ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

ඉස්කෝලෙ මහත්තුරු සහ බටගම

ඉස්කෝලෙ මහත්තුරුංගෙ සමාජ පසුබිම සහ රසකතා ටිකකුත් ඒ ලිපිය ලියද්දි මතුවෙච්ච කයිකතන්දර ගැනත් මුල් ලිපි දෙකක සඳහන්. එව්ව ලියල හිටං සෑහෙන කාලෙයක් යනකං මොකවත් ලියන්ඩ බැරි උනා. ඒකට හේතු කීපයක්: මයෙ බ්ලොග් එක ඕපන් කරල තප්පර ගානකිං පස්සෙ වෙන කොහෙද මංද පිටුවකට රීඩිරෙක්ට් වෙන්ඩ පටං අරං තිබ්බ. ඒක හදාගන්ඩ මං විදේශාධාරත් පැතුව. හරි ගියෙ නෑ. මේ ඊයෙ පෙරේද හදිස්සියෙ අපේ ගෙදර කඩා වැදුන සිරිබිරිස් එක්ක අටම. අටං මට කියපු ක්‍රමයක් අත්හදා බලන්ඩ ගිහිං ඕං කොහොම හරි දැනට නං බ්ලොග් එක ස්ථාවර මට්ටමක තියෙනව.

අටමව ඇදං අපේ ගේ හොයාගෙන ආව සිරිබිරිස් මට මසුරං කෝටියකටත් වඩා වටින පොත් දෙකක් තෑගි කරල, “දිගටම ලියපං...!“ කියල කිව්ව. ඉතිං ඒකෙං බ්ලොග් එක ලියන්ඩ මගඇරිච්ච තවත් හේතුවක් නැති වෙලා ගියා.

නොලියන්ඩ තව හේතුවක් උනේ, අපේ කන්තෝරු කාමර ටික කඩල අලුතිං පාටිෂන් කරන එක. ඒ වැඩේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ ඉබ්බන්ට බාර දීල නිසා, මාස ගාණක් තිස්සෙ කම්පියුටරයක් නැති පාලු කාමරේක, බෝනික්කෙක් වගේ මැඩම් කෙනෙක් එක්ක රාජකාරි කරන්ඩ වෙලා තිබීම. අනික් හේතුව තමයි, මගෙ රාජකාරි ජීවිතේ ලොකුම ටාගට් එක වුන එක්තරා විභාගෙකට ලෑස්ති වීම. ඉතිං තියෙන එක තප්පරේ උනත් ඒ විභාගෙට පාඩං කරන්ඩ වැය කරන තත්ත්වයක් තමා මේ දවස් වල තියෙන්නෙ.

කොහොම හරි, ඕං ආපහු ඉස්කෝලෙ මහත්තුරුංගෙ කතා...

දවසක් ඉස්කෝලෙ මහත්තේක්, පොල් ගෙඩ්ඩක් කඩාගන්ඩ කියල, වත්ත පහලට ගියා. ගිහිං පොල් ගහ යටට ගිහාමයි මතක් උනේ ගහට නගින්ඩ වලල්ලක් ඕනෙ නේද කියල. ඉතිං ආපහු ගෙදර යන්ඩයැ? වටපිට බලද්දි, ළග ගහක දිගේලි කරල ඉන්නව එළදෙන. ඉස්කෝලෙ මහත්තැන්ට ආව මරු අයිඩියා එකක්. උන්දැ ටක් ගාල එළදෙනගෙ කඹේ ලෙහා ගත්ත. ඒකෙන් හදාගත්ත වළල්ලක්. අනික් කොනේ එළදෙන ඉද්දිම උන්දැ වළල්ල දෙපයෙ දාගෙන නැග්ග ගහට. 

ගහට නැගල කඩන්ඩ උනේ එක පොල් ගෙඩියයි. ඒ ගෙඩිය වැටිච්ච සද්දෙට එළදෙන බය උනා.

එක පොල් ගෙඩියක් වැටෙන සද්දෙ නං කුස්සියෙ හිටිය හාමිනේට ඇහුන. ඊට පස්සෙ පොල් වල්ලම වැටෙන සද්දෙ තමා ඇහුනෙ. උන්දැ පොල් ටික දාගෙන එන්ඩ ගෝණියකුත් අරං යනකොට, පොල් ගහ ගාව තිබ්බෙ එක පොල් ගෙඩියයි. තව ටිකක් විපරං කරනකොට දැක්කෙ, වත්තෙ කෙරෝලෙ වැතිරිල ඉන්නව ඉස්කෝලෙ මහත්තෙය පිටයි බඩයි බරු ගහගෙන, එළදෙනගෙ ලණුවෙ කෙරෝල තාමත් උන්දැගෙ දෙපයෙ වෙළාගෙන...

තව දවසක් ඉස්කෝලෙ මහත්තේක්ගෙ කුඹුරෙ ගොයං පෑගිල්ල තිබ්බ. ඒ කාලෙ ඉතිං උදේ වරුවෙ ගොයං කපනව, හවස් වරුවෙ ගොයං ටික එක් - එක්කෙනා ඔළුව උඩ තියාගෙන කමතට අදිනව, ඒකට කියන්නෙ උප්පිඩි අදිනව කියල. රෑ තිස්සෙ හරකුන්ගෙන් කොළ මඩවනව. ඔය වැඩේට හොඳ පාළොස්වක කිට්ටු කරල. මොකද හඳපානෙ කරන්ඩ ඇහැකි. ඒත් මෙදා පොටේ අමාවක කිට්ටු කරල තිබ්බෙ.

ඉස්කෝල මහත්තෙය ගෙනාව හරිකේන් ලන්තෑරුමක්. ඒක කමත අයිනෙ තිබ්බ උණ ගහක (fever tree) මුදුනෙ ගැට ගහන්ඩයි උන්නැහැගෙ අදහස. එතකොට මුළු කමතම එළිය වෙයි...

http://2.bp.blogspot.com/_2vTmvABMLcY/
TJtuAvbSE_I/AAAAAAAAAYU/JwHkPN42zDU/
s1600/Lantern_Part3_22X15_100dpi.jpg
ඉතිං එයාගෙ උපදෙස් පරිදි, ඉළංදාරි ටික ගල් මාට්ටුවක් දැම්ම උසම උණගහේ මුදුනට. දාල, කට්ටියම එකතු වෙලා ගල් මාට්ටුවෙ ලණුවෙං ඇදල ඇදල, උණ ගහ පාත් කරගත්ත. ඉස්කෝලෙ මහත්තය, තමුංම එල්ලුව ලන්තෑරුම උණ ගහේ කරටියෙ. 

“හා දැං අතෑරපල්ල ළමයිනේ...“ කිව්ව විතරයි,

උණ ගහ එක පාරටම කෙළිං උනා, සීංංංංංංංං ගාගෙන ලන්තෑරුම උඩිං ගියා...

“මළ කෙළියයි...“ ඉස්කෝලෙ මහත්තෙයට කියවුනා. දැං කොහොමද කළුවරේ ලන්තෑරුම වැටිච්ච තැන හොයාගන්නෙ?

කල්පනා කරනකොට ඉස්කෝලෙ මහත්තෙයට තව මසුරං අයිඩියා එකක් ආව.

“ඔය උණ ගහ ආපහු පාත් කරපල්ල...“

ඉළංදාරි ටික ආපහු අර ළණුවෙ කොණෙං අල්ලල ඇදල උණ ගහ පාත් කළා. ඉස්කෝලෙ මහත්තෙය ගියා උණ ගහේ කරටිය ගාවට. ගිහිං කිව්ව,

“මං දැං මයෙ ගිරේ, මේ උණ කරටියෙං තියනව. මං අතැරපල්ල කියනකොට, අර ඉස්සෙල්ල වගේම එකපාරට උණ ගහ අතෑරපල්ල, එතකොට, මේ ගිරේ ගිහිං වැටෙන්නෙ අර ලන්තෑරුම වැටිච්ච තැනටමයි. ගිරේ ළන්තෑරුමේ වැදෙන සද්දෙං අපිට දෙකම හොයාගන්ඩැහැකි....“

කලිං වගේම, ගිරෙත් සීංංංංංංංං ගාගෙන උඩිං ගියා විතරයි කවුරුත් දැක්කෙ.

“ඊට පස්සෙ ගුරාවත් උණගහේ නග්ගල ඇරියද දන්නෑ, ගිහිං ලන්තෑරුමයි ගිරෙයි දෙකම හොයාගෙන වරෙං කියල...“ කියල, ඔය කතාව අපිට කියපු එකාට සෝබනෙය (මයෙ අතිජාත යාළුවෙකි - අර සිරිමහත්තෙයට පහක් දැම්මෙ, ආං ඌ...) කිව්ව.

මේ ලන්තෑරුමේ කතාව සිද්ද උනේ බටගමයි කියල, මගෙ බටගම යාළුවෙක් කිව්ව. ඌ මතක් උන වෙලේ බටගම ගැනත් කතා ටිකක් ඔළුවට ආව.

දවසක් බටගම පවුලක්, කකුළුවො ටිකක් ගෙනත් උයන්ඩ. උං ටික උයන්ඩ ගන්නකොටම, අල්ලපු ගෙදර වලියක් ගිහිං. ඉතිං මුං ටික, කකුළුවො ටික පෙට්ටියකට දාල, වලිය නරඹන්ඩ ගිහිං. ආපහු ඇවිත් බලනකොට කකුළුවො ටික නෑ. උං ටික පෙට්ටියෙං බැහැල යන්ඩ ගිහිං.

ඉතිං ගෙදර මනුස්සයයි, පුතයි ගිහිං ඉන්නවලු බටගම හංදියෙ. 

“කොහෙං ගියත්, ආපහු මීගමුවට යන්ඩ, හංදිය හරහ යන්ඩ එපැයි. ආදෙංකො ඔය කකුලුවො ටික...!“ කිය කියා ඉන්නවලු දෙන්නත් එක්ක.

තව දවසක් බටගම පල්ලියෙ කොඩි ගහ ඉස්සුවලු කට්ටිය එකතු වෙලා, හතර අතිං ලනු දාල නෙ ඔය කොඩි ගහ උස්සන්නෙ...

කොහොම හරි මිනිස්සු ටික සෑහෙන්ඩ මහන්සි වෙලා අන්තිමේ කොඩි ගහ කෙළිං වෙච්ච ගමංම, සන්තෝසෙ වැඩි කමට කෂ්ඨිය ලණු ටික අතෑරල අප්පුඩි ගහන්ඩයි විසිල් ගහන්ඩයි ගත්තලු.

බටගම උදවිය පොල් කඩන්නෙ කෙක්කෙං. හැබැයි බිම ඉඳල පැහිච්ච පොල් වල්ල තෝරගන්ඩ දන් නෑ. ඉතිං කරන්නෙ, එකෙක් ලොකු රෙදි පටියක් අරං ගහට නගිනව. නැගල, පොල් ගෙඩි හොල්ලල බලල, පැහිච්ච වල්ල තොරගන්නව. පැහිච්ච වල්ලෙ බූ නැට්ටෙ රෙදි පටිය ගැටගහනව, පහළට පේන්ඩ. ඊට පස්සෙ ගහෙං බහිනව. දැං බිම ඉඳං නියම පොල් වල්ල කෙක්කෙං කැඩුවහැකි.

පුවක් කඩන්නෙ නං එහෙම නෙමෙයි. එකෙක් දිග ලණුවක් අරං ගහට නගිනව. ලණුව ගහේ කරටියට ආසන්නයෙ ගැට ගහනව. පස්සෙ බිමට බැහැල, කට්ටිය එකතු වෙලා ඇදල ඇදල, පුවක් ගහ බිමට නමා ගන්නව. ඊට පස්සෙ බිම ඉඳං අතිං පුවක් ටික කඩා ගන්නව. ඊට පස්සෙ ලණුව ලෙහා ගන්නව. එතකොට සිරිංංං ගාල කෙළිං වෙන පුවක් ගහේ තියෙන ලපටි පුවක් වලු ඔක්කොම සීසීකඩ...

තව දවසක් ගහක් කපද්දි, ගහ කපල කරත්තෙට පටෝ ගන්ඩ කම්මැළිකමට, ගහ මුලට කරත්තෙ රිවස් කරල, කරත්තෙ උඩට ගහ කැපුවයි කියලත් කියනව. 

ඕනෙම ගමක මෝඩ කං කරන මිනිස්සු ඉන්නව. මේ කතා ලිව්වෙ ව්‍යවහාරෙ තියෙන විදිහටයි. නැතුව මගෙ තුං හිතකවත් නෑ මේ ගම විශේෂ කරල අපහාස කරන්වඩත් උපහාසයට ලක්කරන්ඩවත් අදහසක්. එහෙනං ඉස්කෝල මහත්තුරු ගැන මයෙ මුල්ම කතාවෙ මං ලියල තියෙන්නෙ අපේ ගමේ උන්න කීප දෙනෙක් ගැන?

මේ අර මං පළවෙනි කොටසෙ කිව්වෙ,
මං ඇඳපු බෝඩ් එක.
මේක තමයි අර එවරස්ට් කන්ද මුදුනෙ
වැටක ගහන්ඩ හොඳයි කියල
ජිනදාස මහත්තෙය කවියෙං ලියල දුන්න එක. 
පහුගිය පෝස්ට් දෙකට ලිංක් මෙන්න:

ඉස්කෝල‍ෙ මහත්තුරු සහ තවත් කතා
ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

මේකෙං පස්සෙ ආයෙම ලියන්ඩ වෙන්නෙ ගොඩක් වෙලාවට අර විභාගෙං පස්සෙය. ඒනිසා එතෙක් මට සමු දෙන්ඩ ය. තව මාස දෙක තුනයි ය. වැඩිම උනොත් සැත්තැම්බර් වෙයි... ඊට පස්සෙ මං ආයෙම ෆුලි ලෝඩඩ් ය. කොහෙම හරි ඒ අතරෙ කමෙන්ට් වලට උත්තර දෙඤ්ඤං ය...

Comments

  1. එකෙක්ටවත් එක වෙන්ඩ දෙන් නෑ මං. එහෙම කොහොමද? මං මෙච්චර කට්ට කාගෙන බ්ලොග හරිගස්සගෙන ලියපු පෝස්ටුවෙ වෙන කාටවත් එක වෙන්ඩ දෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. තොට னයා ම ගහපිය. හැක්..

      Delete
    2. හූ හූ ප්‍රසඤ්ඤයෝ...!! ඇද්ද ටොට...? ඇද්ද...?

      සෙන්න දන්නැද්ද னයාට ටෝච් එකෙං ගැහුව සීන් එක?

      Delete
  2. මසුරං කතා ටික... පොල් ගහට නැගපු එකත් බටගම කතාවක් වගේ. ..

    ReplyDelete
    Replies
    1. ටැංකිව් සෙන්න, ටැංකිව්! අර කතාවත් බටගම වෙන්ඩ ඕනෙ. මූලාශ්‍ර නැති හිංද මොකුත් කියන්ඩ බෑ...

      Delete
  3. කියවලා එන්නම් ,,,,අම්මෝ ඇති යාන්තම් මේක හදා ගත්තා ....

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ සිංදු... කාලෙකිං ගමරට ආව වගේ දැනෙනව මටත්...

      Delete
  4. කොච්චර රසවත් කතා ද ඩ්‍රැකී ඒත් අවදානමක් තියනව. ඉස්කෝලෙ මහත්තුරුන්ට කේන්ති යන්ඩ පුළුවන් ඒ හන්ද පරෙස්සමින්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගුණසිංහ මහත්තෙය. ලොකු අවුලක් නෑ. දැං ඉන්නෙ ඉස්කෝලෙ මහත්තුරුංගෙ මුණුබුරු පරම්පරාව.

      Delete
  5. කකුළු කථාව No 1

    ReplyDelete
    Replies
    1. ඉතිං ඉයනුයි ලොකු පුතයි හංදියෙ ඉඳං අල්ලගත්තද කකුළුවො ටික?

      Delete
  6. ඔය කකුළු කතාව මීරිගම හල්පෙ කියන ගමේ වෙච්ච සිද්දියක් විදිහට පොතක තිබ්බ. දවසක් අපේ ඉස්කෝලෙ එවුන් එක්ක යාළුවෙක්ගෙ ගෙදර ගිහින් හල්පෙ බෝක්කුවක් උඩ ඉදගෙන පාරෙ යන එවුන්ට ඇහෙන්ඩ " කකුළුවො මීගමු යනකම් , මේ බෝක්කුව උඩ රැක්කෙ " කිය කිය ඉදල ගමේ සෙට් එකක් ගහන්ඩ ආව.
    .....ආ කියන්ඩ අමතක වෙනව තව පොඩ්ඩෙන්... ඒ ගමේ මිනිස්සු තමයි අහල පහල ගම් වලින් හොදට මෝරපු ගස්ලබු ගස් සල්ලිවලට අරගෙන කරත්ත වල පටෝගෙන මොරටු ගියේ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං වෙල අයිනෙ තොරණ බැන්දේ,හඳට පොලු ගැහුවෙ හල්පෙ උදවිය නේද?

      Delete
    2. පට්ට කම්මො... මං අදමයි ඇහුවෙ හල්පෙ ගැනත් එහෙම කතා තියෙනව කියල. කම්මල් හාමිනේ හල්පෙ කෙනෙක්නේ?

      හැලපය්යෙ, හඳට පොලු ගැහුව කතාව නං අපේ තාත්ත කියල තියෙනව. තොරණෙ කතාව දන්නෑ...

      Delete
  7. Replies
    1. ටැංකිව් වාසි... (ඔයාගෙ අම්ම ද සෙලින් ඩියෝන්?)

      Delete
  8. තුම්පනේ වගේ නේද?

    වැලිවිට (තුම්පනේ ප්‍රදේශයේ) ශ්‍රී සරණංකර හාමුදුරුවෝ බල්ලන්ට දානයක් දෙන්න ගිහින් වුන අකරතැබ්බයක් අහපු රජ්ජුරුවො "සංඝරාජ වුනත් තුම්පනේ නෙ" කියල කිව්වලු.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්ත ඉස්සර කියනව කවි පදයක්, “අටුළු බැඳල වී ඉස්සලු - තුම්පනෙ මරි පිස්සෝ“ කියල

      Delete
  9. ඩ්‍රැකියා ආයිමත් දකින්ට ලැබිච්ච එක කොච්චර දෙයක්ද.. මං හිතං උන්නෙ ඉස්කෝලෙ මහත්තුරු ගැන ලියාපු කතා කියවපු ඉස්කෝලෙ මහත්තුරු වගයක් ඇවිදිල්ලා ඩ්‍රැකියාට ගේමක් දීලා කියලයි..

    ReplyDelete
    Replies
    1. අම්මෝ බුරා... අපිව මතකයි නේ?

      //ඩ්‍රැකියාට ගේමක් දීලා//
      අන්තිමට ගේමක් ගැහුවෙ 2012 දි විතර DUKE NUKEM FOREVER ඊට පස්සෙ ගේමක් ඇහැට දැක්කෙ නෑ...

      Delete
  10. උඹ ආයෙ මේ මලදානෙ අටොගත්තද.
    ඇත්ත කියහං හරකගෙ කඹෙං වලල්ල හදාගෙන ගහට නැග්ගෙ බොලා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. මං තමයි ගහට නැග්ගෙ... (මොකටද මයෙ කට ඉතිං...?)

      උඹ නැග්ගනං වලල්ල ගහ මුල නෙ...

      Delete
    2. වල්ලත් ගහ මුල

      Delete
    3. මෙන්ඩො,

      ප්‍රසා ගෙ ලේන්තැරි වල්ල ගැනද කිව්වෙ?

      ප්‍රසෝ,

      නයා අඹරල ගත්ත දරණුවක් ගහන්ඩ...

      Delete
  11. මේ ටෙම්පලේට් එකනං හෙන ගොං බං

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං. ඒ උනාට වෙනස් කරපු ගමං බ්ලොග් එක අයාලෙ යනව

      Delete
    2. ගැජට් බැජට් නොදා ටෙම්පලේට් එක විතරක් දාහං .... අවුලක් වෙන්නේ නැ

      Delete
    3. මේ දැං කොල්ල බැලුව. හරියන්නෑ... ටැංකිව් එනිවේ

      Delete
  12. ලන්තෑරුං කතාවයි කකුලු කතාවයි මහදැනමුත්තගෙ නෙවෙයිද?
    අර කොඩිගහේ කතාවත් වෙන ගමකට (හල්පෙ- මීගමුව කටාන පැත්තෙ) අදාලව අහල තියනව :)

    ReplyDelete
    Replies
    1. මහදැනමුත්තගෙ කතා අතරෙ ඔව්වත් තිබුනද? මං අහල නෑ අලි...

      ගම්වල කතා නං ඉතිං, එක ගමක වෙච්ච දෙයක් පස්සෙ කටිං කට යන කොට ගමේ නම, මිනිස්සුංගෙ නම් ආදිය වෙනස් වෙලා ලුණු ඇඹුල් එහෙමත් එකතු වෙනවනෙ. සමහරවිට හල්පෙ වෙන්ඩැති. අර උඩ කම්මලත් කියල තියෙන්නෙ...

      Delete
  13. මේ සීරිස් එකත් ගජබින්නාලංකාරය වගේම මගේ ශ්‍රී ලංකා විත්ති එකේ පළ කළාට කමක් නැද්ද ?
    www.lankaviththi.us

    ReplyDelete
    Replies
    1. කලිං වගේ, මයෙ බ්ලොග් එකේ ලිංක් එකක් එක්ක පළකරන්න නිහාල්. මම ඒක ගෞරවයක් වශයෙන් සළකනව.

      Delete
  14. ඔක්කොටෝම වැඩිය විභාගේ වටිනවා නොවැ. ඒ හින්දා විභාගෙට ලියල ඉවර කොරල බොලොග් එකට ලියන්න පටන් ගත්තනම් නුවණට හුරුයි .

    සුදුකුකුලා

    ReplyDelete
    Replies
    1. ඇත්ත සුදු කොක්කො... ගොඩක් ස්තූතියි...!

      Delete
  15. මට උබට කුනහරුපෙන් බනින්න තියනවනම්
    විබාගේ හින්දා ඉවසනවා ..
    ඉවසන දනා රුප යුදයට නැති කඩුව කොස් කොටන්නද
    කියලා පුරාණ පඩිවරු කියලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. උඹ කුණුහරුපත් දන්නවද බං. ඒ උනාට ඒව අර 18 කණුවෙ කෙල්ලන්ට එහෙම කියනව නෙමෙයි.
      එහෙම උනොත් ගහෙන් වැටුන මිනිහගෙ ඔළුවට දේවාලෙ කඩා වැටිල වඳින්න ගිය එකාට ගොනා ඇන්න වගේ වෙයි.

      Delete
    2. මෙන්ඩොං,

      හා උඹ දන්න ලොකුම කුණුහරුපෙ කියහං බලන්ඩ.

      අර කියමන ඔහෙම නෙමෙයි කියන්නෙ.

      “ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන කුකුළට කොයි කොටුවත් එක යායට මල් පීදුනු බිම් තීරේ...“

      එහෙමත් නැත්තං, “ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් ඇති තැනටමයි ලු බත්...“

      ප්‍රසෝ,

      අනේ ඕක දන්න කුණුහරුප බං. මං කියන්ඩද කුණුහරුප?

      තෝ

      බැල්ලි

      ගෑණි

      උඹ

      Delete
    3. සමනලයා , පලයන්න , උබ තෝ
      බලපන් මම දන්න කුණුහරුප

      Delete
    4. උඹ ඔය ටික ඉගෙනගත්තෙ සදුවගෙන්ද? පුංචි මෙන්ඩගෙන්ද?

      Delete
  16. මම නම් වැඩිය ඔය කතා අහල නෑ බං. කකුළු මීගමු යන කතාව නම් අහල තියෙනව මතකයි. ඔය හැලපෙ අයිය කියන හඳට ගල් ගහපු කතාව නම්, ඉස්කෝලෙ යන කාලෙ අපෙ පන්තියෙ හිටිය වෙන පළාතකින් ආපු කොල්ලෙකුට කියනව ‘‘බොලා ඉතිං හඳටත් ගල්ගහපු එවුන්නේ‘‘ ‘‘මොරවක් කෝරලේ ඉන්නෙ ඉතිං හඳටත් ගල්ගහපු එවුන්නේ‘‘ වගේ කතා. සමහර විට කාලයත් එක්ක කටින් කට එන ඔය කතා මිනිස්සු අතින් විවිධ වෙනස්කම්වලට ලක්වෙනව ඇති.

    බෝනික්කො ළමයින්ට සෙල්ලමට හොඳ උනාට මැඩම්ල උනාම නම් ඉතිං මළඇණයක්. හෙහ් හෙහ්.... අර විභාගෙ හොඳට කරගනින්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඩීඩීටී. සෑහෙන කාලෙකිං දැක්කෙ...

      අර කිව්ව වගේ, එක්තරා ගමක වෙච්ච පොඩි කතාවක් ඊට පස්සෙ කටිං කට යනකොට, ගමේ නම, මිනිස්සුංගෙ නම් එහෙම වෙනස් වෙනව.

      නෑ, මං කිව්ව මැඩම් නං එහෙම ඇණයක් නෙවෙයි. හෙණ ජොලි මනුස්ස පරාණයක්.

      Delete
  17. ඔහොම ස්කොල මහත්තුරු නිසා තමයි රට මෙහෙම තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දාහං මල්ලි පහක්...!

      Delete
  18. මාත් ඉඳ හිට මේ පැත්තෙ ඇවිත් යනවා, කියෝල නොලියා. අද ලියන්න හිතුනා. බ්ලොග් ලෝකෙ හිඳිල වගෙ. ලියන්නෝ අඩුයි.

    ReplyDelete
    Replies
    1. සරත් දැක්ක කල්...! ඔබතුමත් ලියන්නෑනේ ?

      Delete
    2. අයියන්ඩි ඔයා ලියන්නේ නැති එක නම් ලොකු අඩුවක්

      Delete
    3. ලියන්න ආසයි ලියන්න දේ බොහෝයි. ඒත් ලියන්න නම් මේ රස්සාවෙන් නිදහස් වෙන්න වෙනවාමයි. එකපැත්තකින් මං ලියන එව්ව මාවම කාවි ලිවුවොත්.ඇත්ත තිත්තයි. අනිත් පැත්තෙන් දවසෙ පැය දොලහකටත් වඩා වැඩ කලාම කෝ වෙලාවක් ලියන්න ?

      Delete
    4. //මං ලියන එව්ව මාවම කාවි ලිවුවොත්.ඇත්ත තිත්තයි.//

      මේක නේද ඇත්තම හේතුව?

      ළඟදි ලංකාවට ආවෙ නැද්ද? දකින්ඩත් ආසයි අප්ප...

      Delete
  19. විබාගේ ජයවේවා

    ReplyDelete
    Replies
    1. ටැංකිව් මෙන්ඩො...! ඒක ගොඩක් දැණුන

      Delete
  20. னයා මේ පැත්තෙ ඇවිල්ල ගියා හිටං.

    ReplyDelete
    Replies
    1. හිටං ගියා කිව්වෙ?

      Delete
  21. අම්බෝ ඇති ඩ්‍රැක්‍යු ඇවිත්.... ආයෙ ඉතින් ජගබින්න වලට හොඳ කලක් යාවි. බ්ලඩි ට්‍රාන්ස්ෆර් කරගන්නද ආවෙ?

    ReplyDelete
    Replies
    1. ආාා... සුජී... කෝමද ඉතිං...? මොනවද අලුත් තොරතුරු?

      “බ්ලඩි“ ට්‍රාන්ස්ෆර් එකක් නං බලාපොරොත්තු වෙනව... ඒත් මට අනුප්‍රාප්තිකය කියල හාදයෙක් හොයල දෙන්ඩය කියනවනෙ, මාරු වෙලා යන්ඩ කලිං...

      Delete
  22. ඔය බටගම තියෙන්නේ කඳාන කිට්ටුව නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව්. ජාඇල - කඳාන පැත්තෙ...

      Delete
    2. කදානේ බටගං දෙකයි

      උතුර සහ දකුන

      තව බටගං තියනවා

      Delete

Post a Comment

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ගොඩක්ම කියවපු ලිපි

ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

ඒක්තරා අැත්ත කතාවක්...

හැම දෙවියනේ පුළුවන්නං රකෝ රකෝ ! - මගේ පුස්තකාලයෙන්...

ගජබින්නාලංකාරය 15 වන කොටස...

මෝසෙස් ගේ දෙවියන් සහ ජේසුස් ගේ දෙවියන්...

සාගරයක් මැද - අමන රටක් ඇත... (සිසිර කුමාර මානික්ක ආරච්චිගේ තවත් පොතක්)

ගමයගෙ මන්තරේ... ලංකාවෙ ජනකතාවකි.

හොඳම කම්මැලියා - කැකිල්ලේ කතා...

ඩ්‍රැක්‍යුලාගෙන් පසු - Dracula the Historical Figure - Final Part

ලබ්බෙ මගුල