http://srilankabudhisttours.com/images/services/service-md-02.jpg |
ඒ අනුව අර භික්ෂූන් පිටිසර ගමක් ආසන්නයේ තිබුණු වන රොදක් තෝරාගත්තා, තමන්ගේ වාසයට.
ඔය වනයේ සිටි රුක් දෙවිවරු (කතාවෙ තියෙන්නෙ රුක් දෙවිවරු කියල... සමහර විට වනයේ වාසය කරපු මනුෂ්‍යයන් විය හැකියි.) මේ භික්ෂූන් ගැවසීමෙන් තමන්ගෙ වැඩ වලට බාධා වෙන නිසා, ඔවුන් බය කර එළවාගන්නට එක එක දේවල් කළා. මළකඳන්, අමනුෂ්‍ය රූප ආදිය වනයේ තැන් තැන් වල පෙනෙන්නට සැළැස්සුවා. ඉවසන්න බැරි භයානක ශබ්ද, පිළිකුල් සහගත දුගඳ, වනයේ පැතිරෙව්වා.
මේවා ඉවසන්න බැරි වුනු හාමුදුරුවරු, ආපහු බුදුන් ළඟට ඇවිත්, තමන්ට වුනු උපද්‍රවය එතුමා එක්ක කතා කළා.
බුදුන් ඒ අයට කිව්වා:
මෙන්න ඔබට ආයුධයක්... මේ විදිහෙ ගති පැවතුම් සහ සිතුවිලි ඇති කරගන්න...
යහපත (අර්ථය) සළසා ගන්නට කරන්නට ඇති දේ, මේ කියන කුසලතා අත්කර ගැනීමයි.
ඒ ශාන්ත පදය (නිවන) අත් කරගැනීමට නම්,
හැකියාව ඇති (දක්ෂ)
සෘජු හෙවත් අවංක,
තව තවත් අවංක,
සුවච (ආලවක දමනයේදි බුදුන් භාවිත කළ හැකියාව),
මෘදු සහ නිහතමානී
ලද දෙයින් සතුටු වන,
පහසුවෙන් රැකිය හැකි (අල්පේච්ඡ),
අල්ප වූ කටයුතු ඇති,
සැහැල්ලු පැවතුම් ඇති
සන්සුන් ඉඳුරන් ඇති
ඥානවන්ත
සාහසික හෝ රළු නොවන (ප්‍රගල්භ නොවන)
කුලයට හෙවත් පවුල්වලට (දායකයන්ගේ පවුල්වලට) නොඇලුණු
අනෙක් නුවණැත්තන්ගේ ගැරහීමට ලක් විය හැකි අන්දමේ සමාචාරයක් සුළුවෙන් හෝ නැති
කායිකව මානසිකව සුවෙන් සිටින
බිය නැති
යන ගති ඇති කරගැනීම මැනවි...
සියලු සත්ත්වයෝ සුවපත් වේවා!
පණ ඇතියවුන් කොයි තරමක් සිටීද, ඒ තාක් දෙනා,
තැතිගැනීමක් ඇති හෝ
ස්ථාවර හෙවත් තැතිගැනීමක් නැති (රහතුන් වැනි) අය
කිසිවෙක් අවශේෂ නොවී
උස් හෝ මහත් හෝ මධ්‍යම ප්‍රමාණයේ හෝ කෙටි හෝ ඉතා සියුම් ප්‍රමාණයේ හෝ ස්ථූල හෝ වන සත්ත්වයන්,
ඇසට පෙනෙන හෝ නොපෙනෙන හෝ
දුර හෝ නුදුරේ වසන
දැනට හටගෙන සිටින හෝ හටගන්නට සිටින හෝ,
සියලු සත්ත්වයෝ සුවපත් වේවා!
එකෙක් තවෙකෙකුට වංචා නොකෙරේවා!
හෙළා නොදකීවා! (පහත් කොට සැළකීමක් නොකෙරේවා!)
කොතැනක හෝ සිටින කිසිවෙක් රෝෂය (කෝපය) ඇති කරගෙන
ගැටීමක් ඇති කරගන්නා අදහසින්
එකෙක් අනෙකෙකු දුකට පත් වීම අරමුණු නොකිරීම මැනවි
පුතෙකු ඇති යම් මවක් තම පණ මෙන් එම පුතා ආරක්ෂා කරයිද,
ඒ ආකාරයෙන්ම සියලු සත්ත්වයන්ට
අපරිමිත (සීමාවක් නැති) මනසක් ඇති කරගන්න
ඉහළටද, පහළටද, තිරස් අතට ද බාධාවකින් තොරව
වෛරෙයන් තොරව, සතුරු බවකින් තොරව
සකල ලෝකය වෙත මෛත්‍රිය පතුරවා
සීමාවක් නැති මනසක් ඇති කරගන්න
සිටගෙන සිටින විටදී ද, යන එන විටදී ද, හිඳගෙන සිටින විටදී ද, සයනය කරන විටදී ද,
අවදියෙන් සිටින සෑම විටකම
මෙසේ සිහිය අධිෂ්ඨාන කරගන්න
මෙසේ ජීවත් වීම උතුම් විහරණයක් යැයි කියනු ලැබේ
මම ය මාගේ ය යනුවෙන් ආත්මයක් ගැන දෘෂ්ඨියකට නොගොස්
සිල්වත් වන තැනැත්තා
නිවැරදි ආකාරයෙන් දකියි
කාමයන්හි ඇලීම දුරු කරගනියි
නැවත මවු ගැබක සැතපීමක් ඔහුට නැත
මේ දේශනාව තිබුණෙ අපි කවුරුත් වගේ කටපාඩමින් දන්න සූත්‍රයක... ඒ තමයි කරණීය මෙත්ත සූත්‍රය.
මේ සූත්‍රය කියවල තේරුම්ගත්තහම තේරෙන එක දෙයක් තමයි, මම කලිනුත් කීපවිටක්ම කියල තියෙනව වගේ, මේ සූත්‍රයත් තේරුමක් නැතුව පාලි පෙළ සජ්ඣායනා කිරීමෙන් නෙවෙයි, තේරුම දැනගෙන ඒකෙ කියන විදිහට තමන්ගෙ ගති, පැවතුම් සහ ආකල්ප සකස් කරගැනීමෙන් බයක් නැතුව ඕනෑම තැනක ජීවත් වෙන්න පුළුවන් ය කියන ඒක
සිංහල බෞද්ධයන්ට පහුගිය කාලය පුරාමත් දැනටත් ලොකු බයක් ඇති වෙලා තියෙනව කියල පේනව ෆේස්බුක් ප්‍රධාන කොටගෙන සමාජය පුරා පැතිරී තියෙන මතවාද දකින කොට. බෞද්ධයන් වීම ගැන කාර් එකේ, වෑන් එකේ, ත්‍රී වීල් එකේ පිටිපස්සෙ ආඩම්බර වෙන උදවියට, වඩා හොඳයි බුදුන් දෙසා ඇති ක්‍රමවේද අනුගමනය කිරීම.
නැද්ද?
bududhahama.blogspot.com/2012/08/blog-post_5912.html
https://www.facebook.com/methmaga/posts/1427046727309840:0

http://i.imgur.com/Y0oYJfS.jpg |
ආශ්‍රිත තැන්:
http://bodudam.blogspot.com/2014/12/blog-post_18.htmlbududhahama.blogspot.com/2012/08/blog-post_5912.html
https://www.facebook.com/methmaga/posts/1427046727309840:0
හොඳ ලිපියක්......
ReplyDeleteස්තූතියි මල්ලි...
DeleteHarima watina post eka.Me Karaneeya meththa sutra pariwarthanaya onama kenekuta hondin therum ganna tharamata bhashawa saralayi!
ReplyDeleteගොඩක් ස්තූතියි. සූත්‍ර දේශනා වල තියෙන එකම බාධාව තමා සාමාන්‍ය
Deleteමිනිස්සුන්ට තේරෙන්නැති කම. ඒකයි සරළව දාන්න උත්සාහ කළේ...
ඇත්තෙන් ම අප මුහුන දෙන එක ඛෙදවාචකයක් කමයි, බුදු දහමින් අප ට දෙන මඟ පෙන්වීම්, බොහෝ දෙනා විසින් ග්‍රහණය කර නොගැනීම. අප එදිනෙදා මුහුණ දෙන බොහෝ වියවුල්වලට පවා විසඳුම් විවිධ සූත්‍රයන් තුල ගැබ් වී තිබෙනවා. කුඩා කල පටන්, කිසිවකුට ඒවායේ නිසි ආභාෂය ලැබිය හැකි නම් ජීවිතයේ ඉදිරි කාලයේදී ප්‍රශ්න හමුවේ වල්මත් වන්නෙ නැහැ.
ReplyDeleteමේ කරණීය මෙත්ත සූත්‍රය වුවත් ඒවගෙයි. සමහර අනතුරුදායක පසුබිම්වලදි හිතාගන්න බැරි විදියට අපට ආරක්ෂාව සැලසෙන්නෙ, අපේ සිතිවිලි හැකි තරම් දුරට ඊට (මේ සූත්‍ර යේ කියවෙන උපදෙස්වලට) අනුකූල ව හැඩ ගසාගෙන තිබීම වෙන්න ඇති කියා හිතෙනවා.
ඇත්ත... මට හිතෙන්නෙ හැබැයි, කරණීය මෙත්ත සූත්‍රෙයන් අපි ආරක්ෂා වෙනවට වඩා, ඒකෙ තියෙන විදිහෙ මනුස්සයෙක් උනහම සමාජයෙ ජීවත් වෙන්න ලේසියි කියන එකයි. ඔය කියන විදිහෙ මනුස්සයෙකුට කවදාවත් සතුරෙක් ඇති වෙන්නෙ නෑ. ඒ වගේම දිනෙන් දිනම දියුණු වෙනව. කළකිරීම් ඇති වෙන්නෙ නෑ අල්පේච්ඡ නිසා... ඔය වගේ...
Deleteඔව්. මම අදහස් කළෙත් ඒකයි. කිසියම් ගුප්ත ආකාරයනට ඇති වන ආරක්ෂාවක් නොවෙයි. අපේ සිතිවිලි මේ කියන ආකාරයට හැඩ ගස්වා ගත්තා ම සියලු දෙනා ම මිතුරන් වෙනවා.කලාතුරකින් හෝ සතුරන් ඇති වුවත්, ඒ සතුරුකම් වැඩිකල් පවතින්නෙ නෑ. මෙය සතුන් ගෙන් අනතුරු නොවීමටත් හේතු වන බව පැහැදිළියි. අපගෙන් තමාට හිරිහැරයක් නොවන බව අවබෝධ කර ගත් විට ඔවුන් අනතුරු කරන්නේ නැහැ. (අඩුම වශයෙන් ගතහොත්, තරමක් බුද්ධිමත් සතුන් වත්) වන සතුන් බහුල ප්‍රදේශයක මේ වන විට රාජකාරියක යෙදී සිටින මා එය අත් දැක තිබෙනවා.
Deleteහරියටම හරි ලොකු අයියෙ... ඒකම තමයි මාත් අදහස් කළේ.
Deleteඅද දන්සැල් කන්ඩ යන්නේ නැද්ද
ReplyDeleteඅයිස්ක්‍රීම් දංසැලක් නං තියෙනව අල්ලපු ගමේ. එච්චරයි තියෙන්නෙ මේ පාර. අවුරුදු කටේනෙ වෙසක් ආවෙ. පොසොන් එකට ඇරියස් පිටිං අල්ලනව. අදට කොසුයි බතුයි තම්බගෙන කෑව...
Deleteබුදුන් වහන්සේ වදාල සියලුම දේ සජ්ජායනා කිරීමට නොව ප්‍රගුන කිරීමටයි සජ්ජායනා කිරීම මතකයේ තබා ගනීමටයි.
ReplyDeleteඇත්ත... මටත් ඒක තේරුණේ ඔබතුමාගෙ කමෙන්ට් එකෙන් පස්සෙයි හරියටම.
Deleteසන්නිවේදනය විතරක් නෙවෙයි භාෂාවක කාර්යය. වෙලාවකට අභිචාර විධි වලටත් භාෂාවක් යොදාගන්නව. ඒ වගේම දැනුම සංරක්ෂණයට සහ පරම්පරානුගතව පැවතීමට. ඔය අරමුණු පරම්පරා ගාණක් යද්දි වෙනස් වෙනව. ඒකයි කාලෙකට කලින් මතු පරපුරට උරුමකර දෙන්ඩ කටපාඩම් කරවපු පාඨ, පසුකාලෙකදි අභිචාර විධි විදිහට භාවිත වෙන්නෙ.
අනික, අභිචාර විධියක් සාර්ථක වෙන්ඩනම්, ඒ පාඨ තේරුම්ගැනීමේ හැකියාව අල්ප වෙන්ඩ ඕනෙ...
ඔය සූත්‍ර, ගාථා කියන්නං වාලෙ කටපාඩමෙන් කියන්නැතුව ඒවායෙ අර්ථය තේරුම් ගැනීම තමයි නියම බුදු දහම ඉගෙනීම කියන්නෙ. වැදගත් ලිපියක්.
ReplyDeleteපේනවනෙ... මෙහෙම උන්නට, මගෙං ටෝච් පාරක් කනවය කියන්නෙත් සුළුපටු ගෞරවයක් නෙවෙයි...
Deleteවෙසක් කියල නෑ මුචලින්ද னයා හරි ඉන්නව. හැක්..
ReplyDeleteඅනේ හැබෑට... ඒකාලෙ නයින්ටත් නං දාපු උදවිය ඉන්දියාවෙ උන්නෙ
Delete+++++++++++++++
ReplyDeleteතඩියගෙ සයිස් එකට නෙවෙයි වැට!
Deleteවටිනව
ReplyDeleteමටත් සතුටුයි මේකවත් ලියාගන්ඩ ලැබීම ගැන
Deleteහෑ, එතකොට වාලම්පූරි, කතරගම ප්ලාස්ටික් මල්මාලා, ඩෑශ්බෝර්ඩ් එකේ පිලිම ගස් දාගැබ්, මිරිස්, දෙහි වගේ අති විසිස්ට ආරස්සා ඕනෙ නැද්ද?
ReplyDeleteඒවව නැතුව කොහොමද මයෙ අම්මේ... අවුරුදු පන්දාහක විතර සඟිස්කුරුතෙ ආරස්සා කොරගන්ඩ ඕනෙ. බුදු හාමුදුරුවො ආපිට මෙහෙ ආවත් එව්ව වෙනස් කොරනව සුම්මා...
Deleteප්‍රා දන්නවද ඕනෙම වාහනේක, ස්ටේට් ඔෆ් ආට් වාහනයක උනත් හොඳම සේෆ්ටි යුනිට් එක හදන්නෙ ලංකාවෙ කියල?
ගොඩක් ස්තූතියි මේ ලිපියට.... බොහොම වටිනා ලිපියක්.... සියයට සියයක් එකගයි ....
ReplyDeleteගොඩක් ස්තූතියි කමෙන්ට් එකට. එකඟ නොවෙන තැන් තිබුණනං තමා සංවාදයක් ගොඩනැගෙන්නෙ. මම ඒ වගේ තැන් වලදි යමක් ඉගෙනගන්නව...
Deleteවටිනවා
ReplyDeleteකොල්ල දැක්ක කල්...!
Deleteela.................
ReplyDeleteHappy Birthday!
Deleteවැදගත් ලිපියක් අයියේ. ඉතාමත් සරලව තේරෙන විදියට ඕනිම කෙනෙක්ට සටහන ලියලා. ඇත්තටම ගොඩක් සතුටුයි.දිගටම ලියන්න.ජය !
ReplyDeleteගොඩක් ස්තූතියි ටීචර් නෝනා...
Deleteපන්සිල් පද පහෙන් එකක්වත් රකිනවට වඩා කොච්චර ලේසියිද
ReplyDelete"මේ බුදුන්ගේ දේශයයි" කියලා ස්ටිකර් එකක් අලෝගෙන
පුංචි බෞද්ධ කොඩියක් ගහගන්න එක!අපේ සැදැහැති උපාසක-උපාසිකාවෝ කොච්චර පාලි හෑලි කියවනවද කිසිම තේරුමක් නොදැන?
පෝස්ටුව රහයි, අරුත්බරයි!