මේ දවස්වල ඡන්ද උණුසුමත් එක්ක වෙන මොනවත් ලියන්න බැරි තත්ත්වයක් තිබේ. ඒත් අපට දේශපාලන මතවාද ගැන ප්‍රසිද්ධියේ අදහස් පළ කරන්න තහනම් නිසා, සීමාව තුළ ඉඳගෙන ලියන්න හැකියාව ඇත්තේ, පොඩි පොඩි කතා ටිකක් විතරකි. එයින් මුලින් ම මට මතක් වෙන්නේ අසූ ගණංවල මුල භාගයේ තිබුණු ලංකාවේ පළවෙනි ජනාධිපතිවරණයයි. ඒ 1982 දී ය. මට මතක එක ම සිදුවීම නම්, අපේ නාන ළිඳ ළඟ දී අපේ මහප්පා, (උග්‍ර යූඇන්පී කාරයෙකි...) "කොබ්බෑකඩුවගෙ ඡන්දෙත් හොරට දාලලු නේ?" යි හිනා වෙමින් කියූ හැටි ය.
මට මතක ඇති කාලයක ඉඳං අපේ තාත්තා මුල් කොටගෙන අපේ මුළු පවුල ම, පවතින ආණ්ඩුවට විරුද්ධ පැත්තේ ය. මට මතක මුල් ම කාලයේ, අපි ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව පිළිකුල් කළෙමු. අම්මා කියන හැටියට, ඊට කලින් පැවති මැතිණිගෙ ආණ්ඩුව ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණු අපේ තාත්තා, ජේ ආර් විසින් ආර්ථිකය විවෘත කළාට පසු, "අපේ ඡන්දෙන් තොපිත් කාපියව්" යි කඩමණ්ඩියේ දී මහ හඬින් කියා තිබුණි.
1989 තිබූ ජනාධිපතිවරණයේ දී යූඇන්පී ආණ්ඩුවට එරෙහි ව ඡන්දය ප්‍රකාශකිරීමට අවස්ථාව ලැබීමෙන් උද්දාමයට පත් වූ අපේ ගමේ ශ්‍රී ලංකා කාරයන් ඡන්දය දා හවස ගමේ මහ පාර දිගේ පෙළපාලියක් ද ගියෝ ය.
1994 දී බහුතරයගේ ආශීර්වාදයෙන් පළාත් සභා මැතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය දිනමින් ඉතා වේගවත් ගමනක් ගිය චන්ද්‍රිකා මැතිණිය, වූවත් අපේ පවුලේ අප්‍රසාදයට ලක් වීමට වැඩි කාලයක් ගත වුණේ නැත.
ලංකාවේ මා දන්නා දේශපාලනික ඉතිහාසය ඔය විදිහ ය. එතනින් ඉදිරියට යමක් කීමට මගේ වෘත්තීමය සීමාවන් අනුව මේ අවස්ථාවේ දී බැරි ය. පහතින් මා ලියන්නේ මාතෘකාවේ හැටියට ම මා අසා ඇති ඡන්ද හා දේශපාලනය පසුබිම් කරගත් කතා ටිකකි...
පළවෙනි කතාව මම ඇහුවේ අරේ සහ මරේ නම් සීයලාගේ රේඩියෝ වැඩසටහනෙනි.
කොල්ලෙක් බයිසිකලෙන් ඇවිත් බැහැලා, දේශපාලන පක්ෂ මැතිවරණ කාර්යාලයක් ළඟ. ඇහුවලු,
"චණ්ඩි ඉන්නව ද?" කියලා.
ඇහැට ඇඟිල්ලෙන් අණින තුරු බලාගෙන හිටියා වගේ, දහ දෙනෙක් විතර එළියට පැනලා, අර කොල්ලට වැලේ වැල් නැතිව යන්ඩ තඩි බෑවලු.
පැයක් විතර උඩ දාගෙන ගහලා ගහලා, අන්තිමේ කට්ටිය හති දාන්ඩ ගත්තට පස්සෙ අර කොල්ල කිව්වලු,
"අනේ අයියෙ... මේ ගෙදර උන්නා චන්දි කියල ගෑල්ලමයෙක්. මං මේ එයා ඉන්නව ද කියල ඇහුවෙ." කියලා.
ඒක කිව්වම සමාන කතාවක් මතක් වුණා...
දවසක් පිස්සංකොටුවෙ හිටපු සුපුං කියල එකෙක් තාප්පෙන් පැනලා ගමට ගිහිං ගමේ එකෙකුට ගහල ආපහු ඇවිත්.
පහුවදා, ගමේ ම ඉන්න කොල්ලො සෙට් එක ආවලු පිස්සං කොටුවට. ඇවිත් සුපුං ව හොයනවලු. අන්තිමේ "මං තමයි සුපුං" කියල එකෙක් පිළිගත්තලු. ඉතිං අර කොල්ලො සෙට් එක අරූට වඩාගෙන ගැහුවලු කුඩු සම්බෝල වෙන්ඩ. ගහල ගහල අරුං සෙට් එක යන්ඩ යනකොට, ගුටිකාපු එකා කියනවලු...
"අඩෝ! හූ! මං සුපුං නෙමෙයි, ප්‍රසක්ඥ" කියල.
අඹගෙඩියක් වගේ රටක ජනාධිපති කෙනෙක් වරක් ඔස්ට්‍රියාවට සංචාරයක් ගියා. එහෙ එයාපෝට් එකේ දි එයාව පිළිගත්තෙ ඔස්ට්‍රියාවෙ අගමැති. ඉතිං අඹගෙඩි ජනාධිපති එයාගෙ කස්ටිය අඳුන්වලා දුන්නා,
"මේ අපේ ආර්ථික සංවර්ධන ඇමති, අධ්‍යාපන ඇමති, විද්‍යා හා තාක්ෂණ ඇමති, නීතිය හා සාමය පිළිබඳ ඇමති..."
ඉතිං ඔස්ට්‍රියාවෙ අගමැතිත් එයා එක්ක හිටපු පිරිස අඳුන්වලා දුන්නා...
"මේ අපේ ආර්ථික කටයුතු ඇමති, අධ්‍යාපන ඇමති, අධිකරණ ඇමති, වරාය සහ නාවුක කටයුතු ඇමති."
ඒක කියනකොට අර අඹ රටේ ජනාධිපතිට හිනා. ඔස්ට්‍රියාවෙ අගමැති ඇහුව ඇයි හිනා වෙන්නෙ කියලා.
"බොලාට මුහුදු තීරයක් තියෙනවයැ? හතර වටින් ම ගොඩබිමින් වට වෙච්ච රටක්නෙ ඔස්ට්‍රියාව. ඉතිං වරාය හා නාවුක කටයුතු ඇමති කියල කිව්වම මට හිනා ගියා." අඹ ජනාධිපති කිව්වා. ඒ ගමන ඔස්ට්‍රියාවෙ අගමැති අප්සට් එකේ අහනව...
"ඉතිං මම හිනා වුණායැ ඔයාලගෙ අධ්‍යාපන ඇමති, ආර්ථික සංවර්ධන ඇමති, නීතිය හා සාමය පිළිබඳ ඇමති, විද්‍යා හා තාක්ෂණ ඇමති කියල කියනකොට? හරි නං මං හතර ගුණයක් හිනා වෙන්ඩ එපැයි..."
ඔය අඹගෙඩි රටේ ජනාධිපති කෙනෙක් වරක් ඊශ්‍රායෙල් ගිහිං, එහෙ දි මළා. ඊශ්‍රායෙල් රජයෙන් ඇහුවා, අපි මෙතුම ව මෙහෙ මිහිදන් කරන්නං කියලා. නමුත් අඹ රටේ කට්ටිය ඒකට කැමති වුණේ නෑ. ඒකට හේතුව හැටියට කිව්වෙ,
"එක සැරයක් ඔයාලගෙ රටේ කුරුසෙට තියල ඇණ ගහල මරපු කෙනෙක්, වළලලා, දවස් තුනකින් ආපහු නැගිට්ටා. අපට බෑ ඒ වගේ රිස්ක් එකක් ගන්න. ඒ නිසා අපි මෙතුමගෙ මෘත දේහය ගෙනිහිං අපේ රටට, රාජ්‍ය ගෞරව ඇතුව ආදාහණය කරනව."
දවසක් අඹගෙඩිය වගේ රටේ මනුස්සයෙක්, "බලු ආණ්ඩුව" කියල බැණල... එදා රෑම ඌව උස්සලා ගෙනිහිං ප්‍රශ්න කළාලු, නිල නොලත් පොලිසිය විසින්...
එතන දි අරූ කිව්වලු, "මං බලු ආණ්ඩුව කිව්වෙ මේ රටේ ආණ්ඩුව ගැන නෙමෙයි, වෙන රටක ආණ්ඩුවක් ගැන" කියල.
ඒ වුණාට නිල නොලත් පොලිස් කාරයන්ගෙ නායකය, රැවටුනේ නෑලු.
"තෝ කෙහෙ ද බොල මාව තම්බන්නෙ?" පොර ඇහුවලු කේන්තියෙන්... "වෙන කොයි රටේ ද බොල බලු ආණ්ඩුවක් තියෙන්නෙ?"
ඒ කිව්ව ම තව කතාවක් මතක් වුණා.
දවසක් හිටපු ජනාධිපති කෙනෙක්ට "පිස්සා" කියල. (ඔව්. අර අඹගෙඩි රටේ තමයි) ඒ මනුස්සයට විරුද්ධව නඩුවක් විභාග කළා ලු. අන්තිමේ නඩු කාරය තීන්දුව ප්‍රකාශ කරද්දි කිව්වලු, "යුෂ්මතාට විරුද්ධව තියෙන චෝදනා දෙක ම ඔප්පු වුණා. එකක් තමයි රටේ ජනාධිපති ට අපහාස කිරීම. අනික තමයි, රටේ වැදගත් රාජ්‍ය රහසක් ප්‍රසිද්ධියේ හෙළි කිරීම." කියලා
තව කතාවක් කියන්ඩ ද? එපා? හා එහෙනං යන්නං. කියවලා කමෙන්ටුවක් දානවනං, වෙරි නයිස්...!
හෙට හෙට කොමෙන්ට් දාන්නෙ.
ReplyDeleteඑව්ව හරි යන් නෑ. දාහං කමෙන්ට් එකක්... නැත්තං පතෑංංං!!!
Deleteකතා උනත් හැදෙන්නේ රටේ ඉන්න අයගේ චර්‍යාවට අනුව තමයි.
ReplyDeleteඇත්ත. අනික් අතට රටේ ජනතාවගේ ම ස්පිරිට් එක තමයි පාලනය කරන උදවියත්. ඒක තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ.
Deleteලංකාවේ පහුගිය 2022 ආර්ථික අර්බුදය ඇතිවුණේ 2019 පාස්කුව සහ 2020, 2021, 2022 යන වසර කීපයේම එකදිගට කොවිඩ් නිසා වසරකට ඩොලර් බිලියන පහක පමණ මුදලක් සංචාරක ව්‍යාපාරය කඩාවැටීම නිසා නොලැබීම, එවකට පැවති නන්දසේන රජය විසින් කර්මාන්ත පුර පිටින් වසමින් කොවිඩ් මර්දනයට කියමින් අනවශ්‍ය ලෙස රට වසා දැමීම මත ආර්ථිකය දැඩි ලෙස හැකිලීම, යුක්රේන යුද්ධය සමග ඉන්ධන මිල අධික ලෙස ඉහල යාම, ලෝකයේම කොවිඩ් සමග ඇතිවු උද්ධමනය මත ආනයන වියදම ඉහල යාම, එමෙන්ම 2015-19 රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව අධික පොලියට ගත්ත sovereign bonds development bonds, currency swap වගේ ගොඩක් ණය මහා විශාල ලෙස අරගෙන තිබුණ නිසා වසරකට ඩොලර් බිලියන හයක් හතක් ගෙවන්න වුණ නිසා තවත් විදේශ සංචිත හිස්වුණා. ඊට පෙර 2015 පමණ වනවිට ලංකාවට වසරකට විදේශ ණය ගෙවීමට තිබුණේ වසරකට ඩොලර් බිලියන දෙකකට අඩු ගණනක්. විවිධ ව්‍යාපෘති සඳහා ගත් ණය ගෙවන්න වුණේ ඉතාම කුඩා වාරික වලින් දිගුකාලීනව. නමුත් කෙටිකාලීන අධික පොළී 7-8% වගේ ගණනක ඩොලර් බිලියන 12.5 අධික ණය මේ සමතුලිතතාවය බරපතල ලෙස බිඳ දැමුවා.
ReplyDeleteකොවිඩ් අවසන් වීමත් 2022 අරගලය නිමවීමත් එක්ක සංචාරකයන් නැවත පැමිණීම සහ විදේශගත ශ්‍රමිකයන් එම ආණ්ඩුව පෙරළීමෙන් පසුව සල්ලි එවන්නෙ නැතිව හිටපු එක නතර කරපු එක සහ එම කාලයේ භාරතීය මැදිහත්වීම මත උණ්ඩියල් හරහා රුපියල කෘතිමව අවප්‍රමාණ කිරීම නැවැත්වීම (මේකට මහ බැංකුව මැදිහත් උනා. එය නවලිබරල් නිදහස් වෙළදපොලට මධ්‍යගත මැදිහත්වීමක්) වගේ දේවල්ද ආ්රථිකය ස්ථාවර වෙන්න හේතු උනා. ඒ වගේම රනිල් හමුදාව යොදවා ජනාධිපති මන්දිර අල්ලගෙන හිටපු කැරළිකාරයො පන්නලා රටේ නීතිය සහ සාමය ස්ථාපිත කළ එකෙන් ආර්ථික ස්ථාරවත්වය ඇතිවී ආරජිකත්වය නැති උනා.
කර්මාන්ත පුර? එහෙම ඒවත් තිබ්බද?😮
Deleteමම හිතන් හිටියේ, අරාබින්ගෙ කුස්සි අම්මලා එවපු සල්ලි ටිකයි, පාත්තරේ අරන් ලෝකෙ වටේ ගිහින් ගෙනාපු ණය ටිකෙනුත් කාර්ගිල් එකෙන් ගෝට් චීස්, සැමන් "ෆිලට්" කාලා ගත්ත ආතල් නිසයි බංකොලොත් වුනේ කියලයි?
ඇනෝවරුනි,
Deleteමේ ගැන මගේ කියවීම මෙතන සටහන් කරන්න නොහැකි වීම ගැන කණගාටුයි. කොහොම වෙතත්, අසීමත බලය කේන්ද්‍රගත වීම, රාජ්‍ය දේපළ කොල්ලකෑමට ඉඩ හැරීම, සෑම ක්ෂේත්‍රයකම තිබෙන නාස්තිය, එක් කොට්ඨාසයක් රිසි සේ රාජ්‍යයේ සෑම කොටසක් ම මෙහෙයවීම මෙන් ම පාලනයේ සෑම අංශයක් ම එක් බල කේන්ද්‍රයකට ගැති විය යුතු පාලන පද්ධතියක් පැවතීම යන දේවල් රටක පරිහාණියට හේතු වන බව අපි පසක් කරමින් සිටිනෙමු.
අපේ රටේ පාර් ලිමේන්තු චන්ද විමසීමක් ගැන මගේ මුල්ම මතකය 1952 දී පැවැත්වූ මැතිවරණය. මේ සඳහා ඉදිරිපත්වූ එක පක්ෂයක ලකුණ වුයේ පුටුව . තව පක්ෂ කිහිපයකට වෙනත් චන්ද ලකුණු තිබුණා . පුටු කාරයෝ විවිධ ආකාරයේ පුටුවල චායාරූප ඇති පෝස්ටර් ප්‍රසිද්ධ කළා . අපේ ගමේ පුටු කාරයෝ කණ්ඩායමක් විශාල පැරණි 'හාන්සි පුටුවක්' මහාමාර් ගය හරහා ඉහලින් කඹ දමා එල්ලා 'පුටුව ' ලකුණට තම කැමැත්ත ප්‍රකාශ කර තිබුණා . මේ සිද්ධිය තරමක් විහිලුවටත් ලක් උනා . මෙයත් බොහෝ දුරට අර "මෝඩ පන්දම් " කතාව වගේ උනා .
ReplyDeleteදයාන්විත මතක...
Deleteඔය කාලෙ නේ ද, අර කම්මුල්ගායට අලි හක්කක් ඉල්ලන්න ගිහිං, යූඇන්පී කාරයෙකුගෙ ගෙදරට, "ගිහිං පුටු කකුලක් උරච්චි කරල ගාගනිං!" කියල තිබුණෙ...?
හුම්
ReplyDeleteඔහෙටත් ඡන්ද කොලේක ඔතපු පාවෙන එකක් ඕනද?
Deleteඩඩ ඩඩ ඩා... ඩී ඕ ඩබල් ජී ✌
Deletehttps://www.youtube.com/watch?v=Wc8JJ5Pkxd4
Deleteකතා ගෙතුණු කතා
ReplyDeleteහරි අපූරු කතා
අනුර දිනන කතා
සැවොම කතා වෙතා
මාලිමාව දිනයි
Deleteවගේ පෙනෙයි තමයි
ඊට පස්සෙ තමයි
අපි පුදුම වෙන්නෙ ළමයි
ඉස්සර ජේ.බී. ඔබේසේකර කියලා කෙනෙක් හිටියා. එයත් බණ්ඩාරනායක වගේ සිංහල බැරි කෙනෙක්.
ReplyDeleteඑක රැස්වීමකට යන්න කලින් මේ රැස්වීමට එන්නේ කවුද ඇහුවාම, ස‘ර් ඔය ගමේ ඉන්නේ පදු මිනිස්සු කියලා කිව්වා.
එයා රැස්වීම පටන් ගත්තේ පදු නෝනාවරුනි, පදු මහත්වරුනි කියලා.
ඔය වගේ කතාවක් අනගාරික ධර්මපාල සම්බන්ධව තිබුණා මට මතකයි. ඒ කාලෙ ඉගැන්නුවෙ ඉංග්‍රීසියෙන් නිසා, සිංහලෙන් කතා කරන්න ගොඩක් අයට බැරි වුණා. ගොඩක් බෞද්ධ අය පිරිවෙන්වලින් සිංහල පාලි සංස්කෘත සාහිත්‍ය ආදිය ඉගෙන ගත්තා. නමුත් බටහිර පන්නෙ පවුල්වල උගත්තු දැනං හිටියෙ ගෙදර දොරේ වැඩකාරයන්ට කතා කරන විදිහ විතරයි.
Deleteඔහොම දවසක් සභාවක දි කතාවක් කරන්න නැගිට්ට උගතෙක්, "සභාවෙන් අවසරයි, මට සිංහලෙන් කතා කරන්න බැරි වීම ගැන බොහොම කණගාටුයි..." කියල පටන් ගන්නකොට ම, සභාවෙ හිටපු අනගාරික ධර්මපාල ඇහුවා...
"ඇයි ගොං තඩියො? කතා කරන්ඩ බැරි නං මොකට ද නැගිට්ටෙ?" කියලා.
තව දවසක් උසාවියෙ...
නඩුකාර තුමා බොහොම සිංහලට ලැදි කෙනෙක්. සිංහල සාක්ෂි කාරයන්ගෙන් සිංහලෙන් ම හරස් ප්‍රශ්න ඇසිය යුතුයි කියලා එතුමා බල කළා. නමුත් පැමිණිල්ලෙ නීතිඥ වරයා ඉංග්‍රීසියෙන් විතරක් ඉගෙන ගත්ත කෙනෙක්. එතුමා තමන්ගෙ භාෂා නොහැකියාව ගැන කිව්ව ම, නඩුකාර තුමා කිව්වා, "තමුන් දන්න හැටියට සිංහල පොඩ්ඩක් හරි දන්නවනං, සිංහලෙන් ම ප්‍රශ්න අහන්ඩ" කියලා. ඉතිං නීතිඥවරයා කිව්වා, "මං දන්නෙ ගෙදර වැඩකාරයන් එක්ක කරන කතා බහ විතරයි" කියලා. එහෙම කියලා උන්නැහැ ප්‍රශ්න අහන්න පටන් ගත්තා.
"මේ බලපං මිනිහො! තෝ දැන් කියන්නෙ, මේක කෙරුවේ මොකා ද කියලා තෝ දැක්කෙ නෑ කියල ද?"
නඩුකාර තුමා "ඔ්ඩර් ඉන් ද කෝට්!" කියලා නීතිඥවරයා නැවැත්තුවා.
නීතිඥවරයා දන්න සිංහලෙන් ම විරුද්ධත්වය ප්‍රකාශ කළා, නඩුකාර තුමාට...
"උඹ මොකද මිනිහෝ ඔ්ඩර් කියන්නෙ?"
එදායින් පස්සෙ ඒ උසාවියෙත් සෑහෙන කාලයක් යනකං සිංහලෙන් නඩු ඇහුනෙ නෑ.
අපේ තාත්තා බෝතලේ, ඒ කියන්නෙ යූඑන්පී තිබිරි ගෙය. අපේ සීයලා, බාප්පලා, නැන්දලා පට්ට යූඑන්පී කාරයො වෙද්දි (ඩඩ්ලි මැරුන වෙලේ ගෙදර එකෙක් මැරුණා වගේ කට්ටිය අඬ අඬා හිටියා කියලා අපේ අම්මා තාත්තව බයිට් කරන්න ඕන වුනාම කියනවා මට මතකයි) මොන හේතුවකට හරි අපේ තාත්තා ශ්‍රී ලංකා කාරයා...ඔය ආභාෂෙත් එක්ක ඉස්කෝලෙ ගියාම අපිත් ඉතිං හෙන ශ්‍රී ලංකා කාරයො..අපි අරුන්ව බයිට් කරන්න කියන සිංදුවක්.තමා
ReplyDeleteඅලියා කැලේ කොළ කනවා
ජේ.ආර්ට බඩ යනවා
ප්‍රේමදාස හෝදනවා..
උන් අපිට කියනවා
සිරිමාවෝ සී දේවී
සීනි නැතිව තේ දේවී
දේශපාලනේ ගැන මෙලෝ අලබෝලයක් නොදැන ඒ කාලෙ අපි කරපු දේශපාලනේ හරි සුන්දරයි..🙂🙂
එතකොට ඔහේ බෝතලේ නෙමෙයි ගැලුමෙ ද?
Deleteමල්ලි හරි මල්ලි... :-)
Deleteඅපි පවුල ම පවතින ආණ්ඩුවට විුද්ධ පක්ෂෙ හැම දාම... මං අර උඩිනුත් කියල තිබුණෙ...
Deleteඉතිං වරක් මට මතකයි, අසූ නවයෙ ප්‍රේමදාස ජනාධිපතිවරණය දිනුවට පස්සෙ, අපේ ගේ ඉස්සරහිං පෙළපාලියක් ගියා, ගමේ උන්න යූඇන්පී කාරයො ටික. තාත්තා තනිය ම පස්සෙන් පන්නගෙන ගිහිං, එක ගෙදරක මිදුලෙ දි උන් සෙට් එක කොටු කරගෙන දුන්නා දේශනාවක් ඇට්ටි හැළෙන්ඩ.
ප්‍රසන්න, ඒ කාලෙ තමයි ඔය ප්‍රදේශයට බෝතලේ කිව්වෙ. දැන් මෙට්‍රික් යුගය. දැන් කියන්නෙ ලීටර්...
Deleteඅහා! නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඒක හරිම අපූරු වචනයක්. අකමැත්තෙන් වුනත් මේකත් එක්ක එකඟ වෙනවා හැරෙන්න වෙන විකල්පයක් දැනට නැති පාටයි.
ReplyDeletehttps://chandimagomes.blogspot.com/2024/09/blog-post.html
කෙලින්ම මාතෘකාවම අදාල නං නෑ, ඒත් බලන්න වටින සාකච්චාවක්:
Deletehttps://www.youtube.com/watch?v=VQ9W_Pq3v0Q
උඩ ලිංක් එකට මේ...
Deletehttps://www.facebook.com/share/p/vu8kiJCJP6DQWGe9/?mibextid=qi2Omg
බලු ආණ්ඩුව තියෙන්නේ බලුකිස්තානේ ...
ReplyDeleteඑහෙවත් නෑ මේ තරම් සාර්ථක විදිහට...
Deleteරට අනුරට
ReplyDeleteඅනුරට රට
රට අනුරට
අනුරට රට
රට අනුරට
අනුරට රට
රට අනුරට
අනුරට රට
රට අනුරට
අනුරට රට
අට රනුරට
Deleteරනුරට අට
මෙතන කැම්පේන් කරනවනං, මට ගාස්තු ගෙවහල්ල...
Deleteමම පොඩි කාලෙ තිබුනෙ ශ්‍රී ලංකා ආංඩුවක් නිසා ඒකාලෙ අකමැතිම ශ්‍රී ලංකා එකට.
ReplyDeleteඊට පස්සෙ අකමැතිම පුද්ගලයින් වශයෙන් හිටියෙ ප්‍රේමදාස, විජේවීර සහ ප්‍රභාකරන්.
ඊට පස්සෙත් සහ දැනුත් ඉතිං කැමති පුද්ගලයින් නෑ.
ජේආර් සහ චන්ද්‍රිකා මග හැරිලා නේ...?
Deleteඔහේ ළඟදි කම්මලය එහෙම හම්බවෙන්න ගියාද?
ReplyDeleteඔය සුපුං කියන එකා කාට හරි ගැහුවනං ඇත්තටම ඌට පිස්සු තමයි.
ReplyDeleteකොකාකෝල බීල වෙරි වෙන එකා බය නැතුව කාටහරි ගහන්න යයියැ හොඳ සිහියෙං.
සුපුං ඔහොමමයි. එක කාලයක් ප්‍රසඤ්ඤ කියල එකෙක්ගෙ කොන්ක්‍රීට් බ්ලොග් හැදුවා
Deleteප්‍රසඤ්ඤ කියන එකා කොංක්‍රීට් උනේ ඕකගෙ සිමෙන්ති බාල්දිය ඔළුවෙ හැලිල.
Deleteචන්දෙම විහිළුවක් අයිසේ ... අපේ තාත්තා ඉන්න කාලෙත් චන්දේ කාලෙට හරි ආතල් .. මේ කාලේ හිටියනම් මොන පැත්ත ගනියි ද කියල හිතන්න බැරි තරමට ජෙප්පෝ රනිල් පෙන්නන්න බැරුව හිටියේ ..
ReplyDeleteමට තාම ජෙප්පෝ පෙන්නන්න බෑ .. මාලිමාවෙන් වසාගෙන එන්න හදන ජෙප්පන්ට මම කැමති නැහැ
//මහප්පා
ReplyDeleteමේ අර මඟුල හොයන්න ආපු මෑන්ව රා පොළකට අරන් ගිය එක්කෙනාද
// මගේ වෘත්තීමය සීමාවන්
මතෝ ලියන්න තරං වටිනා ඒවා ඩයරියක හරි ලියල තියන්න.තව අවුරුදු 10-15
ගිහිල්ලා ලියනකොට ලේසිවෙයි.
මේ මනුස්සය දැනටමත් වෘත්තීය සීමාවෙන් නෙමෙයි නුවරඑළිය සීමාවෙනුත් ඔබ්බට ගිහිල්ල තියෙන්නෙ හිටං.
Deleteසිරි,
Deleteඒ අපේ බාප්පා, ගුණරත්න. මහප්පා ඇවිල්ලා, සරත් හෙවත් සනී. ඔය මහප්පා ගේ හදන්න ගෙනත් තිබුණු ගඩොල් ගොඩ තමයි බාප්පා, අපේ සීය (අම්මගෙ තාත්තා)ට පෙන්නුවෙ, "අර තමයි සේපාල (අපේ තාත්තා) ගෙයක් හදන්ඩ ගෙනත් තියෙන ගඩොල්" කියලා.
ඇත්ත... ලියල තියන්ඩ වටිනව, මොක ද, කාලයක් යනකොට දින වකවාණු එහෙම වරදින්ඩ පුළුවන් නිසා. වැඩේ තියෙන්නෙ එහෙම දින සටහන් තියාගන්ඩ මට මාර කම්මැලි කමක් තියෙන්නෙ. නැත්තං වාර ගාණක් ම මම ට්‍රයි කළා...
ප්‍රසක්ඥ,
ගොඩකවෙල පැත්තටත් ව්‍යාප්ත කරන්ඩ හිතාගෙන ඉන්නෙ.
ගොඩක් කතා අහල තියෙන ඒවා . ඒත් කමක් නැහැ . මතක් කලාට .
ReplyDeleteසීනි නැතිව තේ බොන්නම්
මිරිස් නැතිව බත් කන්නම්
මැතිනි අපට කියනවනම්
බතල වුනත් අපි කන්නම්
- මේ ශ්‍රී ලංකා කාරයෝ කියපු එකක්
https://drackey.blogspot.com/2015/01/blog-post_13.html
Deleteමෙතන තියෙනව ඔය ගැන කාටුන් ටිකක්
අසූ ගණන් වල මුල් කාලෙදි දවසක ඉස්කෝලෙදි ඉතිහාසය උගන්වන ගුරුතුමා ලමයින්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා,
ReplyDelete"විජය කුමාරයා ගොඩ බැස්සෙ කොහාටද ?" කියලා.
ලමයෙක් උත්තර දුන්නා
"කටානට"
හැබෑට... ! මං හෝඩියෙ පන්තියෙදි විතර, ඒ කියන්නෙත් අසූ ගණංවල ම තමයි. කුවේණි වේදිකා නාට්‍යය ගියා ටීවී එකේ. ඒකෙත් ඔය හෙන්රි ජයසේන කියවනව, විජය කුමාරයෙක් ගැන. මං හිතුවෙ ඒ කියන්නෙ විජය කුමාරතුංග ගැන කියල.
Deleteවිජය මුලින්ම ඉල්ලුවේ කටාන ආසනයටනෙ.😀
Deleteඅඩෝ උඹ ජෝක් කතාවෙන් Praසන්ன පිස්සෙක් කියල නේද ? පව් ඌ, පිස්සෙක් වුණත් ප්‍රසිදිධියෙ කියන්න එපා
ReplyDelete❤️❤️
ReplyDelete