Saturday, May 15, 2021

අවසානයක් නොවේ 33

32 කොටස...

තිත්ත කලුවර... හාත්පස මිදී තිබුණේ, වළාකුළු වලින් අහසේ තරු එළිය ද ආවරණය කර තිබුණු හෙයිනි. අඳුරටත් වඩා, පරිසරය අරක්ගෙන තිබූ සීතල මැද ගල් ගැසුණු දැවැන්ත ගස් කිහිපය ගංතලාවේ රටේ මහතාගේ නිවස වටකරගෙන සිටගත් යෝධයන් සේ පෙනුණි. වළව්වේ උස් පිළේ වූ දැවැන්ත ලී කණු, පරාළවලින් පහතට එල්ලුණු පිත්තල පහන් කිහිපයෙන් නැඟුණු මළාණික ආලෝකයෙන් දිළිසුණි. පිල මත ඇණ තබාගත් මුරකරුවෝ සිවුදෙනෙක් නිදි කිරමින් සිටියහ. ඔවුන්ගේ හිස් පහතට නැඹුරුව තිබුණේ යම් රහසක් අසාගෙන සිටින්නාක් මෙනි.

බකුසෙකුගේ දුර්වල හඬක් නැගුනේ වළව්ව දොරකඩ වූ ගසෙනි. ඊට පිළිතුරු සේ අසළ වූ මහ නුගයෙහි එල්ලී සිටි වවුලෝ රැළක් සට සට හඬින් අහසට නැඟ හාත්පස විසිර ගියහ. මහ නුගයේ පහත අත්තකින් ඇදුණු නුග අරළු වැලක් දිගේ උසැති සිහින් මානව රූපී සිරුරක් සීරුවෙන් පහතට ඇදී ආයේ ය. බිමට අඩිය ගැසූ හෙතෙම, මොහොතක් ගුළිගැසී හාත්පස සෑම පැත්තක් ම හොඳින් නිරීක්ෂණය කළේ ය. එකෙණෙහි ඉණතුරින් ඇදගත් සිරියක් දකුණතෙහි රඳවාගෙන, ඔහු ගස මුල තද අඳුරට මුවා විය.  

මී ළඟට නුග ගසෙන් බිමට රූරා ආවේ උසැති, උසට සරිලන මහතින් යුත් පුරුෂයෙකි. දිගු කෙස්වැටිය දෑසට නොවැටෙන සේ හිස වටා පටියක් බැඳගෙන සිටි ඔහු ඉණෙහි රඳවාගෙන සිටි කෙටේරිය, ඒ අසළින් පියා හඹා ගිය කණාමැදිරියෙකුගේ එලියකින් යන්තම් දිළිසුණේ ය.

ඔහු බිමට පහත් වෙමින් නුග ගස මුලට ඇදෙද්දී, තවත් නූස් නොමිටි පුරුෂයෙක් නුග අරලුව දිගේ පොළොවට පහත් විය. ඔහු එක් වරක් පමණක් ඉහළ බලා, දිගු හුස්මකින් ළය පුරවාගෙන, හිටිවන ම අහසට පැන, පතාකයක් මෙන් දෙවිටක් කරකැවිණ. ඔහු අනුව පළමු පුරුෂයා ද කරණමක් ගැසූවෙන් එක් මොහ‌ොතකින් දෙ දෙනා ම වූයේ වළව්වේ පිල මත සිටි මුරකරුවන් අසළ ය.

"මහා පුදුමයක් නේ..." ඒ ඇඩම් ගේ සරදම් ස්වරය විය. ඒ වචන තුන පිට වූයේ මුරකරුවන් අතරිනි. විදුලියක් කොටන්නා සේ සැනෙකින් නැඟිටගත් මුරකරුවෝ තිදෙනෙක්, කරණම් කරුවන් ආපිට මිදුලට වැටෙන සේ මුෂ්ටි පහර දෙන්නට සමත් වූහ. ඇඩම් මිඳුලට පැන, බිම වැටී සිටි මිත්‍ර හෙවත් වරුණ පූර්ණ නෙල්සන් ග්‍රහණයකින් අල්ලා ගනිද්දී, ලේ රතු පැහැති දැවැන්ත ‌වානරයෙක් බඳු අමනුෂ්‍යයෙක්, උස් පිලෙහි සිට කඩා පැන්නේ ය. ඔහුගේ ඉළක්කය වූයේ මිදුලේ උඩුකුරුව වැටී සිටි සුමන හෙවත් ගලගොඩ නිළමේ ය. ක්ෂණයකින් පිට කොන්දට වැර ගෙන, දේදුණු පිම්මක් ඉදිරියට පැන දෙපයින් සිටගත් ගලගොඩ, රීරි හනුමාගේ භයංකර ග්‍රහණය මඟහැර පසෙකට පැන්නේ ය, පනින ගමන් ම දෑත් කරකවා දුන් මුෂ්ටි පහර දෙකින් යක්ෂයා බිම වැටුණේ ය. ඒ ඇසිල්ලේ ම මිත්‍ර දෙස බැලූ ඔහු දුටුවේ ඇඩම් හා අග්නි එකතුව, සිය මිත්‍රයා වානේ දම්වැලකින් වෙළන ආකාරයයි. 

සිය නාස‌යෙන් රූරා ආ ලේ දහර පිස දැමූ පිටි අල්ල මුවට ළං කළ රීරි යක්ෂයා, දිගු දිව එළියට දිගු කොට එය ලෙව කෑවේ ය. සිය අත මුහුණෙන් ඉවත්ව යත් ම ඔහු ගේ දෑසට ලක් වුණේ ඉතාම ආසන්නයෙන්, ඉතා ම වේගයෙන් ඇදී ආ මිට මෙළවූ වමතකි. එය වානර මුහුණේ නිකට ට මඳක් ඉහළින් වැදුණෙන්, යක්ෂයා වෙවුලුම් කෑවේ ය. සිය සමබරතාව රැකගන්නට තැත් කළ අමනුෂ්‍යයා, පියවර කිහිපයක් පසුබැස නැවතත් දෙපය ස්ථාවර ව තබා ගත්තා පමණි. 

https://s3.amazonaws.com/sicg/wp-content/uploads/sites/3/2015/12/06004300/Evil-Eyes-e1483217061816.gif


ගලගොඩ නිළමේ ගේ වේගවත් බව ට සම වන්නට යක්ෂයාට අසීරු වූ බව ඩ්‍රේක් දුටුවේ ය. තමන් සුමන හා සටන් කළේ නම්, ලේසියෙන් මඟහරින්නට හැකිව තිබූ පහරවලට වානරරූපී අමනුෂ්‍යයා හසු වූ බවත්, ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට හැකි වූ අවස්ථා මඟ හැරී ගිය බවත්, දුටු නාවුකයා දෑත් මිට මොළවා ගත්තේ ය. වේගවත් වන්නට වූ හද ගැස්ම සමඟ නොඉවසිළිමත් නළියෑමක් ඔහුගේ පපුව මැදින් පටන් ගෙන දෙවුර හරහා දෑත් දිගේ පැතිර ගිය නමුත්, ඇඟිලිතුඩු මත තෙරපී ගිය සීතල ස්ත්‍රී ඇඟිලිතුඩු වලින් එය සංසිඳී නිවී යන්නට වූ බව දැනුණේ ය.

යටිගිරියෙන් හූ හඬක් නැඟූ රීරි යක්ෂයා, දත් විළිස්සාගෙන, මිට මෙළවූ දෑතින් තමන්ගේ ම පපුවට ගසා ගත්තේ වියරු මානසික ශක්තිය හා ධෛර්යය එක්රැස් කර ගැනීමට ය. එවිගස ම සිය හිස ඉළක්ක කරගෙන කරකැවී ආ සුමන ගේ පා පහර, හිස මඳක් ඇළ කොට වළක්වාගත් ඔහු, වමත ඔසවා තමන් හට පහර දුන් පය, වළලුකර අසළින් අල්ලා ගත්තේ ය. ගලගොඩ ගේ පා පහරේ ශක්තිය ම යොදාගනිමින් ඒ පාදය තමන්ගේ වම්පසින් පිටුපසට ඇදදමන්නට රීරි යකා සමත් විය. ඒ සමඟ ම තමන් අසළින් පිටුපසට විසි වුණු සුමනගේ දේහය ට දකුණු වැලමිටෙන් දරුණු පහරක් දී බිම වැට්ටවීමට ඔහුට හැකි විය.

වමතේ දබරැඟිල්ල හා මහපටැඟිල්ල එකතුකර මුව තුලට රුවා සිවුරුහන් රාවයක් නිකුත් කිරීමට පමණක් සුමන හෙවත් යම ට කාලය ප්‍රමාණවත් විය. රීරි යක්ෂයා හිටි පියවර අහසට පැන, පනින සැණින් ඉණතුරෙහි වූ කුඩා තිසුලවියක් ඇද, සුමන වෙත දමා ගැසුවේ ය. තුන් උල් අවිය සුමන ගේ ඇලපත සිදුරු කරගෙන කිඳී යනවාත් සමඟ ම බිමට පතිත වූ යක්ෂයා සිය දිගු දෑතින් ඔහු අල්ලාගෙන හිසට උඩින් ඔසවා ගත්තේ බිම ගැසීමට ය. 

භයංකර හේෂාරවයක් නංවමින් පහත් වූ ඇත්කඳ ළිහිණියාගේ පියාපතින් නැඟුනු මහා සුළඟින් රීරි යකා ගේ සමබරතාව බිඳුනි. දැවැන්ත අත් පසුරු විහිදාගත් ‌ඓරාවණ, ගලගොඩ නිළමේ ගේ සිරුර රීරි හනුමාගේ අතින් ඩැහැගෙන අහසට නැඟුනේ ය.

මෙතෙක් සටනට හවුල් නොවී පිල මත ඇණ තබාගෙන සිටි සිවුවෙනි මුරකරුවා නැඟිට්ටේ ඒ සියල්ලට ම පසුව ය. පොල්තෙල් පහන් ආලෝකයෙන් ඔහුගේ සම රන්වන් පැහැයෙන් දිළිසිණ. යටිකය වැසුනු ධෝතියෙන් සහ උරය හරහා ගිය නූලකින් සැරසුණු ඔහුගේ, ඉරියව්වෙහි අපූර්ව තේජසක් නිසගව ගැබ්ව තිබිණ. 

ජයග්‍රාහී උඩඟු ලීලාවක් පාමින් ඔහු සෙමෙන් පිය ඔසවා මිදුල ට බැස්සේ ය. දම්වැලින් වෙළා මිදුලේ උඩුකුරුව වැතිරවා සිටි පුරුෂයා අසළට ආ හෙතෙම, එක් දණක් බිම ගසා ඔහු වෙත නැඹුරු විය. මිත්‍ර, තමන් වෙත නැඹුරු වූ නිළමක්කාරයාගේ මුහුණ හඳුනාගත්තේ ය.

“ලෙව්කේ...“ ඔහුට කීමට හැකි වූයේ එපමණකි. 

වමතේ මැදැඟිල්ල සහ මහපටැඟිල්ල එක් කර, සිය හිස ට ඉහළින් දෙවරක් ගසා දැමූ ලෙව්කේ නිළමේ, ඇඟිලි තුඩු දිගුකර, මිත්‍ර ගේ නළල මත තබා තෙරපී ය. දම්වැලින් වෙලා තිබූ ස්වදේශිකයාගේ සිරුර වෙවුලන්නට විය. එසැණකින්, මිත්‍ර හෙවත් වරුණගේ නළලින් සියුම් රැස් දහරක් නැඟ එමින්, ඒ මත වූ තේජ්ස්වි පුරුෂයාගේ වමත වටා වෙළෙමින් ඉහළට නැ‍ඟෙන්නට විය.

සිදුවන දෙය වටහා ගත නොහැකිව මොහොතක් විපිලිසර වූ අග්නි සහ ඇඩම්, සිහි එළවාගත්තේ මහ නුගයේ පාමුළින් නැඟුනු සියුම් සර සරයෙනි. 

නුග ගස යට පැතිරි ගණ අඳුර ඉරාගෙන, නිහඬව එහෙත් වේගයෙන් ඉදිරියට දිව ආවේ, උස් මහත් පුරුෂයා ය. ඔහුගේ දිගු ලිහිල් හිසකෙස් සුළඟේ පාවෙමින්... ඔහු දකුණතින් අමෝරාගෙන සිටි කෙටේරිය, පොල්තෙල් පහන් ආලෝකයෙන් එක් වරක් දිළිසුණේ ය. එකෙණෙහි ම එය හතරැස් ලෝහමය කුට්ටියකින් සැදුණු යෝධ කුළුගෙඩියක් බවට පත් විය.

වළාකුළින් බර වූ අහස ඉරාගෙන, දැවැන්ත අකුණක් පතිත විය. එය ඇදී ආවේ උසැති මානවයාගේ සුරතේ වූ මිටිය වෙතය. අකුණෙහි විදුලිය මිටියේ ලෝහමය හිස වටා කිහිප වරක් එතුණාක් මෙන් ඇඩම් දුටුවේ ය. ඒ විදුලියේ එළියෙන් ඔහු සිය කැබින් බෝයි ව සිටි ටිරෙල් ඕඩින්සන් හඳුනාගත්තේ, විමතියට පත් විය. සිදුවන අනපේක්ෂිත සිදුවීම් වැලින් වික්ෂිප්තව මොහොතක් හිටිපියවර සිටි ඔහු, ටිරෙල් ද, අග්නි ද, අනුව මිත්‍ර ගේ සිරුර ට නැඹුරුව සිටි පුරුෂයා වෙත කඩා පැන්නේ ය. 

ටිරෙල්, සිය සුරතේ වූ කුළුගෙඩිය හිස වටා කරකවා, ලෙව්කේ නිළමේ වෙත දමා ගැසීමට ගත වූයේ තප්පරයටත් අඩු කාලයකි. විදුලියෙන් එතුණු දැවැන්ත මිටිය සිහින් සිවුරුලන් හඬක් නඟමින් ඇඩම් ගේ නාසය අසලින් වේගයෙන් ඇදී යද්දී, ඔහුගේ දෑස් නිළංකාර විය.

හිස ඔසවා බැලූ ලෙව්කේ, “මංඑ ටක්ක් ඇඩම්... ගොඩක් ස්තූතියි“ කියනවාත් සමඟ, ඔහුගේ සිරුර ගිණි පුපුරු වැනි සියුම් අංශවලට විසිරී, අඳුරු වාතස්කන්ධයට මුසුවී නොපෙනී ගියේ ය.


මීළඟට මොනව වෙයිද? දෙයියොත් දන්නෙ නෑ...


සටහන: 

මංඒ ටක්ක් - Mange takk = බොහොම ස්තූතියි (නෝවීජියන්)

38 comments:

  1. පරිසරය වැනිල්ල බොහොම සාර්ථකයි. ෆයිට් හතයි, මල් හතයි. යක්කුයි, දෙයියොයි නිළමෙලයි පැටලිලා, මේ තාම ලිහාගෙන යනවා. ආයෙ එඤ්ඤං, කමෙන්ට් කියවන්න.

    ReplyDelete
    Replies
    1. වලව්වෙ දොරකඩ ගහේ විතරයි පැටලුනේ නැති ආදෙක් ඉන්නෙ.

      Delete
    2. ඔබතුමා සුපුරුදු "ජොලි ගුඩ්" මූඩ් එකෙන් ඉන්නවා දැකීමත් සතුටක්.😂 හා, එහෙනං පට්....ටාන් ගමු.

      අදා නෙමෙයි ආඳා, සඤ්ඤක ද යන්න.

      Delete
    3. ආඳා කියල වුනත් පින් ඩවුන් වෙන්නෙ මොකටද?
      ආඳා, ආදා, ආ දා, නොආ දා, බස්සා, උලමා, බකමූණා, නරි මොටෙයියා වගේ මල්ටිපල් හයිඩි හෝල්ස් තියෙන්න එපෑ ඔබතුමාට.
      නෙප්චූන්. පොසයිඩන්, ඕෂනස්, වරුණ වගේ.

      https://en.m.wikipedia.org/wiki/Dissociative_identity_disorder

      Delete
    4. බකුස්,

      වැනිල්ල ගැන පැත්තකිං තියලා, මට කියාංකො උඹ මොනවද අර නිදි ගෙ වළව්වෙ දොරකඩ ගහේ ඉඳං නාද කළේ කියලා. ඊටත්, ඒ් නාදය බොහොම දුර්වල වුනේ ඇයි කියාංකො...

      රිටි ජය,

      තමුන්නාන්සෙ වරුණ ගැන රිෆර් කරන්නෙ බැබිලෝනියන් මූලාශ්‍ර වුණාට, මේ කතාවෙ ඉන්නෙ සෘග් වේදීය වරුණ කෙනෙක් බව කරුණාවෙන් අලකන්ඩ.

      Delete
    5. https://en.m.wikipedia.org/wiki/Varuna

      Delete
    6. https://www.britannica.com/topic/Varuna

      මේ දෙන්නමනම් හින්දු . මේ ඉස්සර වරුණ ඔබතුමාගෙ යාලුව මං හිතන්නෙ මෙයා

      Delete
    7. ඔ්ං බලන්ඩකො ඒකෙත් හැටි... පොඩ්ඩක් කියවලා ලියන්න යද්දි ඔහොම වෙනව ඉතිං.

      Delete
    8. ආයෙ වෙන මොනවද? හූම් කියනව ඇරෙන්න😂
      රිටිගල උන්නාන්සෙගෙන් තමා බේරෙන්න අමාරු

      Delete
    9. ඔය දෙපළ හවුල් ව්‍යාපාරයක් දාගෙන වගේ පේන්නෙ...

      Delete
  2. පර්සියන් මිත්‍රා හෝ රෝමන් මිත්‍රාස් = සමුද්‍රයට අධිපති හින්දු දෙවියන් වන වරුණ වුනේ කොහොමද?
    (නෙප්චූන්/පොසයිඩන් = වරුණ වෙයි කියලයි මට හිතුනෙ )

    ReplyDelete
    Replies
    1. දේදුණු පිම්මක් කියන්නෙ මොකක්ද ?
      නැමුනු දුන්නක් කෙලින්වෙනවා වගේ එකක්ද? ඇයි දේදුණු?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. බැස්ටියංතුමා නිසා මතක් වුනේ. පොසයිඩන්ට ඉස්සර ඒ ජොබ් එක කලේ ටයිටන්ස්ලගෙ ඕෂනස්.
      තව ඉන්නව https://historycooperative.org/water-gods-gods-of-the-sea/

      Delete
    4. ඉන්දුස් මූලාශ්‍රවල මිත්‍ර කියන්නෙ හිරු දෙවියන්ට කියලයි මට කියවන්න ලැබුණෙ. එතන ම වරුණ කියන්නෙ පාන්දර හිරු නැගෙද්දි එන හිරු කිරණට... ඉතින් මිත්‍ර සහ වරුණ මෙතනදි එකම කෙනෙක් වුණා. පවු වැඩේ කියන්නෙ පොරට වැඩ කිඩ පෙන්නන්න ලැබුණෙ නෑ, අර වංගියක් මෞඉ තොණ්ඩුවක් දාල අල්ලගෙන බිලිකොක්කෙන් තැලුවා වගේ, වානෙ දම්වැලකින් වෙලුවා දරමිටියක් වගේ...

      දේදුනු පිම්ම ඔලුවට ආවෙ, උඩුබැල්ලෙන් වැටුණු කෙනෙක් විජහණියට දෙපයින් හිටගන්නෙ අර ෂැ‌ඔලින් ෆිල්ම්වල... ආං ඒ වගේ අපි චූටි කාලෙ තිබුණා බ්‍රේක් ඩාන්ස් උණක්. ඒකෙ එක අංගයක් තමා, රේන්බෝ පොසිෂන්. ඒකෙන් ම කකුල් දෙක උඩදාලා පැන්නහම ආපහු දෙපයින් හිටගන්න පුළුවන්. ඒක මට මතක හැටියටථ රිවස් රේන්බෝ... ඒක ඉතාම කෙටියෙන් ලියවිලා තියෙන්නෙ.

      Delete
  3. එක වාරයක් කියවල නං මදි ගොයියෝ
    එකෑවරේ තේරුං ගන්නට බැරියෝ
    එතකොට ළිහෙයි පැටලුම යකුනගෙ-දෙයියෝ
    පමා නොවී අනිත් ටිකත් ලියාපියෝ

    ReplyDelete
    Replies
    1. කොටස් ලියන්නට ප්‍රමාද වෙයියෝ
      එතකොට නම් ගම් අමතක වෙයියෝ
      නං කීපයකින් ඉන්නව දෙයියෝ
      එකම නමින් දිගටම ලියවුණොතිං
      නීරස වෙයි කියවන්නට අයියෝ
      හත් පදයක් ගැටගහන්ඩ වෙයියෝ
      ඒකයි මේ කව දිග වුණෙ නිදියෝ

      Delete
  4. මීළඟට මොනවා වෙයිද කියල හිතන්න කලින් මේකේ මොනවාද උනේ කියල තේරුම් ගන්න වෙනවනේ... මේ කොටස පැහැදිලි කරලා තව එකක් ලියමුද හෙහ් හෙහ් ...

    තෝර් එක්ක රීරි යකා... !

    ReplyDelete
    Replies
    1. https://religion.wikia.org/wiki/List_of_thunder_gods
      මුං ටිකත් ආවාම මේක සිරි ලංකාවේ සංචරණ සීමා දැන්වීම් වගේ සිම්පල් වෙයි තේරුම් ගන්න

      Delete
    2. ඊළඟට එන යකා නිවැරදිව නම් කර ඩ්‍රැකීයා සමග නුවර එළියේ රැයක් දිනා ගන්න !

      Delete
    3. පැත්තා,

      එහෙම කිව්වෙ, මීළඟට මොකක් වෙයිද කියල මං වත් තාම හිතල නැති හින්දා. කතාවෙ අවසානය විතරයි තාම ඔලුවෙ තියෙන්නෙ.

      රිටි ජය,

      තවත් නං දෙයියො යක්කු ගාවගෙන බෑ. ධනසේකරලටත් ඉඩක් දෙන්ඩ ඔ්නෙ.

      පැත්තා,

      ඊළඟට එන හාදයා ගැන දැනටම ඉඟියක් දීලා තියෙන්නෙ.

      Delete
    4. මේ මං බලපු අලුත්ම තෝර් මූවි එක. නෝර්විජියානු එකක් ඉන්ග්‍රීසි සබ්ටයිට්ල් සමග. කවුන්ට් ඩ්‍රැකී කැමති වෙයි.

      https://en.m.wikipedia.org/wiki/Mortal_(film)

      Delete
    5. ආාා... අන්න ඒවා හොඳ පිං අයිති වෙන වැඩ. වැඩේ තියෙන්නෙ මේ අසයින්මන්ට් ඉවර වෙනකං බලන්න හිත එකලාසියක් කරගන්න බැරි එක. බාල තියාගන්නව...

      Delete
    6. //ධනසේකරලටත් ඉඩක් දෙන්ඩ ඔ්නෙ//
      ඔය ඉතිං රිටිගල උන්නාන්සෙට නේද කියන්නෙ? උන්දෑ ගහයි ධන(+) සේකරලට හොම්බෙන් යන්ට🤣

      Delete
    7. කතාව ගොඩනැගෙන්නෙ කමෙන්ටුත් ඒක්ක... පහළ අසංගත් කියල තියෙනව වගේ, දේව සභාවට දෙන ඉඩ ම මනුස්සයන්ටත් දෙන ඒක හොඳයි කියල හිතුණා

      Delete
  5. මේ පයිට් හරියට නිකං අර Matrix එකේ පයිට් වගේ නෙව..

    ReplyDelete
    Replies
    1. කන ගාවින් කුඋං ගාගෙන යන ෂොට් තියෙන්නේ .. හෙහ් හෙහ්

      Delete
    2. බුරාස්,

      ඒහ්...! ඔය චුට්ට දවස් දෙකක් ලිව්වා. තව දවසකට ඇදුණනං, මංකි කිංවත් ගාවලා දෙන්ඩ තිබුණා...

      පැත්තා,

      මට ඔ්නෙ බං, සිනමාවට කරන්න බැරි විදිහෙ චිත්ත රූප මවන්න. ඒත් ඉතිං මේ අසයින්මන්ට් කෙරුවාවත් එක්ක බෑනෙ.

      Delete
    3. අර කිවුවත් වගේ දැන් මේ කතාවට අඩු මංකි, සැන්ඩි, පිග්සි විතරයි තමා. කොහෙන් කොහෙන් හරි ඒ තුන්දෙනාවත් එල්ලලා දැන්ට බැයි ද?

      Delete
    4. //"එක කාලයක, ෆා - හියන් නම් චීන පැවිදි නමක් ලංකාවට ආවා, බුදු දහම ඉගෙන ගන්න..." මිත්‍ර දිගු කතාවක් පටන් ගත්තේ ය. "එතුමා ගේ ආරක්ෂාවට සහ උපස්ථානයට ආවේ අපූර්ව යෝගී වරයෙක්. ඔහු තමන්ට කියා ගත්තේ 'ස්වර්ගයට සමාන මහා සෘෂි හෙවත් වානර රජු' කියල යි. ඇත්තටම ඔහු ස්වරූපයෙනුත් මහා වානරයෙක් වගේ තමයි... දිග දෑත්, ඉදිරියට නෙරූ මුහුණ, පළල් හකු, සහ කුදු වූ කොන්ද නිසා. ඔහු ෆා - හියන් භික්ෂුව සමඟ ලංකාවට ආවේ යමක් සොයමින්. ඔවුන් දෙදෙනා පස්යොදුන් - කුකුළු කෝරළ මායිමේ පිහිටි ගල් ලෙණක ටික කාලයක් වාසය කළා...//

      27 කොටසෙ එහෙම තියෙනව...

      34 කොටසින් ආපහු දෙන්ඩද දෙන්ඩද?

      Delete
  6. තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවා නම් ඊට වඩා යක්කුත් ඇති නේ. ඔය ඉන්න යක්කු දෙවිවරු අර්ධ මනුෂ්‍යයෝ අර්ධ දෙවිවරු පේරේතයෝ මේ කතාවට ඔබන්න එපා බං . දැන් ඔක්කෝම ටැපලිලා තියෙන්නේ. අර කොම්බු නාලිකාවේ යන්නේ කොහේද මල්ලේ පොල් ටෙලි නාට්‍යක් වාගේ වෙලාද මන්දා...

    ReplyDelete
    Replies
    1. හ්ම්... පිළිගන්නව... ලබන කොටසෙදි හෝරස් සහ ඔසයිරිස් ගේන්න හිටියෙ...

      Delete
    2. ඒ දෙන්නව ගේනවා නං, ඉතිං සියුස්, ප්‍රොමිතියස්වයි,එපිමෙතියස්වයි, තව කොරනේලිස්වයි, කරෝලිසාවයත් ගෙන්නුව නං තමා අගේ.

      Delete
    3. ප්‍රොමිතියසුයි සිසිෆසුයි ගේන්නං...?

      Delete
  7. //"මහා පුදුමයක් නේ..." ඒ ඇඩම් ගේ සරදම් ස්වරය විය. ඒ වචන තුන පිට වූයේ මුරකරුවන් අතරිනි.// තේරුනේ නෑ .
    ඔඩින් මස්සිනාත් හිටියේ තෝර් එක්ක , මිටිය ගත්තේ මොන හාඩ්වෙයාර් එකෙන්ද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. අැඩම් හිටියෙ මුරකාරයො ඒක්ක වෙස්වළාගෙන. ඒතන උන්න 4 දෙනාගෙන් කෙනෙක්. ඒක හරියට ලියවිලා නෑ...

      ඔ්ඩින් නෙවෙයි උන්නෙ. ටිරෙල් ඔ්ඩින්සන්... ෙතා්ර් ගෙ නම "ඔ්ඩින්සන්" වෙන්ඩ ඒපැයි...

      මිටිය නං හැදුවෙ, නෝඩික් කුරුමිට්ටො වගයක් නේද? "ඒරිත්‍රි" වගේ නමක් තිබුණු... පොඩ්ඩක් හොයල බලන්න ඔ්නෙ.

      Delete
    2. //The hammer was forged by dwarven blacksmiths named Eitri, Brok, and Buri.//

      https://en.wikipedia.org/wiki/Mj%C3%B6lnir

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි