මේ දවස් වල ඩ්‍රැකී බොහොම කාර්ය බහුල වුනා. ඒකට හේතුව ඩ්‍රැකියා අන්තර්ජංජාලයේ සැරිසරන්නේ වැඩපොළේ දී වීමයි. ළඟදිම ස්ථානමාරුවක් ලබා අලුත් ඔෆිසියකට යන්න පුල පුලා සිටින ඩ්‍රැකියා, ඉඩ ලැබුණු වෙලාවේ කොටලා, ෂෙඩූල් (ඇමරිකන් විදියට ස්කෙජූල්) කරලා දාපු පෝස්ට් කීපයක් තමා මින් පස්සේ හුදී ජනයට කියවන්න ලැබෙනවා ඇත්තෙ. ඒ නිසා, ඩ්‍රැකියා මහත් සේ අගය කරන ප්‍රතිචාර හෙවත් කොමෙන්ටු වලට පිළිතුරු ප්‍රමාද වෙන්න පුළුවන්. මේ බ්ලොග පටන්ගනිද්දිම ඩ්‍රැකියා පොරාන්දු වුන විදිහට ඩ්‍රැකියා පරක්කු වෙලා හරි හැම කොමෙන්ටුවකටම උත්තර බඳිනවා. ඒ නිසා කමෙන්ට් දාන උදවිය ඊට පහළින් තියෙන ඊමේල් සබ්ස්ක්‍රයිබ් මෙව්වා එකත් කොටනවා නම් පිළිතුරු ඊමේල් එකටම ගෙන්න ගන්න පුළුවන් වෙයි.
බ්ලොගට හා හා පුරා කියලා ආපු වෙලාවේ කීපදෙනෙක්ම මතු කරපු ප්‍රශ්නයක් තමා ඇයි මූ මෙහෙම නමක් දාගෙන ඉන්නෙ කියන එක. ඒකට පිළිතුරු ඉදිරියෙදි දෙඤ්ඤං කියලා ඩ්‍රැකියා කිව්වෙ, මග අරින්න හිතාගෙන නෙවෙයි. ඒක දිග කතාවක් නිසා.
ඒලෙවල් කරපු කාලේ ගොඩක් දෙනාට වගේම ඩ්‍රැකියටත් මාර ෆැන්ටසි බහුල කාලයක් උනා. කොමස් කරපු ඩ්‍රැකියා පාඩං කොළේ ගොඩක්ම ආට්ස් කරපු උං එක්ක. එකට පාඩං කරපු උන් වුන, රංග (next), සෝබන (ලීලසේන, බීන්, (කාලෙන් කාලෙට ප්‍රසිද්ධ වුනු හැම විකට නළුවෙක්ගෙම නම උගෙ කාඩ් එක වුනා)), ආසිරි (හර්කියුලිස්), ඉන්දික (නින්දිත, ශාන්ත ෆෝකා), මුදිත (රෝයල් රෝස්), දීපාල් (මහතුවා), අවන්ත, රනිල් (ආමර් වීදියෙ ගල් බෝරා), සම්මාන (බනියා), සාගල සහ ලංකා වගේම, (වරහන් ඇතුලෙ තියෙන්නෙ කෙනෙක්ට අනුමාන කරන්න පුළුවං විදිහටම උන්ගෙ කාඩ්) අපි පාඩං කරන තැනට ඇවිත් අපිත් එක්ක වල බැහැපු ඉන්ද්‍රජිත් (කේපී), සේනක (සෙල්ලං සේනක), සංජේ, ධර්මෙ, සම්පත් (යකා මහත්තයා), කිත්සිරි අයියා ආදී කෂ්ටිය එක්ක අපි ගත කළ කාලය මාර සුන්දරයි, ත්‍රාසජනකයි. පන්සල් වත්තෙ කුරුම්බ කැඩීමත්, මහරෑ ගිහින් ඒඑස්පි කෙනෙක්ගෙ වත්තෙන් මඤ්ඤොක්කා ගළවං ඇවිත් පුච්චං කෑමත්, මල්, සිගරැට් ආදී උත්තේජකත්, තමයි ඒ කාලෙන් පස්සෙ මතකේ ඉතුරු වුන දේවල්. ඒ ලෙවල් වලින් පස්සෙත් රස්සාවල් නිසා එක එකා හැළෙන තුරු ම මේ වල සෙට්එක සෙට් වීම දිගටම පැවතුණා. දැන් නම් ඉතින් ඉඳහිට කෝල් එකක්, බස් එකක කෝච්චියක හම්බවීමක්, මළගෙදරක යාමක් වගේ අවස්ථාවක තමා සෙට් වීමට ඉඩක් ලැබෙන්නෙ.
ඒ ලෙවල් කාලෙ අපේ සෙට් එකේ සාගල, ආසිරි වගේ අය කවි ලිව්වා. සාගලයගෙ කවි රාවයෙත් පළ කළා. ආසිරිය නං කවි ලිව්වෙ කෙල්ලට තමා. ‘සළඉවුර‘ කියලා කලා සංසදයක් පිහිටුවාගෙන අපි බුක්මාක් එකක් විකුණලා සම්මන්ත්‍රණයක් පැවැත්තුවා. ඒකට රෑ නිදිමරාගෙන බුක්මාක් හදන්නයි, පෝස්ටර් අඳින්නයි, ගම්පහ ටවුමෙ පෝස්ටර් අලවන්නයි අපි කාපු කට්ටවල් මාර අත්දැකීම් තමා ඕං. ඩ්‍රැකියගෙ තව යාලුවෙක් වුනු අශෝක (මාලුකාරයා) ගෙ අදහසක් අනුව ඩ්‍රැකියා රහස්පරීක්ෂක කතා ලියන්න පෙළඹුනා. ඒ ගැන මාර අධ්‍යයනයක් කරළා, ඒ සාහිත්‍යයෙ තියෙන ලිවීමේ තාක්ෂණය එහෙමත් හොයාගත්තා. ඒ අතරේ ඩ්‍රැකියට මාර ෆැන්ටසියක් තිබුණා වැම්පයර් කතා ගැන. ඩ්‍රැක්‍යුලා කියන්නෙ ඇත්තටම කවුද? මේ ගැන ඩ්‍රැකියා හොයාගත්ත දේවල් ගොඩයි. උගේ බ්ලොග් එකේ පසුබිමට දාලා තියෙන්නෙත් ඒ ඓතිහාසික ඩ්‍රැක්‍යුලා සිටුවරයාගෙ මන්දිරයේ ෆොටෝ එකක්. ඩ්‍රැකියා මාර විදිහට රස විඳපු විඩියෝ එකක් තමා පහළ තියෙන්නෙ.
ඩ්‍රැකියා දවසක් පාන්දරක දැකපු හීනයක් නිමිති කරගෙන කතාවක් ලියන්න පටන් ගත්තා. මේ කතාව සාගලයගෙ තල්ලුවෙන් ‘පාරාදීසය‘ (විශාලතම යොවුන් මාසිකය) සඟරාවෙ පළකරන්න ගත්තා. ඒත් අතරමගදි පාරාදීසය කඩංවැටුනා. (ඒත් ඩ්‍රැකියා කතාව කම්ප්ලීට් කරලා, ඒකාලෙ තිබ්බ පෙන්ටියම් කම්පියුටරෙන් ටයිප් කරලා, 3 1/2 ඩිස්කට් එකක සේව් කරලා, කියවන්න කියලා රංගට දුන්නා. ඌ සඟරාවේ ගිය කතාව කියවලා මේකෙන් ෆිල්ම් එකක් කරමු මචං කියාගෙන තමා හිටියෙ. ඒ අතරෙ ඩ්‍රැකියගෙ කම්පියුටරේ වික්කා. අලුත් එකක් හදාගන්න සෑහෙන කාලයක් ගිය අතරෙ ඩිස්කට් ටික සෑහෙන්න සවුත්තු වෙලා ගියා. ඒ විදිහට මේ කතාවෙ ඩිජිටල් පිටපත නැතිවුණා.) මේ කතාව කියවපු ඩ්‍රැකියගෙ යාළුවො ඌට තිබුනු මේ ෆැන්ටසිය නිමිතිකරගෙන මේ කාඩ් එක ඩ්‍රැකියට රෙජිස්ටර් කොළා. අන්න එහෙමයි මේ අහිංසක, සාන්ත දාන්ත කොළුවට ඩ්‍රැකී කියන නම වැටුණෙ. ඩ්‍රැකියත් ඒකට හරිම මනාප උනා. ඉතිං උගේ තිබ්බ පුටාර් එකේ හිටං ඒ නම ස්ටිකර් එකකින් අකුරු කපලා ගහගත්තා. ඊමේල් එක හැදුවෙත් ඩ්‍රැකී කියන නමිං. ඒ ලෙවල් කරලා, කොම්පියුටරුත් පරතෙරට ඉගෙන ගෙන, අවුරුදු එකහමාරක් රුපියල් 750/- මාසික පඩියට එල්බිඑස් එකේ හාල්ගරලා, පස්සෙ ඩ්‍රැකියා දාගත්තා බෝඩ් අඳින ව්‍යාපාරයක්. ඒකට දාපු නම තමා ‘ඩ්‍රැකී ආට්ස් කැබින්‘.
අර කලින් කිව්ව කතාව මේ ළඟදි ඩ්‍රැකියට ආපහු මතක් උනේ සයිලන්ට් සහන්ගෙ ‘අද්මිරාල් ෆර්නැන්ඩස්කි ගේ කතාව‘ කියවද්දි. ඉතිං ගෙදර ගිහිං පරණ සඟරා මිටිය අරගෙන ඒ කතාව කියවද්දි, ඩ්‍රැකියට හිතුණා, ‘අඩේ මං ඒ කාලෙ මාර ලිවිල්ලක්නෙ ලියල තියෙන්නෙ‘ කියලා. ඉතිං ළාබාල කමට කතාවට ඇතුළත් කරලා තිබ්බ ගොං පාට් කීපයක් අහක් කරලා, වැඩි වෙනස්කමක් නොකර, ඒ කතාව බ්ලොග් එකේ එල්ලන්න ඕනෙ කියලා ඩ්‍රැකියා හිතුවා. මීළඟ පෝස්ටුවෙන් ඒ කතාව ඩ්‍රැකියා ඉදිරිපත් කරනවා. අපේ කෂ්ටිය කියවලා එකතු කරන අදහස් එහෙම ඩ්‍රැකියට මාර විදිහට වටිනවා.
රයිට් දාමු බලන්න
ReplyDeleteරාජ් සාදරයෙන් පිළිගන්නවා.
Deleteඑල කිරි... අතරමග නවත්තනේ නැතුව දිගටම දාපියෝ.
ReplyDeleteලියමු ලියමු...අපි කියවනවා....
ReplyDelete@ රාජ්, පැතුම්, දිලිනි
ReplyDeleteදිරිගැන්වීමට ස්තූතියි. කතාවෙ කොටස් ටිකක් ෂෙඩූල් කරලා තියෙන්නෙ. මේ බ්ලොගර් අයියගෙ ඩේට් ප්‍රශ්නෙයක් තියෙනවා වගේ පේනවා. මොනව වෙයිද දන්නෑ.
හොඳයි හොඳයි එහෙනං ලියමුකො බලන්න.
ReplyDeleteමේ ලියනවා, මේ ලියනවා.
Deleteදාපන්කො බලන්න...
ReplyDeleteදැම්මයි කියහංෙකා ඉතිං.
Deleteඑහෙමයි ද එතකොට උණා කියන්නේ. එලනේ
ReplyDeleteඒෙහමයි ඒෙහමයි
Deleteබලහල්ලකෝ, මට මේක මග ඇරිලනේ.
ReplyDeleteඒ්ක ෙන්, ෙම් බ්ෙලාගර් උන්දෑ කියන ෙද් ෙකාරන් නෑෙන.
Deleteඅනිවාරයෙන් එනව බලන්න දාන්න දාන්න.
ReplyDeleteටැංකුයි දිරිගැන්වීමට මස්සිනා
Deleteදාමුකෝ අපිත් එනෝ කියවන්න..
ReplyDeleteඔ්ං දැම්ෙමා්.
Deleteබලමුකෝ කියවලා...
ReplyDeleteකියවලා බලමුෙකා්...
Deleteමමත් කියවන්නම් පිළිවෙලකට දහන්කෝ බලන්න !!!!!!!!!!
ReplyDeleteටැංකුයි ටැංකුයි. දාන්න කලින් ප්‍රතිචාර ෙමෙහමනං, දැම්මට පස්ෙස ෙමානව ෙවයිද දන්නෑ.
Deleteදාපිය දාපිය අපි අනිවා කියවනව.හෑබයි තො ඉවර වෙනකන් නොදෑම්මොත් එහෙම ලේ බොනව දෑනගිය.
ReplyDeleteබුදු අම්ෙමා්! ෙම් දානවා.
Deleteඔයාගේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන්නේ නැහැ.
ReplyDeleteඑහෙනම් ඒ විදිහට තමයි මේ නම වැටුනේ ඈ... මම හිතුවේ මේකා ඇත්තම වැම්පයර් කෙනෙක් කියලා.
හෙ හෙ හෙ හෙ (අහිංසක හිනාව)
ReplyDeleteබ්ලොගර් එක්ක ෂෙඩූල් කොළාම මොනව වෙනවද මංදා. ඒකයි අප්ඩේට් වෙන් නැත්තෙ.
ඔන්න එහෙනම් මාත් කියවන්න පටා...න් ගන්නවා. (එහෙම කිව්වට කියවල ඉවරවෙල මේ කමෙන්ට් කරන්නෙ :))
ReplyDeleteඩ්‍රැකී කියන්නෙ ඇයි කියලත් දැනගත්තා. මම නම් හිතුවෙ උඹ කාගෙ හරි බෙල්ල කාලා කියල. :)
අනේ බං, උඹේ අදහස් මාර වටිනවා මචං.
ReplyDelete