Friday, October 14, 2022

ඔසිමැන්දියස්

(ෂෙලී නමැති ඉංග්‍රීසි කවියාගේ කවි සංකල්පනාවක් විකාසනය කිරීමෙන් සැකසිණ)

රජුන් හට ද රජකම් කළ අසම සම

ඔසිමැන්දියස් වෙමි මම ලොව පතළ නම

සුරුකම් මගෙ බලව් තෙපි දුබලයිනි හැම

යන මේ වදන් විය අඩිතාලමෙහි එම

(ඔසිමැන්දියස් - ෂෙලී).

සියුම් වැල්ලෙන් සැදීගත් වැලිතලය පෙනෙන තෙක් මානයේ පැතිරී තිබිණ.

නිල් අහස් කුසෙහි තැනින් තැන පා වෙන, සුදු හංසයන් වැනි වලා පටල අතරින් පෙරී එන ළහිරු රැසින් වැලිතලය නෑවෙයි.

විටින් විට සුළං පහර සැඬ වෙයි. එවිට වැලි රැලි නැඟී විසිරී පැතිරෙයි.

මුළු පරිසරය ම නිහඬ බවක ගිලී සිටී.

සැරයටියක් අතින් ද, හිස් වැස්මක් හිසින් ද ගත් දේශාටකයා, කිසිදු බියක් සැකක් පැකිළීමක් නැති ව ඉදිරියට ම ගමන් කරයි. තිර අදිටනක් හා බලාපොරොත්තුවක් ඔහු තුළ ඇති බව ඔහුගේ බැල්ම කියා පායි.

කෙමෙන් දැඩි වන හිරු රැස්, දේශාටකයාගේ දිරිය බිඳලන්නට සමත් නොවූයේය.

දේශාටකයා තිර අදිටනින් ගමන් කරන්නේ, වරක් සිය විකුම් පැරකුම් බලයෙන්, තද තෙදින්, ලොව කැළඹූ, සතුරු හද වෙවුල් වූ මහා අධිරාජයෙකු වෙනුවෙන් නැංවුණු විශාල පිළිරුව නැරඹීමේ අදහසිනි.

එකල මේ අධිරාජයාගේ කිතු ගොස ලොව කම්පා කරමින් පැතිරී ගියේය.

ඔහුගේ තෙද ගින්නෙන්, සතුරු හදවත් තැවී දැවී ගියේය.

ඔහුගේ සැහැසිකම්, කුරිරු ගති පැවතුම් නිසා, සතුරන් පමණක් නොව, මිතුරෝ ද, නිබඳ වෙවුලුම් ගත් හදවත් ඇති ව කල් ගෙවූහ.

රාජ සභාවේ කවියා විසින්, සුලලිත පද මාලාවෙන් විසිතුරු කොට බඳනා ලද ප්‍රශස්ති කාව්‍ය, වන්දිභට්ටයන් විසින් ගායනා කරනු ලැබිණ.

සුර ළඳුන් සදිසි පුරවමියෝ, අධිරාජයාගේ රන් සුහසුන දෙපස සිට හිම ගිරි ගඟුලැල්ලේ පැහැය ගත් සෙමෙර වල් විදුනාවෙන් ඔහුට පවන් සැලූහ.

දේශාටකයා අධිරාජයාගේ දැවැන්ත පිළිරුව ඉදිරියට පැමිණියේය.

විසිතුරු වේදිකාවක් මත ඉදි කරනු ලැබූ දැවැන්ත පිළිරුව නැරඹීමට ඔහු ඇස් නැගීය.

දැවැන්ත පිළිරුව බඳින් කැඩී ගොස් තිබිණ. ඉතිරි වී ඇත්තේ බඳින් පහළ කොටස පමණකි. පිළිරුවේ යෝධ පා යුවළ දුටු දේශාටකයා ගේ හදේ සැල්මක් ඇතිවිණ.

පිළිරුවේ හිස වැලිතලය මත වැටී තිබිණ. දේශාටකයා විමසුම් ඇසින් පිළිරුව දෙස බැලුවේය.

වේදිකාවේ කොටන ලද අකුරු පෙළක් ඔහුගේ නෙත් ඇද ගත්තේය.

"මම වෙමි මුළු ලොව දිනු ජගතා"

දේශාටකයා මුහුණ බිමට හරවා ගෙන සිතිවිල්ලෙන් පසු වෙයි. ඔහු මඳ වේලාවක් දෙනෙත පියා ගෙන, සුළං පහරට කන් දීගෙන සිටියි. සුළඟ සමග මුසු වූ ගීත රාවයක් ඔහුට ඇසෙයි.

මම වෙමි මුුළු ලොව දිනු ජගතා

මම වෙමි රුපු දප බිඳි සමතා


තෙද බල ඇති සතුරන් එඩි බින්දා

ලොව හැම තැනකම දිය දද බන්දා

රුපු සිරසෙහි පා නිය රැස් රන්දා

මම වෙමි මුළු ලොව දිනු නරනින්දා

ඔහු දෙනෙත විදහා දෙපස බලයි.

සුළඟ සාවඥ ලෙස සිනාසුණේය. එහි දෝංකාරය මුළු ‌වැලිකතර වසාගෙන පැතිරී ගියේය.

සුළං රැලි නැගෙමින්, වැලි රැලි පැතිරෙන්නට විය. පිළිරුවේ හිස වැල්ලට යට වී ඇත.

කාලය ගෙවී ගොස්ය.

දේශාටකයා නැව් තොට බලා ගමන් කරයි.

ගමන් මග දිගය.

අහසේ හිරු මැකෙයි.

සැඳෑ අඳුර පැතිරෙයි.

අහසේ තරු නැගෙයි.

එදා රජිඳුගේ තෙදින් සැලුණු තරු අද සාවඥ ලෙස සිනාසෙති'යි දේශාටකයා ට සිතිණි.

පර්සි බිෂේ ෂෙලී

7 වන ප්‍රමාණයේ මවුබස කියවීම් පොතක ඇතුළත් පාඩමකින්...

මෙය ගැන සඳහනක් නිදහස් සිතුවිලි බ්ලොගයේ රවි සහ රසික විසින් සටහන් කර තිබුණි.

71 comments:

  1. Replies
    1. අපරාදෙ මේක දැම්මෙ.

      Delete
    2. යකො! පත්තරේ තීන්ත වේලෙන්ඩත් කලිං 🐍 මෙතන!

      Delete
    3. නෑ... කිසිම අපරාදෙයක් නෑ... 🔦 පතෑං...

      Delete
    4. මම කිවුවෙ මගේ කොමෙන්ට් එක ගැන.

      Delete
    5. ඒක ගැන ම තමයි මාත් කිව්වෙ... 🤣🦇

      Delete
  2. මම වෙමි මුළු ලොව දිනු ජගතා කියල හිතාගෙන ඉන්න සමහර අයට වෙන්නෙ පුක එලියෙ තියාගෙන ඔළුව වැලි අස්සෙ හංගගන්න තමයි සමහර වෙලාවට.

    අරක කුනුහරුපයක් නෙමෙයි කිවුවෙ ඔය රසිකම තමයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔව්. ජගත් කියල අයියෙක් උන්න අපේ ගමේ. දැන් යන එන මං නෑ.

      Delete
  3. පොතක හත්වන ප්‍රමාණය මොකක්ද කියල නිදියගෙන තමයි අහන්න වෙන්නෙ. හැක්.. x 2

    ReplyDelete
    Replies
    1. එතකොට හැක් වරක් දෙක කීයද කියල අහන්නෙ කාගෙංද?

      Delete
    2. හැට්ටර් කියල පොරක් නං දන්නව.

      Delete
    3. අර විට්ටර් ගෙ මල්ලි අත් ටැට්ටර් පදින පොරනෙ ඔය කියන්නෙ.

      Delete
    4. ඈඃ! පොර තාම අත් ටැට්ටර් ද?

      Delete
  4. එතකොට මේ කියන්නෙ අපේ එල ද බ්‍රා මෙන්දිස් ගැන නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. මගෙ හිතේ ඌ මුගෙ බාප්පගෙ පුතෙක්...

      Delete
    2. ඔව් ඔව්. මෙන්ඩත් නිකං එක (1) වගේ නෙ, පිටත පෙනුමෙන්.

      Delete
  5. අනිත් කො.කා. ල ගංවතුරට අහුවෙලා ද?

    ReplyDelete
    Replies
    1. ඒ උදවිය එනකං අපි දෙන්න වලං බිඳිමු... 💥💣

      Delete
    2. අර පිළිමෙ කෙලිං කරල තියන්න බැරිද අනික් උං එන්න කලිං

      Delete
    3. පිළිම කෙලින් කරනව කිව්වම මතක් වෙන්නෙ ම ජනාධිපති ප්‍රේමදාස සහ "සැලියුට් බුදුන්"

      Delete
  6. "එදා රජිඳුගේ තෙදින් සැලුණු තරු අද සාවඥ ලෙස සිනාසෙති'යි දේශාටකයා ට සිතිණි". 'තරු' ඉතින් කොහොමත් වාසි පැත්තටනෙ.

    මට නම් මේකෙ සිත් ගත්තෙ දේශාටකයාගෙ 'තිර අදිටන'. රජුන්ට තියෙන්නෙ සීමිත shelf life එකක් වුනත්, දේශාටකයා දිගටම අධිෂ්ඨානයෙන් ගමනේ යෙදෙමින්.

    ReplyDelete
    Replies
    1. ඔව්. එදා බයෙන් සැළුණු උදවිය ම තමයි, රජු වැටුණට පස්සෙ හිනාවෙන්නෙ.

      දේශාටකයා ගෙ අරමුණ හුදෙක් ම නිරීක්ෂණය පමණයි නේද? ස්වභාව ධර්මය වාගේ ම...

      Delete
  7. https://en.m.wikipedia.org/wiki/Ozymandias_(Watchmen)

    ReplyDelete
    Replies
    1. හෑ! එහෙමත් එකෙක් ඉන්නවද?

      Delete
  8. කේමදාස මාස්ටර් ගේ කිලර් කැසට් එකේ සින්දු ටික වාගේ (සින්දු ඇනෝ

    ReplyDelete
  9. යකෝ උඩහ අරුන් දෙන්න යුගලමය සංවාදයක් කරනවද... හිට

    ReplyDelete
    Replies
    1. මේකට කො.කා. ල එන්නෑ කියල තොයිලයක් නටල බලියක් අරින්න ලෑස්ති උනේ.

      Delete
    2. එන රඟ එන රඟ - නරකයි නමියේ
      ඒකට ගුරුකම - කොහොමද னයියේ

      Delete
  10. පුරුද්ද හින්දා මම කියවව්වා
    උණ හින්දා මට තතු පැටලෙනවා
    ඇඟපත රිදෙනව හිස කකියනවා
    පස්සේ ඇවිදින් බලන්න වෙනවා!

    ReplyDelete
    Replies
    1. සනීප නැති බව නොදැනයි උන්නේ
      වෙනදත් නිදියා නෑවිත් ඉන්නේ
      ගමනක් ගිහින්ද කියලයි හිතුනේ
      වතුර ඔ්නෙ නං ඉල්ලාපන්නේ

      Delete
  11. නැව ඇවීත් ගේට්ටුවේ හැප්පුනා ශිප්ම්න්ට් එක ඉල්ලලා .... යන්තන් තල්ලු කරලා යවා ගත්තා

    ReplyDelete
    Replies
    1. අම්මෝ බං. වැඩේ යන්තං හමාර ද? දැන් වත් ිනවාඩු පාඩුවෙ බ්ලොග් පැත්තෙ එන්ඩ පුළුවං ද?

      Delete
    2. නැව් දෙකක් ආවද, ෂිප්මන්ට් දෙකක් ඉල්ලලා? නැත්තං ‌ඉතිහාසගත කම්මලේ සින්ඩ්‍රෝම් ද?

      Delete
  12. නැව ඇවීත් ගේට්ටුවේ හැප්පුනා ශිප්ම්න්ට් එක ඉල්ලලා .... යන්තන් තල්ලු කරලා යවා ගත්තා

    ReplyDelete
    Replies
    1. අම්මෝ බං. වැඩේ යන්තං හමාර ද? දැන් වත් ිනවාඩු පාඩුවෙ බ්ලොග් පැත්තෙ එන්ඩ පුළුවං ද?

      Delete
    2. නැව් දෙකක් ආවද, ෂිප්මන්ට් දෙකක් ඉල්ලලා? නැත්තං ‌ඉතිහාසගත කම්මලේ සින්ඩ්‍රෝම් ද?

      Delete
    3. අඩෝ.....කම්මලේ කෝ බන්? මුණු පොතේ දකිනවා

      Delete
    4. කම්මලේ දැන් කාලෙකින් බ්ලොග් පැත්තෙ ආවෙ නෑ. එන්ඩ කියමු...?

      Delete
    5. නලින් අය්යා, චෙෆා , සුදික, අහසින් එන්න, ලොකු පුතා ....ඒක ලස්සන අතීතයක්

      Delete
    6. ඇයි මදු මදාවියා? ඌ තමයි ලෙජන්ඩරි...

      Delete
    7. උගේ හාවා මරුන එකටද ඌ ලියන එක නව්තුවේ ...
      ඇයි බන් හිස් අහසේ සදරු

      Delete
    8. ආාාන්න, සඳරුවා. අනිකා තමයි කෙහෙල් කොටුවෙ චූටි මහත්තෙයා - බුද්ධි.

      අරූ නං නැවතුනේ හාව මැරුණත් එක්ක ම තමයි. ආපහු කෝල් එකක් දීල බලමු ද?

      Delete
  13. https://kolompure.blogspot.com/2022/10/blog-post.html?sc=1665986137578#c864580075745702655

    ReplyDelete
    Replies
    1. උබ චක බලස්ට් ...අරු උබව නැති කරලා

      Delete
    2. කම්ලානිට ද්හෙන්න කියලා බ්‍රා එකක් ඉල්ලගෙන ගිහිල්ලත් වෙඩිම මට කිව්වේ නැහැනේ

      Delete
    3. මං ඔ්ක කියෙව්ව බං. මේ විශ්වයේ වෙච්ච එකක් නං නෙමෙයි. එහෙම නං මම දැනගෙන ඉන්ඩෙපෑ ‌ඒක. මේක වෙන සමාන්තර විශ්වයක වෙච්ච දෙයක්.

      Delete
    4. අපේ නම් දාලා පොස්ට් එකක් ලියනවා කියන්නේ අපිට වටිනාකමක් තියනවා කියන එකනේ බන්....

      තිලිනි මෙන්ඩා අදුරනවා කියන එක මටනම් ආඩම්බරයි

      Delete
    5. ඇත්ත. අපි ෆිසිකලි දැකලවත් නැති කාලෙක ඔය වගේ පෝස්ට් එකක් ලියවුණා, සෙන්නයි මාතලනුයි එහෙම ගැන.

      ඔව් මෙන්ඩා. මං තිලිනි ගැන නොලියා හිටියෙ, ඒක උඹ මට කෝල් එකෙන් කියපු එකක් නිසා. උඹ කැමතිනං ඒ ගැන කතා කරමු.

      Delete
    6. පිස්සු හැදහෙයි සද බබෙලයි ....ලියහන් බන් ලියහන් ....මට බැනලා හරි කමක් නැහැ උබලා ලියන්නයි ඕනේ

      Delete
    7. බැනල නං නෑ, ඒකෙ හැබැයි උඹ ගැනත් ලියල තියෙනව.

      Delete
    8. සුන්දර අතීතයක් අතීතයක්....උබට මෙඅ පොස්ට් මතකයි ...මතකද...වශී ගුරුකමක් ගැන පොස්ට් එකකට මමයි ඉයනුයි කෙමෙන්ට් වලියක් ගියා...(අහසින් එන්නාගේ බ්ලොග් එකේද කොහෙද ..

      Delete
    9. ඇයි ..මම නෙලුම් යාය ගැන ලියපු පෝස්ටර් එක

      Delete
    10. කමෙන්ට් වලිය ගියෙ මනෝ මන්දිරයගෙ බ්ලොග් එකේ නේද බං? මේක නේද?
      හිනා හතයි යකෝ ආපහු කියවද්දි...

      Delete
    11. මෙව්ව ගැන වෙනම ලිපියක් ලියන්ඩ හිතයි, ආවර්ජනය කරන්ඩ. අර වලිය මරු බං. සතියක් විතර මතක් කර කර හිනා උනැහැකි.

      Delete
    12. ඔය පහළං වැටක් ගහල ගිහිං තියෙන්නෙ උපාසක සක සකේ වගේ...

      Delete
    13. ඇයි බන් මනෝ ලියන්නේ නැත්තේ ...
      අඩෝ....ඒ පොස්ට් එකයි කෙමෙන්ට් ටිකයි කියවලා අඩුනා බන්

      Delete
    14. ඔව් ඈ... ඒ කාලෙ තමා කාලෙ. මනෝවා පස්සෙ දවසක කිව්වා, ඌට බ්ලොග් එකට යන්ඩ බැරිලු පාස්වර්ඩ් අමතක වෙලා.

      Delete
  14. Replies
    1. තැන්කියු ඉයන් මල්ලී...

      Delete
  15. මල මගුලක්නේ යකෝ තොගේ කෙමෙන්ට් කියව කියව හිටියම අපි සුද්ධියන්ට ජංගි මහන්නේ නැද්ද

    ReplyDelete
    Replies
    1. උබ උබට ම ගහපු කමෙන්ට් එකක් නේද මේ?

      Delete
  16. Replies
    1. අප්පමත්තා නමීය න්තී
      යේ පමත්තා යථා මතා

      Delete
  17. 😁
    හත්වෙනි ශ්‍රේණියේ හෝ අටවෙනි ශ්‍රේණියේ සිංහල පොතේ ඔය ඔසිමැන්දියස් ගේ පිළිරුව දැකගැනීමට පැමිණි මගියෙකු පිළිබඳව රචනාවක් තිබුණා. ඒ පාඩම අවසානයේ අපේ සිංහල ගුරුවරිය අපට නියෝග කළා එම අවස්ථාව විස්තර කෙරෙන කවියක් ලියන ලෙස. හෝම්වර්ක් විදිහට.

    මා ලියූ කවිය මට තාම මතකයි.

    සතුරන් මෙන්ම මිතුරන්ගෙ ද දණ නැමුව
    ඔසිමැන්දියස් පිළිරුව දැක ගනු රිසිව
    මම පැමිණියමේ වැලිකතරයේ යුහුසුළුව
    දුටුවේ අහෝ මා බිම වැටි ඇති ඔලුව

    (මේ කවියේ යවහන් දෝෂය ඇති බව මා හෝ සිංහල ගුරුවරිය හෝ එකල දැන සිටියේ නැත)

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි