තරහ ඇති වුණ විට වළක්වාගන්නේ කොහොමද - ඩ්‍රැකියාගේ වෙසක් කළාපය

වෙසක් මාසය උදා වුණා. අපි පොඩි සන්දියෙ, අවුරුදු කාලෙ හිතේ පිරිලා තියෙන සතුටු හැඟීම වෙනස් වෙලා වෙසක් මාසය එනකොට අමුතුම ප්‍රබෝධයක් දැනෙනවා. ඒ කාලේ ටීවී චැනල්, රේඩියෝ චැනල් අපේ සංස්කෘතිකාංග අයිති කරගෙන මාකට් කරන සිරිතක් තිබුණෙ නෑ. කඩවල් වල තිබුණෙත් බකට්, සව්කොළ, කොඩි, වෙස්මූණු විතරයි. දැන් වගේ රෙඩිමේඩ් වෙසක් තිබ්බෙ නෑ. ඉතින් පොඩි ඩ්‍රැකියටත් ඉවසුමක් නෑ. උණබට කපනවා, වෙසක් කූඩු හදනවා, අයියත් එක්ක තරඟෙට වෙසක් කූඩු අලවලා සරසනවා, ඒකාලෙ අපේ ගමෙන් බාගෙකට ලයිට් තිබ්බෙ නෑ.ඒක ලක්ෂරි පහසුකමක්. ඉතින් වෙසක් කූඩුවෙ භූමිතෙල් පානක් එල්ලනවා. සමහර වෙලාවල, ඒකෙන්ම වෙසක් කූඩුව ගිණිගන්නවා. දන්සැල් වඳින්න යන්නෙ කොල්ලො රංචුව පිටින්මයි. බීම දන්සැළකින් වීදුරු දහයක්වත් බොන්න පුළුවන් වෙච්ච අපේ සිරිබෝ අයියා තමයි දන්සැල් සබ්ජෙක්ට් එක ගැන වීරයා වුනේ. දන්සැල් වැදලා ගෙදර ඇවිත් පාට පාටින් චූ කළා කියලා සිරිබෝවා කිව්වා දවසක්.

වෙසක් අසිරිය මතක් කරගෙන ඩ්‍රැකියා පටන් ගත්තා වෙසක් කළාපයක්. ඒක පුළු පුළුවන් විදිහට අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්ඉස්සෙල්ලාම අපි පටන් ගම්මු මොකක් හරි වැඩක් ඇති දේකින්. බුද්ධ දර්ශනයෙන් ඩ්‍රැකියට වැඩක් තියෙනම දේ තමයි, ඇන්ගර් මැනේජ්මන්ට් හෙවත් කෝපය කලමනාකරණය කිරීම.  මොකද මිසිස් ඩ්‍රැකී දකින විදිහට ඩ්‍රැකියගෙ තියෙන එකම නරක දේ තමයි කේන්ති යන එක. (කෝපයෙ මොනවද කළමනාකරණය කරන්න තියෙන්නෙ? ඒක වළක්වගන්නනෙ තියෙන්නෙ. ඔන්න ඉතින් මළ පනිනවා.) සූත්‍ර පිටකයෙ තියෙන දුතිය ආඝාත පටිවිනය සූත්‍රයෙ, සැරියුත් හාමුදුරුවො විස්තර කරනවා කෙනෙක් ගැන කේන්ති ගියාම කරන්න ඕනෙ දේවල් ගැන.

(සූත්‍ර පිටකය තියෙන්නෙ සජ්ඣායනා කරලා සෙත සළසගන්න නෙවෙයි. ඒ වුණාට අපේ බෞද්ධයින් කරන්නෙම ඒකනේ. සූත්‍ර පිටකයෙ තියෙන්නෙ බුදුන් වහන්සේ ගේ දර්ශනය. අපි කරන්න ඕනෙ වෙන්නෙ ඒක හදාරලා, බුද්ධ දර්ශනය තේරුම් අරං, ජීවිතය දියුණු කරගන්න එකයි.)

දුතිය ආඝාත පටිවිනය සූත්‍රයෙන් මම උපුටාගත්ත දේ:

පාංශුකූලික හාමුදුරු කෙනෙක් පාරක යද්දි, දකිනවා දිරාගිය රෙදි කෑල්ලක්. ඒ දැකලා, ඒ හාමුදුරුවො ඒක එක පයකින් පාගගෙන, අනිත් පයින් දිගහැරලා බලනවා, වැඩකට ගන්න පුළුවන් පොඩි කොටසක්වත් තියෙයිද කියලා.

ඒ වගේ, ඔන්න කෙනෙක් ඉන්නවා, එයා  ගෙ හැසීරීම අන්තිම නරකයි. වචන වලින් හරිම ගුණවත්. එයාගෙ ක්‍රියාව ගැන කේන්ති ආවොත්, කමක් නෑ අඩුගානේ එයාගෙ වචන හරි හොඳයිනේ කියලා තරහ නිවාගන්න පුළුවන්.

ගමනක් යද්දි වෙහෙසින් හෙම්බත් වුණු තිබහෙන් දිව ගිළෙන්න එන වෙලාවක දකින්න ලැබෙනවා, දිය සෙවෙළ, පෙඳ, පාසි, පෙණ පිරිච්ච පොකුණක්. ඒත් තිබහ නිසාම අර මනුස්සයා, අතින් පෙණ, පාසි ඈත් මෑත් කරලා, වතුර බොනවා.

ඒ වගේ, කෙනෙක් ගේ වචන අන්තිම නරකයි. විශ්වාස කරන්න බැරි පොරොන්දුත් දෙනවා. ඒ වුනාට අනිත් අයට හරියට උදව් කරනවා. මඟ හරින්නෙ නෑ. ක්‍රියාවෙන් අන්තිම හොඳයි. ඒ වගේ කෙනෙක් ගැන කේන්ති ගිය වෙලාවක, එයාගෙ වචන ගැන නොහිතා, ක්‍රියාව ගැන හිතලා තරහ නිවාගන්න පුළුවන්.

කලින් කිව්වා වගේම හෙම්බත් වුණ, තිබහෙන් පෙළුණු කෙනෙක් දකිනවා, ගව කුරයකින් හෑරුණු වළක දිය පොදක් තියෙනවා. එයා හිතනවා, මම මේකෙන් හරි දිය බිව්වෙ නැත්නම් මම කළන්තෙ දායි. මේකෙ දිය අතින් ගන්න ගියොත් මඩ වෙනවා. ඒ නිසා තිරිසනෙක් වගේ හතරපයින් වැටිලා කට තියලා වත් බොන්න ඕනෙ කියලා.

ඒ වගේ, කෙනෙක් කරන්නෙත් අන්තිම පහත් වැඩ. කියන්නෙත් ඊට අන්ත දේවල්. හැබැයි ඉඳ හිට හරි එයාට යහපත් දේවල් ගැන හිතෙනවා. එහෙම කෙනෙක් ගැන තරහක් ඇති වුණොත් අර ඉඳ හිට හරි එයාගෙ හිතේ ඇති වෙන හොඳ ගැන හිතලා කේන්තිය නිවාගන්න පුළුවන්.

ආබාධිත කෙනෙක්, ලෙඩ වෙලා, දුර ගමනක් යනවා. එයාට යන්න තියෙන දුරත් වැඩියි. ආපහු ගෙදර යන්න තියෙන දුරත් වැඩියි. හොඳ කෑමක් බීමක් ලැබෙන්නෙත් නෑ, බෙහෙතක්, උපස්ථානයක් ලැබෙන්නෙත් නෑ. කවුරුවත් එයාට යන්න උපකාර කරන්නෙත් නෑ. ඒ වගේ කෙනෙක් දැක්කම හිතෙනවා, ‘අනේ මේ මනුස්සයා, එයාට හොඳ කෑම ටිකක්, බෙහෙත් ටිකක් ලැබෙනවා නම්, එයාට උපස්ථානය කරන්න කෙනෙක් ඉන්නවනම්, එයාව උස්සගෙන අරන් යන්න කෙනෙක් ඉන්නවනම්‘ කියලා. මේ මනුස්සයට අනතුරක් වෙනවට අපේ තියෙන මානුෂිකබව නිසා අපි කැමති නෑ.

ඒ වගේ, කෙනෙක් ගෙ වචනත් අන්තිම නරකයි. ගතිගුණත් අන්තිම නරකයි. මිනිහා හොඳ දෙයක් ගැන ඉඳ හිටවත් හිතන්නෙත් නෑ. එහෙම වෙන්නෙ එයා ට හොඳ ආශ්‍රයක් ලැබිලා නැති නිසා වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ගැන අපි අනුකම්පාවෙන් බැලුවොත්, කරුණාව ම දක්වන්න පුළුවන්.

පිරිසිදු සීතල වතුර පිරුණු, ගස් සෙවණින් වට වුණු පොකුණකට ගමන් වෙහෙසින් මිරිකුණු, තිබහෙන් කළන්ත වෙන්න යන කෙනෙක් එනවා. එයාට හොඳට වතුර බීලා, නාලා, ගස් සෙවණේ විවේක ගන්න පුළුවන් වෙනවා.

ඒ වගේ, හොඳ වචන කතා කරන, ගුණවත්, හොඳ දේවල් ගැන හිතන කෙනෙක් ඉන්නවානම්, එයා ගේ හොඳ වචන, හොඳ ක්‍රියා, හොඳ සංකල්පනා ගැනම තමයි අපේ හිත යොමුවෙන්නෙ. මොන හේතුවකට හරි එයා ගැන තරහක් ඇති වුණත්, ඒක නිවෙනවා.

කේන්තිය, ද්වේෂය, අපේ හිත ලෙඩ කරවනවා. ඒකෙන් විනාශ වෙන්නෙ අපේ මනසෙ තියෙන සැනසිල්ලයි. ඉතින් ඒ ගැන හොයද්දි මට බුද්ධ දර්ශනයෙන් හම්බවුණු තියරිය තමයි මේ. කොච්චර ගැඹුරුද, කොච්චර සරළද?

වෙසක් කළාපයේ තවත් ලිපියකින් හමුවෙමු. එතෙක් ඔබෙන් සමුගන්නා මම, සත්ගුණවත් ඩ්‍රැකී උපාසක.

පින්තූරය ණයට ගත්තෙ (ආපහු දෙන්න බලාගෙන) : http://farm1.staticflickr.com/15/68831676_8276fd4252_z.jpg?zz=1
ප/ලි 
මේ ගැන හොයද්දි මට http://amadamvila.net කියලා සයිට් එකක් හම්බවුණා.
වෙසක් උනාට බේගලයක් ඇදබාන්නෙ නැතුව හරිම අමාරුයි. නිකං කෑවෙ නෑ වගේ.

39 comments:

  1. මොකදෑ බොල හදිස්සියේ වුණේ? ගිහි ගෙය ගැන කලකිරිලවත් ද? හේතුව මොකක් වුණත්, වැදගත් ලිපියක්. නොදැන හිටපු දේවල් හුඟක් දැන ගත්තා මේකෙන්.

    ReplyDelete
    Replies
    1. මොකුත් උනේ නෑ අප්පා. මේ මගේ තවත් පැතිකඩක් නෙව.
      මම පෝස්ට් එකක් දැම්මා විතරයි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් කිරීම කියන්නේ, දෙව් මිනිස් සැප කෙළවර එක්තරා බෝධියකින් නිවන් දැකීමට හේතු වන කුසල කර්මයක්.

      Delete
  2. ගජබින්න!!!!! එළ....

    ReplyDelete
    Replies
    1. කමක් නෑ, කමක් නෑ. දේශකයගෙ වචන අප්සට් උනාට කෙරුවාව වත් හොඳයිනෙ.

      Delete
  3. කෝපය හින්දා මාත් පොඩි පොඩි පාඩම් කීපයක් ඉගෙන ගෙන තියනවා. දැන් නම් උපරිම උත්සාහ කරන්නේ කෝප ගන්නේ නැතුව ඉන්න. ඒ වගේ වෙලාවක ඉවසන්න පුළුවන් නම් පස්සේ හිතට දැනෙන සැනසීම නම් අපමණයි..

    ReplyDelete
    Replies
    1. මටත් බං කෝප්පේ නිසා පුදුම කරදර වෙලා තියෙනවා. බොන වෙලාවට තව එකෙක් උස්සං යනවා. නැත්නං පොඩි එකා බිදිනවා. සමහර වෙලාවට බොන්න කෝප්පයක් වත් නැති වෙනවා.. මාත් දැං කෝප්පේ පාලනය කරනවා..

      Delete
    2. @ චන්දන
      කෝපය හදිසි අවස්ථාවක අපිට ගන්න පුළුවන් තිරණ දෙකෙන් හොඳ තීරණය ගන්න එක වළක්වනවා. ඊට පස්සෙ සෑහෙන වෙලාවක් යනකම් හිත අප්සට්. නරක ප්‍රතිඵලත් ලැබෙනවා, ආයෙ සමහරවිට ජීවිතේටම වෙනස් කරන්න බැරි වෙන විදිහෙ.
      @ දේශකයා
      මූ නම් හදන්නෙ මගෙ කෝපය ටෙස්ට් කරන්නද මන්දා.

      Delete
  4. හොඳයි draky මේ වැදගත් විස්තරය.තවත් මේ වගේ දේවල් ලියන්න එහෙනම් වෙසක් කලාපය වෙනුවෙන් ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. බුද්ධ දර්ශනය ප්‍රායෝගිකයි. කාලය සීමිතයි.

      Delete
  5. මෙව්වත් ලියන්න එපයි ඉතින්.. විදුලි බිල වැඩිකරපු එකට නැගලා උන්න මල.. ඊටත් එහා නැග්ගා මේක දැකලා..

    කේන්තිය හිතේ තියාගන්නෙ නැතිව පිට කරන එක තමයි හොඳම දේ...

    මම කියන්නෙ මිනී මරන්න නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. දේශපාලනික දේවල් කේන්ති අරන් විසඳන්න බෑ මාතලන් අයියෙ. කියවලා ඇති නේ වානේ පන්නරය ලැබූ හැටි. ඒකෙ ෂුක්රායි කියන්නෙ පාව්කාට, ‘ගහගන්න එක හොඳයි. කොහොමද, කාටද කියලා දැනගන්න ඕනෙ‘ කියලා. ලයිට් බිල ගැන මල තමයි. ඒකට කරන්න ඕනෙ දේ අපි කරන්න ඕනෙ. ජනමතය ඇති කරන්න ඕනෙ. ඒවුනාට කුපිත වුණු ජනබලයත් විනාශකාරීයි. ප්‍රංශ විප්ලවය යි රුසියානු විප්ලවය යි වෙනස් වෙන්නෙ ඔය සාධකයෙන්.

      Delete
  6. මේ වෙසක් කළාපය තුලින් මේ උපාසක මහතා රැස් කර ගනු ලැබූ මහා කුසලකර්මය හේතුකරනා කොටගෙන මේ දක්වා ඇද බෑ ගජබින්න වලින් රැස් කර ගත අකුසල් මැකි ගොස් යහපත්කම වේවා කියා ප්‍රර්ථනා කරමු.....

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ගජබින්න තමා ආතල් නේද? මට තියෙන විසඳුමක් නැති ප්‍රශ්න වලින් එකක් තමයි, ‘ඇයි නරක දේවල් වල ආතල් එක වැඩි?‘ කියන එක.

      Delete
  7. අම්මට උඩු... හොදා හොදා.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සාදු සාදු සාදු. රජාටත් මේ ධර්මශ්‍රවණයේ කුසලයෙන් තව තවත් රාජ සම්පත් ම ලැබේවා!

      Delete
  8. කේන්තිය, ද්වේෂය, අපේ හිත ලෙඩ කරවනවා. ඒකෙන් විනාශ වෙන්නෙ අපේ මනසෙ තියෙන සැනසිල්ලයි.

    මේ කොටස මම උඹෙන් උපුටා ගත්තට කමක් නෑ නේද. ඒක මට ඕනෙ වෙයි වගේ.

    අර අන්තිම කෑල්ල ඉතින් පෝස්ට් එකක් දැම්මා වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. උපුටාගැනීමට අවසරයි ඩූඩ්.

      මට ඕනෙ වුනේ ඒ ගැන බණ වගේ දිගට කියන් නැතුව කෙටියෙන් කියන්න, මට තියෙන සීමිත කාලයත් එක්ක. මේ ගැන කතිකාවක් ඇතිකරවන්න පුළුවන් කියලා හිතෙනවා.

      Delete
    2. නෑ බොල ඩ්‍රැකී උපාසක. මේ කෑල්ල. >>වෙසක් උනාට බේගලයක් ඇදබාන්නෙ නැතුව හරිම අමාරුයි. නිකං කෑවෙ නෑ වගේ. <<

      Delete
    3. ඉතිං ඒක ඇත්තනෙ. බේගලයක් එහෙම නෙවෙයි ඕං.

      Delete
  9. කෝපය පාලනය කරගන්න එක නම් අපි කාටත් හොඳයි තමා සහෝ!

    ReplyDelete
    Replies
    1. මඩිස්සලේ සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. හිතේ සැනසීමෙන් බැලුවොත් අපිට හොඳම විකල්පය තෝරගන්න පුළුවන්. බෘස් ලී ත් කියනවනෙ, කේන්තියෙන් ගහගන්න යන්න එපා කියලා.

      Delete
  10. හොද ලිපියක්. බ්ලොග් වලින් මේ සේවය සමාජයට වෙන්න ඕන නිසා මම බොග පටන් ගත්ත දා සිට වෙසක් කලාප, පොසොන් කලාප, කළා. මාසයක් පුරාවට බැරි නිසා සතියක් පුරාවට.. වැඩේ ලෙසටම කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

    මගෙ කලාපය පටන් ගන්න ඉන්නෙ ලබන සතිය මැද වගේ. කතා සැට් එක සූදානම් කොරල තීන්නෙ.. :)

    ReplyDelete
    Replies
    1. මම වෙසක් කළාපයට ආදර්ශයක් ගත්තෙ සෑම් ගෙන් තමයි. දිගටම යමු. දිරිගැන්විමට ස්තූතියි.
      ඒක නෙවෙයි අර ෆිල්ම් එක බැලුවද? පට්ට ආතල් නේ?

      Delete
  11. අද තමයි මුලින්ම මේ පැත්තේ ආවේ. හැමදාම එන්නම්.
    මේ ලිපිය මට බොහොම ගැලපෙන, වටිනා එකක්.
    ජය !

    ReplyDelete
    Replies
    1. එන්න දිගටම. කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබුණා. දැනුයි දැක්කෙ.

      Delete
  12. මටත් පාලනය කරගන්න ටිකක් අපහසු දෙයක් තමයි කෝපය.. මගේ නම් උත්සාහය කෝපය අවිස්සෙන දේවල් වලින් වැලකිලා ඉන්න පුළුවන් තරම්, ඒත් ඉතින් හැමවෙලේම බැහැ. දැන් නම් ටිකක් අඩුයි....

    ඒක නෙමෙයි.. ඇන්ගර් මැනේජ්මන්ට් චිත්‍රපටියට බැලුවද? මමත් සම්පූර්නයෙන්ම බැලුවේ නැහැ... යූ ටියුබ් එකේ කොටසක තිබ්බ කෑල්ලක් බැලුවා... ඒකෙත් තියනවා මේ කෝපය පාලනය කරන්න උදව් කරන, හාමුදුරුවරු ඉන්න තැනක්. හැබැයි ඉතිං විනෝදාත්මක චිත්‍රපටියක් නිසා ඒ සම්බන්ධ විහිලු එහෙමත් තියනවා.

    ReplyDelete
    Replies
    1. කෝපය පාලනය කරන්න නෙවෙයි, මට හිතේ මඟහරින එක හොඳයි කියලා.

      අර ෆිල්ම් එක තවම බැලුවෙ නෑ. මගෙ හිතේ මා ළඟ තියෙනවා. කොහෙද ඉතිං මේ මිසිස් ඩ්‍රැකියත් එක්ක බෑ නෙව ෆිල්ම් එකක් බලන්න. අනිවාර්යෙන් බලනවා මේ නිවාඩුවට.

      Delete
  13. ඩ්‍රැකියෝ මේක අපේ හාමිනේ දැක්කොත් උඩට ගිහිං බලයි ලිවුවෙ මංද කියලා. මටත් තියෙන එකම ලෙඩේ තමයි අසීමිත කේන්ති ඒම.. හැබැයි සෝඩ බෝතලේ වගෙයි.. දැන් නම් හුඟක් අඩුකරගෙනයි තියෙන්නෙ. මං භාවනා කරන්න ඉගෙන ගන්නවා. ඒකත් එක්ක ගොඩක් අපේ චරිත ලක්ෂණ වෙනස්වෙනවා. හැඟීමක් පාලනය කරන්න හොඳම ක්‍රමය හැඟීම එනකොටම ඒක ට ලේබලයක් ඇලවීමයි..භ්හවනාවෙදි උගන්නන්නෙත් මුලින්ම ඒකයි.. තරහෙන් වෙන්නෙ අපිට අපිවම නැතිවීම විතරයි කියල මම හොඳටම තේරුම් අරන් තියෙන්නෙ. ඒත් ඉතිං පුහුදුන් මිනිහෙක්නෙ..

    ReplyDelete
    Replies
    1. එකතු කරපු අදහසට ගොඩක් ස්තූතියි. ලේබල් ක්‍රමය මම දැනගෙන උන්නෙ නෑ. ඒක සාර්ථකයි කියල මටත් හිතෙනවා. බලනකොට කේන්තිය ප්‍රශ්නෙයක් වෙලා තියෙන්නෙ මට විතරක් නෙවෙයිනෙ.

      Delete
  14. 1 ඉඳන් 10ට ගණන් කරන්න කියනවා ෙන්ද ෙක්න්ති ගියාම?

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවල නම් 1 ඉඳන් 100,000ට ගණන් කළත් මදි

      Delete
  15. කෝපය පාලනය කරගන්න එක නම් ගොඩක් හොඳ දෙයක් මචං.. ඒත් අවාසනාවට මං නොදන්න දේත් ඒකමයි..

    වෙලා තියනවා නම් මතක මාවතේ ටිකක් ඇවිදලා යන්න සහෝ.. :ඩී
    http://mathakamawatha.blogspot.com/?m=1#

    ReplyDelete
    Replies
    1. අපි එනවා, අපි එනවා.

      Delete
  16. වැදගත් කියන්නේ කියලම වැඩක් නෑ. වෙසක් එකට විතරක් නෙවේ හැමදාටම ඕනේ. මොකද වෙනින් කෙනෙක් ගැන කේන්ති එනවා නම් වැරැද්ද තියෙන්නේ අපි ගාවමයි. එයා ගාව කියන්න කියලා කිසිම හොදක් නැතිවෙලාවටත් කර්මය දායාද කරගත්ත පෘතග්ජන අයනේ කියලා උපේක්ෂා සිත උපදවා ගන්න ඔනලුනේ.

    ReplyDelete
    Replies
    1. පූමාගෙ අදහස හරි වැදගත්. වැරැද්ද තියෙන්නෙ අපි ගාවම තමයි. මට සිරීපාදෙ යද්දි හමුබවුණ ඉන්දියන් පොරක් කිව්වා, වෙන හැමදේකටම අනිත් පාර්ශ්වය වගේම අපිත් වැරදියි කියලා. ඌ නම් කිව්වෙ ඒක ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන සංකල්පයක් කියලා. මම ඒ ගැන නම් දන් නෑ. කොහෙ තිබුණත් ඒක ඇත්ත බව පේනවා.

      Delete
  17. ඩ්‍රැකියට ජයම වෙන්න ඕනෙ...මේ වගේ වටිනා යමක් වෙනුවෙන් බොග වෙන් කලාට...

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඉස්තූතියි. මට ජය ප්‍රාර්ථනා කිරීමෙන් ලබා ගත් කුසල් සම්භාරයෙන් සිරා උපාසකට දෙස් විදෙස් සැප සම්පත් කෙළවර, ආපසු උපන් බිමට පැමිණ සිරා මිනිහෙක් සේ කොන්ද කෙළින් තබාගෙන ජීවත් වීමට හැකි වේවා!

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රප...

ගොඩක්ම කියවපු ලිපි