Wednesday, August 26, 2015

මෙන්න ඩ්‍රැක්‍යුලා - Dracula the Historical Figure

අපේ ආදරබර පොඩි කුමාරිහාමි ගේ සංචාරක සටහනට සමගාමීව එකතු කිරීමකි...

බොහෝ දෙනා ඩ‍්‍රැක්‍යුලා යනුවෙන් හඳුනන්නේ ලේ උරාබොන අවතාරයක් හෙවත් වැම්පයරයෙකි. ඒ ප‍්‍රසිද්ධියට හේතු වූයේ බ‍්‍රෑම් ස්ටෝකර් විසින් 1897 දී ප‍්‍රකාශයට පත් කෙරුණු ඩ‍්‍රැක්‍යුලා නම් ඉංග‍්‍රීසි නවකථාවයි. එයින් සහ ඉන්පසු ඔහුගේ මරණින් පසු පළ කෙරුණු ඩ‍්‍රැක්‍යුලාගේ ආගන්තුකයාගෙන් ආරම්භවූ ත‍්‍රාස ජනක නවකථා ගොන්නක ද, 1931 පටන් මේ දක්වා තිරගත වුනු විවිධාකර චිත‍්‍රපට රැසක ද, දුෂ්ඨ චරිතය ඩ‍්‍රැක්‍යුලා හට හිමි විය.

ඩ‍්‍රැක්‍යුලා නවකථාවේ ම සඳහන් වන පරිදි, ‘‘ඔහු අනිවාර්යයෙන් ම තුර්කි දේශ සීමාවේ තුර්කිවරුන්ට එරෙහිව සටන් වැදී ප‍්‍රසිද්ධියට පත් වුණු වොයිවෝඞ් ඩ‍්‍රැක්‍යුලා විය යුතුයි...’’ (ඩ‍්‍රැක්‍යුලා පරි. 18)

(මෙහි, වොයිවෝඞ් යනුවෙන් හැඳින්වෙන්නේ හන්ගේරියානු රාජධානියට අයත් වූ ට‍්‍රාන්සිල්වේනියාවේ පැවති ඉහළම නිලය යි.)

ඩ‍්‍රැක්‍යුලා චරිතය නිර්මාණය කිරීමට පාදක කරගෙන ඇත්තේ තුන්වන ව්ලාඞ් හෙවත් වලාචියා හි කුමාරයා (1431 - 1476) යන ඓතිහාසික පුද්ගලයායි. ඔහු බැසරැබ් පරම්පරාවේ ශාඛාවක් වූ ඩ‍්‍රැක්‍යුලෙස්ටි පරම්පරාවට අයත් වූ හෙයින්, පීතෘනාමය වන ඩ‍්‍රැක්‍යුලා යන නම භාවිතා කළේය. ඔහුගේ මරණින් පසුව 1550 දී පමණ සිට ඔහු උල තියන ව්ලාඞ්යනුවෙන් හැඳින්වෙන්නට පටන් ගැනුනි. උල තියනයන වචනය රුමේනියානු භාෂාවෙන් ට්සෙපෙස්ලෙස උච්ඡාරණය වන අතර එය ලියන්නේ Tepes යනුවෙනි. මොහු ව්ලාඞ් ටෙපෙස් යනුවෙන් හැඳින්වෙන්නේ ඒ අනුවය.

ඇම්බ‍්‍රස් බළකොටුවේ ඇති තෙවන ව්ලාඞ් ගේ ආලේඛ්‍යය (ඔහුගේ ජීවමාන කාලයේ නිර්මිතයකින් 1560 දී කරන ලද පිටපතක් ලෙස සැළකේ.) 

ඔටෝමන් තුර්ති වරු බෝල්කන් ප‍්‍රදේශය අල්ලාගැනීම ආරම්භ වූ කාලය වන 1456 සිට 1462 දක්වා කාලය තුළ ව්ලාඞ්, වලාචියා ප‍්‍රදේශයේ වොයිවෝඞ් තනතුර දරා තිබේ. ඔහුගේ පියා වූ දෙවැනි ව්ලාඞ් ඩ‍්‍රැකූල්, මකරාගේ එකමුතුවෙහි සාමාජිකයෙක් විය. (මකරාගේ එකමුතුව හෙවත් Order of the Dragon යනු 1408 දී සිගිස්මන්ඞ් නම් හංගේරියානු රජු විසින් මුලින්ම ඇතිකරන ලද රාජකීයයන්ගේ සංගමයකි. එය නැවත ශුද්ධවූ රෝමක අධිරාජ්‍යය විසින් නැවත පිහිටුවන ලදි. කුරුස යුද්ධයට සහභාගී වූ රදළ පිරිස් අනුව නිමැවුණු එහි මූලික මෙහෙවර වූයේ කුරුසිය ආරක්ෂා කිරීම සහ ක‍්‍රිස්තියානි ආගමේ සතුරන්හට එරෙහිව සටන් කිරීමය. ක‍්‍රිස්තියානියේ සතුරන් ලෙස මූලික වශයෙන් මෙහිදී හැඳින්වුනේ ඔටෝමන් තුර්කි වරුන් විය.) තෙවන ව්ලාඞ් ද බල්ගේරියාවේ වීරයෙකු ලෙසින් සම්මානයට පාත‍්‍ර වේ. ඒ, ඩැන්‍යුබ් නදියේ උතුරු හා දකුණු ප‍්‍රදේශයන්හි ජනතාව ආරක්ෂා කිරීම හේතුවෙනි. ඔටෝමන් වරුන්ට එරෙහිව ඔහු කළ ආක‍්‍රමණ අනුව බල්ගේරියානු සාමාන්‍ය ජනතාව ගෙන් සෑහෙන පිරිසක් සහ ඉතිරිව සිටි බල්ගේරියානු බෝයර් වරු (රදළයන්) ඔහුගේ නායකත්වය පිළිගනිමින් ඩැන්‍යුබ් නදියේ උතුරු ප‍්‍රදේශයට සංක‍්‍රමණය වී වලාචියා හි කොටසක් බවට පත් වූහ.

ඔහුගේ විරුදනාමය ට අනුකූලවම, සතුරන් උල තැබීමේ පුරුද්ද විලාඞ් ගේ කීර්තියේ කේන්ද්‍රය බවට පත් වී තිබේ. ඔහු ජීවත්ව සිටියදී ම ඔහුගේ කෘරත්වය පිළිබඳව ජර්මනිය සහ යුරෝපයේ අනෙකුත් ප‍්‍රදේශ පුරා ප‍්‍රකටව පැවතිණ. ඔහු විසින් වධයට පත් වූවන් ගේ ගණන දස දහස් ගණනකැයි අනුමාන කෙරේ.

ව්ලාඞ් ලියවිලි වල ඔහුගේ නම ලතින් බසින් ලියා ඇත්තේ ව්ලැඩිස්ලාවුස් ඞ්රැගූලියා වයිවෝඩා පාර්ටියුම් ට‍්‍රාන්සැල්පිනේරුම්’ (Wladislaus Dragwlya, vaivoda partium Transalpinarum) (ට‍්‍රාන්සිල්වේනියා ප‍්‍රාන්තයේ වොයිවෝඞ් වන ව්ලාඞ් ඩ‍්‍රැකූල්) යනුවෙනි. ඩ‍්‍රැකූල් යනු පැරණි රොමේනියානු හා ලතින් භාෂාවන්ගෙන් මකරා යන අර්ථය දෙන නාම ප‍්‍රකෘතිය යි. ඒ අනුව ඩ‍්‍රැක්‍යුලා යනු මකරා ගේ පුත‍්‍රයා යන අදහස දෙන්නකි. නමුත් නූතන රුමේනියානු භාෂාවෙන් ඩ‍්‍රැක් යන නාමය යක්ෂයායන අර්ථය දෙයි. ඒ අනුව යමින් ව්ලාඞ් යක්ෂ ව්ලාඞ්යන විරුද නාමය භාවිතා කළායැයි පවතින මතය සාවද්‍ය ය.


1475 ලියවිල්ලක Wladislaus Dragwlya, vaivoda partium Transalpinarum යන්න සඳහන් වී ඇති ආකාරය

ව්ලාඞ් 1431 ශීත සෘතුවේ දී, හංගේරියනු රාජ්‍යයට අයත්ව තිබූ (දැන් රුමේනියාවට අයත් වන) ට‍්‍රාන්සිල්වේනියාවේ සිගිසෝරා (Sighișoara) ප‍්‍රදේශයේ දී උපත ලැබීය. ඒ වන විට ඔහුගේ පියා වූ දෙවැනි ව්ලාඞ් ඩ‍්‍රැකූල් වලාචියා හි වොයිවෝඞ් තනතුරට පත්ව නොතිබිණි. වලාචියාහි සුප‍්‍රකට වොයිවෝඞ් වරයෙකු වූ වැඩිමහල් මර්සියා (Mircea the Elder) දෙවැනි ව්ලාඞ් ගේ පියා විය. විලාඞ් ගේ මව ගේ නම ප‍්‍රකට නැතත්, මේ කාලය වන විට ඔහුගේ පියා මෝල්දාවියාවේ කුමරියක වූ ස්නේනා හෙවත් වසිලිස්සා (Cneajna / Vasilissa) විවාහ කරගෙන සිටි බව කියැවේ. වසිලිස්සා කුමරිය යහපත් ඇලෙක්සැන්ඩර් රජුගේ වැඩිමහල් දියණිය මෙන් ම, මෝල්දාවියාවේ මහා ස්ටෙෆන් රජුගේ නැන්දණියද වූවාය. දෙවැනි ව්ලාඞ් හට උප භාර්යාවෝ ද ගණනාවක් වූ හෙයින් ව්ලාඞ් හට දෙවැනි මර්සියා සහ ව්ලාඞ් කලූගරූල් නම් වැඩිමහල් අඩ සොහොයුරන් දෙනෛක් ද, කඩවසම් තෙවන රාඩු (Radu III The Handsome) නම් බාල සොහොයුරෙක් ද වූහ.


සිගිසෝරාහි පිහිටුවා ඇති විලාඞ් ස්මාරකය


දෙවන ව්ලාඞ්

ව්ලාඞ් උපන් අවුරුද්දේ ම ඔහුගේ පියා හට මකරාගේ එකමුතුවට බැඳීම සඳහා න්‍යුරම්බර්ග් හි පදිංචියට යාමට සිදු විය. විලාඞ් සහ රාඩු මුල් ළමාවිය ගත කළේ සිගිසෝරා ප‍්‍රදේශයේ ය. ඔවුන්ගේ පියා වොයිවෝඞ් තනතුරට පත් වූ පසු ළමයින් එවකට වලාචියාහි අගනුවර වූ ටර්ගෝවිස්ට් වෙත රැගෙන යන ලදි. කොන්ස්තන්තිනෝපලයෙන් පත් කරන ලද රෝමක හා ග‍්‍රීක ආචාර්යවරුන් වෙතින්, ටර්ගෝවිස්ට් හි දී රදළයන්ගේ පුතුන් හා කුමාරවරුන් හට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන ලද බව, බයිසැන්ටියමේ ප‍්‍රධානී වූ මිඛායිල් ඩෝකස් පවසයි. ඒ අනුව, ව්ලාඞ් ද සටන් ක‍්‍රම, භූගෝල විද්‍යාව, ගණිතය, විද්‍යාව, භාෂාවන් (පැරණි ස්ලාවොනික්, ජර්මන් සහ ලතින්), පැරණි කලාව සහ දර්ශනය උගන්නට ඇතැයි සැළකේ.

1436 දී දෙවන ව්ලාඞ් ඩ‍්‍රැකූල් වලාචියාහි වොයිවෝඞ් පදවියට පත් විය. 1442 දී හංගේරියාවේ උපකාර ලද ඔහු ගේ තරඟකාරී පිරිස් ඔහු සිහසුනෙන් පහ කළද, ඔටෝමන් වරුන්ගේ සහාය ලැබූ ව්ලාඞ් නැවත වොයිවෝඞ් පදවිය නතු කරගත්තේය. ඒ වෙනුවෙන් ඔහු සුල්තාන් හට කප්පම් ගෙවීමට ගිවිසගත්තේය. එසේම සිය සුජාත පුතුන් දෙදෙනා වන ව්ලාඞ් සහ රාඩු තම පාක්ෂික භාවයේ සුරක්ෂණයක් ලෙස, ප‍්‍රාණ ඇපකාරයන් වශයෙන් ඔටෝමන් සුල්තාන් මන්දිරය වෙත යැවීය.

ඔටෝමන් වරු වෙත සිටි කාලයේදී ව්ලාඞ් හට තර්ක ශාස්ත‍්‍රය, කුරානය, තුර්කි භාෂාව සහ සාහිත්‍යය උගත හැකිවිය. සොහොයුරන් දෙදෙනා හට ඔටෝමන් වරුන් විසින් යුධ ප‍්‍රයාණ සහ අශ්වාරෝහක කලාවන් ද උගන්වන ලදි. ඒ අනුව ඔවුන්ගේ පියා හට දෙවන බැසරැබ් වෙතින් වලාචියාහි වොයිවෝඞ් තනතුර ආපසු ලබාගැනීමට ඔටෝමන් වරු උපකාර කළහ.

1447 දී ජෝන් හුනියඩි නම් හංගේරියානු ප‍්‍රතිරාජයා ගේ අනුග‍්‍රහය ලද ස්වදේශික බෝයර්වරු කැරළි ගසා බල්ටෙනි වගුරු ප‍්‍රදේශයේදී දෙවන ව්ලාඞ් මරා දැමූහ. ඔහුගේ වැඩුමල් පුතා මෙන්ම උරුමක්කාරයා ද වූ මර්සියා දෑස් අන්ධ කර ටර්ගොවිස්ට් හිදී පණපිටින් වළලන ලදි.

වලාචියා ප‍්‍රදේශය හංගේරියානු පාලනයට නතු වීම වැළැක්වීම පිණිස, ඔටෝමන් වරු වලාචියා ආක‍්‍රමණය කර තරුණ ව්ලාඞ් කුමාරයා සිහසුනට පත් කළහ. මෙම පාලන කාලය ඉතා කෙටි කාලයකට සීමා කරමින් හුනියඩි නැවත වලාචියා ආක‍්‍රමණය කර, ඔහුගේ හිතෛෂියෙකු වූ ඩනෙස්ටි පවුලේ දෙවන ව්ලැඩිස්ලාව්, වොයිවෝඞ් තනතුරට පත් කළේය.

මෙහිදී, ව්ලාඞ් මෝල්දාවියාවට පළා ගිය අතර, ඔහුගේ මාමා වූ දෙවන බොග්ඩන් ගේ අනුග‍්‍රහය හා ආරක්ෂාව ඔහුට ලැබුණි. බොග්ඩන් 1451 ඔක්තෝබර් මාසයේදී ඝාතනය කරනු ලැබීමෙන් පසු ව්ලාඞ් හංගේරියාවට පළා ගියේය. ඔටෝමන් වරුන් සමඟ වාසයෙන්, ඔවුන්ගේ අභ්‍යන්තර කටයුතු, ප‍්‍රතිපත්ති, චින්තනය සහ දැක්ම පිළිබඳව ව්ලාඞ් හට පුළුල් අවබෝධයක් විය. එසේම ව්ලාඞ්, අලූතින් පත්ව සිටි ඔටෝමන් සුල්තාන් වරයා වූ දෙවන මෙහ්මඞ් සමඟ වෛරයෙන් පසුවිය. එහෙයින් හුනියඩි සිය පැරණි පතිවාදියා වූ ව්ලාඞ් සමඟ සංහිඳියාවක් ඇතිකරගෙන, සිය උපදේශකවරයෙකු ලෙස පත් කරගත්තේය.


දෙවන මෙහ්මඞ්

1453 දී දෙවන මෙහ්මඞ් විසින් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමෙන් පසු, එය මධ්‍යස්ථානය කරගනිමින් කාපේතියානු කඳුකරය හරහා යුරෝපා මහද්වීපය පුරා සිය අධිරාජ්‍යය පැතිරවීම කෙරෙහි ඔටෝමන් වරුන්ගේ අවධානය යොමු විය. එසේ, ඔවුන් 1481 දී සමස්ත බෝල්කන් අර්ධද්වීපය ම නතු කර ගත්හ. ව්ලාඞ් ගේ පාලන කාලය, අයත් වන්නේ ඉහත කී දශක තුන ට හෙවත්, බෝල්කන් ප‍්‍රදේශය ඔටෝමන් වරුන් විසින් ආක‍්‍රමණය කළ කාල සීමාව තුලට ය.

කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමෙන් වසර තුනකට පසු 1456 දී ඔටෝමන්වරු බෙල්ගේ‍්‍රඞ් නගරය වැටලීමෙන් හංගේරියා රාජ්‍යයේ සාමය අවදානමට ලක් විය. ඊට පිළිතුරු ලෙස හුනියඩි සර්බියාවට පහර දුන් අතර, එම යුධ ප‍්‍රයාණය පහසු කිරීමට තමන්ම සර්බියාවට ගියේය. (ඉතා කෙටිකලකට පසු ඔහු වසංගත රෝගයකින් මිය ගියේය.) ව්ලාඞ් තම හමුදාව සමඟ වලාචියා ආක‍්‍රමණය කර, සිය මව්බිම නැවත අල්ලා ගත් අතර, මුහුණට මුහුණ කළ සටනකින් දෙවන ව්ලැඩිස්ලාව් මරණයට පත් විය.

වලාචියා ව්ලාඞ් හට නතු වන විට පැවතියේ අතිශය දුක්ඛිත අඩියක ය. නිරන්තර යුද්ධ හේතුවෙන්, අපරාධ පාලනය කළ නොහැකි මට්ටමට ව්‍යාප්ත වී තිබුණි. කෘෂිකර්මය කඩා වැටෙමින් පැවති අතර, වෙළෙඳාම බොහෝදුරට අතුරුදන් වී තිබිණ. පිටතින් එන තර්ජනයන්ට මුහුණ දීමට ස්ථාවර ආර්ථිකයක් අත්‍යවශ්‍ය වූ හෙයින්, සමාජ ස්ථාවරත්වය හා සමෘද්ධිය ඇති කිරීම උදෙසා ව්ලාඞ් දුෂ්කර උපායමාර්ග ක‍්‍රියාත්මක කළේය.

වලාචියා වෙනුවෙන් ව්ලාඞ් ගේ අරමුණු තුනක් විය. ඒවා නම්, රාජ්‍යයේ ආර්ථිකය ශක්තිමත් කිරීම, එහි ආරක්ෂාව සහ තම දේශපාලනික බලය වර්ධනය කර ගැනීම යි. ගොවීන්ගේ සුභසාධනය වෙනුවෙන් ඔහු අලූත් ගම්මාන බිහි කිරීම හා කෘෂිකර්මයේ ඵලදාව ඉහළ නැංවීම ගැන අවධානය යොමු කළේ ය. වලාචියා හි සංවර්ධනය උදෙසා වෙළෙඳාමේ ඇති වැදගත්කම අවබෝධකරගත් ඔහු, ටර්ග්සෝර්, කම්ප්‍යුලූං සහ ටර්ගොවිස්ට් යන නගර වල විදේශීය වෙළෙන්දන්ට සම්බාධක පැනවීමෙන් දේශීය වෙළෙඳුන් හට අනුග‍්‍රහ දැක්වීය.

තම පියා සහ සහෝදරයාගේ ඝාතනයට මෙන්ම, දිගින් දිගටම පවත්නා දේශපාලන අස්ථාවරභාවයට ත්, ප‍්‍රධානතම හේතුව වූයේ බෝයර්වරුන් යැයි ව්ලාඞ් කල්පනා කළේය. එහෙයින්, තම පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු, කැපීපෙනුනු රදළ නායකයන් බොහොමයක් මරා දැමූ අතර, සිය පාලන සභාවේ සාම්ප‍්‍රදායිකව බෝයර්වරුන් හට අයත් වූ තනතුරු, තමන්ට සහ විදේශිකයන් හට පක්ෂපාතීත්වය දැක්වූ ද, පිරිසිදු පරම්පරාවක් නොමැතිවූ ද, පුද්ගලයන් හට ලබා දුන්නේය. පහල නිලයන්ට පත්කිරීමේදී බෝයර්වරුන් වෙනුවට ව්ලාඞ් කැමැත්තක් දැක්වූයේ නයිට් වරුන් සහ නිදහස් ගැමියන් පත්කිරීමට ය. වලාචියාව නැවත ගොඩනැගිමේදී ව්ලාඞ් සොරුන් හට දඬුවම් කිරීමට නව නීති හඳුන්වා දුන්නේය. ඔහු බෝයර්වරුන් හට සැළකුවේ ද ඊට සමාන රළු බවකිනි. ඒ, ඔවුන් තම පෞද්ගලික බල අරගළයන් මඟින් වලාචියාව දුර්වල කරන බව ඔහු විශ්වාස කළ බැවිනි.

ව්ලාඞ් හමුදාව ද ශක්තිමත් කළේය. ඔහුගේ පෞද්ගලික ආරක්ෂක හමුදාව කුඩා වූ අතර, එය කූළී හේවායන්ගෙන් සමන්විත විය. යුද්ධයේදී කොල්ලකෑමට ඉඩහැරීමෙන් ද, උසස්වීම් වලින්ද ඔවුන් හට සංග‍්‍රහ කරන ලදි. ඊට අමතරව ඔහු සාමාන්‍ය ගැමියන් ගෙන් සමන්විත මිලීෂියාවක් ද සකස් කර තිබූ අතර, ඔවුන් යුද්ධයන්හිදී කැඳවන ලදි.

ව්ලාඞ් ටර්ග්සෝර් හි පල්ලියක් ඉදිකරවීය. එය ඊට ආසන්න ස්ථානයකදී ඝාතනය කෙරුණු පියා සහ සහෝදරයා වෙනුවෙන් ඉදි කෙරුණු බව සිතිය හැක. එසේම ඔහු ස්නැගෝව් සහ කොමානා පූජකාශ‍්‍රමයන්හි ආරක්ෂක ගොඩනැගීම් වෙනුවෙන් මුදල් ද පරිත්‍යාග කළේය.

වලාචියානු රදළයන් ට‍්‍රාන්සිල්වේනියානු සැක්සන් වරුන් සමඟ සබඳතා පැවැත්වූ හෙයින්, ව්ලාඞ් සැක්සන් වරුන් ගේ වෙළෙඳ වරප‍්‍රසාද ඉවත් කළ අතර, ඔවුන්ගේ නගර වලට ද පහර දුන්නේය. 1459 දී ඔහු සැක්සන් ජනපදවාසීන් කිහිප දෙනෙක් උල තැබ්බවීය.

1459 දී මැංචුවා සමුළුවේ දී දෙවන පයස් පාප් තුමා ඔටෝමන් වරුන්ට එරෙහිව නව කුරුස යුද්ධයක් කැඳවීය. මෙම යුද්ධයේ ප‍්‍රධාන භූමිකාව හංගේරියානු රජු වූ ජෝන් හුනියඩි ගේ පුත් වූ මැතියස් කෝර්විනස් හට පැවරිණ. ඒ සඳහා පාප් තුමා ඔහු වෙත රන් කාසි 40,000 ක් ලබා දුන්හ. එම මුදල සෙබළුන් 12,000 ක් සහ ඩැන්‍යුබ් යුධ නැව් 10 ක් රැුස් කර ගැනීමට ප‍්‍රමාණවත් වෙතැයි ඇස්තමේන්තු කරන ලදි. මෙවක, වලාචියා ප‍්‍රදේශය ඔටෝමන් අධිරාජ්‍යයේ කොටසක් ලෙස දෙවන මෙහ්මඞ් විසින් ප‍්‍රකාශයට පත් කර තිබූ හෙයින්, ඔටෝමන් වරුන් සිය දේශයෙන් පිටුදැකීමේ අරමුණින් ව්ලාඞ්, මැතියස් කෝර්විනස් සමඟ එක් විය.


එම අවුරුද්දේම පසුභාගයේදී ඔටෝමන් සුල්තාන් වූ දෙවන මෙහ්මඞ් ගේ දූතයන් ව්ලාඞ් හමු විය. ඔවුන් අත මෙහ්මඞ් දන්වා එවා තිබුණේ ප‍්‍රමාද වූ බදු හෙවත් කප්පම ලෙස ඩකට් 10,000 ක් ද ඔටෝමන් හමුදාවට බඳවා ගැනීම පිණිස ආධුනික සෙබළුන් 500 ක් ද එවන ලෙස ය. ව්ලාඞ් එය ප‍්‍රතික්ෂේප කළේය. ඒ, කප්පම් ගෙවීම යනු වලාචියාව ඔටෝමන් අධිරාජ්‍යයේ කොටසක් බවට ප‍්‍රසිද්ධියේ පිළිගැනීමක් වන හෙයිනි. සිය පූර්වගාමීන් සහ අනුප‍්‍රාප්තිකයන් බහුතරයකගේ මෙන්ම ව්ලාඞ් ගේ ද මූලික අරමුණ වූයේ වලාචියාව තමන්ට හැකි තරම ස්වාධීනව තබා ගැනීමයි. මෙහිදී ඔහු තමන් ඉදිරියේ තුර්කි තානාපතිවරුන් ඔවුන්ගේ හිස්වැසුම් ඉවත් නොකිරීම යන හේතුව මත, ඔවුන්ගේ තලප්පා ඔවුන්ගේ හිසට තබා ඇණ ගැස්සවීමෙන්, එම දූතයන් හට මරණ දඬුවම පැනවීය.


තෙවන ව්ලාඞ් තුර්කි තානාපතිවරු හමුවෙයි - තියඩෝර් ඒමන් ගේ චිත‍්‍රයකි. 

මේ අතර සුල්තාන් වරයා, ව්ලාඞ් ඩැන්‍යුබ් නදිය අවට ප‍්‍රදේශ වල බලය පතුරුවාගැනීම පිළිබඳව සිය රහස් ඔත්තු අංශයෙන් දැනගත්තේය. ඔහු නිකොපොලිස් පළාතේ පාළකයා හෙවත් බේ වරයා වූ හම්සා පාෂා ව්ලාඞ් සමඟ සංහිඳියාව ඇතිකරගැනීම හෝ අවශ්‍ය නම් ඔහු පිිටුදැකීම පිණිස යෙදවීය.


හම්සා පාෂා අශ්වාරෝහකයන් 1,000 ක් සමඟ පිටත් විය. ඔවුන් ග්‍යුර්ග්‍යු හි උතුරු කොටසේ ඉතා පටු දුර්ගයක් පසු කරද්දී, ව්ලාඞ් ඔවුන් අපේක්ෂා නොකළ ප‍්‍රහාරයක් එල්ල කළේ්ය. වලාචියා සේනාව තුර්කි වරුන් සහමුළින් වටළාගත් අතර, සියළුම දෙනා පාහේ උළ තියන ලදි. එහිදී අනෙක් අයට වඩා උස් උලක හිඳුවීමෙන් හම්සා පාෂා ගේ උසස් නිල තත්ත්වයට ගරු කිරීමට ව්ලාඞ් නියෝග කළේය.

ඉතිරි කොටස ළඟදීම...

ප / ලි 

මූලාශ්‍රය - විකිපීඩි‍යා
තමන්ගේ යුරෝපා සංචාරක සටහනේදී අප සිහිපත් කිරීම ගැන පොඩි කුමාරිහාමි ට ප්‍රණාමය...

79 comments:

  1. පොඩි කුමාරිහැමි ව්ලාඩ් මැතිණිය..

    තැන්කුයි ඩ්‍රැකී. වටින විස්තරේ..

    ReplyDelete
    Replies
    1. නම නරක නෑනේ? :D

      Delete
    2. දෙන්නා එකතුවෙලා, පොඩ්ඩිගෙ ජොනතන් ගොයියගෙං මට ඉල්ලල දෙන්න වගෙයි ලෑස්තිය, උල් කරපු ලීයකිං ශොට් එකක්...

      Delete
    3. පොඩ්ඩි,

      නරකද සිංහල ඌරුවට 'ව්ලාඩ් කුමාරිහාමි' හරි 'ව්ලාඩ් ලමාතැනී' හරි කිව්වොත්?

      Delete
    4. ආං හරි .… රෙෂ්පට් නම

      ඉවානයට ව්ලාඩ් කුමාරයා. ඕ යේස්

      Delete
    5. ඉවානෙයට 'රජවාසල බටනළා කරු' තනතුර... ඕයේස්!

      Delete
  2. හම්මෝ...යුරෝපා ඉතිහාසයම ලියලා. ආදරේ කලාට ඩ්‍රැකී මෙහෙමයි කියලා දැනගෙන හිටියේ නෑනේ...:P

    ReplyDelete
    Replies
    1. හම්මෝ... ව්ලාඩ් එක්ක බෝල්කන් ප්‍රදේශයෙ ඔටෝමන් ඉතිහාසය බැඳෙනවනෙ ඉතිං...

      අපි ආදරේ කරන ෆැන්ටසි ඩ්‍රැක්‍යුලාට ව්ලාඩ්ගෙ සමහර ගති ලක්ෂණ උරුම වෙනවා. අර හම්සා පාෂා ගේ උසස් නිලයට ගරු කිරීමෙන් පේනවා නේද ව්ලාඩ් ට හොඳ හාස්‍ය රසයක් තිබුණ බව?

      Delete
  3. හෆ්ෆා "ඩ‍්‍රැක්‍යුලා" (මේ රෙද්දේ නම ටයිප් කොරන්න් ගියාම මල පනිනවා ඕයි ), මම නම් ඩ‍්‍රැක්‍යුලාට වඩා කැමති "Wish-master" ට .

    https://www.youtube.com/watch?v=aJgl3uoxXc0


    BE CAREFUL WHAT YOU WISH FOR


    ReplyDelete
    Replies
    1. ඇයි බං ගූගලයා අපේ ෆේවරිට් පෙන්නන්නැත්තෙ? ඩ්‍රැකී මූවීස් අවුල් කියනවා නෙමේ.

      Delete
    2. විෂ් මාස්ටර් මගෙත් ෆේවරිට් එකක්. ඇත්තට ඒ කාලෙ නේද අප්පා...? තව තිබ්බා ඊවිල් ඩෙත් කියලා ෆිල්ම් සෙට් එකක්...

      /මේ රෙද්දේ නම ටයිප් කොරන්න් ගියාම මල පනිනවා ඕයි/

      උඹ සිල් රෙදි වල වත් නම් ටයිප් කරනවද? මං නං ටයිප් කරන්නෙ කීබෝඩ් එකේ.

      මදාවි,
      ඇත්තට බං. මයෙ හිතේ අපේ කාලෙ බලපු මූවීස් වල ටොරන්ට් එහෙමත් හරි අඩුයි. ඒකට දැං එන අලුත් එව්වා...

      Delete
    3. ටොරන්ට් ඕන් නෑ.…

      දෙන්ඩද එලකිරි සයිට් ටිකක් :D

      Delete
    4. දියං මයෙ දෙය්යෝ...!!!! මගෙ මේල් එක - drackey@gmail.com

      Delete
    5. putlocker.is එකයි solarmovies එකයි තමා මංනං පාවිච්චි කොරන්නෙ. අළුත් ඒවානං රිසොලූසොං අවුල්. මෙතනම දාපියකො පත්තරයෝ. නැත්තං මටත් මේලක් දාපං ඈ... අපි ඉතිං යාළුවොනේ..................

      Delete
    6. /දෙන්ඩද එලකිරි සයිට් ටිකක් - මෙන්නෝ/

      පත්තරෙයයි සිංදුවයි දෙන්නම එකම කාසියෙ දෙපැත්ත.

      මදාවි,

      මං නං ඔන්ලයින් බලන්නෑ. මං තුල පුස්තකාල පිස්සෙක් වාසය කරයි. ඉතිං ඩවුන්ලෝඩ් කරලා, රයිට් කරලා, අල්මාරියෙ අඳුරු මුල්ලක තැන්පත් කරනවා...

      Delete
  4. මේ ලඟදි ආපු Dracula untold ෆිල්ම් එක බැලුවද? අපි සාමාන්‍යයෙන් අහලා තියෙන කතාවට වඩා වෙනස් එකක්.ඩ්‍රැක්‍යුලා ගැන මානුශික හැඟීමක් එනවා ඒ කතාවෙදි.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැක්‍යුලා අන්ටෝල්ඩ් එකේ පෙන්නන්නෙත් මේ ව්ලාඩ් ගෙ ඉතිහාසයම ප්‍රතිනිර්මාණයක් තමයි නේද? අර, ඔටෝමන් වරු ගාව ප්‍රාණ ඇපකාරයෙක් විදිහට හිටපු කාලෙ ගැන, එතකොට උන් කප්පම් විදිහට හමුදාවට බඳවගන්න ළමයි ඉල්ලන එක, එහෙම ඒකට ඇතුළත් වෙලා තිබුණා. ප්‍රතිනිර්මාණයෙදි ඔටෝමන් වරුන්ගෙ කෘරකම ටිකක් විතර අතිෂයෝක්තියට නගලා තිබුණා ව්ලාඩ් ගෙ මානුෂිකත්වය ඉස්මතු කරන්න.

      මට ඒකෙ තියෙන්නෙ එකම අවුලයි... ඔච්චර වේගවත් ඩ්‍රැක්‍යුලාට එයාගෙ බිරිඳ වැටෙද්දි අල්ලගන්න බැරි උනානෙ. ඌ වේගවත් මදි. (ඒකට ජොනී ඩෙප්... ඌ උන්නනං එකපාරට දෙපාරක් අල්ලගෙන - dark shadows ෆිල්ම් එකේ එහෙම සීන් එකක් තිබුණා)

      Delete
    2. [ඔච්චර වේගවත් ඩ්‍රැක්‍යුලාට එයාගෙ බිරිඳ වැටෙද්දි අල්ලගන්න බැරි උනානෙ] අවංකවම මේක මටත් හිතුන

      Delete
    3. IMDB එකෙත් තිබ්බා...

      Delete
    4. පොර ගෑනිව අල්ලාගත්තා නම් කතාවෙ ඉතුරු ටික කියන්න බැරි වෙනවනෙ. එතකොට ඩ්‍රැක්‍යුලා කාගෙවත් ලේ බොන්නෙ නෑනෙ.

      Delete
    5. ඒ වුනාට ඒක තාත්විකය එක්ක ගැළපෙන් නෑනෙ. (ඩබ්ල්යු. ඒ. සිල්වගෙ පොතක තිබුණෙ ඒ වගන්තිය)
      "මොන විකය?"
      "තාත්විකය"
      "ඒ මොකද්ද?"...
      එහෙම දෙබසක් ඊට පස්සෙ තිබුණා...

      Delete
    6. "Dracula untold" එකනම් එච්චර ගතියක් නැහැ අප්පා මට නම්.

      Delete
    7. හෙනං මේක සම්පූර්ණෙං කියවලා ආපහු බලහං... කතාවක් හැටියටනං එච්චර දෙයක් නෑ තමා.

      Delete
    8. හොලිවුඩ් ෆිල්ම් එක්ක ගත්තාම ඒකෙ ගතියක් නම් නෑ තමයි. ඒත් ඒකෙන් කියවෙන දේ නම් වෙනස්. මොකද අපි හැමදාම අහලා තියෙන නපුරු, දුෂ්ඨ ඩ්‍රැක්‍යුලා වෙනුවට තමන්ගෙ ජනතාව, පවුල ගැන හිතපු මානුශික හැඟීම් එක්ක සටන් කරපු සහ ඒ දේවල් වෙනුවෙන් ජීවිතේ උගස් කරන්න තරම් නිර්භීත මිනිහෙක් විදිහට චරිත වෙනස් කරලා තියෙනවා. අනික ඒ කතාව ගොඩනගලා තියෙන පරිසරේ සහ සිද්දි ගොඩක් දුරට පරණ කතාවට ආසන්න වෙන්න ගොඩනගලා තියෙනවා. එහෙම නේද ඩ්‍රැකියෝ...?

      Delete
    9. කතාවෙ එච්චර ශක්තිමත් කමක් නෑ. ඒ වගේම ව්ලාඩ් කරන පරිත්‍යාගයෙනුත් ඒච්චරම ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නෑ.

      හැබැයි අර කියපු දේවල් හොඳයි. පරිසරය, ඓතිහාසික පසුබිම, වගේ දේවල්. ව්ලාඩ් ප්‍රාදේශීය පාලකයෙක් විදිහට තමන්ගෙ ජනතාව වෙනුවෙන් කරන දේවල් සහ ඔහුගෙ පවුල වෙනුවෙන් කරන කැපකිරීම් මගින්, කළු චරිතයක් වෙනුවට සංකීර්ණ චරිතයක් ගොඩනගලා තියෙනවා.

      සාම්ප්‍රදායික දුෂ්ටයෙක් දිහා අලුත් විදිහට බැලීමට යොමුවීම තමයි හැමදේටමත් වඩා අැගයීමට ලක් විය යුත්තේ.

      අන්තිමේ... යෂ්‍යන්ත එක්ක මං එකඟයි.

      Delete
    10. ඩ්‍රැකියුලා ගැන මොන මානුශික හැඟීම් ද බං? මං මේ කිව්වෙ අපේ එකා ගැන.
      මම ෆිල්ම්වල වැඩිය කැමති ෆැන්ටසි, සයිෆයි, කොමඩි. යථාර්තය දවස පුරාම විඳෝනවනෙ බං. ඔය වෙලාවට තමා ෆැන්ටසියක ඉන්න පුළුවන් වෙලාව.

      Delete
    11. මාත් ඒකට එකඟයි. දැන් දැන් ෆිල්ම් එන්නෙ යථාර්ථවාදයට වඩා වෙන වෙන ජෙනර් වල මික්ස් එකක් වෙන විදිහට. හෝම් බැලුවද?

      Delete
    12. හෝම් මේ ලඟදි ආපු ඇනිමේශන් එක නේද? අම්මේ... මොනා උනත් හිනා උනා ඒක බලද්දි නම් ඇති වෙන්නම....

      Delete
    13. ඒකෙ යටින් සමාජ ගත කරන අදහස් දෙකක් මං දැක්කා. එකක්, අභියෝග වලදි පැනල දුවන් නැතුව, එව්වට මුහුන දෙන්න ඕනෙ. අනික, පවුල හරිම වැදගත් ඕනෙම කෙනෙකුට ...

      Delete
  5. ඩ්‍රැකියුලා ෆිල්ම් වලින් මම කැමති පරණ එව්වට. ඒවා නියම ක්ලැසික් මටනං. තැන්කියු මචෝ මේ දෙන ඉිහාස දැනුමට.

    ReplyDelete
    Replies
    1. මාත් කැමති... එව්ව‍ය‍ෙ වැඩි අතිෂයෝක්තියක් ඉෆෙක්ට්ස් වලින් පෙන්නන්නෙ නෑ. අනික ක්‍රිස් ලී ගෙ ඇපියරන්ස් එක...

      වෙල්කම් බං...

      Delete
    2. ගොඩක් වෙලාවට වර්ථමානයේ හොල්මං, යක්කු කියන්නෙ ඉතිහාසයේ හිටිය දරුණුම ඒත් ප්‍රසිද්ධ අය වෙන්න ඕනි. අපේ යක්කු සෙට් එකත් එහෙමයි මයෙ හිතේ.

      Delete
    3. යක්කුංගෙ උප්පත්ති කතා තියෙන්නෙ කවි වල... ‍උඹ කියන එකට හොඳම උදාහ‍රණෙ තමා මහසෝනා... හොල්මං විතරක් නෙවෙයි. දෙවිවරුත් එහෙමයි.

      Delete
  6. ඉතුරු ටිකත් ලියමු.. මේවා කියවන්න ඉන්ටරෙස්ට් හිතෙන ටොපික්ස්..

    ReplyDelete
    Replies
    1. දැනට කරගෙන යනවා. ළඟදිම දානවා. සමාන රුචිකත්වය ගොඩක් අගය කරනවා දිනේශ්...

      Delete
  7. ඩ්‍රැකියුලා කියන වාසගම හරි නම හරි දැනුත් පාවිච්චි වෙනවද දන්නේ නෑ නේද... සෑහෙන මහන්සි වෙලා ලියල තියෙනවා . එල.

    මම සැරයක් ඔය ඩ්‍රැකියුලා කතාවක් ලියල ජයන්ත චන්ද්‍රසිරි මහත්මයට යැව්වා නාට්ටියක් හරි ෆිල්ම් එකක් හරි හදන්න කියල හෙහ් හෙහ්.. මම ඩ්‍රැකියුලාගේ චරිතෙට යෝජනා කලේ රවින්ද්‍ර රන්දෙනිය මහත්තයව හෙහ් හෙහ්.. ඒ ලියුම ජයන්ත චන්ද්‍රසිරි මහත්මයට හම්බ වුණා ද කියලවත් දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. /ඩ්‍රැකියුලා කියන වාසගම හරි නම හරි දැනුත් පාවිච්චි වෙනවද දන්නේ නෑ නේද/

      ඒකත් ඉන්ටරෙස්ටිං පොයින්ට් එකක් හොයන්න... හොයලා කියන්නං. (නැත්තං ලේසම වැඩේ, ඒ පැත්තෙ කරක් ගහල ආව පොඩ්ඩිගෙං අහමු.)

      රවීන්ද්‍ර රන්දෙණියගෙ හොඳ යුරෝපීය පෙනුමක් තියෙනවනෙ. ඒක නිසා පොර හොඳයි තමයි. මේකප් එකෙන් සුදුැමැළී කරන්නත් ලේසියි. ජයන්ත ට යවපු එක නම් අපරාදෙ. පොර රැඩිකල් මාතෘකා කරනව තමයි. හැබැයි එයාම තමා ‍ප්ලොට් හදන්නෙ.

      නරකද පැතුම් ඒ කතාව බ්ලොග් එකේ දැම්මොත්?

      Delete
    2. අනික රවියගෙ උසයි හැංගුණු නපුරුකමයි.

      Delete
    3. මේ කිව්වෙ නිදහස් සිතුවිලි එකට රිංගගත්ත ඔටුව ගැනද?

      Delete
  8. Hari âsâwen kiyewwa. Ela kiri tikata kathâwa galâgena yanawa...
    Apita ithin mehema kiyewwoth arenna wiki eke gihin kiyawanawâ kiyalaya.
    E pinama athi umbata vergin blood pint ekak labenna...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැක්‍යුලා පිං කරන්න?
      පිං බලෙං වර්ජින් බ්ලඩ් පයින්ට් එකක් ලැබෙන්න?

      උඹත් හරියට අපේ ගොඩක් හාමුදුරු වරු වගේනෙ. මං දැක්කා සීහලවත්ථුප්පකරණයෙ තියෙනවා, කෙනෙක් හාමුදුරු කෙනෙකුට මොනර මාළු කන්න දීලා, ඊළඟ ආත්මෙ හැමදාම එයාට මොනරමස් ලැබෙන්න ඒක හේතු උනයි කියලා. හතර හිනා...

      විකිය මටත් කියවන්න කම්මැළියි. මව්බස නොවුනහම අපිට තියෙන සීමාවල් නෙ ඉතිං. මේක ලියන නිසා තමා විකිය කියවන්නෙ. ඒකෙන් ගොඩක් වචනත් ඉගෙනගත්තා...

      Delete
  9. හොඳ විස්තරයක්.
    ඩ්‍රැකියුලා කියවන්න කලින් ඩ්‍රැකියුලාගේ ආභාශය අරගෙන ඩීමන් ලොක්ක ලියපු උතුවන්කන්දේ මරු රීරා කියන පොත කියවන්නයි ලැබුනෙ. ඒකෙ ඉන්න ලේ බොන බුවා ගොඩනඟල තියෙන්නෙ ඩ්‍රැකියුලාට විධායක බලතල දීල.

    ReplyDelete
    Replies
    1. ඒ පොත මං කියවල නෑනෙ. හොයාගන්න ඕනෙ...

      "ඩ්‍රැක්‍යූලාට විධායක බලතල?" - 18 වෙනි සංශෝධනේ දීලා නැද්ද?

      Delete
  10. ඩ්‍රැකී ගෙන් ඩ්‍රැක්‍යුලා ගැන හොද විස්තරයක්. ස්තුතියි

    ReplyDelete
  11. නියමයි.
    ඩ්‍රැකියගෙ මුළු පරම්පරා විස්තරේම ලියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. තව ඉවර නෑ ප්‍රසා... තව දිගයි...

      Delete
  12. ගජබින්නයක් එහෙම නෙමේ ඩ්‍රැකියෝ මේක හරිම ලස්සනට උඹ විස්තර කරන් යනවා.ඩ්‍රැක්‍යුලා ෆිල්ම් ටිකේ නම් ටිකත් දහන්කෝ හොයා ගෙන බලන්ට.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් දාන්නං... ලිස්ට් එකක් නං IMDB එකේ හරි WIKIයෙ හරි තියෙයි. මං හොයලා දාන්නං. අන්තිමේ මං දැකපු ෆිල්ම් වල සැසඳීමකුත් දාන්න බලාපොරොත්තු වෙනවා.

      Delete
  13. සඳ පායන රෑ කාලේ
    කළු ලෝගුව පොරවාලා
    උල් දත් දෙක දිගු කරගෙන
    ලේ වල ඉව බල බලා //

    මම එනවා අඳුර මැදින්
    මොර දෙනවා ගිරිය යටින්
    මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
    මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
    මමයි කවුන්ට් ඩ්‍රැකියුලා

    අන්ධකාරයේ හිනාව
    දෝංකාරයේ ගෙනාව
    මළවුන්ගේ රාජධානියේ
    වැන් හෙල්සිංගේ වෙලාව
    මගේ ලොවේ අවේලාව
    වවුල් වෙසින් මං වැජඹෙන්නේ //

    මම එනවා අඳුර මැදින්....

    සමාදානයේ සැතපෙන
    මිනී වලේදී හිනැහෙන
    අයගෙ රජා මමයි යාළුවේ
    වොර්ක රෑනගේ සහාය
    මගේ තනිය නැති කළේය
    රුහිරු බොමින් මං සැනසෙන්නේ //

    සඳ පායන රෑ කාලේ
    කළු ලෝගුව පොරවාලා
    උල් දත් දෙක දිගු කරගෙන
    ලේ වල ඉව බල බලා //

    මම එනවා අඳුර මැදින්
    මොර දෙනවා ගිරිය යටින්
    මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
    මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
    මමයි කවුන්ට් ඩ්‍රැකියුලා


    ගායනය - නිහාල් නෙල්සන්

    ReplyDelete
    Replies
    1. අඩේ... ඩ්‍රැක්‍යුලා ගැනත් සිංහල සිංදුවක් තියෙනවද? මං ඔය දැක්කමයි. දැක්ක ගමං ගූගල් එකේ හෙව්වා - හම්බුනේ නෑ. සින්දුර් පුළුවන්නං ලිංක් එකක් දෙන්නකො ඩවුන්ලෝඩ් කරගන්න. පිං සිද්ධ වෙයි...

      Delete
    2. ටැංකිව් මචෝ. උඹ නං දේවාලෙයක්. ඉඳපං මං පොල් ගෙඩියක් ගහන්න උඹට...

      Delete
    3. මා ළඟ තියනවා බබාලගෙ ටීචර්ලා ගහපු නොබිඳුනු නැවුම් පොල්. එවන්නද එකක්?

      Delete
    4. හිනාව ඉස්මොල්ලෙ ගියා බොල. අම්මප උබට කොහෙං කටට එනවද මංදා...

      නොබිදුනු නැවුම් පොල්? බොට ටීචර් ගහන්නෙ පොරපොල්ද?

      Delete
    5. ඇයි බං අර සුපර් මාකට් ඒකේදි ඔලුවට ගහපු පොල් ගෙඩිය ගැන කියන්නෙ..

      Delete
    6. කොහෙද මෙන්ඩො ගිහිං හිටියෙ මෙච්චර කල්? දැං ඔලුවෙ තුවාලෙ සනීපද? මැහුං කීයක් දැම්මද?

      Delete
  14. ඇත්තටම හුඟක් වැදගත්.අපි මනුස්ස ඩ්‍රැකියුලා ගැන දන්නෙම නෑනේ..ඉතුරු ටික ඉක්මනට ඕන හොඳේ

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි අගයකිරීමට... ඉතුරු ටික ළඟ ළඟම එනවා...

      Delete
  15. //එහිදී අනෙක් අයට වඩා උස් උලක හිඳුවීමෙන් හම්සා පාෂා ගේ උසස් නිල තත්ත්වයට ගරු කිරීමට ව්ලාඞ් නියෝග කළේය.

    අන්න එහෙම තමා කරන්න ඔ්න! :D

    ReplyDelete
    Replies
    1. රෝවන් ඇට්කින්සන් දවසක් කිව්වා. "දුෂ්ටයෙකුට රඟපාන්න ලේසියි. ඒවගේම ඒක හරිම විනෝදජනකයි" කියලා.

      ව්ලාඩ් ගෙ චරිතයෙ බොහොම සියුම් හාස්‍ය රසයක් තියෙනවා, අලියා. ගළවන් නැති තලප්පාව ඔළුවට තියලා ඇණගහන්න කිව්වෙත් ඒ වගේ තේරුමකින්...

      Delete
  16. හප්පා.......................අදනේ දැනගත්තේ පොඩ්ඩි ඩ්‍රැකියුලා පරම්පරාවේ එක්කෙනෙක් කියලා. බයේ බෑ.

    ඩ්‍රැකී, හොඳට බලන්න ඔයා ඩ යන වෙනුවට ගහලා තියෙන්නේ ඞ යන්න.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්තය හරි. අල් 'ඩ' යන්න වෙනුවට අල් 'ඞ' යන්න වැදිලා තියෙන්නෙ.

      මං මේක ලිව්වෙ fm abhaya ෆොන්ට් එකෙන් ආටිකල් එකක් හදාගන්න බලාගෙන. ඊට පස්සෙ ඔන්ලයින් කන්වර්ටරෙං යුනිකෝඩ් වලට හැරෙව්වා. ඒකෙදි තමා ඔය සංගෙදිය වෙලා තියෙන්නෙ. මගෙ සෝදුපත් බැලීමෙ හොදකම...

      Delete
    2. /අදනේ දැනගත්තේ පොඩ්ඩි ඩ්‍රකියුලා පරම්පරාවෙ එක්කෙනෙක් කියලා. බයේ බෑ./

      නෙයිනගෙ සූදුවෙ තිබුනා, "කාටත් බෑ අල්ලන්නට - විචාරකත් බයයි මිතුර..." කියලා විරිදු කෑල්ලක්...

      Delete
  17. ඩ්‍රැකියා සෑහෙන්න මහන්සි වෙලා ලියපු ලිපියක් නිසා ඉතාම අගය කරනවා මේ උත්සාහය සහ වැය කල කාලය. මම මේ ලගදි දැක්කා ඇත්තටම ලේ උරා බොන අමුතුම පිරිසක් පිළිබඳ වීඩියෝවක් අන්තර්ජාලයෙදි. ඒ අය සංගමයක් වගේ එකක් හදාගෙන ඉන්නෙ. ඒකෙ ඉන්න ගෑණු ලේ බොන උන්ට ලේ බොන්න ඉඩ දෙනවා. ශරීරයේ තැනක පොඩි කැපුමක් කලාම ගලා එන ‍රුධිරය කට තියලම උරලා බොනවා. අපි ප්‍රබන්ධ වල අහපු ඩ්‍රැකියුලා කථා සැබෑ වෙලා වගේ....

    ඩ්‍රැකියගෙ පුංචි පින්තූරයෙ වගේම මේ බොගේ උඩින්ම ඉන්න පිනතූරෙ කාගෙද...සෑහෙන කාලෙක ඉදන් අහන්න හිටිය පුරස්නයක් මේක....

    ReplyDelete
    Replies
    1. සිරා නං නිතරම මේ වගේ එව්ව ලියනවනෙ. ඉතිං උන්දැගෙ අගය කිරීම ගොඩක් දැනෙනවා.

      අර පින්තූරෙ ඉන්නෙ <a href="http://www.drackey.blogspot.com/2015/06/blog-post_30.html>ක්‍රිස්ටෝෆර් ලී </a>කියලා හාදයෙක්. ඩ්‍රක්‍යුලාට නැටුව උං ගෙං ජනප්ප්ප්‍රියම ගොයියා.

      Delete
  18. එල ද බ්‍රා
    උඔ ගැන දැනගෙන ඉන්න එක හොදයි..

    ReplyDelete
  19. ඩ්‍රැකී............ ඒකනම් මාර සිටෝරියක්."Dracula vs sherlock holmes"
    කව්න්ට් ඩ්‍රැක්‍යුලා එකපාරක් හෝම්ස්ට කියනවා...
    " මේ අහනවා ෂර්ලොක් හෝම්ස්.... භයානකදේ මරණය නෙමෙයි... ඊටත් වඩා බයානක අද්භූත දේවල් තියනවා.මගේ අද්භූත බලවේග වලින් දාහෙන් එකක් ක්‍රියාත්මක වෙද්දි ජොනතන් හාකර් පිස්සු වැටුණා... මගේ හමුදාව තමයි මළවුන්ගේ හමුදාව. උන් සීතල මිනී වලවල් වලින් නැගිටල එන්නේ.."
    කොයි කෝක කෝම උනත් එයත් ගනන්කාරයෙක් වගේ. අන්තිමට හෝම්ස් තමයි මාව මේ පැත්තට ඇද්දෙ. අන්තිමට පරම්පරාවම හම්බුනා. සුප්පා අනේ ඉතුරුටිකත් ඉක්මනිම්ම ඕනෙ. සුබපැතුම් ඩ්‍රැකී බ්‍රෝ

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි