Thursday, March 9, 2023

අයින්ස්ටයින් ප්‍රහෙලිකාව විසඳපු හැටි

ඒ ගැන කියන්න කලින්, විසේසෙන් ම කියන්ට උවමනයි, මේ වගේ තර්ක රාමු විසඳන ක්‍රම හතරක් මේ වෙනකොට මට හම්බ වෙලා තියෙනව. 

1. සමහර සරළ තර්ක රාමු තියෙනව, ඉඟි දෙක තුනක් දීලා සරළ ප්‍රශ්නයක් අහන. ඒ ‌වගෙ එව්ව මනෝමයෙන් ම විසඳන්න පුළුවන්.

2. තව ගැටළු තියෙනව, නෙගෙටිව් ඉඟි තියෙන. ඒ කියන්නෙ, "අහවලා, අහවලෙක් නොවේ..." වගේ ඉඟි. ඒ වගේ එව්වට අර කතිර ගහන ටේබල් එකකින් විසඳන්න පුළුවන්. ඒ කියන්නෙ, වෙන්න පුළුවන් විකල්ප ඔක්කොම දෙපැත්තට දාගෙන, කොටු ගහගෙන, ඉඟි අනුව කතිර ගහමින් හරියන තැන්වලට හරි දමමින් පුරවන තර්ක වගු.

3. තවත් ගැටළු තියෙනව, අර උඩ කියපු විදිහට නැතුව පොසිටිව් ඉඟි තියෙන. ඒ වගෙ ඒවා විසඳන්න පුළුවන් මාතෘකා ටික වගුවෙ දෙපැත්තට දාලා, ඉඟි අනුව, කොටු ඇතුලට උත්තර ලියමින්.

4. හතර වෙනි වර්ගය තමයි අයින්ස්ටයින් ගැටළුව වගේ එව්ව. ඒ කියන්නෙ, ඒව විසඳන්න පොඩ්ඩක් සංකීර්ණ විදිහට වගුව පුරවන්න වෙනව.

මං අර කිව්ව තර්ක වගු ගැටළුවලට උදාහරණ පස්සෙ දවසක තවත් ලිපියකින් ඉදිරිපත් කරන්න අපේක්ෂා කරනව. ඒ අතරෙ, කලින් පෝස්ටුවෙ ගැටළුව විසඳපු හැටි පහතින් දානව.

ඔන්න ඉතින් කලින් පෝස්ට් එකේ මම කියපු විදිහට, මම හදාගත්ත වගුව...


දැන් ඉඟි එකින් එක කියවන ගමන්, වගුව පාට කරනව.

1. බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගෙදර,

එතන තියෙන්නෙ වර්ග දෙකක විකල්ප දෙකක් ඒකාබද්ධ කරලා. ඒ නිසා, බ්‍රිතාන්‍ය ජාතිකයයි, රතු පාටයි, රතු පාටින් පාට කළා.


2. ස්වීඩන් ජාතිකයා බල්ලො ඇති කරනවා,

උඩ එක වගේ ම ස්වීඩන් ජාතිකයයි, බල්ලයි ලා දුඹුරු පාට කළා.


3. ඩෙන්මාර්ක් ජාතිකයා තේ බොන්නෙ,

අර වගේම ඩෙන්මාර්ක් ජාතියයි, තේයි මෙරූන් පාට කළා.


4. කොල පාට ගෙදර සුදු පාට ගෙදරට වම් පැත්තෙන් පිහිටා ඇත,

මේ නිසා පළවෙනි ගෙදර සුදුපාට වෙන්නෙ නෑ. මොක ද ඊට වම් පැත්තෙන් ගෙදරක් නැති නිසා.

ඒ වගේ ම, දකුණු පැත්තෙ අවසාන ගෙදර කොළ පාට වෙන්නෙත් නෑ. 



5. පෝල්මෝල් සිගරැට් උරන කෙනා කුරුල්ලො ඇතිකරනවා,

කලින් වගේම පෝල්මෝල් සහ කුරුල්ලා ලා කොළ පාට කළා.



6. කහ පාට ගෙදර ඉන්න තැනැත්තා ඩන්හිල් උරනවා,

කහපාට සහ ඩන්හිල් කහපාට කළා.



7. කොල පාට ගෙදර අයිති කරු කෝපි බොන්නෙ,

කොළපාට සහ කෝපි තද කොළ පාට කළා. මේ අනුව දකුණු පැත්තෙ කොනේ ගෙදර කෝපි බොන්නෙත් නෑ.



8. මැද ගෙදර ඉන්නා තැනැත්තා කිරි බොනවා,

මේ ඉඟියෙ දි, අපට පුළුවන් කෙලින් ම මැද ගෙදර හැර අනික් ගෙවල්වලින් කිරි අයින් කරන්න. 

ඒ වගේ ම, කොළ පාට සහ කෝපි සම්බන්ධ නිසා, කොළ පාටත් මැද ගෙදරින් අයින් කළා.

ඩෙන්මාර්ක් සහ තේ සම්බන්ධ නිසා, ඩෙන්මාර්ක් ජාතිකයත් මැද ගෙදරින් අයින් කළා.

ඒ වගේ ම බියර් සහ වතුරත් මැද ගෙදරින් අයින් කළා.



9. නෝවීජියානුවා ජීවත් වෙන්නේ වම් පැත්තේ පළමුවැනි ගෙදර,

මේකත් අර අට වන ඉඟිය වගේ ම සහ ඊටත් වඩා ප්‍රබල සෘජු ඉඟියක්. කෙලින් ම, පළවෙනි ගෙදර නෝවීජියානුවා ඉතිරි කරලා අනික් ජාතීන් මකල දැම්මා. 

ඒ වගේ ම, බ්‍රිතාන්‍ය සහ රතුපාට සම්බන්ධ නිසා, පළවෙනි ගෙදර රතුපාට වෙන්නෙත් නෑ.

ස්වීඩන් සහ බල්ලන් සම්බන්ධ නිසා, පළවෙනි ගෙදර බල්ලෙකුත් නෑ.

ඩෙන්මාර්ක් සහ තේ සම්බන්ධ නිසා පළවෙනි ගෙදර මනුස්සයා තේ බොන්නෙත් නෑ.



10. බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නා, පූසන් ඇති කරන්නාගේ ගෙදරට ළඟ ම ගෙදර ඉන්නෙ,

11. අශ්වයන් ඇති කරන්නා, ඩන්හිල් උරන්නාගේ අසල්වැසියා,

මේ අසල්වැසි ඉඟි අපට ප්‍ර‌යෝජනයට ගන්න වෙන්නෙ දෙවන වටයේ දී.

12. බ්ලූමාස්ටර් දුම්වැටි උරන්නා බියර් පානය කරයි,

අර වගේ ම, බ්ලූමාස්ටර් සහ බියර් නිල් පාට කළා. මැද ගෙදර මනුස්සයා බියර් බොන් නැති නිසා බ්ලූ මාස්ටරුත් අයින් කළා.



13. ජර්මානුවා ප්‍රින්සස් දුම්වැටි උරනවා,

උඩ විදිහට ම ජර්මන් සහ ප්‍රින්සස් රෝසපාට කළා. ඒ වගෙ ම පළවෙනි ගෙදරින් ප්‍රින්සස් අයින් කළා, ඒකෙ ඉන්නෙ ජර්මානුවා නෙවෙයි, නෝවිජියානුවා නිසා.



14. නෝවීජියානුවා පදිංචි නිල් පාට ගෙදරට යාබද ගෙදර,

මේ අනුව දෙවෙනි ගෙදර නිල් පාටයි.

ඒ වගෙ ම පළවෙනි ගෙදර කොළ පාට නෑ. මොක ද, සුදුපාට ගෙදරට වමෙන් කොළ පාට ගෙදර තිබිය යුතු නිසා.

කොළ  පාට ගෙදර කෝපි බොන නිසා එතකොට පළවෙනි සහ දෙවෙනි ගෙවල්වල කෝපි බොන්නෙ නෑ.

රතු පාට ගෙදර බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්න නිසා, ඔහු දෙවෙනි ගෙදර නෙවෙයි ඉන්නෙ.

කහ පාට ගෙදර ඩන්හිල් උරන නිසා, ඒකත් දෙවෙනි ගෙදර නෙවෙයි.

වගුවේ කොළපාට සහ සුදුපාට යාබදව ඉතුරු වෙලා තියෙන්නෙ හතර වෙනි සහ පස් වෙනි ගෙවල්වල විතරයි. ඒ නිසා හතර වෙනි ගෙදර කොළ පාටයි, පස් වෙනි ගෙදර ‌සුදු පාටයි.

ඒ අනුව, හතරවෙනි සහ පස්වෙනි ගෙවල් රතු සහ බ්‍රිතාන්‍ය ජාතිකයා ගේ ගෙදර නෙවෙයි, කහපාට සහ ඩන්හිල් උරන ගෙදරත් නෙවෙයි.

එතකොට බ්‍රිතාන්‍ය ජාතිකයා සහ රතු පාට ඉතුරු වෙන්නෙ මැද ගෙදර විතරයි.

ඒ අනුව, මැද ගෙදර ජර්මානුවා සහ ප්‍රින්සස් දුම්වැටි උරන ගෙදරත් නෙවෙයි, ස්වීඩන් සහ බල්ලො හදන ගෙදරත් නෙවෙයි, කහපාට සහ ඩන්හිල් උරන ගෙදරත් නෙවෙයි.

එතකොට කහපාට සහ ඩන්හිල් ඉතුරු වෙන්නෙ පළවෙනි ගෙදර විතරයි.

ඒ අනුව, පෝල්මෝල් සහ කුරුල්ලොත්, බ්ලෙන්ඩ්ස්සුත්, බ්ලූ මාස්ටර් සහ බියරුත් පළවෙනි ගෙදරින් ඉවත් කළා.

එතකොට පළවෙනි ගෙදර බොන්න ඉතුරු වෙන්නෙ වතුර විතරයි.

හතර වෙනි ගෙදර කොළ පාට නිසා ඒ ගෙදර බොන්නෙ කෝපි. ඒ අනුව බියර් සහ බ්ලූ මාස්ටරුත්, තේ සහ ඩෙන්මාර්ක් ජාතිකයත් හතර වෙනි ගෙදරින් ඉවත් කළා.

11 ඉඟිය අනුව, අශ්වයන් ඇති කරන්නා ඩන්හිල් උරන්නාගේ අසල්වැසියා වන නිසා, අශ්වයන් ඇති කරන්නේ දෙවෙනි ගෙදරයි. ඒ අනුව, කුරුල්ලන් සහ පෝල් මෝලුත්, බල්ලන් සහ ස්වීඩන් ජාතිකයාත් දෙවෙනි ගෙදරින් අයින් කළා.



15. බ්ලෙන්ඩ්ස් දුම්වැටි උරන්නාගේ අසල්වැසියා වතුර ‌බොන්නෙ.

වතුර බොන්නා ඉන්නෙ පළවෙනි ගෙදර නිසා, බ්ලෙන්ඩ්ස් උරන්නෙ දෙවෙනි ගෙදර විය යුතුයි. ඒ අනුව ප්‍රින්සස් සහ ජර්මානුවාත්, පෝල් මෝල් සහ කුරුල්ලනුත්, බ්ලූ මාස්ටර් සහ බියරුත් දෙවෙනි ගෙදරින් ඉවත් කළා. එතකොට දෙවෙනි ගෙදර ඉතුරු වුණේ ඩෙන්මාර්ක් ජාතිකයාත් තේ පානයත් විතරයි. ඒ අනුව පස් වෙනි ගෙදරින් තේ සහ ඩේන් ජාතිකයා ඉවත් කළා. බ්ලෙන්ඩ්ස් උරන්නාගේ අසල්වැසියා පූසන් ඇති කරන බව 10 වෙනි ඉඟියෙ කියන නිසා, පූසන් ඉන්නේ පළවෙනි හෝ තුන්වෙනි ගෙවල්වලින් එකක. ඒ අනුව අනික් ගෙවල්වලින් පූසන් ඉවත් කළා.

බියර් සහ බ්ලූ මාස්ටර් ඉතුරු වුණේ පස්වෙනි ගෙදර විතරයි. ඒ අනුව ප්‍රින්සස් සහ ජර්මානුවාත්, පෝල් මෝල් සමඟ කුරුල්ලනුත්, පස් වෙනි ගෙදරින් ඉවත් කළා. එතකොට ප්‍රින්සස් උරන ජර්මානුවා ඉතුරු වුණේ හතර වෙනි ගෙදර විතරයි. ඒ අනුව පෝල් මෝල් සහ කුරුල්ලනුත්, ස්වීඩන් ජාතිකයා සහ බල්ලත් හතර වෙනි ගෙදරින් ඉවත් කළා.

ඒ අනුව දෙවෙනි ගෙදර පූසන් ඇති කරන නිසා අශ්වයන්, මාළු සහ බල්ලන් එතනින් ඉවත් කළා. බල්ලනුත් එක්ක ස්වීඩන් කාරයත් දෙවෙනි ගෙදරින් අයින් වුණා. එතකොට දෙවෙනි ගෙදර ඉතුරු ඩේන් ජාතිකයා සහ තේ විතරක් නිසා, තේ සහ ඩේන්වරයා පස්වෙනි ගෙදරිනුත් ඉවත් වුණා.   ඒ අනුව  ස්වීඩන් ජාතිකයා සහ බල්ලාත් හතර වෙනි ගෙදරින් ඉවත් කළා.

එතකොට ස්වීඩන් කාරයා සහ බල්ලා ඉතුරු වුණේ පස්වෙනි ගෙදර. ඒ අනුව, මාලුවන් පස්වෙනි ගෙදරින් ඉවත් කළා. පෝල් මෝල් සහ කුරුල්ලන් ඉතුරු වුණේ තුන්වෙනි ගෙදර නිසා, මාලු සහ බළලුන් තුන් වෙනි ගෙදරින් ඉවත් කළා. එවිට බළලුන් ඉතුරු වුනේ පළවෙනි ගෙදර වන අතර, මාලු ඉතුරු වුනේ හතර වෙනි ගෙදර

ඔරලෝසු කණුව හදපු එක නෙවෙයි පුදුමෙ, ඒක කෙළින් කරලා හිටවපු එකයි කිව්වා වගේ. මේ වගේ ගැටලුවක් විසඳන එක නෙවෙයි වැඩේ, ඒ විදිහෙ ගැටළු නිර්මාණය කරන එකයි.

26 comments:

  1. Ok. මගෙ ප්‍රස්නෙ එතකොට?

    ReplyDelete
  2. සෑහෙන්න ගේමක් දීල නේ

    ReplyDelete
    Replies
    1. ගේමක් කියන්නෙ... මං අන්තිමට ම ගැහුවෙ ඩියුක් නියුකම් ෆොරෙවර්...
      https://www.youtube.com/watch?v=Ex8Sk_gtFWQ&t=29s

      Delete
  3. ඔයිට වැඩිය ලේසි ක්‍රමයක් තියෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඔයිට වැඩිය ලේසි ක්‍රමයක් තමයි නීල්ස් බෝර් ගෙ අර වායු පීඩන මාන ගැටළුවෙ අවසාන විසඳුමේ තියෙන්නෙ. දැනගන්න ආස ද? මෙන්න... https://drackey.blogspot.com/2018/03/blog-post.html
      මේ පෝස්ට් එකේ අන්තිම කතාවෙ තියෙනව ක්‍රමේ

      Delete
  4. ඔය ඉතිං විසඳල තියෙන්නෙ. අපරාදෙ අපි ඕකට මහන්සි උනානං එහෙම.

    ඔහේ මේ දවස්වල පරිපාලනද මොකක්ද විභාගෙට පාඩං කරනව නේද? හැක්..

    ReplyDelete
    Replies
    1. හැක්! මං පරිපාලන විභාගෙ ලියලා පාස් වෙලා ආයිබෝං මේ ඉන්නෙ. මං ඔය වගේ ගැටලුවලට නැඹුරු උනේ 1994 දි විතර, ඔ්ලෙවෙල් කාලෙ විදුසර පත්තරෙන්.

      Delete
  5. මේවාගේ හුට්ටප්පර ගැටලුව විසදන්න ගොහින් මොලේ ගැට පිට ගැට පටලාවගන්නේ නැතිව මංතුමා කරන්නේ කරන්න පුලුවන් කෙනෙකුට කරගන්න දීලා වෙනින් පැත්තක් බලාගන්න එකයි.

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. එතකොට නැව හල්අතේ යයිනෙ. :D

      Delete
    2. ඇත්ත අසංග. සමහරුන්ට නං මෙව්ව අබිං වගේ.

      නයිස්,
      හල් අතේ කිව්වෙ අහවල් අතේ ද?

      Delete
  6. එක්සෙල් එකේ පාටත් එක්ක ගිය විදිය ලේසියි. මම පොතේ නිකන් ඇඳගෙන කරද්දි සෑහෙන්න පැටලුන තැන් තිබ්බා.. 😁🤓

    ReplyDelete
    Replies
    1. පාට දාගෙන කරද්දිත් මට වරක් පැටළුනා. මේක ලියද්දි තවත් වරක් පැටළුනා.

      Delete
  7. මට ලඟදි දවසක ව‘ඩ් ලියැවිල්ලක් හදන්න සිද්දවුනා
    මම පාවිච්චාකලේ ව‘ඩ් අළුත්ම සංස්කරණය.
    ඒකේ අයිටලික්,බෝල්ඩ්, සාමාන්‍ය කියන සැකසුම් මිශ්‍රව පවතින පෙල කොටස් තෝරලා එක සැකසුමක් යෙදුවොත් සැකසුම් මාරු වෙනවා
    ඒ කියන්නේ තෝරපු පෙල කොටස බෝල්ඩ් කෙරුවොත්
    එහි බෝල්ඩ් කොටස් අයිටලික් වෙනවා සාමාන්‍ය කොටස් බෝල්ඩ් වෙනවා, අයිටලික් කොටස් සාමාන්‍ය වෙනවා

    ReplyDelete
    Replies
    1. මා ළඟ තියෙනව ව'ඩ් 2021. ඒකෙ මට නං එහෙම එකක් උනේ නෑ. ආයෙ ගිහින් බලන්ඩ ඔ්නෙ.

      නෑ. එහෙම උනේ නෑ. 2023 වර්ෂන් එකේ ද ඒක උනේ?

      Delete
    2. ඔව්

      Delete
  8. විසඳුම ක්‍රමවත්ව පැහැදිලි කරලා දාලා.

    කලින් පෝස්ට් එක කියවලා මම excel open කරගෙන පටන් ගත්තා විතරයි වෙන වැඩකට යන්න වුනා. හැබැයි එක පාරක් කියවද්දි මට ආපු ප්‍රශ්නෙ තමයි මේ ගැටලුවෙ තියෙන caveats/statements එකිනෙකට ස්වාධීනයි නේද කියලා. උදාහරනයක් විදිහට අපි හැමෝම වතුර බොන අය වුනත් මේකෙ ඉන්න වතුර බොන එක්කෙනා ඒ නම් කල තැනැත්තා විතරයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මේ වගෙ ගැටලු තමයි සමහර ෂර්ලොක් හෝම්ස් කතාවලත් තියෙන්නෙ. එව්වයෙ ඉඟි කොයිතරම් පටු පරාසයකට කොටු කරනවාද කියතොත්, තනිකර ම එක පුද්ගලෙක් හෝ දෙයක් විතරක් ඉළක්ක කෙරෙනවා. ඒ වගේ තමා මේකෙ වතුර බොන එකත්.

      Delete
  9. හොල්මන්ද පොල් කොළ..උබැහැව ලංකාවෙ අයින්ස් කොරන්නද?

    ReplyDelete
  10. එක්කො මගෙ මොලේ වැඩි නිසා මට තේරෙන්නෙ නැහැ . එහෙම නැත්නම් මොලේ නැති හින්දා තේරෙන්නෙ නැ.. මොනවා උනත් මුලදි නොතේරෙන එව්වා ලියපු එකා ලිහන එක හොඳයි මගෙ මොලේ වෙහෙසනවට වඩා... ඊට පස්සෙ කියනවා... අය්යෝ ඕකත් කජ්ජ්ජක්ද මටත් කරන්න තිබ්බනෙ කියලා.
    සරත් ලන්කාප්‍රිය

    ReplyDelete
    Replies
    1. හෙක්...! තවත් ඔය වගේ කජු ළඟදී ම බලාපොරොත්තුවන්න.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි