Thursday, November 19, 2015

ගමයගෙ මන්තරේ... ලංකාවෙ ජනකතාවකි.

එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් උඩ අඩි අටක් දහයක් විතර උස දෙබළක හදාගත්ත පැලක ඉඳං තමා මෙයා හේන බලාගත්තෙ.

හැබැයි, මෙයා ‘ගෙදර උන්දැට බයේ හේනට යන - ඌරට බයේ පැලෙං බිමට ‍නොබහින’ විදිහෙ මනුස්සයෙක්. ඉතිං එයා කරන්නෙ, වේලාසන රෑට කාලා කොස් කොළ නැටි පේන නොපේන ගානට කළුවර වැටීගෙන එනකොට හේනට යනවා. පැල උඩට නගිනවා. සත්තු වටිං ගොඩිං හේනට එද්දි පැල උඩ ඉඳං කෑ කෝ ගහනවා. සත්තුත් ඒ ගෝසාව ගණං නොගෙන හිතූ මනාපෙ හේනෙ බව බෝග විනාස කරලා දාලා යනවා. ඉතිං අන්තිමේ රැකුණ හේනක් නෑ.

ගෙදර බව බෝග අහේම හිංදා, නිතරම වාගේ මේ ගමයා තමුංගෙ ගෙදර ඇත්තගෙං ආඩපාලි අහනවා. උන්නැහැත් එක එක කෙම් ජාති කරනවා හේන සත්තුංගෙන් බේර ගන්න.

ඔහොම ගිහිං මෙයාට දවසක් හම්බුනා එක මන්තරයක්. හේනට ගිහිං මන්තරේ මතුරලා, ගිණි ගොඩක් ගහල තිබ්බහම, පහුවදා එළි වෙනකල් සත්තු එන්නෙ නෑ. ඒ වගේම, ඒ මන්තරේ මතුරල තියෙද්දි කාට හරි “තෝ උඩුකුරුඤ්ඤං...” කිව්වොත්, උන්දැ එතනම මැරෙනවා.

ඉතිං දැන් ගමයා හරි සතුටින්. එයාට කරන්න තියෙන්නෙ, හේනට ගිහිං මන්තරේ මතුරලා, ගිණි ගොඩක් ගහලා. රෑ එළිවෙනකල් නිදාගන්න එකයි. මන්තරේ බලේට හේන නිකම්ම රැකුණා.

දවසක් මේ ගමයා හේනට ගිහිං, පැළට ගොඩවෙලා, ඒකෙ දිගාවෙලා, මේ මන්තරේ නිසා තමුන්ට වෙච්ච වාසිය ගැන කල්පනා කර කර ඉද්දි ඉබේටම නින්ද ගියා. එදා රෑ හරක් රංචුවක් ඇවිත් හේන එහෙම පිටිම්ම පාළු කළා.

උදේ ඇහැරිලා පැල උඩ ඉඳං බලනකොට තමා ගමයට මතක් උනේ කලිං දා හවස මන්තරේ මතුරන්න අමතක උන බව. හොර හරක් රැළ හේන පාළු කළා මදිවට, හේනෙ කොණක ලැගලා තාම වමාරගෙන කකා ඉන්නවා. ගමයට උං රැළ මරං කන්න කේන්තියි. එයා පැල උඩ ඉඳංම මන්තරේ මතුරළා, “තොපි උඩුකුරුඤ්ඤං...”  කිව්වා. කිව්වා විතරයි, හරක් රැළ එතනම වැටිලා මැරුණා.

ඒ හරක් රැළ ගමේ පෝසත් මිනිහෙකුටයි අයිති. එදා රෑ හරක් ටික මඩුවට ආවෙ නැති නිසා උං හොයන්න කියලා, පෝසතා පිටත් උනා. හරක් ගෙ අඩි පාර දිගේ හොයාගෙන හොයාගෙන ගියපු උන්දැ, අර ගමයගෙ හේනට ආවා. ඇවිත් බලනකොට හරක් රැළම මැරිලා. ගමය තාම ඉන්නව ගහ උඩ පැලේ. පෝසතා ඇහුවා ගමයගෙං “මොකද මයෙ හරක් රැළට උනේ...?” කියලා.

කුමාරොදය - හතර වන ප්‍රමාණය කියවීම් පොතෙන්

ගමයගෙ කේන්තිය තාම නිවිල තිබුණෙ නෑ. “මගෙ හරක්...” කිව්වහම ඒ කේන්තිය තවත් වැඩි උනා. ගමය ගත් කටටම කිව්වා, “උඹේ ද හරක්? එහෙනං උඹත් උඩුකුරුඤ්ඤං...” කියලා. පෝසතා එතනම මළා.

ඒ පෝසතා හොයාගෙන, පෝසතාගෙ පුතයි ගමේ ආරච්චි මහත්තයයි ගියා. ඒ උදවිය හේනට එනකොට ගමයා පැලෙං බැහැලා. ආරච්චි රාළ දැක්කා වෙලා තියෙන අලකලංචිය. උන්නැහැ ගමයගෙං ඇහුවා, “මොකද මෙතන උනේ?” කියලා.

“උනේද? හඃ උනේ නේ?” ගමය ගෙ කේන්තිය තවත් වැඩි උනා. “තොපි දෙන්නත් උඩුකුරුඤ්ඤං...” එහෙම කියාගෙන ගමය ගෙදර යන්න පිටත් උනා.

ගෙදර ඇවිත් වෙච්ච සිද්ධිය අකුරක් නෑර ගමයා කිව්වා ගම හාමිනේට. ගම හාමිනේ ඒක ඇහුව විතරයි වැළහින්න වගේ අඬා වැළපෙන්න ගත්තා, “අයියෝ, මොකද්ද මේ ඔයා කරගෙන තියෙන්නේ? දැං ඉතිං අපි මේ ගමේ වසන්නෙ කොහොමද?...” ආදී දේවල් කිය කියා. ගමයට ඉහිළුං නැතුව ගියා. ඔක්කොටම වඩා වැඩියි කණක් ඇහිලා වසන්න බැරි කම. ගමය ගත් කටටම කිව්වා, “කටවහගං. නැත්තං තෝත් උඩුකුරුඤ්ඤං” කියලා.

ඒක කිව්ව විතරයි, වැස්සක් පායලා පායලා වැස්සා ‍වගේ ගම හාමිනේගෙ කට වැහුණා. කට වැහුණෙ නිකම්ම නෙමෙයි, ගමහාමිනේ මළා.

ගමයට හරිම කේන්තියි. ඒ වගේම බඩගින්නත් නැගගෙන එනවා. එයා බැලුව කුස්සියට ගිහිං මොනවද කන්න තියෙන්නෙ කියලා. මොකවත් නෑ. ඒ ගමන එයා උයන්න ගත්තා. හාල් ටිකක් හෝදල අරං, මුට්ටියක දාලා, වතුර දාලා, ලිප උඩිං තිබ්බා. තියලා, ලිපට දර දාලා ගින්දර ඇවිලුවා. ගිණි දැල්ල ටිකක් එහෙ මෙහෙ එකෙල මෙකෙල වෙවී තිබිලා, නිවෙන්න වගේ ගියා. ගමයා පාත් වෙලා හූස් ගාලා ලිපට පිම්බා. තිබුණු ගින්දර ටිකත් නිමිල ගියා. ගමයට දැන් හොඳටම කේන්තියි. ඒ පාර ගමයට වැඩිදුර හිතන් නැතුව කියවුණා, “අනේ දෙයියනේ, මාත් උඩුකුරුඤ්ඤං...”

ගමයත් ලිප ගාව මැරිලා වැටුණා.

236 comments:

  1. තැන්කුයි ගමයා. සොරි ඩ්‍රැකි..

    ReplyDelete
    Replies
    1. දූෂකයත් උඩුකුරුඤ්ඤං. ඒ බැයිංනං යටිකුරුඤ්ඤං...

      Delete
    2. මම එක වෙන කමෙන්ට් එක හොරකන් කරපු එකා උඩුකුරුඤ්ඤං

      Delete
    3. උඹ අදත් බ්‍රයන් කරන්න ගියාද?

      Delete
    4. අා............ දෙන්නං ගේම දැන් කට්ටියට ම ..... තැන්කූ ඩ්‍රැකියෝ...

      Delete
    5. බ්‍රයන්.. = බ්‍රා + අයන් වෙන්ටැ.. හිහි මරු සන්ධිය

      Delete
    6. කුරුටු,
      උඹල තුන්දෙනා එකපාර කියාගනිව් මන්තරේ...

      මහේෂ්,
      ඕක ප්‍රසන්න සන්ධි කරල දාපු කාඩ් එකනෙ. “බ්‍රයන් මෑන්“

      Delete
    7. මහේෂ්ටත් මොකක්හරි සන්ධියක් ඕනනං හදල දෙන්නං.

      Delete
    8. හදල දියං ඌට තුම්මුල්ල සන්ධියක්...

      Delete
    9. ඩ්‍රැකියාගේ සන්ධියක් විසන්ධි කරපන් දකුනු කකුල නම් ගොඩක් හොදයි

      Delete
    10. මෙන්ඩ හදන්නෙ උගෙ මැද කකුළ විසන්ධි කර‍ගන්න... ඉඳපිය...

      Delete
  2. ඔය මන්තරේ දැනගන්න ලැබුනොත් එහෙම කොහොමද...

    මේ කතාව පොඩි කාලේ අපේ ආච්චි අපිට කියල දුන්නා...
    ඒ කතන්දර සමහර ඒවා දැන් මතකත් නැහැ...

    ReplyDelete
    Replies
    1. අපෙත් අම්ම තමයි ගොඩක් කතා මට කියල දුන්නෙ. සමහර කතා ආයෙ ආයෙ අහනවා නිදාගන්න යද්දි.

      Delete
    2. අලි චුටිත් එක්ක මාව කිතුල් ගහේ නග්ගපු ලොකු පුතා උඩුකුරුඤ්ඤං

      Delete
    3. මෙන්ඩට අර “ඇම්බෙ“ කියල කාඩ් එකක් ගහල කිතුලට ඇරියෙ?

      Delete
    4. අපිව දාල ගිහිං රා බීපු තොපි දෙන්නම උඩුකුරුඤ්ඤං

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. රා වලට අර “මොකද්ද අප්පා මේ කඳ“ කියන එක දාපු කැමාත් උඩුකුරුඤ්ඤං...

      Delete
    7. කම්මලෙයට මන්තරේ අහුවුනා කියන්නෙ ඉතිං, කික් බොක්සර්ට ලාඩං ගැහුව වගේ තමා. වටේම ඉන්න උං දෙපාර දෙපාර මරණව...

      Delete
    8. කම්මලයටයි මෙන්ඩටයි රා කට්ටක් දෙකක් එහෙම බොන්න දීලා ටිකක් වෙරි උනාට පස්සේ කියන්න ඕනේ "තොපි දෙන්න උඩුකුරුඤ්ඤං" කියලා...
      මුන් දෙන්නා මළාට පස්සේ බහිරවයෝ දෙන්නෙක් වෙලා, රා වලට අධිපති බහිරවයා වෙන්න දෙන්නත් එක්ක පොරකයි...
      කොහොමද ආතල් එක...

      Delete
    9. අන්න මචං කරනවනං. සෝම මාමව ඊට පස්සෙ උඩුකුරුඤ්ඤං කරමු...

      Delete
    10. ලොකූ පුතා එදා දුන්න ත්‍රසඡනක අත්දැකිම නම් එල ද බ්‍රා

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආතරයෙටත් උඩුකුරුඤ්ඤං...

      Delete
  4. තෝත් උඩුකුරුඤ්ඤං මේ පලවෙනියට කොමෙන්ට් කරල තියෙන එකත් එක්කම. හැක්...

    නියම කතාව බොල.

    ReplyDelete
    Replies
    1. ඉඳපං කො, මහින්ද මාමගෙං අහගෙන මං උඹට භාෂා තුනෙම්ම උඩුකුරුඤ්ඤං කියනවා...

      Delete
  5. ඒකත් නරක නෑ ඉතිං.

    ReplyDelete
    Replies
    1. මං අර ප්‍රශ්නෙට එච්ටීඑම්එල් කෑල්ලක් අමුණලා දැම්මා කලිං පෝස්ට් එකේ කමෙන්ට් එකක. පොඩ්ඩක් බලන්න උදව්වක් වෙයිද කියලා...

      Delete
    2. අපිට අරක්කු නොදි රාඡ් ඔක තනියම හදාගත්තොත් රාඡ් උඩුකුරුඤ්ඤං

      Delete
    3. නෑ බං. රාජ් ඊයෙ රෑ “වල් උරෙක් උඩුකුරුඤ්ඤං“ කිය කියා කැලේ ගියා...

      Delete
  6. දියවන්නාවෙ ගැලරියෙ ඉඳගෙන යට ඉන්න එවුන්ට ඕක මතුරන්න තිබුන නං.......

    ReplyDelete
    Replies
    1. ඡන්දෙට පස්සෙ දිනපු උං දෙන පොර ටෝක් ඇහුනම හිතෙනවා මේ වගේ මන්තරයක්වත් තිබුණනං කියලා.

      Delete
  7. මන්ත්‍රය මතුරමින් .................
    ..............................
    ............................
    තෝ උඩුකුරුඤ්ඤං

    ReplyDelete
    Replies
    1. ලව් පූසො, උඹ කියහං උඩුකුරුඤ්ඤාව් කියලා...

      Delete
    2. පූසට උඩු කුරුඤ්ඤං කීවට වැඩක් නෑ.පන හතක් තියනවලු.

      Delete
    3. එහෙනං හත්වරක් උඩුකුරුඤ්ඤං කියමු...

      Delete
    4. හතයි නෙමේ බොලව්. නමයයි. උඹලට මතකද එවරෙඩි බැටරි කෑල්ලෙ නමයෙ ගැටේ අස්සෙන් පනින පූසා? ඕක ජාත්‍යන්තර පිළිගැනීමක්.

      Delete
    5. ඒ බොල ජාත්‍යන්තර පූසන්ට. ලංකාවෙ පූසන්ට තියෙන්නෙ හතයි. බොරු නං අයිතිකාරයෙක් ගෙං අහල බලහං...

      Delete
  8. මරු කතාව ඩ්‍රැකි..මම හරි ආසයි මේ වගේ කතා වලට.ඔයා ජන කතාත් දන්නවනේ.මම හිතුවෙ ලේ බොන්න විතරයි දන්නෙ කියලා ....හී. දැන් මටත් ඒ වචන ටික නිකන්ම කියවෙන්න වගේ යනවනෙ...මාර වැඩේ.

    ReplyDelete
    Replies
    1. මං කලිනුත් ජන කතා දෙකද්ද කොහෙද දාල ඇති නෑනො.

      අර වචන කියවෙන්න එද්දි පටස් ගාල කණ්නාඩියක් ලගට යන්න. එකෙම්ම වැඩේ හරියයි...

      Delete
    2. එහෙම වුණොත් දානෙට එන්න අයියණ්ඩි..( රහසින් ..අනේ අම්මපා මෙහෙමත් ඩ්‍රැකියෙක් අපි මැරෙන කල් තමයි බලා ඉන්නෙ )

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ලේ බොන්න බලං ඉන්න කට්ටිය එහෙම තමයි

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. අප්පට සිරි, ලෙඩේ ජයවම බෝ වෙනව වගෙයි.

      Delete
    7. අයියා...ශවුත්තු ටෝක්ස් දාන්න එපා...ඩ්‍රැකියට කියලා උඩුකුරු මන්තරේ මතුරනවා හරි ...?

      Delete
    8. අයියා...ශවුත්තු ටෝක්ස් දාන්න එපා...ඩ්‍රැකියට කියලා උඩුකුරු මන්තරේ මතුරනවා හරි ...?

      Delete
    9. මේ ලෙඩේ බෝ කරපු කම්මලයා උඩුකුරුඤ්ඤං

      Delete
    10. මේ අපහාස අහන්ඩ බෑ........

      “අනේ දෙයියනේ, මාත් උඩුකුරුඤ්ඤං"

      Delete
    11. නිරුත්තරා,
      දානෙං බේරෙන්න බෑ හරිය? දවස් හතම රෑ නයිට් ගහල, කරෝලයි වට්ටක්කයි ත් කනව අම්මප...

      නිරුත්තරා,
      This reply has been deleted by Drackey

      ඉයං,
      මැරිච්ච උංගෙ ලේ බිව්වොත් වැම්පයර් මැරෙනව බං. මැරෙන්න කලිං බොන්න ඕනෙ...

      ඉයං,
      This reply has been deleted by Drackey

      ප්‍රසා,
      බැයිද ම් ඩබොල් ලෙඩේට බොලගෙ දේවාලෙං මොකුත් කොරගන්න?

      අනුත්තරා,
      උසි උසි,

      මෙන්ඩොඃ,
      බෝකරපු එකා ඒක හොඳ කරග‍ෙන පැත්තක. අපිට ආතල්ල්ල්ල්... නෑ

      කම්මලෙයො,
      උඹ දෙපාරක් කියහං මැරෙන්න ඕන්නං...

      Delete
    12. ඕක හොඳ කරන්න දෙයියො ඩබලක් එකපාර ගෙන්නන්න වෙනව. ඒකට ගාන ඩබොල්.

      Delete
    13. දේවාල ඩබොලක් එපාය?

      Delete
    14. දෙයියො ඩබල කපුවො ඩබලත් එක්කම උඩුකුරුඤ්ඤං

      Delete
    15. මනෝ, මෙන්න මේකට කොඩිවිනයක් කරහං.

      Delete
    16. කම්මල,
      ඩබොල් එකේ උඩුකුරුඤ්ඤං... හෙහ් හෙහ්...

      මනෝ,
      කොරහං කපන්ඩ පුළුවං එකක්...

      Delete
    17. ඩ්‍රැකා යකා කෙලවිශ්වරේ සුං සුං බිජ්ජ ඩවුන් නල්ල පොතින් පුහ් සුං ඒස්වාහං...

      මධ්‍යහන 12 පසුවි විනාඩි 1 තත්පර 1 පසු වීමෙන් පසු කලු පැහැති වස්ත්‍රාබරනයෙන් සැරසී උතුරට අඩි තුනක් ගමන්කොට අංශක 175 ක් වාමාවර්ථව බ්‍රමණයවී සඳ දෙස බලා මෙම මහා බලගතු මන්ත්‍රය 1008 වරක් මැතීරීමෙන් ඩ්‍රැකියාගේ පුරුෂභාවය අතුරුදහන් වනු ඇත.මේ දිනවල අධික වර්ෂාව බැවින් සූර්යා ලෝකය පතිතවූ වහාම කොඩිවිනයේ වැඩ කටයුතු ආරම්භ කරනු ලැබේ.

      Delete
    18. හා... ආව මෙතන මට කොඩිවිණ කරන්ඩ මනෝ ගුරා... හොර කට්ටඬි දෙන්නටම රෙද්ද නැතුව දුවන්ඩ දෙන්නෙ... එහෙනං...

      Delete
    19. This comment has been removed by the author.

      Delete
    20. යකෝ මං කොඩිවිනේ කොරන්න කිවුවෙ කම්මලයට. කමක් නෑ ඉතිං ඩ්‍රැකියට උනත්. ඒත් උගේ පුරුෂභාවය අතුරුදං වෙලා ගොඩක් කල් මං හිතන්නෙ.

      Delete
    21. අඩෝ... ප්‍රසන්නයා, බොට මං කිව්ව කියල හිතාගං...!

      Delete
    22. එහෙනම් කම්මලයට වස් කවියක් කියමු.

      සුන්කර හරින තෙදබල දැඩි මුණ්ඩයා
      අල්ලා බෙල්ල සොල්ලනු මැන කම්මලයා
      මන්තර ලියා අපිට කෙලවන වල් ඩ්‍රැකියා
      සමග කම්මල දෙන්නම උඩුකුරුඤ්ඤයා
      සුන්කර හරින් තෙදබල වීර මුණ්‌ඩ යා

      Delete
    23. පද පහේ වස් කයියක් මං ඔය දැක්කමයි...

      මාව අහක් කරපං එතකොට ඔය කවිය නියම ස්ටෑන්ඩ්ර්ඩ් එකට එනවා.

      Delete
    24. මනෝ
      එල ද බ්‍රා
      ඩ්‍රැකි
      නිරැත්තරා..එල ද බ්‍රා කාඩ් එක

      Delete
    25. ඕඃ තක්කුඃ,දෙක්කුඃ, පදිනෙට්ටුඃ
      බෙන්තර කඩේ කුඩුමරක්කයා
      ලාවුළු කාපු ආනුබාවෙං
      වස් කවි කියූ මනෝමයා උඩුකුරුඤ්ඤං

      Delete
    26. පද හතරේ වස් කවි පවර් ෆුල් මදි බං.මේ වස් කවිය රැප් සංගීතයකුත් සමග කටහඬ එකෝ වෙන විදියට කියන්න කියලයි පැරනි යන්ත්‍ර මන්ත්‍ර පොත්වල සඳහන් වෙලා තියෙන්නේ.

      මෙන්ඩෝ
      කම්මලයගේ වස් කවිය පවර්ෆුල් වැඩි වගේ.මල්ටි ප්ලග් එකෙන් දෙපාරක් කරන්ට් එක වැදුනා.

      Delete
    27. ///බෙන්තර කඩේ කුඩුමරක්කයා///

      අඩෝ කම්මලයෝ, මේක නරකද "බෙන්තර කඩේ කුණු මරක්කලයා" වගේ උනොත්,
      එහෙම උනොත් මනෝට කරන්ට් එක විතරක් වැදිලා නිකං ඉන්න එකක් නැහැ...
      ඕකා උඩුකුරුඤ්ඤං වෙලාම යයි...

      Delete
    28. ලොකු පුතේ අපිටත් අලුත් පෝස්ට් එකක් දාන්න කාලේ හරි.උඹත් හෙට එකක් දාපං.ඉන් පස්සේ මම එක දාන්නම්.හෙටම දාපං නැත්තම් උඹත් උඩුකුරුඤ්ඤං

      Delete
    29. මනෝ, +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      (මේ මාව බේරලා ඕනි මගුලක් ඈ............)

      Delete
    30. මෙන්ඩො,
      හොඳම කාඩ්ඩෙක බං "බ්‍රයන් මෑන්"

      කම්මලෙයා,
      ඔව්වටනෙ බං මන්තර කියන්නෙ...

      මනෝවා, ඇයි බං තව මංතර පොත් තියෙනවා ඒවත් එක්ක ට්‍රෑක් තියෙන සීඩී එකත් දෙනවා. ඒ සීඩී එක දාලා, කැරෝකේ ක්‍රමේට මංතරේ ජප කරන්න තියෙන්න‍ෙ.

      ලොකු පුතා,
      ඕකව උඩු කුරුඤ්ඤං කරලත් මදි බං. උඩු යටි දෙකම කුරුඤ්ඤං කරන්න ඕනෙ.

      මධුවා,
      බෝ මේ ටික දොහට බ්ලොග් අවකාශෙ කාන්තාරයක් කරල තියෙන්නෙ. බෝ ඉතුරු කරන්න වටින්නෑ

      Delete
  9. පොඩි මෙන්ඩට..ඩ්‍රැකි මාමගෙන්

    ReplyDelete
    Replies
    1. ලොකු මෙන්ඩත් උඩුකුරුඤ්ඤං

      Delete
    2. එහනම් ඇමරිකාවේ සුද්දියොත් උඩුකුරුඤ්ඤං

      Delete
    3. මෙන්ඩො,
      උඹෙ කීමට මේක දැම්මෙ. අද ඉතිං පොඩ්ඩගෙ හිනා කට බලන්න පුලුවං.

      ප්‍රසා,
      තොපි දෙන්න නැති උනොත් අපිත් බ්ලොග් ලියල හමාරයි.

      මෙන්ඩො,
      උං කොහොමත් උඩුකුරු තමා...

      Delete
    4. සිරාාවටම මචං..ඌ උඩ පැන පැන හිනාවෙනවා බලාගෙන ඉන්න ආසයි..

      Delete
    5. මගේ දූටත් මේ කතාව කියලා දෙන්න ඕන.
      මෙන්ඩා සුද්දියෝ ඉතුරු කරලා සුද්දන්ට උඩු කුරුඤ්ඤං කියමු.එතකොට සුද්දියෝ සේරම අපේ.

      Delete
    6. පොඩි මෙන්ඩා ඊයේ හැම එකටම උඩුකුරුඤ්ඤං කිය කිය යනවා.. සදුට කියලා බැනුම් ඇහැව්වා..

      Delete
    7. මෙන්ඩො,
      බලන්න ආසයි බං පොඩි මෙන්ඩ හිනාවෙන හැටි.

      මනෝ,
      බලාගෙන, මෙන්ඩ ගාව තියෙනව සමලංගික මන්තරේකුත්. උඹව සමරිසි කළොත් වැඩේ කෙළවෙනවා...

      මෙන්ඩො,
      සඳුව උඹට සීනි බෝතලෙං ගැහුවද ඊයෙත්?

      Delete
    8. සුද්දෝ ඔක්කොම උඩුකුරුඤ්ඤං කරලා මනෝ සමලිංගික කරමු

      Delete
    9. මහරගම මනාලියෝ අන්දන තැනක හිටියා පොන්සි කොල්ලෙක්.පොර හිටපු ගමන් මගේ මස්සිනාගේ කඩේට එනවා.පිස්සු ලෝකයක් බං.ඒ ඇක්ෂන් උඹලා දැකලා තියනවද.කෙල්ලෝ වගේ පස්ස නලව නලව යන්නේ.කතා බහ හරි අමුතුයි.අර පර්පල් රේන්ජ් එකේ ගෑනු කටහඩක් තියන පොරත් එහෙම මන්දා...
      කෝපි කඩේ ඩ්‍රාමා එකේ ඒ දවස් වල හිටපු එක පුද්ගලයෙක් ප්‍රසිද්දියේම කිව්වනේ පොර එහෙමයි කියලා.

      Delete
    10. පොඩි මෙන්ඩා ඊයේ මේ කතන්දරේ කට පාඩමින් කියනවා එක අකුරක් වරදන්නෙ නැතුව

      Delete
    11. පොඩි මෙන්ඩා පංතියෙ අනික් එවුන් ටික බය කරගෙන ඇති චණ්ඩියා වෙලා මංතර බලෙං.

      Delete
    12. මනෝ,
      ලංකාවෙ ෆිල්ම් වල පවා පොන්සි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා බං. "කොස්තාපල් පුඤ්ඤසෝම" එකෙත් එකෙක් හිටියා. වැඩ බැරි ටාසන් එකෙත් එකෙක් හිටියා. ඒක හරියට අර ජයවිලාල් විලේගොඩ කියන්නෙ, ජයමාන්නලට "ආය - අප්පු" කෝළමයි, බෝතල් පාටියයි නැතුව ෆිල්ම් එකක් හදන්න බෑ කියලා. ඒ වගේ දෙයක්...

      මෙන්ඩො,
      දැං පොඩි එව්වො හරි දක්ෂයි බං. ඒ වගේම හොඳ මතකයක් තියෙනවා. කොල්ල හො තැනකට එයි අනාගතේදි.

      මදාවි‍යො,
      උඹ අර කැරපොත්තටත් ඒක කියල බලහං... එතොකොට ආයෙම අපිට කයියක් කියෝගෙන සැනසිල්ලෙ ඉන්න පුළුවං වෙයි, උඹේ අපභ්‍රංශ කියෝල ඔළු කූරෝලු කරගන් නැතුව.

      Delete
  10. නියමයි ගමයෝ ....

    කර ආලේ නැහුනත් -කටු බැදි අස්සේ
    ගමරාලේ දැන්නම් - රහසක් නැත්තේ
    හොර පාරේ ගිය මඟ - සලකුණ ඇත්තේ
    කටු ගාලේ තිබු අමුඩේ - පලු අත්තේ"

    ReplyDelete
    Replies
    1. රෑ පැල් රැකලා පැල් කවි කියලා...
      රෑ පැල් රැකලා පැල් කවි කියලා
      නිදි නැති දෙනෙත බරයි
      වෙහෙස නිවන්නට තුරුලිය නලවා
      එන මදපවන සුබයි
      බොල් පිනිමත ලා හිරු රැස් විටිලා
      මැනික් ලෙසින් දිලිසේ
      මට බහදුන් දා විලියෙන් ඇඹරුන
      මැනිකගෙ නෙත් විලසේ
      මෙදා සැරේ කුරහන් කිරිවැටිලා
      සුලගේ ලෙලදෙනවා
      කුඹුකෙන් නාගෙන වරකන්දා යන
      මැනිකෙව සිහිවෙන්නේ
      ගොවිතැන් සාරයි ඒකෙන් නෑ නොවැ
      අතමිට අඩුපාඩු
      පලදන්නම් ගෙල මාල සවන් යුග
      ලෙලවමි රන් තෝඩු
      ගේ පොඩියෙත් වැඩපල අවසන්
      එලියක් එයි නෑ නේ
      මේ කන්නයෙ බිම අස්වනු කැපුවම
      මැනිකෙත් එනවාලූ...

      ගායනය - සි .ටි ප්‍රනාන්දු

      Delete
    2. අර උඩිං තියෙන්නෙ ජන කවියක්ද මචං?

      සිංදුවත් මරු බං. අපේ යාලුවෙක් ඕක වෙඩිං එහෙක කිව්ව ඇට්ටි හැලෙන්ඩ. සී ටී ගෙ ඔරිජිනල් මියුසික් හෙණම වෙස්ටන්. හැබැයි පද මාලාවෙ ලාංකික ගැමි සුවද තියෙන්නෙ.

      Delete
    3. සිංදුවගෙ සිංදු ටික උඩුකුරුඤං

      Delete
    4. අන්ද මන්ද වූයේ මසිතා මෙපුවතින
      කිම්ද වූයේ නොදැනේ අරුමා
      මේ පුවතින කිම්ද වූයේ නොදැනේ අරුමා
      සරණ කර සිටි නරන හිමි හට
      කරන අනවින මෙවැනි බිහිසුණු

      වෙන්ට කමා වැදි රජිඳේ මෙ වරදට
      බැන්ද සෙනෙහස හින්දා
      මේ වරදට බැන්ද සෙනෙහස හින්දා
      චපල විය සිත ප්‍රබල ආලෙන්
      නොතලනුය මා දුබල ජීවය
      චපල විය සිත ප්‍රබල ආලෙන්
      නොතලනුය මා දුබල ජීවය

      සින්ඳවූ ගෙල සැමියා කවර සෙනෙ
      යන්ට යව වනේ නොසිටා
      කවර සෙනෙ යන්ට යව වනේ නොසිටා
      අමන ගති ඇති මෙවැනි අඟනන්
      ම වැනියන් හට කුමන සරණද
      සින්ඳවූ ගෙල සැමියා කවර සෙනෙ
      යන්ට යව වනේ නොසිටා
      කවර සෙනෙ යන්ට යව වනේ නොසිටා

      නාට්‍යය - මනමේ

      Delete
    5. සිංදු,
      නැද්ද බං ධම්ම ජාගොඩ කියන මේ සිංදුවෙ එම්පීත්‍රී එකක් හෙම?

      Delete
    6. ටැංකිව් සිංදු. උඹ නං දෙයියෙක්. (හැබැයි ඩවුන්ලෝඩ් වෙන්න මාා ර වෙලාවක් යන්නෙ)

      අර නිහාල් නෙල්සන්ගෙ “කවුන්ට් ඩ්‍රැක්‍යුලා“ ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ. පොඩ්ඩක් බලනවද?

      Delete
    7. මචෝ මේල් ඇඩ් එක දීයන් ...මම මේල් කරන්නම්

      Delete
    8. අම්මෝ දියං දියං.. drackey@@gmail.com උඹට මං පොල් ගෙඩියකුත් ගහන්නං...

      Delete
    9. උනන්දුව වැඩි හිංදා ඇට් දෙකම ගැහුවා... හෙහ් හෙහ්...

      Delete
  11. ඇයි යකෝ මේක යුද්ද කාලේ දැනගෙන හිටියනං අනික් තරස්තවාදියෝ හැර පිරබාහරන් විතරක් උඩුකුරුඤ්ඤං කියන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. එතනිං ඉවර වෙයියැ, ඊට පස්සෙ ගෝඨා උඩුකුරුඤ්ඤං, මහින්ද උඩුකුරුඤ්ඤං, රනිල් උඩුකුරුඤ්ඤං, විජේදාස උඩුකුරුඤ්ඤං... ඔහෙම ගිහිං කොහෙං කෙළවර වෙයිද දන්නෑ?

      Delete
  12. බ්ලොග් ලියන එවුන් ඔක්කෝම අලුත් පොස්ට් ලියපියව් නැත්නම් කියනවා මන්තරේ..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක් නොලියා අනික් එවුන්ට සයිස් දාන මෙන්ඩාට නම් මොනවත් නොවේවා.

      Delete
    2. මං ගාවත් පොඩි මන්තරයක් තියනවා මෙන්ඩෝ.. අද රෑට කෝල් ඒකක් අරගෙනම ඒ්ක කියලා දෙන්නම්...

      Delete
    3. අනේ කියකො බං.. ලොකු ඩෙයක්... හැක්

      Delete
    4. උඔලා වැඩිපුර ලියනකොට මගේ අගය වැඩි වෙනවා..
      උදේ පාන්දර ටිචැර් එක්ක ගේමක් ඉල්ලුවා..
      ටිචර්..
      කමෙන්ට් වලට උත්තර දෙන්න..නැත්නම් වේවැලක් අරගෙන ගහනවා පුක පැලෙන්න.

      Delete
    5. මෙන්ඩො,
      මේ ලියනවා, මේ ලියනවා...

      ඉයන්,
      කියවන්නත් එකෙක් හරි ඉන්ඩ එපැයි. නැද්ද? ඒකනෙ රොබින් හුඩ් කවදාවත් ගිස්බන් ව මරන් නැත්තෙ...

      ප්‍රසා,
      අඩේ, සුදුමහත්තයා බ්ලොග් එකක් ලියනව කියල මං දන්නෙ අදනෙ. ටැංකිව් බං, උඹ නං ඇවිදින ඩිජිටල් පුස්තකාලෙයක්...

      විදානෙ,
      පව් බං ඌ. අදත් සඳුවගෙං ගුටි කන්න වැඩක්...

      මහේෂ්,
      ඩෙයක්? ඒ මොකද්ද ? බෙර පදයක්ද?

      මෙන්ඩො,
      කවුද බං ටීචර්? අර උඹේ ඔළුවට පොල් ගෙඩ්ඩෙං ගැහුව ටීචර් ද?

      Delete
    6. මෙන්ඩා කිව්වත් වගේ ටීචර් රිප්ලයි දාලා නෑනේ.ටිචරුත් උඩුකුරුඤ්ඤං ....

      Delete
    7. කවුද බං ටීචර්? ????????????????????


      Delete
    8. http://guruwariyakageimathakaya.blogspot.com
      ගුරැවරියකගේ මතකය

      Delete
    9. ස්තූතියි මෙන්ඩො, දැන්නං පරක්කුයිද දන්නෑ?

      Delete
    10. මම දැන් ටිචර්ට දෙපාරක් හොදින් කිව්වා රිප්ලයි දාන්න කියලා ඊලග පාර ගහනවා වේවැලක් අරගෙන පුකේ පලු මතුවෙන්න ඊට පස්සේ එලියේ දන ගස්සලා තියනවා

      Delete
    11. තාම අළුත්නෙ. පොඩ්ඩක් සමාව දීලා බලමු මෙන්ඩා. ගුරුවරියක් ලියන එක හොඳා. ගුරුවරු ගොඩක් අය ලිං මැඩි තත්ත්වෙ ඉන්නෙ. මේ කෙල්ල ඒ අතිං සෑහෙන ඉදිරියෙං වගේ.
      අපිට තමා පුරස්නෙ මේ සේරම එල්ලගෙන නිදි මරාගෙන කියෙව්වම ප්‍රෙෂර් නැගලා.....

      Delete
    12. මෙන්ඩො,
      එච්චර තද දඬුවං දෙන්න එපා බං. ඕන්නං පොල්ලක් අරං ඉස්කෝලෙට පැනලා, ගුරුතුමීව දණගස්සපං...

      මදා‍වියො,
      එල්ලගෙන ඉඳීම ගැන මැසිවිලි කියන එකම පිරිමියා තමා උඹ...

      Delete
  13. මරාගෙන මැරිල්ලක්

    ReplyDelete
    Replies
    1. එකපාරක් එල්ටීටීඊ එකෙං, කොටුව ස්ටේෂමට එව්වලුනෙ පොඩ්ඩක් මෝඩ පහේ සුවිසයිඩ් බෝමර් කෙනෙක්. පොරට බෝම්බ ජැකට් එක අන්දලා, කියල එව්වලු, “සෙනඟ ගොඩක් ඉන්න වෙලාවක සුවිසයිඩ් කරගං“ කියලා.

      පොර ඉතිං කොටුව ස්ටේෂමට ඇවිත් උගෙ සාජන් ට කෝල් කරල අහනවලු, “දැං කරන්ඩද ?“ කියලා.

      සාජන් අහනවලු “‍කොච්චර සෙනඟ ඉන්නවද?“ කියලා.

      “තුං දෙනෙක් විතර...“

      “එපා යකෝ! තව ටිකක් වෙලා ඉඳපං“

      ටිකකිං අරූ ආයෙම කෝල් කළාලු. “දැන් නං දහදෙනෙක් විතර ඉන්නවා. කරන්ඩද?“

      “එපා එපා. තව ටිකක් ඉඳහං“ සාජන් කිව්වලු.

      තව ටිකකිං අරූ කෝල් කරල අහනවලු, “දැන් නං සීයක් විතර ඉන්නව සාජන්“

      “එහෙනං කරහං.“ සාජන් කිව්වලු. “දන්නවනෙ කරන්ඩ ඕනෙ දේ?“

      “හරි හරි සාජන්“ කියල අරූ, සාක්කුවෙං වහ කුප්පියක් අරං ගඩ ගඩ ගාල බිව්වලු...

      Delete
    2. පට්ට කතාවනේ බං ඒක...

      Delete
    3. තව තියෙනවා. උඹේ මළගෙදරට ආවහම ඔක්කොම ටික කියන්නං...

      Delete
    4. එල ද බ්‍රා
      මගේ මල ගෙදරදි කියන්න කතා ඉතුරැ කර ගනින්

      Delete
    5. කැමාගේ මළ ගෙදරදි කියන්න තව ටිකක් තියා ගනින්.ඕකා අපෙන් ගේම ඉල්ලලා හැංගිලා ඉන්නේ..

      Delete
    6. ඩ්‍රැකියා ඕක කියන්න හිටියෙ අපේ දිහා ඇවිත්. දැං ඒ චෑන්ස් එක ගහලා ගිය හිංදා මෙතන දාලා...නරියා!

      Delete
    7. මෙන්ඩොඃ
      බොගෙ හත්දවසෙ දානෙටත් ඇති වෙන්න තියෙනවා බං.

      මනෝ,
      හැබෑට කෝ බං ඒ චණ්ඩියා. අපිට පාට් එක දාලා ගිහිං ආයෙ පිංසිබොල් නෝනගෙ යට සාය අස්සෙ හැංගිලද දන්නෑ?

      මදාවියා,
      නරියා? තෝත් උඩුකුරුඤ්ඤං කැරකි කැරකි...!!!

      Delete
  14. කතාව මුල ටික කියෝනකොටම මතක් උනා කුමාරොදය පොතක තිබ්බා නේද කියලා. මං ගාව 6 වසරට එනකං ඒ පොත් සෙට් එක තියෙනෝ......... ආයෙම කියවලා ආයෙම රසවින්දා කතාව හොදේ..............

    ReplyDelete
    Replies
    1. ෂඃ... නියමයිනෙ ආර්යන්. ගුණසේන එකෙං ගන්න පුළුවන්ද දන්නෑ පොත් සෙට්එක? පොඩි ළමයෙකුට දැනුම දියුණු කරගන්නයි, භාෂාව හදාගන්නයි, කියවීමට ආසාව වැඩි වෙන්නයි නියමයි.

      Delete
  15. මොකුත් ලියන්න බයයි මන්තරේ කිව්වොත් හෙම

    ReplyDelete
    Replies
    1. දිග කමෙන්ට් එකක් කෙටුවේ නැත්නම් කියනවා මන්තරේ

      Delete
    2. ගුණේ,
      ඇහුනනෙ මෙන්ඩ කියපු දේ? දාහං මාගලක්...

      මෙන්ඩො,
      පොඩ්ඩක් ඉඳහං. දැම්ම කියන්ඩ එපා. මූ ලියයි...

      Delete
  16. ඩ්‍රැකියා කැමා අපෙන් ගේම ඉල්ලනවා.මේ මන්තරේ හතුරලා ඕකා උඩුකුරැඤ්ඤං කරලා දීපං

    ReplyDelete
    Replies
    1. හරියට බලලා කියපන් කැමා නැති වෙලාවට මම වුන්ගේ ගෙදර ඉන්නෙ මායියව බලාකියාගෙන

      Delete
    2. කියමු නේද, ඇඳ උඩ ඉන්න එකයි ඇඳ යට ඉන්න එකයි දෙන්නම උඩුකුරුඤ්ඤං කියලා?

      Delete
    3. මනෝ,
      කැමා පොඩි එකා. අර බ්‍රික් ගේමක් අරං දියං කඩේකිං...

      Delete
    4. එහෙනම් මන්තරේ අප්ඩේට් කරමු දෙන්නෙක් එකවර සෙත්තපොච්චි වෙන විදියට..

      Delete
    5. තුං දෙනෙක්ටම මතුරහං. කණ්නාඩියකුත් ළඟ තියාගෙන...

      Delete
    6. එකසිය අට පාරක් මැතිරුවනං ඇඳං 36 කම බඩු බනිස්!

      Delete
    7. නෑ නෑ... මේක බනිස් හතරට පැලෙන මංතරේ නෙවෙයි. ඒක වෙන එකක්...

      Delete
  17. මේ මන්තෙරත් හරියට අපේ සමාජවාදී සෙට් ඒකට ටී පනස්හය දුන්නා වගේ...

    -තෝත් උඩුබුරුං;ඤඤං....

    ජ ය වේ !!! වා

    ReplyDelete
    Replies
    1. අන්න ඩ්‍රැකියා මළාලු.... දැන් උඹව නිට්ටඹුවේ පොලීසියට අල්ලං යයි අෑ...

      Delete
    2. නිට්ටඔුවට සිගනල් නෑ ඒක නිසා මේ කමෙන්ට් එක මාෂල් කෙටුවේ නෑ කියලා බෙරේයි.

      Delete
    3. අපිට නොදී සමපෝෂ කාපු එවුවො උඩුකුරුඤ්ඤං

      Delete
    4. බොලගෙ කමෙන්ට් එක මට නං අහසට පොළොව බොලව්... තොපි ඔක්කොම උඩුකුරුඤ්ඤාාාාං....!!!

      Delete
    5. අන්න වෙල් විදානෙට වෙල් මැනේජ්මන්ට් කෝස් එකක් දාලා විචාරකතුමා. ඩ්‍රැකියා ගැනත් ආදරෙං සිහිපත් කොරලා තියෙන්නෙ.

      Delete
    6. ඉස්තූතියි දැනුවත් කිරීමට. මේ යනවා විචාගෙ බංකරේට...

      Delete
  18. හෙහ් හෙහ්.. අපේ වීරවංස සෝමවංස ඩබොලටත් හොඳටම ගැලපෙන කතාවක්..
    අනික අර බන්දුලය.. ඒත් ඉතිං උං උඩුකුරුඥ්ඥං කියන කියන වෙලාවට උඩුකුරුඥ්ඥං වුණා නං මෙලාකට... එක්කො ඕන නෑ..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මහේෂ්. මන්තරේ හරියන්න, මතුරන එකා ඒක විශ්වාස කරන්න එපැයි...

      Delete
  19. කව්රුහරි එකෙක් මේක දැකල දියවන්නාව පැත්තට ගිහින් කිව්වොත් හොරු සේරෝම උඩුකුරුඤ්ඤං කියල 225න් 25 ක් වත් ඉතුරු වෙන එකක් නැහැ...හැක් ..හැක් ,...

    ස්කුබී වරේන් ........ අද ඩ්‍රැකියුලා නෑ .............

    ReplyDelete
    Replies
    1. බොරු කාරයො ඔක්කොම උඩුකුරුඤ්ඤං කිව්වොත්, 225 ම ඉවරයි.

      ස්කූබි ඉඦුඃ පුතා...

      Delete
  20. ඕක ඇත්ත කතාවක්......

    ReplyDelete
    Replies
    1. මේ සෙන්නො, ගුටි නොකා ලියපං ජාත්‍යන්තර කතාවක්! එනව මෙතන නිකං ඉඳලා ඉඳලා සෙන්න.

      Delete
    2. මූ ඉඳ හිට කමෙන්ට් එකක් දාලා, ආය යනව සූරියකාන්ත ගහ මුල ඇණ තියාගන්න... (පෙරළූ නැවුම් පස එකේ ෂුකාර් සීය ට වෙච්ච ඇබැද්දියමයි මූටත් වෙලා තියෙන්නෙ.)

      Delete
  21. ඒකත් අර මොකාටදෝ මොකද්දෝ හම්බුනා වගේ තමා.. ආ මතක් උනා.. අර හිඟන්නට දෙවියෝ දීපු වර තුන පාවිච්චි කරා වගේ..
    කුමාරොදය , කුමාර රචනය මගේ ගාව තාම තියනවා මම 4 වසරේ 5 වසරේ ඉද්දි පාවිච්චි කරපුවා..

    ReplyDelete
    Replies
    1. මොනවා? උඹේ මේ ප්‍රොෆයිල් පිංතූරෙන් පෙනෙන්නේ 3 වසරේ කියලා.

      Delete
    2. අඟහරුස්,
      අර කතාව “ඕ පු“ ද?

      සිරාවට, ඒ කාලෙ පොත් වල මාර මානසික අධ්‍යාපනයක් දෙන්නෙ.

      විචාරක,
      ඔය අඟහරුවගෙ පොළොවෙ ඉන්න ඇවටාර් එක. ඇත්ත ෆොටෝ එක මේං...
      [img]http://www.wallcoo.net/cartoon/da_creative_design_13_1600/images/creative_character_dizbat_wallpapers_ru_muzyka_luchshee.jpg[img]

      Delete
    3. අන්න රයිට්. ඕ. පු තමා.. කෝ බලන්න අර පින්තූරේ??

      Delete
  22. මගෙ ඩබල් කමෙන්ට් වලට නෝන්ඩිය දාන
    ප්‍රා උඩුකුරුඤ්ඤං
    දූශකය උඩුකුරුඤ්ඤං
    මෙන්ඩ උඩුකුරුඤ්ඤංඋඩුකුරුඤ්ඤං

    දෙමළ නයන්න උඩුකුරුඤ්ඤං
    ඩ්‍රැකිය උඹත් උඩුකුරුඤ්ඤං

    ReplyDelete
    Replies
    1. අනේ බං. උඹ මැතුරුවොත් නං අපි දැං මැරිල, ඊළඟ ආත්මෙ ඉපදිලා ආයෙත් මැරෙයි...

      Delete
    2. මු මට දෙපාරක් මන්තරේ කියලා..හු.හු.හි..හි..

      Delete
    3. මෙන්ඩ උඹව මට ෂුවර් නෑ, ඒකයි දෙපාරක් .

      Delete
    4. ඩබල් නොදානවනං උඹත් උඩුකුරුඤ්ඤං

      Delete
    5. ඩබොල් නොදැම්මොත් මොකටද උගෙ ආදිපාද කම?

      Delete
    6. ගම අවුලංඥං.. රට අවුලංඤං.. ගිනි ගෙඩි දෙඤ්ඤං දෙඤ්ඤං දෙඤ්ඤං..

      Delete
    7. කොඤ්ඤං කොඤ්ඤං මඤ්ඤං මඤ්ඤං...

      Delete
  23. නිකන්ම උඩුකුරුඤ්ඤං කිව්වට හරියන්නේ නෑ ...... මන්තරේ ඕනා .... මන්තරේ ඕන ය මට මෙලක් දාපියව්

    ReplyDelete
    Replies
    1. මොකාට දුන්නත් කමක් නෑ ඕක කම්මලයටනං දෙන්න එපා.

      Delete
    2. මැලේසියන් මන්තර...! ලේසි වෙන්නෑ බොලව්...

      මැලේ රාළ මොකද මෙච්චර දවස් නැතුව හිටියෙ? උඩුකුරුඤ්ඤං වෙලා හිටියද?

      Delete
  24. කම්මල අයියණ්ඩිට සපෝට් එකට මමත් එනෝ....අයියෙ අනිත් කට්ටියට සිංහලෙන් මැතිරැවම හරි. ඔය දෙමළ නයන්නට දෙමළෙන් මතුරමු හොදේ...?

    ReplyDelete
    Replies
    1. අයියණ්ඩිට ම හරියන නංගණ්ඩි... බොලා දෙන්න උනන්දුවෙං කමෙන්ට් දැම්මොත්, මයෙ බ්ලොග් එකේ කමෙන්ට් දෙසීය පන්නන්ඩ පුළුවං ලේසියෙම්ම...

      ආතරයටත් වැඩ තියෙයි යමරෙට

      Delete
    2. அனுத்தராத் உடுகுருஞ்னங்

      Delete
    3. ඔය තියෙන්නෙ දෙමළෙං දාලා මන්තරේ. අනුත්තරා මේක මතුරන්න...

      Delete
    4. හරි නගේ දෙමළ නයන්න දෙමලෙන් அனடஞ்ங் උඩුකුරුඤ්ඤං .

      Delete
    5. හරි නගේ දෙමළ නයන්න දෙමලෙන් அனடஞ்ங் උඩුකුරුඤ්ඤං .

      Delete
    6. ඩ්‍රැකී, උඹ හදන්නෙ අනුත්තරාට කෙලවන්න.
      කම්, මන්තරයට වැරදි අක්ෂර භාවිතය වස් වැදීමට හේතු විය හැක.

      Delete
    7. එතකොට ප්‍රසෝ උඹ හදන්නෙ වෙන එකක් කොරන්ඩ වෙන්නැති.

      කම්මලෙයා ගහල තියෙන්නෙ “අඤ්ඤමඤ්ඤං උඩුකුරුඤ්ඤං“ කියලනෙ

      Delete
    8. මට මතුරනකොට බ්‍රා එකකුයි පෑන්ටියකුයි දාලා මතුරපන්

      Delete
    9. නෑ. අඹ ගෙඩියක් දාල මතුරන්නං...

      Delete
    10. අනුත්තරා නඟා ඉතිරි කරලා අනිත් ඔක්කොම උඩුකුරැඤ්ඤං

      අම්මට හුඩු ...වයිෆා දැක්කනේ යකෝ කොමන්ටුව.

      Delete
    11. නඟා...? බොලාටත් කොණ්ඩ පටියක් පේන්න බෑනෙ. උසි උසි මනොවගෙ වයිෆ්...!

      Delete
    12. උඔලා ගෙදරකට එනවනම් බෝනික්කන්ටත් ඡංගි අන්දලා තියන්න කියන්න වෙනවා..

      Delete
    13. //වයිෆා දැක්කනේ යකෝ කොමන්ටුව.//
      එහෙනං ෂුවර් මනෝව කුරුඤ්ඤං තමයි.

      Delete
    14. මෙන්ඩා
      අපේ ඉස්කොලේ හිටියා බෝනික්කි කියලා ටීචර් කෙනෙක්.බෝනික්කෝ පරදායි ඒ ලස්සනට.අන්තිමට සල්ලි වලට මෙලෝ රහක් නැති එකෙක්ව බැන්ඳා බං.තාත්තයි දුවයි වගේ බං.

      වයිෆ් කොම්පියුටර් ජිල්මාටි වැඩ මොනවත්ම දන්නේ නැති හින්දා හොඳයි බොලව්.නැත්තම් මාව කොටදෙනියාවේ ගෙනියන්න පුලුවන් වටිනා බඩුත් මේකේ තිබුනා.අර කොලුවට පොලිසියෙන් සැලකුවට පස්සේ මම දැන් x අකුර තියන ෆයිල් එකක්වත් මේකේ තියන්නේ නෑ

      Delete
    15. මනෝ, උඹ එක්සෙලුත් අන්ඉන්ස්ටෝල් කොලාද?

      මේ විමලා රාමන් නංගිට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ අප්පා...ඊරිසියාවෙ බෑ.

      Delete
    16. මනෝ,

      මං ගාව තියෙනවා "එක්ස්" තියෙන ෆිල්ම් ටිකක්. ඕන්නං දෙන්නං.
      Mad MaX
      MaX Payne
      X Men
      X Files
      EX Patriot
      House of WaX
      AsteriX and ObeliX

      මදාවි,
      කවුද බං විමලා රාමන්? අරුන්දැ නිරුත්තරා ඉරුගල්බංඩාර නෙ.

      Delete
  25. යකෝ ත්‍රීවීල් එකක් අරං පහළට ආවෙ.දැන් නං දන්නා කරන ඔක්කොම උන්ටයි නොදන්නා උන්ටයි ඔක්කොටොම මතුරල ඉවරයි වගේ නේද බං.

    ReplyDelete
    Replies
    1. /යකෝ ත්‍රීවීල් එකක් අරං පහළට ආවෙ/
      ඉඳිං අයියෙ මං ග්‍රීස් ගහක් හයි කරන්නං ලේසියෙම්ම පහලට එන්න.

      තව ඉතුරු, අර හැමෝටම පිට්ටනිය ළඟට එන්න කියපු අටමටයි, ප්‍රගීත් මහත්තයටයි, පාටියෙ පහසුකම් සපයපු උන්නැහැටයි මතුරන්න විතරයි.

      Delete
    2. පාටිය වෙලාවෙ දෙන්නෙක් නම් උඩුකුරුඤ්ඤං වෙලා පැදුරක හිටිය .

      Delete
    3. පාටිය වෙලාවෙ දෙන්නෙක් නම් උඩුකුරුඤ්ඤං වෙලා පැදුරක හිටිය .

      Delete
    4. ඒ කියන්නෙ පැදුරු දෙකක හතර දෙනෙක් ඉඳල. හැක්...

      Delete
    5. මං බැලුවා ඒත් මොකද පාර බ්ලොක් කියලා. හැලපයියා ත්‍රී වීල් එකක යනවා.

      Delete
  26. මේ වගේ කතා අහන්න ආස හිතෙනවා නේද.. ඉස්සර අපේ තාත්තා මට ඕවා කියල දෙනවා.. මේකත් කලින් අහල පුරුදු ගතියක් තියෙනවා හැබැයි ෂුවර් ම නෑ..

    ReplyDelete
  27. මේක කලින් කියෙව්වා පෝන් එකෙන්... උදඩුකුරුඤ්ඤං කියල කොට ගන්න බැරුව කොමෙන්ට් නොකර අතෑරියා.. දැන් ඇවිත් බැලුවම මාවම උඩුකුරුඤ්ඤං වෙලා ගියා හිටං..

    ReplyDelete
  28. කෝ මේක ලියපු එකා? ඇවිත් මේ කමෙන්ට් වලට උත්තර දියං...
    - මං මේ වෙන කෙනෙක්

    ReplyDelete
  29. පාඩම :

    බලේ ලැබුනාම ගොනා වගේ හැසිරුණොත් තමනුත් උඩුකුරුඤ්ඤං බව කොයි ගමයා විතරක් නොවේ ලොක්කත් වටහා ගත යුතුයි.


    ReplyDelete
  30. අනේ දෙයියනේ.. මෙච්චර කොමෙන්ටු දාල .. එව්වා කියෝල ඔළුව කොලොප්පන් උනා.. තොපි ඔක්කොම උඩුකුරුඤ්ඤං......

    ReplyDelete
  31. අනේ ඩ්‍රැකියෝ, ඒ මංතරේ ඊ මේලක් දාපං මට. නැත්තං තෝත් උඩුකුරුඤ්ඤං.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි