Thursday, June 13, 2013

හුදෙක් ආතල් එක සඳහා පමණි

ඩ්‍රැකියා වෙසක් කළාපය ලිය ලියා ඉන්න අතරෙ, හිතේ පොදි ගැහී තෙරපි තෙරපී තිබූ ආතල් කතා වස්තු ටිකක් පොසොන් කළාපයට කලින් එළියට දාන්න ම ඕනෙ කියලා හිතුනෙමි.

ඕං ඒ කාලේ, ඒ කියන්නේ අපේ තාත්තලා කොලු ගැටවු සන්දියේ පොසොන් නාට්‍යයක් පෙන්නුවා අපේ ගමේ. ඒකත් අභාවයට ගිය ගැමි රසාංගයකි. ඩ්‍රැකියා හෝඩියේ ඉන්න සන්දියේ තමා අපේ ගමේ පෙන්නුව අන්තිම නාට්‍යය පෙන්නුවේ. ඒවයෙ ඉතිං රඟපාන්නේ ගමෙ ම තරුණ කාණ්ඩෙ සාමාජිකයොනෙ ඉතිං. වේදිකාවට ගාම්භීර විදිහට සම්ප්‍රාප්ත වෙන නළුවන්ට, කොච්චර කලින් කටපාඩම් කළත් දෙබස් අමතක වෙනවනේ, ඒකට තිරෙන් පිටිපස්සෙ දෙබස් පොත තියාගෙන හිමින් හිමින් දෙබස් කියවන්න ප්‍රොම්ටර් කෙනෙකුත් යොදා ගන්නව ගොඩක් වෙලාවට. ඔහොම එක නාට්‍යයක, මහා ඇලෙක්සැන්ඩර් හෙවත් අලිසන්දිරි රජ්ජුරුවො වේදිකාව වටේ නටාගෙන එද්දි, රජ ඇදුමට යටින් සරම එළියට පැනලා. ඉතින් ප්‍රොම්ටරුත් පොතේ තියෙන සංදුව හිමින් කියන ගමන් ‘ඔන්න ඕයි සරම පේනවා‘ කියලා කියපි. අලිසන්දිරි රජ්ජුරුවොත් මහ හඬින් කියනවලු සිංදුව,

‘ගම්බිර තෙදැති කුන්ස්තන්තීනු පුරේ - කුන්ස්තන්තීනු පුරේ
පුර වර්ධන කරන ඔන්න ඕයි සරම පේනවා....‘

කියලා.

(අපේ මහරජවරු ප්‍රොම්ටර් මගින් දෙමළ රැස්වීම් අමතනකොටත් මේ වගේ දේවල් වුනා කියලා ආරංචි උනා පහුගිය කාලෙදි)

ඉතිං පොසොන් නාට්‍යය ගැන කියන්න ගිහිං වෙන කතාවක් නෙ කිව්වෙ. මහින්දාගමනය පෙන්නුව නාට්‍යයක මිහිඳු හාමුදුරුවන්ට හිටිය නළුවටත් අර වගේම දෙබස් අමතක වෙලා ඇහුවලු,

‘මහරජ, මේ අඹ ගස කුමක්ද?‘ කියලා

තිස්ස රජුත් ඒකට ගැළපෙන්න කිව්වලු,

‘මට පේන්නෙ හාමුදුරුවනේ කරුත කොළොම්බන් වගෙයි‘ කියලා.


අපි පොඩි කාලේ මාර ආතල් දෙයක් තමයි ගාථා වලට කොමිටල් තේරුම් සපයන එක. පහළ තියෙන්නෙ ඒ වගේ ගාථා දෙකක්.

දවසක් ශක්‍රයාට කුරුම්බයක් බොන්න හිතුනලු. (ඔය අපේ මහරජාටත් හිටපු ගමන් තෝසෙ කන්න හිතෙන්නෙ, ඒ වගේ) ඉතින් ගියාලු ශක්‍රයගෙ හැම දහජරා වැඩක් ම කවර් කරගෙන ඉන්න යකෙක් භාරව ඉන්න පොල්වත්තකට. ගිහිං ඌට කිව්වලු උවමනාව. යකත් ශක්‍රයාව එක්කරං ගියාලු කුරුම්බ ගහක් ගාවට. එතෙන්දි ශක්‍රයාට ආස හිතුනලු, තමන්ම ගහට නැගල කුරුම්බෙ කඩාගන්න. ඉතින් උන්දැත් නැග්ගලු ගහට. යකා වට පිට බල බලා ඉද්දි දැක්කලු, කවුදෝ මනුස්සයෙක් ඈත එනවා. මිනිහා දැක්කොත් ශක්‍රයගෙ කාඩ් කුඩු නෙ. ඉතිං යකා කිව්වලු,

‘බහූ දේවා මනුස්සාච‘ කියලා. ඒකෙ තේරුම 

‘(ගහෙං) බහු දෙයියනේ, මනුස්සයෙක් එනවා‘ කියන එකයි.

ශක්‍රයා ගහේ ඉඳං ම කියනවලු,

‘මං ගලානී අචින්තයුං‘ කියලා. ඒකෙ තේරුම

‘මං බලාගන්නං අතිං පයිං‘ කියන එකයි.

යකා තවදුරටත් බලද්දි, මේ එන්නෙ හැරමිටියකුත් ඇන ඇන කොරෙක්. ඉතිං කොහෙ ගහන්ඩද ඌට? යකා කිව්වලු, 

‘ආකංකමානං සොත්තානං‘ කියලා. ඒකෙ තේරුම

‘අනුමානයක් නෑ මේ සොත්තියෙක්‘ කියන එකයි. 

ඒ ගමන කළබල වෙච්ච ශක්‍රයා කිව්වලු, 

‘බෘහී මං ගල මුත්තමං‘ කියලා. ඒකෙ තේරුම

‘මං බෘස් ගාලා බහින්නං, උඹ ගලට මුවා වෙයං‘ කියන එකයි.

ඒ වගේ මේ ගාථාවෙ නං නිධාන කතාවක් නෑ. තියෙන්නෙ ගාථාවෙ තේරුම විතරයි:

මධුවා මඤ්ඤති බාලෝ       - (බාලයා මධුසමයේදී මඤ්ඤං කෙළ ගනී)
යාච පාපං න පච්චති           - (ඒක පච්චම පච්ච පාපයක් වෙයි)
යදාච පච්චති පාපං             - (යම් දවසක පච්ච පාපයක් නොවීමට නම්)
අථ බාලෝ දුක්ඛං නිගච්ඡති - (බාලයා දුකසේ අත පාවිච්චි කළ යුතුයි)

දඹදිව පුරාණ සතර කුළ වලට අයත් අය ගේ අහවල් කෙරුවාව ගැන සඳහන් වෙන ශ්ලෝකයක් ඩ්‍රැකියාට මතක් වුනේ මේ පෝස්ටුව ඉවර කරන්න යද්දි. අන්තිම වශයෙන් ඒකත් ලියා දානවා, ඔක්කොම වස් දොස් යන්නත් එක්ක.

බ්‍රාහ්මණස්‍ය මුඛමාසිද්       - (බමුණෝ මාසෙ මැදදි මුඛයේ කොරනවා)
බාහු රාජණයහ් කෘතහ්       - (රජවරුන්ගේ කෘත්‍යය නම් බාහුවේ (අතේ) හරි කිරීමයි)
ඌරු තදස්‍ය යද් වෛශ්‍යාම් - (වෛශ්‍යයන්ට තද වුනාම ඌරෙක් උනත් කමක් නෑ)
පද්‍යාම් ශුද්‍රො අජායත         - (ශුද්‍රෙයකුට පද්මයක් වැනි සහකාරියක් ලැබුණත් වැඩක් නෑ අජම තමයි)

පින්තූරෙ ඉස්සුවේ : http://www.lakehouse.lk/budusarana/2009/06/07/z_p24-tissa.jp

53 comments:

  1. හැහ්
    යෝවද තම්පව රෝමානු ජේසු
    ජේසුගේ අම්මට බාගෙට පිස්සු

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ ගාතාව අමතක උනානෙ.

      යෝවද තම්පව රෝමනු ජේසු - ඔහේ නේද රෝමයේ ජේසු කියන්නෙ?
      ශාක්‍යමුණි භගවා කතකිච්චෝ - මම තමයි ශාක්‍ය මුණි භගවතුනේ මේ කිච වෙලා හිටියට
      පාරග තෝ බල විරිය සමංගි - පාරට වෙලා තෝ විරෝගෙන ඉන්නෙ මොකද?
      තං සුගතං සරණත්තමු පේමී - සුගතං ගේ ප්‍රේමියගේ ත* දිහා බලං ඉන්නවා

      Delete
    2. එළ කිරි.. මම අර කලින්ම කිව්ව දේ වෙනව වගේ.. හැක්..

      Delete
    3. මොකද්ද බං කලින්ම කිව්වෙ?

      Delete
  2. බඩත් කොරවුනා හිනා වෙලාම. අපේ කුඩා කාලේ කියපු කරපු දේවල් නෙ. තව මතකයි පාප් වහන්සේ ගැන ප්‍රවෘත්ති. අම්මේ මේ කාලේ නම් මේවා ලියන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ තරං ම බය වෙන්න දෙයක් නෑ මයෙ හිතේ. බ්ලොග් කියවන අය බහුතරයක් දන්නවා ආතල් කතා වල ආගම් වලට අපහාස කිඍීමේ අදහසක් නැති බව.

      Delete
  3. අම්මප ඩ්‍රැකියෝ උඹත් කතා සාගරයක් නොවැ. දැන්නං දේශපාලන කතා යන්නේ දෙපැත්තේ තිර දෙකක් දාගනයි.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියා කතා නිර්මාණයට වඩා සංරක්ෂණයටයි දක්ෂ. අනතුරු ඇඟවීමට ස්තූතියි නලීන්. ගොඩක් බ්ලොග් කියවන්නෝ බුද්ධිමත්. වචනයක් දෙකක් අල්ලගෙන රෙද්ද කරේ තියං බණින්නෙ නෑ.

      Delete
  4. මේ ඇහුවමයි මම නම්...

    ReplyDelete
    Replies
    1. සහන් (බබා) මේවා අහල නෑ කියලා විශ්වාස කරන්නත් අමාරුයිනේ.

      Delete
  5. දැන් ඔහොම කතාවල් ලියන්න පුලුවන් පරිසරයක් නෙවෙයි බං තියෙන්නේ. අපිටත් හරි එකට වඩා මතක අපේ වර්ෂන් එක.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත රට යන විදිහට මෙව්වා එච්චර හොද විහිළු නෙමෙයි බං

      Delete
    2. @ ඩූඩ්
      අපේ වර්ෂන් එකෙන් අපි නං බලාපොරෝතු වුනේ ගාථාව පාඩං කරගන්න ලැබෙන පහසුව සහ විභාගයේ පීඩනය සමනය කරගැනීමයි.
      @ අටං
      ගොඩක් බ්ලොග් කියවන්නෝ බුද්ධිමත්. වචනයක් දෙකක් අල්ලගෙන රෙද්ද කරේ තියං බණින්නෙ නෑ.

      Delete
    3. උඹ ලියපං ඕව...බුද්ධිමත්කම දෙපිටින් යන්න දෙයි උඹට...දන්නෙ නෑනෙ මම එක සැරයක් පොන්නය කියල ලිව්ව කියල අහගත්ත බැණුමක්

      Delete
    4. එහෙනං හැලපයියත් දන්නව ඇතිනේ බැණුං අහන එකේ තියෙන ආතල් එක, ඈ? :-ඩී

      Delete
  6. ආනන්ද සර්පයා දුටුවේද....?

    බුදු හාමුදුරුවෝයි ආනන්දයි එනවා දැකලා බේසමෙන් වහගත්තලු..

    ඒ උනාට බේසමේ පතුල නෑලූ..

    ----------------------------------

    ආනන්ද..... සබ්බේ ලබන්
    ගාදං සොඤ්ඤං ස්වාමීනී කිව්වලු

    ReplyDelete
    Replies
    1. මට මේ නාට්ටි කතා මතක් උනාම. ඔය විමසුම ලියන, අපේ නලියගෙ බොස්... මහින්ද අබේසුන්දර ලක්බිමේ ලියපු මහින්දගේ ආගිය කතාවක් මතක් උනා.

      ඔන්න ටීටර් එකක් පෙන්නනවලු. දන්නවනේ ඉතින් ගමේ ප්‍රභූන් අරුන් මුන් ඔක්කෝම එනවනේ. ලයිට් නැති නිසා පැට්‍රෝමැස් ටෝච් අරවා මේවා තමයි විදුලි ආළෝකය. ඔය අස්සේ එකෙක් ස්පොට් ලයිට් එක දෙන්නේ බයිසිකලේ ලයිට් එකෙන්ලු. බයිසිකලේ ඉස්ටෑන්ඩ් එක ගහලා. එකෙක් එකසිය ගානට පදිනවලු. මොකෝ ඩයිනමෝව කැරකෙන ඉස්පීඩ් එකට නේ ආළෝකේ වැඩි වෙන්නේ. නාට්ටියේ හොඳම වෙලාවක. ඩෝප් කාරයෙක් ඇවිත් සයිකලේ පිටිපස්සෙන් තල්ලු කරලා. මෙන්න ඉස්පොට් ලයිට් එක වේදිකාව මැදින් ගිහින් උඩින්ම ගිහින් වැටුනලු ප්‍රභූවරුන් එහෙම ඉන්න තැනට. කස්ටිය නාට්ටිය නවත්තලා. තල්ලු කරපු එකාට නෙලලා. නාට්ටිය එතනින් ඉවරයි...

      Delete
    2. මචෝ මාතලන්.... මහින්ද අබේසුන්දර කියන දක්ෂ ලේඛකයා දැන් මගේ බොස් නොවේ. හැමෝම දකින්නේ එයාග් කඩේ යාම. එත් කවුරුවත් දකින්නේ නෑ එයාගේ ලියැවිල්ල. ඒ ලියැවිල්ලට වටිනකමක් දුන්නේ ඒ හැකියාව අදුනගත් මනුස්සයෙක්. නැත්ත්ං මහින්ද අබේසුන්දරට මෙලෝ දෙයක් කරගන්න පනමක් නැති කාලේ මොකාද එයා ගැන කතා කළේ. අද මගේ බොස් වෙන කෙනෙක්. ඒත් මං තාමත් මහින්ද අබේසුන්දර කියන වයසක මනුස්සයට ගරු කරනවා. ඒ ඔහුගේ පිරිපුන් හැකියාවට. එයින් කිසිවෙක් වැඩ ගත්තේ නැ. වැඩ ගන්නේ දැන්. ඒයට හැමෝම බැන්නට ඒ හැමෝම එයිට යටවෙලා ඉන්නේ. මං කාලෙකට පස්සේ එ වගේ දැකපු චරිතයක් තමා ඔබත්. අදටත් මං ඔබව දැකලා හෝ කතා කරලා හෝ නෑ.

      Delete
    3. මාතලන් උඹ රාජකීයයෙක්නේ මා ඉහත කී දෑ අපේ තැන ඉන්න රාජකීයෙකුගෙන්ම අහලා බලපන්. වෙන එවුන් පුද්ගලික කෝන්තරවලට බේගල් ඇද බායි.

      Delete
    4. ඒ වටිනාකං එහෙම උනාට දැන්නං ඒ මහත්තයා බලු සරී

      Delete
    5. මම දන්නවා බන්. ඌ සුන්දර මිනිහෙක් කියලා.. නමුත් මිනිස්සු සල්ලි වලට මෙතරම් විනාශ වෙන එක ගැනයි දුක...

      Delete
    6. ඒ උනාට අර රණසිංහ සෙරෙප්පු මහත්තයත් හොද බුලට් එකක් නේ.. සෙරෙප්පු සුප් බීලා නේ මිනිහටත් කෙලඋනේ. මිනිහත් හෙන සුන්දර මිනිහෙක් තමා.. හැක් හැක්..

      Delete
    7. මාතලං අයියගෙ එකතු කිරීම හරි වටිනවා.

      @ මාතලං
      @ නලීන්
      @ අටං
      @ දේශකයා
      සුන්දර මිනිස්සු අගය කරමු. ඒත් පසුකාලීනව බලු මාක් එකට වැටීමේ ආදීනව අපිටත් වඩා එයාලා දන්නවා ඇති. ඒ ගැන අනුකම්පා කරමු. බෙල්ල ගහල ගියත් කෙලින් ඉන්න අය නම් ඩ්‍රැකියා හැම දේටම වඩා අගය කරනවා.

      Delete
  7. ඩ්‍රැකියා නං ෂුවර් එකට අපාය දෙවුලෝ හන්දියේ හිටං ඉන්න එකෙක්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. එතන තමා ආතල්, සරත්. දෙපැත්තෙම විගඩං පේනවා.

      Delete
  8. හිටු ඩ්‍රැකියා බොදු බලේටයි, රාවණා බලේටයි, සිංහල රාවෙටයි,කියලා තොට උගන්න්නනම් මතක හිටින පාඩමක්,

    ReplyDelete
    Replies
    1. ඔව්වට ඩ්‍රැකියා බය නැත. මොකද ඕවා මහරජාට ජනතාව කුළප්පු කරන්න ඕනෙ වෙන වෙලාවට මොකක් හරි මාතෘකාවක් ඇදලා අරං නටනවා මිසක්, මේ වගේ සිම්පල් දේවල් ඒ අයට පේන්නෙවත් නැත. නැත්තං, බෝ මළුවෙදි හාමුදුරු කෙනෙක් මරලා දාපු වෙලාවෙ ඒ අය බුදියගෙනද හිටියේ?

      ඒ නිසා, ‘යකාට බයනං සොහොනෙ ගෙවල් හදන් නෑ මල්ලි...‘ කියා පොර ටෝක් එකක් දීමට ඩ්‍රැකියාට හැකියාව ඇත.

      Delete
  9. Replies
    1. යම රජාට බය නෑ මල්ලී. මහරජාට තමා ඕං බය වෙතොත්. හැක් හැක් හැක්...

      Delete
    2. යම රජුගේ හැසිරීම් ගැන draki දන්නවද ...? මේක බැලුවද ...? යම රජුගේ ස්වරූපය

      Delete
    3. පුරාණ හින්දු සාහිත්‍යයේ තියෙන යමක් කමක් නං ඩ්‍රැකී දන්නවා සහන්, මේ ලිංක් එකත් බලලා ම අදහසක් කියන්නං.

      Delete
    4. මම ඒ පෝස්ටුව කාලෙකට කලින් කියෙව්වානේ සහන්, කොපි ත් කරගත්තා. කොමෙන්ටුවක් දැම්මේ නෑ. ස්තූතියි ඒ විස්තරයට.

      Delete
  10. නියමයි ඩ්‍රැකී ගාථ වල තේරුම්.
    මම ඒත් බැලුව මෙහෙම ලියල තියෙන එක ආරංචි වෙලා අර සේනා වල කට්ටිය සිවුරු උස්සගෙන එයි කියල.
    පස්සෙයි මට මීටර් උනේ එයාල බුද්ධාගමට හැර අනිත් හැම රෙද්දටම එලි බහින බව.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි කෙංජි මාමේ.

      Delete
  11. වේදිකා නාට්‍ය දෙකේ සිද්දිය තම මරුම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසරණයා, මගෙ අඩවියට වෙල්කම්

      Delete
  12. මේ වගේ තැනකට අපිත් යමක් එකතු කළේ නැත්නම් හරි මදි :D

    මුල්ම බුද්ධ රූපේ හැදුවේ කවුද ? පිළිතුර "සකලං"

    ඇයි අවුල් වගේද ? ගාථාවේම කියන්නේ බුද්ධ රූපං සකලං සදා කියලා :P

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.

      පෝස්ටුවකට හසිත මලයගෙන් යමක් එකතු වුනේ නැත්නං නිකං පාං කන්න හොදි මදි වුනා වගේනේ.

      Delete
  13. මම ඇත්තටම හිතුවේ කොමෙන්ට් ටික බලාගෙන ඉද්දී මෙතැන යුද්ධ පිටියක් වෙලා ඇති කියලා. සතුටුයි එහෙම උනේ නැති එක නම්.

    ReplyDelete
    Replies
    1. ‘යුද්ධෙට නම් අපි හරිම හපන්
      වෙඩි සද්දෙ ඇහෙන විට පාචනේ වෙයි‘
      කියලා පරණ කෝළං කවියක් තියෙනවා. ඒ වගේ මේ ඉන්ටනෙට් වල වාර්ගික යුද්ධයි, ශුද්ධ යුද්ධයි කරන වීරයො ගොඩක් ඉන්නවා තමා.

      Delete
  14. ඩ්‍රැකීයෝ අර සහන් වගේ මමත් මේ හුගක් කතා අදමයි බන් ඇහුවේ...
    පට්ට ඈ..

    ReplyDelete
  15. අදනෙ බන් දැන ගත්තෙ මිහිදු හාමුදුරුවො වැඩපු තැන තිබුන අඹ ගහේ ජාතිය... :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මිහින්තලේ ගිය වෙලාවක බලන්ටකෝ...

      Delete
  16. අදමයි ආවේ මේ පැත්තේ .. හිතේ තියෙන හැමදේම අමතක වෙන්න හිනා වුනා .. මෙතන ඉන්න පරණ අය වගේ නෙමේ අලෙ .. මම අලුත්ලු ඇ .. එක නිසා අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න .. හැකිනම් .. ස්තුතියි ...

    http://nethukadulu.blogspot.com/

    ReplyDelete
    Replies
    1. සුළඟ සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. මාත් ඔහෙ එඤ්ඤං බං....

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි