Thursday, February 25, 2016

සාගරයක් මැද - අමන රටක් ඇත... (සිසිර කුමාර මානික්ක ආරච්චිගේ තවත් පොතක්)

මෙන්න ආයෙමත් සිසිර කුමාර මානික්ක ආරච්චි‍ ගෙ පොතක් ඉදිරිපත් කරනවා.

මේ පොතේ නොයෙකුත් පරිච්ඡේද අතරින් මම මෙතන ඉදිරිපත් කරන්නෙ "ලෝකෙන් උතුම් රටේ කැතකම්" කියන පරිච්ඡේදයයි. මෙයිට වඩා හොඳ කියමන් අනික් පර්ච්ඡේද වල දැකගන්නට මේ පොත බාගත කරගන්නා හුදී ජනයාට පුළුවන් වනවා ඇත. විශේෂයෙන්ම දෙවි දේවතාවුන් අදහන බහුද්දයන්ට රෙද්ද පල්ලෙන් යන්නට බැට දී ඇති මුල් පරිච්ඡේදය විශේෂ ය. ඉන් පස්සේ "කැතම සතා" වන ධනේශ්වර සමාජවාදී දේශපාලුවා ගැන ලියා ඇති කොටස නොම්බර එක ය.

මේ පොත අපේ තාත්තා මිළදී ගත් රිසිට් එක මෙන්න මුලිම්ම.



මෙන්න එහෙනං ‍ලෝකෙං උතුං රටේ කැතකං...
































මේ පොත ඕනෑම කෙනෙකුට මෙතනින් බාගන්න හැකියාව ඇත.

-----------------------------

මේ කියන්නට යන්නේ එක් අතුරු කතාවකි. මේ කතාව කියන කල් කට කහන බැවින් ද,  මේ කතාව එක් පෝස්ට් එකක් වශයෙන් පළකරන්නට බැරි හෙයින්ද මෙතන ඔබා දක්වන බව සළකන්ට ය.

රැවුල් කොට සහිත හුරතල් මූණක් ඇති, මහත්තයෙක් දවසක්දා මාටිං මාමාගේ ගෙට ගොඩවිය.

“අපි සාලෙ බලමු...“ මහත්තයා මාටිං මාමාට කීවේය.

“ඒ මොකටද? කොහෙං ආපු ගොබිලෙක්ද ඕයි තමුසෙ අපේ මේ සාලෙ බලන්ට...? “

“මං අඳුනන් නැද්ද මාමෙ?“ හුරතල් මූණා මහතා ඇහුවේය. “මං අහවල් දිසාසේකර. අර ටෙලි නාට්ටිය වල එහෙම ඉන්නෙ. මං මේ පොඩි ගතමනාවක් උපයගන්ඩ ගෙවල් වලට ගිහිං ඒ ගෙවල් වල එක එක කොටස් වලට ලකුණු දෙනවා...“

“ආං එහෙම කියන්ඩ.“ මාටිං මාමා (ට) එ්කත් පස් විය. “එතකොට ඔය ලකුණු වලිං අපිට මොකද්ද ලැබෙන්නෙ?“

“ඒක මාමෙ, මේං මේ නොම්බරේට කතා කරල අහගන්ඩ“ හුරතල් මූණා වැසිකිලියක් මුද්‍රණය කර තිබූ කාඩ් එකක් දුන්නේය. “දැං බලමු සාලෙ...“

මාමා හුරතල් මූණා සාලෙට එක්කරං ගියේ ය. හුරතල් මූණා සාලෙ කනප්පුව උඩිං ලොකුවට දහයෙ ඉළක්කමක් ලියා තිබුණු කාඩ් එකක් හිටෙව්වේය.

“දැං බලමු කුස්සිය...“ මාටිං මාමා ඒකටත් අර මහත්තෙයාව එක්කරං ගියේය. කුස්සියෙ හිරමනේ උඩත් අර විදිහෙම දහයෙ කාඩ් එකක් තියවුනේ ය.

“දැං යං වැසිකිළියට...“

“මොන කිළීයට?“ මාටිං මාමා ඔළුව කසමින් අැහුවේය.

“අර කක්ක දාන තැන...“ හුරතල් මූණා හුරතලේට කීවේය.

“ආ... එහෙම කියන්ඩෙපැයි. මෙච්චර වෙලා කතා කර කර උන්නෙ. ඕක කලිම්ම කිව්වනං ඉවරයි නෙව.“ මාටිං මාමා හුරතල් මූණා මහතා පිළිකන්නට එක්කරං ගියේය.

“ආං අර පේනව නේද...“ මාටිං මාමා අත දික්කර පෙන්වීය. “ආං අර හරියෙං ලන්දට මුවාවෙලා පාත් වෙන්ඩ මහත්තයො. පොඩි ළමයෝ.... පොඩි ළමයෝ... මේ මහත්තෙයට වතුර බාල්දියක් ලන්දට ගිහිං දීපිය...“

132 comments:

  1. බෝග සීන් වලදී අපිත් ඉන්දියාවත් එක්ක කරට කර ඉඳලා එක පාරට අළු ගසා දාලා නැගිටලා එන්න හේතු උනේ මොකක්ද මචං...

    ReplyDelete
    Replies
    1. ඇණයත් ඊයේ ඉදන් ඔය ගැන බර කල්පනාවක. මට හිතුන හේතු; ලංකාවේ ක්‍රියාත්මක වුන ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘති බොහොමයක (නොරාඩ්, ඩැනිඩා, ජායිකා, ...)මුල් පුටුවල හිටියේ විදේශිකයෝ ඉන්දියාවේ එම ව්‍යාපෘතිවල සිද්ධවුනේ තනිකරම මගඩියක්, අරමුදල් සැපයුනේ එයාලගේ ප්ලෑනින් මිනිස්ට්‍රියෙන්, ක්‍රියාත්මක කලේ ලෝකල් එන්ජීඕ අර අපේ මයික්‍රොහයිඩ්රො වගේ. ලංකාවේ මූලික අධ්‍යාපනය ජාතික භාෂාවලින් කෙරුණු නිසා හා උග්‍ර‍කුල බේදය කෙටිකාලෙකින්ම නැතිවූ නිසා සියළුදෙනා ද්විතීක අධ්‍යාපනය දක්වා ආවා, ඉන්දියාවේ පහල කුලවල අය බොහොමයක් ප්‍රාතමික වලදීම පාසල් හැරයනවා. ඉංදියාවේ පහල කුල වල අයට ඉඩම් අයිතියක් නෑ, ලංකාවේ ඒ ප්‍ර‍ශ්නය බොහෝ දුරට විසඳිලා. අවසාන වශයෙන් ඉංදියාව ආයෝජනය කරන්නේ කර්මාන්ත දියුණුවට, ඒ ඔවුන් උපයන මුදල්. ලංකාව ආයෝජනය කරන්නේ පොදු පහසුනම් වන අධ්‍යාපනය, සෞඛ්‍ය සහ පාරිභෝජන සහනාධාර සඳහා හැබැයි ණයටගත්ත මුදල්.

      Delete
    2. කොළම්බු සෙවන් වල පොරක් (වෙනී අයියා නොවන බව සලකන්න) හදිස්සිය වැඩි වෙලාවක හොයන්නෙ බලන්නෙ නැතුව ලන්දක වාඩි වෙන්න ගිහිල්ල එතන තිබ්බ උල් කෝටු කෑල්ලක් ගැජට් එකේ ඇනුනට පස්සෙනෙ ඔය ඔක්කොම වෙනස්කම් උනේ.

      Delete
    3. ලොකුස් සහ ඇණයා,
      මට මතක හැටියට, ජේ ආර් ගෙ කාලෙ පීඑච්අයි මහත්තෙය ඇවිත් වැසිකිළි නැති ගෙවල් වලට (ගෘහ මූසලයට) දඩ ගැහුවයි කියල අහල තියෙනව.

      ඇරත් අනුරාධපුර යුගේ තිබුණ වැසිකිළි ක්‍රමය තාම නටඹුන් අතර දකින්න පුළුවං. වැසිකිලි කැසිකිලි වල අපජලය පියවර ගාණකිං පිරිසිදු කරල තමයි පසට මුදා හැරල තියෙන්නෙ. ඒක කරල තියෙන්නෙ එක උඩ එක තියපු මුට්ටි සිස්ටම් එකකිං. ඒ එක එක මුට්ටි වල අඟරු, බොරළු, වැලි ආදිය පුරවල තමයි ෆිල්ටර් කරල තියෙන්නෙ. අභයගිරි කෞතුකාගාරෙ තියෙනව ඒ නටඹුන් වල සැම්පල.

      ප්‍රසා,
      වෙනිය නෙවෙයි? එහෙනං මාරෙයද?

      Delete
    4. ඒ පරණ වැසිකිළි ගැන දැනුවත්...
      මම ඇහුවේ මෑත කාලීනව අපෙ සෞඛ්‍යය පුරුදු පිරිහීමකට ලක්වෙලා තිබිලා එක පාරට ආපහු ගොඩ ආවේ කොහොමද කියන එක...
      ඒකට තරමක උත්තරයක් අපේ නේල් එක දීලා තියෙනවා...

      Delete
    5. හොඳ සංවාදයක්! ඇණයා කියන කරුණු තර්කානුකූලයි.

      Delete
    6. නට් මෑන් සහ ලොකු,
      ලොකු කියන කතාව ඇත්ත. ඒ උනාට ඉතිං මං දන්නෙ ඔච්චරයිනෙ. වෙලාවට නට් මෑන් හිටියෙ. ස්තූතියි ඇණයා...

      Delete
  2. පුළුවන්නම් පසුගිය සියවසට අයත් විදුසර පත්තරවල විද්‍යා ප්‍රබන්ධ ඔය විදියට දාන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ අදහසක් තමා. මං ගාව ටිකක් තියෙනව. අපි බලමු ඉදිරියට...

      Delete
    2. අයියා ලග නවරස තියනවනම් ඒකත් දාන්න

      Delete
    3. මෙන්ඩො,
      මෙතන තියෙනව එකක්. බාගං...
      https://xslg.wordpress.com/2012/07/10/%E0%B6%B1%E0%B7%80%E0%B6%BB%E0%B7%83-magazine-old-magazine/

      Delete
    4. හම්මේ දැක්ක කල් මේකක්.

      Delete
    5. සිරයි මෙන්ඩයි,
      දීපියව් ජම්බු ඉතිං...

      Delete
  3. ඔය කිව්වට ඔය දිසාසේකර ළමයා ගෙදර තනියම කක්කි හෝදගන්න දන්නේ නැතුව අපිට කක්කුස්සි හෝදන්න කියලා දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දිසා ළමය කක්කි දාන්න ගියාම කක්කුස්සෙ බිත්තියෙත් එක්කලු. ඒකයි මිනිහට ඔය ප්‍රොජෙක්ට් එක දීල තියෙන්නෙ.

      Delete
    2. මං කියන්නෙ ඌට ගුටි මූණා කියල. ඌට තියෙන්නෙම ගුටි කන මූණක්. මොන මගුලකට කෙල්ලො ඌ මත්තෙ මැරෙන්ඩ හදනවද මංද.

      මං ඔය ඇඩ් එකට එච්චර කැමතිත් ඒකයි. ඒකෙංවත් ඌ සවුත්තු වෙලා යනවනෙ කියල.

      Delete
    3. //මොන මගුලකට කෙල්ලො ඌ මත්තෙ
      පුචේ මේකනං පැහැදිලි ඉසිරියාව.ඔහොම කෙල්ලෝ ලබන්නනං දැන්ම ඉඳන් තියෙන දෙයක් දන් දීපං :-)

      Delete
    4. මම දන් දෙන්න කැමතියි. එකියෙක්වත් ගන්න කැමති නෑනෙ...

      Delete
    5. මොනවැයි කියාපන් උබ ඉස්සෙල්ලා දන් දෙන්නේ...

      Delete
    6. සිංහයො, බොට වැඩක් නෑ. මං හෙට්‍ර‍ො.

      Delete
  4. මානික්කාරචිචිගේ පොත ගත්ත අවුරුද්ද මොකක්ද බං

    ReplyDelete
    Replies
    1. ඇයි බොල අර 1973 කියල අච්චර ලොකුවට ගහල තියෙන එක බොට පේන්නෙ නැද්ද? ටෙක්ස්ල හැක්..

      Delete
    2. චැක්... මගේ ෆේක් එකවුන්ට් එක උනාට මූට ඇස් පේන්නෙ නෑනෙ මට තරං.

      Delete
    3. දේශකයො,
      මං හිතන්නෙ 73 හරි 74 හරි වෙන්න ඕනෙ. පොත ගහල තියෙන්නෙ 72 ඔක්තෝබර්. ඉතිං 72 සැත්තැම්බර් වල තාත්තට ඕක ගන්ඩ හැටියක් නෑනෙ.

      ප්‍රෙසා්,
      ඒ ලියල තියෙන්නෙ බං 9/3 කියලනෙ. ඒක බොට පේන්නැද්ද? ප්‍රින්ටර්ස්ල හැක්...

      ආයෙමත් ප්‍රෙසා්,
      අමුඩෙට ඇස් නැතුව ඇති.

      Delete
    4. නෙද්දකිං විතරක් බලාගෙන ගියාම මේක දාපු එකාටත් ඇස් පේන්නෙ නෑනෙ.
      ඇයි දැති හුලහො බලහංකො අර ලොකුවට සීල් එකක් ගහල තියෙන්නෙ ගුණසේන කාරය. එ්කෙ තියෙන්නෙ දිනේ 1973 මාර්තු 9 කියල. හැක්..

      Delete
    5. නෙද්දකින් වැද්දා.. ඒක ගහල තියෙන්නේ පස්සේ වෙන්ඩැති. නැත්නං අර සීල් එකට කෝමද බං අකුරු දෙපැත්තට වදින්නේ. හැබෑටම දැක්කෙ නැහැ.. හැක්. ටෙක්සලා...

      Delete
    6. මදැයි. මං ඔය සීල් එක කීප සැරයක් බලලත් දැක්කෙ නෑනෙ.

      Delete
    7. ගනන් ගන්න එපා දැන් හතලිස් ඇදිරිය නෙව
      ඇස් පුංචි කොරලා බලන්න එපා ගොයියෝ තාත්තගේ කන්නාඩි දෙකවත් දාගෙන බලපන්.

      Delete
    8. වෙලාවට මතක් කළේ...

      Delete
  5. පොත හෙමීට බාගෙන කියවන්නං. මේක දැම්මට තැංකියු දැති හුලහ ළමයො. හැක්..

    ඔය දිසා ළමය මාටිං කාරයගෙ බෙඩ් රූම් එකට ගියේ නැද්ද? නැත්තං බෙඩ්ෂීට් එකේ තියෙන සිතියං ටික දැකල දහයෙ කාඩ් දෙකක්ම තියන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. යුවා වෙල්කම් ප්‍රසෝ...

      සිතියං කතාව නං මල් මසුරං...

      Delete
  6. කෝ අර අහසිං කසිං මේක දැකල නැද්ද තාම.

    ReplyDelete
    Replies
    1. අහසිං කසිංට පින්තූර ටික වෙනම මේල් කරනව. ඒක ඌට ලේසියි ලු.

      Delete
  7. ඩ්‍රැකී විචාට එහානේ

    ReplyDelete
    Replies
    1. විචාට එහා කිව්වෙ? විචා කුරුණෑගල - මං ගණේමුල්ලෙ.

      Delete
  8. උඹේ කතානං මසුරං බං....

    ReplyDelete
  9. Pdf එක බාගත්තා බොහොම ස්තූතියි .
    අතුරු කතාවත් එල :)

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කසුන්, වෙල්කම්...

      Delete
  10. 1966 සිසිර කුමාර මානික්කාරච්චි ජර්මනියට ගොස් එහි ස්‍රී විභූතියෙන් මත් වී පෙරලා ලන්කාවට ඇවිත් ලියපු දේ සහ ඊයේ පෙරේදා ඕට්ටේලියාවට ගිය රසික සුරිආරච්චි බොගට ලියනදෑ අතර පුදුම සමානකමක් දැනෙන්නේ ස ර ස තුමා ට පමනක් වෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. ස ර ස තුමාගෙ අදහස් දැක්වීමට ගොඩක් ස්තූතියි.

      කිසිම බ්ලොග් කාරයෙක්ව මම මෙතන විවේචනය කරන් නෑ ප්‍රතිපත්තියක් විදිහට. මූණට මූණ හම්බඋනාම කතා රකනව මිසක. මට ගොඩක් වෙලාවට ඒ වගේ හම්බුණ අය ගැන මං කලිං හිතාන හිටිය හැටි වැරදියි කියල අවබෝධ වෙලා තියෙනව. එතකොට හිතෙනව අපි ඔන්ලයින් තර්ක විතර්ක කරන්නෙ අපරාදෙ කියල.

      අනික, සිසිර ජර්මනියෙ ශ්‍රී විභූතියෙන් මත් වුනාට, උන්දැ ලංකාව ගැන කියන කතාව අවලංගු වෙන් නෑ නේද? පහළ සෙන්න කියපු අදහසත් එක්ක මං ගොඩක් ම එකඟයි.

      Delete
  11. ඔයා මේ එක, එක ඒවා කියන්නේ අපේ සාරංගටද?:O

    ReplyDelete
    Replies
    1. මේං ගුටි මූණගෙ අයිතිකාරි ඇවිල්ල...

      Delete
  12. ඩ්‍රැකී බොහොම ස්තූතී (තිතක්)

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සහෝ වෙල්කම්...

      Delete
  13. මල් හතයි ඩ්‍රැකියෝ මල් හතයි. අපි උසස්පෙළ ඉගෙනගන්න කාලේ තමා මෙතුමාගේ මේ, කියා නිම කළනොහැකි අගයකින් යුත් පොත් කියෙව්වේ. බාගන්න අවස්ථාවක් දුන්නාට බොහොම පින්. මොකද මෙව්වා දැන් මිලදී ගන්න නැහැ.

    පස්සේ බලමුකෝ මේ පොතේ වෙනත් ලිපි ගැන ලිපියක් ලියන්න.

    මේ දිනවල මම, අපේ රටේ වෘත්තීය සමිති ගැන, මගේ බ්ලොග් එකේ ලිපියක් ලිව්වා. මගේ අවාසනාවට, ඒ ලිපිය වැඩි දෙනෙකුගේ අවධානයට යොමුවුණේ නැහැ. ඔබේ මේ ලිපිය සමග පළකර තිබෙන ස්කෑන් පින්තූර වල, පිටු අංක 101, 102, 103, කියවා බලන කෙනෙකුට පැහැදිලිවෙයි, එදා සිසිරකුමාර මාණික්කආරච්චි මහතා මේ පොතෙන් කියූ දේ සහ, මෙදා මා මගේ ලිපියෙන් කියනේ දේ අතර කොතරම් සම්බන්ධතාවක් තියනවද කියලා.

    ReplyDelete
    Replies
    1. තමුන්නාන්සෙගෙ නෙවේ, මගේ අවාසනාවට මං තාම අරක කියෙව්වෙ නෑ. කල් වේලා ඇතුව එක හුස්මට කියවන්න හිතාගෙන කල් දැම්මා.

      වෙල්කම් වෙල්කම් විචාරක මාමෙ. තව පොත් දෙකයි. එව්වත් මේ වගේම දාන්නං ඉක්මණටම. එතකොට ගොඩක් අයට වාසියි. (තැපෑලෙදි පොත් නැතිඋනොත් අපි කාටත් නෑ)

      Delete
  14. ඩ්‍රැකී බොහොම ස්තූතී (තිතක්)

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සහෝ වෙල්කම්...

      Delete
  15. හැබෑටම ලංකාවේ මොනවාද වෙනස් වෙලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් වැඩි වෙලා, සමහර දේවල් අඩු වෙලා. නැද්ද?

      Delete
  16. සිසිර කුමාර මානික්ක ආරච්චිගේ පොත් ඔක්කොම වගේ කියවලා තියනවා , තුති

    ReplyDelete
    Replies
    1. එහෙනං දොස්තර මහත්තය වාසනාවන්තයෙක්. මං කියවල තියෙන්නෙ හතරයි.

      Delete
    2. තව පොතක් තිබ්බා සාහිත්‍ය කොල්ලය කියලා

      Delete
    3. මං අහල තියෙනව. කියවීමේ භාග්‍යය ලැබිල නෑ.

      Delete
  17. වටිනා පොතක් බාගත කරගැනීමට ඉඩ ලබාදීම පිං දීමෙන් යුතුව ස්තුතිවන්ත වෙමි.ඒ වගේම කලින් පෝස්ටුවේ සඳහන් පරිදි සිංහයෙක් පුසෙක් කල දැත්තී නමැති විමුක්තිකාමිනියට මගේ උත්තමාචාරය පුද කර සිටිමි. කාන්තා විමුක්තියට ජය වේවා.!!!

    2. දෙවන කතාව ෂෝට් ඇන්ඩ් ස්වීට්ය. මටත් ඔය මල් මූණා පේන්න බැරිය. ඒත් ඉතින් ටොයිලට් එකක් සෝදලා හරි කීයක් හරි හම්බ කරගන්න මේ වගේ මල් පුසන්ට අපි අනුකම්පා කල යුතුය. හරි හමන් පිරිමියෙක් මේ වගේ තුට්ටු දෙකේ ඇඩ්වලට එන්නේ නැති බව මගේ ටිකිරි මොලේට දැනෙනවාය. අනික ඉතින් මේ යුගයේ හතු පිපෙන ගානට පිපෙන පරවෙන මේ නලු කබල් අපිට නොමිලේ විහිලු සපයන එකට වෙනම ඔවුන්ට ස්තුති කල යුතුය.

    ReplyDelete
    Replies
    1. අමතක කරන්න එපා සුපිරි නලුවෙක් කියලා සළකන මහේන්ද්‍ර පෙරේරත් ඔය ජොබ් එක කළා කියලා..

      Delete
    2. සුජී,

      දණ ගහගෙන වැඳගෙන මේ ගාථාව කියන්න.

      ආකාසට්ඨාච බුම්මට්ටා - වැම්පයරා මහ ලොකු කෙරුමා
      පුඤ්ඤංතං අනුමෝදිත්වා - චිරං වැජඹෙන්තු බ්ලොග් ලෝකං

      මට ඔය මොන නම කිව්වත් වෙල්කම්. හැබැයි මයෙ සුවිට් ඩ්‍රැකියානිට එක එක නං පට බැඳල අහුවෙන්ඩෙපා හරිය? ගර්ර්ර් (වැරදුනා) ඥාව්...!

      අර මල් පූස ගැන ලියපු කොටහ නං මල් මසුරං... දාහං නගා පහක්!

      සෙන්නො,

      වැසිකිළි සේදීම රස්සාවකි. ඒකට ගැරහීම වසළ කමකි. තමං උපයාගත් ප්‍රතිරූපය මුදලට විකුණමින් එසේ කිරීම හිනාවට ලක් කිරීම ඊට වෙනස් ය...

      Delete
    3. ඩ්‍රැකී,

      මෙතන මෙහෙම කතාවක් තියනවා.. ලංකාවේ කලාකරුවන්ගේ අනාගතය අස්ථාවරයි.(ලංකාවෙ කිව්වේ මම දන්න ඒක විතරයි හින්දා. සමහර විට අනිත් රට වලත් මෙහෙමම වෙනන් ඇති ). පුළුවන් කාලෙ හොයාගත්තු ගානක් තමා අනාගතයට ඉතුරු වෙන්නේ. ඔවුන්ට EPF/ETF, පැන්ෂන් නෑ..

      හොරකම්/ අසාධාරණකම්/සමාජයට අවැඩක් නොකර, තමන්ට පුළුවන් කාලේ, තමන්ගේ හැකියාවෙන් කීයක් හරි උපයා ගැනීම වරදක්ද ? මම නම් වරදක් දකින්නෑ... ඇයි සාරංගට දික් වෙන ඇඟිල්ල සංගට දික් නොවෙන්නේ.. මෙතන වැසිකිලි සම්බන්ධ ඇඩ් එකක් වීමද වරද ?

      Delete
    4. මමත් සෙන්නගේ කතාවට එකඟයි.. මිනිස්සු අත පය හතර හයිය කාලේ සාධාරණ විදිහට පුළුවන් තරමක් උපයන්න මහන්සි වෙන්න ඕන කියලයි මගෙත් අදහස.. මොකද වයසට ගියාම රස්සාවක් කරගන්න බැරි උනාම කව්රුවත් අහන්නේ හොයන්නේ නැහැ තුන්වේල කනවා බොනවද කියල. පහුගිය කාලේ අපේ කලාකරුවන් කීදෙනෙක් නම් තුන්වේල කන්නබොන්න නැතුව දුක්කිත ජීවිත ගතකරලා මැරිලා ගියාද..

      මම කියනදේ කලාකරුවන්ට විතරක් අදාල වෙන එකකුත් නැහැ..

      ජනප්‍රිය නළුවෙක් දාල ඕන දේයි එපා දේයි සියල්ලම ගන්න මිනිස්සු පොළොඹවන මාර්ටින් කලාවට නම මගේ කැමැත්තක් නෑ. රූපවාහිනිය මිනිස්සුන්ගේ රසාස්වාදය නොමිලේ අරගෙන වැඩි මිලට විකුණමින් ඉන්නවා කියල විතරක් දැනෙනව.

      Delete
    5. සෙන්නා සහ අම්බලංගොඩස්,

      ජේ ආර් ආර්ථිකය විවෘත කිරීමේ ප්‍රතිඵලයක් විදිහට වෙන්නැති කියල මං හිතන්නෙ, අද කලා කාරයො කියල පිරිසක් නෑ. (ඉඳ හිට බිහිවෙන කීප දෙනෙක් ඇරුනාම. නදීක ගරුගේ වගේ...) දැං ඉන්නෙ තරු. ඔය තරු, අපි කිව්වත් නොකිව්වත් තමුංගෙ සමාජ ප්‍රතිරූපය ටොප් ලෙවෙල් එකේ පවත්වගන්න උනන්දු වෙන අතරෙ, ඒ ටික කාලය තුළ තමුං‍ට පුළුවන් උපරිම ගතමනාව සහ අවස්ථාවන් උපයාගන්නවා. මුදල්, වාහන, නිවාස සහ දේපළ වගේම, තම හිතෛශීන්ට උසස් තලයට පිවිසීමට අවස්ථාවන් පවා උපයාගන්නවා. ඒ නිසා, බයවෙන්න එපා, හරූන් ලන්ත්‍රා, ෆ්‍රෙඩී සිල්වා, ජේ. එච්. ජයවර්ධන වගේ කලා කාරයන්ට අත්වුණ ඉරණම මේ තරු වලට අත් වෙන්නෙ නෑ.

      කලා කාරියන්ය කියන තරු, බිහිවෙන්නෙ ගොඩක්ම අවුරුදු කුමාරියන් වීම හරහා. ඔවුන් ඊට පස්සෙ පුළුවන් තරම් ටෙලිනාට්‍ය වල, ඇඩ් වල පෙනී හිටල, (සමහර නිවේදකයන්ට මෝඩ උත්තර දීල පවා) තමංගෙ මහජන ප්‍රතිරූපය හදා ගන්නව. ඊට පස්සෙ බිස්නස් කාරයෙක් බැඳ ගන්නව. සමහරු තමන්ට උවමනා ප්‍රමාණය උපයගත්තට පස්සෙ විදේශගත වෙලා, තමංගෙ ළමයින්ට හොඳ අනාගතයක් (ඒ අය විශ්වාස කරන විදිහට) හදාගන්නව. ඔය ට්‍රෙන්ඩ් එක අල්ලගන්නැතුව, තමුංට මේ ලැබිල තියෙන ධන උල්පත හැමදාම පවතියි කියල හිතාගෙන වැඩ කරන උදවියට, ටික කාලෙකින් ගණීකා වෘත්තිය හරි කුඩු කාරයෙක්ට සපෝට් කිරීම වගේ වෙන මගඩියක් හරි කරන්න සෙට් වෙන්න වෙනව.

      සංගක්කාර කියන්නෙත් තමංගෙ පබ්ලික් ෆීගර් එක මාර විදිහට යොදාගෙන හම්බ කරගත්ත කෙනෙක් තමයි. එයාගෙ වයිෆ් වත් ටීවී ප්‍රෝග්‍රෑම් වලට දාගන්න පොරට පුළුවන් වුනේ එහෙමයි.

      මට සාරංගත් එකයි, සංගත් එකයි. ඔය කොයිකත් කරන්නෙ මේ පවතින ආර්ථික රටාව තුළ තමංගෙ සර්වයිවල් එක හදාගන්න එකයි.

      සාරංග ගැන උඩ කතාව මගෙ හිතේ ගෙතුනෙ ඒ ඇඩ් එක දැක්ක මුල් දවසෙමයි. (එ් වැඩේ සැන්ටිපෝට් කෙනෙක්ට වෙච්ච වැඩක් විදිහට මං කියවපු පොතක තිබ්බ.) ඒ කතාව දැම්මෙ හෙළා දකින්න නෙවෙයි. මේ ආර්ථික රටාව වෙනස් කිරීමේ චේතනාවෙන් කියවන්නට පණිවුඩයක් දෙන්නත් නෙවෙයි. (මං බ්ලොග් ලිවීමෙන් පණිවිඩ දෙන්නෙ නෑ. පණීවිඩ දෙන්න නම් මං කෝල් එකක් හරි ටැලිග්‍රෑම් එකක් හරි දානව.) මං එව්ව ලියන්නෙ හුදෙක් වින්දනය සඳහා පමණයි.

      මටත් හරිම කණගාටුවක් ඇතිවෙනව ටීවී එක බලද්දි. මං ගැනමයි කණගාටුව ඇති වෙන්නෙ. මං දහදාහක් විතර වියදං කරල, මාසික ලයිට් බිලුත් ගෙවාගෙන, මේ තක්කඩිංගෙ ඇඩ් සහ, අපි මරි මෝඩ හැත්තක් ය යන පූර්ව නිගමනයෙ ඉඳං හදපු නාට්‍ය බලන්නෙ මොකටද කියල හිතෙනව.

      Delete
    6. ඉතින් ඒවා නොබලා ඉඳින්කෝ... ඉවරයිනෙ.... අනේ මේ මළ ජරාව බලන්න දෙයක් නෑ, මෙලෝ රහක් නෑ කියලා සල්ලි දිලා සැටලයිට් ටීවී, කේබල් ටීවී අරගෙන කසි කබල් ඉන්දියන් ඇඩ් බලන්න වුනාම බඩම කපන් මැරෙන්න හිතෙනවා බන්....අම්මාපා....

      මට අනුවනම් දැනට ලංකාවේ චැනල් වලින් බලන්න පුළුවන් එකම චැනල් එකයි තියෙන්නේ.. ඒ දෙරණ 24x7 එක.. ඒකෙ කසිකබල් නාට්‍ය නෑ, රියැලිටි අරලිටි තරු ස්ටාර් ප්‍රෝග්‍රෑම් මුක්ත්ම නෑ.. බොහොම වටින වාර්තා වැඩසටහන් එහෙම යනවා... ඒ ඇරෙන්න ප්‍රවෘත්ති.....ඇඩ් වුනත් බොහොම සීමිත ගානක් යන්නේ....මහින්දට පොඩි කඩේ යන ගතියක් තියන නිසා ටොයියන්ට දිරවන්නැති වෙන්න පුළුවන්...

      තව එකක් ත්යනවා HTV කියලා.. ඒකත් ටිකක් හොඳයි.. හැබැයි ඉතින් හේම නලින්වම බල බල ඉන්න ඕනා....ඒකයි කරුමේ...

      Delete
    7. අනිවා, සෙන්නා... මං ටීවී බලන්නෑ. අපේ කෑම කාමරේ බිත්තියෙ මං හයි කළා මොනිටර් එකකට ටීවී කොම්බො එක ගහපු ටීවී එකක්. අපි ඔක්කොම එකට කෑම කද්දිං ටීවී බලන්න. මං කරනනෙ ඒ වෙලාවට ෆෝන් එකෙන් මොනව හරි කියවන එක. වාර්තා වැඩහසටහන් යද්දි ඉඳ හිට අහුවෙනව. සැටලයිට් ටීවී ගත්තෙ නෑ. පස්සෙ ඕනෙයි කියල හිතුනොත් ගන්නව. ඕනෙ කරන දේවල් ගැන ඩොකියුමන්ට්‍රි මං බාගෙන බලනව...

      හේම නලින් තාම ඉන්නවද? මං හිතුවෙ උන්දැත් ගතමනාව උපයගෙන ජපානෙටවත් ගිහිං වැජඹෙනව ඇති කියල.

      Delete
  18. පෙර රජ දවස වැව් දාගැබ් ගණන් කොට
    ගල් කණු අසළ හපකරමින් බුළත් විට
    ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද
    ඒ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට

    කහට කෝප්පේ පොඟවා ගිළින්නට
    පාන් කෑල්ලක් යදිනා දනන් හට
    ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

    රැවටී සුවහසක් බොරු කාරයින් හට
    පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
    දෑසේ කඳුළු ඉතිරිව නැත හඬන්නට
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

    උගසට තබා මගෙරට පිට රටුන් හට
    ලොව බලවතුන් අභිමුඛයේ දනින් සිට
    සිගමන් යදිමු සාගින්දර නිවන්නට
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

    ගායනය - නන්දා මාලනි මිය
    පද රචනය - සුනිල් ආරියරත්න මහතා
    සංගීතය - ඔස්ටින් මුණසිංහ මහතා
    ( මෙතනට ගත්තේ සිංහල ගී පද පිටුවෙනි)

    මේ කියන්නෙත් අපේ රටේ සැබෑම උදාන ගීතයක් නේද දැත්තෝ..

    ReplyDelete
    Replies
    1. අප්පා... මේ තිය‍ෙන්නෙ බඩු...

      ගොඩක්ම ස්තූතියි කාරණා දෙකකට.

      එක. මේ ගීතය මහන්සියෙන් මෙතනට එකතු කළාට.
      දෙක. සිංදු ඇනේ ගෙ කටේ පස් දැම්මට.

      Delete
    2. වෙල්කම් අයියා. අර ගාථාව මං උදේ හවස කියවන්නම්.මං නම් පටබැඳිල්ලක් කලේ නෑ අයියො. අර සුරංගෙ ආච්චම්මා තමා ඔය එක එක නම් පටබඳින්නෙ. ඇයි සුරංග ෆෝන් එකෙන් බ්ලොග් කියවනවලුනේ ආච්චම්මට ඇහෙන්න. ඔය සමහර ෆෝන් වල කියන දේ නෙවිනෙ ඇහෙන්නෙ. ඔන්න මං නම් නෑ ඕවට.

      Delete
    3. සුරංග නැති තැන සිජුය බය නැතුව ඌව අල්ලල දීල ෂේප් වෙනව.

      ඒ ගමන සුරංගයට නිසිබලධාරියො දෙන්නෙක් සෙට් වෙලා වගේ...? අර කසාද දෙකක් කරගත්ත මිනිහට ලැබෙන දඬුවම වගේ ‍සීන් එකක්.

      Delete
  19. හා උඹ අදත් පොතක් දාල නේද වස්තුවේ? මම PDF එක බාගත්තා. ආයේ පින්තූර ඉල්ලලා උඹේ බයිට් ටික ට කෙලවන්නෙ මොකටෙයි.

    දැති හුලහ ලඟත් එල බඩු තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. මං පිංතූර ටික එව්ව අද උදේ කසුං... තව තව දේවල් තියෙනව. මං වෙලාවක එවන්නං.

      Delete
    2. හප්පට සිරි, උඹ මොනවද වෙන උෟට යවන්න හදන පිංතූර. හැක්..

      Delete
    3. උඩ තියෙන්නෙ මෙන්ඩට යවපු ලිංක් එක... ආං ඒ ජාතියෙ ෆොටෝ ටිකක් යවනව ඌට සංසාරෙ එපා වෙන්න.

      Delete
  20. ස්තූතියි ඩ්‍රැකී!

    dropbox එකට upload කරද්දි .pdf විදියට දානවට වඩා compressed file එකක් විදියට (zip හෝ rar) දාන එක ලේසි නැද්ද? page එක open කලාම pdf එක ලෝඩ් වෙන්ට තවත් අමතර කාලයක් වැයවෙනවනෙ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට බුරාස්...

      මං ඒක දැනං උන්නෙ නෑ. ඊළඟ එක කම්ප්‍රෙස් කරල දාන්නං.

      Delete
  21. ආදර්ශය අවවාදයට වඩා උතුම් කියනවනේ.. අපි දැන්ම පටන් ගමු... තාමත් පරක්කු නෑ.. ලංකාවෙ ඉන්නෙ බොහොම ඉක්මනට ආකල්ප වෙනසකට භාජනය කරන්න පුළුවන් මිනිස්සු.. නිසි නායකත්වය, මග පෙන්වීම විතරයි අවශ්‍යය..

    මේ වගේ දේවල් ගැන කියවලා, බලලා අවබෝධයක් තියන අපි ආදර්ශවත් වෙමු. එක්කෙනෙක් හරි අනුගමනය කළොත්, ඒක ලොකු ජයග්‍රහණයක්... ඒ ඇරෙන්න බණ කියලනම් වැඩක්ම නෑ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත. සෙන්නගෙ කමෙන්ට් එක දැක්ක වෙලේ මාත් හිතට ගත්තා ආදර්ශවත් වෙන්න. සෑහෙන්න චිත්ත ශක්තියක් ඕනෙ වෙනව ඒකට.

      Delete
  22. ඔය පොතේ අළුත් මුද්‍රණයක් ආවා 2005-2006 දී වගේ.මම අරගත්තා පොත් ප්‍රදර්ශනයකදී.සිසිර මහත්මයා ගැන ඒකේ හැදින්වීමකුත් තිබුනා.ඒකේ විදිහට කතුවරයා ඉස්සල්ලම ප්‍රසිද්දවුනේ ලංකා ආණ්ඩුවේ මලගම ගැන පලකල පුවත්පත් මරණ දැන්වීමකින්.ඒක පට්ට මරණ දැන්වීම.මම පොත හෙවුවා ඒක දාන්න.හොයාගන්න බැරිවුනා.ඔය පොතනම් මට එච්චර දිරෙවුවේ නෑ.ලියලා තියන බාශාව නිසා වෙන්න ඇති.ඒත් අපේ වැඩිහිටියන්ට ටික කලක් දුක්විඳින්න අමාරුකම නිසා ලෝකෙට ණයකාරයෙක් වුන සීන් එකට එච්චර කාලයක් බැන බැන හිටපු මගේ ඒ සිතුවිලි වෙනස්කලේ ඔය පොතයි.රටේ මිනිස්සු කිරිපිටි පෝලිම්වල ඉන්නැද්දී එකල රටේ ධීවර ඇමති ඔහුගේ ඌරු කොටුවේ ඌරන්ට කිරිපිටි දුන්න හැටි එහෙම ඔය පොතේ ලස්සනට විස්තර කරලා තියනවා.

    ReplyDelete
    Replies
    1. කටුස්,
      මම දැනං උන්නෙ නෑ අලුත් මුද්‍රණයක් ආව කියල. අර මරණ දැන්වීම ගැන දැනං උන්නෙත් නෑ. බලනකොට කටුස් කියන දේවල් එකක්කත් මං දැනං ඉඳපු නැති, මං ගොඩක් ඉන්ටරෙස්ට් කාරණා.

      උරන්ට කිරිපිටි දීම නම් ටිකක් ඕනෙවට වැඩි කාරණාවක් නේද?

      Delete
    2. සුකුට්ස්, බෝ ඔය කියන්නේ daily news එකේ ගිය අර අරලිය මැඳුර පණගියවත්ත අඳුරැවෙල කියලා ඉවරවෙන එකද

      Delete
    3. ඒ මරණ දැන්වීම ලිව්වෙ ඩොක්ට කෙනෙක් සිරෝ.. මට මුළු නමම මතක නැහැ.. හැබැයි සිසිරකුමාර මානික්කආරච්චි නෙවෙයි කියලා නම් ෂුවර්..

      Delete
    4. ඔය දෙකම හොයාගන්න තියෙනවනං මරු. දන්න කෙනෙක් ලිංක් එකක් දාන්ඩෝ...

      Delete
    5. O'CRACY, beloved husband of T. Ruth loving father of L.I. Bertie, brother of Faith, Hope and Justitia, Interred on Saturday 20th inst., - Araliya Medura, Panagiyawatte, Anduruwella.

      Sons and Daughters (Sunday Observer, 6 July 2003)

      Delete
    6. ඒ එකක්. ස්තූතියි බුරාස්...

      මේ වගේ මරණ දැන්වීම් ටිකක් මං දැක්ක hooked on mad පොතේ. වෙලාවක දාන්නං...

      Delete
  23. // රටේ මිනිස්සු කිරිපිටි පෝලිම්වල ඉන්නැද්දී එකල රටේ ධීවර ඇමති ඔහුගේ ඌරු කොටුවේ ඌරන්ට කිරිපිටි දුන්න හැටි එහෙම ඔය පොතේ ලස්සනට විස්තර කරලා තියනවා //

    ඕවා වික්‍රම වීරසූරිය විසින් ප්‍රබන්දිත මඩ කතා.... සිසිර කුමාර මානික්ක ආරච්චි වැනි නූගත් බෝතල් පත්තර කාරයින් විසින් ඒවා විස්වාස කර ප්‍රවර්දනය කලා.....

    ReplyDelete
    Replies
    1. බලන්න මේ මැතිතුමාගේ (පිරිමි) ඇඟ පුරා තියන මොළයෙන් පෙනෙන දේවල්. අපරාදේ ඒ කාලේ මරාගේ පප්පා වත් හිටියේ නැහැනේ පාර්ලිමේන්තුව අතුගාන්නවත් ඇවිත්.

      Delete
    2. ඌරන්ට කිරිපිටි නෙවෙයි දෙන්න ඔනෙ. උෟරන්ට දෙන කෑම ජාති වෙනම තියෙනවනෙ. මං දන්නෑ ඒ ගැන. කිරිපිටි දීමේ කතාව නම් අතිශයෝක්තියක් බව පේනව. ඒත් මානික්ක ආරච්චිට බෝතල් පත්තර අභිධානය දෙනවට මං විරුද්ධයි.

      උන්නැහැ යූඇන්පී එකට ආව කාරණාවත් මේ පොතේ තියෙනව මට හිතෙන හැටියට. එයා යූඇන්පී එකට පක්ෂව කතා කළාට එයා කියන දේවල් වල තියෙන ඇත්ත අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ.

      Delete
    3. ස ර ස, ‍මේ ඇනෝ කමෙන්ට් එක අපහාසයක් හැටියට සළකනවානම් කියන්න. මම මකන්නම්.

      Delete
  24. මේවා බොහෝම කුසල් රැස්වෙන පිංකම්...

    ReplyDelete
    Replies
    1. අනුමෝදිත්වා අනුමෝදිත්වා...

      Delete
  25. බලාගෙන යනකොට මේවා සර්වකාලීන ප්‍රස්න ද කොහෙදො..
    දිසා මලය සමහර චරිත නම් ලස්සනට කොරනවා.රොජර්,මහේන්ද්‍ර,දිසා.. මේ හැමෝම ඉතින් ලැටෙකටම යවාගන්න සල්ලි වලට ඇහැකි උනා නෙව
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තට මහේන්ද්‍රත් ඔය ඇඩ් එකට උන්නද? රොජා නං මතකයි.

      ප්‍රශ්නෙ සර්වකාලීනයි තමා. අපි අපි වෙනස් නොවුනොත්. අර මෛකල් ජැක්සන් ශූරීන් කියන්නෙ, "කණ්ණාඩිය දිහා බලල වෙනස් වෙයං" කියල...

      Delete

  26. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete
    Replies
    1. හොඳයි මාත් එන්නං. මට ඔය හැබෑ සින්ඩි ගැන එච්චර දැනුමක් නෑ... ජය වේවා!

      Delete
  27. පොත බා ගත්තා. ටැංකු වේවා ! scroll wheel එකත් කැඩුනා බන් පහලට එනකොට :)

    දැති හුලහ...මරු නම. ප්‍රසන්නය මේක උඹට කියුවට ඇත්තටම මේකේ අයිතිකාරයා ශ්‍රංගයගේ අච්චම්ම නේද?

    ReplyDelete
    Replies
    1. කවුය බොල මේක මම කිවුවයි කිවුවෙ. හැක්..

      Delete
    2. වෙල්කම් උදය.

      අර කාඩ් එක ස්මබ්න්ධයෙන්, ශ්‍රංගෙය නිෂ්පාදක. අලෙවිය සහ බෙදාහැරීම ප්‍රසන්න...

      Delete
  28. බෝට බොහෝ පිං මේ පොතත් බෙදා ගත්තට

    ReplyDelete
    Replies
    1. ඉහළ සුජී ගෙ කමෙන්ට් එකට රිප්ලයි කරල තියෙනව ගාථාව...

      Delete
  29. පාසල් කාලයේ ආසම පොත් දෙකක් "යනු කී හෙයින්" සහ මේක

    ReplyDelete
    Replies
    1. කියග මගිය මං කියවල නෑනෙ ප්‍රා... නැද්ද හොයාගන්න තැනක්?

      Delete
    2. වෙරි සොරි වෙරි සොරි... කියග මගිය නෙවෙයි යනු කීහෙයින්. මං ඔය දෙකම කියෝල නෑ...

      Delete
  30. හැමෝම හොදයි කියන නිසා මේ පොතත් බලන්න ඕන.
    ගුටි කන මූනගේ කතාව පට්ටයි මචන්.
    මේ වගේ කතා තවත් ලියන්න.
    දැති හුලහාට ජය.

    ReplyDelete
    Replies
    1. කියවපං සිංහ. මං කලිං දාපු පොතත් කියවපං. කුඩු ගැහුව වගේ තියෙයි.

      Delete
    2. ඕ යේස්... මූ කියවන්න ඉස්සෙල්ලම බය කරනවනේ....

      Delete
    3. කියවල බලහංකො, මං කිව්වෙ බොරුද කියල...

      Delete
  31. වෙල්කම් අයියා. අනේයි මං නම් පටබැන්දෙ නෑ අනේ. ඔය සුරංගෙ ආච්චම්මා තමා එක එක නම් පටබඳින්නෙ. සුරං ඔක්කෝම බ්ලොග් කියවනවලු ෆෝන් එකෙන් ආච්චම්මට ඇහෙන්න. සමහර ෆෝන්වලින් නියන එක නෙවිනෙ ඇහෙන්නෙ.දන්නවද සුරං පෝස්ට් දාන්නෙ පෝස්ට් එකේ ප්රෑෆ් එක ආච්චම්මට කියවලා ඇප්රුවල් කරගෙනලු. ඒකෙන් පරක්කු වෙන්නෙ. ඕං මං නම් නෑ ඕවට.

    සිංදු ඇනේ මාව පස් යට යවයිද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. පාවා දෙන්නි. පස්යට යවන්නම තමයි කාරිය...!

      Delete
  32. මං ඔක්කොටෝම උත්තර දෙන්නං මන්ඩේ...

    ReplyDelete
    Replies
    1. ඉඳහං බොසාට කියන්න.

      Delete
    2. කියහං. මට ඉහළිං කවුද මෙතන ඉන්න බොස්?

      Delete
  33. PDF එකට බොක්කෙන්ම ස්තුතියි දැතිහුළහ මචන්.. සුරන්ගයටත් බොක්කෙන්ම ස්තූති කරන්න ඕන drakee කියල සිංහලෙන් ලියාගන්න බැරුව ලතවුණු අපිට සමාන පදයක් හොයල දුන්නට.. පුලුවන්නම් ගජබින්නාලන්කාරයත් මේ වගේ PDF එකක් හොයල දාහන්කො මචන්..

    සිසිර කුමාර මානික්කආරච්චි මහත්තය 1972 මේ ලිව්ව පොත අද ලියන්න හිතුවනම් මේක ලෝකේ ලොකුම පොත විදිහට ගිනස් වාර්තාගත වෙනවා අනිවාර්යයි..

    ReplyDelete
    Replies
    1. අම්මප, සුරංගත් මරු මිනිහ තමා. හෙහ් හෙහ් හෙහ්...

      ලෝකෙ ලොකුම පොත විදිහට ලියන්න පුළුවං තව එකක් තමා, "ලක්දිව පිරිසිදු බුදුදහම"

      Delete
  34. නියමයි. ඒක බාගත්තා. ෆෝන් එකට දාගෙන මීටිං හෙම යනවෙලාවට නින්ද යනවට බලන්න ඉන්නේ.
    ඒක නෙවෙයි දැති හුලහා, අර මකුණා පොත හෙම තියෙනවද බලහංකො. අන්න පොත්. පාඨකයන්ට කරන්න පුලුවන් ඉහලම සත්කාරයක්. :D

    ReplyDelete
    Replies
    1. මොකද්ද මකුණා පොත? මා ළඟ තියෙනව රන් මකුණා නං... "ලොකු ජෝගුවක් මත රජ මකුණා" (ඉංග්‍රීසි පොතකි) නෙවෙයි නේද ඔය කියන්නෙ?

      Delete
    2. නෑ බං. ඔය මාතලං, රවී, එතකොට විචාරක හෙම දන්නවා. ඒක බොහොම ඉස්සර ලියපු හාස්‍යෝත්පාදක ලිංගික කතාවක්. ඒක මෑතකදි දැකපු එකෙක් නෑ.

      Delete
  35. මං නම් කියෙව්වේ නෑ ඔන්න ....

    ReplyDelete
    Replies
    1. බොලූ කියනව මේං මෙයා...

      Delete
  36. බාගතිමි. විවේකයෙන් කියවමි

    සාරංගට ගැලපෙන ඇඩ් එක

    ReplyDelete
    Replies
    1. ගැළපෙන් නැති එකම තමා එතන තියෙන උත්ප්‍රාසය...

      Delete
  37. චීයා කක්කි බන් :P මරු කතාව හැබැයි හිනා කල පන ගියා !

    ReplyDelete
    Replies
    1. ටැංකිව් බං. පොතත් බාගනිං ගැබා...

      Delete
  38. ඔබතුමාට බොහොම ස්තූතියි මහත්මයා, මේ මම කාලයක් තිස්සෙ හොයාපු පොතක්. මම සිසිර කුමාර මානික්කාඅරච්චි මහත්මයගෙ "සාගරයක් මැද අමන රටක් ඇත" පොත කියෙව්වෙ 80 දශකයේ (9ශ්‍රේණියේ ඉන්න කාලෙ) මුල් කාලෙ මහජන පුස්තකාලයෙන්. ඔබතුමාට ජය!!

    ReplyDelete
  39. සාගරයක් මැද පොත බාගත්තා.
    https://nidigepanchathanthare.blogspot.com/2022/06/blog-post.html එකට බස්සා මහත්තයා දාලා තිබුණු comment එකකිනුයි දැනගත්තේ. මගේ ළඟ මේ පොත තිබ්බේ නෑ. සාහිත්‍ය කොල්ලය, මෙහෙව් රටේ හා අපේ රටේ ඔහොම නැතේ පොත් තුන නම් තියෙනවා!

    ReplyDelete
  40. පෝට්ටුව කියෙව්වා......

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි