Sunday, May 20, 2018

යුද්ධයේ ජයග්‍රහණ?

http://cache.boston.com/universal/site_graphics/blogs/bigpicture/srilanka_03_11/s08_18084047.jpg

ළමයි
අත් අහසට දික්කරන්
කඳුළු ඒ අයගෙ මුහුණු මත වියළී යමින්
ඔහු මෙහෙ ඇවිත් ගොහින්

සොහොයුරෝ නිදති නොගැඹුරු මිනී වළවල්වල
පියවරු සළකුණක්වත් ඉතිරි නොකර අතුරුදහන් වී
ඔවුන්ගෙ අයස ගැන ජාතියක්ම නොදුටු ඇසින්
ඇයි? ඔහු මෙහෙ ඇවිත් ගොහින්

මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
ශෝකය විතරයි

ගෙවල් ආයෙ හදන්න බැරි තරමට අළුවී ගිහින්
මරණයේ ගඳ සුළඟේ පැතිරී ගිහින්
අපේක්ෂා බිඳුනු ගැහැණියක් හඬමින් කියයි,
“ඔහු මෙහෙ ඇවිත් ගොහින්“

අහසේ යන පරීක්ෂක යානයක එළියක් වැටෙයි
තවත් පවුලකට මැරෙන්න වෙලාව ඇවිත්
කෑගහන්ඩවත් බය ළමයෙක් කියයි
“ඔහු මෙහෙ ඇවිත් ගොහින්“

මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
ශෝකය විතරයි

ළමයි
අත් අහසට දික්කරන්
ඒත් කවුරුවත් අහන්නෙ නෑ ඒ ඇයි කියා
ඔහු මෙහෙ ඇවිත් ගොහින්

මහල්ලෝ දණගසා තම දෛවය බාරගනිති
භාර්යාවන් දූවරුන් කපා කොටා දූෂණය කර දමලා
වෛරයෙන් පෙඟී ගිය පරපුරක් කියයි
“ඔහු මෙහෙ ඇවිත් ගොහින්“

මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
මට නිර්භීතකමක් පේන්නෙ නෑ
මට නිර්භීතකමක් පේන්නෙ නෑ උඹේ ඇස් තුළ - ශෝකය විතරයි
ශෝකය විතරයි

මුල් පදරචනය -  ජේම්ස් බ්ලන්ට් සහ සාෂා ස්කාර්බෙක්
ගායනය, සංගීතය - ජේම්ස් බ්ලන්ට්


37 comments:

  1. නිර්භීතකම පෙනෙන්නේ නැහැ. දැනෙනවා පපු කුහර අතුලටම .
    විචාරක දියනිය

    ReplyDelete
    Replies
    1. මට දැනුනෙ මේ සිංදුව අහපු මුල් වතාවෙදිමයි. ජේම්ස් බ්ලන්ට් නේටෝ සාමසාධක හමුදාවෙ ලුතිනන් කෙනෙක් විදිහට කොසෝවෝ යුද්ධෙට සහභාගී වෙලා තියෙනව. එතෙන්දි ලබපු අත්දැකීම් වලින් තමයි මේ ගීතය සකස් වෙලා තියෙන්නෙ. පොර ඒක හැඟීමෙන්ම ගායනා කරනව...

      Delete
  2. Replies
    1. නැන්දම්මටයි ගෑණිටයි බය නැත්තං ඌ මොන පිරිමියෙක්ද ප්‍රසා?

      Delete
    2. මං නං ඒ ගෙදර බල්ල පූසටත් බයයි..

      Delete
    3. නැතුව බං? ඩ්‍රැකියානිලැ මහගෙදර මීයෙකුත් ඉන්නව...

      Delete
  3. ඈවිත් ගියා..සින්දුව අහන්න පස්සේ එන්නම්..අඩෝ අහැව්වා...එල ද බ්‍රා මචෝ...

    ReplyDelete
    Replies
    1. කවුද බං උඹට කොමෙන්ට් එඩිට් කරන ඔෆ්ෂන් එක දුන්නෙ.

      Delete
    2. මෙන්ඩා,
      ඔන්න මචං ගයකයො... උගෙ තව තියෙනව සිරා සිංදු

      ප්‍රසා,
      නෑ බං මූට කමෙන්ට් දාන්ඩ කියල දීල තියෙන්නෙ ගොලුබෙල්ලෙක්

      Delete
  4. මාත් ආව. (ආයෙ ඉතිං අලුතෙන් එන්න දෙයක් තියේයැ. මේක අස්සෙමනෙ ඉන්නෙ.)

    ReplyDelete
    Replies
    1. ඉතිං ඉතිං... වාඩි වෙයං. මොනවද බොන්නෙ? (මොනව කිව්වත් මෙහෙ තියෙන්නෙ ගල් විතරයි)

      කෝමද? අර ගංවතුර ගළල තිබ්බ හුඹහෙ වතුර ඉහළ මොප් කළාද? හැපින්න එහෙම සනීපෙංද?

      Delete
    2. ප්‍රසෝ බලාගෙන ඔහොම කියල තමා මේ යොදය අපිවත් ගෙට ගත්තේ.
      පස්සේ සැලකුවේ ඇඳන් පොලු වලින් :-)

      Delete
    3. කට වහුප්!
      ඩිෂුම්!! ඩිෂුම්!!!

      Delete
    4. හුඹහ ලැමිනේට් කරල තියෙන්නෙ බං.

      @සිරි, ඇති බොලාගෙ ලේ බිව්වෙ නැතුව.

      Delete
    5. ලැමිනේට් කරන්නෙ කට්ලට් නෙ. මොන රටේද හුඹස් ලැම්නේට් කරන්නෙ?

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ධම්මානන්ද හාමුරුවන්ව මතක් වුනා බං
    https://www.youtube.com/watch?v=bREFYFJH-Rs

    ReplyDelete
    Replies
    1. ලිංක් එක බලලම යමක් කියන්නම්. ගොඩක් ස්තූතියි මේකට යමක් එකතු කළාට...

      Delete
  7. ඔක්ටපෑඩ් පාරක් නැති මලහත්තිලව් සිංදු.. ආවටත් පාඩුයි.මං යනවා

    ReplyDelete
    Replies
    1. එහෙනං මේක බලහං
      https://www.youtube.com/watch?v=wVyggTKDcOE

      Delete
  8. නිර්භීත නෑ මමත්... 😔

    ReplyDelete
    Replies
    1. වෙල්කම් අරූ... වෙල්කම්
      ගොඩක් අය එහෙම නෑ... හරියට ඇතුලාන්තය දකිනවනං

      Delete
  9. මම ත් ආවා.. //

    ReplyDelete
  10. සින්දුවේ අර්ථය අපේ රටටත් ආදේශ කරන්න පුළුවන් නේද බං.

    ReplyDelete
    Replies
    1. ඒකම තමා ලොකු අයියෙ මගෙත් අදහස. ඒකයි යුද ජයග්‍රහණ සැමරුම එක්කම මේක දැම්මෙ

      Delete
  11. ස්තුතියි ඩ්‍රැකී.....

    ReplyDelete
  12. ලස්සන සිංදුවක්!

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි