Tuesday, December 6, 2022

පෙරකොදෝරු සහ දේශපාලු කතා

හිටපු ජනාධිපති/අගමැති/පා.ම. ගරු මැතිතුමෙක් මිය ගියා. මිය ගිහින් එයාගෙ ආත්මය ගියා චිත්‍රගුප්ත ගාවට. කවුද චිත්‍රගුප්ත? එයා තමයි යම රජුගේ ලේකම්.

//උපුටා ගැනීම //

//ඉන්දියානු පුරාවෘත්තයට අනුව චිත්‍රගුප්ත යනු මිනිසුන්ගේ ක්‍රියාවන් පිළිබඳ සම්පූර්ණ වාර්තා තබා ඔවුන්ගේ කර්මයට අනුව ඔවුන්ට විපාක දීමේ කාර්යය පැවරී ඇති හින්දු දෙවියෙකි’ චිත්‍රගුප්තට පැවරී ඇත්තේ මිනිසුන්ගේ ක්‍රියාවන් මත පදනම්ව ඔවුන්ගේ මරණයෙන් පසු ස්වර්ගයට හෝ නිරයට යනවාද යන්න තීරණය කිරීමයි’ චිත්‍රගුප්ත යනු බ්‍රහ්මයාගේ දහහත්වැනි මානසපුත්‍ර වේ’ ඔහු බ්‍රහ්මගේ ආත්මයෙන් සහ මනසින් මවා ඇති බව විශ්වාස කෙරෙන අතර ඒ අනුව බ්‍රාහ්මණයකු මෙන් වේද ලිවීමේ අයිතිය ඔහුට ලබා දී ඇති අතර ක්ෂත්‍රියකුගේ රාජකාරිය ද පැවරී තිබේ’//

චිත්‍රගුප්ත කිව්වා දේශපාලු තුමාට, "අපේ සිස්ටම් එක පොඩ්ඩක් අප්ඩේට් කරල තියෙන්නෙ, දේශපාලනඥයන් වෙනුවෙන්. දැන් අපි පැය විසි හතරක් එතුමාලට අපායෙ ගත කරන්න අවස්ථාව දෙනවා. ඊට පස්සෙ ඔබතුමාට තෝරාගන්න අවස්ථාව ලැබෙනවා, අපායට යනවද, දිව්‍ය ලෝකයට යනවද කියලා"

දේශපාලු තුමාට පුදුමයි. නමුත් එතුමා ඒකට කැමති වුණා. එක පාරට ම හාත්පස අඳුරු වෙලා, ආපහු අවදි වෙනකොට එතුමාගෙ ඇඟට දැනුනේ විල්ලුද වගේ සුවපහසු බවක්. එයා ඇස් දෙක තදින් පියා ගත්තා, මිනිස්සු වේදනාවෙන් කෑ ගහන සද්ද අහන්න අපේක්ෂාවෙන්, නමුත් ඇහුණේ බොහොම මෘදු සංගීතයක් විතරයි. මස් පිච්චෙන ගඳ අපේක්ෂා කළාට, දැනුණේ බාබකිව් එකකින් නැඟෙන, සෝස් මිශ්‍ර මස් රෝස්ට් වෙන සුවඳ.

"නැඟිටින්න හිටපු ජනාධිපතිතුමනි." ඉතා මිහිරි කටහඬක් ඇහිලා දේශපාලු තුමා ඇස් ඇරලා බැලුවා. සුරංගනාවියන් වගේ පෙනුම තිබුණු ගෑණු ළමයි දෙන්නෙක් අත දික් කරලා එතුමා ව නැඟිට්ටෙව්වා. එතුමා මෙතෙක් ඉඳලා තිබුණේ පිහාටු වගේ මෘදු ඇඳක. ඔහු දැක්කේ තරු හතේ හෝටල් කාමරයක්. 

"මම මේ කොහෙද?"

"අපායෙ" ගෑණු ළමයින්ට පිටුපසින් හිටපු උස මහත පිරිමියෙක් උත්තර දුන්නා බොහොම ගැඹුරු කටහඬකින්. "මම තමයි යම රජු. වෙල්කම්..."

එතන ඉඳන් දේශපාලු තුමාට ඉතාම ඉහළ මට්ටමේ සැළකිල්ලක් ලැබුණා. උසස් වර්ගවල ඇල්කොහොල්. විශිෂ්ඨ විදිහට පිස තිබූ කෑම බීම. ඇසුරට ලස්සන තරුණ ගෑණු ළමයි...

ඔහු සිටි හෝටල් කාමරයට ඉහළ මහලේ තිබුණ‌ෙ අපාය ක්ලබ් එක. අවසානයේ ඔහු නින්දට වටෙද්දී සිටියේ ඒ ක්ලබ් එකේ.

ඇහැරෙනකොට නැවතත් ඔහු චිත්‍රගුප්ත ගාව.

"ඉතින්... මොකද හිතන්නෙ?" චිත්‍රගුප්ත ඇසුවා. "ඔබ දිව්‍යලෝකයට යනවද? එතැන මෝසාට් ගේ සංගීතය. පළතුරු සහ නැවුම් එළවළු. කෙලි දෙලෙන් ගතකරන සාවුන්, බැටළුවන් සහ මුවන්..."

"හා පෝ...! හරිම බෝරිං... නෑ. නෑ. මම කැමතියි අපායට"

කටකොණකින් හිනාවුණු චිත්‍රගුප්ත, තමන් අතේ තිබුණු මහ පොතේ සටහනක් යෙදුවා. ඒ විගස හාත්පස අඳුරු වෙලා, දේශපාලු තුමා ආපහු ඇහැරුණේ ඉවසන්න බැරි තරමේ උණුසුමක් තිබූ පරිසරයකට.

විළාප හඬ හැම තැනම. බැලූ බැලූ අත දකින්න තිබුණේ ගින්නෙන් පිළිස්සෙන, යකඩ කියත්වලින් කැපෙන, ගිණියම් කටුවල ඇමිණෙන, මිනිස් සිරුරු.

"මේ මොකද්ද මේ?" දේශපාලු තුමා පුදුම වෙලා කෑ ගැහුවා. "කෝ මට ඊයෙ පෙන්නපු හෝටල් කාමරය? කෝ ක්ලබ් එක?"

"ආ... ඒ අපේ ප්‍රචාරක ව්‍යාපාරය." යම රජු කීවා. "දේශපාලු පවුකාරයෙක් තෝරා පත් කරගන්න තිබුණු කැම්පේන් එක ඉවරයි. අපි ඔබ තෝරා පත් කරගත්තා."

*    *    *

දවසක් මිනිහෙක් වෑන් එකක් පදවගෙන යනවා, ගමනක්. (ගමනක් නැතුව නින්දක් යනවෑ වෑන් එකක් එළවගෙන?) එහෙම යද්දි එයා දකිනවා, ලෝයර් කෙනෙක් පාර අයිනෙ හිටගෙන ඉන්නවා. ඉතින් සමාජයට මෙහෙවරක් කරන්න කියලා හිතාගෙන අර මනුස්සයා වාහනේ ඇඟට කපලා අර ලෝයර්ව යටකරගෙන යනවා. තව ටික දුරක් යද්දි මේ මනුස්සයා දකිනවා තවත් කළු කබා කාරයෙක්. ඉතින් තවත් සමාජ මෙහෙවරක් කරන්න කියලා ඇඟට කපන්න යද්දි ම තමයි එයා දකින්නෙ, ඒ ෆාදර් කෙනෙක් කියලා. ඉතින් පොඩ්ඩක් නතර කරලා ෆාදර්වත් වාහනේට නග්ග ගන්නව, ලිෆ්ට් එකක් දෙන්න.

ඔන්න ඉතින් ඔය විදිහට ඒ දෙන්නා යන්න පටන් ගන්නව ආපහු. ඒ යද්දි ප්‍රසා දකිනව පාර අයිනෙ ඉන්න තවත් කළු කෝට් කාරයෙක්ව. ‍මේ පාර හොඳට ම බලලා සැක ඇර ගන්න මිනිහා, තවත් සමාජ සත්කාරයක් කරන්න හිතාගෙන අරූ ගෙ ඇඟට කපනව. එතකොට ම තමා ප්‍රසා ට මතක් වෙන්නෙ "යකෝ! වාහනේ ෆාදර් කෙනෙක් ඉන්නව නේද" කියලා. 

ඉතිං අරූ යට වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ප්‍රසා ආපහු හරව ගන්නව වෑන් එක. ඒ උන්දැට ඇහෙනව "තඩ්" ගාලා සද්දයක්. පස්ස බලන කණ්ණාඩියෙන් බලනකොට, ප්‍රා ඉන්නව පදික වේදිකාවෙ වැටිලා ඇද වෙලා. ඉතිං ප්‍රසා කියනව වම් පැත්තට ඔලුව හරවලා, 

"අනේ සොරි ෆාදර්. මට එක මොහොතකට පොඩි මිස් එකක් වුණා. ඒත් මං හිතුවා අර ලෝයර් මහත්තයා වාහනේ හැප්පෙන එකක් නෑ කියලා."

"ඔව්. ඔව් මහත්තයා." ෆාදර් හිනා වෙලා කියනවා. "මාත් හිතුවා එයා බේරෙයි කියලා. ඉතිං මං එකපාරටම දොර ඇරලා වැහුවා, අඩුගානෙ දොරේවත් හැප්පෙන්න කියලා."

*    *    *

ප්‍රාදේශීය  සභාවෙ සභාපතිතුමා පන්සලට ගියා. පන්සල් ගිහිං හිටපු අසංගට කෝල් එකක් ආවා. කෝල් කළේ අජිත් කියලා, අසංගගෙ හොඳ ම යාළුවෙක්.

"අහවල් සභාපතිතුමා ආව නේද පංසලට?"

"ඔව් මචං" අසංග කිව්වා. 

"මචං මං සභාපතිතුමාගෙ වයිෆ් ඉස්සුවා රූම් එහෙකට. උඹ පුළුවන් තරං වෙලාවක් ඔය යකා පන්සලේ ම තියාගනිං." අජිත් කෝල් එක කට් කළා.

ඉතිං අසංගත් සභාපතිතුමාගෙ පස්සෙන් වැටුණා. සභාපතිතුමා වතාවත් කරලා, ලොකු හාමුදුරුවොත් හම්බුවෙලා, ආවාස ගෙයිං එළියට එද්දි, අසංගත් අරූ එක්ක හොඳටම ෆිට් වෙලා. 

ඉතිං දෙන්නා කතාවට වැටුණා. ගෑස්, විදුලිය, ටීචර්ලට සාරි ඇන්දවීම, අයියෝ හාමිනේ, එක්ලක්ෂ හැටදාහක අවයව පරිත්‍යාගය ආදී ට්‍රෙන්ඩ් වෙච්ච හැම මාතෘකාවක් ම කතා කළා.

සභාපතිතුමා එක පාරටම ඇහුවා, "අසංග මහත්තය මාත් එක්ක හොඳට දන්න අඳුනන උදවිය වගේ සෑහෙන වෙලාවක් කතා කළානෙ?" කියල.

අසංග හෙණ අවංකය නෙ. උන්දැට එකපාරටම බොරුවක් ගොතාගන්ඩ බැරි උනා. ඉතිං ඌ ඇත්ත ම කිව්වා. 

"සභාපතිතුමා, මගෙ යාළුවෙක් ඔබතුමාගෙ වයිෆ් ඇදලා රූම් එහෙකට. මට කිව්වා පුළුවන් තරං වෙලා ඔබතුමා පන්සලේ පරක්කු කරගන්ඩ කියලා."

සභාපතිතුමා හිනා වුණා. පස්සෙ අසංගගෙ කරට අතත් දාගත්තා.

"අනේ බං. උඹ පොඩ්ඩක් හොයල බලහං ඔය යාළුව ඉන්න තැනයි, උඹේ වයිෆ් ගෙදර ඉන්නවද කියන එකයි... මගෙ වයිෆ් ගිය අවුරුද්දෙ මැරුණෙ."

---------//---------

ඉහත සඳහන් එකෙක්ගෙන්වත් පිහි පාරක් නොකෑවොත් කමෙන්ට් කියවන්ඩ එන්නං.

48 comments:

  1. Replies
    1. සිනහව අතරින් කඳුලක් උපන්නා වගේ ඉමොජියක් නේද ඒක?

      Delete
  2. චිත්රගුප්ත කියද්දී මතක් උනේ මලයාලම් ෆිල්ම් එකක්. බාහුබලී හැදුව රාජමව්ලීගේ යමදොන්ගා ෆිල්ම් එක. Jr. NTR හෙම හිටිය. ඒකේ චිත්‍රගුප්තගේ වැඩ බලන්නකෝ..
    https://www.youtube.com/watch?v=21X4xR5Gz2Q

    ReplyDelete
    Replies
    1. වැරදුනා. තෙලිඟු ෆිල්ම් එකක්.

      Delete
    2. රොම්බ නන්රි ඈ... මං බාගෙන බලන්නං.

      Delete
    3. බාගෙන බලන්නම නෙමේ ෆිල්ම ගැන කීවේ. ඔය ටයිප් ෆිල්ම්ක් බලන්න ඕන නම් Ravi Teja, ‎Taapsee Pannu ඉන්න Daruvu (2012) බලන්න. මේක අරකට වැඩිය මරු.

      Delete
    4. ආාා ඔය දෙක ම බලනව මං පෙන්ෂන් ගියාට පස්සෙ...

      Delete
  3. පෂා.... ෂා නියමයි. ප්‍රා. ජේව හැප්පුව එකනම් වැරදී පෙන්ඩ්

    ReplyDelete
    Replies
    1. කොහොම ද උන්දැ හප්පල ඇවිත් ඉන්න උජාරුව විතරක්? (පොටෝ එකේ)

      Delete
  4. "මචං මං සභාපතිතුමාගෙ වයිෆ් ඉස්සුවා රූම් එහෙකට. උඹ පුළුවන් තරං වෙලාවක් ඔය යකා පන්සලේ ම තියාගනිං." අජිත් කෝල් එක කට් කළා" Then... "අනේ බං. උඹ පොඩ්ඩක් හොයල බලහං ඔය යාළුව ඉන්න තැනයි, උඹේ වයිෆ් ගෙදර ඉන්නවද කියන එකයි... මගෙ වයිෆ් ගිය අවුරුද්දෙ මැරුණෙ." මේ ටික ක්ලැසික් ආ. අජිත් හිටපු ගමන් 'විද්දෙ හාවට වැදුනෙ පඳුරට' වගේනෙ. (තරහ වෙයිද දන්නෙ නෑ විහිලුවට කිව්වෙ).

    ReplyDelete
    Replies
    1. මේ ලියල තියෙනෙන් අජිත් පැරකුම් ගැන නේද

      Delete
    2. ලෝටස්,
      අජිත් ට වැරදිලා නෙමෙයි. එතනින් පේන්නේ අජිත් ගෙ සූක්ෂ්ම උපායශීලිත්වය.

      අජිත්,
      ඔව් ඔව්. පැරා තමයි. අසංග කියන්නෙත් ප්‍රියමන්ත පීරිස් කියලා ගායකයෙක්.

      Delete
    3. ඩ්‍රැකී, අජිත්- මම අදහස් කලෙත් ඒකම තමයි එක දෙයක් ගැන කතා කරද්දි තවත් දේවල් ගැන සූක්ශ්මව අදහස් දක්වන්න පුලුවන් වීම ගැන.

      Delete
    4. ඒකට ඉතිං ප්‍රශංසා කරන්ටෝනෑ වෙන්නෙ අජිත්ට ම තමා.

      Delete
    5. කවුරු හරි තව එනවද කඩු පොළු කිනිසි පිහි අරගෙන නුවර එලි යන්ඩ ප්‍රා , අසංග

      Delete
    6. බොලේ, ප්‍රශංසා කළහමත් ගහන්ඩ එනවනෙ. 🏃‍♂️🏃‍♂️🙏🤦‍♂️

      Delete
    7. හෑ අපි යාළුවන්ට එහෙම වැඩ කරන්නේ නැහැ. තරහ කාරයෙකුට උදව්වක් කරනවා මිසක්ක. ඒක ප්‍රසන්ශාවක් වෙන්නේ කොහොමද ද්‍රකියුලා , ඔහේ නම් ඕන කෙනෙක් ගේ ලේ බොනවා නොවැ

      Delete
    8. ප්‍රශංසාව කිව්වෙ සූක්ෂ්ම බුද්ධිය ගැන. අනික් ටික නං ෆන් එකට බව කරුණාවෙන් සළකනු ඇති බව අපේක්ෂා කෙරේ...

      (අවුලක් නම් කියන්න. මං වැඩි දුර හිතන් නැතුව නම් දෙක දැම්මෙ...)

      Delete
    9. හරි හරි බං මට තේරිලා තිබ්බේ 😃 (රහසින් - ඒත් ඉතින් අරයා කොහොම තේරුම් ගනීවිද දැනේ නැහැනේ) මට ගල්කිස්සේ පැත්තේ යන්න නැති කරන්න එපා. පිහියා ඇනුම් කන්න වෙන්නේ.

      Delete
    10. ඒ විදිහට බලනකොට මටත් අප්සට්... අසංග මොන විදිහට මේක බාර ගනියි ද කියලා...

      Delete
  5. ප්‍රසා ට "එක මිනිහෙක්" කියල අපහස කරපු එක නම් වැරදියි. මැතිතුමා කියන්නේ නැතිව. දෙපාරක්ම ලෝයර් ල ගැන දාන්න මොකක් අහරි ඇරියස් එකක් තියෙනවද කොහෙද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ගරු කටයුතු නයිහාමි උත්තමයාණන් වහන්සේට කණගාටුව ප්‍රකාශ කරනවා.

      ආාාා නෑ නෑ... ලෝයර්ලා එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. තව තව වෘත්තිකයො ගැන හොයද්දි තමා ඔය කතාව දැක්කෙ. ඉතිං ඒකෙ තිබුණ ලල් එකට ලියලා දැම්මා.

      Delete
    2. එක னයෙක් කියන්නැතුව ඔහොමවත් කිව්ව මදෑ අජිත්. හැක්..

      Delete
  6. පිහි ඇනුමකට ලක්වී රෝහල්ගතව
    හිටි මිතුරෙකුව ඈඳාගෙන බය නැතුව
    කතා ගොතා වැටුණෝතින් හෙම නඩුව
    ප්‍රාත් ප්‍රසත් පැමිණිල්ලෙයි සැක නැතුව!

    ReplyDelete
    Replies
    1. නඩු ගැන කියද්දි මට නං මතක් උනේ
      සක් දෙවියොයි යමයයි කියු නඩුව මෙනේ
      උඩකවියේ පොඩි එකක් ඇති, නැත මං දන්නේ
      බය කියනා වචනෙ තේරුම මොකක් අනේ

      Delete
  7. ලෝයර්ස්ල හප්පන එක බොහොම හොඳ සමාජ සත්කාරයක් ලෝකෙපුරාම.

    හැබැයි ලංකාවෙ ඒක සම්පූර්ණ වෙන්න පූජ්‍ය පස්සයටත් ඒකම කරන්න ඕනෙනෙ.

    ReplyDelete
    Replies
    1. හා හා... එහෙම කියන්ඩ එපා. පූජ්‍ය පක්ෂයට ගරු සරු කරන්ඩ ඔ්නෙ. අපි කියමු, පූජ්‍ය පස්සයට වාහනේ ඇඟට වඩම්මලා වදාරන්ඩ ඔ්නෙ කියල.

      Delete
  8. කතාවටම හරි යන පින්තුර....හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. විසේසෙම්ම කියන්ටෝනෑ... පළවෙනි පොටෝ එක ගැන...

      Delete
    2. https://www.youtube.com/watch?v=N9NCyGaxoDY

      Delete
    3. videoa unavailable in UK. Copy right issue.

      Delete
    4. Funny thing is that video is generated by UK. I'll search another...

      Delete
  9. ඕකව තුවක්කුවක් දිලා යවහන්කො අර කඩේ පැත්තට...

    ReplyDelete
    Replies
    1. ඔන්න ප්‍රසෝ... පළයං කඩේ...

      Delete
    2. ඔය කියන්නෙ දැල් කඩේ ගැන ද?

      Delete
    3. ඒක වැහුවලු නේද?





      බොගෙන් බේරෙන්ඩ බෑ කියල...

      Delete
  10. https://www.youtube.com/watch?v=F1SCbkNTKNk

    ReplyDelete
    Replies
    1. හෑ... බනානා ෆ්ලවර් තමයි.

      Delete
  11. බලහංකො ඉතිං. අර ෆාදර් කාරයත් එක්ක ලස්සනට ෂේප් එකේ කරපු වැඩේ මේ අලය පත්තරේ දාලනෙ. දැං ඉතිං ප්‍රා තුමා කේස් එක ෆයිල් කරනව ශුවර්. එහෙම උනොත් අල කොමා තනතුරට දැම්මම වෙන එකෙක් හොයාගන්න කියහං.

    ReplyDelete
    Replies
    1. පත්තරේ දාන් නැතුව අද දෙරණට දෙන්ඩ ද කියන්නෙ?

      ප්‍රා කේස් එක ෆයිල් කරන්ඩ යද්දි ආපහු දොර ඇරහං...

      Delete
  12. මූ දැං දවස් ගානකින් නෑ කියන්නෙ අනිව ප්‍රා, අසංග, අජිත්ල සෙට් වෙලා මූව උස්සල අල පාත්තියක වළලල තමයි.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=ZGY2B5-LWf8

      Delete
    2. ඒ ප්‍රා ගෙද බෙල්ල කෑවෙ.

      Delete
    3. ප්‍රසෝ, උඹේ බෙල්ල කන්ඩ උපං මමයි හෙනහුරා...
      https://www.facebook.com/100046772243050/videos/724483451999759/

      Delete
  13. කොමා නිවසින් අතුරුදන් වූ අලකොමා සොයා විශේෂ බ්ලොගාධිපති කොමිසමක් පත්කිරීමට මම යෝජනා කරමි.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි