඳ ලබාගත් එකක් නං නෑ බොල, කම්බි ලේන්සුවක් ඇඳ ලබාගත් එකක් තියෙනව ඒක හොඳ වෙයි නේද? සෙදෝනත් ඒකට කැමති වෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,

      කම්බි ලේන්සුව හෝදන් නැතුව එවහං. සෙදෝනා කැමති වෙයි.

      මෙන්ඩා,

      ඝංටාර කොහෙද ප්‍රසන්නෙයට. ජවිපෙ ඡන්ද ලකුණ යන්තම් තියෙනව...

      Delete
    2. මෙන්ඩා,
      ඝන්ටාර මාක් නෙමෙයි බොල. උඹ අර විදානයට දුන්න ඒවයින් එකක් මෙතනිං යන ගමං මිනිහ මට දීල ගියා.

      Delete
  5. ඩ්‍රැකියෝ ඇත්තටම මේ ප්‍රශ්න ටික මල ගෙදරක නයිටක් අදින්න මරැ..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා... ඩ්‍රැක්‍යුලගෙ කතාව පරක්කු වෙන්න වෙන්න, තව දැම්මැහැකි...

      Delete
    2. ඇත්තටම මේ වගේ නිර්මාන හැකියාව තියන උඔ වැඩ්ඩෙක්

      Delete
    3. මං තනියම නෙවෙයි බං. අපේ ඒ ලෙවල් සෙට් එක. කේපියා, ධර්මෙයා, සේනකයා සහ සංජෙයා...

      Delete
    4. අනේ මේ ඩ්‍රැක්‍යුලගෙ කතාව දාහන් බං.එක පට්ට.

      Delete
    5. ඊළඟට ඒක තමා දාන්නෙ මනෝ, දැන් සෑහෙන්න ඉවරයි. කොටස් තව දෙකකට වඩා යයි වගේ.

      Delete
  6. Replies
    1. ආතර් මැකුවට, ආතරෙයට කලිං මං දැක්කා... :-)

      Delete
  7. ශෙක් මිස් වෙලානේ

    ReplyDelete
    Replies
    1. මොකද්ද? ප්‍රශ්නද / පුස්ලෝඩං ද / බිබික්කං ද?

      Delete
  8. මං කියෙවුවත් එක්ක,, උත්තර ලියන්න බැරි වුනා.

    ReplyDelete
    Replies
    1. හෆූ... අපරාදේ....!!! අපිට බඩ පැනෙන්න හිනා වෙන්න තිබ්බ චාන්ස් එක...

      Delete
  9. කැමාට තෑගි දෙන්න එපා ඌව ෆේල් කරපං , මගෙන් කොපි කලා.

    ReplyDelete
    Replies
    1. උඹ හරි උත්තර දෙකයි දැම්මෙ. ඒක ඩබල් වෙලා ඔය.

      Delete
    2. උඹනෙ බං මගෙන් උත්තර ටික ඇහුවෙ හොරට...

      Delete
    3. උඹල තුන්දෙනා කාගෙන නැටි තුන විතරක් ඉතුරු කරහල්ලා...

      Delete
  10. මේ කොට ෂෝටක් හොයනවා.

    ReplyDelete
  11. එන්ඩෛා්....ඇවිද්ද පයේ සුදික අයියා සොයි එලු පැටියෙකුයි ඌරැ පැටියෙකුයි ගෙනල්ලා...

    ගිහින් බලලා ඇවිත් කියන්න ඌරැ පැටියා “කැමරාවෙන් එහා ලෝකය“ ලියන කැමා වගේ නේද කියලා..හරියට කිව්වොත් “ඩ්‍රැකිගේ අඩවියෙන්“ කිඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං එක බැගින් යථා කාලයේදී හිමි වනු ඇත.

    ReplyDelete
    Replies
    1. උඹ සුදිකගෙ ප්‍රචාරක ලේකම් ද?

      මං කියෙව්වා. කමෙන්ට් එකක් දාන්න යද්දි වෙනිං වැඩක් වැටුනා.

      දැං මං කියන්න ඕනෙ ඇත්තද? නැත්තං කැමා වගෙයි කියලද?

      Delete
  12. මම හිතුවා ඔය උත්තර ටික තමයි කියලා..
    ඒත් දුන්නෑ.... හැක් හැක් හැකක්

    ලබන සැරේ කයි පහ පහ දාන්න..

    ජ ය වේ ාව !!!

    ReplyDelete
    Replies
    1. ෆල ෆල විදානෙ...

      උඹ මේ කයි පහ පහ දාන්න කියනව. ඔය කයිය පද බැඳ ගත්තෙත් හෙණ අමාරුවෙං.

      Delete
  13. බිබික්කම එනකං මාත් කට ඇරං දැන් ඉදන්

    ReplyDelete
    Replies
    1. බිබික්කම කන්න කට ඇරං ඉඳලා විතරක් මදි නලීන්, පොටෝ එකක් එක්ක ඉල්ලුම් කරන්න වෙනවා...

      Delete
  14. ඩ්‍රැකියා උඹ කමිමලයටයි,කැමාටයි මට වඩා එකක් දිලා.දැන් ඔකුන්ගේ රෙස්පටි බලන්නත් එපාය.මටත් තව එකක් දීපං,පැරදුනාට කමක්නැ ජාතික ලයිස්තුවෙන් මාව ඉස්සරහට ගනින්.

    ReplyDelete
    Replies
    1. උං දෙන්නව මෝහණය කරහං. උඹට ඒක සිම්පල් නෙ. බැරිනං කියහං ජාතික ලැයිස්තුවෙං අරං උන්ගෙ බොස් කරන්නං.

      Delete
  15. චැහ් මම මේක දාපු ගමන්ම කියවලා පස්සෙ උත්තර දෙනවා කියල ගියා. අපරාදෙ. දුන්නනම් සෙදෝනගෙ බිබික්කමවත් ගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. උඹ අහසෙන් එද්දි, අනිත් උං බිම දිගේ ඇවිත් තෑග්ග ගත්තා. දෙවෙනි පාර ට්‍රයි කරමු. අත අරින්න එපා මචං. බිබික්කමේ ඇති නියම රසය දන්නවනං එහෙම, උඹ මේකෙ පැළපදියං වෙලා ඉඳියි. (තාම බැඳල නෑනෙ. ඉතිං කොහෙද රස‍ේ දන්නෙ)

      Delete
    2. හෑ? මේ ඩ්‍රැකිය කියන්නෙ එතකොට බස්වල යන්න තමන්ගෙම බස් තියෙන්න ඕනෙ කියල ද? හැක්.
      (කැමා විසින් කියන ලද්දකි)

      Delete
    3. කැමා කිව්වත්, ආකාශගාමියා කිව්වත්, කතාව ඇත්ත තමා. තව එකෙක් කියලා තිබ්බා බනිස් කන්න ආස වුනාට බේකරියක් මිලට ගන්න ඕනෙ නෑ කියලත්.

      හැබැයි, මග දිගට කොටන එකයි, හැම මිනිහම ඇවිත් එල්ලෙන එකයි, කවුරු සල්ලි දීලා බස් එකේ ගියත් ඩ්‍රයිවර්ටයි කොන්දටයි ඕනෙ හැටියට ගමන් කරන්න වෙන එකයි බැලුවහම, බස් එකක් සල්ලි වලට ගන්න හිතෙනවා මට නම්.

      (මං කිව්වෙ බස් ගැන)

      Delete
  16. මම නං ඔය ඔක්කොම් දැනගෙන හිටියා , උත්තර දුන්නේ නෑ. මොකද මම කැමති නෑ ඔය පුස්ලෝඩම් වලට, අනික මට ඔය සෙදෝනව කොහෙත්ම විස්සාස නෑ , අම්මප

    ReplyDelete
    Replies
    1. ෆල ෆල ඩෝ යන්ඩ... උඹ දන්න උත්තර... උඹ පොඩි එකා, හොරෙං එබිකං කරනව මිසක, මේ පැත්ත පළාතෙ එනව නෙවෙයි වැඩිහිටියො අස්සෙ කොකං පාන්ඩ...

      Delete
  17. උත්තරේ කලින් දීලා ප්‍රශ්න අහන විදියක් නැත්ද ?

    ReplyDelete
    Replies
    1. අම්මා...! සුදික!!!! දෙයියො දැක්කා වගේ...!!!

      අර ඇම්ඩගෙ කතාවෙ තියෙන්නෙ, සෝසේජ් එකක් මැෂින් එකට දාලා උරෙක් ගන්න විදිහ ගැන. ඒ වගේ දෙයක් කළෑකි... හැක් හැක්...

      Delete
  18. සේදොනාගේ බිබික්කම. හ්ම්.......................පරණ වැඩිද මන්දා.

    ReplyDelete
    Replies
    1. Old is Gold කිව්වෙ පරණ අරක්කු ගැන විතරක් නෙමේ...

      Delete
  19. නයි කයිද පුස්ලෝඩන් කිව්වලු. .යකඩෝ යකඩෝ මමත් සෑහෙන ඉදිරියෙන් ඉන්නවා එහෙනම්...

    4ට මම විතරයි හරි උත්තරේ දීලා .තියෙන්නේ. ලකුණු ටිකක් වැඩිපුර .දියන්කෝ.......

    ReplyDelete
    Replies
    1. 4ට උත්තර දෙන්න පුළුවං වීම ගැන ඇත්තටම ආඩම්බර වෙන්න ඕනෙ.

      හැබැයි, කොච්චර ලකුණු ගත්තත් හම්බවෙන්නෙ එක පුස්ලෝඩමයි බං. සැනසිලා ඉඳිං...

      Delete
  20. අපි ඔය තෑගි බලන් වැඩ කරන්නේ නැහැනේ.නැතිනම් උත්තර දෙන්ට තිබ්බා හිටං.

    ReplyDelete
    Replies
    1. උඹට උත්තර දෙන්න තිබ්බනෙ තෑගි නං එපා කියලා දාලා.

      මං ඊයෙ සිංදුවක් ඇහුවා, ඒකෙ තිබුණෙ, “ඔයාට මා එපා නම් - කලින් කියන්න තිබුණා“ කියලා. දවසම හිනා වුනා ඒක මතක් කර කර...

      Delete
  21. ඊළඟ එකට උත්තර දෙනකල් පුස්ලෝඩං ඔන්ලයින් ඕඩර් කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඔබගේ පුස්ලෝඩම කලින් වෙන්කරවාගැනීමේ පහසුකම දැන් සළසා ඇත. කරුණාකර, www.sedona_puslodam_and_bibikkam.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

      Delete
  22. Tho bonna le podak nathuwa mariyan...
    Sarala nisaa saha ara geri kammLayaa mama eddima uththara deela thibba nisaane mul ewata uththara liwwe naththe...
    Tho ekata mage lakunu pakalaa...
    Umba ara chanda komasaaris ta ehaa wage...
    Thuuuuu thoooooo....
    Musala le bonnaaaa...

    ReplyDelete
    Replies
    1. Hukaeas...!

      Umba uththara dannawa kiwwata man danne kohomada ewwa harida kiyala...

      Ane ban tharaha nathuwa eelaga ekatath waren, man ubata hariyata lakunu dennan.

      Delete
    2. හලි හලි... එල්ලං...එල්ලං... ඊ ඊ ඊ...
      අලියට ලකුළු දෙල්ලන් ව්ව්වට ඕමද ඉලි ගල්ලේඒ...ඒ... ඊ ඊ ඊ...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි