Tuesday, January 3, 2023

වැම්පයර් විහිළු කතා (ඔව්... එහෙම එව්වත් තියෙනව)


වැම්පයර්ලා තුන් දෙනෙක් දවසක් රෑ කතා වුණා, තමන් අතරින් දක්ෂම කෙනා තෝරන්න. 

ඔන්න ඉතින් පළවෙනියා ඉතා ම වේගයෙන් පියාඹලා ගියා, පැයට කිලෝමීටර් සීයක විතර වේගයෙන්. ගිහින් විනාඩි කීපයකින් ආපහු ආවා. කටේ හැම තැන ම ලේ...

"අර පේනව නේද, කන්ද උඩ සංචාරක බංගලාවක් තියෙනව..." එයා ඇහුවා, අනික් අයගෙන්.

"ඔව්?"

"මං ඒකට පියාඹලා, ඒකෙ හිටියා පස් දෙනෙක්. උන් ඔක්කොම වේළෙනකං ලේ බීලා, මරලා දාලා ආවා..."

දෙවෙනියට හිනා. එයා පියාඹලා ගියා කලින් කෙනාටත් වඩා වේගයෙන්. ගිහින් මිනිත්තු දහයකින් විතර ආවා, කටෙයි, නිකටෙයි, බෙල්ලෙයි ලේ තවරගෙන.

එයා අත දික් කරලා පෙන්නුවා ඈත තියෙන ගම්මානය...

"අර පේනව නේද, ඈත තියෙන ගම?"

"ඔව්?" අනික් දෙන්නා කිව්වා.

"ඒ ගමේ පවුල් පණස් දෙකක් උන්නා. මං ඒ ඔක්කොම දෙනාගෙ ලේ බීලා ආවෙ..."

තුන්වෙනියා මොකවත් කියන්නෙ නැතුව, අර දෙන්නට ම වඩා වේගයෙන් පියාඹලා ගියා. පැයට කිලෝ මීටර් තුන්සීයක විතර වේගයෙන්. ඒ ගිහින් විනාඩියකින් විතර ආපහු ආවා, නහයෙයි කටෙයි, නළලෙයි... හැම තැන ම ලේ තවරගෙන.

හොඳට ම මහන්සි වෙලා ආපු තුන්වෙනියා, අනික් දෙන්නට අත දික් කරලා පෙන්නුවා ගහක්...

"තමුසෙලට පේනව ද, අර ඈත තියෙනව, තඩි පයින් ගහක්?"

"ඔව් ඔව්...?" අනික් අය ඇහුවෙ, ඒ මොන විදිහෙ වික්‍රමයක් ද කියල දැනගන්න.

"මට පෙනුන් නෑනෙ අයිසෙ, කලින් සැරේ යද්දි..."


*    *    *

වැම්පයර් කෙනෙක් බැංකුවකට ආවා, තුවක්කුවක් අරගෙන. උඩට වෙඩිල්ලක් තියපු එයා, කෑ ගැහුවා...

"එකෙක්වත් හෙල්ලෙන්ඩ එපා, කුඩු වෙන්ඩ වෙඩි තියනව."

ඊට පස්සෙ ටෙලර් කවුන්ටරේකට මල්ලක් විසි කරලා, ඒක සල්ලිවලින් පුරවන්න කියලා කිව්වා.

"මේ... අයියෙ..." ඔය අතරෙ බැංකුවෙ උන්න එකෙක් බයෙන් බයෙන් ඇහුවා... "ඔයා යන්ඩ ඕනෙ ලේ බැංකුවකට නෙමෙයි ද?"

"නෑ මල්ලි... මට ශාපයක් වැදිලා තියෙනව..."

"ශාපයක්?"

"ඔව්. මට හැම කෙනාගෙන් ම ලේ බොන්ඩ බෑ. මට ලේ බොන්ඩ පුළුවං, ගොබ්බ පණ්ඩිතයන් ගෙන් විතරයි. ඒකයි මම මෙහෙම වැඩක් කරන්නෙ. මේ ස්ටන්ට් එක කරපු හැම තැනක ම, එක ගොබ්බ පණ්ඩිතයෙක් හරි උන්නා..."

*    *    *

දවසක්, මනුස්සයෙක්, වැම්පයර් කෙනෙක් ගෙ පපුවට උලක් ගැහුවා. සොම්බියෙක් ට මැරිලා වැටෙන්ඩ ගැහුවා, ඊට පස්සෙ යකෙක්ගෙ ඔළුව පැලෙන්ඩ ගැහුවා. උන් තුන් දෙනා වැටිලා ඉද්දි, අර මනුස්සයගෙ බිරිඳ එතෙන්ට කඩං පැන්නා විළාප දීගෙන.

"ඇයි මනුස්සයෝ... තමුසෙට පිස්සු ද? මේ ළමයි ට රස කැවිලි නෙ ‌දෙන්ඩ තියෙන්නෙ, මේ හැලොවින් දවස නෙ..."

*    *    *

අන්තිම කතාව ටිකක් අවර යි. ඒ නිසා ගෑණුළමයි සහ සියුමැලි පාඨකයො මේක ප්‍රසිද්ධියෙ කියවන්ඩ එපා. කියෙව්වෙ නෑ වගේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකට යන්න...

දවසක් මනුස්සයෙක් කැළේ අතරමං වුණා. එයා පාරක් හොයාගෙන එහෙ මෙහෙ යද්දි, එක පාරට ම ගහක් අස්සෙන් කඩං පැන්නා, සුදුමැළි මහා භයාණක පෙනුමක් තියෙන කෙනෙක්.

"ඔහොම හිටූ! මං තොගේ ලේ බීලා මරළා දානවා...!

"අනේ... අනේ... එපා" ප්‍රසන්න පින්සෙණ්ඩු වුණා. "අනේ මාව මරන්ඩ එපා. මං ගෙදර එනකං බලාගෙන ඉන්නව මගෙ වයිෆ්... මට පොඩි ළමයි ඉන්නව..."

"ඒ කතාවලින් වැඩක් නෑ. මං තොගෙ ලේ බොනවා...!

"අනේ... මං ඕනෙ දෙයක් දෙන්නං, මාව මරන්ඩ එපා..."

අර ලේ බොන්නා පොඩ්ඩක් කල්පනා කළා.

"හරි... මං උඹේ වයිෆුයි ළමයිනුයි ගැන හිතලා, උඹට එක චාන්ස් එකක් දෙන්නං."

අනේ ඉතිං අර මනුස්සයා වැඳ වැටුණා.

"මොක ද කියන්නෙ? මං එක්කො උඹේ ලේ බොනවා, එහෙම නැත්තං පු* අරිනව. කැමති ඔප්ෂන් එකක් තෝර ගනිං"

අනේ ඉතිං, මැරෙනවට වඩා ඕනෙ එකක් හොඳයි කියලා හිතපු අර මනුස්සයා, දෙවෙනි ඔප්ෂන් එක තෝර ගත්තා.

ඉතිං ගනුදෙනුව ඉවර උණාට පස්සෙ අර මනුස්සයා හොඳටෝ ම අඬන්න ගත්තා. වැම්පයර් ටත් හෙණ දුකයි ඒක දැක්කම.

"මොකද මිනිහො? දැං ඉතිං ඒක ඉවරයි නෙ. දැං කළිසම ඇඳගෙන පලයං ගෙදර..."

"ඔයා නං කියයි. ඒ උනාට මේක මිනිස්සු දැනගත්තොත් එහෙම... මං කොහොම ද ගමට සමාජයට මුහුණ දෙන්නෙ...?"

"මොන සමාජයක් ද අයිසෙ?" වැම්පයර් අරූගෙ හිත හදනව... "ඔය සමාජය තමුසෙ ගැන හිතන දේවල්, කියන දේවල් ගණං ගන්ඩ එපා. දැං බලනව මං දිහා... මගෙ මේ සුදුමැළි පෙනුම නිසා, මිනිස්සු මං වැම්පයර් කෙනෙක් කියල හිතාගෙන ඉන්නව. ඉතිං කෝ? මං අඬනව ද?" 

අත හිත - බස්සගෙන්

49 comments:

  1. හෑ...

    එතකොට ප්‍රසන්න ඔය හැම තැන ම ටෝච් එකක් ගැන කිය කියා යන්නෙ... ඇත්ත ටෝච් ගැන නෙමෙයි ද?

    (මං මේ වෙන එකෙක්... හූ!!!!!)

    ReplyDelete
    Replies
    1. පුෂ්! 🐍
      (මං ප්‍රසන්න)

      Delete
    2. ඌ සුදු උනාට ටෝච්චෙක කළුයි බොල.

      Delete
    3. ඒ කලුවර වෙලාවෙ හැම දේම කලුයි...

      Delete
  2. කොයි කථාව මුල් කරගෙන කමෙන්ටුවක් දාන්නද කියමින් දහ අතේ කල්පණා කරණා මම!

    ReplyDelete
    Replies
    1. කතා හතරට ම කමෙන්ට් හතරක් දාහං ලොකු අයියෙ... 😁👍

      Delete
  3. අන්තිම එකට උඩ කතාව තමයි, මට නං හොඳම. මට මතක් වුනේ " බ්ව්වට පස්සෙ ටෝ නං මහ දසයෙක් සුපර්මෑන්" කතාව :)

    ReplyDelete
    Replies
    1. අන්තිම කතාවත් ඒ වගේ තමා. ඌ වැම්පයර් කෙනෙක් නෙමෙයි... 💣💥🤣

      Delete
  4. ඔන්න දවසක් කොමිටල් ඩ්‍රැකියා වන මම පාන්දර වෝක් එකක් දාන ගමන් ඉන්න අතරේ අපේ ලොකු ඩ්‍රැකියා අහම්බෙන් මුන හැහුනා.
    මම: ඈ බං කොහෙද මේ හදිසියේ දුවන්නේ?
    ඩ්‍රැකියා : මම මේ බේකරියට යන ගමන්. මේ හරියේ බේකරියක් එහෙම තියෙනවාද?
    මම: ඒ මොකටද?
    ඩ්‍රැකියා : පාන් රාත්තලක් ගන්න.
    මම : දැන් උඹ මේ පාන් ගණන් කාලේ ලොකු සීන් දාන්නද පාන් කන්න පටන් අරන් තියෙන්නේ?
    ඩ්‍රැකියා : පිස්සුද බං අන්න අරහේ එකෙක් ලොරියකට යටවෙලා එතැනමයි. මම මේ පාන් හෙව්වේ බිම තියෙන ලේ ටික පොගවලා කන්න.
    මම : ආ එහෙනම් පාන් කාලා ඉවරවෙලා තේ ඩිංගක් බොන්නත් ඕං නේ? මේ යුස් කරපු සනිපාරක්ෂක තුවායෙන් තේ ටිකක් හදාගෙන බීහං. මම යනවා....

    ReplyDelete
    Replies
    1. ඔය කතා දෙකක්... මං ඒ දෙක කියෙව්වට, ඒව මෙතන ලියන්ඩ ගියෙ නෑ. ඕවට කියන්නෙ ස්වයං චාටර් කියලා... 🤣🦇

      Delete
  5. ප්‍රසන්නටත් වෙන දේවල්... බ්ලොග් එක නොලියන හින්ද මම හිතන්නේ ඔය...
    හෙහ් හෙහ් ..

    මේ ටික කලින් අහල නැති ඒවා ... අර හඳ පෙන්නලා ඔය තියෙන්නෙත් ඉර එලිය තමා කිව්වම මැරිලා වැටෙන කතාව දන්නවා නේද ? හෙහ් හෙහ්

    ReplyDelete
  6. හුම්.... වැම්පයර් කතා නේ.

    සොදුරු සීතල යාමේ
    ඔබට ලං වී රහසේ
    උණුසුමේ හැන්ගීලා
    ලේ බොමුද හඳ පානේ...

    ReplyDelete
    Replies
    1. රෑට මං හීනෙන් ඇවිදින්...
      #@$%€ॐ卐නම්...

      Delete
  7. දෙමල නයා ගෙ Xක ගත්තෙ ඩ්‍රැකිය ද එතකොට?

    ReplyDelete
    Replies
    1. මං ගත්තෙ නෑ ඒක තාම උ ළඟ තියෙනව

      Delete
  8. යකෝ ඒ කියන්නෙ මට වෙන ගෑනියෙකුයි ළමයිනුත් ඉන්නවද? සමාජෙ මේව දැනගත්තොත් පුකේ ඇරියට හපං.

    සැ.යු. පුක යනු අහවල් එකක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං මරණ බයට කියන දේවල් නෙ. අරක අහවල් එකක් නොවුණට ඒකට ඔබල තියෙන්නෙ අහවල් එකක්නෙ

      Delete
  9. https://www.cosmopolitan.com/sex-love/advice/g2371/vampire-sex/

    https://theconversation.com/out-of-the-coffin-and-the-closet-gay-vampires-are-no-longer-sub-text-theyre-just-text-195011

    ReplyDelete
    Replies
    1. Q: What’s the difference between a lawyer and a vampire?
      A: The vampire only sucks blood at night.

      Delete
  10. නෑ නෑ වැඩක් නෑ කියලා වැඩක් නැත
    පළවෙනි කතාවේ අන්තිම මෙහෙම වෙත

    //තුන්වෙනියා මොකවත් කියන්නෙ නැතුව, අර දෙන්නට ම වඩා වේගයෙන් පියාඹලා ගියා. පැයට කිලෝ මීටර් තුන්සීයක විතර වේගයෙන්. ඒ ගිහින් විනාඩියකින් විතර ආපහු ආවා, නහයෙයි කටෙයි, නළලෙයි... හැම තැන ම ලේ තවරගෙන.//
    "තමුසෙ මොනවද මෙච්චර ඉක්මනට කරලා ආවේ?"
    "රටේම මිනිස්සුන්ගේ ලේ බීපු එකාගේ ලේ බීලා ආවා!"

    ReplyDelete
    Replies
    1. උගෙ ලේ බොනවට වඩා හොඳයි ගහේ හැප්පිලා මක බෑ වෙන එක...

      Delete
  11. අංගොඩ ඉන්න ඕනා මානසික ලෙඩ්ඩුත් බ්ලොග් ලියනවා වගේ. තුක් නොදකින්.

    ReplyDelete
    Replies
    1. ඔයා ලියන්ඩ විද්වත් බ්ලොග් එකක්. මේව පිළිකුල් නං කියවන් නැතුව ඉන්ඩ. මම බලෙන් මේක ඔයාගෙ ඇහේ අලවන් නෑ.

      Delete
  12. ඔක්කොමත් හරි අන්තිම එකත් හරි..

    ReplyDelete
    Replies
    1. ආ... අඟහරු මල්ලී. දාන්ඩ පහක්!

      Delete
  13. දෙවෙනි එක තමයි හොඳම

    ReplyDelete
    Replies
    1. හෙහ්... ගොඩක් අයට ඒක හිතට අල්ලල . මට නං හොඳම එක.

      Delete
  14. නෙට්ෆ්ලික්ස් එකේ ද්‍රකියුලා කතාව බලන්න ඇඩ් කර ගත්ත. තවම බැලුවේ නැහැ.
    Q: How does a hacker vampire kill its victims?
    A: With a kill-o-byte.

    ReplyDelete
    Replies
    1. Or a.... Terror byte?

      අපේ ජනාපෙති මාමත් නෙට්ෆලික්ස් බලන්නෙ. පහුගිය සතියම මෙහෙ උන්නෙ.

      Delete
  15. ඉංග්‍රීසියෙන් විතරයි හරි යන්නේ.
    Q: Do you know why I broke up with my vampire girlfriend?
    A: Because she sucked the life out of me.

    ReplyDelete
  16. අන්තිම කතා 2 තමා හොඳම😂😂

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ අර වැටිල තිබුණු කමෙන්ට් එක.

      Delete
    2. බොහොම වටිනව ආපහු return කරපු එක 🤗
      තව ටිකක් බලල පොලෝසිය ඇන්ටියක් දාන්නයි හිටියෙ

      Delete
    3. ස්පෑම්වල තිබුණෙ.

      ඔයාගෙ ඇන්ටියෙක් ඉන්නවද පොලිසියෙ?

      Delete
    4. එක ඇන්ටියෙක් නෙමෙ දුසිමක් ඉන්නව දුසිමක්

      Delete
  17. Nuwara eliye ahinsaka minissu.blood Donation thiyanawalu.

    ReplyDelete
    Replies
    1. තියෙනව තියෙනව... දුහ්!

      Delete
  18. මං වහන්සේ දාපු කොමෙන්ට් වැටිලා නැහැනේ බොලේ😒

    ReplyDelete
    Replies
    1. වැටිල තිබිල මං අහුලල ලාච්චුවට දැම්ම. කාගෙ උනත් කමෙන්ට් එකක් නෙ. අපරාදෙ නෙ පෑගිල විනාස උනොත්...

      Delete
    2. ඕක තමයි ලංකාවටම හෙනේට හිටියෙ. මොනව හරි කියල අනුන්ගෙ ඒවත් දාගන්නව තමන්ගෙ ලාච්චු වලට

      Delete
    3. වැඩිය කෑ ගහන්ඩ ආවොත්, ලාච්චුවට දාල පයිං ගහනව!

      Delete
    4. ඔයා පොලිසියෙත් වැඩ කලාද

      Delete
    5. @ඩ්‍රැකී අහවල් දේකටද ඉතින් ලාච්චුවට පයින් ගහන්නෙ😂

      @අජිත් මාමෙ, වැඩ කරන ගමන්👮

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි