මී පවුලක හරිම හැඩ වැඩ මී කෙල්ලෙක් උන්න. ඈට කල වයස හරි ගිය තැන, ඇගෙ දෙමව්පියො කල්පනා කළා ලේකෙ ඉන්න බලවත්ම කෙනාට ඈ කසාද බන්දල දෙන්ඩ. කල්පනා කරල ගියා ඉර හම්බෙන්ඩ.
ඉර කැමති උනා මී පැටික්කි කසාද බඳින්ඩ.
“ඔහේ නේද ලෝකෙ ලොකුම බලවතා?“ මී අම්ම ඇහුව.
ඉර ඔළුව දෙපැත්තට වැනුව.
“වැහි වළාකුළ මටත් වඩා බලවත්. එයා ඉන්නකොට අහසෙ, මාව වැහිල යනව“ ඉර කිව්ව.
ඒ ගමන මී දෙමව්පියො ගියා වැහි වළාකුළ හොයාගෙන
“මාත් නෙමෙයි බලවත්ම“ වැහි වළාකුළත් කිව්ව. “හුළඟ ආවම මාව ගහගෙන යනව“
ඒගමන මී පවුල හුළඟ ගාවට ගියා.
“කණ්ඩිය මගෙ ගමන වළක්වනව.“ හුළඟ කිව්ව “මං කොච්චර සැරට හැමුවත් කණ්ඩිය පෙරළන්ඩ බෑ. ඉතිං කණ්ඩිය තමා බලවත්ම“
කණ්ඩියත් කිව්වනෙ එයා නෙමෙයි බලවත් කියල.
“හරක අඟ අතුල්ලනකොට මාව කැඩෙනවනෙ. පේන විදිහට හරක තමා ලෝකෙ බලවත්ම“
http://www.washingtonindependentreviewofbooks.com /assets/uploads/trump_1.jpg |
ඉතිං මී ජෝඩුව දුවත් ඉස්සර කොරං ගියා හරක හොයාගෙන.
හරකත් කියන විදිහට එයා නෙමෙයි බලවතා. නාස්ලණුවලු. ඒකට ඕනෙ විදිහටලු හරක වැඩ කරන්නෙ.
ඉතිං මී දෙමාල්ලො නාස් ලණුවෙං ඇහුව දුව බඳින්ඩ කැමතිද කියල.
“මාත් නෙමෙයි බලවතා“ නාස්ලණුවත් කිව්ව. “මී තඩියෙක් ඉන්නව මාව කපල දාන්ඩ බලාගෙන.“
ඒ ගමන මී දෙමාල්ලො අර නාස්ලණුව කපල දාන්ඩ එන මී තඩිය ලෝකෙ ලොකුම බලවතා කියල තේරුං අරං, තමුංගෙ මී පැටික්කි ඌට බන්දල දුන්න.
ලොකෙ බලවතා ගැන බෙලරුස් කතාවක් තියෙනව. මට මතකයි එකපාරක් අපි පොඩි කාලෙ ටීවී එකේ ගියා මේ කතාව.
![]() |
https://images-na.ssl-images-amazon.com /images/I/61D6Ai34y6L.jpg |
දවසක් ගල් කඩන්නෙක් ගලක් කඩ කඩ ඉන්නකොට
ගල් කඩන්නටත් හිතුණ “මං අර ඇතා උනානං... මාත් මිනිස්සුංගෙං ගරු සත්කාර ලබනවනෙ“ කියල.
ඒ හිතනවත් එක්කම ගල් කඩන්න රජුගෙ ඇතා උනා. මිනිස්සු එයාට ගරු කළා. ඒත් එකපාරටම, රජා ඇතා පිටේ ඉඳං තේ එකක් බොන්ඩ ගිහිං උණු තේ හැළුන ඇතා පිටේ.
“ඇතෙක් උනාට වැඩක් ඇතෑ...“ ගල් කඩන්නට හිතුණ. “ඊට හොඳයි ඇතා පිටේ යන රජා උනානං.“
එතකොටම ගල්කඩන්නා රජ්ජුරුවො උනා. ගල් රජ්ජුරුවො ඉතිං ඔහොම ඇතා පිටේ දිගටම ගියා. යනකොට ඉර තදිං පායන්ඩ ගත්තා. රජ්ජුරුවන්ට ඉහිං කණිං දාඩිය වැක්කෙරෙන්ඩ ගත්තා.
“ඉර රජාට වඩා බලවත්නෙ“ ගල්කඩන්නට හිතුණා “මීට හොඳයි මං ඉර උනානං“
ඉතිං ගල් කඩන්නා ඉර උනා. ගල් ඉර තදේට පායන්ඩ ගත්ත, තමුංගෙ බලය පෙන්නන්ඩ. අන්තිමේ තද කළු වැහි වළාකුළක් එනකංම ගල් ඉර දන් නෑ මොකද වෙන්නෙ කියල.
වැහි වළාකුළෙං ඉර වහගත්ත. “ඉර වෙලා වැඩක් නෑ නෙ“ ගල් කඩන්නට තේරුණා. “වැහි වළාකුළ ඊට වඩා බලවත්නෙ. වෙනවනං වැහිවළාකුළ තමයි වෙන්ඩ ඕනෙ“
එහෙම හිතෙනවත් එක්කම ගල් කඩන්නා වැහිවළාකුළක් උනා. එයා වැහැල වැහැල වැහැල, ගංවතුරක් එන්ඩම වැස්සා.
එතකොටම කොහෙද ඉඳං ආපු තද හුළඟකට වළාකුළ ගහගෙන යන්ඩ ගත්ත.
“හුළඟ තමයි බලවත්ම. හුළඟ වෙන්ඩ ඇත්තං මට...“ ගල් කඩන්න එහෙම හිතුව. ඒත් එක්කම ගල් කඩන්නා හුළඟක් වෙලා
ඒ හුළඟට අහුවෙච්ච හැම එකක්ම උඩ ගිහිං කැරකිලා, ඈතට විසි උනා. එකක් ඇරෙන්ඩ.
ඒ තමයි ගල් කන්ද.
හුළඟ කොච්චර සැර දැම්මත් ගල් කන්ද නෙමෙයි එක අඟලක් හෙල්ලුනේ.
“යකෝ... හුළඟ වෙලා වැඩක් නෑනෙ. ගල්කන්දනෙ වැඩ්ඩා... මාත් ගල් කන්ද වෙන්ඩ ඕනෙ.“ ගල් කඩන්නා එහෙම හිතුව විතරයි එයා මහ ගල් පරුවතයක් උනා.
උනා විතරයි මිනිහෙක් ඇවිත් ගල කඩන්ඩ ගත්ත.
“මේක මාර වැඩක්නෙ. එතකොට ගල්කඩන්නද ලෝකෙ ඉන්න බලවත්ම මිනිහ? මාත් ගල් කඩන්නෙක් වෙන්ඩ ඕනෙ“
ඉතිං ගල් කඩන්නා අයෙම ගල් කඩන්නා බවට පත් වුනා. එයා තේරුං ගත්ත, ලෝකෙ ඉන්න බලවත්ම කෙනා තමයි, වෙහෙසිලා වැඩකරන මනුස්සයා කියල.
ඒ ඔක්කොමත් හරි. යථාර්ථවාදීම කතාව තියෙන්නෙ අප්‍රිකානු ජනකතා අතරෙ.
බළලා කොහොමද ගෙදරට හීලෑ උනේ කියන එක තමයි ඒකෙං පැහැදිලි කරන්නෙ.
කැලේ හිටපු බළලා දවසක් තීරණය කළා, බලවත්ම සතා එක්ක යාළු වෙන්ඩ. එහෙම හිතල සිංහයා ගාවට ගිහිං, එයත් එක්ක යාළු උනා. දැං ඉතිං දඩයමේ එහෙම යන්නෙ බළලා, සිංහයත් එක්කමයි.
දවසක් සිංහයා ඇතෙක්ගෙ පිටට පැන්නා. ඇතා සිංහය පනිනවත් එක්කම දළ දෙක දික් කළා. සිංහය ඒ දළදෙකේ ඇනිලා මළා.
දැං ඉතිං බළලා ඇතා එක්කමයි ගමන බිමන. ඇයි ඉතිං ඇතා සිංහයටත් වඩා බලවත් නෙ.
අනේ ඉතිං වැඩි දවසක් යන්ඩ උනේ නෑ, දඩයක්කාරයෙක් ඇවිත් වෙඩිතියල ඇතා මැරුවා.
ඉතිං මිනිහා තමයි ලෝකෙ බලවතා කියල හිතල බළලා දඩයක්කාරයත් එක්ක ගෙදර ආව.
ඒ එනකොට දඩයක්කාරයගෙ මායිය හොඳටම ආවේස වෙලා. දඩයක්කාරයට බැණල බැණල, උන්දැව එළියට දාල දොර වැහුව.
“අඩේ බැලින්නං මිනිහ නෙමෙයිනෙ ලෝකෙ බලවතා, ගෑණිනෙ“ කියල තේරුං ගත්ත බළලා, එදා ඉඳං ගෙදර ගෑණු මනුස්සය පස්සෙංම වැටුණ...
http://pet.nifty.com/cms_image/pet/column /140105000054/139019546915558_1s.jpg |
කතා තුනම මරු. අහල තියනවා තමයි. නමුත් දැනුත් වැදගත්.
ReplyDeleteඅජිත් තාමත් එළියෙ ද, නැතිනම් බිරිඳ ගේ කේන්ති නිවිලා ආපහු ගේ අස්සට ගත්තා ද?
Deleteඅජිත්,
Deleteඅජිත් එක වෙලා තියෙන්නෙ. මට දකින්ඩ ආසයි මේක දැකල නාලු වෙච්ච ප්‍රසඤ්ඤයගෙ මූණ...
රසික,
මහා අළුබඳුන ගැටුමක් ඇතිකරගන්ඩ ඔය හදන්නෙ. මං නං නෑ ඔව්වට. ඩේලි ටෙලිග්‍රාෆ් එකේ තිබ්බ අජිත් තාම බලු කූඩුවෙ නිදාගන්නෙ කියල නං...
னයා ඔබ ගැන අවදියෙන්. හැක්..
Deleteගොරෝ ගොරෝ අවදියෙං... හැක්
Deleteඅර පරණ සිංදුවක් තිබුණ, “නිදි මර මර දුටු සිහිනේ සැබැ වෙයි...“ කියල.
රසික ප්‍රශ්නේ කොහෙත්ම තේරුනේ නැහැ. මේ ගෙවල් තියෙන්නේ දෙන්නගෙම නමටනේ. ඉතින් එලියට දැමීමක් නැහැ. බල්ලෙක් නැති නිසා ඉතින් බලු කුඩුවකුත් නැහැ. අපේ බිරිඳට තරහ ගියාම කරන්නේ පොතක් අරගෙන ගිහින් කියවන එක. අයේ ඒක ඉවර වෙනකම් කිසි කතාවක් නැහැ. ඔය අපේ පූසා ට නම් ඉතින් කෑම දෙන කෙනා තමා එදා දවසට බොස්.
Deleteඩේලි ටෙලිග්‍රාප් දාන ඒවා කවුද අප්පා විශ්වාස කරන්නේ. අතේ රෝල්.
Delete1. සයිස් එකෙන් කිසි දෙයක් මනින්න බැහැ.
Delete2.කරන ජොබ් එක හරියට කරපන්
3. එයා ට බොස් කියල හිතා ගන්න දීල තමන්ට ඕන දේ තමන් කෙරුවම හරි.
අමතර: කන්න දෙන කෙනාව චාටු කරන සිටිය යුතුයි කියා බළල්ලු පවා දනිති.
මෙහෙ නං ටෙලිග්‍රාෆ් හොඳටම විස්වාස කරනව. එකම වැරැද්ද එව්ව සතියක් විතර පරක්කු වෙන එක.
Deleteඅජිත් කියල තියෙන ආදර්ශ තුන අජිත්ගෙ ජීවන අද්දැකීම් මත පදනම් වූ එව්වා බව පෝල්මෝල් ගැසට් එකේ තිබ්බ.
Deleteදැනුත් වැදගත් කිව්වේ ඕකනේ. :)
Deleteමං විහිළු කළාට, අජිත් කියල තියෙන ආදර්ශ වැදගත්. තුං වෙනි එක තමයි වැදගත්ම...
Deleteහරිම අර්ථවත් කතා තුනක්. මම මගේ ජීවිතේට බරපතල ආදර්ශ කීපයක්ම මේවයින් ලබාගත්ත . . . . . තාම මේ කල්පනාකරන්නෙ මොනවද ඒ ආදර්ශ කියල
ReplyDeleteආදර්ශ
Delete1. කොයි හරකත් නාස්ලණුවට බයයි
2. ගල් කැඩීමේ ආතල් එක ගල් කඩන්නා දන් නෑ
3. ගෑණි තමයි ලෝකෙ බලවත්ම සතා. ඒ නිසා නිකං බලාපොරොත්තු කඩ කරගැනීමෙං වැඩක් නෑ...
ඕනෙ ආපහු ලියමුකො අර “මහා ටැඹ ටැඹ ජාතකේ“ වගේ මොනව හරි...
මාත් ගල් කඩන්නෙක් වෙන්න ඕන...
ReplyDeleteහොඳට කල්පනා කරල බලල තීරණය කරහං. ජීවිතේට “රිවස්“ නෑ...
Deleteමාත් ගල්.... නෑ එක්කො ඕන නෑ.
ReplyDeleteමේ කතා තුනෙං ජීවිතේට ගන්න පුලුවං ආදර්ශ බොහොමයි. (නෙදකිං)
னයා
නෙදකිං කියන්නෙ නෙදර්ලන්තෙ පළවෙනි රජතුමා. එයාගෙ පුතා නොදෝම කිං, එයාගෙ පුතා ඉඳකිං, එයාගෙත් පුතා නෙද්ද්ද්ද්ද කිං...
Deleteඑතකොට ඉඳකිං ?
Deleteතුංවෙනියා... නොදෝමකිං ගෙ පුතා. අර ඉහළ ලියල තියෙන්නෙ...
Deleteඅද යි දැන ගත්තේ :)
Deleteයුරෝපා ඉතිහාසයෙ කොච්චර දේවල් තියෙනවද අපි නොදන්න? අර බඩගිනියි කියල ටවුමක් තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ... ඒ වගේ තමයි මේකත්.
Deleteනෙද්දකිං විතරක් ගත්තත් පොතක් ලියන්ඩ පුලුවං චරිතයක්... එයාගෙ පුතා තුඃ නොදකිං...
Deleteඅපේ යාළුවෙක්ගෙ පුතාට නම දාන්ඩ සාස්තරකාරයෙක් දීපු අකුරු තමයි “නො“යන්නයි “නෝ“යන්නයි. අපි කිව්ව ඌට, දාහං “නොදකිං නොදෝමකිං නොසන්ඩාලෙය“ කියල.
Deleteඔය කාරණේ ගැන වෙනම පෝස්ටුවක් ලියන්ඩ පුළුවං වගේ...
ලෝකෙට ලොක්කා වෙනවාට තමන්ට ලොක්කා වෙලා ඉන්න එක වැදගත් වගේ.
ReplyDeleteහ්ම් හ්ම්... වැඩේ තියෙන්නෙ තමුන්ට ලොක්කත් ගෙදර උන්දැනෙ...
Deleteබළල් කතාව තමා මට අල්ලාම ගියේ. හරිනෙ ගෙදර ඉන්න බළල්ලු මාළු කන්න හදන්නෙ අපේමනෙ. ..ඥාාාාාාඕ...
ReplyDeleteහා සුජී, ඔච්චරද කියන්ඩ තියෙන්නෙ?
Delete++++++++++++
ReplyDeleteප්‍රා වැට...
Deleteආදර්ශ ගොඩායි
ReplyDelete1) ලන්නක් කපාගන්න නං ඉතිං මීයම තමයි.
2) රස්සාවක් නං ඉතිං ගල් කාරයෙක් තමයි.
3) අැත්තම බලවතා ඡන්දෙං වෙනස් කරන්න බෑ.
1) කොච්චර සැර හරකෙක් මෙල්ල කළත්, නාස්ලණුව මීයට යටයි.
Delete2) ගල්කඩනකොට මහන්සිය විතරයි. දකින කෙනාට තමයි ඒකෙ තියෙන ආතල් එක පේන්නෙ.
3) බළල්ලුත් හොයන්නෙම ලොක්ක ගාවට වෙලා වැඩිය මහන්සි නොවී ජීවත් වෙන්ඩ ක්‍රමයක්.
Maru...
ReplyDeleteඉතිං ඉතිං...?
Delete"ලෝකෙට ලොක්කා මං තමයි ගම දුනියාවේ...
ReplyDeleteමේ වගෙ ලොකු කං කවුරු කරාවිද ලංකාවේ..
This comment has been removed by the author.
Deleteගමට රොකට් එක අරං ගියේ මං ....
Delete.... ලෝකෙට ලොක්කා මං තමයි ගම කෙන්යාවේ...“
කියල තමා මං අහල තියෙන්නෙ
දිවංගත විචාරකගෙ ප්‍රොෆයිල් එකෙන් ආවෙ කවුද?
“...කවුද ආවේ - කවුද ආවේ...“
විචාරක දියණි,
Deleteඇයි කමෙන්ටුව මැකුවෙ? මෙහෙට වෙල්කම් නෑ කියල හිතුණද?
මේක උදේ බාගෙට කියෙව්වේ .. අන්තිම කතාව නැත්නං වැඩෙ ඉන්කම්ප්ලීට්..
ReplyDeleteගෑනිට බය නැත්තං ඌ මිනිහෙක් ද ඇහුවලු. හැබැයි ඕකේ වර්ශන් දෙකක් තියෙනව.. එකක් GB හෙවත් ගෑණිට බය.. සාටර්ම එක GGB- ගෑනිට ගූ බය.. හෙක්.
එකෙක් කියනවලු,
Delete“ඊයෙ මං බීල ගෙදර ගියා. ගෙදර වලියක් ගියා. අන්තිමේ ගෑණි මං ළඟට ආවෙ දණගාගෙන...“
... ඇවිත් මගෙං අහනව, මං තමුසෙව ඇදල ගන්ඩද - නැත්තං ඇඳ යටිං එළියට එනවද? “
අඩෝ මගේ චරිතේ ගාතනය කරන්න එපා
Deleteඝාතනය කරන්ඩ එකක් ඉතුරු වෙලා තියෙනවද?
Deleteඅනේ මන්දා ලොක්කා... ඔහේ කතා සාප්පුවක්නේ... හැක්.
ReplyDeleteඔය වගේ කතන්දර පොඩි කාලෙ අහල, කියවල තියෙනව ‘හීනියට‘ වගේ මතකයක් තියෙනව. කවුරු හරි කිව්වොත් ඇරෙන්න ඉතිං මළාට මතක් වෙන්නෙ නෑ.
කතා වැදගත් වෙන්නෙ පොඩි ළමයි ඉන්න දෙමව්පියන්ට... මාත් මොළේට වදදීල දීල හාරා අවුස්සල මතක්කර ගන්න කතා තමයි මෙව්ව.
Deleteඒ අතින් සුදික අයියන්ඩි උබයි එල ද බ්‍රා
Deleteසිරාවට බං. ඒක මාරම ටැලන්ට් එකක්
Deleteපොඩි මෙන්ඩා ට කතා නැතුව හිටියේ
ReplyDeleteඒකම තමා මේක ලිව්වෙ
Deleteඊයේ රැ මේ කතා දෙකක් කියලා දුන්නා පොඩ්ඩා අහනවා ඒ මාමට සම්මානයක් හම්බුනා ද කියලා (උබට )..
ReplyDeleteඋගේ නිර්දේශය උබ
පුතාගෙ වචන, පුතාගෙ හිනාව, සම්මාන දාහක් වටිනව...
Deleteහම්මට... උඹ ඉන්නවනේ
ReplyDeleteඅඩේ පොඩිකාලේ මා ලඟ තිබුනා ඉර දෙවියන් පැරදවීම හා තවත් බුරුම ජනකතා හරි ඒ වගේ මොකක් හරි කියලා පොතක්. පලවෙනි කතාව මම කියෙවුවා ඒකෙන්. අර ගල් කතාව කියවලා ඒක ආදුර්සෙට අරගන තමයි මම ගල් කාරයෙක් වෙන්න හිතුවේ.
පොඩ්ඩක් බලහන් සින්ඩි වල අප්ඩේට් වෙනවද කියලා.මම දැක්කෙම නෑ
හිරුදෙවියන් පරදවීම පොතෙං තමා මාත් ඔය කතාව ගත්තෙ. ඒ පොත ආයෙ හොයාගන්ඩ විදිහක් නැද්ද?
Deleteසිංන්ඩි වල නං මාත් දැක්කෙ නෑ. ඒත් ගොඩක් බ්ලොග් රෝල් වල තියෙනව.
ඉතිං... දැං මෙරට නෑ කියල ආරංචියි. ඇත්තද?
මිනිස්සු කවදාවත් තමන්ට තියෙන දේ ගැන සතුටු වෙන්නේ නැ..... අනුන් සතු දෙයක් දැකල, එය තමන්ට ලැබුනොත් හොදයි කියලා හිතල, ඒ දේ ලැබුනට පස්සේ, ඊටත් වඩා ලොකු දෙයක් පස්සේ යන එක අසම්පුර්ණ මනසක ලක්ෂණයක් නේද? (මොනවා කිව්වත් අපි හැමෝමත් එහෙමයි)
ReplyDeleteඕක ජනප්‍රිය ආර්ථික විද්‍යාවෙ හිඟකම ගැන කියද්දිත් කියනවනෙ. “අවශ්‍යතා අසීමිතයි - සංකීර්ණයි - වැඩෙනසුලුයි“
Deleteඅදනේ මේ ටික දැක්කේ.. හෙහෙ පුස් කතාව හරියට හරි. අපේ අක්කලාගේ ගෙදර පුසෝ විමානයක්. හැමෙකාම ඉන්නේ අපේ අම්ම පස්සෙන් තමා. අපිව තඹේකට මායිම් කරන්නේ නෑ..
ReplyDeleteඒකනෙ. ඔය කතාව මුලිම්ම කියවද්දි තමයි මටත් මීටර් උනේ
Delete