රුහිරෙන් පුදමි - තුන්වන කොටස

(මෙතෙක් කතාව කියවලම එමු නේද?)

‘‘...... මම අහල යවපු ඩිපාට්මන්ට් එකේ කීප දෙනාගෙන් තවම තොරතුරක් ලැබුනෙ නෑ.’’ විකුම් කීවේය. ‘‘මං ඇතුලෙ උන්නනම් මොනවහරි දැනගන්න තිබුණ. මේක මේ විදිහෙ දෙයක් වෙච්ච පළවෙනි වතාව වෙන්න බෑ.’’

මිතුරෝ දෙදෙන ගුරු පාරක් දිගේ ඇවිද යමින් සිටියහ. උදෑසන වුවද හාත්පස වූයේ මළාණික බවකි. පාර දෙපස වූ විවිධාකාර තාප්ප වලින් සහ මල් වැට වලින් නිවාස සිරගතවී ඇති බවක් පෙනුනි.

‘‘...... වැඩ කරලා පුරුදු වෙච්ච මිනිහෙකුට වැඩක් නැතුව ඉන්න එක තරම් අමාරු දෙයක් තවත් නෑ මචං. ඉන්ටඩික් කරපු එකෙන් මට ලැබුණ ලොකුම දඬුවම ඒක. ඒකයි ගොඩක්ම මං මේකට අතගැහුවෙ. ඒක නෙවෙයි, .....’’ විකුම් තම මිතුරා දෙස හැරුණි. ‘‘අපි මේ මිනීමරුවා හොයාගත්තහම, උඹ මොකද කරන්නෙ?’’

අකිල හිස ඔසවා තම මිතුරා ගේ මුහුණ බැලීය. එහි වූ සංකීර්ණ හැඟීම් මාලාව දුටු විකුම් තවදුරටත් පැහැදිළි කීරීමට ඇති දේ යටපත් කර ගත්තේය.

සමර පැහැගැන්වූ උස් තාප්පය මැද වූ සුදු පැහැ යකඩ ගේට්ටුව සුළු තල්ලූවකින් විවර කරගනිමින් දෙදෙනා ඇතුල් වූහ. පියගැට දෙක, තුන නැඟ බරාඳයට ගොඩවූ විකුම්, එහි දොර අසළ වූ ස්විචය තද කළේ ය. ගොඩනැගිල්ලේ කොහේදෝ සිට සීනු හඬක් නැගිණ. තම මිතුරාට අනුව බරාඳයට පිවිසි අකිල, මුල්ලක වූ පුටුවක අලස අන්දමින් වාඩි විය.

විකුම් නොඉවසිල්ලෙන් බලා සිටියේ ය. පියන් හතරකින් යුත් දැවැන්ත ලී දොරෙහි, මැද පළු දෙකෙහි වූයේ පැරණි ව්‍යාකූල ජාලාකාර කැටයමකි.

යමෙකුගේ පියවර හඬ ඈත සිට දෝංකාර දෙමින් ඇසෙන්නට විය. පැකිළෙනසුළු බවක් දැක්වූ එම පියවර, දොර අසළට විත් නැවතිණ.

කටස්හඬින් මහ දොරේ ඇතුළත දොර පියනේ අගුල විවර විය. ඉන්පසුව පිටත දොර පියන.....

ජාලාකාර කැටයම සහිත දොරපළුව යන්තම් විවර වී, සරළ සන්සුන් මුහුණක් දිස්විය.

‘‘කවුරු හම්බවෙන්නද?’’

විකුම් වහා ඒ වෙත හැරිණ. ‘‘ලොකු සිස්ටර්ව’’

දොර පළුව සෙමෙන් සෙමෙන් විවර විය. සුදුවත හැඳගත් මැදිවියේ කන්‍යා සොයුරියක් එලියට ආවාය. අකිල තිගැස්සෙමින් පුටුවෙන් නැගිට්ටේය.

‘‘මම තමයි, ලොකු සිස්ටර්.....’’

‘‘අපේ දුරින් ඤාති වෙන නංගි කෙනෙක්...... මෙහෙ නැවතිලා ඉගෙන ගත්තා.’’ විකුම් සෙමෙන් කීය. ‘‘ආරංචි වුනා එයා.....’’

‘‘කවුද?’’

‘‘නෙල්කා’’ ඔහු අකිල දෙස බැලූවේ නැත.

‘‘හ්ම්, ඔව්..... දැනුම් දෙන්න කවුරුවත් හිටපු බව අපි දැනං උන්නෙ නෑ.’’

විකුම් මඳ සිනාවක් නැගීය.

‘‘පත්තරෙන් දැනගන්න ඇති?’’

‘‘...........’’

‘‘එන්න, වාඩිවෙන්න.’’ කන්‍යා සොයුරිය බරාඳයට පසෙකින් තනා තිබූ කුඩා සාලය වෙත ඔවුන් කැටිව ගියාය.

සාලය ප‍්‍රමාණවත් වූයේ ස්ටූලයක් වටා වූ පුටු හතරකට පමණි. බිත්තියේ වූ එකම ජනේලය තදින් වසා අවුරා තිබිණ. කන්‍යාරාමය හා සාලය අතර සම්බන්ධය ඇති කළ එකම ‍දොරත්......

විකුම් ඉඩක් ලද සැණින් අකිල දෙස බැලී ය. මියගිය මුහුණක නගා ගත හැකි අන්දමේ අසීරු සිනහවක් පෑ අකිල ඉවත බලා ගති.

‘‘වාඩිවෙන්නකො...... මම එන්නම් ඉක්මණට......’’ කන්‍යා සොයුරිය කඩිසර ගමනින් නික්ම ගියාය. 

දෙමිතුරෝ ඉඳගත්හ, එකිනෙකාට මුහුණලා......

නිහඬ, නිසංසල කාලච්ඡේදයක අවසානයේ කන්‍යා සොයුරිය ආපසු ආවාය, බන්දේසියක් අතැතිව.... එය සෙමෙන් ස්ටූලය මත තබමින් ඈ වාඩි වූවාය.

වදන් වලට අවකාශ නොදුන් මොහොත් කිහිපයක් තිස්සේ මිතුරෝ දෙදෙන සෙමෙන් උණු තේ උරා  බොන්නට වූහ.

අකිල නැගී සිටියේ ය..... අඩක් හිස් තේ කෝප්පය බන්දේසිය මත තබමින්.....

‘‘මං...... ගිහින් එන්නම්’’ ඔහු විකුම් දෙස දුබල බැල්මක් හෙළීය. විකුම් තේරුම්ගන්නාසුළු විය. නමුත්, කිසිත් නොකීය.

අකිල දෑතින් හිසකෙස් අවුල් කරගනිමින් පාරට බැස්සේය.

---------------------------------------

අවට හෙවුණු දැවැන්ත ගස් වල මුදුන් මල හිරු රැසින් රත් පැහැ ගැන්වී තිබුණේ ලෙයින් නැහැවුණා සේය. ගස් දෙපෙළ අතරින් අඳුරු ගුරු පාර වංගු ගැසෙමින් දිව ගියේ ය. පාර මැදක වූ සිමෙන්තිමය හතරැස් බවින් යුත් බෝක්කුව යටින් දිය පහර ගලා ගියේ ය. නිදැල්ලේ.... විසිර තිබූ ගල් අතරින්, මුව පුරා සිනාසෙන්නාක් මෙන් හඬ නඟමින්..... ගස් අතරින් පෙරී ආ හිරුගේ අවසන් රැස් දහරින් දිය පහර රිදීමය දිස්නයක් ගති.

දියපහරට ඉහළින්, සිමෙන්ති බැම්ම මත දෙමිතුරෝ වාඩි වී උන්හ.

‘‘මට හෝඩුවාවල් දෙකක් හම්බවුනා.....’’ විකුම් තමා අත වූ ඉටි බෑගය දිග හැරියේය. එතුළින් ඔහු අඩියක් පමණ දිග, වියළීගිය සිහින් දඬු දෙකක් ඉවතට ගති.

‘‘මේ නෙල්කගේ සිරුර රූම් එකේ තිබිල හොයාගන්නකොට එයාගෙ අතේ තිබ්බ රෝස මල් වල නටු දෙකක්.’’ ඔහු ඒවා අකිල වෙත දිගු කළේ ය. ‘‘මම  ඕවා හොයාගත්තෙ කොන්වන්ට් එකේ කුණු ගොඩෙන්. දැනට වැඩි වැදගත්කමක් නැතුවට පොඩි කරුණු කීපයක් අපිට දැනගන්න පුළුවන්  ඕවයින්.....’’

‘‘මොනවද.....?’’ අකිල ඇසීය, නළල රැළිගන්වමින්..... ‘‘මේවයෙ මල් වේළිලා හැළිලා ගිහින්. අඩුගානෙ කොළයක්වත්, කටුවක්වත් ඉතුරු වෙලා නෑ.’’

‘‘ඒව තිබුණත් ඒතරම් වැදගත්කමක් නෑ. පොඞ්ඩක් බලපං  ඕවයෙ මුල් දිහා...... මොනවද කියන්න පුළුවන්?’’

අකිල දෑස් සිහින් කොට, ඉතා සියුම් ලෙස රෝස නැටි පරීක්ෂා කළේ ය. අවසන ඔහුගේ දුර්මුඛ මුහුණ දුටු විකුම්ට හිනා ගියේ නිතැතිනි.

‘‘උඹේ ඇස් හුරු වෙලා නෑනෙ ඔය වගේ දේවලට.....’’ ඔහු සිනාව නවතා ගනිමින් කීය. ‘‘ඒ තරම් සියුම් වෙන්න  ඕන් නෑ. බලපං ඔය රෝස නටු කපල තියෙන හැටි.’’

‘‘ටිකක් ගොරෝසුවට වගේ.....?’’ අකිල මල් නටු දෙස නැවත බලමින් කීවේය.

‘‘ඔව්.....’’ විකුම් අනුමත කරමින්..... ‘‘කැපුනට වඩා කැඩිලා ගිය ගතිය වැඩියි. පැහැදිලිවම මොට්ට තලයකින් කපල තියෙන්නෙ.’’ ඔහු අකිල ගේ අතින් එක් නටුවක් ගත්තේ ය. ‘‘......නිරීක්ෂණයෙන් ඒක කියන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්න පුළුවන්, පෙන් නයිෆ් එකක්..... ඔව්, ගොඩක් වෙලාවට යකඩ පෙන් නයිෆ් එකක්..... නිගමන කීපයක් ඒකෙන් ලබා ගන්න පුළුවන්. කවුරුහරි මේ මල් කොහෙන් හරි කපාගෙන තියෙනවා. ඒක කරල තියෙන්නෙත් හදිස්සියෙන්. මේ නටු කැඩිලා තියෙන විදිහෙන් තේරෙන්නෙ ඒකයි. මේ මල්, කඩේකින් අරන් තිබුණනම් අපිට මූව අල්ලගන්න ලේසි වෙන්න තිබුණා.......

‘‘ඒ නිසා ඒකෙන් දැනට ඇති වැඩක් නෑ.’’ විකුම් ඉටි බෑගය තුළින් කුඩා කඩදාසි උරයක් ඉවතට ගති.

‘‘මට නෙල්කා අන්තිමට ඇඳන් උන්නු නයිටිය පෙන්නුවා. ඒකෙන් මම හොයාගත්තා දේ....’’ ඔහු ප‍්‍රවේසමෙන් උරය තුළට ඇඟිලි දෙකක් රුවා, කුඩා රවුම් යමක් ඉවතට ගත්තේ ය. ඒ දෙස විමසිලිමත්ව බැලූ අකිල, දුඹුරු පැහැයට හැරුණූ වියළී ගිය, කුඩා කොළයක්..... පැළෑටියක කොළයක් බව දුටුවේය.

‘‘මේක නයිටියෙ පහළ වාටියෙ ඇළිල තිබුණෙ.’’ විකුම් තම මිතුරා ගේ මුහුණ දෙස බලමින් කීය. ‘‘මේකෙන් අපිට නෙල්කා අන්තිමට හිටපු තැන අනුමාන කරන්න පුළුවන්......’’

‘‘ඒ කොහොමද?’’ අකිල මිතුරාගේ අතින් එම කුඩා කොළය ගෙන, එදෙස පරීක්ෂාකාරීව බැලීය.

‘‘ටිකක් හිතපං ඔය මොන කොළයක්ද කියලා.....’’

‘‘ම්..... හරියටම කියන්න බෑ...... වල් පැළයක් වගේ’’

‘‘ඔය මචං මිනීමල් ගහක කොළයක්’’

‘‘මිනීමල් ?’’ අකිල නළල රැළි ගැන්වීය. ‘‘ඒත් ඒකෙන් කොහොමද.....?’’

‘‘මේ පැත්තෙ කිසිම තැනක මිනීමල් වවන්නෙ නෑ.’’ විකුම් මඳසිනා පාමින් අකිල දෙස බැලීය. ‘‘කොහෙවත් ඔය මිනීමල් ඇත්තෙ නෑ, කනත්තෙ ඇර’’

‘‘කනත්තෙ.....! එතකොට.....?’’

‘‘තවම අපට ප‍්‍රශ්න ගොඩක් ඉතුරුයි’’ විකුම් නැගිට සිටගත්තේ ය. ‘‘ඒක නෙවෙයි. අර කවුද.....?’’

‘‘කෝ.....? කොහෙද?’’ අකිල, තම සගයා නෙත් යොමා ගෙන සිටි දෙස පරීක්ෂාකාරීව බැලීය. ‘‘මට කවුරුවත් පේන්නෙ නෑ.’’

‘‘ඔහෙ නෙමෙයි, අපේ වම් පැත්තෙ ..... අර වංගුව ගාව..... පේන්න බලන්න එපා.....’’

අකිල නෙත් කොණින් ඒ දෙස බැලීය. ඔවුන්ට යාර විස්සක් පමණ ඈතින් දැවැන්ත ගසක සෙවණ යට, උසැති මැදිවියේ මිනිසෙක් විය. ඔහුට වූයේ සර්පයෙකුගේ වැනි ගුප්ත නිසලත්වයකි. දිළිසෙන පුළුල් දෑසින් ඔහු තරුණයන් දෙස බලා සිටියේ ය. නිකටෙහි සිට දෙපතුළ දක්වා තද කළු පැහැ ඇඳුමින් වැසී සිටි ඒ මිනිසාගේ සුදුමැලි සම කැපී පෙණින.

‘‘අපි ඒපැත්තට හෙමින් හෙමින් යමු’’ විකුම් මිමිණීය. දෙදෙන සෙමෙන් සෙමෙන් එදෙසට ඇවිද යන්නට පටන් ගත්හ. අද්භූත මිනිසා ක්ෂණිකව ආපසු හැරිණ. දිගු සිහින් සැරයටියකට බර වෙමින්, ඔහු ඉදිරියට පිය නඟන්නට විය. තරුණයන් තමා ළුහුබඳින බවට හැඟීමක් ඔහු තුළ වූ බව, ඔහුගේ ගමන් වේගයෙන් ම පෙණින.




‘‘මොකද කරන්නෙ.....?’’ අකිල හතිළෑය. ‘‘දුවල ගිහින් අල්ල ගමුද?’’

‘‘අල්ල ගෙන මොනව කරන්නද මචං.....? එහෙම කරන්න බෑ. එතකොට ඔක්කොම වරදිනවා.’’

දෙමිතුරෝ ගුරු පාරේ අඳුර මැද නැවතුණහ. අද්භූත අමුත්තාගේ උස් සිහින් සේයාව කළු පැහැ විස්මයාර්ථ ලකුණක් සේ ඈත නොපෙනී යමින් තිබිණ.

‘‘හ්ම්..... ම්..... මොකද උඹ හවස කරන්නෙ.....?’’ විකුම් ඇසීය.

‘‘මොකුත් නෑ’’

‘‘එහෙනම්..... යමුද රෙස්ටුරන්ට් එක පැත්තෙ? මගෙ රූම් එකටත් ගිහිල්ලා.....’’

අකිල හිසින් එකඟ විය.

-----------------------------------------

අකිල දොරගුලෙහි යතුරු කට සොයාගත්තේ අසීරුවෙනි. බෝතලයේ බලපෑම ඔහුගේ අත පය සරළ චලනයන්ට හුරු කර තිබිණ. වැතිරගැන්මට නොඉවසිළිමත් වූ හිස..... එල්ලාවැටුනු ඇසිපිය.....

දොර පියන සෙමෙන් විවර විය. සාලයට ඇතුල් වූ අකිල, විදුලි පහන දැල්වීමට සිතුවේ නැත. ඔහු දෙපා අද්දමින් ගොස් කාමරයට ඇතුල් විය. ඔහුගේ පයේ යමක් හැපුනේය. ඉන් ඉවතට අඩිය තැබූ විට, එතැන තවත් මොකක්දෝ තිබිණ. මවිතයට පත් අකිල බිත්තිය පුරා අතපත ගා, අවසන විදුලි පහන දැල්වීය.
නිවස මුළුමණින්ම අවුල් කර දමා තිබිණ.

තරුණයාගේ දෙනෙත් විස්මයෙන් ඇයී ගියේ ය.

----------------------
පින්තූරය ගත්තෙ - http://mysteriousuniverse.org/wp-content/uploads/2012/11/dark-night.jpg

39 comments:

  1. දූලා පුතාලා සාදරයෙන් පිළිගන්නවා. 1 වුනාට සුබ පැතුම්. ඔය පැත්තෙත් අපි එඤ්ඤං.

    ReplyDelete
  2. මෙගා නම් කියවන්නේ නෑ. උඹේ පැමිණීම සතුටක්...

    ReplyDelete
    Replies
    1. මෙගා වුණත් ගිගා වුණත් හොඳ නම් කියවමු :-)

      Delete
    2. @ මාතලං
      @ දිලිනි
      මේ කතාව මෙගා නෙවෙයි අප්පා, කොටස් 10 ක් 12ක් විතර තියෙන්නෙ. මගෙ නෑ නෙව ඔය ඇද ඇද යන කතාවල්.

      Delete
  3. උඹ කොහෙද බං අතුරුදහන් වෙලා හිටියේ? උඹ අතුරුදහන් වූවන්ගේ ලිස්ට් එකටත් වැටිලා හිටීයේ. දැන් මට මේකෙ මුල මතකත් නෑ.

    ReplyDelete
    Replies
    1. මං දැනට කීප දෙනෙක්ට උත්තර දුන්නා ඩූඩ්. ඒ ගැන පෝස්ටුවක්ම දාන්න තරං කරුණු තියෙනවා. ළඟදිම දාඤ්ඤං. ලිස්ට් එකනං ඉවෝන් පල්ලෙහා දාලා තිබුණා දැක්කා. මාව ඒකෙන් අහක් කොල්ලා දාන්ඩ මෙයාලා.

      Delete
  4. උඹ හෙමිංම ඇවිල්ලා. යකෝ කොහේද හිටියේ මම හිතුවා පොසොන් කලාපෙන්ම උඹ කම්බස් කියලා.. ජය වේවා දිගටම ඉදපං. උඹ අත්‍යාවශ්‍ය එකෙක්..

    ReplyDelete
    Replies
    1. මටත් ජය වේවා! උඹටත් ජය වේවා! උඹලගෙ දිරිගැන්වීම මාර හයියක්. ඉතින් නෑවිත් කොහොමද?

      Delete
  5. කතාවෙ ඉතිරි ටික අහගන්න මීමුත්තා වෙච්ච ලොකු ඩ්‍රැකී හම්බවෙන්න ගිහින් ඇවිල්ල ..

    ReplyDelete
    Replies
    1. අනේ නිකං ඉන්න ලංකයියා.....

      Delete
  6. උඹ කොහෙද ගිහින් හිටියෙ

    ReplyDelete
    Replies
    1. ආ හැලපයියේ. කොහොමද? මං කලින් ඔෆිස්සෙකේ තිබ්බ ඉන්ටනෙට් පහසුකම උපරිමේටම පාවිච්චි කොළා. ජූලි මාසෙ ඉඳං මං ට්‍රාන්සර් උනා මාර තැනකට. ඉතිං ෆෝන් එකේ ඉන්ටනෙට් ශෙයා කොරං බ්ලොග් ලෝකෙට එන්නෙ. ඒකයි මේ අවුල. ඒ ගැන පෝස්ටුවක්ම දාන්න හිතං ඉන්නවා.

      අමතක නොකර අපිව ෆලෝ කොරනවට හදවතින්ම ඉස්තූතියි ඈ....

      Delete
  7. මේක කියවනකොට මට එන හැගීම තමයි වැම්පයර් ෆිල්ම් එකක් බල බල ෂර්ලොක් හෝම්ස් පොතක් කියවනවා වගේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඉවෝන් කියවල තියෙනවද ‘ඩ්‍රැක්‍යුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස්‘ පොත?

      Delete
    2. ඒ පොත කියෙව්වට පස්සේ හිතුනේ පරිප්පු එකක් උඩට අයිස් ක්‍රීම් දැම්මා වගේ ගතියක්. පොත් දෙකේම ගතිය ඉවරයි.

      Delete
    3. ඔව් මචෝ මගේ ලඟ ෂර්ලොක් හෝම්ස් පොත් සෙට් එකක්ම තියෙනවා , පොඩිකාලේ ඉඳන්ම මම ආසම පොත් සෙට් එකක්

      Delete
    4. කොහොමද බං උඹේ නම යුනිකෝඩ් වලින් ගහන්නේ වදින්නෙම ද්‍රකී කියලනේ ,

      Delete
    5. @ පුමා
      පොත් දෙකේම ගතිය ඉවරයි කියන එකට එකඟයි. එහෙම වෙන්න අපේ පරිවර්තනයත් හේතුවක් වෙන්න ඇති කියලා හිතෙනවා.

      @ ඉවෝන්
      දැනට අවුරුදු දෙසීයකට කලින් උනත් කොහොමද ආතර් අයියගෙ ලිවිල්ල. දැනුත් ඒකට ගහන්න ලිවිල්ලක් නෑනෙ.
      මං නං මගෙ නම ගහන්නෙ කීබෝඩ් එකේ, ‘v 1 e l S‘ අකුරු වලින්. ට්‍රයි කොල්ලා බලන්ඩ.

      Delete
  8. උඹ දැන් ෂර්ලොක් හෝම්ස් ස්ටයිල් එකෙන් වැඩ ඈ.......

    ReplyDelete
    Replies
    1. ටැංකුයි, ටැංකුයි...

      මනුස්සයෙක්ගෙ විවිධ පැතිකඩ තියෙනවනෙ, අයිලාස් ඒ. ගැඹුරු බණ දහම් සරළව විස්තර කරන අය ෆොටෝග්‍රැෆි ගැන පෂ්ඨ විදිහට ලියන්නෙ ඔය.

      Delete
  9. මුල ඉදලම කියවගෙන ආව.
    කුතුහලයත් සමග කියවන්න ආස විදියට ලියවිල්ල අපුරුයි.
    මෙය ඔබගෙ සිතිවිලි නිර්මාණයක්ද?
    හොද නිර්මාණ කරුවෙක් හිටියොත් ඇග හිරිවට්ටන බයිස්කෝප් එකක් කොලහැකි.
    ඒත් ලංකාවෙ දැන් දුවන්නෙ සෝම/රේණු සුසංයෝගයේ "රාජ"නිර්මාණ විතර නෙ.
    (එන්න බැරි හේතුව කාගෙ බොගක කොමන්ට් එහෙකින්වත් කියාපල්ලකො.අර සහනය ආගිය අතක් නැහැ.)

    ReplyDelete
    Replies
    1. අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුව.
      1. සයිලන්ට් සහන්
      2. මඩිස්සලේ නිශාන්
      3. වර්ගපූර්නිකාවේ මීවනපලානේ ජයරත්න
      4. C.S.K චින්තක
      5. රතුරජරට
      6. රස්තියාදුකාරයාගේ දිනපොත.

      Delete
    2. @ කෙංජි
      ස්තූතියි ස්තූතියි...
      ඩ්‍රැකිය ලපටි කාලෙ මීට වඩා කාලය තිබ්බ, නිර්මාණ වලට. ඉතිං වචනයක් වචනයක් ගානෙ කල්පනා කරලා තමා ලිව්වෙ.
      සල්ලි යට කරන්න කෙනෙක් ලෑස්ති නං, මේක බොහොම අඩු වියදමින් බයිස්කෝප් එකක් කරන්න පුළුවං. බලමු...

      @ ඉවෝන්
      අඩේ සහන් අතුරුදහන් ද? මළ කෙළියයි...!

      Delete
    3. කෝ බං අර පෝස්ට් එක , අපරාදේ ඒ පැත්තටයි මේ පැත්තටයි දෙපැත්තටම ඇනෝ දාන්ඩ කියලා මං එන කොට උඹ ඒක මකලා . ආතල් කඩන්ඩ එපා බං

      Delete
    4. ඒක අයින් කරන්ඩමයි කියල සහන් මේල් එකක් දාලා තිබ්බා, අටං අයියෙ. ඒකට කමක් නෑ, ඇනෝ දාන්ඩ ඒ පෝස්ටුව විතරයැ තියෙන්නෙ (හැක හැක හැක...)

      Delete
    5. සියලු දෙනාටම ස්තූතියි මා ගැන හොයලා බැලුවට... මටත් වෙන කෙනෙක් තමයි දැනුම් දුන්නේ මෙහෙම පෝස්ට් එකක් වැටිලා තියෙන බව.. මම දැනුයි මේ පෝස්ට් පවා කියවන් එන්නේ .. රෙහානිටත් ස්තූතියි..

      Delete
    6. සහන්ටත් ස්තූතියි, ජීවිතේටත්, අපිටත් එල්ලිලා ඉඳං හරි කරන මෙහෙවර වෙනුවෙන්

      Delete
  10. මම මුල් කතාව කියෙව්වට පස්සේ හිතාගෙන හිටියේ මේක නම් ගුප්ත නැතිනම් අද්භූත කතාවක් කියලා. ඊට පස්සේ අද තමා ඉතුරු ටික කියවන්න හම්බුනේ. මේක රහස් පරීක්ෂක කරන්නේ නැතිව ඒ විදියටම ගෙනිච්චා නම් හොදයි කියලත් හිතෙනවා. ඒත් තුන්වෙනි එකේ ආපහු අර අද්භූත ගතිය තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ස්තූතියි... අපි බලමු ඉස්සරහට යද්දි මොනව වෙයිද කියලා. නිර්දය විවේචන ඩ්‍රැකියට ගොඩක් වටිනවා.

      Delete
  11. ආයෙත් ලියපු එක ගෑන සතුටුයි ඔන්න

    ReplyDelete
  12. ස්තූතියි රෙහානි,

    ReplyDelete
  13. කෝ සහන් අය්යා ගැන ලියපු ලිපිය? ඔයා දැක්කද මගේ කොමෙන්ටුව.. එයා ගැන අලුත් තොරතුරු මොනවද?

    ReplyDelete
    Replies
    1. සහන් මේල් එකක් දාලා තිබ්බා රෙහානි, ඒ පෝස්ටුව අයින් කරන්න කියලා. ඒකයි අයින් කළේ. ඒ පෝස්ටුවට වැටිච්ච කමෙන්ට් වලිනුයි, පේජ් වීව් වලිනුයි තේරෙනවා සහන් කොච්චර ජනප්‍රියද කියලා. සහන් වැඩි විස්තරයක් කරල තිබුන් නෑ. ඒත් ඒ පෝස්ට් එක බලන්න එන්න පුළුවන් නම් එයාට ඒ තරම් අවුලක් නැති බව තමා පේන්නෙ. අපේ ආදරණීය ෂර්මි ෆර්නැන්ඩස් හෙවත් සහන්ට ඉක්මන් සුවය අපි ප්‍රාර්ථනා කරමු නේද?

      Delete
    2. සියලු දෙනාටම ස්තූතියි මා ගැන හොයලා බැලුවට... මටත් වෙන කෙනෙක් තමයි දැනුම් දුන්නේ මෙහෙම පෝස්ට් එකක් වැටිලා තියෙන බව.. මම දැනුයි මේ පෝස්ට් පවා කියවන් එන්නේ .. රෙහානිටත් ස්තූතියි..

      Delete
  14. අඩේ පට්ට ඉට්ටෝරියක්නේ ඉක්මනල ලියපන් හැබැයි..... දැන් ටෙලි උනත් අපි බලන්නේ දවස ගැනේ යන ඒවා විතරයි සතිපතා ඒවා බෑ වෙලාවක් තිබුනොත් මේ පැත්තෙත් ගිහින් බලන්න ඔයාගේ නම වගේ නමක් ඒ පැත්තේ තියෙනවා දැක්කා
    http://onemalaysiasinhala.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මං ඒ පැත්තෙ එනව රාළ, අටමගෙ මග පෙන්වීමෙන් තමා ඒ පැත්ත අදුනගත්තෙ. මෙහෙට රාළව සාදරයෙන් පිළිගන්නවා.
      දවස ගානෙ ලියන්න අමාරුයි රාළ, දිගටම රැඳී ඉන්න. දිගට ඇදෙන කතාවක් නෙමේ මේක.

      Delete
  15. මම දැන් තමයි draki මේවා කියවන්න ගන්නේ.. මට පේන හැටියට රහස් පරීක්ෂක ගතියක් පේනවා.. මට පේන්නේ ඔය නෙල්කා මැරිලා නැහැ...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන්. මතුකරන අදහස් මට වටිනවා. ඔය මතුකරපු අදහස ඔස්සේ ගියොත් අවසානය හොයාගන්නත් පුළුවන්. ඇත්තටම!

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රප...

ගොඩක්ම කියවපු ලිපි