Sunday, June 18, 2023

වනගත ශාන්ත පාවුලු තුමා


නුවරඑලිය සිට කඳපොල දෙසට යන B332 පාරේ, පීඩෘ තේ ෆැක්ටරිය පෙනෙන මානයේ පාර අයිනේ පල්ලියක් තියෙනවා. මේ පල්ලියට යන එන බැතිමතුන් බහුතරය කතෝලිකයන් නොවෙයි.


තමන්ගේ හිතේ තිබෙන පීඩාවන්ගෙන් සහනයක් ලබන්නට, මෙතනට ඇවිත් පල්ලියේ ඇති කුරුස මත හුණු ආලේප කරලා ප්‍රාර්ථනා කරන්නට හින්දු, බෞද්ධ ආදී විවිධ ආගමිකයන් එනවා. මෙතනට බාරයක් වුණොත් එය අනිවාර්යයෙන් ම ඉෂ්ට වන බව ඉතා ම බහුතරය විශ්වාස කරනවා. ඒ වගේ ම එහි ඇත්තක් තිබෙන බව මටත් විවිධ පුවත් මඟින් අහන්නට ලැබිලා තියෙනවා.


මේ මෑතක මමත් මේ පල්ලියට ගොඩ වුණේ, මගෙ හිතේ තියෙන සිහිනයක් ගැන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න හිතාගෙන. (මං පොර ශෛලියෙන් සඳහන් කරපු ඒ පාඨයෙ තේරුම තමයි, මාත් බාරයක් වෙන්න ගියා කියන එක) එතකොට තමයි මම දුටුවේ, වනගත ශාන්ත පාවුලු තුමාගෙ නම. එයිට කලින් මම එහෙම ශාන්තුවරයෙක් ගැන කිසි ම දෙයක් දන්නෙ නෑ.

ඉතින් මම එතුමා ගැන හොයලා බැලුවා. එතන දි දැනගන්න ලැබුණු දේ තමයි පහලින් තියෙන්නෙ.

රෝමක අධිරාජ්‍යයට අයත් වූ ඊජිප්තුවේ තීබ්ස් නගරයට ආසන්න ප්‍රදේශයක ව්‍යවහාර වර්ෂ 227 ආසන්න කාලයක දී උපත ලැබූ මෙතුමා, තීබ්ස් හි ශාන්ත පාවුලු තුමන් ලෙස ද හැඳින්වෙනවා. එතුමාට හිටියේ එක් සොහොයුරියක් පමණයි. ඔවුන් දෙදෙනාගේ මවුපියන් මිය යාමෙන් පසුව, දේපළ තනිවම උරුම කර ගන්නට සිතූ ඒ සොහොයුරියගේ සැමියා, පාවුලුතුමන් ක්‍රිස්තියානි ලබ්ධිකයෙකු යැයි චෝදනා කළා. ඒ, එතුමාට අවුරුදු 16 දී. රෝමක අධිරාජ්‍යයන් වන ඩේසියස් සහ ඔහුගේ අනුප්‍රාප්තික වැලේරියේනස් ‌ගේ පාලනය යටතේ විනිශ්චයට ලක් වුණා. මේ විනිශ්චය අතරෙ, ව්‍යවහාර වර්ෂ 250 ආසන්න කාලයක දි පාවුලු තුමා තීබ්ස් ආශ්‍රිත කාන්තාරයට පලා ගියා.

එතැන සිට එතුමා ජීවත් වුණේ කාන්තාරයේ පිහිටි පැහැදිලි උල්පතක් අසළ ගුහාවක. ඒ ගුහාව ළඟ තිබුණා එක තාල වර්ගයේ ගසක්. ඒ ගසේ කොළවලින් එතුමා තමන්ගේ ඇඳුම් සකස් කර ගත් අතර, අවුරුදු 43ක් වයස් වන තුරු එතුමා ගේ ආහාර වුණේ ඒ ගසේ ගෙඩි. එතැන් සිට දිනපතා රේවන් කපුටෙක් එතුමා ට පාන් බාගයක් ගෙනත් දුන් බව සඳහන් වෙනවා. මෙතුමා යාඤා කරමින් සහ සාමදානයෙන් මෙම ගුහාවේ වාසය කළා.


ඒ අතර, ව්‍යවහාර වර්ෂ 342 ආසන්න කාලයක දී ඊජිප්තුවේ ශාන්ත අන්තෝනි තුමන්ට සිහිනයකින් ශාන්ත පාවුලු තුමන් ගැන දැනගන්නට ලැබුණා. එතුමා ඒ අනුව කාන්තාරයට ගිහින් වනගත තාපස තුමන් මුණ ගැහුණා. ඒ වෙද්දි ශාන්ත පාවුලු තුමන්ට වයස අවුරුදු 113 ක් වූ බව ශාන්ත ජෙරෝම් තුමා ලියූ විටා පවූලි නම්, පාවුලු තුමන්ගේ චරිතාපදානයේ සඳහන්. 


ශාන්තුවරයන් දෙදෙනා එක් දිනක් සහ එක් රැයක් පුරා සාකච්ඡා කළ බව සඳහන් වෙනවා. දෙ දෙනා එකිනෙකා ට ගෞරව කිරීමක් වශයෙන් පාන් ගෙඩියට ආශීර්වාද කොට එය කැඩීමට එකිනෙකාට ආරාධනා කළ බවත්, දෙ දෙනා ම එය තම අත්වලින් අල්ලා කැඩීමේ දී හරි මැදින් කැඩී ගිය බවත් කියැවෙනවා.

දෙ වන වර ශාන්ත අන්තෝනි තුමා ශාන්ත පාවුලු තුමන් හමු වීමට ගිය විට එතුමා මිය ගොස්. අන්තෝනි තුමා තමන්ට ඇලෙක්සැන්ඩ්‍රියාහි පාප් තුමා වූ පළමුවෙනි ඇතනේසියස් තුමා තෑගි කළ ටියුනික් රෙද්දකින් පාවුලු තුමන්ගේ දේහය ඔතා භූමදාන කළා. එහි දී සිංහයන් දෙදෙනෙක් එතුමාට වළ සෑරීමට උපකාර කළ බව සඳහන්.

තාල ගසේ කොළවලින් වියන ලද, ශාන්ත පාවුලු තුමන්ගේ ලෝගුව ශාන්ත අන්තෝනි තුමා රැගෙන ආවා. එතුමා ඊට කොයිතරම් ගරු කළා ද කියතොත්, එය ඇන්දේ අවුරුද්දකට දෙවතාවක් පමණයි. ඒ පාස්කු දින සහ පෙන්තකෝස්ත දින යන දින දෙකයි.

වනගත ශාන්ත පාවුලු තුමන්ගේ මංගල්ල දිනය ජනවාරි 15 සැමරෙනවා. එතුමා ගේ ප්‍රධාන දේවස්ථානය ඊජිප්තුවේ නැගෙනහිර කාන්තාරයේ රතු මුහුද කඳුවැටිය අසළ ඉදිකර තිබෙනවා. බැතිමතුන්ගේ අදහස, එය පිහිටා තිබෙන්නේ ශාන්ත පාවුලු තුමන් වාසය කළ ගුහාව මැදි කර බවයි. 


13 වන සියවසේ දී හන්ගේරියාවේ දී පළමුවන වනගත ශාන්ත පාවුලු තුමන්ගේ නිකාය ඇරඹුනේ එතුමාට ගරු කිරීමක් වශයෙන්. සාමාන්‍යයෙන් ආරණ්‍යවාසී ශාන්ත පාවුලු තුමන් නිරූපණය කරන්නේ තාල ගසක්, සිංහයන් දෙදෙනෙක් සහ රේවන් කපුටෙක් සමඟයි. 

මූලාශ්‍ර:

https://en.wikipedia.org/wiki/Paul_of_Thebes

https://www.catholic.org/saints/saint.php?saint_id=5280

https://www.britannica.com/biography/Saint-Paul-of-Thebes

42 comments:

  1. අළුත් යමක් දැනගත්තා. එතුමන්ට ශාන්තුවරභාවය ප්‍රදානය කළේ කොයි කාලෙද? කොහොමද?

    ReplyDelete
    Replies
    1. ශාන්තුවරයට එසවීම පාප්තුමා විසින් කරන්න පටන් ගත්තෙ 10 වන සියවසේ ඉඳන්. ඊට කලින් සාමාන්‍ය බැතිමතුන්ගෙ පිළිගැනීම මත උතුම් ජීවිත ගත කළ අයගේ අවශේෂ නැවත සාරා ගෙනවුත් පල්ලියක තැන්පත් කිරීම පමණක් සෑහුනා, ශාන්තුවරයෙක් ලෙස සැළකෙන්න. ඒ නිසා මට හොයාගන්න බැරි වුණා ආරණ්‍යවාසී පාවුලු තුමාගේ ශාන්තුවරය ගැන තොරතුරු.
      https://www.britannica.com/topic/canonization

      Delete
  2. හ්ම්......දුප්පත් සාන්තුවරයෙක්.

    සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
    කෙම්වර දවස්වල පානින් සැරසී ම
    වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම

    ReplyDelete
    Replies
    1. මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින තැන
      අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
      නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
      බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන

      මේක දැන් ලංකාවට ම පොදුයි

      Delete
    2. නතාෂා මතක් වුනා. ජෙරෙමි මතක් වුනා. ලිබරල්ලව මතක් වුනා. මහමෙව්නාව මතක් වුනා . ශාන්ත පාවුළු මිලාගිරිය මතක් වුනා අන්තිමට.

      Delete
    3. බස්සා,
      වැටත් නියරත් ගොයම් කා ඇත. පඹයා...
      නෑ... එක්කො මං පැන්ෂන් ගියා ම ලියන්නං.

      අජිත්,
      ඇත්ත. බයි ද වේ, පේජ් වීව් ගැන සුභ පැතුම්. දිගට ම ලියන්න. දේශපාලනය බැරි නම් වෙනත් බොහෝ දේ අපේ ජීවිතවල ඇත. ලිවීම වැදගත්.

      Delete
  3. https://www.youtube.com/@dtcfilmskuruneagala9246
    මෙන් මේ නපුංසක එසීන්වරයාගෙන් ඔබට කිතුදහම අවබෝධකරගන්න පුළුවන්.
    (බයිබලයට අනුව බුදුහාමුදුරුවො, චේ ගුවේරා වගේ අයත් නපුංසකයෝ තමයි)

    දෙවියන් වහන්සේගේ ගැලවීමේ සැලැස්ම හදලා තියෙන්නේ යුදෙව් ජාන ඇති අයට විතරයි.
    යුදෙව් නොවන එවුන් ක්‍රිස්තියානි ආගමට හැරුනාම විවිධ විකාර ඇදහිලි ඇතිවෙනවා.

    යෙෂුවා කියලා තියෙනවා, “මාගේ බැටළුවෝ මාගේ හඬ අසති කියලා“ ඒ කියන්නේ යුදෙව් ලේ නෑකම් ඇති අයට දේව වචනය ඇසුන ගමන් ට්‍රිගර් වෙනවා. හරියට තන්ඩර් කැට්ස් කාටුන් එකේ ලයනල් කඩුව උස්සපුවාම ඒකේ එලිය වැදෙන ලයනල්ගේ පවුලේ අය කොහේ හිටියත් කරන්ට් වදිනවා වගේ එකක් වෙනවා වගේ.
    හොඳම උදාහරණය තමයි ඉස්ලාමය. මුහම්මද් කියන්නේ යුදෙව් ජාන තියෙන කෙනෙක් නෙමෙයි. ඒත් එයාගේ බිරිඳ යුදෙව් ජාන තියෙන කෙනෙක්. ඒ නිසාම මුල් කාලෙදි ඇය මුහම්මද්ට බයිබලය කියලා දුන්නෙත් නෑ. ඒක් මුහම්මද්ට අශුද්ධ ආත්මයක් ආවේශවෙලා. කදීජාගේ පාස්ටර් ලව්ව ඒ යක්ෂ දෝෂය සුවකරගත්තට පස්සේ පාස්ටර්ගේ උපදෙස්පිට බයිබලය කියලා දුන්නා. අවසානය ලොකු විනාශයක්.

    ReplyDelete
  4. /එහි දී සිංහයන් දෙදෙනෙක් එතුමාට වළ සෑරීමට උපකාර කළ බව සඳහන්.// මකත් සර සුද්ධෝධන ගේ පුතා ඉපදුන ගමන් ඇවිද්ද වගේ කතාවක් තමයි 😀

    ReplyDelete
    Replies
    1. වලක් හාරන්න කම්මැලි කමට සිංහයෝ ලැගපු වලක .....

      Delete
    2. අපි මොකවත් නොකියා ඉමු... නැත්තං හිරේ!

      Delete
  5. අවුරුදු 60කට වඩා lකාලයක් පාන් ඩිලිවර් කරපු රේවනුත් අදහන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත! ගල් කැට ගෙනත් කලේ පිරෙව්වා වගේ උපමාවක් වෙන්නත් පුළුවන්. තිසාහාමිට සප්ලයිස් ගෙනත් දුන්න ලයනල් ස්ට්‍රේන්ජ්වේස් දොස්තර මහත්තයත් ඒ වගේ දෙයක් තමයි.

      Delete
  6. සපකො පකො වෙන්න කියල නේද ඔය බාර උනේ.

    එහෙමත් නැත්තං னයෙකුට ගහන්න අලුත් ටෝච් එකක් හම්බවෙන්න කියලද මන්ද.

    ReplyDelete
    Replies
    1. නෑ බං හුටංබරන් ගමරාලට සෙල්ලම් කරන්න මල්ලි බබෙක් ලැබෙන්නයි අලාකොමා බාරවෙලා තියෙන්නේ.

      Delete
    2. යකෝ... ඒකටනං බාර වෙලා විතරක් හරියන්නැතිවෙයි ඉඳගෙන.

      Delete
    3. ප්‍රසන්න,
      මම: මං ප්‍රාර්ථනා කළේ "සැනසීම".
      කණිෂ්ක: ඔව් ඉතිං. සැනසීම ලැබෙන්න, තව ගොඩක් දේ ලැබෙන්න එපැයි...
      මම: නුවරඑළියෙ බංගලාවක්, හොඳ වාහනයක්, මිනිස්සුන්ට උදව් කරන්න තරම් ආදායමක්...

      ඇනොසංග,
      නෑ නෑ... මේ කොලු පැටියා මට හොඳටෝම ඇති.

      ප්‍රසා,
      නයිට් ඩියුටිත් කළ යුතුවේ. සීතල අධිකයි හැබැයි.

      Delete
  7. පුදුමේ කියන්නේ බොලං..... හැමදාම පාන් භාගයක් ගෙනාපු කපුටා ශාන්තුවරු දෙන්නා ඉන්න දවසේ පාන් ගෙඩියක් අරන් ඇවිල්ලා.... අත්වලින් දෙපැත්තට ඇද්දාම ඔනේම පාන් ගෙඩියක් දෙකට කඩන්න පුලුවන් නේ ඕකේ මොකක්ද අරුමේ????

    ReplyDelete
    Replies
    1. මට කියවුණු විදිහට, පාන් බාගයක් ම තමයි ගෙනත් තියෙන්නෙ. ඒ කාලෙ ඊජිප්තුවෙ තිබුණු පාං දැන් පාං වගේ නෙමෙයි මගෙ හිතේ. අනික, ඔය කාලෙ පාං කල් තියාගන්න පුළුවන්.

      Delete
  8. //දිනපතා රේවන් කපුටෙක් එතුමා ට පාන් බාගයක් ගෙනත් දුන් බව සඳහන් වෙනවා. //
    Norse mythology, the Icelandic Sagas, and Icelandic folklore usually show the raven as a wise, all-knowing messenger and often a bird of prophecy, protector, and helper.
    https://adventures.is/blog/ravens-iceland/#:~:text=Norse%20mythology%2C%20the%20Icelandic%20Sagas,prophecy%2C%20protector%2C%20and%20helper.

    ReplyDelete
    Replies
    1. හහ්, ඇයි එතකොට අපි ඔටුවොද? රේවන්, රේවන් කිව්වට, ඔය කොළඹ කපුටා නේද? ඒත් කොළඹ කපුටා නං, අතේ තියන පාං බාගෙටත් සබ්බුව දෙන සතා.🤔

      Delete
    2. කපුටෙක් කිවුවට ඕකා අඹතලේ පැත්තෙ හිටපු බස්සෙක් වෙන්නත් බැරි නෑ.

      Delete
    3. අනේද කියන්නෙ? නයි කයිද රෝස්පාං.😉

      Delete
    4. මිරිස් මාළු හොද්දකුයි පරිප්පුයි තිබ්බොත් ඌ කයි රෝස් පාං

      Delete
    5. දැන් මේ ආගම් ඈඳන් කරන කයි කතන්දරවලට... බොලාටත් යන්ට වෙයි මහඋළු ගෙදර හිටං හොඳේ 😂

      Delete
    6. ප්‍රා,
      රේවන් පරලෝකයට සම්බන්ධ සතෙකුත් නේ ද? අනික හොරකම් කරන්න පුරුදු කළ හැකි තරම් බුද්ධිමත්. මං ක්‍රිස්තියානියෙ දැක්කෙ ඔය සඳහන විතරයි රේවන් කෙනෙක් හොඳ සංකේතයක් විදිහට.

      බස්,
      කොළඹ කපුටො කියන්නෙ කොළඹ අවට ඉන්න ත්‍රීවීල් කාරයො, කොන්දලා ආදී සත්තු නේ ද?

      බස් + ප්‍රස්,
      මීළඟ ගෙට්ටුවෙ දි දෙන්නං මිරිස් හොදියි රෝස් පානුයි.

      නමි,
      මේක අන්තවාදී රාජ්‍යයක් වෙමින් (කරමින්) පවතී.

      Delete
  9. මට හිතෙන්නෙ ඔය හුණු ගාන සීන් එක විට කන මනුස්සයෙක් පටං ගත්ත එකක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. උබ දැකල තියෙනවද ප්‍රසෝ, අභයගිරියෙ ඇතුල් මලුවෙ මුරගල් දෙකකත් ඔහොම හුණු ගානව?

      Delete
  10. යොෂුවා මෙසායා ඉපදෙන්න ටික කලකට කලින් උන්න නබි කෙනෙක්ගේ(එලියා ද කොහෙද) කතාවකින් කෑලි අමුනලා හදපු කතාවක් නේද?

    ReplyDelete
  11. කොයි කෙනාටත් හිතේ පීඩා, දුක් ඇතිවෙන එක ස්වාභාවිකයි. ඒ ඇර ටිකක් නිවීහැනහිල්ලේ නිස්කාංසුවෙ ඉන්නත් ඔය ඕන ආගමික මධ්‍යස්ථාන මරු. ඔය නිවීහැනහිල්ල ලබා ගන්න පවුලෙන්, දරුවන්ගෙන්, වැඩවලින් ටිකක් දුරස් වෙලා කී දෙනෙක් ඔය තැන් වලට එනවද. මං අන්න ඒ කෑල්ලට ආසයි. අන්තිමට අපි කොහොමත් හොයන්නෙ හිතේ නිදහසක් නෙව!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියගෙ හිතේ තියෙන්නෙ නාක සිහින වෙන්ට බෑ නෙ.
      එය ඒ හිතන ආකාරයෙන්ම සඵල වේවා !🙏

      Delete
    2. හුදකලා පරිසරයේ තිබෙන ලස්සන, පුදසුනේ සරල බව, නසරානි බස්සෙකුගෙ වුනත් හිත ඇද ගන්නවා. ආමේන්!

      Delete
    3. නමියා,
      ඇත්ත. මහ අමුතු නිවිච්ච ගතියක් මට දැනිලා තියෙනව, පල්ලිවලදි.

      මං විභාගෙකට පාඩම් කරන්න, අපේ ගමේ ඉඳං රාගමට යනකං පන්සල්, පුස්තකාල බලාගෙන බලාගෙන ගිහිං අන්තිමේ නතර වුණේ රාගම තේවත්තෙ පල්ලියෙ. අනික් හැම තැනක ම අයිතිකාරයො, මුරකාරයො, වැහිච්ච ගේට්ටු...

      ආයි නමියා,
      ඇත්ත. මගෙ සිහිනය හරි ගියා ම මීළඟ ගෙට්ටුව නුවරඑළියෙ දි පවත්වනව මගෙ වියදමින්.

      බකුස්,
      ඔය වගේ නිසල, ලස්සන සහ සරල දසුන් බර ගානක් මේ අවට තියෙනව.

      Delete
    4. අනේ වාසනාවන්! ඔය යන එන ගමන් එහෙම තැන්වල පොටෝ කෑල්ලක් අල්ලලා, පෝස්ට් වලටම ඔබන්න ඈ?

      මීදුමින් වැහිච්ච කන්ද පසුබිම සහිත පල්ලියෙ ෆොටෝ එක හරි අපූරුයි. ෆොටෝ තාක්ෂණය කොච්චර දියුණුද කියල හිතෙනවා. මම බොහෝ කාලෙකට පෙර පල්ලිවල අඳුරු පරිසරයේ ලස්සන ෆොටෝ ගහන්න ට්‍රයි කරලා තියනවා. මොන? ඒව දැන් තියෙන්නෙ හිතේ විතරයි.

      Delete
    5. එ‍හෙනං...! මං හිතාන ඉන්නව පොටෝ සහිතව මොකක් හරි ලියල දාන්ඩ. මේ කමෙන්ට් එකෙන් ඒක තීව්‍ර වුණා.

      ඔය පල්ලියෙ පොටෝ එක නං ගූගල් මැප් එකෙන් ගත්තෙ.

      Delete
  12. Replies
    1. වහ දාල තියෙන්නෙ බොට කන්ඩ ඇවිත්...

      Delete
  13. https://kolompure.blogspot.com/2023/08/blog-post.html

    ReplyDelete
    Replies
    1. https://dumindasanchare.blogspot.com/2023/07/blog-post_30.html

      Delete
  14. ආයුබෝවන් ඩ්‍රැකී. සංචාරේ යන අතරේ මෙහෙටත් ආවා.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා! සාදරයෙන් පිළි ගනිමු.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි