රුහිරෙන් පුදමි - 5 කොටස

මෙතෙක් කතාව

3 කොටස
4 කොටස



තණපිටියේ පින්නෙන් පෙඟුණු ලී ගේට්ටු ඇයී විවරව තිබිණ. කුඩා කුරුල්ලන්ගේ සිහින් කෑගෑම හදිසියකින් නැවතී, ගැහැණුන් දෙ දෙනෙකු ගේ නොපැහැදිළි විළාපයක් නැඟී ආයේය. රැස්ව සිටි කිහිප දෙනාගේ මුණු මුණුව ගුප්ත බවක් දැනවී. මිහිදුමින් වැසුණු තණ පිටිය අසළට දෙමිතුරන් ළඟා වූවා පමණි.

මාර්ගය ඉරා දමන්නට මෙන් වේගයෙන් ඇදී ආ මෝටර් සයිකල් දෙකක් ගළක් ගැසුවාක් මෙන් නතර විය. දඩි බිඩි ගා ඒවායින් බැස්සේ පොලිස් කාරයන් සිව් දෙනෙකි. රැස්ව සිටි මිනිසුන් එළවා දමමින් ඔවුහු තණ පිටියට කඩා වැදුණහ. බොරළු කැට හා තණපත් මත ඔවුන්ගේ නොසැළකිලිමත් බර සපත්තු අඩි වැරෙන් පතිත විය.

දිගු තණ ගස් පඳුරු අතර තරුණියගේ දුබල සිරුර වැතිරී තිබිණ. සුදුමැළි බවින් අළු පැහැයට හැරී..... දඬුවක් මෙන් දරදඬුව ගොස්..... තණ පඳුරු මුල් අතර පැතිර තිබූ තුනී මීදුම අතරින් ඇගේ සුදුපැහැ තෙත් ඇඳුම දිස්නය දුනි. ඇගේ හිසකෙස් තෙත් තණපත් අතර විසිරී ගොසිනි. ජීවයෙන් තොර දෑස් මවිතයෙන් මෙන් පුළුල්ව විදැහී..... යන්තම් විවර වූ සුදුම සුදු වියළි දෙතොල්..... ගිළී ගිය දෙකොපුල්..... දැකිය හැකි වූයේ එපමණකි.

‘‘යනව අහකට..... අපට මෙතන වැඩ තියෙනවා.....’’ හිස් උරපටි දැරූ පොලිස් නිලධාරියෙක් විකුම් ගේ උරහිසින් අල්ලා තල්ලූ කළේය. කොහුලණු කැරලි අතින් ගත් පොලිස් කාරයන් සිව්දෙන විසින් ඔවුන් තවත් පස්සට තල්ලූ කෙරිණ.

ලහිලහියේ මළ සිරුර හතර කොණ යාකොට කොහුලණු අදින ලදි.

විකුම් කිසිවක් ගණන් නොගෙන විමසිලිමත් නෙතින් වට පිට බැලීය. ඔහුගේ මුහුණ එක්වරම වෙනස් විය. බංකුවක් අසළ තණගොල්ලේ කිසිදු ඇසකට හසු නොවූ යමක්..... ඔහු වහා එතැනට ඇවිද ගියේය. එහි වූයේ තරමක් විශාල, තැන තැන තෙමුණු, කඩදාසි කවරයකි.

‘‘අකිල .....’’

හනි හනික ඒ වෙත ගිය අකිල, තම මිතුරාගේ අතෙහි වූ කවරය දිටීය. එහි උඩින් විවර වී, පිවිතුරු පිච්ච මල් රැසක් එළියට පැන තිබිණ.

‘‘මල් දෙක තුනක් ගනිං..... අපිට මෙතන මේක බලන්න වෙලාව මදි.’’

අකිල අතට අසුවූ මල් කීපයක් සහිත දිග නටු දෙක තුනක් ඇද ගත්තේය.

‘‘හ්ම්..... ඔහොම හිටපං’’ විකුම් කවරය රැගෙන පොලිස් කාරයන් වෙත ගියේය. සෙස්සන්ගෙන් මඳක් ඈත්ව සිටි, නිලයටම දිරා ගිය බවක් පෙනුනු පොලිස්කාරයෙකුට ඔහු ළං විය.

‘‘රාළහාමි,’’

පොලිස්කාරයා ඉවතට හැරුණි.

‘‘කොන්ස්ටබල්’’ විකුම් මඳ සිනාවක් පාමින් නැවත ඇමතීය.

පොලිස්කාරයා බොර පැහැ දෑසින් රවා බැලීය.

‘‘ඇයි?’’

විකුම් තම අතෙහි වූ දෙය දිගු කළේය. ‘‘මේ මල්, අතන.....’’

‘‘ගිහිං දෙනව තමුසෙගෙ ගෑණිට.’’

විකුම් කවරය බිම අතහැරියේය. කුපිත වීමෙන් ඇති වන ශාන්ත නිහඬ බවින් යුතුව ඔහු ආපසු හැරිණ.

‘‘පිස්සු යක්කු..... රාජකාරි අස්සෙ මුන් එනව අපිවත් පිස්සු වට්ටන්ඩ.’’

එක්වනම, රැස්ව සිටි මිනිසුන්ගේ මුණු මුණුව නැවතිණ. අස්වාභාවික නිහඬතාවයක් පැතිර ගියේය. එකතැනම ඝන වූ මීදුම ඉරාගෙන කළුවන් රුවක් සෙමෙන් තණපිටිය තුළට ඇදී එන්නට විය. අඳුරු පසුබිම තුළ ඔහුගේ සුදුමැළි හැඟීම් රහිත මුහුණ කැපී පෙණින. දිගු සැරයටියට වාරු වෙමින් ඉදිරියට පියනගා ආ අමුත්තාගේ කළුවන් දිග පිට කබායේ කොනක්, මඳ සුළඟට හසුවී විකුම් ගේ මුහුණ ළඟින් ඇදී ගියේය. ඉන් නැඟුනේ තෙත්, පස් ගතියෙන් යුත්, ජීවයෙන් තොර පාංශුමය සුවඳකි.

‘‘මොනවා..... ආයෙත්.....?’’ අකිලගේ කෙඳුරුම් හඬ පවා අවට නිසලතාව බිඳීමට එඩිතර නොවීය.

ඒ මායාකාරී මිනිසා කෙළින්ම පොලිස් කාරයන් වෙත පිය නැගීය. ඔහුගේ දෙපයේ වූ කළු කැන්වස් සපත්තු ගැටී, කුඩා මල් සහිත පැළෑටි මත වූ පිනි කැට දිළිසුම් දෙමින් විසිරිණ. හාත්පස රජැයූ ගුප්ත බව අතරින්..... නිකටේ සිට දෙපතුළ දක්වා කළුවෙන් වැසුණු ඒ රුව, තවමත් කෝපයෙන් පසුවූ කොස්තාපල් වරයා වෙත සමීප විය. කොස්තාපල්වරයා ඔහු පිළිගත්තේ ක්ෂණිකව මවාගත් උණුසුම් බවකිනි. එය ඔහුට හුරු පුරුදු වෙස්මාරුවක් වූ බව පෙනිණ. දෙදෙන, කොහුළණු කොටුව තුළට, පොලිස් පරීක්ෂකවරුන් අතරට ගියහ.

ගුප්ත බවින් පිරුණු, නිහඬ, මිනිත්තු කිහිපයක් පුරා කළු ලෝගුධරයා ගේ නිදහස් පිරික්සුමට තරුණියගේ සිරුර ලක් විය. ඉන්පසුව ඒ මිනිසාගේ ඇසට හසු වූයේ මල් රැසක් දොට්ට පැන තිබූ කඩදාසි කවරයයි. කළුවන් දැඩි අත්වැසුමින් වැසුනු අතින් ඔහු එය අහුලාගති.

පාර බදුගත්තාක් මෙන් ඉතා වේගයෙන් ඇදී ආ පොලිස් බයික් එකක් ගේට්ටුව අසළ නතර විය. හඬ නඟා බයික් එක රේස් කරමින් එහි ඉදිරිපස සිටියේ කාකි කළිසමකින් සහ සුදු වේස්ට් එකකින් යුත් තරුණයෙකි. ඔහුගේ දකුණත ඇක්සිලරේටරය මත නොඉවසිලිමත්ව පසුවිය.

තොප්පිය සහිත හිස අතකින් බදාගත් තරු තුනේ ඉන්ස්පෙක්ටර්වරයෙකු එහි පසුපස අසුනින් බිමට බැස්සේය. තමන් ආ අධික වේගය නිසා ගැහෙන දෙපයින් යුතුව ඔහු තණපිටියට ඇතුල් වීමට පෙර කළු වස්ත‍්‍රධාරියා කොහුළණු කොටුවෙන් මෑත් විය.හෙතෙම හනි හනික පිරිස අතරට වැදී මුසු වී ගියේය. මිනිස්සු ඔහුගේ කබායේ කොණක්වත් ස්පර්ෂ නොවීමට මෙන් ඈත් මෑත් වී ඉඩ දුන්හ.

‘‘අකිල,’’ විකුම් අඳුරු මිනිසා දෙස බලාගත්වනම ඇමතීය. ‘‘..... මේ සිද්ධිවලට අරූගෙ මොකක් හරි සම්බන්ධකමක් තියෙනවා. අපේ කාමර ඇවිස්සුවෙත් ඌම වෙන්ඩ  ඕනෙ.’’

‘‘..........’’

‘‘මචං,..... උඹ මෙතන ඉඳං වැදගත් වෙන හැම දෙයක්ම බලාගනිං. මම ඌව ෆලෝ කරන්නම්.’’ විකුම් සෙනඟ අතරට වැදිණ.

කළුපැහැ කබායේ කොන් නැවුම් වාතයේ රැළි නැඟෙමින් අද්භූත මිනිසා පසුපසින් ඇදී ගියේ ය. පින්නෙන් තෙත් බරි වී තිබූ තනපත් මත හදිසි අඩි තබමින් විකුම් ඔහු ළුහුබැඳී.....

දෑතින් මිනිසුන් ඈත් මෑත් කරමින් ඔහු ලී ගේට්ටු අසළටම ආයේය. පාර මත වූ අළුවන් මිහිදුම් තිරය අතර මීටර් දහයක් පමණ දුරින් බොඳවී සැළෙන කළු පැහැ ඡායාවක් ඔහුට මඟ පෙන්වීය.

විකුම් තෙත් වාතස්කන්ධයේ සීතල නොතකා ඒ දෙසට දිව ගියේය. අවට වූ අස්වාභාවික නිහඬතාව මැද පාර මත වදින සෙරෙප්පු අඩි බොල් හඬක් නංවා දෝංකාර දිණ.

කළුවන් රුව ආපසු හැරිණ. ඒ මායාකාරී මිනිසා සර්පයෙකුගේ මෙන් ඉවසිලිමත් ආලස්‍යයකින් පාරේ මීදුම තුළ නතර විය. සැරයටියට බර වී..... ඔහු  ඕනෑකමින්, තමා වෙත දිව එන තරුණයා දෙස බලා සිටියේ ය. මීදුම් තිරය අතර තරුණයා වෙත යොමු වූ මළමිනියක බඳු හැඟීම් රහිත මුහුණ..... විදැහුණු කළුවන් දෑස්..... සර්පයෙකුගේ බඳු නිසල ඉරියව්ව.....

විකුම් උස් කළුවන් රුව වෙත ළඟාවත්ම ඔහුගේ චිත්ත ශක්තිය සිඳී යන්නට විය. ගමනේ වේගයත්, සිත තුළ වූ නිරවුල් ශක්තිමත් බවත්, තවදුරටත් පැවතුණේ නැත. එය හරියටම..... අබිරහස ඔහු නොව තමන් බවට..... ඔහුගෙන් පළා යා යුත්තේ තමන් බවට..... එවැනි හැඟීමක් විය.

ගොදුර පළා යන විට ළුහුබඳින්නා ශක්තිමත්ය. නමුත් ගොදුර පලා නොයයි නම්.....? නැවතී තමා එනතුරු බලා සිටියි නම්.....?

මඳ සිනාවක් වැනි යමක් කළු වස්ත‍්‍රධාරියාගේ ගොරෝසු දෙතොල් අතර පැන නැංගේය. අවසන් පියවර කිහිපය සෙමෙන් පිය නැගූ විකුම්, ඔහුගෙන් පියවර පහක පමණ ඈතින් නැවතිණ. හාත්පස මීදුම තුළ මරණය බඳු සීතලක් පැතිර ගියේය. අවට රජැයූ නිහඬතාවයේ යම්කිසි බියකරු බවක් විය. උදෑසනකට උචිත නොවූ, අප‍්‍රාණික, බර, තෙත් ගතියක්.....

‘‘තමුසෙ කවුද?’’

අඳුරු අමුත්තාගේ නිසල මුහුණේ සිනහවක් ඇදී ගියේය.

‘‘ම්..... මම ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තු වුනා..... මට ෂර්මන් කියන්න.’’

‘‘ෂර්මන්.....?’’

‘‘ඔව්. අපි මෙහෙම ගම්මු.’’ අද්භූත මිනිසා ගේ ස්වරය ලිහිල් බවට හැරිණ. ඔහු වදනින් වදන, පැහැදිලිව උසුරුවන්නට වූයේය.

‘‘අපි දෙගොල්ලොම..... එක පොදු සතුරෙකුට විරුද්ධවයි ඉන්නෙ.’’

36 comments:

  1. හරි,දැන්නං වැඩේ ටිකක් පැටලිලි සහිතයි නේද...තව කොටස් කීයකින්ද ගැටළුව විසඳෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එන සතියෙන් මේ කතාව ඉවර කරනවා හැලපයියේ. දැන් දැන් මටත් මටත් පැටලිලි පැටලිලි වගේ වගේ.
      හැලප + අයියා = හැලපයියා.

      Delete
    2. ඇනෝ කොහොමෙයි මගෙ කතාව ඉවර වෙන දවස කියන්නෙ? :-)

      හැලපයියා දිගටම එන්න, තව කොටස් පහක් හයක් තියෙයි. හිතට එන දේවල් කියන්න. මට එතකොට මං කොච්චර සාර්ථකද කියල හිතාගන්න පුළුවං.

      Delete
  2. ෂර්මන්..........! බලමු ඉස්සරහට.....?

    ReplyDelete
    Replies
    1. රෙහානි........! බලමු බලමු...

      Delete
  3. කොනක ඉදන් පටන්ගන්න වෙයි බං කියවන්න..

    ජය !

    ReplyDelete
    Replies
    1. තොටත් ඉතින් කුණුහරුපයක් තිබුණනම් ඕනම තැනකින් කියවයි.

      Delete
    2. සෑමා.... හෙන කාලෙකින් නේ මෙහෙ ආවෙ. වෙල්කම් ඈ....
      වෙලාව තියෙන විදියට කියවලා හිතට එන දේ කියහං. උඹෙ අදහස් මට මාර වටිනවා.

      @ ඇනෝ... කියන්න හොද දෙයක් නැත්තං වඩා හොඳයි නේද මුකුත් නොකියන එක? මොකද, අපි කියන දේවලින් තමා අපේ ප්‍රතිරූපය අනිත් අයට පේන්නෙ.

      Delete
  4. ෂර්මන්.......? දැන් නම් වැඩේ තේරෙන්නෙම නැතුව ගියා ..

    ReplyDelete
    Replies
    1. මං උඹට කලින්ම කිව්වනෙ ඉවෝන්....

      Delete
  5. නියමයි උබ කුතුහලෙ උපරිමෙන් තියාගන්න.කියවනකෙන(නියම වචනෙ ලියන්න තෙරෙන්නෙ නෑ) එක එක පෑත්තට යොමු කරව කරව අවධනය තියගන්න විදිය මරු

    ReplyDelete
    Replies
    1. ටැංකුයි දමිත්.... ඒක තමා මේ වර්ගෙ කතා වල මූලික ලක්ෂණය වෙන්න ඕනෙ.

      Delete
  6. මටත් මුල ඉඳලම එන්න වයි වගේ ...

    ReplyDelete
    Replies
    1. මඟියා ගොඩ කාලෙකින් නේ? කොටස් පහයි තාම. කියවන්න ලේසියි. කියවල අදහසක් දෙන්න, මට ඒක ගොඩක් වැදගත්.

      Delete
  7. හැම දා ම කුතුහලය තියලා ඉවර කරනවා. බලමු බලමු....

    ReplyDelete
    Replies
    1. මේ කතාවල ශෛලිය එහෙම තමයි දිලිනි, දිගටම කියවලා ම බලමු...

      Delete
  8. ආවා සොයා ආදරේ

    ReplyDelete
    Replies
    1. අරූ සාදරයෙන් පිළිගන්නවා මෙහෙට.

      ආදරේ සොයා ආවනං දිගටම වරෙං මචං.

      Delete
  9. ඇයි යකෝ මගේ ආදරේ ගදෙයි ?

    ReplyDelete
    Replies
    1. පික්ෂුද කෙංජි සං? එව්ව මෙහෙම ප්‍රසිද්ධියෙ කියනවෑ... නැද්ද?

      Delete
  10. හ්ම්ම් කුතුහලය තවත් කුතුහලයකට පෙරලෙමින්..

    ReplyDelete
    Replies
    1. ළඟදිම ඔක්කොම එළිවෙයි නේ.....

      Delete
  11. මටනම් හිතෙන්නෙම මේ ඩ්‍රැකී ගේ වැඩක් කියලයි

    ReplyDelete
    Replies
    1. අයිලාස් මාවමනෙ කන්න හදන්නෙ. මේ කෙල්ලො දෙන්නෙක් වගේද අපේ සහෝදරකම?

      Delete
  12. තව කොටස් කීපයක් කියවනකල් මොකුත් කියන්න අමාරුයි ඩ්‍රැකී. බලමු.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් හැබැයි කතාව ඉවරවෙනකංම මොකුත් නොකිය ඉඳියිද දන්නෑ....

      Delete
  13. ආයෙ මුල ඉදලම කියෙව්ව. ශර්මන්, ශාම් දෙන්නෙක්ද එක්කෙනෙක්ද කියන එකයි සැකේ. ඔය ලේ බොන උන්ට එක එක වයසෙ මිනිස්සු වගේ වෙස්වලාගන්න පුළුවන් කතාවක් කොහෙවත්ම අහල නෑ. ඒ හින්ද මේ දෙන්නෙක් වෙන්නම ඕන. බලමු බලමු ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. ලොකු ශානාගෙ විග්‍රහය මාර වටිනවා.

      වැම්පයර් උන්ට වයස් සීමාවක් නැති බව ඩ්‍රැක්‍යුලා පොතෙන් පේනවා. ඉස්සරලම ජොනතන් හාකර්ට හම්බවෙනකොට ඩ්‍රැක්‍යුලා මැදි වියේ. ඒ වුනාට ලන්ඩන් ආවට පස්සෙ ඩ්‍රැක්‍යුලා තරුණයෙක්.

      බලමු ශානා ඉස්සරහට...

      Delete
    2. අම්මප ඩ්‍රැකී මට ඒක අමතක උනා. තව කොටසක් ඉක්මනට දාපං නැත්නම් මට උබේ ලේ බොන්න හිතෙනෝ කල්පානා කරල වැඩි වෙලා.

      Delete
    3. මේ දානව මේ දානව...

      Delete
  14. Replies
    1. ආ... උඹ ආවද? කෝ මේ අසමෝදගං ස්ප්‍රීතු බෝතලේ...?

      Delete
    2. අපෙ අම්මගෙ රෙද්දේ...

      Delete
    3. ඔන්න ඕක තමා ලකාගෙ කොලිටිය...

      Delete
  15. ගොදුර පළා යන විට ළුහුබඳින්නා ශක්තිමත්ය. නමුත් ගොදුර පලා නොයයි නම්.....? නැවතී තමා එනතුරු බලා සිටියි නම්.....?

    +++++++++++++++++

    නියම දෙබසක්..පුද්ගලිකව මමත් හැසිරෙන්නේ ඔය විදිහටමයි.. නිශ්ශබ්ධව ඉඳලා අවස්ථාව ආව හැටියේ බෙල්ල කඩනවා..

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ලබ්බෙ මගුල

මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම: මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගු...

ගොඩක්ම කියවපු ලිපි