Tuesday, October 18, 2022

යුරෝ සංචාරය

ස්කොට් තෝමස් හෙවත් ස්කොටී, හයිස්කූල් හෙවත් උසස් විදුහලෙන් එළියට එන කොල්ලෙක්. ඔහු මොන අවස්ථාවක, මොන විදිහෙ දෙයක් කරයි ද කියලා වේලාසන කාටත් හිතාගන්න පුළුවන් විදිහෙ, අහිංසක සාමාන්‍ය කොල්ලෙක්.

ඒක ඔහුගෙ පෙම්වතිය ෆියෝනාට ගැළපෙන්නෙ නෑ. ඔවුන් ගේ උපාධි ප්‍රදානෝත්සව දිනයේ දී ඇය ඔහුගෙන් වෙන් වන බව ඔහුට කියනවා. ඇය කියන්නේ, තවදුරටත් වංචා කරමින් ප්‍රේම කරන්නට නොහැකි බව.

එදා උත්සවයේ දී ෆියෝනාගේ අනික් පෙම්වතා රොක් ගීතයක් ගයනවා. ඔහු එය පුද කරන්නේ ෆියෝනාට. ගීතයෙන් කියවෙනවා, "...ස්කොටී දන්නෙ නෑ. ෆියෝනාත් මාත් හැම සති අන්තයක ම හමු වී ජිඟිරි බිරිස් (මෙයට යෙදිය යුතු, චිත්‍රපටයට ගැළපෙන වචනය මෙතනට යොදා ගන්න හිතෙන්නෙ නෑ.) කරනවා..." ආදී විස්තර වගයක්.

හදවත බිඳුණු, උපහාසයට සහ නිග්‍රහයට ලක් වුණු ස්කොටී ඔහුගේ හොඳ ම යාළුවා කූපර් හැරිස් එක්ක එදා හවස කතා කරමින් ඉද්දි කියනවා, ඔහුගේ දුරස්ථ ජර්මන් මිතුරෙක් ගැන. ඔවුන් හමුවන්නේ අන්තර්ජාලයේ චැට් මඟින්. ජර්මන් මිතුරා ගේ නම මයික් (Mieke) ලෙසින් ස්කොටී උච්ඡාරණය කරගන්නේ. 

එතන දී කූපර් කියනවා, ගොඩක් ම යුරෝපීය පිරිමින් සමලිංගිකයන් බව. තව දිගට චැට් කරගෙන යද්දි, මයික් කියාවි "මම ඔබ හමුවෙන්න එන්නම්, " කියලා. ආන්න එතනදි පරිස්සම් වෙන්න ‌වෙනවා.

එදා රෑ ස්කොටී, මයික් එක්ක චැට් කරද්දී ඔහු සහ ෆියෝනා අතර සිදු වුණු දේ කියනවා. එතන දී ඔහුගේ දුක ගැන සංවේදී වන මයික් කියනවා, "මට ඔයා ගැන දුකයි. මම ඔයා හමුවෙන්න එන්නම්..." කියලා.

කූපර් ගේ අනතුරු ඇඟවීම මතක තිබුණු ස්කොටී මයික් ට බැණ වැදී, "ආපහු ඔබ එක්ක සබඳතා තියාගන්න කැමති නැති" බව කියමින් චැට් එක අවසන් කරනවා.

ස්කොටී ගේ මල්ලි ඔහුට පහුවදා උදේ පැහැදිළි කරනවා, ජර්මන් නම් උච්ඡාරණය කරන නිවැරදි විදිහ. ඔහුට අනුව, ස්කොටී චැට් කර තියෙන්නේ මයික් සමඟ නොවේ මීකා නම් සුරූපී කෙල්ලක් සමඟ.

නමුත් ස්කොටී ප්‍රමාද වැඩියි. මීකා ඔහු සමඟ චැට් කිරීම නතර කරලා. 

ඉතින් ස්කොටී ත් කූපර් ත් ඇමරිකාවේ ඉඳන් ජර්මනියට යන්න පිටත් වෙනවා, මීකා හමු වෙන්න. ඔවුන්ගේ තවත් මිතුරන් දෙන්නෙක් වන ජෙනී සහ ජේමී නම් නිවුන්නුත් ඔවුන් සමඟ මේ ගමන යනවා. ඒක සෘජු ගමනක් නෙවෙයි. එංගලන්තය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්ලොවැකියාව හරහා ඔවුන් ජර්මනියට එනවා.

ඒ අතර යුරෝ සංචාර ගැන විශේෂඥ දැනුමක් ඇති ජේමී ළඟ ඇති ඔවුන්ගේ මුදල් සහ ටිකට් පත් නෙදර්ලන්තයේ දී සොරකම් කෙරෙනවා.

සංචාරකයෙකුට ලැබිය හැති හැම නරක අත්දැකීමක් ම ලබන මේ සිවු දෙනා ස්ලොවැකියාවට එද්දී අතේ ඉතිරි වන්නේ සත කිහිපයක් පමණයි.

ජර්මනියට ආ පසු ඔවුන් ට මීකා හමු වන්නේ නැහැ. ඇය සිත් තැවුලෙන් වතිකානුවට පිටත් වී ගිය බව ඇගේ පියා දන්වනවා.

ඇය සොයාගෙන වතිකානුවට යන ස්කොටී සහ මිතුරන් ට ඇය හමු වන්නට කලින් තවත් අනපේක්ෂිත හාස්‍යජනක සිදුවීම් ගණනාවකට මුහුණ දෙන්නට සිදු වෙනවා.

මේ කියා ඇත්තේ මිහිරි පළතුරු ගෙඩියක ලෙල්ල වැනි පිටස්තර නීරස විස්තර ටිකක්. හැබෑ රසය ගැන පොඩි හෝඩුවාවක් ට්‍රේලරයෙන් බලා ගන්නට පුළුවන්.


යුරෝ ට්‍රිප් 2004 දී එළි දැක්වුණු හාස්‍ය රසයෙන් පිරුණු ලිංගිකත්වයත් ස්පර්ෂ කරන තරුණ චිත්‍රපටයක්. රසවිඳින්න ටොරන්ට් එක මෙතනින්

68 comments:

  1. කැත උණකින් ගුටි බැට කා
    හිස ඔසොවාලා දත කා
    එන දවසෙම ඩ්රැකී යකා
    ලියා තියෙන විකාරෙකා

    වැඩ ගොඩ ගැහිලය පරක්කු
    මිදුලට ඇවිදින්ය කොක්කු
    දියවන්නා මැඳුරෙ කුක්කු
    ගඟේ යයිලු, තක්කු-මුක්කු

    තව වැහැපන් දෙගොඩ තලා
    යන්නට මොළ හේදීලා
    එතකොට ගොම ඉවත් වෙලා
    හිතයි අලුත් නෙතින් බලා!

    ReplyDelete
    Replies
    1. උණ ගැනුනත් පාඩු නැති විත්තිය පැහැදිලි ය
      නෙක නෙක විරිත් සමඟින් ඇවිදිල්ලා ය
      අපේ රිස්ස යයි පිළිතුරු ගොතලා ය
      මූවිය බලා හිතෙනා දේ වැදගත් ය

      Delete
  2. ෆිලුම සබ්ස් එක්ක බලනවා නං:https://www.baiscopelk.com/eurotrip-2004-with-sinhala-subtitles/

    ReplyDelete
  3. මේක කොහොමද?
    https://www.youtube.com/watch?v=KCGnzsR29xU&t=91s

    ReplyDelete
  4. Replies
    1. තිලිනි ගෙ සීන් එක උඹ ම ලියහං මෙන්ඩො...

      Delete
    2. අනේ...මේ මගෙන් මැරුම් නොකා ලියු...
      අනේ...ලියහන්කෝ මචෝ

      Delete
    3. කෙමෙන්ට් එකක මම එදා සිද්ධිය කොට්න්නම්

      Delete
    4. අනේ බං මට බෑ ඔය ට්‍රෙන්ඩිං වෙන ගෑණු ගැන ලියන්ඩ. රටට ලෝකෙට වැඩක් ඇති දෙයක් එපයි ලියන්ඩ. උඹ ම ලියහං මෙතන පහලිං...

      Delete
    5. එක්කෝ පොස්ට් එකක් විධිහට කොටලා බොට එවන්නම්...ඉරිදට

      Delete
    6. ආාාන්න හොඳයි. එවහං.

      Delete
  5. ටේලරය බැලුවාම පිලුම බලන්නමයි හිත...

    ReplyDelete
    Replies
    1. ආාාන්න ඒකයි ඒකෙ තියෙන අවයවය. බලලම කියන්ඩ අසංග. බලන කාලය අපතෙ යාමක් කියල නං එක තප්පරේකට හිතෙන්නෑ.

      Delete
    2. ටේලරයේ අවයවය තමා ටැට්ටරේ...

      Delete
    3. අඩේ කොමියා. ලියමුකො තව කොමිටල් කයියක්.

      Delete
    4. කොමිය්ගේ බ්ලෝග එක උබගේ රෝලේ එල්ලද තියෙන්නේ

      Delete
    5. මං එල්ලුව කියල මතකයි බං. මේ තියෙන්නෙ ලිංක් එක, උගෙ බ්ලොග් එකට.
      https://komitaldrackeya.blogspot.com/

      Delete
  6. Replies
    1. එන්ඩ එන්ඩ ම වැට දික් වෙනව. අනවසරයෙන් රජයෙ ඉඩං අත්පත් කරගන්නවද දන්නෑ හෙමිං සීරුවෙ.

      Delete
    2. උබ අල බැස්ම බලද්දී ගනේමුල්ලේ ඉඩං කෑල්ලටත් වැටගහලා ඇති.. අබ්බගාත් මහත්තයෙක් හින්ද නීතියෙන් ලුහුටලා යන්නත් දන්නවා...

      Delete
    3. අම්මප යකො. ඔය අබ්බකාත් මහත්තෙය ෂේප් එකේ තියාගෙන නුවරඑළියෙං පොඩි ඉඩං කෑල්ලක් අල්ලගන්ඩ ඕනෙ, අක්කර දෙතුං සීයක.

      Delete
    4. මටනම් අනවසර ඉඩම් එපා....සල්ලි සල්ලි කියලා නොබලා අක්කර දෙතුන් සියක් බදු ගන්න බලහන් අක්කරේ රුපියල ගානේ වගේ

      Delete
    5. හැක් හැක්... මට තිබුණනං කෝටි දහයක් විතර, රජෙක් වගේ ඉන්නෙ නුවරඑළියෙ, එහෙනං! පට්ට ලස්සන වික්ටෝරියන් බංගලා තියෙනව අප්පා...!

      Delete
  7. ඇහැට ගිනිකන වැටෙන පෝස්ටරයක් නෙ දාල තියෙන්නෙ... නොබල බෑ බෑ වාගේ 😂
    ඒත් ෆිලුම් අලුතෙන් බාන එක... ටික දොහකට නතර කරා ඩ්‍රැක්ස්

    ReplyDelete
    Replies
    1. මම බාගත්තා. ඕන්නං දෙන්නං.

      Delete
    2. තැන්ක්ස් නිදිතුමෝ... බලමු වෙලාවක් හම්බුනොත් අනිවා ගන්ම්

      Delete
    3. කම්මැලි නමියා. විනාඩි පහක් අරං ඔය ට්‍රේලරේ බලහංකො, මැරෙයි ද බලන්ඩ.

      Delete
    4. කම්මැලිය තමයි බොල. ඒත් වැඩ ටිකක් තියේ මේ දාස් ටිකෙ. පස්සෙන් පහු නිදිලොක්කගෙන් හරි අරං බලන්නම්.

      Delete
    5. වැඩ ටිකක් නේ... මේ දවස්වල නේ... අපිත් ඔහොම කියනව...

      Delete
  8. Replies
    1. හුඹහට ගංවතුර ගළල, යට ඇඳුං ඔක්කොම තෙමිලලු. එළියට බහින්ඩ බැරුව ඉන්නෙ.

      Delete
    2. ඔය ඉන්නෙ.
      හුඹහ වෝට පෘෆ් කරල තියෙන්නෙ බොල.

      Delete
    3. හුඹහ වෝට පෘෘෆ් කළාට, අන්ඩවෙයා එහෙම නෑ කියලා මෙන්ඩ කිව්වා.

      Delete
    4. මේ දවස්වල නයා දිය නයාට ඇදලා..

      Delete
    5. ඕකට ගහන්ඩ ඕනෙ වතුර වගේ බූමිතෙල්.

      Delete
    6. වැඩක් නෑ ගහනවනං අති විශේෂ භූමිතෙල් ගහපං.

      Delete
    7. ෂැන්ඩි කරලත් ඕනෙද?

      Delete
  9. Matt Damonනුත් cast එකේ පෙන්නන්නෙ... මේන් කැරැක්ටර් එකක් ද?

    ReplyDelete
    Replies
    1. අන්න නමියො චැලෙන්ජ් එක. පුළුවන්නං ෆිල්ම් එක බලල මැට් ඩැමොන් ඉන්න පාට් එක හොයල කියහං. ප්‍රසා ගෙ අන්ඩවෙයා එක ඔට්ටුයි, උඹට බැරි වෙනවට හොයන්ඩ.

      Delete
    2. ඈ බොල හිතුවද මං අනුන්ගෙ ඒවා අඳිනව කියල....
      😂මේ ටිකේ වැස්සත් එක්ක... වේලෙන්නෑ මොකක්කත්. කමක් නෑ සයිස් එක මොකක්ද ඕකගෙ

      Delete
    3. පහුගිය පාර හැව අරින්ඩ කලින් නං මීඩියම් සයිස්. දැන් ඔන්නං ලාජ් වෙන්ඩැති. විශේෂ අඥ උපදෙස් සඳහා මෙන්ඩ විමසන්න.

      Delete
    4. චෑ ..චෑ ලෝකය හිනස්සන්න එපා...මෙන්ඩ
      වගේ යාලුවෝ ඉන්නකොට මොකටෙයි හෝද හෝද / අනුන්ගේ ඒවා අදින්නේ ලබන සතියේ නැව එයි උබලගේ ගෙදරට මම උබට දුරකථන ඇමතුමක් දෙන්නම්

      Delete
    5. උඹට තේරෙන්නෑ, ප්‍රසා ගෙ අන්ඩවෙයා එකේ තියෙන ඔ්නමැන්ටල් වැල්‍යු එක. ඒකයි බෙට් කළේ.

      උඹ කියන්නෙ ප්‍රසා ගෙ සයිස් එක කිඩ්ස් ලාජ් ද?

      Delete
    6. ප්‍රසා අදින්නෙ මෙන්ඩා දුන්න පුක එළියේ තෝං එකක්.

      Delete
    7. ඔව්ව නං මොනවද? පිනෝකියොත් අඳින්නෙ...

      https://www.youtube.com/watch?v=eeTRSsolcjQ

      Delete
  10. මෙහි දක්වා ඇති ලින්ක් එකට ගියා විතරයි වයිරස් ගාඩ් එකෙන් බරපතල අනතුරු ඇඟවීමක් කල නිසා බයටම අයින් උනා.

    ReplyDelete
    Replies
    1. ඔය දැනට මම දැකල තියෙන ආරක්ෂිත ම ටොරන්ට් සයිට් එකක්. ඒකෙත් සමහර විට රී ඩිරෙක්ෂන් එනව. එහෙම රීඩිරෙක්ෂන් තමයි වෛරස් ගාඩ් එකෙන් අල්ලන්නෙ. ඒක ගණං ගන්ඩ එපා. අවදානම වෛරස් ගාඩ් එකෙන් බලා ගනියි.

      එහෙමත් නැත්තං පොඩ්ඩක් euro trip torrents කියල ගූගල් සර්ච් කරල බලන්න. වයිටීඑස් එහෙම එයි.

      ඒත් නැත්තං උඩ නිදි කියල තියෙන තැනින් ගන්නත් පුළුවන්.

      Delete
  11. එතකොට ෆියෝන කියන්නෙ ෂ්රෙක් ගෙ කෑල්ල නෙමෙයි ද? හැක්..

    ReplyDelete
    Replies
    1. ඒ තර්කෙත් හරියට, බුදුන් උපන්නේ ලංකාවේ කියන්ඩ ඇදල ගන්න සෙල්ලිපිවල තියෙන පුද්ගල නාම වගේ තමා.

      ඒ ෆියෝනාත්, මේ ෆියෝනාත් හැර තවත් ෆියෝනා ලා සිටිති...

      Delete
  12. ත්‍රිවිල් එක්කත් ගහල තිබුනා

    ReplyDelete
    Replies
    1. "දෙස්තර කළබල උනාට පිස්සෝ කළබල නෑ" ...

      Delete
    2. මෙන්ඩා,
      මොකද්ද ත්‍රී වීල් එහෙක ගහල තිබුණෙ? කැනපියක් ද?

      කොමියා,
      දේශපාලනේ ගැන නෙමෙයි නෙ කතා කරන්නෙ?

      Delete
    3. මේ බුදුන් උපන් දේශයයි
      මචෝ..කොමි...මොකද ආවේ නැත්තේ

      Delete
    4. නයාගේ කෙමෙන්ට් එකට වැටෙන්න ඕන කෙමෙන්ට් එකක් මෙතැන වැටිලා බන්

      Delete
    5. ආාා හරි හරි හරි. දැන් තේරුණා. මං හිතුවෙ මේ ෆිල්ම් එකේ පෝස්ටරයක්වත් ත්‍රීවීල් එහෙක ගහල තිබුණ කියල.

      Delete
  13. සටහනට ස්තුතියි මතකය අවදිවුණා . හරිම ආසාවෙන් බැලු චිත්‍රපටයක් . Kilometers and Kilometers මලයාලම් චිත්‍රපටය බලන්න . ඔබ කැමති වේවි.

    ReplyDelete
    Replies
    1. මයි ගුඩ්නස් කිව්වලු. ට්‍රේලර් එක බැලුවා. දැන් ඉතිං ෆිල්ම් එක බලන කං ඉවසිල්ලක් නෑ.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි