![]() |
| පින්තූරය ඇන්දෙ - ChatGPT |
අදට අවුරුදු දෙසීයකට තරමේ එපිට කාලයක, ගමක වූ රණ්ඩුවක් ගැන, ඒ කාලයේ ජීවත්වුණ අඹන්පොළ රාළ (අඹන්විට රාළ බවත් කියනව.) ලියූ කවි පංතියක් මේ.
මේ රණ්ඩුවට සහභාගි වුණ අයගෙ නම් ගම් එහෙමත් තිබෙන නිසා, ඒ කාලයේ භාවිත වුණ නම් මොනවද කියාත් මෙයින් දැනගැනීමට පුලුවන්. එහි වැඩිපුර සිට ඇත්තේ කාන්තාවන් ය. සමහර කාන්තාවන් රණ්ඩු කෙකි නෙව!
කාන්තාවන්ගේ නම්:
කළූ, සපූ, සවුන්දරී, ළමී, කුමී, සමිත්තරී, කිරී, ගිරී, පවුත්තරී තමා ඒ අය. දිඹුල් මලී යනුවෙනුත් නමක් සඳහන් ව තිබුණද, එය මේ කවියේ එළිසමය ගැලපීමට යෙදූ නමක් බවයි හැඟෙනුයේ (දිඹුල් ගස්වල මල් තිබෙන බවක් ගැමියෝ විශ්වාස නොකරත්.).
පිරිමි නම්:
රණ්ඩුවට සහභාගි වී, එතන සිටි කාන්තාවන්ගෙන් ගුටි කෑවේ දියෝගු නමැත්තා පමණි. දියෝගු යනු පහතරට වැසියන් පාවිච්චි කළ පෘතුගීසි නමකි.
නල්ලුරුවෙ සෙල්ලා, ඇඹුල්දෙණියේ කිරා, වත්තල කළුවා, යන අයගේ බිරින්දෑවරුන් පමණක් කලහයට එක් වී තිබේ. බඩ බක්කා යන අයගේ දුව ද එතනට ආවද, ගැටුමට සහභාගි වී නැත.
ලමිත් කුමිත් සමිත්තරිත්
කිරිත් ගිරිත් පවුත්තරිත්
ඇවිත් කළ රොසේ
අවුල්නාද සපිරිවර්දනේ
දින දින අවුල්නාද සපිරිවර්දනේ
රකිත් සිටිත් අනිත් බනිත්
ගසත් ඉසිත් ගලුත් වැලුත්
මමත් දුටු ලෙසේ
අවුල්නාද සපිරිවර්දනේ
දින දින අවුල්නාද සපිරිවර්දනේ
දිඹුල්මලිට ඇන්න ටොක්ක
බුබුල් නැඟුනි හිස හැම තැන
ඇඹුල් දෙසි ලෙසේ
අවුල්නාද සපිරිවර්දනේ
දින දින අවුල්නාද සපිරිවර්දනේ
එකල් දියගු දිවගෙන ගොස්
දිඹුල් දියට කඩන් පැනපි
කිඹුල් මොටෙකු සේ
ඔහොයියා
දින දින අවුල්නාද සපිරිවර්දනේ
එතැනම සිට ගුල්ලො නොවිදි
ඉන්නක් ගෙන බල්ල කියා
ගසන කල සිටා
අවුල්නාද සපිරිවර්දනේ
කොල්ල සේම ගොස් දියෝගු
බල්ල සේම පැනපිය ගොස්
වල්ල කැලයටා
අවුල්නාද සපිරිවර්දනේ
දින දින අවුල්නාද සපිරිවර්දනේ
බක්ක කියන හකුරගෙ දුව
අක්කෙ නුඹත් එන්නෙද
අන්නක්ක නෙලුමටා
අවුල්නාද සපිරිවර්දනේ
දින දින අවුල්නාද සපිරිවර්දනේ
හක්ක දෙපිට දත් එළියට
ටොක්ක නොකා පැනපිය ලිප්
- බොක්ක ඇතුළටා
අවුල්නාද සපිරිවර්දනේ
දින දින අවුල්නාද සපිරිවර්දනේ
තිත්ත කථාවෙන් බැණ බැණ
වත්ත පහළ තිබුණු කිතුල්
- පිත්ත ගනිමිනා
අවුල්නාද සපිරිවර්දනේ
දින දින අවුල්නාද සපිරිවර්දනේ
පොත්ත ඉගිලි හඩක් ගසා
අත්තන කැලයට දුවපිය
(අඹන්පොළ රාළ කවියාගේ පබැඳුමකි.)
අන්නක්කා = අන්නාසි
2025.01.14

+++++++
ReplyDeleteස්ස්ස්තූතියියියි...
Delete