Wednesday, September 4, 2024

මී හරක් සංදේශය



සැරද මී හරකා කළු කුමරාට සුමිතුරු
පෙර සමතෙක් තරඟෙට රජුට කවි බැඳ
ලැබිය ගමක් නුඹ සන්දා මිතුරු සඳ
එකවිය කීම ම සෑහේ නුඹ වැනීමට

කර ගල ගගා එනවා මම් නොදනිම් ද
කර ගල ගගා එනවා මම් නොදනිම් ද
කර ගල ගගා එනවා මම් නොදනිම් ද
කර ගල ගගා එනවා මම් නොදනිම් ද

මෙප මණ වැණුම් ලද සුමිතුරු මීහර    ක
කොප මණ මෙදින නෑවද නුඹ මඩවල    ක
තොප එන අතරමග ආවෙද නොවී දු    ක
සැප තකි ඉන්ට ඇත්නම් මෙ නුඹ දැක දැ    ක

නොමදින් තද දුකට පත් වී සිටින ම    ට
වෙන අන් කෙනෙකුගෙන් නොලැබේ ම ය පිහි    ට
එබැවින් ලොවට වැඩ වන පණිවිඩයක     
සැරසෙන් අළුත් නුවරට අද යන ලෙස     ට

දනවත් දන හොඳට කාබී සැප ලෙසි    
සිටිතත් මෙරට නොතකති අප දුගී ද    න
එහෙමත් සිටින උන් හට දැන් පත් මගි    න
පසසත් උතුමන් ය කියමින් යුතු සුගු    න

තමන් ගේ පාඩුවේ සැප විඳින ද    න
උතුම් බවට පැමිණෙන්නේ කොයි ලෙසි    න
මෙවන් කරුණු දැන දැන කුහක ගතියෙ    න
ඔවුන් හට කරති පැසසුම් අමන ද    න

එබැවින් මිතුරු මී හරකෝ ගුණ නැණැ     ති
තගොසින් අළුත් නුවරට විගස නො නැව    ති
දකිමින් කළු කුමරු නම් යක්ෂ සෙන්ප    ති
පවසන් මේ අවනඩුව මුළු ලොවට වැඩ වෙ    ති

ඉතින් නුඹ කොළඹ මරදානෙන් ගොසි    නි
දකින් කැළණිය ද පෑලියගොඩ හොඳි    නි
එයින් පසු ව හුණුපිටිය ද රාගමි    නි
හොරෙන් හොරෙන් යව මඩ වගුරු අතරෙ    නි

ගනේමුල්ල හෙනරත්ගොඩ බෙම්මු    ල්
පත්තල ගෙදර වේයන්ගොඩ සිරි දු    ල්ල
පල්ලේවෙල මීරිගම පොල් තුරු නි    ල්ල
පසු කර අඹේපුස්සට යව නොව මැ    ල්ල

අලව්වේ වලව්වල නොම නැවතී    ලා
වලකුඹුරේ කුඹුරකට බැස දිය බී    ලා
පොල්ගහවෙල රඹුක්කන ගම් පසුකර    ලා
කඩුගන්නාවෙ කන්දට නගිනු සැරසී    ලා

බලනේ විලස සිහලුන් දක්වා පො    රණ
බලනේ පරංගින් වැනසුව පැමිණි    රණ
බලනේ කන්ද නැග සුමිතුරු නොව උ    රණ
බලනේ නම් යෙහෙකි ඒ ලේ වැකි දෙ    රණ

එතනින් ගොසින් අනතුරු නොව කඳු උඩි    නි
පලයන් අළුත් නුවරට ගරු සරු සිති    නි
පසෙකින් දැඩිමුණ්ඩ දෙවියන් සිට බැති    නි
නමදින් සතර ගාතෙන් බිම පෙරලෙමි    නි

පුරා තන පටන් සිරිලක රැක ග    ත්තු
විරා ජිත පවර එසුරිඳු සිරිම    ත්තු
සුරා වනසන්ට වීරිය පෙර ග    ත්තු
හැරා සිටිනු කිම දැයි විමසිය යු    ත්තු

අළු කර තෙද නලින් දුදනන් දුරු ව    න්ඩ
ඇළු මිය කරණ සුදනන් සැප සලස    න්ඩ
දිළු යස විකුම් දෙවිඳන් වැඳ දැඩිමු    ණ්ඩ
කූළ කුමරා සිටින දෙවොලට රිංග    න්ඩ

නැග මී හරකෙකුගෙ පිට රුදු යකා ලෙ    
සිටිනා කළු කුමරු සඳ දැක වඩා තො    ස
වැඳ ලා හතර ගාතෙන් නුඹ නො වී ල    ස
මෙලෙසින් තුති කරන් ඒ යකුට නිසි ලෙ    ස

රීරා මහසොහොන් දහ අට එ සමය    මේ 
ගෝරා අබිමාන යකු මහ සූනිය    මේ
නෑරා මෙ සැම සහ වසනා මිතුරුව    මේ
තෝරා ගතැකි පහනා කළු කුමරු ය    මේ

තුම්මන් සලේ රැක ඉඳ ලෙඩ කරන     යකා
ගොම්මන් වෙලාවට දිස්ටිය හෙලන     යකා
යන්තම් රුවැති ලියටත් බැල්ම ලන    යකා
පන්දම් එළිය දැක නටනා රුදුරු     යකා

මෙලෙසින් තෙද විකුම් යුත් කළු කමරු හ    ට
මබසින් සතර ගාතෙන් නමැඳ තුති කො    ට
පෙරවුන් උතුම් සිංහලයන් ගේ නම    ට
සතුටින් සවන් දෙන්නට කිය මේ බස    ට

දැනට සිරි ලකේ සිටිනා බොහෝ දෙ    න
සුරා පෙරා විකුණාලා විදි ලෙසි    න
මුදල් බොහොම සපයා ගෙන සුරන් මෙ    න
කන්නන් අඳින්නන් බොන්නන් රිසි ලෙසි     න

තවත් සමහරෙක් ඉංග්‍රිසි සත ඉගෙන    න
ලොකු නිලතල ලබා මුදලුත් සපය ගෙ    න
ලොකු ලොකු වලව්වල ඉන්නන් සුරන් මෙ    න
මෙලෙසින් දැන් ඉන්න අයගේ නැත ගණ    න

මොවුන් මෙලෙස ඉන්නා මුත් සිරි සැපෙ    න
සුරා බිබී වැනසෙති කොටසක් අම    න
සිප් සතරක් ඉගෙන ගැනුමට නැති කමි    න
යකුන් ලෙසට ලොකු වෙති දරුවෝ දුකි    න

කරන්නට රැකී රක්සා නැති බැවි    න
හිඟන්නන් වෙලා තව කොටසක් සිටි    න
වෙළෙඳම් සියළු වෙන රට අයට අත් වු    න
හිඟා නොකා අපි හිඟමනට පත් වු    න

අනුරාපුර කුඹුරු තැනුමට ඇතත් ඉ    ඩ
නොතකති දනවතුන් හට ඒ නොවේ වැ    ඩ
සියළු ම ලක් දනට සැපසේ ඉන්ට ඉ    ඩ
තිබෙතත් දනවතුන් නොතකති රටේ වැ    ඩ

බිබී ජින් බ්‍රැන්ඩි ෂැම්පින් මත් කර    න
කකා මස් පාන් ආදිය රස වැහෙ    න
මොටෝ කාර්වල යන එන සිතු ලෙසි න
වලව්වල දෙවෙනි මාලෙහි සැප විඳි    න

මිනිසුන් උතුමන් ය කියමින් කපටි ද    න
උතුමන් හටත් ගරහති සුනක ගතියෙ    න
එබැවින් කළු යකානෙනි තද තෙදැති ව    න
බලමින් ඔබෙ කුරිරු ඇස් දෙක නෙරවමි    න

වැඩක් රටට නොකරන ලොකු ලොකු අය     
ඔවුන් උතුමන් ය කියනා කපටින්     ද
නරඹා කළු කුමරු මරු අවතාර ල    ද
කළ මැන සුදුස්සක් ලෝ වැඩ වැඩෙන ලෙ    ද

කියා ලා මෙවග කළු යකුට නම ක    ර
අයා මුව රටේ සතුරන්ට දෙස් ක    ර
සොයා ගෙන ගොසින් නුඹෙ වනගත කුඹු    
දයා වෙන් වසනු මැනවී ගොන් මිතු    ර

- පියදාස සිරිසේන

(විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය පොතෙනි)

https://archive.roar.media/sinhala/main/health-lifestyle/scary-black-prince-who-looks-at-ladies

49 comments:

  1. 1 භුක්කලා. පස්සෙ එන්නං කියවන්න

    ReplyDelete
    Replies
    1. මා වැනි කුමන්දා
      දුක් සැප ළඟ ට කැන්දා
      වර වර බිලින්දා
      මේ... මේ... අනේ මන්දා

      Delete
  2. මොකක්ද ඕයි මම මේ කියෙව්වේ..
    මොකක්ද ඕයි මම මේ කියෙව්වේ..
    මොකක්ද ඕයි මම මේ කියෙව්වේ..
    මොකක්ද ඕයි මම මේ කියෙව්වේ..

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකීතුමාගෙ පරම්පරාවෙන් එන ඇඩ්වෙන්චර් කතාවක්ද කොහෙද. ඉස්සරත් ලිව්ව නේද ඒ ජාතියෙ කතා?

      Delete
    2. https://en.wikipedia.org/wiki/Yama

      Delete
    3. ගොඩකවෙල ප්‍රසා - ගොඩකාවෙලේ ප්‍රසා
      කොන්කිරිට් னයා - ටෝච් එක කාපු එකා
      මේ කවි ටික කියා අහිගුණ්ඨිකයෙක් සොයා
      අල්ලා දෙන්ඩ හිතුණත් මට කම්මැලි ය...

      ප්‍රා,
      මේක නං විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය පොතෙන් මං කොපි කරගෙන තිබුණු කොටසක්. මේ ළඟ දි ආපහු මතක් වුණා...

      Delete
    4. ප්‍රා, ඒ ඇඩ්වෙන්චර් ඔක්කොම මූ අල පාත්තියකට යටකරල වහල දැම්ම.

      Delete
    5. අල වගාවට මීහරක් ??

      Delete
    6. ප්‍රසා,
      ඒක ආපහු ඇදල අරං තව පෝෂණය කරල ගන්න ඔ්නෙ. වෙලාව තමයි අඩු.

      ඇනෝ ප්‍රා,
      ගොඩක් සත්තු ඉන්නව, අල වගාව ආශ්‍රිතව. ඉන්ක්‍ලූඩිං නයි ත්...

      Delete
  3. කියව්වා.පස්සෙ කමෙන්ට්ස්

    ReplyDelete
  4. දැන් දැඩිමුණ්ඩ බොස් ඉන්නේ අලුත් නුවර නෙවෙයි නුවරඑළියේ.. 😅🤭

    ReplyDelete
    Replies
    1. හූම්ම්... ගියාට පස්සෙ දැඩි ගතිය අඩු වුණා. දැන් මොළොක්මුණ්ඩ...

      Delete
    2. මුණ්ඩය මොලෙක් නම් හොදා...

      Delete
    3. හා! හා! කට! කට!! වස් වදික

      Delete
  5. අඩේ මේක මරු.
    දුතයව යවල තියෙන්නේ කෝච්චියේද මන්දා
    බෝ, ගැටස් සංදේශය කියවල තියනවද

    ReplyDelete
    Replies
    1. හරියට හරි... රේල් පාර තමයි. ගොඩක් පියදාස සිරිසේනගෙ කෝන්ගොඩ වික්‍රමපාල කතාවල තියෙනව, කෝච්චියෙ ගිය ගමන් ගැන. මයෙ හිතේ, ඒ කාලෙ මහ පාරෙ ගමන් රේල්ලුව තරම් ප්‍රචලිත නැතුව ඇති. රොමාගෙ වාසනාවෙත් තියෙන්නෙ, කොළඹ ඇතුලෙ ගමන් ට්‍රෑම්වලින් හැබැයි නුවර යාම වගේ දුර ගමනක් යන්නෙ රේල්ලුවෙන්.

      ගැටස් සංදේශය නං ඇහුවෙත් අද ම යි. ගැසට් නං කියවල තියෙනව. ගැටස් සංදේශය තියෙනව ද, මේල් එකක් දම්ම ගන්ඩ?

      Delete
    2. එක ලියල තියෙන්නේ සිරිලාල් කොඩිකාර මහත්තයා.
      හිටින් කොට පාරෙන් වැඩේ ලියන්න.
      //“ඒකාලෙ මුදල් ඇමැති ඇන්. ඇම්. අය-වැය හැදුවාම ඒකෙ බඩු මිල වැඩිවීම් නෑ. හරිම ප‍්‍රගතිශීලීයි. ඒත් අය-වැය සම්මත වෙලා ටික දවසක් යද්දී ගැසට් නිවේදන මගින් බඩුමිල වැඩිකරනවා.
      “ගැසට්” එකට ගම්වල කීවේ “ගැටස් එක” කියලයි. අය-වැය බොහෝම හොඳ වෙද්දී ගැසට් මගින් බඩුමිල වැඩි කරන එක ගැන උපහාසයෙන් තමයි ‘ගැටස් සංදේශය’ ලියන්න ගත්තේ.
      ඒ සංදේශය ගේන්නේ කතරගම දෙවියෝ. ඒ කියන්නේ සංදේශයේ දූතයා කතරගම දෙවියෝ. එයා එහෙන් බස් එකේ නැඟලා කොළඹ එනවා. ඇවිත් ඇත්ත පත්තර කන්තෝරුවටත් ගොඩවැදිලා සංදේශය අරන් යන්නේ රජයේ මුද්‍රණාලයට, මොකද ගැසට් එක මුද්‍රණය කරන්නේ එතැන.
      ගෙනියන පණිවිඩය නම් ගැසට් එක මුද්‍රණය කරන්න එපා කියන එක. ඒ මොකද මෙච්චර හොඳ අය වැයකින් සහන ලබා දෙද්දී රජයේ මුද්‍රණාලය මගින් මේ විදිහට බඩු මිල වැඩි කරන එක දරාගන්න බැරි බව කියලයි සංදේශය යැව්වේ.
      //

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අහා! මේ විස්තරය නියමයි නෙව? දැන් තමයි මී හරකට වගේ තේරුනේ. බලාගන ගියාම එදා සිට අද දක්වාම සහෝදරවරු කරල තියෙන්නෙ මූණට එකක් කියලා, යටින් අරින එකම නෙව? ලපයත්........🤔😯

      Delete
    5. බකුස්,උත්තර දෙකයි නොවැ තියෙන්නේ
      ඇත්තම අහල උඩින්ම ඇර ගන්නවද
      බොරුම අහල යටින්ම ඇර ගන්නවද
      අන්තිමට කියපු අයත් එකම පැත්තේ
      අහපු අය සදා සොත්ති භවන්තුතේ

      Delete
    6. උඩින් යටින් මැද්දෙන් කොතැනින් ගත්තත්
      මෙදා පොටේ කුජීත වෙති හොර හැත්තත්

      Delete
    7. සිරිබිරිස්,
      බොහ්හ්හෝම ස්තූතියි විස්තරේ ට. ඔය කොඩිකාර සහෝදරයා මාර නිර්මාණ ශීලී ලේඛකයෙක් නෙව. රංචාගොඩ ළමය කියල කවියකුත් ලිව්වනෙව, ඇත්ත පත්තරේ...

      මට මතකයි එක සැරයක් රංචගොඩ ලමය ලිව්ව,
      “දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන්
      සීගිරි ගලේ කවි ලීවේ ඩෝල්ටන්
      නඟුලෙන් එදා රජ කෙරුවේ ඩෝල්ටන්
      පැදුරේ මෙදා නිදියන්නේ ඩෝල්ටන්...” කියල කවියක්

      මෙතන තියෙනව විස්තරේ...

      බකුස්,
      ඡන්දය තියෙන්නේ, රට කළමනාකරණය කරන්න දන්න, සහ ඒ වැඩේ කරයි කියල විශ්වාස කට්ටියක් අපි වෙනුවෙන් පත් කර ගන්න මිසක්, අපේ අයියට රස්සාවක් දුන්නට හරි, අපට කන්ඩ දුන්නට හරි, කළගුණ සලකන්ඩ නෙවෙයි කියලා තේරුම් ගත්ත ඡන්දදායකයො පිරිසක් රටේ බහුතරය වන තාක්... (එක්දෙකා ඔ්නෙ නෑ...)

      නිදි,
      මාත් මට මතක ඇති කාලයක පටන්
      ඡන්දෙදි විරුදු පක්සෙට හිත ඇතිව හිටං
      කඩේ ගියෙමි හම යන තුරු ඒත් බොලං
      දින්නට පස්සෙ හැබෑ නොවුනි අපේ සිතුම්

      Delete
    8. පහුගිය වතාවල එහෙමත් වුණා තමයි
      දිනලත් අපිට පැරදෙන්නට වුණා - හැබැයි
      මේ වංගියේ නම් හැබෑම වෙනසක් වෙයි
      කියල හිතෙයි- ඒ බව මට විශ්වාසයි!

      Delete
    9. නිදි,
      තවමත් කල් වැඩිය මතයක් කියන්නට
      අවුරුදු පහක් ගිය තැන අපි බලමු මිත
      මාත් ඡන්දෙ දැම්මේ ඔබෙ මතය යට
      කියා කිව්වොතින් එය ඇති වෙයි දැනට

      බස්සා,
      100%ක් ඇත්ත. අපි ඔක්කොට ම කලින් පත් කර ගන්න ඔ්නෙ බුද්ධිමත් ඡන්ද දායකයන් පිරිසක්.

      Delete
  6. නුවර එළිය පැත්තේ අල වැවෙන්නේ
    අල කෑවම අපෙ බඩ-කට පිරෙන්නේ
    නිදියා අරහෙ වැඳ-වැඳ කවි ලියන්නේ
    කතිර යුද්දෙ ලඟයි නේද බොලන්නේ

    ReplyDelete
    Replies
    1. වැස්ස බලාලයි අපි අල වවන්නේ
      ඒකට කෙළවලයි මෝසම වහින්නේ
      කළ ගුණ තියන්ඩයි කතිරය ගහන්නේ
      රට කළමනාකරණෙට නෑ හිතන්නේ

      Delete
    2. ඊයේ යද්දී අපි හම්බන්තොට පැත්තේ
      පෙනුණු සුබ ලකුණු ගැනමයි කිව යුත්තේ
      උන් මුන් එක්ව රට කෑ හොරුනගෙ තත්තේ
      බින්දුවටම බහින පාටයි මේ වැත්තේ

      Delete
    3. පෙනෙන ලකුණු සියල්ල ඇත්තක් වේ නම්
      කොතරම් වාසනාවන්ත ද අපේ රට
      මට සිහි වෙන්නෙ, පෙර කාලේ ඡන්ද ගැන
      හොඳක් පේන්නෑ අයියේ ළඟක දි නං

      Delete
    4. මූද තියෙයි රට වටේම ඇති වෙන්න
      මාලු ටිකත් හොරු අරගෙන යන්න
      ඉන්දු කිකිලියො බිත්තර දාගන්න
      රට පටවමු අපි ගෑණුන් නැති වෙන්න

      Delete
    5. https://www.youtube.com/watch?v=AUCMtGXcLKY&pp=ygU54LaU4La94LeU4LeAIOC2reC2r-C3kuC2seC3iiDgtrHgtrvgtprgt4og4LeA4LeZ4Lag4LeK4Lag

      https://www.facebook.com/1004960391/videos/10214838562650017/

      Delete
  7. මොකක්ද බොල මම මේ කියෙව්වෙ හිටං

    ReplyDelete
    Replies
    1. මී හරකෙක් පබ්ලිෂ් කරපු එකක්.

      Delete
    2. ප්‍රසා,ඔන් පොල්ලට ගහල නයාට වැරදිච්ච තැන

      Delete
    3. වවුලෙක්ගෙ පොල්ලට ගහනව කියන එක සෙල්ලං වැඩක් කියලද බොලා හිතන්නෙ.

      Delete
    4. නමිය,
      ඉඳගෙන කයවල බලහං, තේරෙයි.

      ප්‍රසා,
      කමු ද තව සීතල ටෝච් පාරක්?

      සිරි,
      ඔ්ක පුෂ් ගානව විතරයි. ඇක්ෂන් නෑ...

      ප්‍රසෝ,
      ඔලුවෙං හිටගෙන ගහන්ඩ වෙන්නෙ බොට...

      Delete
  8. කර ගල ගගා එනවා මම් නොදනිම් ද

    මේක අන්දරේගේ කතාවක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ජනකතාවල මූලාශ්‍රය මොකක් වුණත්, ෆේමස් චරිතවලට ඈඳෙනව. මුලක් හොයන්ඩ අමාරුයි.

      Delete
  9. හුම්. වැඩ රාජකාරි මධ්‍යයේ වුවද පෝස්ට් එකක් දාපු එකට මයෙ හද පිරි මෙව්වා එක.
    ස්වස්ථි සිද්ධම් !

    ReplyDelete
    Replies
    1. නමිය,
      ඇත්ත යකො... මේ දවස්වල එක සීරු වැඩ. ඒ ගැන මට දැනෙන දේවල් ලියන්ඩ, පැන්ෂන් යනකං ඉන්ඩ වෙනව.

      ප්‍රසෝ,
      ඔවු. ඌ එකක් වගේ තමයි. හරියට ම, 1 වගේ...

      Delete
  10. මොකක්ද ඕයි මම මේ කියෙව්වේ..
    මොකක්ද ඕයි මම මේ කියෙව්වේ..
    මොකක්ද ඕයි මම මේ කියෙව්වේ..
    මොකක්ද ඕයි මම මේ කියෙව්වේ. x 2

    ReplyDelete
    Replies
    1. බොලා අහල නැති දේ ගැන ලියන එක
      වෙනම විදිහෙ ආතලයකි නොවේ සැක

      Delete
  11. කර ගල ගගා එන්න කියල ගුණදාස කපුගේ මහත්තයත් අඩගැහුවා නේද මෙහෙම 🙃

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ කරණවෑමි සොහොයුරා ගැන නේ... ඒ කිව්ව ම මතක් වුණේ. අපේ යාලුවෙක් හිටියා, "ර" යන්න වෙනුවට "ව" යන්න කියවෙන. එයා ගාව දි අපි ඔය සිංදුව කියන්නෙ මෙහෙම,

      කව ගල ගගා එන්න
      කව ගල ගගා එන්න
      කවනවෑමි සොහොයුවානනේ
      කවදව තැවුල් බවින්
      මා හිස මුදාලන්න
      කවනවෑමි සොහොයුවානනේ...

      Delete
  12. එපා රනිල්ට කෝප වන්නට, එයින් යහපත නැසෙනවා...
    එපා සජිත්ට නිගා කරන්න, ඔබේ හොඳ ගති මැකෙනවා...
    එපා දිලිත්ව සුලු කරන්නට, එයින් මුලාවෙ වැටෙනවා...
    එපා අනුරට චන්දෙ දෙන්නට, මැරෙනවා අපි මැරෙනවා ..."

    ReplyDelete
    Replies
    1. 94 දි චන්ද්‍රිකා මැතිණිය දිනුවමත්, ආපහු හාල් පොලු, මිරිස් පොලු එයි කියල හිතලා විස්සෝප වෙච්ච උදවිය හිටියා ජගත්...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි